Bill Paxton Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/bill-paxton/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Thu, 03 Aug 2023 22:57:14 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Bill Paxton Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/bill-paxton/ 32 32 Ghosts of the Abyss (2003) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/ghosts-of-the-abyss-2003-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/ghosts-of-the-abyss-2003-sinhala-subtitles/#respond Thu, 03 Aug 2023 22:57:14 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=48892 Ghosts of the Abyss Sinhala Sub Ghosts of the Abyss Sinhala Subtitles Ghosts of the Abyss (2003) Sinhala Sub Ghosts of the Abyss (2003) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! අද අපි අරන් ආවේ 1997දි ටයිටැනික් සිනමපටයෙන් පසුව, ජේම්ස් කැමරන් අධ්‍යක්ෂණය කළ Ghosts of the Abyss (AKA Titanic 3D: Ghosts of the Abyss) එහෙමත් නැතිනම් ‘අගාධයේ […]

The post Ghosts of the Abyss (2003) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Ghosts of the Abyss Sinhala Sub
Ghosts of the Abyss Sinhala Subtitles
Ghosts of the Abyss (2003) Sinhala Sub
Ghosts of the Abyss (2003) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

අද අපි අරන් ආවේ 1997දි ටයිටැනික් සිනමපටයෙන් පසුව, ජේම්ස් කැමරන් අධ්‍යක්ෂණය කළ Ghosts of the Abyss (AKA Titanic 3D: Ghosts of the Abyss) එහෙමත් නැතිනම් ‘අගාධයේ අවතාර’ වාර්තාමය චිත්‍රපටයටයි.

මෙහි අන්තර්ගත වන්නේ 2001 අගෝස්තු සහ සැප්තැම්බර් අතර කාලයේදී කැමරන් විද්‍යාඥයන් කණ්ඩායමක් සමඟින් RMS Titanic නෞකාවශේෂය ගවේෂණය කිරීමට ගිය ගමන ගැනයි. රුසියානු ගැඹුරු සාගර ගිල්වුම් යාත්‍රාවන් දෙකකින් ටයිටැනික් නෞකාවශේෂය වෙත කිමිදිමෙන් අනතුරුව, ඉන්පෙර කිසිම දිනෙක කිසිම අයෙක් නොකළ අන්දමින් විස්තරාත්මක තොරතුරු, ඡායාරූප සහ වීඩියෝ දර්ශන රැසක් ලබාගැනීමට මෙම ගවේෂණ කණ්ඩායම සමත් වුණා. ගිල්වුම් යාත්‍රාවන්ට ලඟා විය නොහැකි ටයිටැනික් අවශේශයේ ඇතුළත කොටස් වලට පිවිසීම සඳහා කැමරන් ඇතුළු කණ්ඩායම, වසර තුනක් මුළුල්ලේ පර්යේෂණ සිදු කර දුරස්ථ පාලක යානා හෙවත් ROV (Remotely Operated Vehicles) වර්ගයේ දිය යට කිමිදෙන රොබෝවන් විශේෂයක් නිර්මාණය කළා. ඒවාට තැබූ නම් දෙක, ‘ජේක්’ සහ ‘එල්වුඩ්’. ඒවායෙන් ලබාගත් සුපැහැදිලි වීඩියෝ දර්ශන සහ ඡායාරූප, ත්‍රිමාණ සජිවිකරණයෙන් නිපදවූ ටයිටැනික් සත්‍ය පින්තුර සමඟින් විචිත්‍රව ඒකාබද්ධ කරමින් මේ වාර්තා චිත්‍රපටයේ ඉතා සුන්දරව ඉදිරිපත් කරනවා.

මේ චිත්‍රපටය පසුබිම් කථනය කරන්නේ, 1997 ටයිටැනික් චිත්‍රපටයේ බ්රූක් ලොවෙට් ලෙස රංගනයෙන් දායක වුණු සුප්‍රකට නළු බිල් පැක්ස්ටන්. මිර් I සහ මිර් II ගිල්වුම් යාත්‍රා මඟින් නිෂ්පාදක කණ්ඩායම ටයිටැනික් වෙත 12 වතාවක් සිදු කළ ගවේෂණ මෙහි අන්තර්ගතයි. 2001 වසරේ සැප්තැම්බර් 11 වැනිදා ගවේෂණය සිදු කර මතුපිටට පැමිණි කැමරන් ඇතුළු කණ්ඩායමට, 2001 දී සිදුවුණු 9/11 ප්‍රහාරය ගැන දැනගන්නට ලැබෙනවා. 1912 සිදුවුණු ටයිටැනික් ඛේදවාචකයත්, 2001 සිදුවුණු 09/11 ඛේදවාචකයත් අතර සංසන්දනයකුත් මෙහි අන්තර්ගතයි. ප්‍රකාශ තන්තු මඟින් මව් යානයන්ට සම්බන්ධ වුණු ජේක් සහ එල්වුඩ් අඩි 12,500ක් යට සිදු කළ ගවේෂණ අතරතුර මුහුණදුන් ත්‍රාසජනක අත්දැකීම් ඔබට මේ වැඩසටහනින් දැකගන්නට හැකිවේවි.

මුල්වරට IMAX 3D ආකෘතියෙන් නිකුත් කෙරුණු Ghosts of the Abyss චිත්‍රපටය හොඳම වාර්තා වැඩසටහනක් ලෙස BFCA සම්මානයට නිර්දේශ වුණා. සීමිත දර්ශන වාර ගණනක් ඇමරිකා එක්සත් ජනපදයේ සහ ලොව පුරා ප්‍රදර්ශනය කෙරුණු අතර ඩොලර් මිලියන 17.1 ක දේශීය ආදායමකුත්, ඩොලර් මිලියන 11.7ක ජාත්‍යන්තර ආදායමකුත් සමඟින් ලොවපුරා ඩොලර් මිලියන 28.8ක් ඉපැයීමට Ghosts of the Abyss සමත් වුණා. එමෙන්ම IMDb දර්ශකයේ 6.8/10 ක් ලබාගැනීමට සමත් වුණා.

චිත්‍රපටය පුරා, ටයිටැනික් හි ඇතුළත CGI පසුතල පසුබිම් කරගනිමින් එහිදී සිදුවුණු ඓතිහාසික සිදුවීම් මෙහි පහත ශිල්පින්/විශේෂඥයන් විසින් රඟදක්වනු ලබනවා.

  • Don Lynch – ටයිටැනික් නිර්මාණ ශිල්පී තෝමස් ඇන්ඩ්රූස් ලෙසින්
  • Ken Marschall – වයිට් ස්ටාර් ලයින් සමාගමේ සභාපති ජේ. බ්රූස් ඉස්මේ ලෙසින්
  • Miguel Wilkins – රොබර්ට් හිචන්ස් ලෙසින්
  • Federico Zambrano – ජෝන් ජෙකොබ් ඇස්ටර් ලෙසින්
  • Dale Ridge – එලිසබෙත් ලයින්ස් ලෙසින්
  • Judy Prestininzi – මොලී බ්‍රවුන් ලෙසින්
  • Adrianna Valdez – හෙලන් චර්චිල් ලෙසින්
  • Justin Shaw – විදුලි සංඥා නිලධාරී ජැක් ෆිලිප්ස් ලෙසින්
  • Thomas Kilroy – පෝකර් ක්‍රීඩා කරන්නෙක් ලෙසින්
  • Charlie Arneson – ප්‍රධාන නිලධාරී විලියම් මර්ඩොක් ලෙසින්
  • Piper Gunnarson – මැඩලින් ඇස්ටර් ලෙසින්
  • John Donovan – කපිතාන් එඩ්වඩ් ස්මිත් ලෙසින්
  • Janace Tashjian – ඊඩිත් රසල් ලෙසින්
  • Jesse Baker – දෙවන නිළධාරී චාල්ස් ලයිටෝලර් ලෙසින්
  • Justin Baker – කනිෂ්ට විදුලි සංඥා නිලධාරී හැරල්ඩ් බ්‍රයිඩ් ලෙසින් Aaron C. Fitzgerald – ෆ්‍රෙඩ්රික් ෆ්ලීට් ලෙසින්
  • Bill Paxton – පසුබිම් කථකයා ලෙසින්මෙ

එසේ නම් උතුරු අත්ලාන්තික් සාගරයේ අඩි 12,500ක් ගැඹුරට කිමිදීමේ චාරිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා! එහෙනම් තවත් Film එකකින් ඔබ හමුවන තුරු ආයුබෝවන්! ඔබට තෙරුවන් සරණයි!!

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ප්‍රබුද්ධ කේසර විතානගේ සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Ghosts of the Abyss (2003) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/ghosts-of-the-abyss-2003-sinhala-subtitles/feed/ 0
Aliens (1986) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/aliens-1986-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/aliens-1986-sinhala-subtitles/#respond Tue, 01 Aug 2023 12:27:37 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=48080 Aliens Sinhala Sub Aliens Sinhala Subtitles Aliens (1986) Sinhala Sub Aliens (1986) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ජේම්ස් කැමරන් අතින් අධ්‍යක්ෂණය වෙලා ඔස්කාර් සම්මාන 2ක් ඇතුළුව සම්මාන 18 කට හිමිකම් කියපු, තවත් සම්මාන 21කට නිර්දේශ වීම් ලබා, IMDB ශ්‍රේණිගත කිරීම් වල 8.5/10 සමඟින් හොඳම චිත්‍රපට 250 ලයිස්තුවේ 57 වෙනි ස්ථානය දිනාගන්නට සමත් වෙච්ච මේ චිත්‍රපටය […]

The post Aliens (1986) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Aliens Sinhala Sub
Aliens Sinhala Subtitles
Aliens (1986) Sinhala Sub
Aliens (1986) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ජේම්ස් කැමරන් අතින් අධ්‍යක්ෂණය වෙලා ඔස්කාර් සම්මාන 2ක් ඇතුළුව සම්මාන 18 කට හිමිකම් කියපු, තවත් සම්මාන 21කට නිර්දේශ වීම් ලබා, IMDB ශ්‍රේණිගත කිරීම් වල 8.5/10 සමඟින් හොඳම චිත්‍රපට 250 ලයිස්තුවේ 57 වෙනි ස්ථානය දිනාගන්නට සමත් වෙච්ච මේ චිත්‍රපටය ජනප්‍රිය Alien කතා මාලාවේ දෙවෙනි කොටසයි.

පළමු කොටස (Alien 1979) හැමෝම බලන්න ඇතිනේ. ඒ කතාවේ අවසානයේ පණ බේරගන්න සමත් වෙච්ච එකම කෙනා වෙච්ච එලන් ව බේරාගෙන සිදුවෙච්ච දේ ගැන ඇගේ සේවාදායකින් ප්‍රශ්න කරනු ලබනවා. ඒත් ඇගේ කතාව ගැන සැක මතුකරන පාලකයින් ඇයගේ අභ්‍යවකාශ බලපත්‍රය අවලංගු කර දමනවා. ඒ අතරම ඒම ග්‍රහලෝකය දැන් පෘතුවියට සමාන කොලනියක් බවද ඇය දැනගනු ලබනවා. නමුත් පසුව ඇයව හමුවීමට එන සමාගම් නියෝජිතයින් ඇයට යෝජනාවක් ඉදිරිපත් කරනවා. එම කොළනිය සමග තිබුනු සම්බන්ධතාවය බිඳ වැටී ඇති නිසා ඒ ගැන සොයා බැලීමට යන හමුදා කණ්ඩායමට ඇය උපදේශකයෙක් විදියට සම්බන්ධවීමට ඇය කැමති නම් ඇගේ බලපත්‍රය හා අහිමිවී ගිය කොන්ත්‍රාත්තුව ඇයට ලබා දීමට කැමති බවයි ඔවුන්ගේ එම යෝජනාව වන්නේ. ඇයට මුහුණ දීමට සිදුවූ සිද්ධිමත ඇය එයට අකමැති වුනත් හමුවන ඕනෑම පිටසක්වල වාසියෙකුව මරා දැමීමට මිස අධ්‍යනය කිරීම සිදු නොකරන බවට දෙනු ලබන පොරොන්දුව මත ඇය එයට කැමති වෙනවා. මේ පාර ඇයට ගත් තීරණය නිසා ඇයට මොනවගේ අත්දැකීමකට මුහුණ දෙන්න ලැබේවිද?…

හැමෝටම Download කරගෙන බලන්න කියලා මම ඉල්ලනවා. විනාඩියක් විතර වැය කරලා කමෙන්ට් එකකුත් දාලම යන්න කියලත් කාරුණිකව ඉල්ලනවා.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ පැතුම් අතුකෝරල සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Aliens (1986) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/aliens-1986-sinhala-subtitles/feed/ 0
Titanic (1997) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/titanic-1997-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/titanic-1997-sinhala-subtitles/#respond Sat, 24 Jun 2023 18:40:39 +0000 https://Sinhalasub.net/?post_type=movies&p=2326 1997 අවුරුද්ද සිනමා ලෝකයට සුවිශේෂ වසරක්! අපේ යාළුවො කවුරුත් ඒක හොදටෝම දන්නවා. ලෝකය පුංචි වැඩියි කියලා කියන්න තරම් විශාල වුණු නැවකුයි ඒ නැවේ කතාවයි යළි වරක් මුළු ලෝකයේම අවධානය දිනාගන්නට සමත් වුණේ ඒ වර්ෂයෙදි වීමයි ඊට හේතුව. මෙහෙම කියනකොටම කට්ටිය මටත් වඩා හොදට දන්නවා මම මේ කියන නැව මොකද්ද කියන්න. ඒ වගේම ඒ නැවේ කතාව […]

The post Titanic (1997) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
1997 අවුරුද්ද සිනමා ලෝකයට සුවිශේෂ වසරක්! අපේ යාළුවො කවුරුත් ඒක හොදටෝම දන්නවා. ලෝකය පුංචි වැඩියි කියලා කියන්න තරම් විශාල වුණු නැවකුයි ඒ නැවේ කතාවයි යළි වරක් මුළු ලෝකයේම අවධානය දිනාගන්නට සමත් වුණේ ඒ වර්ෂයෙදි වීමයි ඊට හේතුව. මෙහෙම කියනකොටම කට්ටිය මටත් වඩා හොදට දන්නවා මම මේ කියන නැව මොකද්ද කියන්න. ඒ වගේම ඒ නැවේ කතාව මොකද්ද කියන එකත් දන්නවා කියන එක මට හොදටම විශ්වාසයි. ඔව් ඔබ හරියටම හරි. ඒ තමා ‘ටයිටැනික්’.

මුළු ලෝකයම මරණයේ වේදනාවෙන් කම්පනය කරලන්නට වගේම ආදරයේ වේදනාවෙන් මුසපත් කරවන්නටත් සමත් වුණු මේ මහා සිනමා කාව්‍ය එදා මෙදා තුර බිහිවූ උත්කෘෂ්ටතම පෙම් පුවතක් බවයි පොදුවේ කාගේත් පිළිගැනීම. සම්මාන පිට සම්මාන දිනමින් සහ සම්මාන උළෙලවල් පවා දෙවනත් කරවන්නට ඒ ඔස්කාර සම්මාන 11 තවත් ජයග්‍රහණ 81 ලබන්නට තරම් මේ මහා නිර්මාණය සමත් වුනා.. එමෙන්ම මේ බයිස්කෝප් එක එකරැයින් හොලිවුඩ් සුපිරි තරු යුගලක් බිහි කරන්නට තරම් සමත්කමක් දැරුවා.ඒ විතරක් නෙමෙයි හොලිවුඩයේ ඒ ලෙස නළු-නිළි තරු යුවලක් බිහි කරවද්දී ගායන ලෝකයටත් තව තරුවක් බිහි කරන්නට තරම් සුපිරිතම ගීතයක් පවා මේ තුළ අන්තර්ගත වුණා.

එය ඔබේත් මගේත් හදවත් අදටත් සසල කරවන්නට හැකි ඒ ගුණය එකලෙස සුරකිනවා. මේ ගීය අදටත් හරියට පෙම්වතුන්ගේ නිල ගීතය වගෙයි කිව්වත් වැරැද්දක් නොවන තරමට ආදරයේ අරුත කැටිකරගත් ගීයක්.

අදාරයේ සැබෑ අරුත ලොවට පසක් කර දෙන්නට නිර්මල පෙම මේ යැයි පවසන්නට මේ නිර්මාණය තරම් මගේ සිත් ගත් වෙන නිර්මාණයක් නැති තරම්..ඒ වගේම මගේ උපසිරස ගමනේ අසීරුම උපසිරස ගන්වන්නට ලැබුණු නිර්මාණයද මේකයි.අසීරු වූයේ අන් කවර හේතුවකටවත්  නෙමේ මෙහි  දෙබස් සංයෝජනය කිරීම ඇත්තටම ඉතාමත් දුක්බර මෙන්ම හදවත නැවත  නැවතත් කදුළු වලින් පුරවන්නට වූ නිසාවෙන්ය…

අනික් දේ පුරා වසර 10 ක් එක ලෙස වැඩිම ආදායම් වාර්තා අතර පළමු තැන තිබු මේ සිනමාපටය නැවතත් 2 වෙනි තැනට පත් වූයේ මේ අනර්ඝ නිර්මාණයත්  බිහි කල ලොව  සුවිශේෂී නිර්මාණ කරුවා  James Cameron විසින් නිපදවූ  Avatar (2009) බයිස්කෝප් එකයි.ඔහු විසින් නිපදවූ  චිත්‍රපටය නැවතත් 2 වෙනි තැනට පත් කරන්නට පත් වූයේ ඔහුගේ නිර්මාණ වල අද්විතීය බව ලොවට පසක් කරමිනි..

අපේ 1000 සැමරුම වෙනකොටත් මේක සිංහල උපසිරැසි සහිතව ලබා දී නොතිබුණු නිසා ඒ අඩුව පුරවන්නට වගේම ඒ රසය බෙදන්නටත් මෙය සිංහල මුසු කරල ගෙන එන මේ කටයුත්ත සිදු කළේ අවංකවම ඔබට හොද දෙයක් ලබා දෙන්න තිබෙන කැමැත්ත නිසාවෙන්මයි. සිංහල උපසිරස එක්ක කොපමණ බයිස්කෝප් ලබා දුන්නත්  මේ බයිස්කෝප් එක නැතුව එය සම්පුර්ණ වූයේ නැතය යන්න මගේ අදහසයි..උදා සහෝවත් මේ අවස්ථාවේ මතක් කරන්න ඕනේ ඔහුටත් මගේ ස්තූතිය.එහෙමනම් ඔබට ආරාධනා කරනවා James Cameron ගේ අධ්‍යක්ෂණයෙන්, Lenardo Decaprio සහ Kate Winclet ගේ තාත්වික රංගනයෙන් වගේම Celine Dione ගේ  මනමත් වූ ගායනයෙන් සංගීතයෙන් හැඩවුණු මේ අද්විතීය සිනමා සිත්තම ඔබත් නරබන ලෙස……. ජය වේවා~!

විශේෂ ස්තූතිය : තිලාන් සුචරිතරත්න සහෝට 

ලිපිය උපුටා ගැනීම :- Baiscopelk.com හි පලවූ විකියා සහෝදරයාගේ ලිපිය

Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Titanic (1997) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/titanic-1997-sinhala-subtitles/feed/ 0