Ariana Greenblatt Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/ariana-greenblatt/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 30 Sep 2024 15:18:41 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Ariana Greenblatt Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/ariana-greenblatt/ 32 32 Borderlands (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/borderlands-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/borderlands-2024-sinhala-subtitles/#respond Mon, 16 Sep 2024 16:02:50 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=75258 Borderlands Sinhala Sub Borderlands Sinhala Subtitles Borderlands (2024) Sinhala Sub Borderlands (2024) Sinhala Subtitles

The post Borderlands (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Borderlands Sinhala Sub
Borderlands Sinhala Subtitles
Borderlands (2024) Sinhala Sub
Borderlands (2024) Sinhala Subtitles

The post Borderlands (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/borderlands-2024-sinhala-subtitles/feed/ 0
Barbie (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/barbie-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/barbie-2023-sinhala-subtitles/#respond Mon, 11 Sep 2023 17:25:33 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=53099 Barbie Sinhala Sub Barbie Sinhala Subtitles Barbie (2023) Sinhala Sub Barbie (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ළමායි ඔන්න ඔරිජිනල් පිටපත UPDATE කරා… කාලෙන් කාලෙට සමාජ මාධ්‍ය ඔස්සේ එක එක රැලි ඇතිවෙනවා, ඒක සාමාන්‍ය දෙයක්. ඒ රැල්ල ධනාත්මක හෝ සෘනාත්මක වේවා යම් නිර්මාණයක සාර්ථකත්වයට ඒක බොහෝ සෙයින් බලපානවා. ඔයාලට ගිය අවුරුද්දෙත් මතක ඇති Wednesday කතා […]

The post Barbie (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Barbie Sinhala Sub
Barbie Sinhala Subtitles
Barbie (2023) Sinhala Sub
Barbie (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ළමායි ඔන්න ඔරිජිනල් පිටපත UPDATE කරා…

කාලෙන් කාලෙට සමාජ මාධ්‍ය ඔස්සේ එක එක රැලි ඇතිවෙනවා, ඒක සාමාන්‍ය දෙයක්. ඒ රැල්ල ධනාත්මක හෝ සෘනාත්මක වේවා යම් නිර්මාණයක සාර්ථකත්වයට ඒක බොහෝ සෙයින් බලපානවා. ඔයාලට ගිය අවුරුද්දෙත් මතක ඇති Wednesday කතා මාලාව රැල්ලට ලෝකය පුරා හිටි හැටියෙ ජනප්‍රිය වුණා. අන්න ඒ වගේ,

මේ අරගෙන එන්නේ මෑතකාලයේදී සිනමා ක්ෂේත්‍රයේ විශාල පෙරලියක් කරපු ලෝකය පුරා අතිශය ජනප්‍රියට පත් චිත්‍රපටයක්, ඒක නමින් Barbie. මේ ෆිල්ම් එක තමයි ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂක ක්‍රිස්ටෝපර් නෝලන්ගෙ ඕපන්හයිමර් ෆිල්ම් එක එක්ක කරට කර සටන් වදින්න ජූලි 21 වෙනිදා Warner Bros. විසින් අතෑරපු බෝම්බෙ.

සමාන්‍යයෙන් බැලුවොත් ලොකු හයිප් එකක් එක්ක හැදුනු ෆිල්ම් එකක් තියටර් රිලීස් කරන කොට සමාන්‍ය ෆිල්ම් රිලීස් කරහම වෙන්නෙ ඒ ෆිල්ම් ආදායම අතින් අතිශය පාඩු ලබන එක. හැබැයි මෙතනදි ඒක සෑහෙන්න වෙනස් වෙලා මේ ෆිල්ම් දෙක වෙනුවෙන් ලොකු රැල්ලක් සමාජ මාධ්‍ය වල ඇති වුණා Barbenheimer නමින්. ඒකෙන් ප්‍රේක්ශකයො ෆිල්ම් දෙක වෙනුවෙන් පිල් බෙදිල රැල්ලටත් එක්කම විශාල පිරිසක් මේක බලන්න තියටර් වලට ගිහින් සෑහෙන හයිප් එකක් ලෝකය වටා හැදුනා.

ඒකෙ ප්‍රතිපලයක් විදිහට බාබි ෆිල්ම් එකට හැකි වෙනවා ධනාත්මක ප්‍රතිචාරත් සමඟම ආදායම අතින් ඕපන්හයිමර් පරදා ඉතා කෙටි කාලයක් තුල ඇමරිකානු ඩොලර් බිලියනයෙ සීමාව පසු කරන්න, එනම් දින 15 වැනි කාලයක් තුලදී. ඒ අනුව මේ වෙනකොට ඇමරිකානු ඩොලර් බිලියන 1.4 අධික ආදායමක් උපයන්න හැකිවෙලා තියෙනවා වගේම ෆිල්ම් එක නිෂ්පාදනය කරන්න වැයවී ඇත්තේ ඇමරිකානු ඩොලර් මිලියන 145 පමණයි. ඒත් එක්කම මේ බාබි ෆිල්ම් එකට හැකි වෙනවා තව තවත් වාර්ථා එක් කරන්න එනම්,

  1. කාන්තාවක් තනිව අධ්‍යක්ෂණය කල (Solo Directed) සිනමාපටයක් ඩොලර් බිලියනය පසුකල මුල්ම සිනමාපටය.
  2. වැඩිම ඩොමෙස්ටික් ආදායමක් ලද, කාන්තාවක් විසින් අධ්‍යක්ෂණය කල සිනමාපටය සහ වැඩිම ආදායමක් ලද කාන්තාවක් විසින් අධ්‍යක්ෂණය කල දෙවෙනි සිනමාපටය.
  3. 2023 වසරේදී ඩොලර් බිලිනයක ආදායමක් වාර්තා කල පලමු ලයිව් ඇක්ෂන් සිනමාපටය සහ මේ වනවිට අවුරුද්දේ වැඩිම ආදායමක් ලද සිනමාපටය.
  4. Warner Bros. ඉතිහාසයේ දැවැන්තම ආදායමක් ඉපැයූ සිනමාපටය.
  5. රයන් ගොස්ලින් සහ මාග්‍රට් රොබී දෙන්නගෙම ඩොලර් බිලියනය පසුකල මුල්ම සිනමාපටය.
  6. බාබි සිනමාපටය තමයි වේගයෙන්ම ඩොලර් බිලියනය වාර්ථා කල සිනමාපට අතර හයවෙනියට රැඳී සිටින්නේ.

දැං පේනවනේ මේ රැල්ල කොච්චර දුරට ගියාද කියලා. හැබැයි කලින් කිව්ව වගේ මේක සාමාන්‍ය ෆිල්ම් එකක් කියන්නත් බෑ. මොකද මේක අධ්‍යක්ෂණය කරන්නේ සම්මාන ලාභී අධ්‍යක්ෂක Greta Gerwig මහත්මිය විසින්. ඇය තමයි Little Women(2019), Lady Bird(2017) වැනි ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂණය කළේ. ඒ විතරක්ම නෙවේ මේකට ප්‍රධාන වශයෙන් රංගනයෙන් දායක වෙන්නේ අපි කොයි කවුරුත් ආදරය කරන Margot Robbie සහ Ryan Gosling දෙදෙනායි. ඊට අමතරව මෙයට රංගනයෙන් දායක වෙනවා Will Ferrell, Emma Mackey, Simu Liu, Michael Cera, Kate McKinnon, America Ferrera, Hari Nef, Ariana Greenblatt, Ncuti Gatwa, Connor Swindells වැනි ජනප්‍රිය නළු නිළියන් රැසක්. තවද මේ වනවිට IMDb 7.3 ඉහල අගයක් ගන්න හැකිවෙලා තියෙනවා මනාප 267,000 අධික ප්‍රමානයකින් සහ කුණු තක්කාලි 88% ගන්නත් හැකිවෙලා තියෙනවා.

එහෙනම් ඔය ඇතිනෙ ෆිල්ම් එකේ වටේ විස්තර, දැං අපි බලමු මේ ෆිල්ම් එක සම්බන්දයෙන් අපේ ගොඩක් කට්ටියට තිබ්බ ප්‍රශ්න ටික ගැන. මෙච්චර ජනප්‍රිය වෙන්න තරම් ඇත්තටම කවුද මේ බාබි කියන්නේ? හරි මෙහෙමයි ලංකාවෙ මෙහෙ වැඩිය මේ සංකල්පය ප්‍රසිද්ධ නැතත් ලෝකය පුරා විවිධ රට වල මේ සංකල්පය ඉතා ප්‍රසිද්ධයි. ඉතින් අපි බලමු කොහොමද බාබි නිර්මාණය වුණේ කියලා,

රූත් හැන්ඩ්ලර් නැතිනම් බාබි සංකල්පයේ නිර්මාතෘවරිය කියන්නේ මැටල්(Mattel) බෝනික්කො හදන සමාගමේ සම නිර්මාතෘවරියක්. එයා දකිනවා දවසක් එයාගෙ දුව පොඩි බෝනික්කො එක්ක සෙල්ලම් කරනවා සහ එයාගෙ හීන වගේ බෝනික්කන්වත් සරසනවා. ඉතින් රූත් තේරුම් ගන්නවා පුංචි ගෑහැනු ළමයින්ට තමන්ව දිරිමත් කරන්න පුළුවන් සහ මානසික වශයෙන් ශක්තිමත් කරන්න පුළුවන් බෝනික්කෙක් ඕනෙ කියලා. ඒ අනුව ඇය 1956 බාබිව නිර්මාණය කරන්න සංකල්පය මැටල් එකට ඉදිරිපත් කරනවා. බාබිට ඕන දෙයක් වෙන්න පුළුවන් කියන සංකල්පයත් එක්ක තමයි රූත් බාබිව ඉදිරිපත් කරන්නේ, ඒ කියන්නේ වෛද්‍යවරියක්, ගුරුවරයෙක්, ගුවන් නියමුවෙක්, ගඟනගාමියෙක් වුණත්. ඉතින් බාබිගේ අනාගතේ ගැන දැකපු මැටල් එක තීරණේ කරනවා බාබිව නිර්මාණය කරන්න. ඒ අනුව 1959 මාර්තු මාසයේදී නිළ වශයෙන් බාබිව වෙළඳපොලට හදුන්වා දෙනවා. බාබිව නිර්මාණය කරල තියෙන්නේ ශක්තිමත්, ස්වාධීන, ඕනම දෙයක් කරන්න පුළුවන් දෙයක් විදිහට, ඒ නිසා මේක සමාජය තුල සීග්‍රයෙන් ප්‍රචාරය වෙන්න ගන්නවා. ඒකට පුළුවන් වෙනවා සමාජය තුල සංස්කෘතික තුල විශාල බලපෑමක් එල්ල කරන්න ඉතින් බාබි බෝනික්කෙක්ට වඩා වැඩි දෙයක් බවට පත් වෙන්න හැකිවෙනවා. අවසානයේදී සමාජයේ කාන්තාශක්තියේ සලකුණ බවට බාබි පත් වෙනවා. බාබිගේ සැබෑ සංකල්පය තමයි සමාජය තුල කාන්තා ශක්තිය පිළිඹිබු කරලා පෙන්නන එක. ඉතින් මේ ජනප්‍රියත්වයත් එක්ක කාලෙන් කාලෙට සමාජය වෙනස් වෙද්දි නව බාබි නිෂ්පාදන මැටල් එකෙන් ඉදිරිපත් කරනවා. එයාල විවිධ ශරීර වර්ණයන් තියෙන බෝනික්කන් හඳුන්වා දෙනවා. ගැහැනු ළමයින්ට ඕනෙම කෙනෙක් වෙන්න පුළුවන් කියලා පෙන්නන්න මැටල් එකෙන් වෛද්‍යවරියන්, ගඟනගාමීන්, ගරුවරු වශයෙන් විවිධ වෘතීන් එක්ක බාබිව නිර්මාණය කරන්න ගන්නවා. ඒ අනුව බාබි මේ වෙනකොට බ්‍රෑන්ඩ් එකක්, කාන්තා ශක්තියේ සංඛේතයක් වගේම මේ සංස්කෘතියෙ කොටසක් බවට පත්වෙලා හමාරයි. ඊට අමතරව බාබි නමින් ඇනිමේශන් ෆිල්ම්, ටීවී සීරිස් ගනනාවක් නිෂ්පාදනය වෙලා තියෙනවා. අපේ කට්ටියටත් මතක ඇති ටීවි එකේ අපි පොඩි කාලෙත් ලස්සන ලස්සන බාබි ඇනිමේශන් ෆිල්ම් විකාශනය වුණා.

රූත් හැන්ඩ්ලර් සහ ඇගේ සැමියා එලියට් හැන්ඩ්ලර්

දැං කට්ටියට හිතා ගන්න පුළුවන්නෙ බාබි කියන්නෙ කොච්චර දුරට ලෝකය පුරා ව්‍යාප්ත වුණ සහ ජනප්‍රිය වුණ බෑන්ඩ් නේම් එකක්ද කියලා. ඊලඟට අපේ කට්ටියට ඇතිවුණ ප්‍රශනයක් තමයි මොකක්ද මේ ෆිල්ම් එකේ කතාව කියන එක ගැන. මොකද ට්‍රේලර් එකත් කතාව ගැන හරියට අදහසක් ගන්න බැරි විදිහටනෙ තිබුනේ. බාබි ලන්තෙකුයි ඇත්ත ලෝකෙකුයි මොකක්ද මේ විකාරෙ කියලා ගොඩක් කට්ටියට හිතෙන්න ඇති. ඔන්න ඒ ප්‍රශ්නෙට උත්තරේ කියනවට වඩා දැං ඔයාලටම පුළුවන් ෆිල්ම් එක ඩව්න්ලෝඩ් කරල බලලාම දැනගන්න.

ෆිල්ම් එක බලනවාද නැද්ද කියන එක ඔයාල තීරණේ කරන්න, මොකද මේක ලස්සන සිංදු ටිකක් එක්ක යන හාස්‍ය මුසුවුණු සමාජෙට වටින පණිවිඩයක් දෙන ෆිල්ම් එකක්. මෑතකදි ඉතා ජනප්‍රියට පත් Dua Lipa ගෙ Dance The Night සිංදුවත් Billie Eilish ගෙ What Was I Made For? සිංදුවත් මේ ෆිල්ම් එකේම තමයි තියෙන්නේ. හැබැයි ෆිල්ම් එක බලන අයට එක දෙයක් කියන්න ඕනෙ, ඒක තමයි මේක ඩොලර් බිලියනයක් හෙව්වට මෙච්චර ජනප්‍රිය වුණාට එච්චර ලොකු දේවල් ෆිල්ම් එකෙන් බලාපොරොත්තු වෙලා මේක බලන්න එපා. මොකද මේක සරල කතාවක්. හැබැයි ඔයාල මේක සරල කතාවක් කියල හිතන් බැලුවොත් ඔයාලට මේකෙන් ගැඹුරු පණිවිඩයක් තමන්ගෙ ජීවිතේට වුණත් එක් කරගන්න බැරි නෑ.

ළමායි ඔන්න ඔරිජිනල් පිටපත UPDATE කරා…

එහෙනම් හැමෝටම ෆිල්ම් එක බලන්න ආරාධනා කරනවා.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :-Baiscope.lk හි පලවූ Bimsara Yashan (ඔලිව) සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Barbie (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/barbie-2023-sinhala-subtitles/feed/ 0
The One and Only Ivan (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-one-and-only-ivan-2020-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-one-and-only-ivan-2020-sinhala-subtitles/#respond Thu, 24 Aug 2023 13:31:24 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=51972 The One and Only Ivan Sinhala Sub The One and Only Ivan Sinhala Subtitles The One and Only Ivan (2020) Sinhala Sub The One and Only Ivan (2020) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! The One and Only Ivan අධ්‍යයක්ෂණය කරනු ලැබෙන්නේ Me Before You (2016) අධ්‍යයක්ෂණය කළ Thea Sharrock අතින්. තිර රචනය සිදු කරනු ලබන්නේ […]

The post The One and Only Ivan (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The One and Only Ivan Sinhala Sub
The One and Only Ivan Sinhala Subtitles
The One and Only Ivan (2020) Sinhala Sub
The One and Only Ivan (2020) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

The One and Only Ivan අධ්‍යයක්ෂණය කරනු ලැබෙන්නේ Me Before You (2016) අධ්‍යයක්ෂණය කළ Thea Sharrock අතින්. තිර රචනය සිදු කරනු ලබන්නේ Mike White විසින්. මේ චිත්‍රපටයට පාදක වන්නේ The One and Only Ivan නමින්ම K. A. Applegate අතින් රචිත ළමා නව කතාවයි. Sam Rockwell තමයි අයිවන්ට හඬ කැවීමෙන් දායක වෙලා තිබෙන්න‍ේ. Angelina Jolie, Danny DeVito, Helen Mirren, Brooklynn Prince, Ramón Rodríguez, Ariana Greenblatt සහ Bryan Cranston වගේ කට්ටිය තමයි රංගනයෙන් සහ හඬ කැවීමෙන් දායක වෙලා තිබෙන්නේ.

අපි නව කතාව ගැන පොඩි විපරමක් කරලා බැලුවොත්, මම කලින් කිව්වා වගේම මේ ළමා නවකතා පොතේ රචකයා වන්නේ K. A. Applegate. චිත්‍ර හැඩ ගන්වන්නේ Patricia Castelao. මේ නව කතාව දිව යන්නේ අයිවන් කියන සිල්වර්බැක් (silverback) ගෝරිල්ලා වටායි. අපි මුලින්ම බලමුකො කවුද මේ සිල්වර්බැක් ගෝරිල්ලෙක් කියන්නෙ කියලා.

සිල්වර්බැක්…. ඇත්තටම මම මුලින් මේ වචනය දැක්කාම හිතුවා සිල්වර්බැක් කියන්නේ ගෝරිල්ලා වර්ගයක් කියලයි. නමුත් ටිකක් හොයලා බලද්දි තමයි දැනගන්නට ලැබුණේ සිල්වර්බැක් කියන්නේ වැඩිහිටි පිරිමි ගෝරිල්ලන්ට බව. මෙසේ මොවුන්ව හඳුන්වන්න හේතු වන්නේ ඔවුන්ගේ කොඳු ප්‍රදේශයේ සිට ඉණ ප්‍රදේශය දක්වා තිබෙන කළු ලොම් රිදී පැහැයට හැරෙන නිසාලු. එතකොට බ්ලැක්බ්ලැක් (Blackbacks) කියල කියන්නේ වයස අවුරුදු 8 සිට 12 දක්වා ගෝරිල්ලන්ට. ඒ වයසට වැඩිය රිදී පැහැ ලොම් නැහැ. ඒක අමතර කරුණක්.‍

දැන් අපි ටිකක් අයිවන් ගැන කතා කරමුකෝ. දන්නවද? මේ නවකතා මනඃකල්පිත වුණාට අයිවන් කියන්නේ ඇත්තටම හිටපු ගෝරිල්ලෙක්. මේ නවකතාවට ආවේශනය ලබාගෙන තිබෙන්නේ මේ ගෝරිල්ලාගෙන් සහ එම ගෝරිල්ලා මුහුණ දුන් සිදු වීම්.

අයිවන්, 1962 උපත ලැබූ, Western lowland ගෝරිල්ලෙක්. ඔහු උපත ලැබුවේ වර්තමානයේ කොන්ගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය ලෙස හඳුන්වන ප්‍රදේශයේයි. ඔහුව කැළෑව තුළදී අල්ලාගනු ලබන්නේ ඔහු කුඩා කලදීමයි. ඔහු මුල් අවුරුදු කිහිපයේ දිවි ගෙවන්නේ ඔහුගේ අයිතිකරුවන් සමඟ වන අතර පසුව ඔහු නිවසක සිටීමට පවා අපහසු වන තරමට විශාල වූ පසුව අයිතිකරුවන් විසින් ඔහුව කොන්ක්‍රීට්වලින් සෑදූ කූඩුවකට යවනවා. එය ප්‍රදර්ශනයට තිබෙන්නේ වොශිටන්හි B&I නම් වෙළඳ සංකීර්ණයක. අයිවන් එහි තමයි ඔහුගේ දිවියේ ඊළඟ අවුරුදු 27 ගෙවනු ලබන්නේ.

අයිවන්ව නිදහස් කර ඔහුට‍ හරි හැටි අවධානය ලබා දී බලාගත හැකි තැනකට යවන්නට ඉඩ දෙන බවට ඉල්ලා ප්‍රාදේශීය සත්ව සුභසාධන සංවිධානවලින් කළ සාර්ථක සටන් ව්‍යාපාරවලින් පසුව, 1994 දී අයිවන්ව සියැට්ල්වල පිහිටි වුඩ්ලන්ඩ් පාක් සත්වෝද්‍යානයේ තබනවා. ඊට වැඩි කලක් නොගොස්, ඔහුව ජෝජියාවේ ඇට්ලැන්ටාවල පිහිටා ඇති ඇට්ලැන්ටා සත්වෝද්‍යානට යවනවා. ඔහුගේ දිවි අවසන් වන තාක් ඔහු දිවි ගෙවන්නේ එහිදීයි. 2012 අගෝස්තුවලදී අසනීප තත්වයෙන් සිට ප්‍රතිකාරවලට මුහුණ දෙමින් සිටි අතරතුර වසර 50ක් ආයු පරිභෝජනය කළ අයිවන් ජීවිතයට අවසන් තිත තබනවා. ඔයාලට මෙතනට ගියානම් බලන්න පුලුවන් ඇට්ලැන්ටා සත්වෝද්‍යානයේ වෙබ් අඩවියෙන් අයිවන් පිළිබඳ සටහන් කර තිබෙන වාර්තාව. ඉතින් ඕක තමයි අයිවන්ගේ සැබෑ ජීවිත කතාව…

නව කතාවේත් අපේ අයිවන් කියන ගෝරිල්ලා දිවි ගෙවන්නේ වෙළඳ සංකීර්ණයකයි. මේ නව කතාව ලියල තියෙන්නේත් අයිවන්ගේ දෘෂ්ටි කෝණයෙන්ම තමයි. 2013 Newbery Medal සම්මානය ජහග්‍රහණය කරන්නට සමත් වෙනවා. තවත් බොහෝමයක් සම්මාන දිනාගන්න The One and Only Ivan නවකතාවට හැකියාව ලැබෙනවා.

ඉතින් The One and Only Ivan නවකතාවේ අති සාර්ථකත්වයෙන් පසුව, මේ වසරේ ඒ කිව්ව‍ෙ 2020 මැයි මාසේ නැවතත් Katherine Applegateගේම රචනයෙන් The One and Only Bob නමින් තවත් නව කතාවක් නිකුත් වෙනවා.  මෙම නව කතාව ඉදිරිපත් කර තිබෙන්නේ අයිවන්ගේ හොඳම මිත්‍ර සුනඛයා වන බොබ්ගේ දෘෂ්ටි කෝණයෙන්.

මේ නවකතාවල සාරාංශනම් දෙන්න යන්නේ නැහැ මොකද චිත්‍රපටයත් නවකතාවට සමීපව ධාවනය වෙයි කියලා හිතන නිසා. කතාව කියවලා තියෙනවනම්, බලන්නකෝ චිත්‍රපටය කොච්චර දුරට නවකතාවට ළඟින් යනවද කියලා.

මේ චිත්‍රපටය මුලින්ම නිකුත් වෙන්නට තිබුණේ Walt Disney Studios Motion Pictures සමාගම යටතේ අගෝස්තු 14. නමුත් කොවිඩ්-19 වසංගත තත්වය නිසා සිනමාහල් වසා දැමීම හේතුවෙන්, ජූනි 12 වෙනිදා නිවේදනය කරනු ලබනවා Disney+ ඔස්සේ අගෝස්තු 21 වෙනිදාට නිකුත් කරන බවට. හැබැයි ඔන්න ජූලි 8 වෙනිදා චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරන පටයේ නිකුත් වීමත් සමග පෙර තීරණය කළ පරිදිම නැවතත් අගෝස්තු 14 වෙනිදාම නිකුත් කරන්න හිතුවත්, අවාසනාවන්ත ලෙස ආපහු 21 වෙනිදාම නිකුත් කරන්න තීරණය කරනවා. 

හොඳයි අපි දැන් චිත්‍රපටයේ කතාව දිහාවට හැරෙමු… මේ කතාවේදීත් පොතේදී වගේම බිග් ටොප් වෙළඳ සංකීර්ණය සහ වීඩියෝ ආකේඩ් එක්සිට් එයිට් (Big Top Mall and Arcade Exit 8) කියන ගොඩනැගිල්ලේ තමයි අයිවන් ජීවත් වෙන්නේ. අයිවන් තමා‍ මේ සර්ක්ස් එකේ ප්‍රධාන තරුව මොකද බිල්බෝඩ් එකේ (විශාල දැන්වීම් පුවරුවෙ) තියෙන්නේ එයාගේ පින්තූරයක් සහ සඳහන් කරලා තියෙන්නේ එයා ගැන. එයාට යාළුවෝ කිහිප දෙනෙකුත් ඉන්නවා. එයාලව චිත්‍රපටය බලලාම අඳුනගන්නකෝ. එතකොට අයිවන්ගේ රාජකාරිය වෙන්නේ ලොකු තරහක් මවාපාමින් ගොරවලා, කිං කොං වගේ පපුවට ගහගෙන එහෙම සර්කස් එක බලන්න එන කට්ටියව සතුටු කරන එක.

නමුත් ළඟදි ඉඳලා සර්කස් එක බලන්න එන කට්ටිය අඩු වෙලා. ඉතින් සර්කස් එක කරගෙන යන අයිවන්ව පුංචි කාලයේ ඉඳලා බලා කියාගත්තු මැක් මහත්මයා මේකට විසඳුමක් හිතලා තීරණයක් ගන්නවා. ඒ මොකක්ද කියලත්, අයිවන් සහ ඔහුගේ මිතුරන් ඒ තීරණයට කොහොම ප්‍රතිචාර දක්වයිද කියලාත් පවුලේ හැමෝම එකතු වෙලා මේ චිත්‍රපටය බලලා දැනගන්න කියලා ආරාධනා කරනවා. ?

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ එල්.සී.දමැල් සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The One and Only Ivan (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-one-and-only-ivan-2020-sinhala-subtitles/feed/ 0
65 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/65-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/65-2023-sinhala-subtitles/#respond Sun, 09 Apr 2023 01:22:49 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=38643 65 Sinhala Sub 65 Sinhala Subtitles 65 (2023) Sinhala Sub 65 (2023) Sinhala Subtitles

The post 65 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
65 Sinhala Sub
65 Sinhala Subtitles
65 (2023) Sinhala Sub
65 (2023) Sinhala Subtitles

The post 65 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/65-2023-sinhala-subtitles/feed/ 0
Love and Monsters (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/love-and-monsters-2020-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/love-and-monsters-2020-sinhala-subtitles/#respond Fri, 03 Mar 2023 22:00:57 +0000 https://sinhalasub.net/?post_type=movies&p=1262 The post Love and Monsters (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The post Love and Monsters (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/love-and-monsters-2020-sinhala-subtitles/feed/ 0