Anupam Kher Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/anupam-kher/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 15 Apr 2025 16:47:18 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Anupam Kher Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/anupam-kher/ 32 32 Emergency (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/emergency-2025-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/emergency-2025-sinhala-subtitles/#respond Tue, 15 Apr 2025 16:46:05 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=98435 Emergency Sinhala Sub Emergency Sinhala Subtitles Emergency 2025 Sinhala Sub Emergency (2025) Sinhala Sub Emergency (2025) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ […]

The post Emergency (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Emergency Sinhala Sub
Emergency Sinhala Subtitles
Emergency 2025 Sinhala Sub
Emergency (2025) Sinhala Sub
Emergency (2025) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Emergency (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/emergency-2025-sinhala-subtitles/feed/ 0
Karthikeya 2 (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/karthikeya-2-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/karthikeya-2-2022-sinhala-subtitles/#comments Sun, 30 Mar 2025 08:56:34 +0000 https://sinhalasub.net/?post_type=movies&p=30033 Karthikeya 2 Sinhala Sub Karthikeya 2 Sinhala Subtitles Karthikeya 2 (2022) Sinhala Sub Karthikeya 2 (2022) Sinhala Subtitles Karthikeya (2014) ?

The post Karthikeya 2 (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Karthikeya 2 Sinhala Sub
Karthikeya 2 Sinhala Subtitles
Karthikeya 2 (2022) Sinhala Sub
Karthikeya 2 (2022) Sinhala Subtitles

Karthikeya (2014) ?

The post Karthikeya 2 (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/karthikeya-2-2022-sinhala-subtitles/feed/ 2
Vijay 69 (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/vijay-69-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/vijay-69-2024-sinhala-subtitles/#respond Thu, 28 Nov 2024 04:41:30 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=82834 Vijay 69 Sinhala Sub Vijay 69 Sinhala Subtitles Vijay 69 (2024) Sinhala Sub Vijay 69 (2024) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ […]

The post Vijay 69 (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Vijay 69 Sinhala Sub
Vijay 69 Sinhala Subtitles
Vijay 69 (2024) Sinhala Sub
Vijay 69 (2024) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Vijay 69 (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/vijay-69-2024-sinhala-subtitles/feed/ 0
The Signature (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-signature-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-signature-2024-sinhala-subtitles/#respond Sun, 03 Nov 2024 05:58:29 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=80134 The Signature Sinhala Sub The Signature Sinhala Subtitles The Signature (2024) Sinhala Sub The Signature (2024) Sinhala Subtitles මේ ෆිල්ම් එක ඉස්සර බ්‍රිතාන්‍යයන් ඉන්දියාව යටත් විජිත සමයේ වෙච්ච සිදුවීමක් විදියට තමයි ගලාගෙන යන්නේ..බ්‍රිතාන්‍යය හමුදාවට ගම් වැසියෙක්ගෙන් ආරංචි වෙනවා ඉන්දියාවේ කැළේක නිධානයක් තියෙනවා කියලා..ඉතින් ඒ නිධානය හොයා ගන්න හමුදා කණ්ඩායමක් කැළේට පිටත් කරලා යවනවා..ඒ කැළේ ශාපයක් […]

The post The Signature (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Signature Sinhala Sub
The Signature Sinhala Subtitles
The Signature (2024) Sinhala Sub
The Signature (2024) Sinhala Subtitles

මේ ෆිල්ම් එක ඉස්සර බ්‍රිතාන්‍යයන් ඉන්දියාව යටත් විජිත සමයේ වෙච්ච සිදුවීමක් විදියට තමයි ගලාගෙන යන්නේ..බ්‍රිතාන්‍යය හමුදාවට ගම් වැසියෙක්ගෙන් ආරංචි වෙනවා ඉන්දියාවේ කැළේක නිධානයක් තියෙනවා කියලා..ඉතින් ඒ නිධානය හොයා ගන්න හමුදා කණ්ඩායමක් කැළේට පිටත් කරලා යවනවා..ඒ කැළේ ශාපයක් තියෙනවා කියලා ගම් වැසියන් විශ්වාස කරනවා..ඉතින් මේ ශාපලත් වනාන්තරයේ තියෙන නිධානය මෙයාලට හොයා ගන්න පුළුවන් වෙයිද කියලා දැන ගන්න හැමෝම ෆිල්ම් එක බලන්න..

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The Signature (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-signature-2024-sinhala-subtitles/feed/ 0
Dil Bole Hadippa! (2009) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/dil-bole-hadippa-2009-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/dil-bole-hadippa-2009-sinhala-subtitles/#respond Mon, 30 Sep 2024 08:30:25 +0000 https://sinhalasub.net/?post_type=movies&p=12431 Dil Bole Hadippa! (2009) Sinhala Subtitles Veera, a fire-cracker of a girl who lives in a small village but dreams of playing cricket in the big league. Rohan is an accomplished captain of a county cricket team in England. Rohan returns to India to captain his father’s cricket team which has been losing for the […]

The post Dil Bole Hadippa! (2009) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Dil Bole Hadippa! (2009) Sinhala Subtitles

Veera, a fire-cracker of a girl who lives in a small village but dreams of playing cricket in the big league. Rohan is an accomplished captain of a county cricket team in England. Rohan returns to India to captain his father’s cricket team which has been losing for the last 8 years. In a Village where girls don’t play Cricket, Veera has to put on a put on a turban & beard to live her dream.

Dil Bole Hadippa! (2009) Sinhala Sub

Dil Bole Hadippa! (2009) SinhalaSub

The post Dil Bole Hadippa! (2009) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/dil-bole-hadippa-2009-sinhala-subtitles/feed/ 0
Laaga Chunari Mein Daag (2007) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/laaga-chunari-mein-daag-2007-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/laaga-chunari-mein-daag-2007-sinhala-subtitles/#respond Wed, 17 Jan 2024 18:07:24 +0000 https://sinhalasub.life/?post_type=movies&p=64891 Laaga Chunari Mein Daag Sinhala Sub Laaga Chunari Mein Daag Sinhala Subtitles Laaga Chunari Mein Daag (2007) Sinhala Sub Laaga Chunari Mein Daag (2007) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ලගා චුනරී මේ දාගා – 2007 – හින්දි IMDb – 7.6 කාලය – 2h 2m රොමෑන්ස් / ඩ්‍රාමා / ෆැමිලි රන්ගනය- රානි මුකර්ජි,ජයා බච්චන් ,අබිශේක් බච්චන් ,කොන්කොනා […]

The post Laaga Chunari Mein Daag (2007) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Laaga Chunari Mein Daag Sinhala Sub
Laaga Chunari Mein Daag Sinhala Subtitles
Laaga Chunari Mein Daag (2007) Sinhala Sub
Laaga Chunari Mein Daag (2007) Sinhala Subtitles
සුභ දවසක් හැමෝටම!!
ලගා චුනරී මේ දාගා – 2007 – හින්දි
IMDb – 7.6

කාලය – 2h 2m
රොමෑන්ස් / ඩ්‍රාමා / ෆැමිලි
රන්ගනය- රානි මුකර්ජි,ජයා බච්චන් ,අබිශේක් බච්චන් ,කොන්කොනා සෙන් ශර්මා,කුනාල් කපූර් ,අනුපම් කේර්, හේමා මාලිනී,මුරලි ශර්මා, ටින්නු ආනන්ද් .
අද්‍යක්ශනය – ප්‍රදීප් සර්කාර්
රචනය- රේකා නිගම්.

ගෑනියෙක් උනාම පව්ල නිසා කොච්චර අසරන වෙනවද? කොහොම කැපවීමක් කරත් ගෑනු පව්ල් ජීවිත ඇතුලෙ බ්ලෑන්ක් වෙන තැනක් එනවමයි ඒ වගේම අසරන උන තැන හරි වැරැද්ද හොයාගන්න බැරි වෙන අවස්තා ත් එනව.මේ ගමෙන් නගරෙට ආපූ විබවරී ගේ කතාව.බලන්නම ඕන එකක්.

එහෙනම් වැඩි කතා නැතුව මෙ ලස්සන චිත්‍රපටිය රසවිඳින්න කියලා ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා…

මම #hari (මලර්)?✍

ජය වේවා!!

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ

The post Laaga Chunari Mein Daag (2007) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/laaga-chunari-mein-daag-2007-sinhala-subtitles/feed/ 0
Tiger Nageswara Rao (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/tiger-nageswara-rao-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/tiger-nageswara-rao-2023-sinhala-subtitles/#respond Fri, 17 Nov 2023 09:58:08 +0000 https://sinhalasub.life/?post_type=movies&p=60657 Tiger Nageswara Rao Sinhala Sub Tiger Nageswara Rao Sinhala Subtitles Tiger Nageswara Rao (2023) Sinhala Sub Tiger Nageswara Rao (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ස්ටුවර්ට්පුරම් නාගේෂ්වර් රාඕ කියන්නේ හොරෙක්. අපි නාගි කියලා කියමුකෝ. පොලිස් වාර්ථාවල තියෙන විදියට නාගි හොරකමක් කරන්න කලින් අනිවාර්යයෙන්ම පොලිසියට අවවාද කරනවා. එයා පොලිසියට අභියෝගයක් කරලා, අදාල තැන ආක්‍රමණය කරලා බඩු […]

The post Tiger Nageswara Rao (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Tiger Nageswara Rao Sinhala Sub
Tiger Nageswara Rao Sinhala Subtitles
Tiger Nageswara Rao (2023) Sinhala Sub
Tiger Nageswara Rao (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ස්ටුවර්ට්පුරම් නාගේෂ්වර් රාඕ කියන්නේ හොරෙක්. අපි නාගි කියලා කියමුකෝ. පොලිස් වාර්ථාවල තියෙන විදියට නාගි හොරකමක් කරන්න කලින් අනිවාර්යයෙන්ම පොලිසියට අවවාද කරනවා. එයා පොලිසියට අභියෝගයක් කරලා, අදාල තැන ආක්‍රමණය කරලා බඩු සොරා ගන්නවා. නාගි හොරෙක් වගේම සල්ලාලයෙක්. නාගි හොරකම් කරන සල්ලි අවට ගණිකා මඩම් පෝෂණය වෙනවා. ස්ටුවර්ට්පුරම් කියනේ නාගේෂ්වර් රාඕ ජීවත් වුණ ගම. මේ ගමේ විශේෂත්වය තමයි, මේ ගමේ වැඩි දෙනෙක් වෘත්තිය විදියට කරේ හොරකම් කරන එක. ව්‍යවස්ථාදායක සභා සමාජික (ඇමති) යෙලමන්දා ස්ටුවර්ට්පුරම් වැසියන්ව විවිධ හොරකම් වල යොදවා ව්‍යාපාර කළා. යෙලමන්දා බඩගින්නෙන් අයුතු ප්‍රයෝජන අරගෙන කරන මේ ව්‍යාපාරයෙන් අසාධාරණ විදියට හොරකම් කළ මුදලෙන් කොටසක් තමන් අරගන්නවා. නාගිට ගමේ තමන්ගේ මිනිස්සුන්ට වෙනසක් ලබා දෙන්න ලොකූ ආසාවක් තිබුණා. ඒ නිසාම යෙලමන්දා බාරගන්න අකැමැති වුණ අසීරු හොරකමක් කරලා නාගිට ස්ටුවර්ට්පුරම්වල බලයක් තනාගන්නවා. මේ විදියට හොරකමේ යන නාගිගේ ජීවිතයට යුවතියක් ඇතුල් වෙනවා. කොහොම හරි නාගි, සාරාගේ සිත දිනාගන්නවා. සාරාගේ තාත්තා යෙලමන්දා දුන්න හොර රත්තරන් වගයක් විකුණලා දෙන්න බාරගත්තත්, දිල්ලියේදි වුණ වැටලීමක් නිසා රත්තරන් කිලෝ කිහිපයක් පොලිසිය භාරයට ගන්නවා. ඉතිරි වටිනාකම ලැබෙනකල් සාරාගේ පවුලට ගමෙන් පිට වීම තහනම් කළා. මේ වගේ තත්වයකදී සාරාව කසාද බන්දන්න ගෙදරින් තීරණය කරනවා. සාරා නාගිව හමුවෙලා පහුවදා උදෙන්ම පැනලා යන්නත් තීරණය කරනවා. පෙම්වතිය එපා එපා කියද්දිම නාගි හොරකමක් කරන්න මැඩ්‍රාස් යනවා. හොරකම කරලා ආපහු එද්දි හතර වටෙන්ම පොලිසිය වට කරලා. කරන්නම දෙයක් නැති තැන නාගි වාහනෙන් බැහැලා වෙනම යන්න තීරණය කරනවා. නාගි කෙලින්ම ගියේ පෙම්වතිය ගාවට. දෙන්නම ගමෙන් පැනලා යන්න හිතන් කෝච්චියට නගින්න හැදුවත් ඊටත් කලින්ම පොලිසිය නාගිව වටකරගත්තා.

ටයිගර් නාගේෂ්වර් රාඕ චිත්‍රපටිය වම්සි විසින් අධ්‍යක්ෂණය සහ රචනය කළා. අභිෂේක් අග්‍රවාල් විසින් නිෂ්පාදනය කළා. GV ප්‍රකාෂ් කුමාර් මීට සංගීතය සපයනවා. මේ චිත්‍රපටය පෑන් ඉන්ඩියන් චිත්‍රපටියක් විදියට නිෂ්පාදනය කෙරුණා. ඒ අනුව හින්දි සිනමාවෙන් ගයාත්‍රී බරද්වරාජ්, නුපුරා සැනොන්, අනූපම් ඛේර් හා තෙළිඟු සිනමාවේ මුරලි ශර්මා, රේණු දේසායි, බෙංගාලි සිනමාවෙන් ජිෂූ සෙන්ගුප්තා, මලයාලම් නළු සුදේව් නායර්, හරීෂ් පේරාඩි, කොලිවුඩයේ නාසර්, අනුකීර්ති වාස්, ආඩුකලම් නරේන් යන නළු නිළියන් රංගනයෙන් දායක් වෙනවා. ගිය වතාවේ සංක්‍රාන්තියට රවි තේජා රඟපෑව Waltair Veerayya (2023) එක්ක බාලයියාගේ Veera Simha Reddy (2023) තරඟ වැදුණා. වෝල්ටර් වීරයියා චිරන්ජීවිගේ චිත්‍රපටියක් නිසා තරඟයෙන් දිනුවා. මේ වතාවේ තෙළිඟු සිනමාවේදි ටයිගර් නාගේෂ්වර් රාඕ එක්ක බාලයියාගේ Bhagavanth Kesari (2023) චිත්‍රපටිය තරඟ වැදුණා. ඒකෙන් නම් විශාල පරතරයකින් ජයග්‍රහණයක් ලැබුණේ භගවන්ත් කේසරිට.

හොරෙක් ගැන Biopic එකක් හදන්නෙ මොකටද? මේක පළමු වතාව නම් නෙවෙයි. නාගේෂ්වර් රාඕගේ ජීවිත කතාව ආශ්‍රිත චිරන්ජීවි Stuvartpuram Police Station (1991), භානු චන්දර් රඟපෑ Stuvartpuram Dongalu (1991) යන චිත්‍රපට දෙකම එකම වසරකදී තිරගත වුණා. ටයිගර් නාගේෂ්වර් රාඕගේ කතාව Stuartpuram Donga : Biopic Of Tiger කියන නමින් බෙල්ලම්කොන්ඩා ස්‍රීනිවාසන්(යූටියුබ් සුපර් ඩුපර් හිට් ස්ටාර්) යොදාගෙන නිර්මාණය කරන්න හිතුවත් නොයෙක් ප්‍රශ්න මැද අතරමඟ නතර වෙනවා. මේ ව්‍යාපෘතිය නිෂ්චිතවම නතර වෙලාද කියන එක කියන්න බැහැ. රවි තේජා මේ ආකාරයේ රොබින් හූඩ් චරිතයක් Kick (2009) චිත්‍රපටියේ රඟපෑවා. නරඹපු අයට අනිවාර්යයෙන්ම මතක් වෙන්න ඇති. ඒ චරිතයට පාදක කරගත්තේ මේ සැබෑ ජීවිතයේ ටයිගර් නාගේෂ්වර් රාඕව. පස්සෙ මේ තෙළිඟු චිත්‍රපටිය භාෂා කිහිපයකින්ම රීමේක් කළා. බලලා නැත්නම් අනිවාර්යයෙන්ම බලන්න කියලා නිර්දේශ කරනවා. ඒ වගේම Krack (2021) චිත්‍රපටියේ රවි තේජා ඉදිරිපත් කළ පොලිස් චරිතය මේ ටයිගර් නාගේෂ්වර් රාඕව අල්ලගත්ත CI මෞලිව ආභාෂයෙන් නිර්මාණය කළ බව චිත්‍රපටයේ අධ්‍යක්ෂක ගෝපිචන්ද් මලිනේනි විසින් ප්‍රකාෂ කළා. රවන්නාගේ කතා තෝරාගැනීම ටිකක් වෙනස්. අත්හදා බැලීමක් වුණත් කැමැත්තෙන්ම බාර ගන්නවා. මේකත් ඒ වගේ සාර්ථක අසාර්ථක භාවය ගැන විශ්වාසයක් තියාගන්න බැරි විදියේ ව්‍යාපෘතියක්. පලමුව අධ්‍යක්ෂකවරයා මේ චිත්‍රපටය රානා ඩගුබාටිව යොදාගෙන්න සිතුවත් ඒ ප්‍රයත්නය අසාර්ථක වෙනවා. ඉන් පස්සෙ නානිව සම්බන්ධ කරගන්න හැදුවත් එයත් ව්‍යර්ථ වෙනවා. රවන්නා Khiladi (2022) චිත්‍රපටයේ රූගත කිරීම් සිදුවන අතරතුරේදි අධ්‍යක්ෂක වම්සි රවන්නාට මේ කතාව කියා තිබෙනවා. මේ කතාව අසා නිම වීමෙන් පසුව ඔහ්ගේ සිත් ගෙන තිබෙනවා. මුල ඉඳන්ම මේ චිත්‍රපටිය ගැන වැඩි බලාපොරොත්තු ඇති වුණේ නැහැ. මොකද ඒකට ප්‍රධානම හේතුව මේ අධ්‍යක්ෂක වරයාගේ මීට පෙර චිත්‍රපට වුණ Dongata (2015) සහ Kittu Unnadu Jagartha (2017) සාමාන්‍ය මට්ටමේ චිත්‍රපට වීම නිසා. චිත්‍රපටියේ සඳහන් වෙන හැමදෙයක්ම ඇත්තම දේවල් නෙවෙයි. සිනමාත්මක නිදහස නිසා වාණිජමය නිමාවක් වෙනුවෙන් නොයෙක් අංග එකතු කරලා තියෙනවා. චිත්‍රපටයේ නාගේෂ්වර් රාඕගේ චරිතය අළු පැහැ චරිතයක්. ඒ කියන්නේ හොඳ සහ නරක දෙකම මිශ්‍ර වුණ චරිතයක්. ඇත්තටම මේ චිත්‍රපටියේ කාලය සිනමා වින්දනයට බාධාවක් නිසාම දෙවන දිනයේදීම විනාඩි 25ක් පමණ කපා ඉවත් කරනු ලැබුවා.

සත්‍ය සිදුවීම් පිළිබඳ කටකතා.

ඇත්තටම ස්ටුවර්ට්පුරම් හොරකමට, හොරුන්ට නම ගිය, ලේබල් ගහපු ප්‍රදේශයක්. (ශ්‍රී ලංකාවේ නම් මල්වානේ රඹුටන්, රුහුණේ මී කිරි… වගේ) වර්ථමානයේ නම් මේ තත්වය ගොඩාක් වෙනස් වෙලා. ඒ කාලයේ මේ ගමේ හොරුන් 200කට වඩා ජීවත් වුණා කියලා කියනවා. මේ ගම බිහි වෙන්න ප්‍රධනම හේතුව 1913දි මදුරාසි පරිපාලන ඒකකයේ සිදු වුණ වෙනස් වීම. යෙරිකුලා ගෝත්‍රිකයන් බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ බූරුවන් යොදාගෙන මැඩ්‍රාස් වෙත වෙළඳාමේ ගිය කැලයේ ජීවත් වුණ ජන කොට්ඨාසයක්. බ්‍රිතාන්‍යයන් දුම්රිය ආරම්භ කර ඒ මඟින් බඩු ප්‍රවාහනය කිරීම නිසා ඔවුන්ගේ ජීවන මාර්ගයට තර්ජනයක් එල්ල වුණා. වන සංරක්ෂණ නියාමන නිසාවෙන් කැලෑවේ ගොවිතැන් කිරීමත් තහනම් කෙරුණා. ඒ වගේම මේ ගෝත්‍රික ජනයා කැලය මැදින් ගමන්ගත් බ්‍රිතාන්‍යයන්ට පහර දීම්, මංකොල්ල කෑම් සිදුකර තිබෙනවා. ඒ නිසා ගෝත්‍රික ජනයින්ව මැඩ පැවැත්වීමේ පිළිවෙතක් බ්‍රිතාන්‍යයන් අනුගමනය කළා. නොකරපු වැරදි වලට දඬුවම් කිරීමයි වැඩිපුරම වුණේ. මේකෙන් හොරකම් තවත් අධිකව ව්‍යාප්ත වෙන්න ගත්තා. පාලනය කරන්නම බැරි තැනකට පත් වෙද්දී 1913 හැරොල්ඩ් ස්ටුවර්ට් කියන පාලන ඒකකය භාර ලේඛම් මෙයාලව සාමාන්‍ය ජන ජීවිතයකට හරවන්න හිතුවා. ඒ වෙනුවෙන් Madras Government Tobacco කියන කර්මාන්ත ශාලාවේ මේ යෙරිකුලා ගෝත්‍රික ජනයාව ගෙන්වාගෙන සේවයේ යෙදෙව්වා. මේකට පිළියමක් විදියට මේ ජනයාව හොරුන් විදියට ජනපදයක් පිහිටුවලා පදිංචි කරවනවා. මේ ගම නිර්මාණය කළේ හැරොල්ඩ් ස්ටුවර්ට් නිළධාරියා නිසා මේ ගමට “ස්ටුවර්ට්” කියන නම ලැබුණා. පස්සෙ කලකදී මේ නම “ස්ටුවර්ට්පුරම්” විදියට වෙනස් වෙනවා. වතුර හිඟ නිසාත්, පස නිසරු වීම නිසාත් මේ කොලනිය ගොවිතැනට නුසුදුසු වුණා. කරන්නම බැරි තැන ආයෙත් මෙයාලා හොරකම් කරන්න ගත්තා. පුංචි හොරකම්, කොල්ලකෑම් වලට හැරවුණා. ඊට පස්සේ මේ ගම හොරකමට නම ගිය ප්‍රදේශයක් විදියට ප්‍රසිද්ධ වෙන්න ගත්තා. මේ ගමේ ගරික නාගේෂ්වර්, ගරික ප්‍රසාද්, ගරික ප්‍රභාකර් යන සහෝදරවරු තිදෙනෙක් වාසය කළා. නාගේෂ්වර්ට කලින්ම ප්‍රභාකර් හා ප්‍රසාද් හොරකමේ යෙදුණා. නාගේෂ්වර් කුඩා වයසෙදිම එයාගේ මාමාගේ දුව එක්ක විවාහ වුණා. මේ කාලයේ නාගේෂ්වර් දුප්පත් කමින් මිරිකී සිටිය නිසාවෙන් එයාටත් හොරකමේ යන්න සිද්ධ වුණා. නාගේෂ්වර් රාඕගේ වැරදි වලට එයාගේ බිරිඳටත් සිර දඬුවම් විඳින්න සිදු වුණා. සිරේ සිටියදීම නාගේෂ්වර් රාඕගේ බිරිඳ දියණියක් ප්‍රසූත කරනවා. මේ සමයේ අදේවවාදියෝ වන හේමලතා ලවනම් හා ඇයගේ සැමියා ලවනම් මේ ස්ටුවර්ට් ගම වෙනස් කරන්න යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කළා. ඒ නිසාවෙන් ගම්වැසියන් කෙටි කාලයකට හොරකම් ආදිය නතර කරනවා. තමන්ගේ දියණිය ගැන හිතලා හොරකම් කිරිල්ල නතර කරන්න නාගේෂ්වර් රාඕ තීරණය කරනවා. ඒ වගේම මුළුමනින්ම සොරකම් නතර කරලා දානවා. ඒ වුණත් ප්‍රාන්තයේ මොන විදියේ හොරකමක් සිද්ද වුණත් නාගේෂ්වර් රාඕ සහ ස්ටුවර්ට්පුරම් ගම්වාසීන්ව සැක කරා. එයාලව අත්අඩංගුවට අරගෙන දඬුවම් කරා. ඊට පස්සෙ ආයෙත් නාගේෂ්වර් රාඕ හොරකම් කරන්න පටන් ගත්තා. ඒ වගේම නාගේෂ්වර් රාඕට තියුණු බුද්ධියක් තිබුණා. 1970 – 1980 දශකයේ නාගේෂ්වර් පොලිසියට නින්දක් ලැබෙන්නෙ නැති විදියට හොරකම් කරන්න ගත්තා. ඊටත් විශේෂම කාරණය තමයි, මෙයා ධනවතුන්ගේ සල්ලි හොරකම් කරලා දුප්පතුන් අතරේ බෙදලා දුන්නා. ඒ නිසා මෙයාට “ස්ටුවර්ට් රොබින්” කියන නම පටබැඳුනා. මේ නිසා ඔහු ජනතාව අතරේ වඩා ප්‍රචලිත වුණා. එයාගේ අයියා ප්‍රභාකර් මේ හොරකම් වලට සහය දුන්නා. නාගේෂ්වර් සොරකම් කර ලබාගන්නා ධනය නිවෙසට වඩා ජනයාට බෙදා දුන් බව ඔහුගේ ඥතීන් කියනවා. ආන්ද්‍රා, තෙලංගානා, තමිල්නාඩු, කේරළා, කර්නාටක ප්‍රාන්තවල හොරකම් කර තිබුණත් සාක්ෂි සමඟින් අත්අඩංගුවට ගන්න බැරිවෙලා තියෙනව. ආන්ද්‍රා පොලිසිය ඔහුට “ගජ දොන්ගා”(අලි හොරා) කියන නම දැම්මා. එක වතාවකදී නාගේෂ්වර් රාඕ පොලිසියට අහුවෙනවා. මෙයාව මැඩ්‍රාස් මධ්‍යම බන්ධනාගාරයේ සිරගත කරනවා. කෑම හොඳ නැති නිසා බන්ධනාගාරයෙන් පලායාමෙන් එයාට ටයිගර් කියන නම එක් වෙනවා. ඒ වුණත් එයා කිසිම මිනී මැරුමක් සිද්ද කරේ නැහැ කියලයි සඳහන් වෙන්නේ. පොලිසියෙන් පලයමින් ඉන්න මෙයාලා කොහේ හරි ගමක හැංගුනාම ඒ ගමේ මිනිස්සු මෙයාලව හංගලා තියාගන්නවා වගේම කවුරුවත් මෙයාලා ගැන පොලිසියට ඔත්තු දීලා නැහැ. මේ ඔක්කොටම වඩා පොලිසිය කුපිත කෙරෙව්වේ බනගානාපල්ලි බැංකුවේ සිද්ද වුණ හොරකම. මොකද ඒ බැංකුව තිබුණේ හරියටම පොලිසිය ඉස්සරහමයි. හොරකම් කරපු මේ වස්තුව ඉ.රු. ලක්ෂ 35ක මුදලක් හා ඉ.රු. 50, 000ක් වටිනා ස්වර්ණාභරණ කිලෝ 14ක්. උද්ධමනය ගලපලා බලද්දි ඒ කාලයේ වටිනාකමින් ඉ.රු. ලක්ෂ 35 කියන්නේ අද මුදලින් ඉ.රු. කෝටි 13ක්. මේ හොරකමේදි කිසිම ශබ්දයක් පිටතට ඇහිලා නැහැ. මේ සැලැස්මේ මහ මොළකරු නාගේෂ්වර්ගේ අයියා ප්‍රභාකර්. මේ හොරකම කළේ ටයිගර් කියලා පොලිසිය දැනගත්තේ බීඩි කෑල්ලකින්. යන තැන බීඩි බීලා කොට කෑලි බිම දාන එක මෙයාලගේ වැරැද්දක්. මොකද බීඩි අන්තර්ජාතික මට්ටමෙන් නිෂ්පාදනය කරන්නෙ නැහැනේ. නාගේෂ්වර් රාඕ කරපු ලොකුම වැරැද්ද තිරුපති ආසන්නයේ චක්‍රවර්ති නම් කෙනෙගුගේ නිවසේ හොරකමක් කරන්න සැලසුම් කළා. ඒ ගෙදර කාර් 10 -15ක් විතර තියෙනවා දැනගන්න ලැබුණේ ගියාට පස්සෙදියි. මෙයාලා කාර් හොරකම් කරගෙන ගිහින් පාර හරස් කරලා මගීන් ගෙන ගිය බස් එකක් නතර කරනවා. බස් එකේ හිටිය මගීන්ගේ මුදල්, ආභරණ ආදිය පැහැරගෙන, මේ මංකොල්ලය ගැන එයාලම පොලිසියට දැනුවත් කරලා තියෙනවා. පොලිසිය මාර්ග බාධක දමා කාර් එකෙන් පැනලා යන ටයිගර් නාගේෂ්වර් රාඕව ලුහුබඳින්න පටන් ගත්තා. පොලිස් වෙඩි ප්‍රහාර වලින් එයාගේ යාළුවා ජේකබ් මිය යනවා. ගමන් ගත්ත කාර් එකට වෙඩි වැදී හානි වීම නිසා නාගේෂ්වර් රාඕ කැලයකට පලා යනවා. ඒ වගේම නාගේෂ්වරගේ කල්ලියේ හිටිය ඔත්තුකරුවෙක් දිගින් දිගටම CI මෞලිට ඔත්තු සපයා තියෙනවා. හැංගිලා හිටිය නාගේෂ්වර් රාඕට, එයා අඳුනන යුවතියක් මාර්ගයෙන් මත් බෙහෙත් මිශ්‍ර කිරි බොන්නට දී ඔහුව අල්ලා ගන්නවා. 1980 දී නාගේෂ්වර් රාඕව එන්කවුන්ටර් කර වෙඩිතබා ඝාතනය කරා කියලයි සඳහන් වෙන්නෙ. ඒ වෙද්දි නාගේෂ්වර්ට අවුරුදු 27යි. එන්කවුන්ටර් කියන්නේ සිරභාරයේ ඉන්න රැඳෙවියන් ප්‍රවාහනයේ සිටියදී ඔවුන් පලායාම හෝ පහර දීම වැලැක්වීම වෙනුවෙන් ගන්න ආරක්ෂක උපක්‍රම වලදී අවසන් පියවර ලෙස ඝාතනය කිරීම. ඒ වුණත් මේ ක්‍රමය නිසාවෙන් බොහෝ නීතිවිරෝධී ඝාතනය කිරීම් සිදුකරලා තියෙනවා. එන්කවුන්ටර් කියන වචනය සාමාන්‍යයෙන් ඉන්දීය චිත්‍රපටි නරඹන කාටත් බහුලව ඇහෙන වචනයක්. මේ ගැන නොතේරෙන අයට මේකෙන් පැහැදිලි කිරීමක් ලැබෙන්න ඇති. මතින් සිටියත්, වෙඩි වැදී තිබුණත් නාගේෂ්වර් ‍රාඕ ආයෙමත් පොලිසියෙන් පලා ගියා කියලත් ඊට එහා ටික දුරකදි බිම ඇදවැටී හිටිය බවත් සඳහන්. නාගේෂ්වර් රාඕගේ මරණයෙන් පස්සෙ ජනතාව වීදි බසින්න ගත්තා. ඒ අනුව පොලිසිය විසින් වෙඩි තබා ඝාතනය කරා කියලා ප්‍රකාෂයක් කළා. ඔහුගේ අවසන් කටයුතු වලට සහභාගී වීමට පැමිණි ජනයාව පාලනය කිරීමට දින තුනක් ගත වුණා කියලත් සඳහන් වෙනවා. ගම්මුන් නාගේෂ්වර්ගේ නිවස ඉදිරියේ ඔහුගේ ඡායාරූපයක් එල්ලලා තිබෙනවා.

ටයිගර් නාගේෂ්වර් රාඕ.

රවන්නාගේ මීට පෙර නිකුත් වුණ චිත්‍රපටිය Ravanasura (2023) අසාර්ථක වුණා. ඉස්සරහට එන්න තියෙන චිත්‍රපටියකින් ආයෙත් ඉක්මනින්ම හිට් එකක් ගහන්න පුළුවන් වේවි කියලා හිතනවා. කාර්තික් ගට්ටමනේනී අධ්‍යක්ෂණය කරන Eagle (2024) ලබන වසරේ ජනවාරි මස 13 දින සංක්‍රාන්තියට සමඟාමීව නිකුත් කෙරෙනවා. 2024 සංක්‍රාන්තියට මේ වෙද්දි මහේෂ් බාබුගේ Guntur Kaaram, රවි තේජාගේ Eagle, නාගර්ජුනාගේ Naa Saami Ranga, වෙන්කටේෂ්ගේ Saindhav, විජේ දේවරකොන්ඩාගේ Family Star යන චිත්‍රපටි තෙළිඟු වලින්ම පෙළ ගැහිලා තියෙන්නෙ. මේ විතරක් නෙවෙයි කොලිවුඩයෙන් ධනුෂ්ගේ Captain Miller, ශිවකාර්තිකේයන්ගේ Ayalaan, රජිණිකාන්ත් විශේෂ පෙනීසිටීමක් ඉදිරිපත් කරන Laal Salaam, සුන්දර් සීගේ Aranmanai 4, කියන චිත්‍රපටි තරඟවැදීමට නියමිතයි. එහෙම නැත්නම් සිනමාශාලා බෙදා ගනිද්දි ලොකු ගැටලුවක් ඇති වේවි. සමහරවිට මෙතනින් චිත්‍රපටි කීපයක දින වෙනස්වෙන්න පුළුවන්. ඊගල් චිත්‍රපටයේ අධ්‍යක්ෂක කාර්තික් ගට්ටමනේනී Karthikeya, Karthikeya 2, Disco Raja, Dhamaka, Awe, Ninnu Kori යන චිත්‍රපටවල කැමරාකරණය කර තිබෙනවා. සුපුරුදු විදිහටම මේකත් අත්හදා බැලීමක් වෙන්න ඇති. මේ නිසාම තමයි සිනමා කර්මාන්තයේ රවි තේජාට මේ තරම් ගෞරවයක් ලබා දෙන්නේ. ඒ වගේම RT4GM(තාවකාලිකව) මඟින් ගෝපිචන්ද් මලිනේනි හා රවි තේජා 4වන වතාවටත් එක් වනවා. රවි තේජාගේ Don Seenu (2010), Balupu (2013), Krack (2021) චිත්‍රපට ඔහු විසින් අධ්‍යක්ෂණය කරනු ලැබුවා. රවි තේජා සමඟින් රෂ්මිකා මන්දන්නෑ, සෙල්වරාඝවන්, ඉන්දුජා රවිචන්ද්‍රන් යන අය රඟපානවා. ගොඩක් දුරට ලබන වසරේදී මේ චිත්‍රපටිය දකින්න වාසනාව ලැබෙයි. ප්‍රේක්ෂකයින් මේ රවි තේජා සහ ගෝපිචන්ද් මල්ලේනිගේ එක් වීම ගැන ගොඩක් බලාපොරොත්තු තියාගෙන ඉන්නේ. මේ චිත්‍රපටයට ද මෑන්(තාමන්) සංගීතය අධ්‍යක්ෂණය කරනවා. අනිල් රවිපුඩි අධ්‍යක්ෂණය කළ Raja The Great (2017) චිත්‍රපටයේ දෙවන් කොටස ලෙස Raja 2 The Great නිර්මාණය කරන බවට සඳහන් වෙනවා. හරීෂ් ශංකර් එක්ක Raid හින්දි චිත්‍රපටිය රීමේක් කිරීමට සූදානමක් තියෙනවා. මේ ව්‍යාපෘතිය තවම නිළ වශයෙන් දැනුවත් කරලා නැහැ. හරීෂ් මීට පෙර රවි තේජාගේ Shock (2006), Mirapakay (2011) චිත්‍රපට අධ්‍යක්ෂණය කළා.

ටයිගර් නාගේෂ්වර රාඕට ලබා දී ඇති Imdb අගය 6.9/10 ක්. ප්‍රේක්ෂකයින්ගේ මිශ්‍ර ප්‍රතිචාර හා විචාරකයන්ගේ සෘණාත්මක ප්‍රතිචාර මීට ලැබුණා. කොහොම වුණත් මේ වෑයම ප්‍රතිචාර වශයෙන් වගේම ආදායම් වශයෙන්ද ආසාර්ථක වුණා.

එහෙනම් ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා මේ චිත්‍රපටය රසවිඳින්න…

බුදු සරණයි! සියලු දෙවි දේවතාවුන්ගේ රැකවරණයි!

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ රවිඳු නවින් සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Tiger Nageswara Rao (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/tiger-nageswara-rao-2023-sinhala-subtitles/feed/ 0
Ghost (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/ghost-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/ghost-2023-sinhala-subtitles/#comments Fri, 17 Nov 2023 06:43:22 +0000 https://sinhalasub.life/?post_type=movies&p=60623 Ghost Sinhala Sub Ghost Sinhala Subtitles Ghost (2023) Sinhala Sub Ghost (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! මේ අරං එන්නේ ඔක්තොම්බර් 19 දින ඉදන් Pan Indian චිත්‍රපටයක් විදියට ලොව පුරා තිරගත වීම ආරම්භ කරපු කන්නඩ සිනමාවේ ඉහළින්ම ඉන්න නලුවෙක් වෙන Shivarajkumar ගේ Ghost (2023) චිත්‍රපටය..මේක කන්නඩ භාෂාවෙන් නිර්මාණය වුණ චිත්‍රපටයක් වගේ මේක Tamil, Telegu, Hindi, […]

The post Ghost (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Ghost Sinhala Sub
Ghost Sinhala Subtitles
Ghost (2023) Sinhala Sub
Ghost (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මේ අරං එන්නේ ඔක්තොම්බර් 19 දින ඉදන් Pan Indian චිත්‍රපටයක් විදියට ලොව පුරා තිරගත වීම ආරම්භ කරපු කන්නඩ සිනමාවේ ඉහළින්ම ඉන්න නලුවෙක් වෙන Shivarajkumar ගේ Ghost (2023) චිත්‍රපටය..මේක කන්නඩ භාෂාවෙන් නිර්මාණය වුණ චිත්‍රපටයක් වගේ මේක Tamil, Telegu, Hindi, Malayalam කියන භාෂාවලිනුත් හඬ මුසු කරලා අදාළ ප්‍රදේශ වල සිනමාශාලා වලට නිකුත් වෙලා තියනවා..

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ M.G Srinivas විසින්..ඉතින් මේ M.G Srinivas එහෙමත් නැත්තන් Srini ත් කන්නඩ සිනමාව තුළ ලොකු වෙනසක් කරන්න වෙහෙසෙන අධ්‍යක්ෂකවරයෙක් කිව්වොත් නිවැරදී..ඒක හොඳටම ඔහු පසක් කරේ ඔහු විසින්ම අධ්‍යක්ෂණය කරලා ඔහු විසින්ම ප්‍රධාන චරිතය මවපු 2019 නිකුත් වුණු Birbal චිත්‍රපටයෙන්..Bribal චිත්‍රපටයට අමතරව Topiwala (2013) , Srinivasa Kalyana (2016) , Old Monk (2022) වගේ චිත්‍රපට ඔහු විසින් අධ්‍යක්ෂණය කරලා තියනවා..මේ වගෙන් වැඩි කොටසකම ඔහු විසින්ම තමයි ප්‍රධාන චරිතයට පන පොවලා තියෙන්නේ..ඉතින් මේ වෙද්දි ඉන්දියානු සිනමාව තුළත් විවිධ සිනමා විශ්වයන් එහෙමත් නැත්තන් Cinematic Universe නිර්මාණය වෙමින් තියනවා..උදාහරණයක් විදියට හින්දි සිනමාව තුළ Yash Raj Films හරහා නිර්මාණය වුණ Spy Universe එක වගේම Lokesh Kanagaraj දමිළ සිනමාව තුළ ගො⁣ඩ නගාගෙන යන LCU නොහොත් Loki Cinematic Universe එක පෙන්නලා දෙන්න පුලුවන්..ඉතින් ඉන්දියානු සිනමාව තුළ ප්‍රධාන තැනක් ගන්න කන්නඩ සිනමාවෙනුත් එහෙම Cinematic Universe එකක් බිහි නොවුණොත් ඒක අඩුවක් වගේ නේද? ? ඉතින් මේ වැඩේට කන්නඩ සිනමාව පැත්තෙන් මුල පිරුවේ අපේ M.G Srinivas ගේ SCU එහෙමත් නැත්තන් Srini Cinematic Universe එක..සමහරකට හිතෙන්න පුලුවන් SCU එකට කලින් ප්‍රශාන්ත් නීල්ගේ KGF Universe එක කන්නඩ සිනමාව තුළ බිහි වුණා නේද කියලා..ඒත් ඒක එහෙම නොවෙන්න හේතුව ප්‍රේක්ෂකයන් තුළ KGF Universe එකක අදහස සංසරණය වුණාට තාමත් ප්‍රශාන්ත් නීල් විසින් තමන් KGF චිත්‍රපටය ඔස්සේ Cinematic Universe එකක් ගොඩනගනවා කියලා තහවුරු කරලා නැති එක.. කොහොම හරි ඉතින් SCU එකට මුල්ම අඩිතාලම වැටෙන්නේ මේ Ghost (2023) ෆිල්ම් එකෙන්..

අධ්‍යක්ෂක M.G. Srinivas

(Actor & Director in Kannada Cinema)

අපි දැන් පොඩ්ඩක් මේ SCU එක පැත්තට හැරිලා බලමු..

ඉතින් කලින් කිව්වා වගේ SCU එකේ ආරම්භය Ghost චිත්‍රපටය හරහා සිදු වුණත් මේ චිත්‍රපටයට 2019 අවුරුද්දේ නිකුත් වුණ Birbal Trilogy Case 1 චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන අධ්‍යක්ෂක Srinivas විසින්ම චරිත මවපු මහේෂ් දාස්ගේ චරිතයත් Ghost චිත්‍රපටයට එකතු කරගෙන තියනවා කියලා අධ්‍යක්ෂක Srini කල් ඇතිවම ප්‍රකාශ කරලා තිබ්බා..ඉතින් ඒ නිසා Birbal (2019) චිත්‍රපටයත් SCU එකට අයිති වෙනවා..ඒ වගේම අධ්‍යක්ෂක Srini මේ වෙද්දි ප්‍රකාශ කරලා තියනවා Ghost චිත්‍රපටයේ දෙවනි කොටසක් සහ Birbal Trilogy Case 2 එකකුත් නිර්මාණය වෙනවා කියලා..අධ්‍යක්ෂක Srini ප්‍රකාශ කරලා තියන විදියට Birbal Trilogy Case 2 චිත්‍රපටය 2024 දි නිකුත් වෙනවා කියලා තමයි ආරංචි වෙන්නේ..ඒ අනුව මේ වෙද්දි SCU එක චිත්‍රපට හයකින් පමණ සමන්විතයි කියලා Srini විසින් ඉගි පල කරලා තියනවා..ඒ කියන්නේ,

Birbal Trilogy Case 1 (2019)
Ghost (2023)
Birbal Trilogy Case 2 (2024)
Dalavayi (Spin off)
Ghost Part 2
Birbal Trilogy Case 3
යන චිත්‍රපට මේ SCU එකට සම්බන්ධ වෙනවා කියලා තමයි ශ්‍රීනි මේ වෙද්දි ඉගි පලකරලා තියෙන්නේ..

දැන් කෙනෙක්ට හිතෙනවා ඇති මේක Cinematic Universe එකක් නිසා Ghost (2023) බලන්න කලින් Birbal බලලා ඉන්න ඕනමද කියලා..ඇත්තටම කිව්වොත් එහෙම ලොකු අවශ්‍යතාවයක් නෑ.මොකද Ghost චිත්‍රපටයට Birbal එකෙන් සම්බන්ධවෙන්නේ මහේෂ් දාස්ගේ චරිතය විතරයි..කොහොම වුණත් Birbal කියන්නේ බැලුවට පාඩුවක් නොවන සුපිරිම ත්‍රිල් එකක් තියන තවත් එක කන්නඩ සිනමාපටයක්..ඉතින් ඔයාලත් මේ මහේෂ් දාස්ගේ චරිතය ගැන දැනගන්න කැමතිනම් Birbal (2019) ත් නරඹන්න කියලා මම යෝජනා කරනවා..

Ghost (2023) සහ Birbal Trilogy Case 1 (2019) චිත්‍රපටයේ පෝස්ටර් යුගලයක්

එහෙනම් දැන් අපි Ghost (2023) චිත්‍රපටය පැත්තට ආපහු හැරෙමු..

චිත්‍රප⁣ටය් රේටින්ග්ස් පැත්තට හැරිලා බැලුවොත් මේ වෙද්දි Ghost චිත්‍රපටය IMDb දර්ශක⁣යේ 8.6/10 ක් වගේ ඉතාමත් ඉහළ අගයක් ලබාගෙන තියනවා වගේම ගූගල් පරිශීලක මනාප 93%ක් ලබාගන්නත් මේ චිත්‍රපටයට හැකියාව ලැබිලා තියනවා..ඉතින් මම ඉහත සඳහන් කරා වගේම මේකේ කතාව සහ අධ්‍යක්ෂණය M.G Srinivas ගේ වන අතර Sandesh Nagaraj ගේ නිෂ්පාදනයක්..ඒ වගේ මේ ෆිල්ම් එකට Background මියුසික් වලිනුත් ලොකු පන්ච් එකක් ලැබිලා තියනවා..ඉතින් ඒ Credit එක යන්න ඕන මේකේ සංගීත අධ්‍යක්ෂක විදියට කටයුතු කරපු Arjun Janya ට..ඊට අමතරව මේ චිත්‍රපටය සඳහා කෝටි 15-20ත් අතර බජට් එකක් වැය වුණා කියලා තමයි සඳහන් වෙන්නේ..ඒ වගේම මේ චිත්‍රපටය ලොව පුරා සිනමාහල් 2,000 කට අධික ගණනක ප්‍රදර්ශනය වුණා..ඒ වගේම මේකට Positive + Mix Reviews එක්ක කන්නඩ සිනමාව තුළ 2023 අවුරුද්දේ නිකුත් වුණු පළවෙනි කන්නඩ Blockbuster චිත්‍රපටය බවට පත්වෙමින් කෝටි 32.5ක අදායමක් එක්ක Blockbuster ලේබලය අලවගන්න Ghost (2023) චිත්‍රපටයට මේ වෙද්දි හැකියාව ලැබිලා තියනවා..

කාස්ට් එක පැත්තට හැරිලා බැලුවොත් ප්‍රධන චරිතය ජනප්‍රිය කන්නඩ නලු Shivarajkumar විසිනුත් සෙසු ප්‍රධාන චරිත ලෙස Jayaram , Anupam Kher , Prashant Narayanan වගේ දැවැන්ත චරිත එකතු වෙලා තියනවා..ඊට අමතරව Ghost චිත්‍රපටයේ අධ්‍යක්ෂක Sriniත් Birbal චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන මහේෂ් දාස්ගේ Cameo එකත් එක්ක මේ Ghost චිත්‍රපටයේ කාස්ට් එකට ඇතුල් වෙලා තියනවා..

Jayaram , Anupam Kher සහ Prashant Narayanan

ඉතින ඒ වගේම අපි Ghost (2023) චිත්‍රපටයේ ප්‍රධන චරිතයට පණ පොවන Shiva Rajakumar ගැනත් විස්තර ටිකක් බලමු..

Actor Shiva Rajkumar

ඇත්තටම ම මේ තොරතුරුත් මේ ලිපියට එකතු කරන්න හිතුවේ කන්නඩ සිනමාව තුළ අති දැවැන්ත චරිතයක් වුණත් ශ්‍රී ලංකාව තුළ අනෙක් ඉන්දියානු සිනමාවල් වලට සාපේක්ෂව බැලුවොත් කන්නඩ සිනමාවට අවධානය යොමු වෙනවා අඩු නිසා මේ වගේ චරිත ගැනත් රසිකයන්ගේ අවධානයක් වැඩිය යොමුවෙන්නේ නෑ..ඇත්තටම කිව්වොත් දමිළ සිනමාවට රජිනිකාන්ත් , හින්දි සිනමාවට අමිතා බච්චන් වගේ කන්නඩ සිනමාවෙත් දැනට ⁣ශ්‍රේෂ්ත්‍රයේ ඉන්න නලුවන් අතරින් ජ්‍යෙෂ්ඨම නලුවා Shiva Rajkumar කියලා කියන්න පුලුවන්..1962 ජූලි 12 උපත ලබලා 1972 දී Sri Srinivasa Kalyana චිත්‍රපටයේ ලමා චරිතයකට පෙනී ඉඳලා තමයි කන්නඩ සිනමාවට අවතීර්ණ වෙන්නේ..ඒ වගේම වයස අවුරුදු 24 දි Anand (1986) චිත්‍රපටයෙන් තමයි ප්‍රධාන චරිතයකට පොන පොවන්න අවස්ථාව හිමි වෙලා තියෙන්නේ..මේ වෙද්දි 61 වෙනි වියේ පසුවන Shiva Rajkumar විසින් සිනමාපට 125කට අධික සංඛ්‍යාවක ප්‍රධාන චරිත මවලා තියනවා…ඉතින් Shiva Rajkumar ට කන්නඩ සිනමාව තුළ Karunada Chakravarthy කියලා අනුවර්ථ නාමයකුත් පටබැදිලා තියනවා..ඒ වගේම කන්නඩ සිනමාව ඇරුණම අනෙකුත් ඉන්දියානු සිනමාවන් තුළත් ශිවරාජ්කුමාර් විසින් චරිත මවලා තියනවා..මෑතක නිකුත් වුණ Jailer (2023) චිත්‍රපටයටත් රංඟනයෙන් දායක වුණා මතක ඇතිනේ..ඇත්තටම Rajkumar කියන පවුලම කලා පවුලක් කිව්වොත් හරි..මොකද Shiva Rajkumar ගේ තාත්තා වුණ Dr.Rajkumar කියන්නෙත් පැරණි කන්නඩ සිනමාවේ දැවැන්තම චරිතයක්..ඊට අමතරව පවුලේ වැඩිමලා වුණ Shiva Rajkumar ගේ මල්ලිලා දෙන්නත් කන්නඩ සිනමාවේ දැවැන්තම චරිත දෙකක්..ඒ තමයි Raghavendra Rajkumar සහ කන්නඩ සිනමාවම හඬවමින් 2021 දි මෙලොවින් සමුගත්ත Puneeth Rajkumar..

Raghavendra Rajkumar සහ Puneeth Rajkumar

ෆිල්ම් එකේ ස්ටෝරි එක ගැන කෙටියෙන් කිව්වොත්,

මේක ආරම්භ වෙන්නේ උතුරු කලාපීය මධ්‍යම බන්ධනාගාරය පෞද්ගලීකරණ කිරීම ( බන්ධනාගාර පෞද්ගලීකරණය :- රජය බන්ධනගාර ගොඩනැගිලි ගොඩනඟා එහි අයිතිය රඳවා ගනිමින් බන්ධනාගාරය ක්‍රියාත්මක කිරීමේ අයිතිය වාණිජ ව්‍යාපරයකට හෝ ලාබ අපේක්ෂා නොකරන සංවිධානයකට ලබා දීම ) වෙනුවෙන් සංවිධානය කරලා තිබ්බ උත්සවයක් අතරතුර මැර කල්ලියක් විසින් උතුරු කලාපීය බන්ධනාගාරයට ඇතුල් වෙලා ස්වේදේශ කටයුතු ඇමති සහ හිටපු CBI ප්‍රධානී වාමන් ශ්‍රීනිවාසන් ඇතුලු ප්‍රභූවරුන් සමඟම මුලු බන්ධනාගාරයම තමන්ගේ පාලනයට අරන් සියලු දෙනාව ප්‍රාණ ඇපයට ගැනීමත් සමඟ..ඉතින් මේක ආරක්ෂාවටත් ලොකු තර්ජනයක් නිසා මේ ප්‍රාණ ඇපකාරයෝ මුදවා ගැනීමේ මෙහෙයුම විශේෂ කාර්ය බළකා නිළධාරි චෙංගප්පට පැ⁣වරෙනවා..ඉතින්,

මේ මැර කල්ලිය කවුද?
කවුද එයාලගේ ප්‍රධානියා?
ඇයි මේ වැඩේට බන්ධනාගාරයම තෝරගත්තේ..?
මොකද්ද මේ දේවල් වලට හේතුව සහ අවසානයේ කුමක් සිද්ධ වෙයිද?
කියන ප්‍රශ්න සේරටම උත්තර දැනගන්නම් ඔයාලට චිත්‍රපටය නරඹන්නම වෙනවා..

(සිනමාපටයේ Shiva Rajkumar ගේ Entry එක සිනමාශාලාව තුළ උද්දාමයෙන් සමරණ ප්‍රේක්ෂකයන්)

එහෙනම් ලිපියත් ගොඩක් දිග වුණ එකේ මීට වඩා දෙයක් කියන්න බලාපොරොත්තු වෙන්නෑ… අවසාන වශයෙන් ඔයාලට ආරාධනා කරනවා මේ චිත්‍රපටය නරඹලා ඔයාලගේ අදහසුත් පහළින් කමෙන්ට් කරගෙන යන්න කියලා… තවත් සුපිරි චිත්‍රපටියක් සමඟ හමුවන බලාපොරොත්තුවෙන් දැනට සමුගන්නවා… එහෙනම් හැමෝටම,

බුදු සරණයි!!..

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ අංජුල උමේෂ් සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Ghost (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/ghost-2023-sinhala-subtitles/feed/ 1
Dilwale Dulhania Le Jayenge (1995) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/dilwale-dulhania-le-jayenge-1995-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/dilwale-dulhania-le-jayenge-1995-sinhala-subtitles/#respond Wed, 30 Aug 2023 02:36:56 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=52403 Dilwale Dulhania Le Jayenge Sinhala Sub Dilwale Dulhania Le Jayenge Sinhala Subtitles Dilwale Dulhania Le Jayenge (1995) Sinhala Sub Dilwale Dulhania Le Jayenge (1995) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! මේ අරං එන්නේ හින්දි සිනමා ඉතිහාසයේ රන් අකුරින් ලියැවුනු අති සාර්ථක හින්දි සිනමා පටයක් වන “දිල්වාලේ දුල්හනියා ලේ ජායෙන්ගේ” චිත්‍රපටයයි. 1995 ඔක්තෝම්බර් 20 දින ලොව පුරා […]

The post Dilwale Dulhania Le Jayenge (1995) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Dilwale Dulhania Le Jayenge Sinhala Sub
Dilwale Dulhania Le Jayenge Sinhala Subtitles
Dilwale Dulhania Le Jayenge (1995) Sinhala Sub
Dilwale Dulhania Le Jayenge (1995) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මේ අරං එන්නේ හින්දි සිනමා ඉතිහාසයේ රන් අකුරින් ලියැවුනු අති සාර්ථක හින්දි සිනමා පටයක් වන “දිල්වාලේ දුල්හනියා ලේ ජායෙන්ගේ” චිත්‍රපටයයි. 1995 ඔක්තෝම්බර් 20 දින ලොව පුරා තිරගත කිරීම ආරම්භ කල “දිල්වාලේ දුල්හනියා ලේ ජායෙන්ගේ” හින්දි සිනමා ඉතිහාසයේ සියලුම බොක්ස් ඔෆීස් වාර්තා බිඳ දමමින් ඉදිරියට ගමන් කල අතර ඉන්දියාවෙන් රු. බිලියන 1.06 ක්ද, ඉන්දියාවෙන් පිටත ප්‍රදර්ශනයෙන් රු. මිලියන 160 ක්ද උපයා ගත්තේ 90 දශකයේ ඉහලම ආදායම් වාර්තා අතර පලමු ස්ථානයේ සිටි, සල්මන් කාන් සහ මදුරී ඩික්සිත් රඟපෑ ” හම් ආප්කේ හේන් කෝන් ” දෙවෙනි ස්ථානයට ඇද දමමිනි. සැන් ෆ්රැන්සිස්කෝ හී ආසන 720 කින් යුත් “NAZ” සිනමා ශාලාවට ආරම්භක දර්ශනය සඳහා ප්‍රේක්ෂකයන් 1000 ක් පැමිණ සිටි අතර මධ්‍යම රාත්‍රියේ අමතර දර්ශන වාරයක්ද පැවැත්වීමට සිදුවිය. එක්සත් රාජධානියේද වසරකටත් අධික කාලයක් තිරගත වූ අතර, හින්දි සිනමා ඉතිහාසයේ ආරම්භක සිනමාහලේ වැඩිම කාලයක් ප්‍රදර්ශනය කල සිනමා පටය ලෙසද “දිල්වාලේ දුල්හනියා ලේ ජායෙන්ගේ” නොමැකෙන සලකුණක් තැබීය. වාර්තාගත 2000 වෙනි සතියත් පසු කරමින්, වසර 24 කට අධික කාලයක් මුම්බායි හී පිහිටි “මරත මන්දීර් තියටර්” හී, ආරම්භක දිනයේ සිට නොකඩවා මේ වන විටත් ප්‍රදර්ශනය වේ.

Twenty Years Celebration

“The Times of India” සඟරාවේ “මියයාමට පෙර ඔබ නැරඹිය යුතුම චිත්‍රපට 10” ලිස්ට් එකටද “දිල්වාලේ දුල්හනියා ලේ ජායෙන්ගේ” ඇතුලත්වූ අතර, ” මියයාමට පෙර නැරඹිය යුතු චිත්‍රපට 1001″ නමැති සිනමා විචාරක ග්‍රන්ථයේ නම් කර තිබුණේ බොලිවුඩ් සිනමා ඉතිහාසයේ හොඳම තුන්වෙනි චිත්‍රපටය ලෙසයි. පලමු ස්ථානය 1957 තිරගතවූ Mother India වූ අතර දෙවන ස්ථානය Deewaar(1975)විය. ෆිල්ම් ෆෙයාර් සම්මාන 10 ක් හිමිකරගමින් එවකට ෆිල්ම් ෆෙයාර් සම්මාන වැඩිම ගණනක් හිමිකර ගත් සිනමා පටය ලෙසද අභිෂේක ලැබීය.

සාර්ථකත්වයේ හිනිපෙත්තට නැගීමට හේතු පාදක වූ ප්‍රධාන සාධකය වූයේ ‘ජතින් – ලලිත්’ දෙසොහොයුරන්ගේ මනමෝහනීය සංගීතයයි. ‘ආනන්ද් භක්ෂි’ ගේ පද රචනයන්ගෙන් හැඩවුණු මියුරු ගීත ගණනාවක්ම මෙහි ඇතුලත් වූ අතර පසුබිම් ගායනයෙන් එක්වූ ඉන්දීය ගීත කෝකිලාවිය, ලතා මන්ගේෂ්කාර් ප්රමුඛ ආශා බෝස්ලේ, කුමාර් සානු, උදිත් නාරායන් සහ අභිජීත් බට්ටාචාර්‍ය යන ශීල්පීන් විසින්, තම හඬින් ප්‍රේක්ෂකයන් මුසපත් කර දැම්මේය. එවකට වැඩියෙන්ම අලෙවි වූ ගීත ඇල්බමය ලෙසද වාර්තා පොත් අතරට එක්වූ ‘දිල්වාලේ දුල්හනියා’ හී අඩංගු වූ ‘සුපර් හිට්’ ගීත මෙසේය.

  1. මේරෙ ක්වබෝන් මේන් – ලතා මන්ගේෂ්කාර් SEE
  2. රුක් ජා ඕ දිල් දිවානේ – උදිත් නාරායන් SEE
  3. සර ස ජූම් ලූන් මේන් – ආශා බෝස්ලේ SEE
  4. නා ජානේ මෙරේ දිල් කො ක්‍යා – ලතා, උදිත් නාරායන් SEE
  5. තුජෙ දේකා තෝයේ ජානා සනම් – ලතා, කුමාර් සානු SEE
  6. මෙහෙන්දි ලගා කෙ රක්නා – ලතා, උදිත් නාරායන් SEE

‘දිල්වාලේ දුල්හනියා’ යෂ් රාජ් සමාගමේ නිර්මාණයක්. නිෂ්පාදනය කලේ යෂ් චොප්‍රා වූ අතර අධ්‍යක්ෂනය කලේ ආදිත්‍ය චොප්‍රා. ශාරුක් කාන්, කාජල්, අම්රිශ් පූරි, අනුපම් කේර් සහ ෆරීඩා ජලාල් යන හින්දි සිනමාවේ පතාක යෝධයන් රංගනයෙන් දායක වුනා. මේ සිනමා පටය ගැන නොදන්න කෙනෙක් නැති තරම්. ඒත් අලුත් පරම්පරාව වෙනුවෙන් කතාව කෙටියෙන් දාන්නම්.

රාජ් සහ සිම්රන් ලන්ඩන් වල ජීවත්වෙන වෙන වෙන පවුල් දෙකක කොල්ලෙකුයි, කෙල්ලෙකුයි. සිම්රන්ගෙ තාත්තා බල්දේව් සින් තද ගති තියෙන කෙනෙක්.වචනයක් කිව්වොත් කිව්වාම තමයි.ඉන්දියාවේ ජීවත්වෙන එයාගෙ හොඳම යාලුවා, අජිත්ගේ පුතාට සිම්රන්ව කසාද බන්දන්න පොඩි කාලෙදිම තීන්දු කරලයි තියෙන්නේ. සිම්රන් මේකට කැමති නෑ. එයා අජිත්ගෙ පුතා කුල්ජීත්ව කවදාවත් දැකල නෑ. ඇරත් එයාගේ හීන වල ඉන්නෙ වෙන කෙනෙක්. එයාවත් තාම දැකල නැති නොහඳුනන කෙනෙක්. මේ අතරෙදි කසාදෙට කලින් සිම්රන් යුරෝපෙට ට්‍රිප් එකක් යනවා. ඒ ගමනෙදි මෙයාට රාජ් මුණගැසෙනවා. මුලින් මුලින් දෙන්නා රණ්ඩු උනත් පස්සෙ ගොඩක් සමීප වෙනවා. ට්‍රිප් එක ඉවර වෙනකොට රාජ් සිම්රන් ගැන ආදරයක් ඇති වෙලා. ඒත් කියන්නේ නෑ. දෙන්නා වෙන්වෙලා යන මොහොතේ තමයි සිම්රන්ට දැනෙන්නෙ එයත් රාජ්ට ආදරය කරනවා කියලා. එයාගෙ හීන වල හිටපු කෙනා රාජ් කියල එයා තේරුම් ගන්නවා. ඒත් ඒ වෙනකොටත් රාජ් ගිල්ලා. ඊට පස්සෙ එයා හිත හදාගෙන ඉන්දියාවට යනවා, එයාගෙ කසාදෙට. කසාදෙ වැඩ කටයුතු ජයටම කෙරෙනකොට ලන්ඩන් ඉඳන් රාජ් සිම්රන් හොයාගෙන එහාට එනවා. ඊට පස්සෙ තමයි දෙන්නගෙ ලව් එක පටන් ගන්නේ. හැබැයි කවුරුවත් දන්නෑ. සිම්රන්ගෙ තාත්තගෙ හිත දිනාගෙන එයාව මනමාලි කරන් අරගෙන යන්න රාජ් කරන අහින්සක අරගලය තමයි ෆිලුමේ තියෙන්නේ. බල්දේව්ගෙ ගල් හිත මොලොක් වෙයිද ? ආ.. ඒ අස්සේ අජිත්ගෙ දුව ප්‍රීතිව රාජ්ට ජෝඩු කරන්නත් ලෑස්තිවෙනවා. රාජ්ට අක්කා නැතුව නංගි ගන්න වෙයිද? ඒ අතර තව රස බර කතා ගොඩායි. බලලා නැත්නම් අරන් බලන්න. චිත්‍රපට බලන කෙනෙක් නම් බලලා තිබිය යුතුම ෆිල්ම් එකක්. පැය 03 වි.10 ෆිල්ම් එක දිග උනත් ඔයාලට ඒ වෙලාව ගතවෙනවා දැනෙන එකකුත් නෑ. ෆිලුම ඒ තරම් පට්ට.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Subz.lk හි පලවූ Rasika Samanjith සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Dilwale Dulhania Le Jayenge (1995) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/dilwale-dulhania-le-jayenge-1995-sinhala-subtitles/feed/ 0
Mohabbatein (2000) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/mohabbatein-2000-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/mohabbatein-2000-sinhala-subtitles/#respond Thu, 20 Jul 2023 10:50:34 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=45392 Mohabbatein Sinhala Sub Mohabbatein Sinhala Subtitles Mohabbatein (2000) Sinhala Sub Mohabbatein (2000) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ” කළු ගල් වැනි රළු හදවත් ආදරයෙන් සියුමැළි කල හැකිද? වියලී ඉරිතලා ගිය හදවත් ආදරයෙන් තෙත් කල හැකිද? වෛරයෙන් දැවෙන හදවත් ආදරයෙන් සුවපත් කල හැකිද? ඔව්.. ආදරය කියන්නෙ මේ සියල්ල කල හැකි පුදුමාකාර දෙයක් “ 2000 වසරේ තිරගත […]

The post Mohabbatein (2000) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Mohabbatein Sinhala Sub
Mohabbatein Sinhala Subtitles
Mohabbatein (2000) Sinhala Sub
Mohabbatein (2000) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

” කළු ගල් වැනි රළු හදවත් ආදරයෙන් සියුමැළි කල හැකිද? වියලී ඉරිතලා ගිය හදවත් ආදරයෙන් තෙත් කල හැකිද? වෛරයෙන් දැවෙන හදවත් ආදරයෙන් සුවපත් කල හැකිද? ඔව්.. ආදරය කියන්නෙ මේ සියල්ල කල හැකි පුදුමාකාර දෙයක් “

2000 වසරේ තිරගත වුන මේ සොඳුරු සිනමා සිත්තමෙහි දෙබස්, තිර රචනය සහඅධ්‍යක්ෂනය Adithya chopra විසින් සිදු කර තිබෙනවා. මෙහි නිෂ්පාදනය, වියෝ වූ ශ්‍රේෂ්ඨ සිනමා කරුවෙක් වූ Yash chopra විසින් සිදු කර තිබෙනවා. මෙහි සහය අධ්‍යක්ෂක වරයෙක් ලෙස Nikhil advani කටයුතු කර තිබෙනවා, සංවේදී සිනමා සිත්තමක් වූ Kal Ho Naa Ho අධ්‍යක්ෂනය කලේ ඔහු විසින්. පැහැදිලි වම හින්දි සිනමාවේ දක්ෂ නිර්මාණ කරුවන් පිරිසක් මේ වටා රොක් වී සිටිනවා. මෙහි IMDB අගය 6.8 ක් පෙන්නුම් කරනවා.

‘ගුරුකුල්’ කියන්නෙ ඉන්දියාවෙ ප්‍රධානම පෙලේ පිරිමි උසස් පාසලක්. බොහොම ගෞරවනීය, විනයානුකූල, දැඩි නීති රීති යටතේ පැවැත්වෙන පාසළක්. නීති කොතරම් දැඩිද කියනවා නම්, එක් නීතියක් හෝ පැහැර හරින සිසුන්ව නෙරපා හරින අතර, රටේ කිසිම අධ්‍යාපන ආයතනයකින් ඔවුන්ව පිළිගන්නෑ. මෙහි විදුහල්පති තුමා ද ඉතාමත් දැඩි පුද්ගලයෙක්, ඔහු නමින් ‘ නාරායන් ශංකර් ‘. මේ කතාව ඇදී යන්නේ නව පාසල් වාරයේ පාසළට ඇතුල් වන සිසුන් තිදෙනෙක් වටා. ‘වික්‍රම්'(විකී),’කරණ්’ සහ ‘සමීර්’. ගුරුකුලය තුල ආදරය කිරීම තහනම් වන මුත් ඔවුන් තිදෙනාටම ආදරයක් ඇති වෙනවා. විකී ආදරේ කරන්නේ අල්ලපු බාලිකා පාසලේ තරුණියකට. සමීර් ආදරේ කරන්නේ පුංචි කාලෙ මිතුරියක්වෙලා හිටපු තරුණියකට. කරණ් ආදරය කරන්නේ, විවාහ වී ඇති මුත් සැමියා මියගිය තරුණියකටයි. ආදරය කිරීම නිසා වරද කරු වී ගුරුකුලෙන් මීට ඉහතදී නෙරපා දැමූ ශිෂ්‍යයෙක් ගැන ඔවුන්ට දැනගන්න ලැබී ඔවුන් ආදරය කිරීමට පසුබට වෙනවා. නමුත් සියල්ල වෙනස් වෙන්නේ ඔවුන්ගේ නව සංගීත ගුරුවරයා නිසයි. ඔහු නමින් ‘ රාජ් ආර්යන් ‘. රාජ් ආර්යන් සියළු සිසුන්ගේ සිත් දිනාගන්නවා, සියළුම සිසුන් ඔහුට ආදරය කරනවා.නමුත් විදුහල්පති තුමාට ඔහුව සිත් ගන්නේ නෑ. ඔහු ශිෂ්‍යයින්ට සංගිතය වගේම ආදරයත් උගන්වනවා. ගුරුකුලය උඩුයටිකුරු කිරීමට ඔහු සමත් වෙනවා. මේ හේතුව නිසාම ඔහුට විදුහල් පති තුමා එක්කත් ගැටෙන්න වෙනවා. වෙනස්වීම් වලට අකමැති මේ පුද්ගලයා සමග රාජ් ආර්යන් ගනුදෙනු කරන හැටි හරිම සිත් ගන්නා සුළුයි. තමන්ගේ ආදර වන්තිය යලි කවදාවත් දකින්න නොලැබෙයි නම්, ඇගේ කටහඬ යලි අහන්න නොහැකියි නම්.. කෙනෙක්ට මේක කොහොම දැනෙයිද? ඒ වගේ දරුණු වේදනාවක් විඳින පුද්ගලයෙක් තමයි රාජ් ආර්යන් කියන්නෙ. ජීවිත කාලෙම එකම කෙනෙක්ට ආදරය කරන මිනිසුන් ලෝකයේ අඩුයි, ඇගේ මරණින් පසුවත් ඇයටම ආදරේ කරමින් ජීවත් වන ඔහුගෙ වේදනාබර කතා පුවතද මෙහි දිග හැරෙනවා. නමුත් තමන්ට නොලැබුණ ආදරය අනිත් අය විඳිනවා බලන්නයි ඔහු උත්සාහ කරන්නේ. ඔහු ආදරය දකින ඕනෑම තැනක තම ආදර වන්තිය ‘ මේඝා ‘ දකිනවා. මේ නිසා, මෙහි බොහොම දැඩි පුද්ගලයෙක් වුණ විදුහල්පති හා ‘රාජ් ආර්යන්’ අතර සටන තවත් උග්‍ර වෙනවා. ආදරයේ අරුත නොදත් ‘නාරායන් ශංකර්’ ව වෙනස් කිරීමට ‘ආර්යන්’ උත්සාහ ගන්නවා…

මේ තමා සාරාංශය. කතාව නම් තව දිගයි… මේ සිනමා කෘතියේ ලස්සන ගීත පහක් ද ඇතුලත්. මෙහි ‘වික්‍රම්’ ලෙස Uday chopra රඟ දක්වනවා, ‘කරණ්’ ලෙස Jimmy Shergill රඟ දක්වන අතර ‘සමීර්’ ලෙස Jugal Hansraj රංගනය ඉදිරිපත් කරනවා. ‘නාරායන් ශංකර්’ ගේ චරිතය ජීව මාන කරන්නේ ප්‍රවීණ රංගන ශිල්පී Amithaab bhachchan විසින්. ඔහුගේ රංගනය ඉතාමත් ප්‍රශංසනීයයි, ඔහු තම චරිතයට ලබා දිය හැකි ඉහලම සාධාරණය ලබා දෙනවා. ‘මේඝා’ ලෙස රංගන දායකත්වය සපයන්නේ සුරූපී නිළි Aishwarya rayi විසින්.’රාජ් ආර්යන්’ චරිතයට පණ දෙන්නේ අද වන විට බොළිවුඩයේ විශාලතම පෙරළිය සිදුකල, අසමසම රංගන ශිල්පියා Shahrukh Khan විසින්, ඔහුගේ රංගන හැකියාව ගැන විශේෂයෙන් කියන්න ඕනෙ නෑනෙ.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ නාමික සඳරුවන් සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Mohabbatein (2000) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/mohabbatein-2000-sinhala-subtitles/feed/ 0