Ameesha Patel Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/ameesha-patel/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 09 Jan 2024 02:54:28 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Ameesha Patel Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/ameesha-patel/ 32 32 Gadar: Ek Prem Katha (2001) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/gadar-ek-prem-katha-2001-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/gadar-ek-prem-katha-2001-sinhala-subtitles/#respond Wed, 18 Oct 2023 10:41:43 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=57635 Gadar: Ek Prem Katha Sinhala Sub Gadar: Ek Prem Katha Sinhala Subtitles Gadar: Ek Prem Katha (2001) Sinhala Sub Gadar: Ek Prem Katha (2001) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! සනී ඩියෝල් කියන්නෙ බොලිවුඩ් සිනමාවේ දැවැන්තයෙක් වගේම අති සාර්ථක රංගන තරුවක් බවට තවත් වරක් ඔප්පු කරමින් ‘ගඩාර් 2’ ඉන්දියාව දෙවනත් කරමින් තිරගත වෙන මේ වෙලාවේ මන් […]

The post Gadar: Ek Prem Katha (2001) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Gadar: Ek Prem Katha Sinhala Sub
Gadar: Ek Prem Katha Sinhala Subtitles
Gadar: Ek Prem Katha (2001) Sinhala Sub
Gadar: Ek Prem Katha (2001) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

සනී ඩියෝල් කියන්නෙ බොලිවුඩ් සිනමාවේ දැවැන්තයෙක් වගේම අති සාර්ථක රංගන තරුවක් බවට තවත් වරක් ඔප්පු කරමින් ‘ගඩාර් 2’ ඉන්දියාව දෙවනත් කරමින් තිරගත වෙන මේ වෙලාවේ මන් හිතුවා, 2001 වසරේ මේ වගේම පෙරලියක් කල ගඩාර් 1 චිත්‍රපටයේ සිංහල උපසිරැසිය ඔයාලට අරන් එන්න. 2001 ජුනි 15 වන දින අශුතෝෂ් ගෝවාරිකර්ගේ නිර්මාණයක් වූ Lagaan සමඟින් ගෝලීය සිනමාවට නිකුත් වූ Gadar: Ek Prem Katha අධ්‍යක්ෂණය කරන ලද්දේ Anil Sharma විසින්. 1947 දී ඉන්දියාව බෙදීමේ කාල වකවානුව පසුබිම් වී අතර බූටා සිංගේ නම් සත්‍ය චරිතයක් ඇසුරෙන් නිර්මාණය වී ඇත. Shaktimaan Talwar විසින් මෙහෙ කතාව ලියා ඇති අතර Action, Thriller, Romance, Drama සහ History යන කැටගරි වලට අයත් වෙනවා. දළ වශයෙන් ඉන්දියානු රුපියල් මිලියන 190 (ඇ.ඩො. මිලියන 4.03) වැය කර නිර්මාණය වූ Gadar: Ek Prem Katha චිත්‍රපටිය, විචාරකයින්ගෙන් මිශ්‍ර ප්‍රතිචාර ලැබුවද, ඉන්දියාවේදී රුපියල් මිලියන 768.8 (ඇ.ඩො. මිලියන 16.29) සහ බෙදාහරින ආයතනයේ මුදලත්ද සමඟින් ලොව පුරා රුපියල් මිලියන 546 (ඇ.ඩො. මිලියන 11.57) ක්ද වශයෙන් රුපියල් බිලියන 1.33 (ඇ.ඩො. මිලියන 28.19) ක බොක්ස් ඔෆීස් ආදායමක් උපයාගත් අතර Hum Aapke Hain Koun [1994] චිත්‍රපටයෙන් පසු වැඩිම ආදායමක් ඉපැයූ හින්දි චිත්‍රපටය බවට පත් විය. ඒ වගේම 1990 න් පසුව ඉන්දියාවේ වැඩිපුරම නැරඹූ දෙවන හින්දි චිත්‍රපටය වන අතර, එම ප්‍රමාණය මිලියන 50කට අධිකය. Box Office India ට අනුව, 2017 දී ප්‍රවේශපත්‍ර අලෙවියට අනුව එහි ඇස්තමේන්තු කළ දළ ආදායම රුපියල් බිලියන 4.86 (ඇ.ඩො.මිලියන 103) කි. එමෙන්ම 1990 ගණන් වලින් පසුව ඉහළම ආදායම් ලද චිත්‍රපට 3 අතරේ Gadar : Ek Prem Katha ද ඇත.

ඩියෝල්ගේ සරල, ලැජ්ජාශීලි භූමිකාව ප්‍රශංසාවට ලක් වූ අතර, 47 වැනි ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේදී ඔහු හොඳම නළුවා සම්මානය සඳහා නිර්දේශිත වූ අතර අමීශා පටේල්ද හොඳම නිළිය සඳහා නිර්දේශිත වූ අතර ෆිල්ම්ෆෙයාර් විශේෂ සම්මානය ලබා ගත්තේය. චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා Sunny Deol (තාරා සිං), Ameesha Patel (සකීනා) සහ Utkarsh Sharma (චිරන්ජීත් සිං / ජීතේ) රංගනයෙන් දායක වෙන අතර Amrish Puri (අෂ්රෆ් අලි), Lillete Dubey (ශබානා අලි / සකීනාගෙ මව) සහ Vivek Shauq (දර්මියන්) සෙසු චරිත නිරූපණය කරයි. මෙහි පසුබිම් කථනයට හඬ ලබාදී ඇත්තේ හිටපු අති දක්ෂ රංගන ශීල්පියෙක් වූ Om Puri විසිනි. මෙහි සකීනාගෙ චරිතයට කාජල්ව තෝරා ගත්තත්, මෙය ඇගේ වර්ගයේ චිත්‍රපටයක් ලෙස නොහැඟෙන බව පවසමින් එය ප්‍රතික්ෂේප කර ඇත.

Gadar: Ek Prem Katha හි අනෙක් වැදගත්ම අංගය වන්නේ සංගීතයයි. Uttam Singh ගේ සංගීතයෙන් හැඩවුනු සුපර් හිට් වූ, මියුරු ගීත ගොන්නක් ඇතුලත් වූ අතර සියලුම ගීතවල පද රචනය ආනන්ද් බක්ෂි ගෙනි. උත්තම් සිං වරක් පවසා ඇත්තේ, මෙම චිත්‍රපටය 1947 දී පාදක කරගෙන 2001 දී තිරගත වන බැවින්, 1947 ට ගැලපෙන සහ 2000 යුගයේ ශ්‍රාවකයන්ට ගැලපෙන සංගීතයක් නිර්මාණය කිරීම ඔහුට අභියෝගයක් වූ බවයි. “උඩ්ජා කාලේ කාවාන්..” ගීතය නිර්මාණය කිරීමට ඔහුට මාස එකහමාරකට ආසන්න කාලයක් ගත වී ඇත. විය. ඉන්දියානු වෙළඳ වෙබ් අඩවියක් වන Box Office India ට අනුව, එහි ගීත ඇල්බමය පිටපත් මිලියන 2.5ක් පමණ අලෙවි වී ඇත.

???එම ගීත මෙසේය.???
01. උඩ්ජා කාලේ කාවාන් (පිරිමි) උදිත් නාරායන්
02. මුසාෆිර් ජානේ වාලේ උදිත් නාරායන්, ප්‍රීති උත්තම්
03. මේන් නික්ලා ගඩි ලේකේ උදිත් නාරායන්
04. උඩ්ජා කාලේ කාවාන් (වීවාහය) උදිත් නාරායන්, අල්කා යාග්නික්
05. හම් ජුදා හෝ ගයේ උදිත් නාරායන්, ප්‍රීති උත්තම්
06. උඩ්ජා කාලේ කාවාන් (සොයාගැනීම) උදිත් නාරායන්, අල්කා යාග්නික්, එස්. න්හාර්
07. ආන් මිලෝ සජ්නා පන්ඩිත් අජෝයි චක්‍රබාර්ති, පර්වීන් සුල්තානා

කතාව කෙටියෙන් කිව්වොත් තාරා සිං ලොරි රියදුරෙක්, ඉන්දියානුවෙක්. ඔහු හින්දු. සකීනා ධනවත්, බලවත් ව්‍යාපාරික සහ දේශපාලන, පාකිස්තාන පවුලක තරුණියක්. ඇය මුස්ලිම්. 1947 ඉන්දියාව බෙදීමේදී ඇතිවුනු කෝලහාල වලදී දෙන්නගෙම පවුල් වල අය ඝාතනය වෙනවා. තාරා පෙර සිටම සකීනාට ආදරය කලත්, ඇයගේ ඉහළ සමාජ තත්ත්වය නිසා නිහඬව ඉන්නවා. වාර්ගික කලබල වලදී ඉන්දියාවේදී ඇයව බේරාගන්න තාරා, ඇයව පාකිස්තානයට ඇරලන්න ඉදිරිපත් වුනත්, ඒ අතර කාලයේදී ඇය ඔහු හා ආදරෙන් බැඳෙනවා. දෙන්නා විවාහ වෙනවා. පුතෙකුත් හම්බෙනවා. වසර කීපයක් යනකොට ඇය දැනගන්නවා ඇගේ දෙමාපියන් පාකිස්ථානයේ ජීවතුන් අතර සිටින බව. ඇගේ පියා අෂ්රෆ් අලි එතකොට ලාහෝර් වල නගරාධිපති. සකීනා තම පවුල මුනගැහෙන්න පාකිස්ථානයට යනවා. නමුත් ඉන්දියාවට, ඉන්දීයානුවන්ට තද බල ලෙස වෛර කරන ඇගේ පියා අෂ්රෆ් අලිට තියෙන්නෙ වෙනමම න්‍යාය පත්‍රයක්. සකීනා ඉන්දියාවේදී විඳි දුෂ්කරතා ඉස්මතුකර, ඒ අනුකම්පාවෙන් දේශපාලන වාසි ගන්න සැලසුම් කරන ඔහු, තම දේශපාලන සගයෙකුගේ පුතෙකුට ඇයව බලෙන් විවාහ කරදෙන්න හදනවා. ඇයව නිවාස අඩස්සියේ තබනවා. තමාගෙ බලය පාවිච්චි කරලා තාරාට පාකිස්ථාන වීසා අවහිර කර ඔහු පාකිස්ථානයට ඇතුලුවීම වලක්වනවා. අසරණ වන තාරා මොනා කරයිද? පාකිස්ථානයට ඇතුලු වී තම බිරිඳ එක්කන් ඒම, තම පුතාගෙ මව එක්කන් ඒම, වලක්වන්න කඩදාසි කැබැල්ලකට හෝ දේශසීමාවකට පුලුවන් වෙයිද?

විනාඩි 182 ක ධාවන කාලයකින් යුතු මේ රසාලිප්ත නිර්මාණය රස විඳින්න ආරාධනා කරමින් නවතින්නම්.

“ අවිහිංසාව උතුම්ම ධර්මයයි ”

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Subz.lk හි පලවූ Rasika Samanjith සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Gadar: Ek Prem Katha (2001) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/gadar-ek-prem-katha-2001-sinhala-subtitles/feed/ 0
Gadar 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/gadar-2-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/gadar-2-2023-sinhala-subtitles/#respond Fri, 06 Oct 2023 22:23:31 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=55967 Gadar 2 Sinhala Sub Gadar 2 Sinhala Subtitles Gadar 2 (2023) Sinhala Sub Gadar 2 (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ඔන්න අද උදේ ott රිලීස් වෙච්ච හැමෝම ඉල්ලපු ෆිලුමක් අරන් තමයි මං අද ආවේ… Gadar 2 කියන්නෙ 2001 ආපු Gadar කියන හින්දි ෆිලුමේ දෙවනි දිගහැරුම… දැන් එතකොට මේක බලන්න අර 2001 ආපු එක බලන්නම […]

The post Gadar 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Gadar 2 Sinhala Sub
Gadar 2 Sinhala Subtitles
Gadar 2 (2023) Sinhala Sub
Gadar 2 (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඔන්න අද උදේ ott රිලීස් වෙච්ච හැමෝම ඉල්ලපු ෆිලුමක් අරන් තමයි මං අද ආවේ…

Gadar 2 කියන්නෙ 2001 ආපු Gadar කියන හින්දි ෆිලුමේ දෙවනි දිගහැරුම…

දැන් එතකොට මේක බලන්න අර 2001 ආපු එක බලන්නම ඕනෙද…??

නෑ නෑ එහෙම එකක් නෑ… ඒ කතාවෙන් තමයි මේක දිගටම දිගහැරෙන්නේ.. ඒත් කලින් එක බලලා ඉන්න ඕන කියලා එකක් නෑ.. අනික 2001 ෆිලුමේ සාරාංශයක් මේකෙ මුලදී පෙන්නනවා…

මේ අවුරුද්දේ අගෝස්තු 11 නිකුත් වෙච්ච මේ ෆිලුම අයත් වෙන්නෙ Action / Drama කියන Category එකට…මිනිත්තු 170 ක්‌ පුරා දිවයන මේ ෆිලුම බ්ලොක් බාස්ටර් ලේබල් එකත් අලවගත්ත…
ඒ බජට් එක ඉන්දියානු රුපියල් කෝටි 60 ක වියදමකින් නිපදවල.. බොක්ස් ඔෆිස් වාර්තාව කෝටි 690ක්‌ තියලා…

ෆිලුම පුරාවටම යන්නෙ ඉන්දියානු පාක්ස්ථාන් යුධ ගැටුම් තමයි.. වචන පවා ටිකක් අමුතුවට තිබුනා.. හැමෝටම තේරෙන්න ඕන නිසා පොඩ්ඩක් ශේප් කරල ගැහුවෙ…
එතකොට මේක අධ්‍යක්ෂණය කරන්නේ ගොඩක් අය දන්න කියන වගේ ෆිල්ම් සෙට් එකක්ම අධ්‍යක්ෂණය කරපු Anil Sharma කියන අධ්‍යක්ෂකතුමා… Gadar 1 එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙත් මෙයාම තමයි.. ඒ නිසා ශේප් ශේප්…!

ප්‍රධාන චරිතය ගොඩක් අය ආදරේ කරන බොලිවුඩ් නළුවෙක් වන Sunny Deol කරන්නේ.. අපේ අම්මා තාත්තාලාගේ කාලේ නළුවෝ නේ ඉතින්…!
අවන්කවම මං නම් මෙයාගේ ෆිල්ම්ස් වැඩිය බලලා නම් නෑ.. හැබැයි මේ ෆිල්ම් එකට නම් පොර ලොකු සාදාරනයක්‌ කරලා තිබුනා..කාලෙකට පස්සේ තමයි Sunny Deol ෆිලුමකට අතගහල තියෙන්නේ.. කොහොම හරි වැඩෙත් පත්තු උනා…

Cast
Sunny Deol as Tara Singh
Ameesha Patel as Sakeena “Sakku” Ali Singh, Tara Singh’s wife
Utkarsh Sharma as Charanjeet “Jeete” Singh, Tara and Sakeena’s son
Gaurav Chopra as Lieutenant Colonel Devendra Rawat
Manish Wadhwa as Hamid Iqbal, General of Pakistan Army

ෆිලුම ගැන නම් ඇත්තටම විස්තරේ නම් කියන්න යන්නෑ.. මොකද විස්තරේ මෙතන දැම්මම ෆිලුම බලන එකෙන් වැඩක් නෑ නේ…

කෙටියෙන් කියනවා නම්,

තමන්ගේ අම්මගේ තාත්තාගේ මරණයට මුළු ඉන්දියාවෙන්ම පලිගන්න හදන “පකිස්තාන් හමුදාවේ ජෙනරාල් හමීඩ් ඉක්බාල්”

රට වෙනුවෙන් දිවි පුදන්න උනත් ලෑස්ති යකෙකුටවත් බය නැති හමුදාවක් මෙන් තනි මිනිහෙක්‌ “තාරා සිං”

තමන්ගේ තාත්තා වෙනුවෙන් ජිවිතේ උනත් අතාරින්න ලෑස්ති ආදරණිය පුතෙක් “ජීතේ”

ජෙනරල් හමීඩ් ඉක්බාල්ගේ වියරුවට මැදිවුණු “තාරා සිං සහ ඔහුගේ පුත් ජීතේ”

ඔන්න ඔය සිද්දි ටික තමයි ෆිලුම පුරාවට ගලාගෙන යන්නෙ….2000 ගණන් වල ෆිලුමක් බලනව වගේ ෆීලින් එකක් ආවොත් හිතන්න එපා.. ෆිලුමෙ යන්නෙ 1900 ගණන් වල යුධ සීන් එකක් නිසා ඒ ගතිය තියෙන්නෙ..

එහෙනම් ඔයාලට බාරයි ෆිලුම.. අදට ගිහින් එන්නම්..

හැමෝටම බුදුසරණයි! ජේසු පිහිටයි!

Sinhalasub.lk එක්කම ඉන්න.. අලුත්ම ෆිල්ම්ස් බලන්න!

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ශාන් සසංග (ශානා) සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Gadar 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/gadar-2-2023-sinhala-subtitles/feed/ 0