Arjun Rampal Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/arjun-rampal/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sat, 29 Mar 2025 11:11:48 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Arjun Rampal Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/arjun-rampal/ 32 32 Ra.One (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/ra-one-2011-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/ra-one-2011-sinhala-subtitles/#respond Sat, 29 Mar 2025 04:15:18 +0000 https://sinhalasub.net/?post_type=movies&p=29697 Ra.One Sinhala Sub Ra.One Sinhala Subtitles Ra.One (2011) Sinhala Sub Ra.One (2011) Sinhala Subtitles

The post Ra.One (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Ra.One Sinhala Sub
Ra.One Sinhala Subtitles
Ra.One (2011) Sinhala Sub
Ra.One (2011) Sinhala Subtitles

The post Ra.One (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/ra-one-2011-sinhala-subtitles/feed/ 0
Crakk: Jeetega… Toh Jiyegaa (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/crakk-jeetega-toh-jiyegaa-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/crakk-jeetega-toh-jiyegaa-2024-sinhala-subtitles/#respond Sat, 27 Apr 2024 17:39:40 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=69381 Crakk: Jeetega… Toh Jiyegaa Sinhala Sub Crakk: Jeetega… Toh Jiyegaa Sinhala Subtitles Crakk: Jeetega… Toh Jiyegaa (2024) Sinhala Sub Crakk: Jeetega… Toh Jiyegaa (2024) Sinhala Subtitles Crakk කියන්නෙ මේ අවුරුද්දෙ නිකුත් වුන ගොඩක් අය OTT එනකම් බලන් ඉදපු ෆිලුමක් තමයි.. මේක අයත් වෙන්නෙ, Sport / Action කියන කැටගරි එකට.. හින්දි භාෂාවෙන් තිරගත වුන මේ චිත්‍රපටය […]

The post Crakk: Jeetega… Toh Jiyegaa (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Crakk: Jeetega… Toh Jiyegaa Sinhala Sub
Crakk: Jeetega… Toh Jiyegaa Sinhala Subtitles
Crakk: Jeetega… Toh Jiyegaa (2024) Sinhala Sub
Crakk: Jeetega… Toh Jiyegaa (2024) Sinhala Subtitles

Crakk කියන්නෙ මේ අවුරුද්දෙ නිකුත් වුන ගොඩක් අය OTT එනකම් බලන් ඉදපු ෆිලුමක් තමයි.. මේක අයත් වෙන්නෙ, Sport / Action කියන කැටගරි එකට.. හින්දි භාෂාවෙන් තිරගත වුන මේ චිත්‍රපටය මිනිත්තු 154 පුරාවට දිව යනව.. මේක අධ්‍යක්ෂණය කරන්නෙ Aditya Datt කියන අධ්‍යක්ෂකවරය විසින්.. ගොඩක් අය මේක බලන්නෙ මේකෙ ප්‍රධාන චරිතය කරන සුපිරි නළු Vidyut Jammwal නිසානේ.. එයාගෙ රංගනයට ගොඩක් අය ආසයිනෙ. කාලෙකට පස්සෙ විද්‍යුත්ගෙ බලන්න පුලුවන් මට්ටමේ හොද ෆිල්ම් එකක් ආවා කියලනම් අවිවාදයෙන්ම කියන්න පුලුවන්.

Cast

Vidyut Jammwal as Siddharth “Siddhu” Dixit

Arjun Rampal as Dev

Nora Fatehi as Alia

Amy Jackson as Patricia Novak

Film එකේ අන්තර්ගතය ගැන කිව්වොත්..

නිහාල් කියන්නෙ සිද්ගෙ අයියා.. තරඟයකට සෙල්ලම් කරන්න ගිහින් එයා මැරෙනවා. එතකොට සිද් කියන්නෙ පොඩ්ඩක් හිතුවක්කාර කොල්කෙල්.. කවුරු මොනවා කිව්වත් පොර කරන්න පොරට ඕන දේ. මෙහෙම ඉන්නකොට අයියා ගිය තරගෙටම සිද්දුත් ඇප්ලයි කරනවා. කොහොමහරි එයාට මෙයිදාන් එකට යන්න පුලුවන් වෙනවා. අන්න එතනට ගියාම තමා එයාට දේව්ව හම්බවෙන්නෙ.

කවුද මේ දේව්?

සිද්දුගෙ අයියා මැරුණෙ කොහොමද?

දේව් පෝලන්තයෙ කරගෙන යන රහස් ජාවාරම මොකක්ද?

සිද් එහෙට යන්නෙ එයාගෙ අයියගෙ මරණයෙ පලිය ගන්නද?

සිද්ට තරඟෙන් දිනලා සල්ලි ඔක්කොම ගන්න පුලුවන් වෙයිද?

මේ ප්‍රශ්නවලට උත්තරත් ඔයාලට ෆිල්ම් එක බැලුවොත් හම්බවෙයි. එහෙනම් එක හුස්මට බලන්න පුලුවන් මේ සලරුව ඔයාලත් රසවිඳින්නකෝ.

The post Crakk: Jeetega… Toh Jiyegaa (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/crakk-jeetega-toh-jiyegaa-2024-sinhala-subtitles/feed/ 0
Bhagavanth Kesari (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/bhagavanth-kesari-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/bhagavanth-kesari-2023-sinhala-subtitles/#comments Sun, 26 Nov 2023 04:53:38 +0000 https://sinhalasub.life/?post_type=movies&p=61200 Bhagavanth Kesari Sinhala Sub Bhagavanth Kesari Sinhala Subtitles Bhagavanth Kesari (2023) Sinhala Sub Bhagavanth Kesari (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම , ඔන්න එහෙනම් වෙනදා වගේම ඔයාලට උණු උණුවෙම රස විදින්න පුළුවන් අළුත්ම තෙලුගු චිත්‍රපටයකට උපසිරැසියක් අද මම අරන් ඇවිල්ලා තියෙනවා. ඒ තමයි මේ භගවන්ත් කේසරී.. එහෙමත් නැත්නම් වනාන්තරේ පුත්‍රයාගේ ෆිල්ම් එක, අනිල් රවිපුදිගේ අධ්‍යක්ෂනයෙන් […]

The post Bhagavanth Kesari (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Bhagavanth Kesari Sinhala Sub
Bhagavanth Kesari Sinhala Subtitles
Bhagavanth Kesari (2023) Sinhala Sub
Bhagavanth Kesari (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම ,

ඔන්න එහෙනම් වෙනදා වගේම ඔයාලට උණු උණුවෙම රස විදින්න පුළුවන් අළුත්ම තෙලුගු චිත්‍රපටයකට උපසිරැසියක් අද මම අරන් ඇවිල්ලා තියෙනවා. ඒ තමයි මේ භගවන්ත් කේසරී.. එහෙමත් නැත්නම් වනාන්තරේ පුත්‍රයාගේ ෆිල්ම් එක, අනිල් රවිපුදිගේ අධ්‍යක්ෂනයෙන් හැඩවුනු මේ සොදුරු සිනමා සිත්තම පසුගිය ඔතෝබර් 19 වෙනිදා තිරගතකිරීම් ඇරඹූ අතර එහි ආදායම දින 15ක් යන්න මත්තෙන්ම ඉන්දියානු රු. කෝටි 100 පහු කරනු ලබනවා. ඒ සමගින් බාලක්‍රිෂ්ණාගේ පිට පිට ආපු තුනම බ්ලොක්බ්ලස්ටර් බවට පත් වෙනවා. අඛන්ඩා (2021) / වීර සිම්හා රෙඩ්ඩි (2023) / භගවන්ත් කේසරී (2023).. ⭐⭐⭐ හැට්ට්‍රික් බ්ලොක්බ්ලාස්ටර් ⭐⭐⭐

නන්දමුරි බාලක්‍රිෂ්ණා හෙවත් බාලයියා.. ලංකාවේ ගොඩක් අය බාලයියව එයාලගේ ලිස්ට් වලින් අයින් කරලා තියෙන්නේ.. ?.. එයාලා කියන්නෙ නම් බාලයියගේ ෆිල්ම් වල විතරයි ලූ ගුරුත්වාකර්ශනය නැත්තේ.. ඇත්තටම එහෙම බොරු ශෝ දාලා ෆිල්ම් හිට් කරන්න පුළුවන් නම් කවුරුත් කරාවි.. මම ෆිල්ම් බලන කෙනෙක් විදියට කිව්වොත් බාලයියගේ ෆිල්ම් වල එන හැම කතාවකින්ම අපිට ගන්න දෙයක් තියෙනවා වගේම ඒ ෆිල්ම් වලින් සමාජයට දෙයක් දෙන්න උත්සහා කරලා තියෙනවා

ඒවගේම තමයි ස්කන්ධ එකෙන් පස්සෙ ශ්‍රී ලීලාව අපිට මේ ෆිල්ම් එකෙන් බලාගන්න පුළුවන්, එහෙම බැලුවොත් මගෙන් ශ්‍රීලීලා බැක් ටු බැක් සබ්ටයිටල්ස්.. මේ ෆිල්ම් එකත් ශ්‍රී ලීලාට තමන් මොනවගේ දක්ෂ කෙනෙක්ද කියලා ඔප්පු කරන්න ලැබුනු ෆිල්ම් එකක් කිව්වොත් මං නිවැරදියි.. මොකද මේ ෆිල්ම් එකේදි ශ්‍රී ලීලාගෙන් උපරිමය අරගෙන තියෙනවා.

අනිත් පැත්තෙන් බැලුවොත් කාජල් අග්‍රවාල් දෂක ගණනක් ඔයාලගේ හිත් හොරා ගතපු ඇයගේ රංගනය තව අවුරුදු කීයක් ගියත් නොවෙනස්ව පවතීවි.. ඒවගේම කතාවේ දුෂ්ඨයා.. රාහුල් සාංග්විට පණ පොවන්නේ වෙනස්ම චරිතයක්. ඒ අර්ජුන් රම්පල්.. හින්දි සිනමාව දික්විජය කරපු කෙනෙක් ඔන්න තෙලිගු සිනමාව පැත්තටත් බැහැලා තියෙනවා. මම හිතන විදියට මේ එයා රංගනයෙන් දායක උනු පලවෙනි තෙලුගු ෆිල්ම් එක.

මම කලින් කිව්වත් වගේ මේ කතාව බාලක්‍රිෂ්ණා හා ශ්‍රීලීලා අතර සමසේ බෙදුනු කතාවක්, එක පැත්තකින් තමන් උපත නොදුන්නත් තමන්ගේම දුව වගේ බලාගන්න තාත්තා කෙනෙක්ගේ කතාවක්. අනිත් පැත්තෙන් අම්මා – තාත්තා ළග නැතුව මේ ලෝකය.. සමාජය ඉස්සරහා තනිවුනු දරුවෙක් වගේම එයාගෙයි එයාව තාත්තා වගේ බලා ගන්න සුපර් මෑන්ගෙයි කතාව. මේ කතාව පොයින්ට් කරලා තියෙන්නේ ලෝකේ ජීවත් වෙද්දි කාන්තාවන්ට , ගෑනු ළමයින්ට මොනවගේ ප්‍රශ්න විදින්න වෙනවද.. ඒ අභියෝග ජයගෙන කොහොමද ඉස්සරහට යන්නේ කියලා. ඒවගේම මම රෙකමන්ඩ් කරනවා මේක පවුලේ සැමට එකට හිද බලන්න පුළුවන් ලස්සන ෆිල්ම් එකක් කියලා

හරි එහෙනම් අපි කතාව පැත්තට හැරුණොත් ,

Nandamuri Balakrishna – [නේලකොන්ඩ භගවන්ත් කේසරී]
Sreeleela – [විජ්ජි ලක්ෂ්මි] / [විජ්ජි]
Kajal Aggarwal – [කච්චායිනි] / [කාචි]
Arjun Rampal – [‍රාහුල් සාංග්වි]

බන්ධනාගාර ගතව සිටින භගවන්ත් කේසරී ඇතුලේ හිටියත් එයා හොද දේ වෙනුවෙන් පෙනී හිටියා. මේ වෙද්දි බන්ධනාගාර භාර නිලධාරී ශ්‍රී කාන්ත්.. භගවන්ත්ගේ චරිතය දිහා බලලා එයා හොද කෙනෙක් කියලා විශ්වාස කරන්න ගත්තා. ඒ නිසාම ශ්‍රී කාන්ත් නිලධාරීතුමා භගවන්ත්ගේ නමත් නිදහස් හිරකාරයොන්ගේ නම් ලයිස්තුවට දාලා එයාව එළියට ගත්තා. මේ හේතුව නිසා පහුවදා ශ්‍රී කාන්ත්ගේ රස්සාවෙන් වැඩ තහනමට ලක් වෙනවා. ඒවගේම ශ්‍රීකාන්ත් ට හිටියා පුංචි දූ පැටියෙක්. එයා තමයි විජ්ජි ලක්ෂ්මි එහෙමත් නැත්නම් විජ්ජි, විජ්ජි ඉපදෙනකොටම එයාගේ අම්මා එයාව දාලා ගියපු නිසා එයා තාත්තා එක්ක තමයි හැදුනේ.. ඒවගේම විජ්ජි ටිකක් දුර්වල කෙනෙක්.. බන්ධනාගාරයේදී නිතර දැකලා හදුනගන්න භගවන්ත් සහ විජ්ජි හොද යාළුවෝ දෙන්නෙක් බවට පත් වෙනවා

හදිසියේම රිය අනතුරකට මුහුණදෙන නිලධාරී ශ්‍රීකාන්ත් එයාගේ අන්තිම මොහොතේ භගවන්ත්ට එක භාරදූර රාජකාරියක් භාර දෙනවා. ඒ තමයි එයාගේ දුවව කොහොමහරි හමුදාවට යවන එක, මොකද ශ්‍රීකාන්ත් ගේ හිතේ එයාගේ බිරිදගේ වියෝව ගැන පසුතැවීමක් තිබුනා.. ඒ වෙනුවෙන් තමයි එයා විජ්ජිව හමුදා සෙබලියක් වෙනවා බලන්න ආස උනේ.. ඉතිං ශ්‍රී කාන්ත් නිලධාරීතුමත් විජ්ජිව දාලා ගියාම ඊටපස්සේ එයාගේ අම්මත් , තාත්තත් උනේ භගවන්ත් කේසරී.. තාත්තගේ අනතුරත් එක්ක දැඩි කම්පනයකට භාජනය වෙන විජ්ජිට මේ නිසා භීතිකාවකුත් හට ගන්නවා.

භගවන්ත් කේසරීට අපි කවුරුත් නොදන්න කතාවක් තියෙනවා වගේම එයා විජ්ජිව හමුදාවට යවනවා කියලා ශ්‍රී කාන්ත්ට දුන්න පොරොන්දුව ඉටු කරන්න යන ගමනෙදි අභියෝග රාශියකට මුහුණ දෙන්න වෙනවා. ඒවගේම විජ්ජි නිසා එයාගේ පරණ යාළුවත් එයාට ආයි හම්බ වෙනවා.

ඔයාලම කතාව බලලම ඉන්නකෝ..

අතින් ටයිම් ලයින් හද හද 2400කට ආසන්න ගානක් තියෙන සබ් එකක්.. මහන්සියි.. මහන්සියි කියලා බැලුවේ නෑ.. වැඩේ කොහොමහරි ඉවර කරලා ඔන්න ඔයාලට බලන්න ගෙනල්ලා තියෙනවා. උපසිරැසි කාලරාමු සින්ක් කිරීම වෙනුවෙන් ශාන් සසංග සහෝදරයට ස්තූති වෙනවා වගේම තිරය පිටුපස ඉදන් හයියක් උනු හැමෝටම මගේ ස්තුතිය පුද කරනවා

එහෙනම් ගිහින් එන්නම් ,
තවත් අළුත් උපසිරැසියකින් ඉක්මණින් හමුවෙමු.
ඔබට ජය !

 

The post Bhagavanth Kesari (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/bhagavanth-kesari-2023-sinhala-subtitles/feed/ 2