Achala Sachdev Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/achala-sachdev/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 12 Mar 2024 01:51:08 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Achala Sachdev Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/achala-sachdev/ 32 32 Dilwale Dulhania Le Jayenge (1995) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/dilwale-dulhania-le-jayenge-1995-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/dilwale-dulhania-le-jayenge-1995-sinhala-subtitles/#respond Wed, 30 Aug 2023 02:36:56 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=52403 Dilwale Dulhania Le Jayenge Sinhala Sub Dilwale Dulhania Le Jayenge Sinhala Subtitles Dilwale Dulhania Le Jayenge (1995) Sinhala Sub Dilwale Dulhania Le Jayenge (1995) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! මේ අරං එන්නේ හින්දි සිනමා ඉතිහාසයේ රන් අකුරින් ලියැවුනු අති සාර්ථක හින්දි සිනමා පටයක් වන “දිල්වාලේ දුල්හනියා ලේ ජායෙන්ගේ” චිත්‍රපටයයි. 1995 ඔක්තෝම්බර් 20 දින ලොව පුරා […]

The post Dilwale Dulhania Le Jayenge (1995) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Dilwale Dulhania Le Jayenge Sinhala Sub
Dilwale Dulhania Le Jayenge Sinhala Subtitles
Dilwale Dulhania Le Jayenge (1995) Sinhala Sub
Dilwale Dulhania Le Jayenge (1995) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මේ අරං එන්නේ හින්දි සිනමා ඉතිහාසයේ රන් අකුරින් ලියැවුනු අති සාර්ථක හින්දි සිනමා පටයක් වන “දිල්වාලේ දුල්හනියා ලේ ජායෙන්ගේ” චිත්‍රපටයයි. 1995 ඔක්තෝම්බර් 20 දින ලොව පුරා තිරගත කිරීම ආරම්භ කල “දිල්වාලේ දුල්හනියා ලේ ජායෙන්ගේ” හින්දි සිනමා ඉතිහාසයේ සියලුම බොක්ස් ඔෆීස් වාර්තා බිඳ දමමින් ඉදිරියට ගමන් කල අතර ඉන්දියාවෙන් රු. බිලියන 1.06 ක්ද, ඉන්දියාවෙන් පිටත ප්‍රදර්ශනයෙන් රු. මිලියන 160 ක්ද උපයා ගත්තේ 90 දශකයේ ඉහලම ආදායම් වාර්තා අතර පලමු ස්ථානයේ සිටි, සල්මන් කාන් සහ මදුරී ඩික්සිත් රඟපෑ ” හම් ආප්කේ හේන් කෝන් ” දෙවෙනි ස්ථානයට ඇද දමමිනි. සැන් ෆ්රැන්සිස්කෝ හී ආසන 720 කින් යුත් “NAZ” සිනමා ශාලාවට ආරම්භක දර්ශනය සඳහා ප්‍රේක්ෂකයන් 1000 ක් පැමිණ සිටි අතර මධ්‍යම රාත්‍රියේ අමතර දර්ශන වාරයක්ද පැවැත්වීමට සිදුවිය. එක්සත් රාජධානියේද වසරකටත් අධික කාලයක් තිරගත වූ අතර, හින්දි සිනමා ඉතිහාසයේ ආරම්භක සිනමාහලේ වැඩිම කාලයක් ප්‍රදර්ශනය කල සිනමා පටය ලෙසද “දිල්වාලේ දුල්හනියා ලේ ජායෙන්ගේ” නොමැකෙන සලකුණක් තැබීය. වාර්තාගත 2000 වෙනි සතියත් පසු කරමින්, වසර 24 කට අධික කාලයක් මුම්බායි හී පිහිටි “මරත මන්දීර් තියටර්” හී, ආරම්භක දිනයේ සිට නොකඩවා මේ වන විටත් ප්‍රදර්ශනය වේ.

Twenty Years Celebration

“The Times of India” සඟරාවේ “මියයාමට පෙර ඔබ නැරඹිය යුතුම චිත්‍රපට 10” ලිස්ට් එකටද “දිල්වාලේ දුල්හනියා ලේ ජායෙන්ගේ” ඇතුලත්වූ අතර, ” මියයාමට පෙර නැරඹිය යුතු චිත්‍රපට 1001″ නමැති සිනමා විචාරක ග්‍රන්ථයේ නම් කර තිබුණේ බොලිවුඩ් සිනමා ඉතිහාසයේ හොඳම තුන්වෙනි චිත්‍රපටය ලෙසයි. පලමු ස්ථානය 1957 තිරගතවූ Mother India වූ අතර දෙවන ස්ථානය Deewaar(1975)විය. ෆිල්ම් ෆෙයාර් සම්මාන 10 ක් හිමිකරගමින් එවකට ෆිල්ම් ෆෙයාර් සම්මාන වැඩිම ගණනක් හිමිකර ගත් සිනමා පටය ලෙසද අභිෂේක ලැබීය.

සාර්ථකත්වයේ හිනිපෙත්තට නැගීමට හේතු පාදක වූ ප්‍රධාන සාධකය වූයේ ‘ජතින් – ලලිත්’ දෙසොහොයුරන්ගේ මනමෝහනීය සංගීතයයි. ‘ආනන්ද් භක්ෂි’ ගේ පද රචනයන්ගෙන් හැඩවුණු මියුරු ගීත ගණනාවක්ම මෙහි ඇතුලත් වූ අතර පසුබිම් ගායනයෙන් එක්වූ ඉන්දීය ගීත කෝකිලාවිය, ලතා මන්ගේෂ්කාර් ප්රමුඛ ආශා බෝස්ලේ, කුමාර් සානු, උදිත් නාරායන් සහ අභිජීත් බට්ටාචාර්‍ය යන ශීල්පීන් විසින්, තම හඬින් ප්‍රේක්ෂකයන් මුසපත් කර දැම්මේය. එවකට වැඩියෙන්ම අලෙවි වූ ගීත ඇල්බමය ලෙසද වාර්තා පොත් අතරට එක්වූ ‘දිල්වාලේ දුල්හනියා’ හී අඩංගු වූ ‘සුපර් හිට්’ ගීත මෙසේය.

  1. මේරෙ ක්වබෝන් මේන් – ලතා මන්ගේෂ්කාර් SEE
  2. රුක් ජා ඕ දිල් දිවානේ – උදිත් නාරායන් SEE
  3. සර ස ජූම් ලූන් මේන් – ආශා බෝස්ලේ SEE
  4. නා ජානේ මෙරේ දිල් කො ක්‍යා – ලතා, උදිත් නාරායන් SEE
  5. තුජෙ දේකා තෝයේ ජානා සනම් – ලතා, කුමාර් සානු SEE
  6. මෙහෙන්දි ලගා කෙ රක්නා – ලතා, උදිත් නාරායන් SEE

‘දිල්වාලේ දුල්හනියා’ යෂ් රාජ් සමාගමේ නිර්මාණයක්. නිෂ්පාදනය කලේ යෂ් චොප්‍රා වූ අතර අධ්‍යක්ෂනය කලේ ආදිත්‍ය චොප්‍රා. ශාරුක් කාන්, කාජල්, අම්රිශ් පූරි, අනුපම් කේර් සහ ෆරීඩා ජලාල් යන හින්දි සිනමාවේ පතාක යෝධයන් රංගනයෙන් දායක වුනා. මේ සිනමා පටය ගැන නොදන්න කෙනෙක් නැති තරම්. ඒත් අලුත් පරම්පරාව වෙනුවෙන් කතාව කෙටියෙන් දාන්නම්.

රාජ් සහ සිම්රන් ලන්ඩන් වල ජීවත්වෙන වෙන වෙන පවුල් දෙකක කොල්ලෙකුයි, කෙල්ලෙකුයි. සිම්රන්ගෙ තාත්තා බල්දේව් සින් තද ගති තියෙන කෙනෙක්.වචනයක් කිව්වොත් කිව්වාම තමයි.ඉන්දියාවේ ජීවත්වෙන එයාගෙ හොඳම යාලුවා, අජිත්ගේ පුතාට සිම්රන්ව කසාද බන්දන්න පොඩි කාලෙදිම තීන්දු කරලයි තියෙන්නේ. සිම්රන් මේකට කැමති නෑ. එයා අජිත්ගෙ පුතා කුල්ජීත්ව කවදාවත් දැකල නෑ. ඇරත් එයාගේ හීන වල ඉන්නෙ වෙන කෙනෙක්. එයාවත් තාම දැකල නැති නොහඳුනන කෙනෙක්. මේ අතරෙදි කසාදෙට කලින් සිම්රන් යුරෝපෙට ට්‍රිප් එකක් යනවා. ඒ ගමනෙදි මෙයාට රාජ් මුණගැසෙනවා. මුලින් මුලින් දෙන්නා රණ්ඩු උනත් පස්සෙ ගොඩක් සමීප වෙනවා. ට්‍රිප් එක ඉවර වෙනකොට රාජ් සිම්රන් ගැන ආදරයක් ඇති වෙලා. ඒත් කියන්නේ නෑ. දෙන්නා වෙන්වෙලා යන මොහොතේ තමයි සිම්රන්ට දැනෙන්නෙ එයත් රාජ්ට ආදරය කරනවා කියලා. එයාගෙ හීන වල හිටපු කෙනා රාජ් කියල එයා තේරුම් ගන්නවා. ඒත් ඒ වෙනකොටත් රාජ් ගිල්ලා. ඊට පස්සෙ එයා හිත හදාගෙන ඉන්දියාවට යනවා, එයාගෙ කසාදෙට. කසාදෙ වැඩ කටයුතු ජයටම කෙරෙනකොට ලන්ඩන් ඉඳන් රාජ් සිම්රන් හොයාගෙන එහාට එනවා. ඊට පස්සෙ තමයි දෙන්නගෙ ලව් එක පටන් ගන්නේ. හැබැයි කවුරුවත් දන්නෑ. සිම්රන්ගෙ තාත්තගෙ හිත දිනාගෙන එයාව මනමාලි කරන් අරගෙන යන්න රාජ් කරන අහින්සක අරගලය තමයි ෆිලුමේ තියෙන්නේ. බල්දේව්ගෙ ගල් හිත මොලොක් වෙයිද ? ආ.. ඒ අස්සේ අජිත්ගෙ දුව ප්‍රීතිව රාජ්ට ජෝඩු කරන්නත් ලෑස්තිවෙනවා. රාජ්ට අක්කා නැතුව නංගි ගන්න වෙයිද? ඒ අතර තව රස බර කතා ගොඩායි. බලලා නැත්නම් අරන් බලන්න. චිත්‍රපට බලන කෙනෙක් නම් බලලා තිබිය යුතුම ෆිල්ම් එකක්. පැය 03 වි.10 ෆිල්ම් එක දිග උනත් ඔයාලට ඒ වෙලාව ගතවෙනවා දැනෙන එකකුත් නෑ. ෆිලුම ඒ තරම් පට්ට.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Subz.lk හි පලවූ Rasika Samanjith සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Dilwale Dulhania Le Jayenge (1995) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/dilwale-dulhania-le-jayenge-1995-sinhala-subtitles/feed/ 0