Anuroop P Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/anuroop-p/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Thu, 07 Dec 2023 21:11:15 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Anuroop P Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/anuroop-p/ 32 32 Chaaver (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/chaaver-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/chaaver-2023-sinhala-subtitles/#comments Fri, 01 Dec 2023 22:24:12 +0000 https://sinhalasub.life/?post_type=movies&p=61734 Chaaver Sinhala Sub Chaaver Sinhala Subtitles Chaaver (2023) Sinhala Sub Chaaver (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! කොහොමද ඔයාලා හැමෝටම… ඔන්න එහෙනන් උනු උනුවෙන් තවත් සුපිරි චිත්‍රපටයක් අරන් ආවා ඒ තමයි පහුගිය 5 වෙනිදා සොඳුරු කේරලයේදී තිරගතවීම් ඇරඹුනු ”චාවර්” ත්‍රාසජනක චිත්‍රපටය… කාලෙකින් තමයි Crime / Thriller මලයාලම් චිත්‍රපටයක් හම්බුනේ සුපිරි කියන්න පුලුවන් කම්මැලි නැතුව පැය […]

The post Chaaver (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Chaaver Sinhala Sub
Chaaver Sinhala Subtitles
Chaaver (2023) Sinhala Sub
Chaaver (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

කොහොමද ඔයාලා හැමෝටම… ඔන්න එහෙනන් උනු උනුවෙන් තවත් සුපිරි චිත්‍රපටයක් අරන් ආවා ඒ තමයි පහුගිය 5 වෙනිදා සොඳුරු කේරලයේදී තිරගතවීම් ඇරඹුනු ”චාවර්” ත්‍රාසජනක චිත්‍රපටය… කාලෙකින් තමයි Crime / Thriller මලයාලම් චිත්‍රපටයක් හම්බුනේ සුපිරි කියන්න පුලුවන් කම්මැලි නැතුව පැය දෙකක් බලන්න පුලුවන් සුපිරි ෆිල්ම් එකක් තමයි මේ අරගෙන ආවේ…..

චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නෙ Ajagajantharam 2021 චිත්‍රපටය අධ්‍යක්ෂණය කරපු Tinu Pappachan විසින්ම තමයි ප්‍රධාන චරිතයට පණ පොවන්නෙ….සුපිරි මලයාලම් නළු Kunchacko Boban විසින් Anjaam Pathira , Ottu , Padmini වගේ ෆිලුම් බලපු අය මෙයාව දන්නවා ඇති ….

ඊට අමතරව Parava 2017 , Thuramukham 2022, Madhurm 2021, Pranaya Vilasam 2023 වගේ චිත්‍රපට වල දක්ශ රංගනයක එක්වුනු Arjun Ashokan මේ චිත්‍රපටයේද වැදගත් චරිතයක් කරනවා…….

මේ වන විට 7.8 / 10 IMDb අගයක් හා 84% ක ගූගල් පරිශීලක මනාප ප්‍රමාණයක් හිමිකරගෙන තියෙන මේ සොඳුරු කේරළ සිනමා සිත්තම ඒ තියෙන ගස් වැල් එක්ක ඇස් දෙකට මාර ෆීලින්ග් එකක් දෙන කුතුහලයෙන් බලන්න පුලුවන් Thriller ෆිලුමක් කිව්වොත් මම හරි…..

ඒනම් කතාව පැත්තට ගියොත්…….

අරුන් කියන්නෙ නර්සින් කරන කොල්ලෙක් ඉතින් මෙයා ගෙදර ඉද්දි දවසක් කෝල් එකක් එනවා එයාගෙ ගමේ කෙනෙක්ගෙන් මේ තැනට එන්න අපේ කෙනෙක්ට තුවාලයි බෙහෙත් දාගන්න ඕනෙ ඉස්පිරිතාලෙ යන්න අපිට බෑ කියලා එයාට එන්න කියනවා ඉතින් කොල්ලා යනවා හැබැයි ගියා ගියාමයි කොල්ල දන්නෙ නෑ මං මේ පැටලුනේ මොන ජංජාලයකටද කියලවත් ඇත්තම කිව්වොත් ලොකු මිනිමැරුමක් කරපු කන්ඩායමක තුවාල උනු එයාලගෙ නායකයට බෙහෙත් දාන්න තමයි අරුන්ට කතා කරලා තීන්නෙ ඒත් අරුන්ට බෙහෙත් දාලා පාඩුවෙ යන්නනම් හම්බෙන්නෙ නෑ………

එහෙනම් ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා මේ චිත්‍රපටය රසවිඳින්න…

කුතුහලය නැති වෙන නිසා ඉතාමත් කෙටියෙන් මුල් ටික විස්තර කලා එහෙනන් ඔයාලා හැමෝටම බුදු සරණයි!!…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ එස්.ඩිල්මිත් සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Chaaver (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/chaaver-2023-sinhala-subtitles/feed/ 4
Thinkalazhcha Nishchayam (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/thinkalazhcha-nishchayam-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/thinkalazhcha-nishchayam-2021-sinhala-subtitles/#respond Sun, 30 Jul 2023 14:15:25 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=47744 Thinkalazhcha Nishchayam Sinhala Sub Thinkalazhcha Nishchayam Sinhala Subtitles Thinkalazhcha Nishchayam (2021) Sinhala Sub Thinkalazhcha Nishchayam (2021) Sinhala Subtitles සුබ දවසක් වේවා හැමෝටම!! 2021 ඔක්තොම්බර් මස 29 වෙනි දින SonyLIV ඔස්සේ නිකුත් වුණ Thinkalazhcha Nishchayam (2021) මලයාලම් චිත්‍රපටියට අරගෙනයි අපි අද ආවේ. Senna Hegde අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටියට මේ වෙද්දි IMDb දර්ශකයේ 8.0/10 අගයක් වගේම […]

The post Thinkalazhcha Nishchayam (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Thinkalazhcha Nishchayam Sinhala Sub
Thinkalazhcha Nishchayam Sinhala Subtitles
Thinkalazhcha Nishchayam (2021) Sinhala Sub
Thinkalazhcha Nishchayam (2021) Sinhala Subtitles

සුබ දවසක් වේවා හැමෝටම!!

2021 ඔක්තොම්බර් මස 29 වෙනි දින SonyLIV ඔස්සේ නිකුත් වුණ Thinkalazhcha Nishchayam (2021) මලයාලම් චිත්‍රපටියට අරගෙනයි අපි අද ආවේ.

Senna Hegde අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටියට මේ වෙද්දි IMDb දර්ශකයේ 8.0/10 අගයක් වගේම 96% ගූගල් පරිශීලක අගයක් හිමිවෙලා තියෙනවා. මලයාලම් ප්‍රහසන චිත්‍රපටියක වන Thinkalazhcha Nishchayam, 51 වෙනි කේරළ ප්‍රාන්ත සිනමා උළෙලෙදී Best Story යන සම්මානයෙන් පිදුම් ලැබුවා. ඒ වගේම Second Best Film ලෙස තේරී පත්වුණෙත් මෙම චිත්‍රපටිය. උතුරු කේරළයේ Kanhangad කියන ප්‍රදේශයේ රූගත කරන ලද මෙම චිත්‍රපටියට සම්බන්ධ වෙලා තියෙන්නේ ඒ ප්‍රදේශයේම ජීවත් වෙන ආධුනික පිරිස් කියලා අන්තර්ජාලයේ සඳහන් වෙනවා. මෙම ආධුනික පිරිසගේ රංගනය නම් ඉතාමත් ඉහල මට්ටමක තියෙනවා කියලා නොකියාම බෑ. පීතෘ මූලික සමාජයක ගෙදරක කටයුතු වෙන්නේ කොහොමද? පියාගේ වගකීම් හා බැඳුණු කටයුතු සිද්ධ වෙන්නේ කොහොමද ආදී ලෙස ලාංකිකයින් වෙන අපිටත් සමීප දේවල් මේ චිත්‍රපටිය පුරාවටම දකින්න පුළුවන්.

මේ කතාවට මූලික වෙන්නේ විවාහ ගිවිස ගැනීමේ අවස්ථාවක්. අපේ රටේ අද වුණත් නාගරිකව කෙසේ වෙතත් ග්‍රාමීයව ගෙදරක මඟුල් ගෙයක්, දානයක්, බණක් පැවැත්වෙනවා නම් නෑදෑයෝ, අසල්වැසියො එකතු වෙනවා. එකිනෙකාට උදව් කරනවා. තමන්ගේ තැනක වගේ ඒ කටයුතු නොපිරිහෙලා ඉටු කරනවා. ඕපදූප කතා කරනවා, සතුටු වෙනවා, ඇනුම් පද කියනවා, බැන ගන්නවා මේ විදියට කෝටියක් දේවල් ඒ් වගේ තැනකදි සිද්ධ වෙනවා. ඒ විදියටම ‌මේ චිත්‍රපටියේ විජයන්ගේ දුවගේ විවාහ ගිවිස ගැනීමේ උත්සවයත් රස සාගරයක්. මිනිත්තු 108 ක් අපිටත් මේ උත්සවයේ අසිරිය විඳ ගන්න පුළුවන් වෙනවා‍.

කතාව ගැන පොඩ්ඩක් කියනවා නම්. කුවේට් විජයන් මේ ගෙදර තාත්තා. විජයන්ගේ නෝනා ලලිතා, සුරභි ලොකු දුව, සුජා මද්දුමයා, බාලයා සුජිත්. විජයන් කියන වචනෙට ගෙදර හැමෝම යටයි. විජයන් කොච්චර සැර පරුෂ මනුස්සයෙක් වුණත් විජයන්‌ගේ මනාපෙට ලොක්කිට කසාදයක් කරලා දෙන්න නම් බැරි වෙනවා. ලොක්කි හිතුවක්කාරකමට සන්තෝෂ්ව කසාද බඳිනවා. ඒ කාරණාවෙන් නොසෑහෙන්න හිත රිදිලා ඉන්න විජයන් ‌දෙවෙනියාට මනමාලයෙක් කතා කරනවා. මනමාලයා මෝඩ පහේ කොල්ලෙක් වුණාට මොකද වැඩ කරන්නේ සාජා වල. ඉතින් සුජාට කසාදෙන් පස්සේ සැප පහසුවට ඉන්න පුළුවන්නේ. අනික කොල්ලා, සුජාව දැක්ක ගමන් කැමති වෙලා දවස් දෙකක් ඇතුලත ගිවිස ගැනීම කරන්න කටයුතුත් කතා කරනවා. ඒ්ත් මේ කසාදෙට සුජා කැමති වෙයිද? අක්කා හිතුවක්කාරෙට කසාදයක් කරන් තාත්තාගේ හිත රිද්දුවට සුජා එහෙම කරන්නෙ නැති වෙයිද? කතාව බලලම දැන ගමු.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ රේණුකා සුභාෂිණි සහෝදරියගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Thinkalazhcha Nishchayam (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/thinkalazhcha-nishchayam-2021-sinhala-subtitles/feed/ 0