Bailee Madison Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/bailee-madison/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 19 Dec 2023 18:53:29 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Bailee Madison Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/bailee-madison/ 32 32 Bridge to Terabithia (2007) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/bridge-to-terabithia-2007-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/bridge-to-terabithia-2007-sinhala-subtitles/#comments Fri, 03 Nov 2023 10:54:31 +0000 https://sinhalasub.life/?post_type=movies&p=59062 Bridge to Terabithia Sinhala Sub Bridge to Terabithia Sinhala Subtitles Bridge to Terabithia (2007) Sinhala Sub Bridge to Terabithia (2007) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ඔන්න ඉතින් මේ අරං එන්නේ සුපිරිම සුපිරි ගොඩ දෙනෙක්ගේ හදවතටම දැනුන කතාවක් එ තමයි Bridge to Terabithia… බලපු සහ බලපු නැති හැමෝටම බලන්න පුලුවන් එහෙනම් ඔන්න… අපි යමු කතාව දිහාට. […]

The post Bridge to Terabithia (2007) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Bridge to Terabithia Sinhala Sub
Bridge to Terabithia Sinhala Subtitles
Bridge to Terabithia (2007) Sinhala Sub
Bridge to Terabithia (2007) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඔන්න ඉතින් මේ අරං එන්නේ සුපිරිම සුපිරි ගොඩ දෙනෙක්ගේ හදවතටම දැනුන කතාවක් එ තමයි Bridge to Terabithia… බලපු සහ බලපු නැති හැමෝටම බලන්න පුලුවන් එහෙනම් ඔන්න… අපි යමු කතාව දිහාට.

මේ චිත්‍රපටිය ගැන කියනවනම් මේක IMDb ශ්‍රේණිගත කිරීම් වල 7.4/10 ක් අරගෙන තියන මනාප ඡන්ද 34,069කට හිමිකම් කියන එකක්. WALT DiSNEY සමාගම විසින් නිෂ්පාදනය කරල තියෙන මේ චිත්‍රපටියට විවිධ සම්මාන පවා ලැබී තියෙනවා.විශේෂයෙන්ම පොඩි කට්ටිය ගොඩක් ආස වෙන විදිහෙ චිත්‍රපටියක් කියල කියන්න පුළුවන්.

කතාව ගැන කියනවනම් මේක Jess Aarons කියන පිරිමි ළමයෙක් වටා තමයි මූලික වශයෙන්ම ගලාගෙන යන්නෙ.තරමක් හුදෙකලා දිවියක් ගෙවන Jessගේ ජීවන රටාව වෙනස් වීමට පටන් ගන්නේ Leslie Burke කියන නව සිසුවියක් පාසැලට පැමිණීමත් සමඟයි.මේ අතර Leslieගේ නිවස තියෙන්නෙත් Jessගේ නිවසට යාබදවයි. කාලයත් සමඟ මොවුන් හොඳ මිතුරන් බවට පත්වෙනවා.

මේ අතර දවසක් මොවුන් සෙල්ලම් කරමින් ඉන්නකොට මොවුන් දකිනව අතහැර දැමු පරණ භූමියක්. පසුව මොවුන්ට වැටහෙනවා මේක එසේ මෙසේ එකක් නෙවෙයි කියලා. මේකෙ ඉන්නව විස්මයජනක සතුන් වර්ග, යෝධ කුරුමිට්ටන් ආදිය. කෙසේ වෙතත් මොවුන් මෙම භූමිය තුල පසුව තමන්ගේම ලෝකයක් ගොඩනගා ගන්නවා. මොවුන් මෙම ලෝකය Terabithia කියන නමින් හදුන්වනු ලබනවා.මොවුන් විශ්වාස කරනව මේක කලින් පැවති රාජධානියක් බවටත්. කතාවෙ ඉතුරු ටික දැන ගන්න නම් ඉතින් පාලම දිගේ Terabithiaට යන්නම වෙනවා. ඒ කියන්නෙ ඉතින් Download කරලා බලන්නම වෙනවා.

අනිත් වැදගත්ම දේ තමයි ලොකු කට්ටිය මේක සුරංගනා කතාවක් කියලා නොබල ඉන්න එහෙම එපා… ලස්සන කතාවක්… අවසානය නම් ටිකක් සංවේදී විදිහට තමයි ඉවර කරලා තියෙන්නෙ…

එහෙනම් ඔයාල හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා මේ ලස්සන කතාව නරබන්න කියලා…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ධනුක පතිනායක සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Bridge to Terabithia (2007) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/bridge-to-terabithia-2007-sinhala-subtitles/feed/ 4
Play Dead (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/play-dead-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/play-dead-2022-sinhala-subtitles/#respond Fri, 14 Jul 2023 01:28:20 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=44231 Play Dead Sinhala Sub Play Dead Sinhala Subtitles Play Dead (2022) Sinhala Sub Play Dead (2022) Sinhala Subtitles ගොඩ දවසකින් Thriller ෆිල්ම් එකක් බැලුවෙ නෑ නේද? ඔන්න අද අරන් ආවෙ Horror/Mystery/Thriller කැටගරියට වැටෙන සුපිරි ෆිල්ම් එකක් අරගෙන. 2023 මාර්තු මාසෙ නිළ වශයෙන් එළිදක්වපු මේ ෆිලුම Horror කැටගරියට වැටුනට ඊට වඩා මේක Thriller පැත්තට බරයි කිව්වොත් […]

The post Play Dead (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Play Dead Sinhala Sub
Play Dead Sinhala Subtitles
Play Dead (2022) Sinhala Sub
Play Dead (2022) Sinhala Subtitles

ගොඩ දවසකින් Thriller ෆිල්ම් එකක් බැලුවෙ නෑ නේද? ඔන්න අද අරන් ආවෙ Horror/Mystery/Thriller කැටගරියට වැටෙන සුපිරි ෆිල්ම් එකක් අරගෙන. 2023 මාර්තු මාසෙ නිළ වශයෙන් එළිදක්වපු මේ ෆිලුම Horror කැටගරියට වැටුනට ඊට වඩා මේක Thriller පැත්තට බරයි කිව්වොත් හරි. ඒ නිසා Thriller බලන අපේ යාළුවෝ අනිවාර්යෙන් මිස් කරගන්නෙ නැතුව බලන්න ඕනෙ ෆිල්ම් එකක් තමා මේක.

අම්මයි තාත්තයි නැතුව තමන්ගෙ ඉගෙනීම් කටයුතු කරන ගමන් මල්ලිවත් බලාගෙන (මල්ලි කිව්වට ටිකක් ලොකුයි) ජීවත් වෙන කෙනෙක් තමා අපේ කතා නායිකාව වන ක්ලෝයි කියන්නෙ. අම්ම තාත්ත නැතුව රස්සාවක් නැතුව ඔය දේවල් කරනව කියන්නෙ ලේසි නෑනෙ. අඟ හිඟකම් එමටයි ඉතින්. ඒ නිසා මේ මලයන්ඩියා අක්කගෙ පරණ කොල්ලත් සෙට් කරගෙන අක්කට නොකියා හොරකමක් කරන්න සැලසුමක් හදනවා. ඒත් ඉතින් ඒ සෙල්ලම හරියන්නෙ නෑ. එතනින් කතාව තනිකර කණපිට ගහනවා. අයියෝ කතාව කියල ඉවරයිනේ. නෑ නෑ මං මේ කිව්වෙ කතාවෙ පළවෙනි විනාඩි 10 වෙන දෙයක්. එතනින් එහාට වෙන්නෙ හිතාගන්නවත් බැරි සිද්දි දාමයක්. හොරකමක් උනාද කියල ඔයාලට අන්තිමේට මතකවත් නැති වෙයි. ඒ මොනවද කියල ෆිල්ම් එක බලලම දැනගමු නේද?

ඔයාල Bridge to Terabithia 2007 බලල තියනව නම් ඒකෙ Jess ගෙ චූටි නංගිට රඟපෑව Bailee Madison තමා මේකෙ ප්‍රධාන චරිතයට පණ පොවන්නෙ. IMDB 5.2/10 තිබ්බට ඊට වඩා ටිකක් වැඩි අගයක් ලැබෙන්න ඕන කියල තමා මං නම් හිතන්නෙ. කුණු තක්කාලි අගය 56% වගේම google user රේටින්ග් එකත් 74% වගේ අගයක් ගන්න මේ ෆිලුම සමත් වෙනවා. ෆිල්ම් එකේ තව විස්තර ටික මං පහලින් දාගෙන යන්නම්. මේකෙ අවුල් සීන් මොනවත් නෑ. අවුල් දේකට තියෙන්නෙ පාවිච්චි කරන වචන, උම්ම දෙන සීන් 2ක් 3ක් තියනවා ;D, ආයෙ පොඩි කපන කොටන සීන් ටිකක් තියනව ඒත් ඒව එච්චර ලොකු අවුලක් වෙන්නෙ නෑ. ඒ නිසා කොහේ ඉඳන් බලනවද කියන එක ඔයාලට බාරයි ඕන්. සබ කරන්න ඕකේ එක දුන්න විමා සහෝට ස්තූති කරන ගමන් දැනට මෙතනින් නවතිනවා. තව ෆිලුමකින් සෙට් වෙමු. එතකන් හැමෝම පරිස්සමින් ඉන්නෝ!!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ සුජිත් ප්‍රියංකර සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Play Dead (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/play-dead-2022-sinhala-subtitles/feed/ 0