Anu Emmanuel Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/anu-emmanuel/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Fri, 14 Feb 2025 09:08:30 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Anu Emmanuel Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/anu-emmanuel/ 32 32 Thupparivaalan (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/thupparivaalan-2017-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/thupparivaalan-2017-sinhala-subtitles/#respond Fri, 14 Feb 2025 08:28:59 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=90040 Thupparivaalan Sinhala Sub Thupparivaalan Sinhala Subtitles Thupparivaalan 2017 Sinhala Sub Thupparivaalan (2017) Sinhala Sub Thupparivaalan (2017) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ […]

The post Thupparivaalan (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Thupparivaalan Sinhala Sub
Thupparivaalan Sinhala Subtitles
Thupparivaalan 2017 Sinhala Sub
Thupparivaalan (2017) Sinhala Sub
Thupparivaalan (2017) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Thupparivaalan (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/thupparivaalan-2017-sinhala-subtitles/feed/ 0
Shailaja Reddy Alludu (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/shailaja-reddy-alludu-2018-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/shailaja-reddy-alludu-2018-sinhala-subtitles/#respond Sat, 12 Oct 2024 13:00:16 +0000 https://sinhalasub.net/?post_type=movies&p=12915 Shailaja Reddy Alludu (2018) Sinhala Subtitles Chaitanya and Anu are neighbours who fall for each other. However their path towards marriage is far from easy. A haughty would-be mother-in-law complicates the proceedings. The couple put up a united front to clear their roadblocks. Shailaja Reddy Alludu (2018) Sinhala Subtitles  මේ චිත්‍ර‍පටිය නිකුත් උනේ 2018 වසරේ […]

The post Shailaja Reddy Alludu (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Shailaja Reddy Alludu (2018) Sinhala Subtitles

Chaitanya and Anu are neighbours who fall for each other. However their path towards marriage is far from easy. A haughty would-be mother-in-law complicates the proceedings. The couple put up a united front to clear their roadblocks.

Shailaja Reddy Alludu (2018) Sinhala Subtitles

 මේ චිත්‍ර‍පටිය නිකුත් උනේ 2018 වසරේ සැප්තැම්බර් 13 වැනිදා. Maruthi Dasari විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍ර‍පටියේ ප්‍ර‍ධාන චරිත වලට රංඟනයෙන් දායක වෙන්නේ Naga Chaitanya, Ramya Krishnan හා Anu Emmanuel විසින්… චිත්‍ර‍පටියේ කතාව ගැන කෙටි හැදින්විමක් කලොත්… ශයිලරාජා රෙඩ්ඩි කියන්නේ බොහොම ධනවත් වගේම ආඩම්බරකාර කුලවත් කාන්තාවක්… ඇයගේ දුව තමයි අනූ කියන්නේ. මේ අම්මායි දුවයි අතර වැඩි ආශ්‍ර‍යක් නැහැ. දුවත් අම්මා වගේම තමයි බොහෝම ආඩම්බරකාර යුවතියක්. ශයිලරජා රෙඩ්ඩිට ඔවුන් ඉන්න ගමේ හැමෝම ගරු කරනවා. ඒ වගේම බයයි. ඇයගෙන් අහන්නේ නැතුව ගෙදර කිසිම තිරණයක් ගන්නේ නැහැ. කොහොම හරි අනුට චේතන්‍යාව හම්බවෙන්නේ මේ අතරතුරදි. දෙන්නාගේ යාළුකම ආදරයක් වෙනට තැනකම් යනවා. ඒ විතරක් නෙමෙයි දෙන්නා විවාහාත් ගිවිසගන්නවා. නමුත් මේ කිසිම දෙයක් අනුගේ අම්මා ශයිලරාජා දන්නේ නැහැ. කොහොම හරි දැන් දෙන්නාම ගමේ ඉන්න තමන්ගේ අම්මාගේ ගෙදර යනවා අම්මාව කැමැති කරගන්න. එතැනින් එහාට කතාව බලන එක ඔබටම බාරයි… චිත්‍ර‍පටිය ගොඩක්ම හාස්‍ය පැත්තට තමයි බර..හැබැයි ඇක්ෂන් වලිනුත් අඩුවක් නැහැ. ටිකක් හිත සැහැල්ලුවෙන් චිත්‍ර‍පටියක් බලන්න හොයනවා නම් මේක හොද විසඳුමක් වේවි.

The post Shailaja Reddy Alludu (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/shailaja-reddy-alludu-2018-sinhala-subtitles/feed/ 0
Japan (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/japan-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/japan-2023-sinhala-subtitles/#comments Mon, 11 Dec 2023 17:40:41 +0000 https://sinhalasub.life/?post_type=movies&p=61203 Japan Sinhala Sub Japan Sinhala Subtitles Japan (2023) Sinhala Sub Japan (2023) Sinhala Subtitles “කර්මය කියන්නේ මොකක්ද කියල ඔයා දන්නවද ? ඔයා ජීවිතයේ ගහල මරපු මැස්සෝටික එක දවසක් ඩයිනෝසරයෙක්වෙලා ඔයාගේ ඉස්සරහා ඇවිත් ඉදියි…” Japan ඔන්න කාර්තිගේ අලුත්ම ෆිල්ම් එකටත් සබක් අරන් ආවා. මේකේ Karthi හා Anu Emmanuel ප්‍රධාන රංගනයෙන් දායකවෙන අතර Sunil හා Vijay Milton […]

The post Japan (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Japan Sinhala Sub
Japan Sinhala Subtitles
Japan (2023) Sinhala Sub
Japan (2023) Sinhala Subtitles

“කර්මය කියන්නේ මොකක්ද කියල ඔයා දන්නවද ?
ඔයා ජීවිතයේ ගහල මරපු මැස්සෝටික
එක දවසක් ඩයිනෝසරයෙක්වෙලා ඔයාගේ ඉස්සරහා ඇවිත් ඉදියි…”

Japan ඔන්න කාර්තිගේ අලුත්ම ෆිල්ම් එකටත් සබක් අරන් ආවා. මේකේ Karthi හා Anu Emmanuel ප්‍රධාන රංගනයෙන් දායකවෙන අතර Sunil හා Vijay Milton සහය චරිතයට පන පොවනවා ඇති. ෆිලුමනම් ඇක්සන් කොමඩි විදියට තියෙන්නේ. කතාව හා අධ්‍යක්ෂණය Raju Murugan විසින්. නිෂ්පාදනය S. R. Prakash Babu සහ S. R. Prabhu විසින් Dream Warrior Pictures යටතේ. සංගීතය G. V. Prakash Kumar විසින්. සිනමාකරණය Ravi Varman සහා සංස්කරණය Philomin Raj.මේක තමයි මේ චිත්‍රපටයේ ප්‍රධාන දායකත්වය සපයු අය.

දැන් කතාව බලමු:

කතාව නම් කෙටියෙන් කිව්වොත් මේක තමයි .
කර්මය කියන්නේ මොකක්ද කියල ඔයා දන්නවද ? ඔයා ජීවිතයේ ගහල මරපු මැස්සෝටික
එක දවසක් ඩයිනෝසරයෙක්වෙලා ඔයාගේ ඉස්සරහා ඇවිත් ඉදියි…
කාර්තිගේ අමුතුම රංගනයක් බලන්න පුලුවන් හොද අවසානයක්. මොන තරම් සෙල්ලම් දැම්මත් මේක තමයි අවසානය. අපි කාට හරි ප්‍රයෝජනයක්වෙලා විනාශවෙලා යනවා. ඒ අනෙක් අයට ප්‍රයෝජනවත්වෙන විදිය අනුව අපේ අවසානය ලගාවෙනවා. ඒ අවසානය අපට ඕන විදියට වෙනස්කරගන්න පුලුවන්ද ? කෙනෙක්ගේ ළමා කාලය අවසානය දක්වා බලපාන හැටි කොහෝමද ?
මිශ්‍ර රිවිව්ස් ලැබිල තිබුනත් මට අනුවනම් සාමාන්‍ය මට්ටමක් තිබුන ෆිල්ම් එකක් කියල කියන්න පුලුවන් .
එහේනම් තවත් සබකින් හම්බවෙමු

The post Japan (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/japan-2023-sinhala-subtitles/feed/ 2
Ravanasura (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/ravanasura-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/ravanasura-2023-sinhala-subtitles/#respond Fri, 01 Dec 2023 09:07:53 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=39848 Ravanasura Sinhala Sub Ravanasura Sinhala Subtitles Ravanasura (2023) Sinhala Sub Ravanasura (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! රවීන්ද්‍රා වෘත්තීමය වශයෙන් නීතීඥයෙක්. ආර්ථික දුෂ්කරතාවය නිසාම රවීන්ද්‍රා, කනකමහාලක්ෂ්මි නීතීඥවරිය යටතේ කනිෂ්ඨ නීතීඥයෙක් විදියට සේවය කළා. මේ කනකමහාලක්ෂ්මි එයාගේ කලින් පෙම්වතිය. කියන්න තරම් දෙයක් එයාලා අතරේ තිබුණෙ නැහැ කියලයි කියන්නෙ. රවීන්ද්‍රා ගොඩක් සැහැල්ලුවෙන්, විනෝදකාමීව, විහිළුවෙන් කාලය ගත කළා. […]

The post Ravanasura (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Ravanasura Sinhala Sub
Ravanasura Sinhala Subtitles
Ravanasura (2023) Sinhala Sub
Ravanasura (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

රවීන්ද්‍රා වෘත්තීමය වශයෙන් නීතීඥයෙක්. ආර්ථික දුෂ්කරතාවය නිසාම රවීන්ද්‍රා, කනකමහාලක්ෂ්මි නීතීඥවරිය යටතේ කනිෂ්ඨ නීතීඥයෙක් විදියට සේවය කළා. මේ කනකමහාලක්ෂ්මි එයාගේ කලින් පෙම්වතිය. කියන්න තරම් දෙයක් එයාලා අතරේ තිබුණෙ නැහැ කියලයි කියන්නෙ. රවීන්ද්‍රා ගොඩක් සැහැල්ලුවෙන්, විනෝදකාමීව, විහිළුවෙන් කාලය ගත කළා. දවසක් සින්කොක්ස් ෆාර්මා සමාගමේ R&D හාරිකා තල්වාර් කනකමහාලක්ෂ්මිට බාර දෙන්න නඩුවක් අරගෙන ආවා. හාරිකාගේ තාත්තා විජේ තල්වාර්, FDA සභාපති රාධා ක්‍රිෂ්ණා චෙන්නූරිව ඝාතනය කිරීමේ අපරාධයට වැරදිකරු වෙලා තිබුණා. මේක විජේ තල්වාර්ව කොටු කිරීමක් කියලා එයා තරයේම කිව්වා. සාක්ෂි මුළුමනින්ම පාහේ විත්තිකාර පාර්ශවයට වාසිදායක විදියටයි තිබුණේ. මේ නඩුව බාරගන්නවා කියන්නෙ අනිවාර්යයෙන්ම පරාදයි කියලා කනකමහාලක්ෂ්මි අනුමාන කළා. දැකලා වෙලාවක් ගතවෙන්න කලින්ම රවීන්ද්‍රාට හාරිකාගේ ගැන හිතේ අදහක් ඇති වෙලා තිබුණ නිසා කනකමහාලක්ෂ්මිට කංකෙඳිරි ගාලා මේ නඩුව බාරගන්න එකඟ කරවා ගන්නවා. ඒ අනුව රවීන්ද්‍රා සාක්ෂි සෙවීම් කටයුතු කරගෙන යන්න වුණා. රවීන්ද්‍රා වෙනත් ක්‍රම වලින් විජේ තල්වාර්ව නඩුවෙන් ගලවාගන්න හැදුවත් විජේ තල්වාර් එකඟ වෙන්නේ නැහැ. මේ අතරෙදි හාරිකා එයාගේ තාත්තව ඇප දීලා එලියට ගන්න උත්සාහ කරනවා. ඇප ඉල්ලුම් කරන්න නම් චූදිත පාර්ශවයට වාසිදායක සාක්ෂියක් හොයාගන්න ඕන. ඒත් දැනටමත් පැරදුණ නඩුවකදි සාක්ෂි හොයාගන්නෙ කොහොමද කියලා වටෙන්ම කියද්දි රවීන්ද්‍රා එක සාක්ෂියක් ගැන ඉඟි කරනවා.

තවත් අතකින් මේ රාධා ක්‍රිෂ්ණා ඝාතන සිද්දියේදී ඇත්තටම විජේ තල්වාර්ව අපරාධයට කොටු කිරීමේ උත්සායක් තිබුණා කියලා සැකයක් පොලිසියට ඇතිවෙලා තිබුණා. ඒ නිසාම DIG නරසිම්හා මූර්ති මේ නඩුව විමර්ශනය කරන්න ACP හනුමන්ත් රාඕට බාර දෙනවා. හනුමන්ත් රාඕ විමර්ශන කටයුතු කරගෙන යද්දී, රාධා කිෂ්ණා ඝාතනයට සමාන එකම රටාවේ තවත් ඝාතන කිහිපයක් දකින්න ලැබෙනවා. එක අවස්ථාවකදි මේ ඝාතනවල චූදිතයන්ගේ සිහිය නැති වෙලා තියෙනවා. ආපහු පියවි සිහියට ඇවිත් බලද්දි එයාලා නගරයෙන් පිට ඉඳලා තිබුණා. එයාලගේ කටඋත්තරයත් විජේ තල්වාර්ගේ කටඋත්තරයටම සමානයි. හනුමන්ත් රාඕ, ඒ එක් ඝාතනයක අපරාධකාරයා වුණ බන්දුක් පෙහෙල්වාන් ගැන සෝදිසි කරන්න එයාගේ මල්ලි ගෝලි පෙහෙල්වාන්ව හමුවෙන්න ගෙදරට යනවා. ප්‍රශ්න කිරීම් වලදි බන්දුක් පෙහෙල්වාන්ගේ ඉටි පිළිමයක් තනන්න මිනුම් අරගන්න මැඩම් ටුසෝඩ්ස් එකෙන් කෙනෙක් ආවා කියලා දැනගන්න ලැබෙනවා. ඒ වුණත් මැඩම් ටුසෝඩ්ස් ඉටි කලාගාරයේ සාමාන්‍ය මිනිස්සුන්ගේ පිළිම ප්‍රදර්ශනයට තියන්නෙ නැහැනේ. සැකයක් හිතෙන නිසාම CCTV කැමරාවලින් මේ මිනුම් අරගන්න ආව කෙනාව නිරීක්ෂණය කරනවා.

තවදුරටත් සාකේත් ගැන සෝදිසි කරලා බලද්දි එයා ප්‍රොස්තෙටික් වේෂ නිරූපණ ශිල්පියෙක් කියලා දැනගන්න ලැබෙනවා. මේ ප්‍රොස්තෙටික් මේකප් වලින් සැබෑ පෙනුමට සමාන පෙනුමක් අරගන්න පුළුවන්. දැනටමත් සාකේත්ට විරුද්ධව පොලිසියේ පැමිණිල්ලක් වැටිලා තිබුණා. පැමිණිල්ල දාලා තිබුණේ ඉතාමත් ජනප්‍රිය නළු බ්‍රහ්මානන්දම්. එක් චිත්‍රපටයක ගෙවීම ප්‍රමාණවත් නොවුණු නිසා බ්‍රහ්මානන්දම් රඟපාන්න බැහැ කියලා අයින් වුණ වෙලාවෙදී සාකේත් ප්‍රොස්තෙටික් මේකප් එකක් කරලා බ්‍රහ්මානන්දම් වෙනුවට වෙන කෙනෙක්ව දම්මලා ඒ දර්ශන රූගත කරලා තිබුණා. ඒත් පස්සෙ මේ ප්‍රශ්නය නීතිමය ක්‍රියාමාර්ග වලට නොගිහින් සමථයකට පත් කරගෙන තිබුණා. මේ වෙද්දි හනුමන්ත් රාඕගේ ඇස් සාකේත් දිහාවට හැරිලා තිබුණා. ඔය අතරෙදි DIG නරසිම්හා මූර්තිව, ගෝලි පහෙල්වාන් මරලා දානවා. පුරුදු විදියටම පහුවදා ගෝලි පෙහෙල්වාන් නගරයෙන් පිටදි පොලිසිය අත්අඩංගුවට ගන්නවා. ගෝලි පහෙල්වාන් විදියට වෙස්වලාගෙන ගිහින් මේ මිනීමැරුම කළේ සාකේත් ද? සාකේත් මේ ඝාතන කරන්නේ මොකටද? රවීන්ද්‍රා ඉඟි කරපු සාක්ෂිය ඉදිරිපත් කරලා නඩුවෙන් දිනලා, වැරදිවලින් නිදහස් කරගෙන විජේ තල්වාර්ගේ බෑනා වෙන්න එයාට පුළුවන් වේවිද?

රාවණාසුරා, කතාවටයි නමටයි සම්බන්ධයක් තියෙනවද? මේ කතාවට රාවණාව බලෙන්ම සම්බන්ධ කරලා තිබුණ ආකාරයක් තමයි දකින්න ලැබෙන්නේ. ගොඩක් ප්‍රචණ්ඩත්වය දකින්න ලැබෙන චිත්‍රපටියක් කියලා කිව්වට ඒ තරම් දෙයක් නැහැ. චිත්‍රපටය අසාර්ථක වෙන්න තිර රචනයෙන් ලොකු බලපෑමක් වෙලා තියෙනවා කියන්න පුළුවන්. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය සහ රචනය කළේ සුදීර් වර්මා. Swamy Ra Ra (2013), Dohchay (2015), Keshava (2017) වගේ සාර්ථක චිත්‍රපට කිහිපයක් ඔහු ලබා දී තියෙනවා. විශේෂයෙන් Keshava චිත්‍රපටය කෝටි 3ක වියදමකින් නිපදවා කෝටි 30ක ආදායමක් ලබා ගත්තා. රවි තේජා මේ චිත්‍රපටයට එයාගෙම RT Team Works නිෂ්පාදන ආයතනය යටතේ නිෂ්පාදනයෙන් දායක වුණා. මේක Vinci Da (2019) බෙංගාලි මනෝමය ත්‍රාසජනක චිත්‍රපටයේ කතාව අනුවර්තනය කරගෙන කළ ප්‍රතිනිර්මාණයක්.

රවන්නා එක්ක ශුෂාන්ත්, ජයරාම්, පාරියා අබ්දුල්ලා, මේඝා ආකාෂ්, අනූ ඉමැනුවෙල්, ශ්‍රීකාන්ත්, හයිපර් ආදි, රාඕ රමේෂ්, මුරලි ශර්මා, සම්පත් රාජ් ආදී නළු නිළියන් කැළක් මේ චිත්‍රපටයේ චරිත රඟ දක්වනවා. Dhamaka (2022) චිත්‍රපටයට සංගීතය සැපයූ බීම්ස් සෙසිරොලියෝ මේ චිත්‍රපටයය සංගීතය සපයනවා. “ප්‍යාර් ලෝනා පාගල්” ගීතය රවිතේජා ගායනා කරනු ලැබුවා.

මීට ලැබිලා තියෙන imdb අගය 5.7/10ක්. විචාරක, ප්‍රේක්ෂකයින්ගේ මිත්‍ර ප්‍රතිචාර මීට ලැබුණා. ආදායම් තත්වය බැලුවොතින්, මේ චිත්‍රපටය විශාල අසාර්ථක වීමකට ලක් වුණා. ඉ.රු. කෝටි 60ක පමණ මුදලක් වැය කළ නිෂ්පාදනය කළත් තිරගත කිරීමෙන් ලබාගත් ආදායම ආසන්නව ඉ.රු. කෝටි 23ක් පමණයි.

Tiger Nageswara Rao (2023) ලිපියේ රවන්නාගේ මීලඟට එන්න තියෙන චිත්‍රපටි ගැන සඳහන් කළා. මෑතකදී දැනගන්න ලැබුණා මූල්‍යමය ගැටළුවක් නිසා ගෝපිචන්ද් මලිනේනි හා රවි තේජාගේ චිත්‍රපටය(RT4GM) අතරමඟ නතර කලා කියලා. කොහොම් වුණත් ඒ ගැන ඊට වැඩි තොරතුරක් නැහැ. ලබන ජනවාරියේ 12 නිකුත් වෙන්න තියෙන Eagle චිත්‍රපටියේ ටීසරය යූටියුබ් නැරඹුම් වාර මිලියන 10 පසුකරලා තියෙනවා.

එහෙනම් ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා මේ සිනමාව රසවිඳින්න…

බුදු සරණයි! සියලු දෙවි දේවතාවුන්ගේ රැකවරණයි!

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ රවිඳු නවින් සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Ravanasura (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/ravanasura-2023-sinhala-subtitles/feed/ 0
Urvasivo Rakshasivo (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/urvasivo-rakshasivo-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/urvasivo-rakshasivo-2022-sinhala-subtitles/#respond Sun, 18 Dec 2022 11:14:30 +0000 https://sinhalasub.net/?post_type=movies&p=34172 Urvasivo Rakshasivo Sinhala Sub Urvasivo Rakshasivo Sinhala Subtitles Urvasivo Rakshasivo (2022) Sinhala Sub Urvasivo Rakshasivo (2022) Sinhala Subtitles

The post Urvasivo Rakshasivo (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Urvasivo Rakshasivo Sinhala Sub
Urvasivo Rakshasivo Sinhala Subtitles
Urvasivo Rakshasivo (2022) Sinhala Sub
Urvasivo Rakshasivo (2022) Sinhala Subtitles

The post Urvasivo Rakshasivo (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/urvasivo-rakshasivo-2022-sinhala-subtitles/feed/ 0