Aidan Quinn Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/aidan-quinn/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Fri, 06 Dec 2024 10:07:09 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Aidan Quinn Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/aidan-quinn/ 32 32 Blacklight (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/blacklight-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/blacklight-2022-sinhala-subtitles/#respond Fri, 06 Dec 2024 09:49:55 +0000 https://braszers.tk/?post_type=movies&p=15564 Blacklight Sinhala Subtitles Blacklight (2022) Sinhala Subtitles Travis Block is a shadowy Government agent who specializes in removing operatives whose covers have been exposed. He then has to uncover a deadly conspiracy within his own ranks that reaches the highest echelons of power.

The post Blacklight (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Blacklight Sinhala Subtitles

Blacklight (2022) Sinhala Subtitles

Travis Block is a shadowy Government agent who specializes in removing operatives whose covers have been exposed. He then has to uncover a deadly conspiracy within his own ranks that reaches the highest echelons of power.

The post Blacklight (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/blacklight-2022-sinhala-subtitles/feed/ 0
Legends of the Fall (1994) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/legends-of-the-fall-1994-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/legends-of-the-fall-1994-sinhala-subtitles/#respond Wed, 16 Aug 2023 09:08:03 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=50831 Legends of the Fall Sinhala Sub Legends of the Fall Sinhala Subtitles Legends of the Fall (1994) Sinhala Sub Legends of the Fall (1994) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! 90 දශකය කියන්නේ හොලිවුඩයට විතරක් නෙවේ මුළු මහත් ලෝක සිනමාවටම ස්වර්ණමය යුගයක් කියන්න පුළුවන්. ඒක ඇවිල්ල ස්වාධීන චිත්‍රපටයට චිත්රපටකරුවට තැනක් ලැබුන කාලයක්..Quentin Tarantino වගේ අධ්‍යක්ෂකවරු කරලියට […]

The post Legends of the Fall (1994) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Legends of the Fall Sinhala Sub
Legends of the Fall Sinhala Subtitles
Legends of the Fall (1994) Sinhala Sub
Legends of the Fall (1994) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

90 දශකය කියන්නේ හොලිවුඩයට විතරක් නෙවේ මුළු මහත් ලෝක සිනමාවටම ස්වර්ණමය යුගයක් කියන්න පුළුවන්. ඒක ඇවිල්ල ස්වාධීන චිත්‍රපටයට චිත්රපටකරුවට තැනක් ලැබුන කාලයක්..Quentin Tarantino වගේ අධ්‍යක්ෂකවරු කරලියට ඇවිල්ල මුළු බයිස්කෝප් කෙරුවාවම උඩු යටිකුරු කළ කාලයක්.. Steven Spielberg වගේ පුරුදු කාරයෝ එක්ක Martin Scorsese, James Cameron, David Fincher වගේ පතාක යෝධයෝ හොලිවුඩය හොල්ලන් හිටිය Wong Kar-waiල ආසියාවේ පණ ගහගෙන ආව Jackie Chan, Jet Liල මාෂල් ආට්ස් පෙන්නපු ශානරයන්ගේ පර්යේෂණාත්මක වෙනස්කම් අත්හදා බැලීම් වෙච්ච.. වෙනස් නිර්මාණ ගොඩක් එළියට ආව ඒ වගේ දශකයක් තමයි 90 කියන්නේ.

1994 කියන්නේ ඔය වගේ දශකයක හරිම සුවිශේෂී අවුරුද්දක්..සමහරක්විට එම දශකයේම හොඳම අවුරුද්ද කියල සිනමාවට ආදරය කරන කෙනෙක් නම් කලොත් ඒකෙ ඒ හැටි වරදක් නැති වෙයි. ඇයි එහෙම කියන්නේ..ඒක ඇවිල්ල අලුත් අලුත් හඬ වල් සිනමාව පැත්තට හැරෙන්න ගත්ත අවුරුද්දක්.විශිෂ්ට නිර්මාණ රැසක් එක පොකුරට බිහි වුණ අවුරුද්දක්. සිනමා ලෝලින්ට හොඳ කාලයක්..ඕන හැටියට තෝරා ගැනීම් තිබුණා. ඇනිමේ ලවර්ස්ලට Lion king ෆ්‍රැන්චයිස් එකේ පළවෙනි මූවි එක ආවා. හකුනා මටාටා ට්‍රැක් එක එහෙම මතක ඇතිනේ..ඊ ලඟට දුවන්න ෆොරස්ට් දුවන්න..ටඩා.. ටොම් හැන්ක්ස්ගේ සදා මතකයේ රැඳෙන ඒ කලා කෘතිය. වසරේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානයද ඇතුලත්ව ඔස්කා සම්මාන 6ක් සොරාගත් Forrest Gump. ඒකත් එතකොට 94 නෙවැ..ඊ ලඟට බඩ අල්ලාගෙන හිනා වෙන්න ඕන නම් තව තිබුණ ජිම් කැරිගේ Dumb and Dumber, Ace Ventura වගේ සිනමාපටත් ඔය අවුරුද්දේ. එතනින් නතර වෙන්නෙ නෑ ඔයා ඇක්ෂන් හොයන කෙනෙක් නම් ආනොල්ඩ්ගේ True Lies කීනුගේ Speed වගේ සිනමාපටද එතකොට සිනමා ක්ෂේත්‍රයම උඩු යටිකුරු කල Pulp Fiction ඊ ලඟට නොම්බර 1 The Shawshank Redemption, Natural Born killer තව Quiz show ඇමරිකාවෙන් එළියට ආවොත් Léon: The Professional ප්‍රංශ සිනමාපටය..තව තියනවා කියනවා නම් එහෙම්ම. මං කියන්නේ ඔය වගේ දිගට දිගට කියාගෙන යන්න පුළුවන් පට්ටම ලැයිස්තුවක් තිබුණ යකාගේ අවුරුද්දක් තමයි 1994 කියන්නේ. සමහරු “Summer of blockbusters” කියලයි 94 හඳුන්වල තිබුනේ.

හැබැයි හැම හොඳ දේකම නරක පැත්තකුත් තියනවා කියල කියනවනේ. මෙහෙම ලොකු ලොකු චිත්‍රපට තොග පිටින් එකම අවුරුද්දේ පාන් බාන්නා වගේ පාත් වෙනකොට සිනමා ලෝලියාට ඒක මරු දෙයක් වුණාට සිනමාවට ස්වාධීන චිත්රපටකරුවාට නම් ඒ හැටි හොඳ විදිහට බලපෑවේ නෑ..සමහරක් හොඳ නිර්මාණ ආදායම් ඉපැයීම අතින් අසාර්ථක වෙද්දි..සමහරක් නිර්මාණ වලට ලැබෙන්න ඕන විචාරක ඇගයීම ලැබුණේ නෑ. තවත් සමහරකට ලොකු නම් වල බල පැවැත්මෙන් යට වෙලා යන්න වුණා. මේක නම් ටිකක් ලොකුවටම වුණා. සාමාන්‍ය මට්ටමේ නිර්මාණ පැත්තකට දාන්න ඉතාමත් හොඳ නිර්මාණ වලට මේ දේ සිද්ධ වෙනකොට ඒක ඉතින් ඇත්තටම අවුලක්..මං කියන්නේ මේක කොයි කාලෙටත් අදාලයි.හැබැයි මේ අවුරුද්දේ ටිකක් වැඩිපුරත් එක්ක මේ දේ වුණා.. මං අද ඔයාලව අරගෙන යන්නෙත් ඒ වගේ යට වෙලා ගියපු හැබැයි කතන්දරේ ටිකක් වෙනස් වුණ මූවි එකක් පැත්තටයි..

Glory අධ්‍යක්ෂක Edward Zwick..සමහරක්විට මේ නම මෙහෙම කීවට සමහරුන්ට හුරු නැති වෙයි. Blood diamond බලල ඇති නේද ඔයාල.. එහෙමත් නැත්තම් අඩුම last samurai එකවත්. නෑ කියන්න නම් එපා..*නැත්තම් වහාම බලන්න.මේ අධ්‍යක්ෂක තුමාගේ පසු කාලීන නිර්මාණ තමයි ඒවා. නිකංම නිර්මාණ නෙවේ අනර්ඝයි කියල බය නැතුව කටක් ඇරල කියන්න පුළුවන් මට්ටමේ නිර්මාණ.මේ ඇවිල්ල 94 එතකොට ඔය මොකුත් ඇවිල්ල නෑ මෙතුමව හැමෝම දන්නේ 1989 වසරේ ආව Glory සිනමාපටය කල අධ්‍යක්ෂකතුමා විදිහටයි..ඒකයි මං එහෙම ආරම්භයක් දුන්නේ.කොහොමහරි මෙතුමා ඩ්රාමා එකක් ගෙනාව.1994 වසර ඉවර වෙන්න ඔන්න මෙන්න තියල වගේ..ඒ කියන්නේ අර මං උඩ කියපු ලොකු ලොකු නම් සේරම ඇවිල්ල වෙන්න ඕන හරිය ඔක්කොම වෙලා දැන් හරිද. හිතා ගන්න පුළුවන් නෙ සිනමා ලෝලීන්ගේ වගේම විචාරක සෙට් එකගේ මයින්ඩ් සෙට් එක ඒ වෙනකොට. සිනමාපටය නිකුත් වුණා..සීමිත සිනමාහල් ප්‍රමාණයක පමණයි තිරගත වුණේ ඉස්සල්ලම. Zwick මහත්තයා ගෙනල්ල තිබුණේ වෙස්ටර්න් එපික් ඩ්රාමා එකක්.ඒ අවුරුද්දේ මල්ලේ තිබුණේ නැති විදිහෙ එකක්..

ප්‍රධාන නළුව හිටියේ, පෝස්ටරේ දැක්ක ගමන් ඔයාල නම් දන්නවා. බ්‍රැඩ් පිට් තමයි ප්‍රධාන චරිතයට පණ පෙව්වේ. A River Through It හරහා ඒ වෙනකොටත් බ්‍රැඩ් එයාගේ රංගන කෞශල්‍ය මොනවට ඔප්පු කරලා තිබුණා..නැගී එන තරුවක් කියමු. ඊ ලඟට.. Sabrina(1995)හි සබ්‍රිනාගේ චරිතයට පණ පෙවූ රුවැත්තිය Julia Ormond තමයි මෙහි ප්‍රධාන නිළිය වශයෙන් රංගනයෙන් දායක වෙලා තිබුණේ..මීට අමතරව සුපිරි නළු Anthony Hopkins, E.T.හි එලියට්ගේ චරිතයට පණ පෙවූ Henry Thomas, Benny and Joonහි Johnny Depp සමඟින් අසමසම රංගනයක යෙදෙමින් බෙනීගේ චරිතයට පණ පෙවූ Aidan Quinn…ඔය තමයි හිටපු මේන් කාස්ට් එක. Brad Pitt, Anthony Hopkins, Aidan Quinn, Henry Thomas, Julia Ormond.

මේක මෙලෝඩ්රාමා එකක්. මෙලෝ ඩ්රාමා එහෙමත් නැත්තම් අති නාට්‍ය කීවම මේ කලාව ඇවිල්ල 19 සියවසේ වගේ කාලයේ තමයි ගොඩක්ම ප්‍රචලිත වුණේ යුරෝපයේ..වචනෙම තේරෙනවා නෙ..අති” හැමදෙයක්ම වැඩියෙන් කියන අදහස තමයි එතනම තියෙන්නෙ. ඉතිං මෙලෝ ඩ්රාමා එකක් වුණාම සාමාන්‍ය ඩ්රාමා එකකට වඩා භාව හැඟීම් එහෙම උපරිමයෙන් උද්දීපනය වෙන අයුරින් තමයි නිර්මාණය වෙන්නෙ. සාමාන්‍ය ඩ්රාමා එකකට සාපේක්ෂව මෙලෝ ඩ්රාමා එකක උද්වේගකර ජවනිකා එහෙමත් වැඩියි.. සැබෑ ලෝකයෙන් ඔබ්බට වුණත් ගිහිල්ල හැමදෙයක්ම උපරිමේටම ප්‍රේක්ෂකයාට දනවන එකයි අරමුණම මේ සාම්ප්‍රදායේම.

දැන් අපේ කතාව පැත්තට හැරුනොත් මේක ජිම් හැරිසන් කියන සුප්‍රසිද්ධ නවකතාකරුගේ legends of the fall කියන වෘතාන්ත නවකතාව ඇසුරෙන් තමයි නිර්මාණ වෙලා තියෙන්නේ. ඉතින් ජිම් හැරිසන්ගේ කියන්නෙම ඔය සාම්ප්‍රදායට ගොඩක් නැඹුරක් දක්වන රචකයෙක්.එතුමන්ගේ නිර්මාණ කීපයක්ම මෙලෝ ඩ්රාමා සාම්ප්‍රදායේ සිනමාපට විදිහට තිරයට ඇවිල්ල තියෙනවා මේ වෙනකොට.ඉතින් මං කියන්නේ අපේ කතාවෙත් අර මං කියපු ලක්ෂණයන් හැම එකක්ම වගේ තියනවා..ආදරය ගොඩක් තියන ඒත් එක්කම නොමිලේම ලැබෙන දේවල් ටිකත් තියනවා නෙ..ඒවත් අඩු නැතුව බලාගන්න පුළුවන් ..හැමදේම උපරිමේට යන කතාවක් බලාපොරොත්තු වෙන්න කියලයි කලින්ම කියන්නෙ…

1890…පළවෙනි ලෝක යුද්ධය යුරෝපයේ දළු ලමින් තිබෙන කාලේ. මොන්ටානා මිටියාවත් ආශ්‍රිත ලස්සන පරිසරයකටයි අපි මේ යන්න හදන්නේ. පුංචි ලස්සන පවුලක් මේක. කර්නල් විලියම් ලඩ්ලෝ කියන්නේ රජයේ අමන දේශපාලනය ප්‍රතිපත්ති වලට පිළිකුලෙන් සේරම දමල ගහල තමුන්ගේ බිරිඳ දරුවෝ එක්කල මොන්ටානා ඇවිත් වෙනම ගොවිපලක් කරන් පාඩුවේ ජිවත් වෙන විශ්‍රාමික කර්නල් වරයෙක්. ටිකක් අහංකාරයි හැබැයි හිත හොඳ මනුස්සයා. බිරිඳ ඉසබෙල් ටිකක් අමුතු ගෑණියක් ජේත්තුකාර ජීවිතයකට කැමති කෙනෙක් කියමූ. ඊ ළඟ ලමයි ටික ගත්තොත් කොල්ලොම තුන් දෙනෙක්. බාලයා සැමුවෙල් පවුලේ වැඩියෙන්ම ආදරේ දිනා ගත්ත කෙනා..ඊ ළඟට දෙවනිය ට්‍රිස්ටන්.. අපේ ප්‍රධාන චරිතේ. ටිකක් නාහෙට අහන්නේ නෑ..පවුලෙම දඩබ්බරයා කීවොත් හරි. අන්තිමයා වැඩිමල ඇල්ෆ්‍රඩ්.මං නම් ප්‍රධාන චරිතෙටත් වඩා කැමති මෙයාටයි. බුද්ධිමත්ම කෙනා පිළිවෙලටම ඉන්න හාදයා හොඳම එකේ කරුමක්කාරයා. ඇයි එහෙම කීවේ මං එක මෙතන කියන්න යන්නේ නෑ ඕන්. කොහොමහරි තුන් දෙනාම එකාට එකා අදහස් වලින් වෙනස් වෙන්න පුළුවන් හැබැයි පවුල් කතන්දර වලට එද්දි ඔය ඉන්න සමහරක් අයිය මලෝල අතරේ තියෙන්නා වගේ මුන් ටිකගෙත් තිබුණ මාර එකමුතුවක්..එකාට එකා නැතුව බෑ වගේ එකක් අර. අන්න ඒවගේ බැඳීමක්. හරි වැඩිය හිතන්න ඕන නෑ ඉතින් පවුල් පට්ටන්දරේ තව ඉවර නෑ නෙ කියල…

ආපහු පොයින්ට් එකට. තව හිටියා පුංචි පවුලක්, ඔය ගොවිපලේම හදුන. ගොවිපලේ වැඩ සේරම කලේ එයාල තමයි.වැඩට තියාගත්ත පවුලක් කියන්න නම් බෑ. ලඩ්ලෝ උදවිය මේ අයට සැලකුවේ එයාලගෙම පවුලේ අයට වගේ තමයි..මෙයාලත් එකම පවුලෙම කියල හිතාගන්නකො. කවුද එතකොට මෙයාල. එක නීග්‍රෝ පවුලක්. කර්නල් උන්නැහේ හමුදාවේ ඉන්දැද්දිම කුළුපග වෙලා තිබුණ පවුලක්.හමුදාවෙන් අයින් වෙලා එද්දි කර්නල් මෙයාලවත් ඇන්නම තමයි මොන්ටානා ඇවිත් තියෙන්නේ. එතනත් හිටියා ඔක්කොමල හතර දෙනෙක්.වයසක උන්දෑ වන් ස්ටැබ් කියලයි හැමෝම එයාට කීවේ. රැහේ ඉද්දි ඒකුන් රණශුරයෙක් විදිහටයි එයාට සලකල තියනවයි කියන්නේ..ඉතින් ටිකක් නහර කාරයා මිනිහ නම්.හැබැයි පණ වුණත් දෙයි ලඩ්ලෝ මහත්තයා වෙනුවෙන්. ඊ ලඟට පුංචි “ඉසබෙල් ටූ”යි එයාගේ අම්මයි තාත්තයි.ඉසබෙල් ටූ කිව්වට ඇත්තටම එයාගේ නම ඉසබෙල්..ඔය ලඩ්ලෝ උන්දෑගේ නමත් ඉසබෙල් නෙ. එයා තමයි නීග්‍රෝ කෙල්ලට ඒ නම දාලා තියෙන්නේ කාලෙකට උඩදි. හිතාගන්න පුළුවන් නෙ ඒ ආදරේ තරම. ඒ තමයි එතකොට නීග්‍රෝ පවුල හරිද.. එයාල තමයි ලඩ්ලෝ ගෙදර වැඩයි ගොවිපලේ වැඩයි සේරම බලා කියාගෙන කලේ. ඉසබෙල් ටූ’ට එහෙම අර අයිය මලෝල ටිකත් සැලකුවේ එයාලගෙම නංගි කෙනෙකුට වගෙයි..මං කියන්නේ මාරම බැඳීමක් එයාල අතර තිබුණේ.අයිය මලෝල ටික ගත්තත් එතන බැඳීමත් ඊට පස්සේ නීග්‍රෝ පවුලෙයි ලඩ්ලෝ පවුලේ බැඳීම ගත්තත් කර්නල් එයාගේ බිරිඳ සහ ළමයින් අතර තිබුණ බැඳීම මේ සේරම කතා අතර තිබුණේ තනිකරම ආදරේ විතරයි. හරිම ලස්සනයි වගේ නේද ?

මං මේ ඔක්කොම ලස්සනට ටයිප් කරගෙන නම් යනවා. බය වෙන්නෙපා උඩින් පල්ලෙන් මුල් විනාඩි 2න් වගේ මේ කියන්නේ. ඉතිං ඔහොම දේවල් ලස්සනට වී ගෙන යනකොට තමයි ගිම්හානේ එක දවසක..අපේ පවුලේ කතාවට අලුතෙන් එක සුන්දර අමුත්තියක් බාලයා එක්කගෙන එන්නේ..” අත ගන්න ඉන්න කෙනා” එහෙමයි සැමුවෙල් සුසෑනාව හැමෝටම හඳුන්වා දුන්නේ….හෙහ්…..මෙතනින් එහාට පරිකල්පනය ඔයාට බාරයි. හැම විනාඩි 5කටම වගේ සැරයක් පුංචිම හෝ ට්විස්ට් එකක් ඇති…ඒ තමයි ලඩ්ලෝ පවුලේ කතාව මින් එහාට. ඒක විතරක් මං කියන්නම්… විස්තර වලට අවධානය දෙන්න මං කියන්නේ හැමදේටම…චරිත එකකට එකක් ගොඩනැගෙන විදිහ…අයියල මලෝලගේ පවුලේ හැමෝගෙම ජිවිත කතා ගලාගෙන යන විදිහ..පුළුවන් නම් ගෙස් කරන්න ඊ ලඟට වෙන්න යන දේ……බලන්නකෝ වෙයිද කියල ඔයා හිතන එකකවත්… අන්තිමේදී ජිවිතේ මෙහෙමයි නේ කියල හිතෙයි ඔන්න…. විඳින්න…ගොඩක් ආදරේ ඇති ඔන්න !!!

Drama, Romance, War වට්ටෝරුවේ කතාවක් මේක පසුබිම් සංගීතය කරල තිබුණේ James Horner, ඒ කීවේ අර Titanic, Avatar වගේ සිනමාපටවල සංගීත අධ්‍යක්ෂණය කලේ..අන්න එයා. score එක තේමා 12කින් සමන්විත වෙලා තිබුණා. එතුමා සිනමාපටයකට ලියු වැඩිම තේමා සංඛ්‍යාව මෙය විදිහට තමයි සැලකෙන්නේ…ජේම්ස් මේ වෙනුවෙන් ඒ වසරේ ඔස්කා සම්මාන නිර්දේශ ලැයිස්තුවට ඇතුලත් වී තිබුණ..ඒ හොඳම සංගීත නිර්මාණය වෙනුවෙන්….ඇස් පියන් විඳින්න පුළුවන් විදිහේ පට්ටම සවුන්ඩ් ට්‍රැක්ස් ටිකක් තිබුණ…

සිනමාරූපකරණ ගැනත් හැමෝම කතා වෙලා තිබුණ John Toll, කතාව දිව ගියේ මොන්ටානාවේ..කොහොමවුණත් ගොවිපලේ ඉඳල මේ හැමදෙයක්ම වගේ ප්‍රධාන වශයෙන් රූගත කිරීම් කරලා තිබුණේ කැනඩාවේ ඇල්බර්ටා සහ බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රදේශ ආශ්‍රිතව. සිනමපටයෙන් අපිව පළවෙනි ලෝක යුද්ධයටත් අරගෙන යනවා. මේ දර්ශන වුණත් අරගෙන තිබුණේ කැලගරි වල..සේරම කැනඩාවේ. වෙස්ටර්න් ෆිල්ම් එකකට කියාපුම විදිහෙ කඳු පන්ති වලින් වටවුණ රමණිය පරිසරයක.. ඇත්තටම ලස්සනයි..අතිවිශිෂ්ට රූප පෙළගැස්මක්. වසරේ හොඳම සිනමාරූපකරණයට හිමි ඔස්කා සම්මානය John Toll දිනාගත්තා මේ වෙනුවෙන්. සංයෝජනයන් වෙනුවෙන්..

අධ්‍යක්ෂකතුමාටත් සම්මානයක් ? නිර්දේශයක් ඇත්තටම.. ඒ සුපිරි කාස්ට් එක ඒ සුමියුරු පසුබිම් සංගීතය ජෝන් ටෝල්ගේ ඒ අපූරු රූප පෙළ ගැස්වීම මේ සියල්ලේ අති දක්ෂ දක්ෂ සංයෝජනය වෙනුවෙන් Edward Zwick වසරේ හොඳම අධ්‍යක්ෂණය හිමි ගෝල්ඩන් ග්ලෝබ් සම්මානය සඳහා වූ නාම යෝජනා දිනා ගෙන තිබුණා..

ප්‍රේක්ෂකයා සහා විචාරකයින් ලබා දුන් ප්‍රතිශතයන්

  • IMDB 7.6(148 055 Votes)
  • Rotten tomatoes 58% (50) Rotten Audience score 85% (184,268) Reelviews 4.5/5

පුංචි අදහසක් ගන්න ලේසි වෙන්න මේ වගේ තොරතුරුත් ලිපියට එකතු කරන්න හිතුවට, මං නම් කියන්නේ ඉලක්කම් ගැන වුණත් ඕනෑවට වඩා හිතන්න යන්න ඕන නෑයි කියලයි. IMDB අගයම හොඳ වූ පමණින් පිලුමක් හොඳ වන්නේද අගය අඩු වූ පමණින් හැම එකක්ම නරක වන්නේද නැත..මේ තියරිම ලේසියට හෙලවෙන්නේ නෑ කියන කුණු තක්කාලි වලටත් එසේම වලංගු වේ..රිවීව්ස් කියවන්න ඉල්ලක්කම් හැමදේම බලන්න ඕනෑවට වඩා යැපෙන්න ඕනෑ නෑ ඕවගෙන්. ඒ තමයි මගේ නම් අදහස. කියන්න ඕන නෑ තේරෙනවා. ඇති පදමට සිනමාව නරඹා ඇති කෙනෙකුට නම් දැක්ක ගමන් දන්නවා තේරෙනවා පිලුම හොඳයිද නැද්ද කියල. අන්තිමේදී ඒ තමන් තමන්ගේ රසය නෙවැ නේ කොහොමවුණත්. හරි එහෙමනම් ආයෙමත් කතාව පැත්තට යමු?

මේක බොක්ස්ඔෆිස් හිට් එකක්..

ඔව්..The Shawshank Redemption වගේ විචාරයට පාත්‍ර වූ සිනමාපටත් ආදායම් අරගලයක යෙදුනු කාලෙක මේ සිනමාපටය හෙව්වා සල්ලි. මුලික තිරගත කිරීමෙන් අනතුරුව සිනමාපටය සේරම හොයල තිබුණ $160,638,883ක වගේ බොක්ස් ඔෆිස් ආදායමක්.. කාලේ හැටියට ජාමේ බේරා ගැනීමක්..ෆිල්ම් එක මුල්‍යම අතින් සාර්ථක වෙලා තිබුණ කීවොත් නිවැරදියි.

යමුද 95 සිනමා උළෙලවල් පැත්තටත් මේ ගමන්ම…

Academy Awards (1995)

හොඳම කලා අධ්‍යක්ෂණය සඳහා,හොඳම ශබ්ද පරිපාලනය සඳහා සහ හොඳම සිනමාරූපකණය සඳහා ආදී වශයෙන් ඇකඩමි සම්මාන ත්‍රිත්වයකට සිනමාපටය යෝජනා වුණා.මින් 2ක් නිර්දේශයන් පමණක්ම වෙද්දි john toll වසරේ හොඳම සිනමාරූපකරණයට හිමි ඔස්කා සම්මානය දිනාගෙන තිබුණ.

Golden Globes (1995)

හොඳම සිනමාපටය (නාට්‍ය),හොඳම අධ්‍යක්ෂවරයා (Edward Zwick), හොඳම නළුවා (Brad Pitt), හොඳම සංගීත නිර්මාණය(James Horner) ආදී වශයෙන් සම්මාන 4ක් සඳහා සිනමාපටයේ නම යෝජනා වී තිබුණ. මෙතනින් බ්‍රැඩ් පිට්ගේ නිර්දේශ වීම ටිකක් විශේෂයි..ගෝල්ඩන් ග්ලෝබ් සම්මානයකට බ්‍රැඩ් නිර්දේශ වුණ පළවෙනි වතාව මෙය විදිහටයි සැලකෙන්නේ..

Dallas-Fort Worth Film Critics Association Awards (1995)

හොඳම සිනමාරූපකරණය සඳහා ඔන්න අපේ john toll මහත්මයා ආයෙමත් නිර්දේශ වෙලා තිබුණා. ඒ අපේ විචාරකයින්ගේ සම්මාන උළලේ. මෙහිදී The Shawshank Redemptionහි ඒ විශිෂ්ට සිනමාරූපණය වෙනුවෙන් Roger Deakinsටත් Legends Of The Fallsහි සිනමාරූපණය වෙනුවෙන් john tollටත් සම සම්මාන ලබාදෙන්න විචාරකයන් තීරණ කොට තිබුණා.

Western Heritage Awards (1995)

මේ තමයි ඔක්ලොහෝමාහි National Cowboy & Western Heritage Museum එකේ ඈයෝ බටහිර ඇමරිකාව කලා ලෝකය හරහා බැබළවූවන් ඇගයීම වෙනුවෙන් වර්ෂයකට වරක් පවත්වන සම්මාන උළෙල…අපේ සිනමාපටයේ නමත් කියවුන මෙදා උළලේ. සිනමාපටය Best Theatrical Motion Picture එක වෙනුවෙන් හිමි සම්මානය දිනාගත්තා. මීට අමතරව American Society of Cinematographers, Awards Circuit Community Awards, camerimage, Faro Island Film Festival වගේ උළෙලවල් ගණනාවකම මීට අමතරව සිනමාපටයේ නම කීයවී තිබුණ. ඔක්කොම නිර්දේශයන් 6ක් කියල හිතාගන්නකො මේ ටිකේ..

ගොඩක් දේවල් නම් කියල තියනවා නේ..

බ්ලොක්බස්ටර් ලේබලෙත් අලවගෙන..මේ වගේ කාස්ට් එකකුත් හිටිය නම්..සම්මාන ගණනකට නිර්දේශ වෙලත් තියනවා නම්..ඇයි මේක මීට කලින් බලන්න සෙට් නොවුණේ? මෙහෙම කාටහරි බලපු නැති කෙනෙකුට හිතුනා නම්.. කියන්න තියෙන්නේ මෙච්චරයි. කාලයක් ගැන කියාගෙනම ලිපිය පටන් ගත්ත කාරණාවත් මේකම තමයි. මං කලින්ම කීවා වගේ සිනමාපටය ආදායම් ඉපැයුවා තමයි. ඒත් ඉතින් අවශ්‍ය Critical success එක මේකට ලබාගන්න බැරි වුණා. ඒ වෙනකොටත් මොන වගේ ෆිල්ම්ස්ද ඇවිල්ල තිබුණේ කියල මං කීවනේ. ඒ කාලේ විචාරකයෝ සෙට් එකට මේක පෙනිලවත් නැති තරම්. Rotten tomatoes ස්කෝ කරලා තිබුණ විදිහ දැක්කනේ. ඒක නම් එයාල ඒ කාලේ ඔය වැඩේ ගොඩක් නිර්මාණ වලට කළා.සාමාන්‍යයෙන් මේවගේ දත්ත දිහා බලද්දී කාලය ටිකක් දේවල් කියනවා.

අපේ කතාව එහෙම කුණු වෙද්දි ඔස්කා සම්මානයක් නම් කොහොමහරි ගත්ත තමයි තවත් කීපයකටම නිර්දේශ හිමි කරගෙනත් තිබුණ තමයි. ඒත් ඉතින් පන්තියක වුණත් හැමෝටම මතක පළවෙනිය නේද කාටද මතක 3වත් 4වත්..හෙහ්..සාමාන්‍යයෙන් ෆිල්ම් එකක් ලබන Critical success එක මත තමයි එකේ මතු පැවැත්ම ආෆ්ටර් ලයිෆ් එක තීරණය වෙන්නෙ..මේක ඔය කාලේ මොන විචාරකයාගේ ලිස්ට් එකේවත් මුල් 10 අතර තියෙන්න නැතුවැති.. ඉතින් එතනින් එහාට කොහෙවත් මේක ඒ හැටි දකින්න තිබ්බේ නෑ..ලොකු නම් නිසා බකට් එකෙන් එළියට වීසි වෙලාම ගියේ ඔහොමයි. මිට වඩා කතාබහ වෙන්න තිබ්බ ලස්සන නිර්මාණයක් විදිහටයි මං නම් දකින්නේ.

ඉතින් අන්තිමේටම කියන්න තියෙන්නේ.. බලන්න කියල තමයි. මං දැන් ගොඩක් දේවල් උඩ කියල තියනවා. ඒ මොකුත් කියවන්නේ නැතුව අන්තිම හරිය ලාවට වගේ කියවන අය ඉන්නවා නම්, ඔයාලටත් එක්කයි මේ කියන්නේ. බලන්න මේ ලස්සන නිර්මාණය මඟ හැර ගන්න එපා. ඔයා බ්‍රැඩ් පිට්ගේ හරි හොප්කින්ස්ගේ හරි රසිකයෙක් නම් මේක ඇවිල්ල මඟ හැරගන්නම ඕන නැති විදිහෙ සිනමාපටයක්..ඕනෑ තරම් Drama ,Romance, War වට්ටෝරුවේ සිනමාපට නරඹා ඇති හැබැයි මේ වගේ එකක් සෙට් වෙලා ඇතිදැයි බලන්න නිකමට අරං. අර ඔය තියෙන්නේ “දෙතුන් පාරක් වුණත් බලන්න පුළුවන් බැලුවට එපා වෙන්නෙ නැති විදිහෙ කතා”…මේක ඇවිල්ල අන්න එහෙමත් ඩ්රාමා එකක්.. ඉතින් බලපු ඈයෝ ඉන්නවා නම් එයාලටත් ආය බලන්න පුළුවන්..නැති අය අනිවාර්යෙන්ම බලන්න…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ අචින්ත උදයංග සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Legends of the Fall (1994) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/legends-of-the-fall-1994-sinhala-subtitles/feed/ 0
Jonah Hex (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/jonah-hex-2010-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/jonah-hex-2010-sinhala-subtitles/#respond Thu, 27 Jul 2023 21:18:16 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=47100 Jonah Hex Sinhala Sub Jonah Hex Sinhala Subtitles Jonah Hex (2010) Sinhala Sub Jonah Hex (2010) Sinhala Subtitles මේක මම පුද්ගලිකව කාලයක් තිස්සෙ බලාගෙන හිටපු එකක්. හේතු දෙකක් තියෙනවා මම මේ චිත්‍රපටියට ආස වෙන්න, එකක් මම සාමාන්‍යන් Western (cowboy) ගණයේ චිත්‍රපට බැලීමට තියෙන ආසාව සහ මෙහි ප්‍රධාන නිළියගේ චරිතය හොබවන්නෙ මම ආස කරන නිළියක් වන […]

The post Jonah Hex (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Jonah Hex Sinhala Sub
Jonah Hex Sinhala Subtitles
Jonah Hex (2010) Sinhala Sub
Jonah Hex (2010) Sinhala Subtitles

මේක මම පුද්ගලිකව කාලයක් තිස්සෙ බලාගෙන හිටපු එකක්. හේතු දෙකක් තියෙනවා මම මේ චිත්‍රපටියට ආස වෙන්න, එකක් මම සාමාන්‍යන් Western (cowboy) ගණයේ චිත්‍රපට බැලීමට තියෙන ආසාව සහ මෙහි ප්‍රධාන නිළියගේ චරිතය හොබවන්නෙ මම ආස කරන නිළියක් වන Megan Fox විසින් වීම. මතකනේ Transformers, Jennifer’s Body වගේ අපි ලබාදුන්න චිත්‍රපටි වල සිටි සුරූපිනිය. ඒ වගේම මෙහි Jona Hex ගේ චරිතයට පණපොවන්නෙ, ඔස්කාර් සම්මාන පවා දිනා ගැනීමට සමත්වුනු “No Country for Old Men” වගේ චිත්‍රපට තුල රංගනයෙන් දායකවුනු Josh Brolin විසිනුයි.

කට්ටියට මතක ඇති Iron Man 2 චිත්‍රපටිය අපේ ගෝලයා විසින් දෙනකොට Marvel Comics ගැන පොඩි හැඳින්වීමක් කෙරුවා. Marvel Comics වල එන චරිත ගැන එහෙම. DC Comics කියන්නෙත් Marvel Comics වලට දෙවෙනි නොවෙන චරිත ඇතුලත් සමාගමක්. DC Comics ලගෙන් එන චරිත තමයි Batman, Superman, Wonder Woman, The Flash, Robin.

Jonah Hex කියන්නෙත් DC Comics වලට අයිති බොහොම ප්‍රසිද්ධ චරිතයක්. ඇත්තටම DC Comics ලට උවමනා කරලා තිබුනා Marvel Comics ලා නිපඳවනු ලැබූ Spider Man වගේ නිර්මාණ වලට දෙවෙනි නොවෙන විදියේ නිර්මාණයක් කරන්න. ඒ සඳහා ඔවුන් Warner Bros. Pictures, Legendary Pictures එක්ව මේ චිත්‍රපටය $47,000,000 වගේ විශාල මුදලක් යොදා නිර්මාණය කෙරුවා. නමුත් මටනම් ඔවුන්ගේ වෑයම 100% සාර්ථකයි කියන්න බෑ. මොකද ඔවුන් හිතපු තරම් ආදායමක් මෙම චිත්‍රපටිය තුලින් උපයා ගැනීමට නොහැකිවුන නිසා. චිත්‍රපටය ගැන හුඟක් විස්තර කියුවනේ.

කතාව ගැන කියනවනම්, චිත්‍රපටය පටන්ගන්නෙ Jonah Hex ගේ මුළු පවුලම Quentin Turnbull කියන පුද්ගලයා විසින් ඉතා කෲර ලෙස මරා දමන දර්ශනයකින්. ඔහු Jonah Hex වත් මරා දමා ගියත් Jonah Hex ට ජීවත්වීමෙ භාග්‍ය හිමි වෙනවා. ඒ වගේම Quentin Turnbull කියන පුද්ගලයාව මුළු මහත් ඇමරිකාවටම තර්ජනයක් වෙනවා. Quentin Turnbull ගේ ක්‍රියා නැවැත්වීමට ඇමරිකානු රජය විසින් Jonah Hex ගේ පිහිට පතනවා. ඔන්න ඕක තමයි මූලික කතාව. තව දෙයක්, Jonah Hex ට හැකියාවක් තියෙනවා, මියගිය මිනිසුන්ට පණ දීමට. කතාව මෙහෙම උනාට Jonah Hex විසින් මෙහෙයවන පරණ කාලෙ තුවක්කු ජවනිකා එහෙම ඉතා රසවත් හා ඇසිපිය නොහෙලා බලන්න පුලුවන් අයුරින් නිර්මාණය කරලා තියෙනවා.

ඔබ අනිවා බැලිය යුතු චිත්‍රපටියක් ලෙස මෙය හඳුන්වන්න පුලුවන්. නමුත් මම මේක සුපිරි චිත්‍රපටයක් කියලනම් කියන්නෙ නෑ. කට්ටිය බලලා චිත්‍රපටිය ගැන කමෙන්ට් කරන්නකො එහෙනම්.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ සිරාජ් ප්‍රියන්ත සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Jonah Hex (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/jonah-hex-2010-sinhala-subtitles/feed/ 0