Andy García Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/andy-garcia/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 15 Oct 2024 14:27:35 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Andy García Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/andy-garcia/ 32 32 Ghostbusters (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/ghostbusters-2016-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/ghostbusters-2016-sinhala-subtitles/#respond Tue, 15 Oct 2024 14:15:52 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=13491 කතාව අධ්‍යක්ෂණය කරේ Paul Feig,කතාවේ නිෂ්පාදනය  Ivan Reitman,Amy Pascal,නිව්යෝක් නගරය පදනම් කරගෙන මේ චිත්‍රපටිය රූගත කිරීම් කරලා තියෙනවා. මේ කතාවේ ඉන්නේ කෙල්ලෝ සෙට් එකක්, පරණ කවුරුත් නෑ. කතාව පටන් ගන්නේ අවුරුදු 30කට අසන්න කාලයකට පස්සේ. ඇරන් ගිල්බර්ට් කියන්නේ භෞතික විද්‍යාවේ වෛද්‍යාවරයෙක්,ජිලියන් හොල්ට්ස්මන් කියන්නේ න්‍යෂ්ටික ඉංජිනේරුවෙක්, පැටි ටොලන් උමං මාර්ගයේ වැඩ කරනවා. තව ඇරන්ගේ යාළුවා ඇබී […]

The post Ghostbusters (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
කතාව අධ්‍යක්ෂණය කරේ Paul Feig,කතාවේ නිෂ්පාදනය  Ivan Reitman,Amy Pascal,නිව්යෝක් නගරය පදනම් කරගෙන මේ චිත්‍රපටිය රූගත කිරීම් කරලා තියෙනවා. මේ කතාවේ ඉන්නේ කෙල්ලෝ සෙට් එකක්, පරණ කවුරුත් නෑ. කතාව පටන් ගන්නේ අවුරුදු 30කට අසන්න කාලයකට පස්සේ. ඇරන් ගිල්බර්ට් කියන්නේ භෞතික විද්‍යාවේ වෛද්‍යාවරයෙක්,ජිලියන් හොල්ට්ස්මන් කියන්නේ න්‍යෂ්ටික ඉංජිනේරුවෙක්, පැටි ටොලන් උමං මාර්ගයේ වැඩ කරනවා. තව ඇරන්ගේ යාළුවා ඇබී යෙට්ස් මේ වැඩ වලට උදවු වෙනවා. ඇරන් ගිල්බර්ට් සහ අබී යෙට්ස් යුවලක් විදියට එකතු වෙලා “හොල්මන් ඇත්තටම ඉන්නවා” කියන පොතක් ලියනවා.පොත ටිකක් ජනප්‍රිය වීම අඩු වෙනවා,ඊට පස්සේ Dr ඇරන් ගිල්බට් තීරණය කරනවා කොලොම්බියා  විශ්වවිද්‍යාලයේ ගුරුවරියක් ලෙස සේවය කරන්න, එහෙදි එයාට  අත්බුත සිද්ධි පිළිබද ඉන්ජිනේරුවෙක් හම්බවෙනවා ජිලියන් හොල්ට්ස්මන් කියලා,ඊට පස්සේ අවුරුද්දකට පස්සේ ඇරන් ගිල්බට් එයාගේ පොත නැවත සකස් කරලා නිකුත් කරනවා,ගිල්බට්ස් මේ ඇස් දෙකින් දැකපු හොල්මන්,සහ අවතාර ගැන ගොඩක් විශ්වාස කරනවා,ඊට පස්සේ එයාලා එකතු වෙලා එක වීඩියෝ එකක් අන්තර්ජාලයට නිකුත් කරනවා,ඊට පස්සේ එයාලගේ පරීක්ෂණ දිගටම කරගෙන යනවා,එයාලා ආරම්භ කරනවා අභිධර්මය පිළිබද දෙපාර්තමේන්තුවක්,ඒක පටන් ගන්නේ චයිනා අවන්හලක,එතැනදී කඩවසම් කෙවින් බෙක්මන් කියලා කෙනෙක් හම්බවෙනවා (තෝර්), ඊට පස්සේ එයාව සහයකයා විදියට තෝරාගන්නවා, ඊට පස්සේ හොල්මන් අල්ලන්න අවශ්‍ය උපකරණ එක්ක එයාලා එතන තැනක් හදාගන්නවා,ඒ අතරතුරේදී,MTA එකේ වැඩ කරන පැටි ටොලන් දකිනවා හොල්මනක් සබ්වේ දුම්රිය දෙපාර්තමේන්තුවේ,ඊට පස්සේ එයාලා ඒක ගැන පරීක්ෂණ පවත්වනවා. හොල්ට්ස්මන්ගේ  proton containment laser එකෙන් හොල්මන් නැති කරලා දාන්න පුලුවන් වෙනවා. කතාවේ ආරම්භය ගැන මම ටිකක් කිව්වා, බලන්න මේ කතාව හොදද කියලා…

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Ghostbusters (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/ghostbusters-2016-sinhala-subtitles/feed/ 0
Expend4bles (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/expend4bles-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/expend4bles-2023-sinhala-subtitles/#respond Mon, 16 Oct 2023 06:20:22 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=57222 Expend4bles Sinhala Sub Expend4bles Sinhala Subtitles Expend4bles (2023) Sinhala Sub Expend4bles (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! EXPEND4BLES 4 චිත්‍රපටයක් ගත්තම අපිට ගොඩක් වෙලාවට දකින්න ලැබෙන්නේ එක ප්‍රධාන නළුවෙක්, නිලියක් සෙසු චරිත එක්ක රංගනයේ යෙදීමක්. හැබැයි කොහොමද මේ වගේ ප්‍රධාන චරිත ගොඩක් එක පාර දකින්න පුළුවන් චිත්‍රපටයක් තිබ්බොත්? එහෙම කියනකොට අපි ගොඩ දෙනෙක්ට මතක් වෙන්නේ […]

The post Expend4bles (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Expend4bles Sinhala Sub
Expend4bles Sinhala Subtitles
Expend4bles (2023) Sinhala Sub
Expend4bles (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

EXPEND4BLES 4

චිත්‍රපටයක් ගත්තම අපිට ගොඩක් වෙලාවට දකින්න ලැබෙන්නේ එක ප්‍රධාන නළුවෙක්, නිලියක් සෙසු චරිත එක්ක රංගනයේ යෙදීමක්. හැබැයි කොහොමද මේ වගේ ප්‍රධාන චරිත ගොඩක් එක පාර දකින්න පුළුවන් චිත්‍රපටයක් තිබ්බොත්? එහෙම කියනකොට අපි ගොඩ දෙනෙක්ට මතක් වෙන්නේ ඉතින් Expendables තමයි.

EXPENDABLES 1,2,3,4

Expendables චිත්‍රපටයේ පළවෙනි කොටස නිකුත් උනේ මීට අවුරුදු 13 කට කලින්, ඒ කියන්නේ 2010 අවුරුද්දේ. මේ කතාවට ගොඩ දෙනෙක් කැමති උනේ ඒක ඇක්ෂන් චිත්‍රපටයක් වීම නිසා විතරක්ම නෙමෙයි. ඒකෙ හිටපු සෙට් එක නිසා. ඉතින් මේ සෙට් එකේ එකා දෙන්න හැලිලා, අලුත් එවුන් එකතු වෙමින් චිත්‍රපටයේ දෙවෙනි සහ තුන් වෙනි කොටස් පිලිවෙලින් 2012 සහ 2014 අවුරුදු වල එළියට ආවා. ලොකුම ගැන්සිය හිටියේ 2014 චිත්‍රපටයේ. ඔන්න ඉතින් අවුරුදු 9 කට පස්සේ කතාවේ 4 වෙනි කොටසත් ආවා. දැන් නම් සමහරු ගොඩක් වයසයි. හැබැයි ඒ නළුවන්ගේ ගතිය, ඒ පරිණත බව ගැන නම් කියන්න වචන නැහැ.

Expend4bles මුලින්ම සිනමා ශාලා වලට නිකුත් උනේ සැප්තැම්බර් මාසේ 15, චීනයේ. මාසයක් යන්නත් කලින් කොපියක් ආවා ඔන්න. දවසක් දෙකක් විතර පරක්කු උනාට මම හිතනවා ඔයාල තාම මේක බලල නැතුව ඇති කියලා.

එහෙනම් ඉතින් කතාව ගැන කෙටි සටහනක් බලමු… ඔයාලා දන්නවා ඇති Expendables ලා කියන්නේ කුලී පදනම මත සටන් වදින, ආයුධ සන්නද්ධ කණ්ඩායමක් කියලා. මෙයාලා සාමාන්‍යයෙන් වැඩ කරන්නේ ඇමරිකානු ආණ්ඩුවට සම්බන්ධ Central Intelligence Agency වගේ ආයතන වලට.

මේ කණ්ඩායමේ ඇති විශේෂත්වය වෙන්නේ සාමාජිකයන්ගේ වයස් පරතරය වැඩි වීම වගේම, එයාලා විවධ ජාතීන් නීයෝජනය කිරීම. උදාහරණයක් විදිහට ප්‍රධාන නළුවා බාර්නි (Sylvester Stallone) ගත්තම එයා ඉතාලි ජාතිකයෙක්. එතකොට ක්‍රිස්මස් (Sylvester Stallone) කියන්නේ එංගලන්ත ජාතිකයෙක්. අනිත් අතට බාර්නි හද්ද නාකි වෙනකොට ගලාන් (Jacob Scipio) හරිම තරුණයි.

ඉතින් මේ Expendables ලාට මෙදා සැරේ ලැබෙන්නේ ලිබියාවට සම්බන්ධ මෙහෙයුමක්. කතාවට අනුව Central Intelligence Agency නියෝජිත මාෂ් (Andy García) මේ කට්ටියට දෙන වැඩේ තමයි ලිබියාවට ගිහින් ඔස්ලට් කියන අනවර්ථ නාමයෙන් හඳුන්වන ත්‍රස්තවාදියෙක්ව විනාශ කරන්න. ඒ ඔස්ලට් පරමාණු මිසයිල හදන්න අවශ්‍ය කරන පුපුරණ ද්‍රව්‍ය හොයාගෙන ලොකු විනාශයක් කරන්න හදන නිසයි. ඉතින් කවුද මේ ඔස්ලට් කියන්නේ? එතකොට ඔස්ලට්ට මේ වැඩේට උදව් කරන්නේ කවුද? මේවාට උත්තර හොයා ගන්න නම් චිත්‍රපටය බලන්නම වෙනවා.

Expend4bles චිත්‍රපටයේ ගැන්සිය තමයි පහලින් දාලා තියෙන්නේ. විශේෂයෙන්ම කියන්න ඕන ජීනාව (Megan Fox) මේ චිත්‍රපටයට එකතු කර ගත්ත එක ගොඩක් දෙනා චිත්‍රපටය බලන්න හේතුවක් කර ගත්තා.

Jason Statham
Sylvester Stallone
Curtis “50 Cent” Jackson (චිත්‍රපටයට අලුතින් හඳුන්වා දෙන ලදී)
Megan Fox (චිත්‍රපටයට අලුතින් හඳුන්වා දෙන ලදී)
Dolph Lundgren
Tony Jaa (චිත්‍රපටයට අලුතින් හඳුන්වා දෙන ලදී)
Iko Uwais (චිත්‍රපටයට අලුතින් හඳුන්වා දෙන ලදී)
Randy Couture
Jacob Scipio (චිත්‍රපටයට අලුතින් හඳුන්වා දෙන ලදී)
Levy Tran (චිත්‍රපටයට අලුතින් හඳුන්වා දෙන ලදී)
Andy García (චිත්‍රපටයට අලුතින් හඳුන්වා දෙන ලදී)

Andy Garcia, Jacob Scipio, සහ Megan Fox සිටින දර්ශනයක්

Expend4bles අධ්‍යක්‍ෂණය කරේ Scott Waugh. බෙදාහැරීම කලේ Lionsgate Films. චිත්‍රපටය හදන්න ඇමරිකානු ඩොලර් මිලියන 100ක් වියදම් කරලා තියනවා. හැබැයි අදායම අතින් නම් චිත්‍රපටය එතරම් සාර්ථක උනේ නැහැ. තාම හොයලා තියෙන්නේ ඇමරිකානු ඩොලර් 50 කට කිට්ටු අදායමක්. ඒ වගේම IMDb 5.1 අගයකුත් Rotten Tomatoes 14% අගයකුත් තමයි මේකට ලැබිලා තියෙන්නේ.

මේ අගයන් මොනවා උනත්, මට නම් කියන්න පුළුවන් මේක බැලුවට පාඩුවක් නැහැ කියලා. ඒ මුල ඉඳලම කම්මැලි නැතුව බලන්න පුළුවන් නිසා.

එහෙනම් ඔයාලා හැමෝටම මෙ සුපිරි චිත්‍රපටය බලන්න කියල ආරාධනා කරන ගමන් අපි දැනට සමුගන්නවා…

පහල පිංතූර Click කරලා ඔයාලට මෙ ෆිල්ම් එකේ අනිත් කොටස් ටිකත් බලන්න පුලුවන්…???

THE EXPENDABLES (2010)

THE EXPENDABLES 2 (2012)

THE EXPENDABLES 3 (2014)

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ චාමිකර විදානගේ සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Expend4bles (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/expend4bles-2023-sinhala-subtitles/feed/ 0