Aditya Roy Kapur Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/aditya-roy-kapur/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 11 Mar 2024 17:20:54 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Aditya Roy Kapur Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/aditya-roy-kapur/ 32 32 The Night Manager (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/tvshows/the-night-manager-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/tvshows/the-night-manager-2023-sinhala-subtitles/#respond Tue, 17 Oct 2023 07:31:52 +0000 https://sinhalasub.lk/?post_type=tvshows&p=57364 The Night Manager Sinhala Sub The Night Manager Sinhala Subtitles The Night Manager (2023) Sinhala Sub The Night Manager (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ශාන් සෙන්ගුප්තා කියන්නේ බංගලාදේශයේ ඉහල පෙලේ හෝටලයක රාත්‍රී කළමනාකරුවෙක් විදිහට වැඩ කරන කෙනෙක්. සාමාන්‍ය ජීවිතයක් අරන් ගියාට මෙයාට අබිරහස් යටගියාවකුත් තියෙන බව පේනවා. ඉතින් ශාන් ඒ අතීතයට සමු දීලා සාමකාමී […]

The post The Night Manager (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Night Manager Sinhala Sub
The Night Manager Sinhala Subtitles
The Night Manager (2023) Sinhala Sub
The Night Manager (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ශාන් සෙන්ගුප්තා කියන්නේ බංගලාදේශයේ ඉහල පෙලේ හෝටලයක රාත්‍රී කළමනාකරුවෙක් විදිහට වැඩ කරන කෙනෙක්. සාමාන්‍ය ජීවිතයක් අරන් ගියාට මෙයාට අබිරහස් යටගියාවකුත් තියෙන බව පේනවා. ඉතින් ශාන් ඒ අතීතයට සමු දීලා සාමකාමී වර්තමානයක් තමා ගෙවමින් හිටියේ. ඔය අතරේ තමා මියන්මාරයේ රෝහින්‍යා ජාතිකයින් පිටුවහල් කරන කාලය. මේ සිදුවීම් හින්දා බංගලාදේශයේ පවා දරුණුවටම කලබල ඇති වුණා. හෝටලේ හිටිය අමුත්තෝ හිටියෙත් මේ නිසා හරිම කලබලෙන්. ඔය අතරෙදි තමා ශාන්ට සෆීනාව හම්බවෙන්නේ.ඒ හමුවීම සිද්ධ වුණේ හරිම අමුතු විදිහට. මේ සෆීනා ඇවිල්ලා ශාන්ගේ ජීවිතේ කොච්චර වෙනස් කරනවද කිව්වොත් ශාන්ගේ ඒ තිබුණු සාමකාමී ජීවිතේටම කණ කොකා අඬන්න ගන්නවා. ඔහුට සිද්ධ වෙනවා ආපහු ලේ එක්ක ගනුදෙනු කරන්න. තමන්ගේ ජීවිතය මාරකයකට තල්ලු කරන්න ඉතින්, ඒ කතාව බලන්න එකතු වෙන්න The Night Manager එක්ක.

ටීවී සීරීස් නරඹන කෙනෙක් නම් 2016දි BBC ඔස්සේ ආපු The Night Manager කියන මිනි සීරීස් අමතක වෙන්න නම් විදිහක් නැහැ. බලපු කවුරුත් බොහොම ආසාවෙන් නරඹලා ඉවර කරපු සීරීස් එකක් වුණා ඒක. ඉතින් අද හදිසියේම ඒ ගැන මතක් කරන්න හිතුවේ මේ කතාමාලාව ඉන්දියන් ප්‍රති නිර්මාණයක් විදිහට එළිදක්වපු නිසයි. ඔව්, The Night Manager (2023-) කියන්නේ අර උඩ කිව්ව බ්‍රිතාන්‍ය කතාමාලාවේම ඉන්දියානු ප්‍රති නිර්මාණය. එහෙමයි කියලා ෆොටෝ කොපියක් නම් නෙමේ. ඉන්දියන් හුරුවට කතාව ගොඩක් වෙනස් කරලයි තියෙන්නේ. ඒ නිසා බ්‍රිතාන්‍ය කතාමාලාව නරඹපු කෙනෙක්ට මේක නැරඹුවා කියලා කිසි පාඩුවක් නම් වෙන්නේ නැහැ.

ඉතින් ඔය කිව්ව හින්දි කතාමාලාව එලි දැක්වුයේ Disney Hotstar හරහා.

The Night Manager ඉන්දියන් කතාමාලාවට රංගනයෙන් එකතු වෙන්නේ Aditya Roy Kapoor, Anil Kapoor, Sobhita Dhulipala, Tillotama Shome, Saswata Chatterjee කියන ප්‍රධාන ධාරාවේ නළු නිළියෝ. ඉතින් පුරුදු, දන්න කියන කට්ටියක් තමා මේකේ ඉන්නේ. කතාමාලාව නිෂ්පාදනය කරන්නත් සැලකිය යුතු වියදමක් ගියා කියලා ආරංචියි. ඒ වගේම රූගත කිරීම් වලට ඔය කියපු සෙට් එක අපේ රටටත් ආවා 2021 අවුරුද්දේ වගේ. විශේෂයෙන්ම කියන්න ඕන ආදිත්‍ය රෝයි කපූර්ගේ චරිතය වෙනුවෙන් කලින් යෝජනා වෙලා හිටියේ රිතික් රෝෂන්. ඇත්තටම යෝජනා වෙලා විතරක් නෙමේ මනුස්සයා වුණත් කැමැත්ත දීලා මේකට දායක වෙන්න ඔන්න මෙන්න කියලා තියෙද්දී මොන හෝ හේතුවකින් රිතික් මේකෙන් අයින් වෙලා යනවා. එහෙමයි ආදිත්‍ය මේකට එක්කහු වෙන්නේ. රිතික් මේ කතාමලාවට එකතු වෙනවයි කියපු නිසාම නිකුත් වෙන්නත් කලින් ඉඳන්ම The Night Manager වෙනුවෙන් ලොකු කතාබහක් හැදිලා තිබුණා. කොහොම හරි ඉරණම ලියවිලා තිබ්බේ මෙහෙමයි. ඒක වෙනස් කරන්න කාටත් බෑනේ.

The Night Manager (2023) වෙනුවෙන් IMDb අගය දැක්වෙන්නේ 7.6ක අගයක්. මිශ්‍ර ප්‍රේක්ෂක සහ විචාරක ප්‍රතිචාර තමා දැකගන්න ලැබෙන්නෙත්. හොඳද නරකද කියලා ඔයාලත් බලලම කියන්නකෝ එහෙනම්.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ PHOENIX සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The Night Manager (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/tvshows/the-night-manager-2023-sinhala-subtitles/feed/ 0
Dear Zindagi (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/dear-zindagi-2016-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/dear-zindagi-2016-sinhala-subtitles/#respond Thu, 07 Sep 2023 08:27:46 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=53402 Dear Zindagi Sinhala Sub Dear Zindagi Sinhala Subtitles Dear Zindagi (2016) Sinhala Sub Dear Zindagi (2016) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! බැඳීම්! කෙනෙක්ගේ ජීවිතේ වටිනාම දේ. කෙනෙක්ව ජීවත් කරවන දේ. ඒත් මට නම් බැඳීම් කියන්නේ වේදනාවන් ගොඩක් විතරක්ම උනා. කයිරා. ඒ මම, කැමරා අධ්‍යක්ෂකවරියක්. එහෙමයි කියලා මහ ලොකු වයසක් නම් නැහැ. අවුරුදු 25යි. ඒ කියන්නේ […]

The post Dear Zindagi (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Dear Zindagi Sinhala Sub
Dear Zindagi Sinhala Subtitles
Dear Zindagi (2016) Sinhala Sub
Dear Zindagi (2016) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

බැඳීම්! කෙනෙක්ගේ ජීවිතේ වටිනාම දේ. කෙනෙක්ව ජීවත් කරවන දේ. ඒත් මට නම් බැඳීම් කියන්නේ වේදනාවන් ගොඩක් විතරක්ම උනා.

කයිරා. ඒ මම, කැමරා අධ්‍යක්ෂකවරියක්. එහෙමයි කියලා මහ ලොකු වයසක් නම් නැහැ. අවුරුදු 25යි. ඒ කියන්නේ ආදරේ මත්තේ නැහෙන වයස. පවුල එක්ක හරි හරියට මුහු වෙන වයස. හැබැයි මට.. මට ඒ හැමදේම තිබුනේ පරස්පර විදිහට. මම ආදරේට වෛර කරා. එකට අත් අල්ලන් යන ජෝඩු දකිද්දී මගේ ඇහැට කටු අනින්නා වගේ. ආදරේ මහ විකාරයක් කියලයි මට දැනුනේ. අනිත් එක පවුල. මගේ ජීවිතේ මං අකමැතිම දේවල් වලින් මුල් තැන ගන්නේ මගේ පවුල. හරියටම කිව්වොත්, අම්මට තාත්තට මට කසාද හොයන්න නැහෙන හැමතිස්සෙම මගේ අඩුපාඩු දකින එයාලගේ යාළුවෝ සෙට් එකට මං නොසෑහෙන්න වෛර කරා.  සාමාන්‍යයෙන් ඕනම කෙනෙක් නිවාඩු දවසක් එනකම් ඇඟිලි ගැන ගැන ඉන්නේ ගෙදර දුවන්න බලාගෙන ආසාවෙන්. හැබැයි මට නම් නිවාඩු දවසක් ලබද්දී හිතෙන්නේ, “අයියෝ, ගෙදර යන්න වෙනවනේ” කියලයි. ෆෝන් එකට අම්මගෙන් කෝල් එකක් එද්දී මට දැනෙන හැගීම, අනේ අම්මපා…

මේ ජීවිතේ පතපු කිසිම දෙයක් මට ලැබිලා නැහැ. සතුට හැමදාම මාව එයාගේ හතුරෙක් විදිහට හිතලද කොහෙද. අවාසනාව මගේ දෛවය එක්කම බැඳිලා තිබුනේ. අවාසනාව කොච්චරද කියනවා නම්, හා හා පුරා කියලා හිත පුරාවටම දැනිච්ච පලවෙනි ආදරෙත්, මට හොරෙන්ම විවාහ ගිවිසගෙන තිබුනේ මට හිතාගන්නවත් බැරි වෙලාවක. දුක කියන්නවත්, බෙදා ගන්නවත් කවුරුත්ම නැති මං කොච්චර අසරණද කියලා හිතුනා. දුක බෙදාගන්න කියලා පවුලක්වත් තිබුනා නම් මට… ජීවිතේ නරකාදියක්!!

කතාව ඉවර උනේ නැහැ. මං නොදැන හිටියට මගේ දුක අහන්න, මට සතුට ගෙනල්ලා දෙන්න පුළුවන් එකම එක්කෙනෙක්ව දෙවියෝ මේ ලෝකෙට එවලා තිබුනා. වරදවා හිතන්න එපා, මගේ ආදරේ නම් නෙමේ. එයා තමා ජෝග්ගු මහත්තයා. මගේ කතාව පොඩ්ඩක් බලන්න. එයාව ඔයාලත් අඳුරගන්න. සැකයක් නැහැ, ඔයාලත් මං වගේම එයාට ආදරේ කරන්න ගනීවි.

*****************************************

හරිම රහට ලඩ්ඩු හදන ඒ හින්දම හැමෝගෙන්ම ප්‍රශංසා ලබපු, ඉංග්‍රීසි හරියට කතා කරගන්න බැරුව තමන්ගේ පවුල අතරම විහිලුවට ලක්වෙච්ච ශෂීව තාමත් කාටත් අමතක නැහැ මං හිතන්නේ. ඔව් ඒ English Vinglish (2012). ඉතින් ඒකේ නිර්මාතෘ ගෞරි ෂින්දේ නෝනා 2016 අවුරුද්දෙත් අලුත්ම වැඩකට මහා පරිමාණයෙන් අත ගහලා තිබුණා. ඒකේ ප්‍රතිපලයක් විදිහට Dear Zindagi එහෙමත් නැත්තම් “ආදරණීය ජීවිතය” 2016 අවුරුද්දේ තිරගත වෙච්ච අමරණීය සිනමා සිත්තමක් උනා සුපුරුදු විදිහටම.

ප්‍රධාන චරිතය උනේ හුරුබුහුටි ආලියා භාත්. විශේෂම දේ තමා මේකේ සහය චරිතයක් රඟ දක්වන්නේ ෂාරුක් ඛාන්. ඒ හින්දම මේ චිතරපටියට අසාමාන්‍ය ප්‍රසිද්ධියක් ලැබුණා කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. නමුත් මේක ෂාරුක්ගේ චිත්‍රපටියක් කියලා එක එල්ලේම හදුන්වා දෙන්න නම් බැහැ. මොකද මේකේ කේන්ද්‍රීය චරිතය ආලියා හින්දා.

ඉතින් ජාත්‍යන්තර සිනමා දර්ශකයේ 8.3ක අගයක් ලබාගෙන මේ වෙද්දී හොඳම ඉන්දියානු සිනමාපට අතර 114 වෙනි ස්ථානය අත්කරගෙන ඉන්නවා. ආදායම ගැන කිව්වොත්, ලේසිනැහැ කෝටි 70කට ආසන්න අගයක් උපයාගෙනත් තියෙනවා. බහුතර විචාරක ප්‍රේක්ෂක දෙගොල්ලොම ලෝබ නැතුව තරු පහෙන් හතරක්ම දීලා තියෙනවා.එහෙනම් දැන් කතා කරා ඇතිනේ. බලන්න වෙලාව. කතාව ගොඩක් ලස්සනයි. ගන්න දේවල් බොහොමයි. වෙලාවකට බරපතල වැඩියි වගේ කියලත් හිතෙයිද දන්නේ නැහැ. බලලම ඉන්නකෝ.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ හේවා ලුණුවිලගේ සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Dear Zindagi (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/dear-zindagi-2016-sinhala-subtitles/feed/ 0
Gumraah (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/gumraah-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/gumraah-2023-sinhala-subtitles/#respond Mon, 12 Jun 2023 16:56:59 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=41755 Gumraah Sinhala Sub Gumraah Sinhala Subtitles Gumraah (2023) Sinhala Sub Gumraah (2023) Sinhala Subtitles හැමෝටම සුබ දවසක්… Thadam (2019) දමිළ ෆිල්ම් එක ආශ්‍රෙයන් නිර්මාණය වුණු රීමේක් ෆිල්ම් එකක උපසිරැසි තමයි මම අද අරගෙන ආවේ. නමින් Gumraah. මේ ෆිල්ම් එක, Release Date – 7 April 2023 IMDb – 6.5/10 ඒ වගේම මේ ෆිල්ම් එක, Directed by […]

The post Gumraah (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Gumraah Sinhala Sub
Gumraah Sinhala Subtitles
Gumraah (2023) Sinhala Sub
Gumraah (2023) Sinhala Subtitles

හැමෝටම සුබ දවසක්…

Thadam (2019) දමිළ ෆිල්ම් එක ආශ්‍රෙයන් නිර්මාණය වුණු රීමේක් ෆිල්ම් එකක උපසිරැසි තමයි මම අද අරගෙන ආවේ. නමින් Gumraah. මේ ෆිල්ම් එක,

Release Date – 7 April 2023

IMDb – 6.5/10

ඒ වගේම මේ ෆිල්ම් එක,

  • Directed by – Vardhan Ketkar
  • Written by – Aseem Arora, Magizh Thirumeni
  • Story by – Magizh Thirumeni

මෙහි නළු/නිළියන් ලෙස,

  • Aditya Roy Kapur – අර් ජුන් සහ රොනී ලෙසත්,
  • Mrunal Thakur – ශිවානි මාතූර් ලෙසත්,
  • Ronit Roy – ඒ.එස්.පී. යාදව් ලෙසත්,
  • Vedika Pinto – ජාන්වි ලෙසත් රංගනයෙන් දායක වෙනවා.

කතාව ගැන කෙටියෙන් කියන්නම්…

ආකාශ් සර් දාන් කියන ව්‍යාපාරික පුද්ගලයෙක් ඔහුගේ නිවසේදීම ඝාතනය කරනවා. පසුව මෙම නඩුව පැවරෙන්නේ ශිවානි මාතූර් නම් කාන්තා පොලිස් නිලධාරියෙකුටය. ඇය ආකාශ්ගේ අසල්වැසි නිවස් වල සිටින අයගෙන් සොයා බලන විට ආකාශ්ගේ නිවස ඉදිරියෙන් තිබූ නිවසක සිටින කෙනෙක්ගෙ මිනීමරුවා සිටින සෙල්ෆි ෆොටෝ එකක් සොයා ගන්නවා. එම ෆොටෝ එකේ සිටින්නේ ශිවානි මාතූර් සමඟ මෙම මිනීමැරුම් නඩුව විමර් ශනය කරන ඒ.එස්.පී. යාදව්ගේ පරණ හතුරෙකි. ඔහු අර් ජුන්‍ ය. 

ඉතින් මේ මිනීමැරුම ඇත්තටම කළේ කවුද?

පොලිසිය නොමග යවන්න අර් ජුන් යොදන විජ්ජාව මොකද්ද?

ඉතින් මම කළින්නුත් කිව්වනේ මේ ෆිල්ම් එක රීමේක් ෆිල්ම් එකක් කියලා. බලලම දැනගන්න මොන ෆිල්ම් එකද ප්‍රධාන කරගෙන තියෙන්නේ කියලා..

එහෙනම් අපි තවත් ලස්සන හින්දි ෆිල්ම් එකක උපසිරැසියකින් හමුවෙමු!!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ දැහැමි ධර්මමාලි සහෝදරියගේ ලිපිය

The post Gumraah (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/gumraah-2023-sinhala-subtitles/feed/ 0