Amanda Seyfried Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/amanda-seyfried/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sat, 04 Nov 2023 06:24:09 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Amanda Seyfried Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/amanda-seyfried/ 32 32 Dear John (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/dear-john-2010-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/dear-john-2010-sinhala-subtitles/#respond Thu, 10 Aug 2023 06:19:15 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=49641 Dear John Sinhala Sub Dear John Sinhala Subtitles Dear John (2010) Sinhala Sub Dear John (2010) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! “මම ඉන්නේ ඇෆ්ගනිස්ථානයේ නමින් ජෝන්. මම ඇමෙරිකානු හමුදාවේ තවත් එක සෙබලෙක්. මීට මොහොතකට කලින් පාලු බිල්ඩිමක් ඇතුලෙදී මට එහා පැත්තේ හිටපු සගයට වෙඩි වැදුනා. ඒත් එයාගෙ වාසනාවට ආරක්ෂිත කබාය එයාව බේරුවා. ඒත් ඒ එක්කම […]

The post Dear John (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Dear John Sinhala Sub
Dear John Sinhala Subtitles
Dear John (2010) Sinhala Sub
Dear John (2010) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

“මම ඉන්නේ ඇෆ්ගනිස්ථානයේ නමින් ජෝන්. මම ඇමෙරිකානු හමුදාවේ තවත් එක සෙබලෙක්. මීට මොහොතකට කලින් පාලු බිල්ඩිමක් ඇතුලෙදී මට එහා පැත්තේ හිටපු සගයට වෙඩි වැදුනා. ඒත් එයාගෙ වාසනාවට ආරක්ෂිත කබාය එයාව බේරුවා. ඒත් ඒ එක්කම ඒ දිහාවට හැරුණු මට උණ්ඩ දෙකක් මගෙ ඇට මිදුළු පසාරු කරගෙන යනවා දැනුනා. මෙච්චර කල් සතුරාගේ මරණයේ වේදනාව දැකපු මට අද සතුරා ඒ මරණයේ වේදනාව දැනෙන්න සැලැස්සුවා.

මගෙ සගයා මට කතා කරමින් මොනවද කියනවා. ඒත් මට ඔහුව පේන්නේ බොඳවෙලා. එන්න එන්නම බොඳ වීම වැඩිවෙනවා. එයාගෙ අත රතු පාටයි. මට තේරුණා ඒ මගේ ලේ බව. සියලු දේ අපැහැදිලි වේගන යනවා. මට තව ටිකෙන් සිහි නැතිවෙයි. ඒත් මට මුලින්ම මතක් වුණේ….. කාසි වල සද්දෙ. මගෙ තාත්තා කාසි එකතු කරන්නෙක්. ඒක නිසා පොඩි කාලෙ ඉඳළම මට ඒක මතකයි. සොල්දාදුවන්ගේ තුවක්කු වලින් නිකුත් වෙන හිස් පිත්තල උණ්ඩ කොපු වලිනුත් මට ඇහෙන්නෙ කාසි වල සද්දේ.

මෙහෙම පණ ඇද්දට මට කියලා ජීවිතයක් තියෙනවා. ඒ ජීවිතයේ මගෙ තාත්තා ඇරුණු කොට මට බොහොම ලස්සන පෙම්වතියක් උන්නා. එයා මට ගොඩක් ආදරය කලා. මමත් එහෙමයි. මගෙ ජීවිතය ඉවර වෙන්න කලින් මම ආසයි ඒ කතාව ඔයාලට කියන්න. මේක මගේ ජීවිතයේ ආදර කතාවයි. එන්න මාත් එක්ක ඒ දුක බෙදා ගන්න”.

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ රොයිලි ප්‍රනාන්දු සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Dear John (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/dear-john-2010-sinhala-subtitles/feed/ 0
You Should Have Left (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/you-should-have-left-2020-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/you-should-have-left-2020-sinhala-subtitles/#comments Sat, 05 Aug 2023 17:05:26 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=49100 You Should Have Left Sinhala Sub You Should Have Left Sinhala Subtitles You Should Have Left (2020) Sinhala Sub You Should Have Left (2020) Sinhala Subtitles සුභ දවසක් වේවා!! 2017 වසරේ ජූලි 13’වැනිදා ජර්මන් කතුවරයෙකු වන Daniel Kehlmann විසින් නවකතාවක් ලියනු ලබනවා You Should Have Left නමින්. මේකෙ නම ජර්මන් නාමය Du hättest gehen sollen […]

The post You Should Have Left (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
You Should Have Left Sinhala Sub
You Should Have Left Sinhala Subtitles
You Should Have Left (2020) Sinhala Sub
You Should Have Left (2020) Sinhala Subtitles

සුභ දවසක් වේවා!!

2017 වසරේ ජූලි 13’වැනිදා ජර්මන් කතුවරයෙකු වන Daniel Kehlmann විසින් නවකතාවක් ලියනු ලබනවා You Should Have Left නමින්. මේකෙ නම ජර්මන් නාමය Du hättest gehen sollen විදිහටත් සටහන් වනවා. මේ විදිහට ලියැවුණු නවකතාව 2019 වසරේදී පවත්වපු International Dublin Literary සම්මාන උළෙල සදහාද නිර්දේශ වනවා. පසුකාලීනව 2018 වසරේදී මේ නවකතාව ඇසුරින් සිනමාපටයක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් කල නිවේදනයත් එක්ක තමයි අද අරගෙන ආව සිනමාපටය නිර්මාණය වෙලා තියෙන්නෙ.

අහලා ඇතිනෙ කතාවක් තියෙනවා මිනිස්සු ගෙවල් හද්දී භුමිදෝශවල ඉදලා හැමදේම හොයලා බලලා ගන්නෙ කියලා. සමහර වෙලාවට ගෙදර මොන තරම් හොද වුනත්, නිස්කලංක වුනත් ඒවයේ වුනත් යටගිය කතාවක් තියෙන්න පුලුවන්. ඔය දේවල් හොයලා බලන්නෙ නැතුව ගෙවල් ගත්තම පුංචි පුංචි ප්‍රශ්ණවල ඉදලා ජීවීත හානි දක්වාම මිනිස්සුන්ට කරදර ඇතිවෙන්න පුලුවන්. ඉතිං මේ චිත්‍රපටයෙ කතාව නිර්මාණය වෙලා තියෙන්නෙ නිවාඩුවක් ගත කරන්න කියලා හිතාගෙන හුදකලා වූ පැත්තක බැලු බැල්මට හුගක් හොද, සුඛෝපභෝගී ගෙදරක් කුලියට අරං ජීවත් වෙන්න ගියපු පවුලකට මුහුණ දෙන්න වෙන සිදුවීම් පාදක කරගෙනයි.

අධ්‍යක්ෂකවරයෙකු විදිහට වඩා Jurassic Park, Panic Room, Spider-Man, War of the Worlds වගේම Indiana Jones සිනමාපට රැසකම චිත්‍රපටයෙ පිටපත් නිර්මාණය දායකත්වය ලබා දුන් David Koepp විසින් තමයි අද අරගෙන ආව සිනමා නිර්මානයත් අධ්‍යක්ෂණය වගේම චිත්‍රපටයෙ පිටපත් නිර්මාණයත් දෙකම සිදුකරලා තියෙන්නෙ. ඒවගේම නිෂ්පාදකවරුන් අතරේ The Purge, The Invisible Man වගේම මෙතෙක් බිහිවුන දැවැන්ත හොරර් සිනමාපට වගේම Into the Dark කතාමාලාවෙත් නිෂ්පාදක විදිහට කටයුතු කරපු Jason Blum වගේම ඔහුත් සමග Dean O’Toole, Kevin Bacon දෙදෙනාත් එකතු වෙලා තියෙනවා. ඒවගේම මේ සිනමාපටයෙ සංගීත කටයුතු සිදු වෙලා තියෙන්නෙ Pirates of the Caribbean: Salazar’s Revenge, Maleficent: Mistress of Evil වැනි සිනමාපට සදහා සංගීතමය නිර්මාණය සදහා තම දායකත්වය ලබා දුන් Geoff Zanelli විසින්.

මේ සිනමාපටය සදහා Kevin Bacon, Amanda Seyfried, Avery Essex, Geoff Bell, Lowri-Ann Richards යන නළු නිලියන් එකතු වෙලා තියෙනවා වගේම හොරර් සිනමාපටයක අනිවාර්යෙන්ම දැකගන්න ලැබෙන ඉන්ට්‍රෝ එක හිමි, Blumhouse Productions සමාගම මෙහි නිෂ්පාදන සමාගම ලෙසත්, සිනමාපටයෙ බෙදාහැරීමේ කටයුතුවල හිමිකාරිත්වය Universal Pictures සමාගම සතු වනවා. සම්පුර්ණ විනාඩි 93 ක් පුරාවට ධාවනය වෙන මේ සිනමාපටය Horror, Mystery වර්ගීකරණ පාදක කරගෙන නිර්මාණය වෙලත් තියෙනවා. ඒවගේම තමයි චිත්‍රපටය සදහා ඇ.ඩො.මි. 4ක පුංචි මුදලක් තමයි වියදම් වෙලා තියෙන්නෙ.

හොරර් සිනමාපට බලන අය අරගෙන බලන්න එහෙනම්.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ චාමර සම්පත් සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post You Should Have Left (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/you-should-have-left-2020-sinhala-subtitles/feed/ 1
Mean Girls (2004) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/mean-girls-2004-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/mean-girls-2004-sinhala-subtitles/#respond Sat, 03 Jun 2023 01:08:34 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=41319 Mean Girls Sinhala Sub Mean Girls Sinhala Subtitles Mean Girls (2004) Sinhala Sub Mean Girls (2004) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ෆිලුම ගැන කියනවනම් මේක කොමඩි ශානරයට අයති ටිකක් පරණ ෆිලුමක්. එහෙමයි කියලා මේකේ ආතල් ටික නම් මිස් කරගන්න හොඳනෑ. කොටින්ම කිව්වොත් මේක ෆුල් ආතල් එකේ හිනාවෙවී බලන්න පුලුවන් ෆිලුමක්. මේකෙ රඟපාන්නෙත් ලස්සන කෙලි පැටික්කියෝ […]

The post Mean Girls (2004) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Mean Girls Sinhala Sub
Mean Girls Sinhala Subtitles
Mean Girls (2004) Sinhala Sub
Mean Girls (2004) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ෆිලුම ගැන කියනවනම් මේක කොමඩි ශානරයට අයති ටිකක් පරණ ෆිලුමක්. එහෙමයි කියලා මේකේ ආතල් ටික නම් මිස් කරගන්න හොඳනෑ. කොටින්ම කිව්වොත් මේක ෆුල් ආතල් එකේ හිනාවෙවී බලන්න පුලුවන් ෆිලුමක්. මේකෙ රඟපාන්නෙත් ලස්සන කෙලි පැටික්කියෝ සෙට් එකක්.

මේකෙ කතාව ගෙතෙන්නේ කේඩි කියන සුරූපී ගෑණුළමයා වටා. කේඩි අලුතෙන් high-school එකට එන එක තැන ඉදන් තමයි කතාව යන්නේ. මේක පටන් ගත්ත වෙලාවෙ ඉදලා හොඳට හිනා වෙවී බලන්න පුළුවන්. කෙල්ලන්ගෙ තියන දුෂ්ටකම් එක්ක, යටිකූට්ටු ආතල් ගේම් එකක් දෙන එක තමයි මේකෙ කතාව යන්නෙ. මේ ෆිලුමට පාදක කරගෙන තියෙන්නේ Queen Bees and Wannabes කියන නමින් 2002 වසරේ Rosalind Wiseman මහත්මිය විසින් රචිත පොතක්.

IMDB මීටරේ 7.1 කරකවන්න සමත් උන මේ සලරුව විවිධ සම්මාන උළෙලවල් වලදී ගොඩක් සම්මාන වලට නිර්දේශ හා ජයග්‍රහන කීපයක් ද අරන් තියනවා. කුණු තක්කලි මීටරේත් 84% ක් හා 66%Audience Score එකකුත් මේ ෆිලුමට තියනවා. රේටින් අතිනුත් උඩින් තියෙනවා. සුරූපී නිලි Lindsay lohan තමයි ප්‍රධාන චරිතය වන කේඩිට පණපොවන්නේ.

ඉතින් කලින් කිව්වා වගේ මේකෙ තියෙන්නෙ High-school එකක වන සිද්ධි දාමයක්. ෆිලුමේ හැම තැනම වගේ High-school උප සංස්කෘති වලට අයිති එක එක Double meaning තියන විකාර වචන, දෙබස්, සිද්ධි සෑහෙන්න තියනවා. සමහර slang වචන එහෙම තියනවා, ඒවට හරියන සිංහල තේරුමක් හිතාගන්නත් බෑ.

මේකෙ Teenage Story එකක් යන ෆිලුමක් නිසා කතාකරන වචන එහෙම ඔය පොඩ්ඩ පොඩ්ඩ දන්නැද්ද. ඒ නිසා 18 ට වැඩි අය බලනවනම් තමා හොඳ.

එහෙනම් යාලුවනේ මේ ආතල් ෆිලුම මිස් කරගන්න එපා. ඔයාල හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා මේ සුපිරි චිත්‍රපටය නරඹන්න…

…It’s So Fetch…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ සුදර්ශන (king suu) සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Mean Girls (2004) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/mean-girls-2004-sinhala-subtitles/feed/ 0