Aima Sebastian Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/aima-sebastian/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 21 Oct 2024 09:13:22 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Aima Sebastian Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/aima-sebastian/ 32 32 Jacob’s Kingdom of Heaven (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/jacobs-kingdom-of-heaven-2016-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/jacobs-kingdom-of-heaven-2016-sinhala-subtitles/#respond Mon, 21 Oct 2024 09:10:14 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=13106 සම්පූර්ණයෙන්ම පවුලේ කතාවක්. පවුලක තිබිය යුතු බැඳීම, එකිනෙකා වෙනුවෙන් කැපවීම හොඳින් කියවෙන සත්‍ය කතාවක්.කතාව ගත්තම ජාකොබ් කියන්නේ ඩුබායි වලට ගිහින් සාර්ථකව ව්‍යාපාර කරන දක්‍ෂ ව්‍යාපාරිකයෙක්. ඔහු එක එක අයගෙ මුදල් ණයට අරගෙන වෙනත් අයට ණයට දෙන එකත් කරගෙන යනවා. එහෙම කරගෙන යද්දි, ඔහු සතු සම්පූර්ණ මුදලම (ඉන්දීය රුපියල් කෝටි 14ක්) එක් කූට ව්‍යාපාරිකයෙක් වංචා කරනවා. […]

The post Jacob’s Kingdom of Heaven (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
සම්පූර්ණයෙන්ම පවුලේ කතාවක්. පවුලක තිබිය යුතු බැඳීම, එකිනෙකා වෙනුවෙන් කැපවීම හොඳින් කියවෙන සත්‍ය කතාවක්.කතාව ගත්තම ජාකොබ් කියන්නේ ඩුබායි වලට ගිහින් සාර්ථකව ව්‍යාපාර කරන දක්‍ෂ ව්‍යාපාරිකයෙක්. ඔහු එක එක අයගෙ මුදල් ණයට අරගෙන වෙනත් අයට ණයට දෙන එකත් කරගෙන යනවා. එහෙම කරගෙන යද්දි, ඔහු සතු සම්පූර්ණ මුදලම (ඉන්දීය රුපියල් කෝටි 14ක්) එක් කූට ව්‍යාපාරිකයෙක් වංචා කරනවා. ඉතින් ඔහුට ණය දුන් අයගෙන් ඔහුට ගැලවිල්ලක් ලැබෙයිද? ඔහු වෙනත් ව්‍යාපාරයකින් ලාභ උපයන්න හිතන් ලයිබීරියාවට ගියත් එහිදී අසාර්ථක වෙනවා, විතරක් නෙමෙයි ණයකරුවෙක් ඩුබායිවල ඉඳන් අරගන්නා නීතිමය ක්‍රියාමාර්ග නිසා ලයිබීරියාවෙ කොටු වෙනවා. ඉතින් මේ සම්පූර්ණ ණය බර කරට ගන්නා ජාකොබ්ගේ වැඩිමහල් පුතු ජෙරී මේ පවුල ණයෙන් බේරා ගනීවිද? මුදල් උපයන්න ඔහු මොනවද කරන්නේ? තාත්තාව ආපසු කැඳවා ගනීවිද? පවුලේ අයට මොකද වෙන්නේ? ඔය හැමදේම බලන්න නම් කතාව අරගෙන බලන්න වෙනවා.

විනීත් ශ්‍රී නිවාසන් විසින් අධ්‍යක්‍ෂණය කළ මෙහි චරිත වලට පණපොවන්නේ, ජාකොබ් විදිහට රෙන්ජි පනීකර්, ජෙරී විදිහට නිවින් පෝලි, ෂර්ලි විදිහට ලක්‍ෂ්මි රාමක්‍රිෂ්ණන්, එබින් විදිහට ශ්‍රීනාත් භාසි, අම්මු විදිහට අයිමා සෙබස්තියන් යන අය තමයි.ආයෙත් මේ වගේම ලස්සන කතාවකින් හමුවෙමු.

The post Jacob’s Kingdom of Heaven (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/jacobs-kingdom-of-heaven-2016-sinhala-subtitles/feed/ 0
RDX: Robert Dony Xavier (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/rdx-robert-dony-xavier-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/rdx-robert-dony-xavier-2023-sinhala-subtitles/#respond Thu, 01 Aug 2024 00:30:14 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=55068 RDX: Robert Dony Xavier Sinhala Sub RDX: Robert Dony Xavier Sinhala Subtitles RDX: Robert Dony Xavier (2023) Sinhala Sub RDX: Robert Dony Xavier (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! අද මෙ අරගෙන එන්නෙ අලුතෙන්ම ආපු තවත් සුපිරිම මලයාලම් චිත්‍රපටියක් , ~ 2023 ඕනම් සටනේ වීරයා RDX චිත්‍රපටිය ott පිටපත් නිකුත් උනා ඕනම් කියන්නෙ කේරලයේ ඉහළින්ම […]

The post RDX: Robert Dony Xavier (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
RDX: Robert Dony Xavier Sinhala Sub
RDX: Robert Dony Xavier Sinhala Subtitles
RDX: Robert Dony Xavier (2023) Sinhala Sub
RDX: Robert Dony Xavier (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

අද මෙ අරගෙන එන්නෙ අලුතෙන්ම ආපු තවත් සුපිරිම මලයාලම් චිත්‍රපටියක් , ~ 2023 ඕනම් සටනේ වීරයා RDX චිත්‍රපටිය ott පිටපත් නිකුත් උනා

ඕනම් කියන්නෙ කේරලයේ ඉහළින්ම සමරන උත්සවය මෙන්ම දිගු නිවාඩුවක් එක්ක එන උත්සව කාලසීමාව නිසා ප්‍රේක්ශකයන් වැඩියෙන්ම සිනමාශාලා වෙත ඇඳෙන වැඩිම ආදායමක් ජනනය කෙරෙන සමයක් වනවා.

මේ නිසාම ඕනම් කාලසීමාවේ තමන්ගෙ චිත්‍රපටයත් තිරගතකිරීමට යොදාගන්න නිශ්පාදකයන් උපරිමයෙන් උත්සහ කරනවා. මලයාලම් සිනමාවේ නව පරපුරේ තරු වන දුල්කර් සල්මාන්ගේ KingOfKotha චිත්‍රපටයත් නිවින් පෝලිගේ BossAndCo චිත්‍රපටයත් මොලිවුඩයේ ප්‍රමුඛ නිශ්පාදන සමාගම් මඟින් ඕනම් කාලසීමාවේ තිරගතවන බව නිවේදනය කර තිබුනා. දුල්කර් සහ නිවින් අතරින් කවුරුන් මෙවර ඕනම් සටනේ ජයග්‍රහයකයා වේවිදැයි ප්‍රේක්ශකයන් උනන්දුවෙන් බලාසිටියා..

නමුත් ඔවුන් වැඩිය අවධානය නොදීපු තවත් චිත්‍රපටයක් තිබුනා. ඒ තමයි RDX. ශේන් නිගම් , ඇන්ටනී වර්ගීස් සමඟින් නීර්ජ් මාධව් රංගනයේ යෙදුන Action Entertainer ශානරයට අයත් මෙම චිත්‍රපටයත් ඕනම් කාලසීමාවේ තිරගතකරන බව නිවේදනය කරලා තිබුනා.

ඒත් ප්‍රේක්ශකයන්ගෙන් එතරම් හොඳ ප්‍රතිචාරයක් චිත්‍රපටයට ලැබුනෙ නැහැ. චිත්‍රපටයේ පළමු පෝස්ටර් කිහිපය හාස්‍යජනක බව කියමින් සමාජ මාධ්‍ය හරහා විහිලු තහලුවට ලක්වුන අතර බොහෝ දෙනාගේ මතය වුනේ KingOfKotha සහ BossAndCo සමඟ ගැටුනහොත් මෙම චිත්‍රපටය දැඩි ලෙස අසාර්ථකවේවි යන්නැයි.

ප්‍රධාන චිත්‍රපට දෙකක්ම ඒවනවිට ඉහළසිනමාශාලා ප්‍රමාණයක් තමන්වෙත වෙන්කරගෙන තිබීම නිසා තමන්ට සරිලන සිනමාශාලා ප්‍රමාණයක් වෙන්කරගැනීමට ඔවුන්ට කේරල සිනමාශාලාහිමියන්ගේ සංගමයට ඉල්ලීම් කරලා පිහිටපතන්නට පවා සිදුවෙනවා.

කොහොමහරි තිරගතවීමේ දිනය එනවා. KingOfKotha තිරගතවෙන්නේ දිනකට කලින් එනම් අගෝස්තු 24 වනදා පටන්. BossAndCo සමඟින් RDX 25 වනදා පටන් තිරගතවීම ඇරඹෙනවා.

ප්‍රේක්ශකයන්ගෙන් ප්‍රතිචාර ලැබීම ඇරඹෙනවා චිත්‍රපට දෙක තුනම නරඹපු ප්‍රේක්ශයන්ගෙන් හොඳම චිත්‍රපටය RDX ලෙස ලකුණු ලැබෙනවා. ප්‍රේක්ශකයන් චිත්‍රපටය වෙතට ඇදෙන්න ගන්නවා.දිනයේ ආරම්භක දර්ශනවාර වලදී අඩු ආදායමක් ලබා හිටපු RDX දිනය අවසන් කරන්නේ BossAndCo පරතරයක් සහිතව අභිභවා යමින්. දෙවන දිනයේ පටන් BossAndCo සම්පූර්ණනයෙන් බිඳවැටෙන අතර RDX සහ KingOfKotha අතර ගැටුමක් බවට පත්වෙනවා.

තෙවන දිනයේ පටන් KingOfKotha අභිභවා දෛනික ආදායම අභිභවා යන RDX 7 වන දිනය අවසානයේ KingOfKotha මුළු ආදායම අභිභවා යනවා. දෙවන සතිඅන්තයේ පටන් බොක්ස්ඔෆිස් ගැටුම තනි අශ්වයෙක්ගෙ රේස් එකක් බවට පත්වෙන අතර RDX ගමන අවසන් කරන්නේ මලයාලම් සිනමාවේ එදාමෙදාතුර වැඩිම ආදායමක් ඉපැයූ චිත්‍රපට අතරට එක්වෙමින්.

ඉහළ ප්‍රේක්ශක ප්‍රතිචාර දිනාගත් 2018 චිත්‍රපටයත් සුපිරි තරුව මෝහන්ලාල්ගේ Pulimurugan සහ Lucifer චිත්‍රපට වලටත් පසු කේරලයේ සිව්වන වැඩිම ආදායමක් ඉපැයූ මලයාලම් චිත්‍රපටය වීමට RDX සමත්වන්නේ කෝටි 53කට අධික ආදායමක් කේරලයේත් ලොව පුරා කෝටි 100 කට අධික ආදායමකුත් උපයාගනිමින්.

මලයාලම් සිනමාවේ ඕනම් උත්සව සමය කියන්නෙ සුපිරි තරු බිහිවුන තරු නැගීආපු කාලසීමාවක්. සුපිරි තරුව කියන සංකල්පය හොඳම නලුවෙක් කියන දේට වඩා ටිකක් එහාට ගිය දෙයක්. හැම හොඳ නලුවටම වාණිජ තරුවක් වෙන්න අමාරුයි.

කාලයක පටන් හොඳට නටන්න පුලුවන් , හොඳට ක්‍රියාදාම ජවනිකා රඟදක්වන්න පුලුවන් ඇක්ශන් මසාලා චිත්‍රපටයක බර කරටගතහැකි නවක තරුවකගේ නැගී ඒමක් මලයාලම් ප්‍රේක්ශකයන් අපේක්ශා කරා.

එම සියලු කාරණා සපුරාගෙන නැගී ආ තරුව තමයි ශේන් නිගම්.

ඒවගේම මලයාලම් ක්‍රියාදාම සිනමාවේ පෙරලිකාරයා ලෙස එම ශානරය තමන්ටම වෙන්කරගත් තරුවක් මෙන් ඇන්ටනී වර්ගීස්ගේ නැගී ඒමත් නීරජ් මාධව්ගේ ආකර්ශනීය රංගනයත් මේ හරහා දැකගන්න පුලුවන්.

මලයාලම් සිනමාවේ ජ්‍යේශ්ඪ ක්‍රියාදාම තරුවක්වූ බාබු ඇන්ටනීගේ නැවත ආගමනයත් වීරයන්ට නොදෙවනි දුෂ්ඪ චරිතයක් විශ්ණු අගස්තයා මඟින් මලයාලම් සිනමාවට හඳුන්වාදීමත් RDX හරහා සිදුව තිබෙනවා.

මේ සියල්ලටම වඩා නවක නලුවො තුන්දෙනෙක් සමඟ නවක අධ්‍යක්ශවරයෙක් සියලු බාධක මධ්‍යයේ මලයාලම් සිනමාවේ දැවැන්ත නම් එක්ක කරට කර තරඟකරලා ලබපු දැවැන්ත ජයග්‍රහණයත් එයට උරදීපු මලයාලම් ප්‍රේක්ශකයිනුත් හරහා මෙය නිතැතින්ම මලයාලම් සිනමාවේ දියුණුවට හේතුවන බවනම් නිසැකයි.

දැන් මේ ලිපිය කියවල චිත්‍රපටය බලන්න හදන අයට මතක් කරන්න ඕන ප්‍රධාන කාරණය තමයි මේවා ප්‍රේක්ශකයන්ට සිනමාශාලාවෙම බලන්න ඉලක්ක කරලා හදන ඇක්ශන් මසාලා චිත්‍රපටි කියන එක. ඒ නිසා ඔයාට ඒ විදිහටම චිත්‍රපටය නොදැනෙන්න පුලුවන් කොහොමවුනත් වාණිජමය චිත්‍රපටයක සාර්ථකත්වයට අඩංගු ක්‍රියාදාම , සංගීතය වැනි සියලුම දෑ මෙම චිත්‍රපටයේ ඇතුළත්. ඔබත් මලයාලම් ක්‍රියාදාම චිත්‍රපටි වලට කැමති නම් IMDb 7.6/10 ක අගයක් ලබාගත් ACTION / DRAMA කාණ්ඩයන්ට අයත් RDX නොවරදවාම නරඹන ලෙස නිර්දේශ කරන්න පුලුවන්.

එසේනම් තවත් මෙවැනි සුපිරි ෆිල්ම් එකකින් නුදුරේදීම හමුවෙමු ‍රැඳිලා ඉන්න සිංහලසබ්.නෙට් අපිත් එක්ක…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ සඳුන් රණතුංග සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post RDX: Robert Dony Xavier (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/rdx-robert-dony-xavier-2023-sinhala-subtitles/feed/ 0