Brooklynn Prince Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/brooklynn-prince/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 12 Mar 2024 12:35:10 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Brooklynn Prince Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/brooklynn-prince/ 32 32 The Marsh King’s Daughter (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-marsh-kings-daughter-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-marsh-kings-daughter-2023-sinhala-subtitles/#respond Thu, 07 Dec 2023 16:11:40 +0000 https://sinhalasub.life/?post_type=movies&p=62037 The Marsh King’s Daughter Sinhala Sub The Marsh King’s Daughter Sinhala Subtitles The Marsh King’s Daughter (2023) Sinhala Sub The Marsh King’s Daughter (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! හෙලෝ කොහොමද ඔයාලා හැමෝටම… අද මේ අරගෙන ආවේ, මේ අවුරුද්දේ රිලීස් උන “The Marsh King’s Daughter” කියන ෆිල්ම් එක. මේ ෆිල්ම් එක IMDb අගය 5.9 ක් […]

The post The Marsh King’s Daughter (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Marsh King’s Daughter Sinhala Sub
The Marsh King’s Daughter Sinhala Subtitles
The Marsh King’s Daughter (2023) Sinhala Sub
The Marsh King’s Daughter (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

හෙලෝ කොහොමද ඔයාලා හැමෝටම… අද මේ අරගෙන ආවේ, මේ අවුරුද්දේ රිලීස් උන “The Marsh King’s Daughter” කියන ෆිල්ම් එක. මේ ෆිල්ම් එක IMDb අගය 5.9 ක් අරගෙන තියෙනවා. ත්‍රිලර් කියන කැටගරියට තමයි මේක අයිති වෙන්නේ.

මේ ෆිල්ම් එකේ මුලින්ම අපිට දකින්න ලැබෙන්නේ කැලේක ජීවත් වෙන එක පවුලක්..ඒ අම්මයි තාත්තයි දුවයි. තාත්තාගේ නම ජේකොබ්, එතකොට අපේ ප්‍රධාන චරිතේ වෙන මේ දුවගේ නම හෙලීනා. තාත්තා මේ දුවට දඩයම් කරන එක ගැන, ඒකට සම්බන්ද එක එක උපායවල් වගේ දේවල් උගන්නලා දුවව හොද දඩයක්කාරියක්, ඒ වගේම කැලේ ඇතුලේ ජීවිතේ බේරගෙන ඉන්න විදිහ ගැන උගන්නනවා. කොහොම උනත් මේ පවුලේ අම්මාගේ පොඩි වෙනසක් බලාගන්න පුළුවන්. මොකද එයා මේ ජීවිතේ ගත කරන්නේ වැඩි කැමැත්තකින් නෙමෙයි. ඒකට හේතුව මම මෙතනදි නොකියා ඉන්නම්. කොහොමහරි හදිස්සියෙම එයාට අවස්තාවක් ලැබෙනවා මෙතනින් ගැලවිලා යන්න. ඉතින් එයා යන්නේ තනියම නෙමෙයි, බලෙන්ම එයාගේ දුවවත් එක්කගෙන..

 

මෙයාලගේ පස්සෙන් පන්නගෙන එන ජේකොබ්ව පොලිස්සියෙන් අල්ලගන්නවා. අවුරුදු ගානක් යනවා. ටවුන් එකට ආපු හෙලීනා දැන් කසාද බැදලා ළමයෙකුත් ඉන්නවා. එයා පොඩි කාලේ අතීතය සමාජයෙන් හංගගෙන තමයි ඉන්නේ. මේ අතරේ තමයි හෙලීනා දැනගන්නේ තමන්ගේ තාත්තා හිරෙන් පැනගෙන කියලා. ඉතින් හෙලීනාගේ පවුල ගැන එයාට බයක් දැනෙනවා, මොකද තමන්ගේ තාත්තගේ ඇත්ත විස්තරේ එයා දන්නවා.

කවුද මේ ජේකොබ්?..මේ කට්ටිය කැලේ ජීවත් උන හේතුව මොකක්ද?..හෙලීනාගේ ජීවිතේට ජේකොබ් ආයෙත් මොන විදිහට සම්බන්ධ වෙයිද? ෆිල්ම් එක බලලම දැනගන්න එක හොදයි නේද?

එහෙනම් ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා මෙ කතාව් රසවිඳින්න…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ Rukshan Henadheera සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The Marsh King’s Daughter (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-marsh-kings-daughter-2023-sinhala-subtitles/feed/ 0
The One and Only Ivan (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-one-and-only-ivan-2020-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-one-and-only-ivan-2020-sinhala-subtitles/#respond Thu, 24 Aug 2023 13:31:24 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=51972 The One and Only Ivan Sinhala Sub The One and Only Ivan Sinhala Subtitles The One and Only Ivan (2020) Sinhala Sub The One and Only Ivan (2020) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! The One and Only Ivan අධ්‍යයක්ෂණය කරනු ලැබෙන්නේ Me Before You (2016) අධ්‍යයක්ෂණය කළ Thea Sharrock අතින්. තිර රචනය සිදු කරනු ලබන්නේ […]

The post The One and Only Ivan (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The One and Only Ivan Sinhala Sub
The One and Only Ivan Sinhala Subtitles
The One and Only Ivan (2020) Sinhala Sub
The One and Only Ivan (2020) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

The One and Only Ivan අධ්‍යයක්ෂණය කරනු ලැබෙන්නේ Me Before You (2016) අධ්‍යයක්ෂණය කළ Thea Sharrock අතින්. තිර රචනය සිදු කරනු ලබන්නේ Mike White විසින්. මේ චිත්‍රපටයට පාදක වන්නේ The One and Only Ivan නමින්ම K. A. Applegate අතින් රචිත ළමා නව කතාවයි. Sam Rockwell තමයි අයිවන්ට හඬ කැවීමෙන් දායක වෙලා තිබෙන්න‍ේ. Angelina Jolie, Danny DeVito, Helen Mirren, Brooklynn Prince, Ramón Rodríguez, Ariana Greenblatt සහ Bryan Cranston වගේ කට්ටිය තමයි රංගනයෙන් සහ හඬ කැවීමෙන් දායක වෙලා තිබෙන්නේ.

අපි නව කතාව ගැන පොඩි විපරමක් කරලා බැලුවොත්, මම කලින් කිව්වා වගේම මේ ළමා නවකතා පොතේ රචකයා වන්නේ K. A. Applegate. චිත්‍ර හැඩ ගන්වන්නේ Patricia Castelao. මේ නව කතාව දිව යන්නේ අයිවන් කියන සිල්වර්බැක් (silverback) ගෝරිල්ලා වටායි. අපි මුලින්ම බලමුකො කවුද මේ සිල්වර්බැක් ගෝරිල්ලෙක් කියන්නෙ කියලා.

සිල්වර්බැක්…. ඇත්තටම මම මුලින් මේ වචනය දැක්කාම හිතුවා සිල්වර්බැක් කියන්නේ ගෝරිල්ලා වර්ගයක් කියලයි. නමුත් ටිකක් හොයලා බලද්දි තමයි දැනගන්නට ලැබුණේ සිල්වර්බැක් කියන්නේ වැඩිහිටි පිරිමි ගෝරිල්ලන්ට බව. මෙසේ මොවුන්ව හඳුන්වන්න හේතු වන්නේ ඔවුන්ගේ කොඳු ප්‍රදේශයේ සිට ඉණ ප්‍රදේශය දක්වා තිබෙන කළු ලොම් රිදී පැහැයට හැරෙන නිසාලු. එතකොට බ්ලැක්බ්ලැක් (Blackbacks) කියල කියන්නේ වයස අවුරුදු 8 සිට 12 දක්වා ගෝරිල්ලන්ට. ඒ වයසට වැඩිය රිදී පැහැ ලොම් නැහැ. ඒක අමතර කරුණක්.‍

දැන් අපි ටිකක් අයිවන් ගැන කතා කරමුකෝ. දන්නවද? මේ නවකතා මනඃකල්පිත වුණාට අයිවන් කියන්නේ ඇත්තටම හිටපු ගෝරිල්ලෙක්. මේ නවකතාවට ආවේශනය ලබාගෙන තිබෙන්නේ මේ ගෝරිල්ලාගෙන් සහ එම ගෝරිල්ලා මුහුණ දුන් සිදු වීම්.

අයිවන්, 1962 උපත ලැබූ, Western lowland ගෝරිල්ලෙක්. ඔහු උපත ලැබුවේ වර්තමානයේ කොන්ගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය ලෙස හඳුන්වන ප්‍රදේශයේයි. ඔහුව කැළෑව තුළදී අල්ලාගනු ලබන්නේ ඔහු කුඩා කලදීමයි. ඔහු මුල් අවුරුදු කිහිපයේ දිවි ගෙවන්නේ ඔහුගේ අයිතිකරුවන් සමඟ වන අතර පසුව ඔහු නිවසක සිටීමට පවා අපහසු වන තරමට විශාල වූ පසුව අයිතිකරුවන් විසින් ඔහුව කොන්ක්‍රීට්වලින් සෑදූ කූඩුවකට යවනවා. එය ප්‍රදර්ශනයට තිබෙන්නේ වොශිටන්හි B&I නම් වෙළඳ සංකීර්ණයක. අයිවන් එහි තමයි ඔහුගේ දිවියේ ඊළඟ අවුරුදු 27 ගෙවනු ලබන්නේ.

අයිවන්ව නිදහස් කර ඔහුට‍ හරි හැටි අවධානය ලබා දී බලාගත හැකි තැනකට යවන්නට ඉඩ දෙන බවට ඉල්ලා ප්‍රාදේශීය සත්ව සුභසාධන සංවිධානවලින් කළ සාර්ථක සටන් ව්‍යාපාරවලින් පසුව, 1994 දී අයිවන්ව සියැට්ල්වල පිහිටි වුඩ්ලන්ඩ් පාක් සත්වෝද්‍යානයේ තබනවා. ඊට වැඩි කලක් නොගොස්, ඔහුව ජෝජියාවේ ඇට්ලැන්ටාවල පිහිටා ඇති ඇට්ලැන්ටා සත්වෝද්‍යානට යවනවා. ඔහුගේ දිවි අවසන් වන තාක් ඔහු දිවි ගෙවන්නේ එහිදීයි. 2012 අගෝස්තුවලදී අසනීප තත්වයෙන් සිට ප්‍රතිකාරවලට මුහුණ දෙමින් සිටි අතරතුර වසර 50ක් ආයු පරිභෝජනය කළ අයිවන් ජීවිතයට අවසන් තිත තබනවා. ඔයාලට මෙතනට ගියානම් බලන්න පුලුවන් ඇට්ලැන්ටා සත්වෝද්‍යානයේ වෙබ් අඩවියෙන් අයිවන් පිළිබඳ සටහන් කර තිබෙන වාර්තාව. ඉතින් ඕක තමයි අයිවන්ගේ සැබෑ ජීවිත කතාව…

නව කතාවේත් අපේ අයිවන් කියන ගෝරිල්ලා දිවි ගෙවන්නේ වෙළඳ සංකීර්ණයකයි. මේ නව කතාව ලියල තියෙන්නේත් අයිවන්ගේ දෘෂ්ටි කෝණයෙන්ම තමයි. 2013 Newbery Medal සම්මානය ජහග්‍රහණය කරන්නට සමත් වෙනවා. තවත් බොහෝමයක් සම්මාන දිනාගන්න The One and Only Ivan නවකතාවට හැකියාව ලැබෙනවා.

ඉතින් The One and Only Ivan නවකතාවේ අති සාර්ථකත්වයෙන් පසුව, මේ වසරේ ඒ කිව්ව‍ෙ 2020 මැයි මාසේ නැවතත් Katherine Applegateගේම රචනයෙන් The One and Only Bob නමින් තවත් නව කතාවක් නිකුත් වෙනවා.  මෙම නව කතාව ඉදිරිපත් කර තිබෙන්නේ අයිවන්ගේ හොඳම මිත්‍ර සුනඛයා වන බොබ්ගේ දෘෂ්ටි කෝණයෙන්.

මේ නවකතාවල සාරාංශනම් දෙන්න යන්නේ නැහැ මොකද චිත්‍රපටයත් නවකතාවට සමීපව ධාවනය වෙයි කියලා හිතන නිසා. කතාව කියවලා තියෙනවනම්, බලන්නකෝ චිත්‍රපටය කොච්චර දුරට නවකතාවට ළඟින් යනවද කියලා.

මේ චිත්‍රපටය මුලින්ම නිකුත් වෙන්නට තිබුණේ Walt Disney Studios Motion Pictures සමාගම යටතේ අගෝස්තු 14. නමුත් කොවිඩ්-19 වසංගත තත්වය නිසා සිනමාහල් වසා දැමීම හේතුවෙන්, ජූනි 12 වෙනිදා නිවේදනය කරනු ලබනවා Disney+ ඔස්සේ අගෝස්තු 21 වෙනිදාට නිකුත් කරන බවට. හැබැයි ඔන්න ජූලි 8 වෙනිදා චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරන පටයේ නිකුත් වීමත් සමග පෙර තීරණය කළ පරිදිම නැවතත් අගෝස්තු 14 වෙනිදාම නිකුත් කරන්න හිතුවත්, අවාසනාවන්ත ලෙස ආපහු 21 වෙනිදාම නිකුත් කරන්න තීරණය කරනවා. 

හොඳයි අපි දැන් චිත්‍රපටයේ කතාව දිහාවට හැරෙමු… මේ කතාවේදීත් පොතේදී වගේම බිග් ටොප් වෙළඳ සංකීර්ණය සහ වීඩියෝ ආකේඩ් එක්සිට් එයිට් (Big Top Mall and Arcade Exit 8) කියන ගොඩනැගිල්ලේ තමයි අයිවන් ජීවත් වෙන්නේ. අයිවන් තමා‍ මේ සර්ක්ස් එකේ ප්‍රධාන තරුව මොකද බිල්බෝඩ් එකේ (විශාල දැන්වීම් පුවරුවෙ) තියෙන්නේ එයාගේ පින්තූරයක් සහ සඳහන් කරලා තියෙන්නේ එයා ගැන. එයාට යාළුවෝ කිහිප දෙනෙකුත් ඉන්නවා. එයාලව චිත්‍රපටය බලලාම අඳුනගන්නකෝ. එතකොට අයිවන්ගේ රාජකාරිය වෙන්නේ ලොකු තරහක් මවාපාමින් ගොරවලා, කිං කොං වගේ පපුවට ගහගෙන එහෙම සර්කස් එක බලන්න එන කට්ටියව සතුටු කරන එක.

නමුත් ළඟදි ඉඳලා සර්කස් එක බලන්න එන කට්ටිය අඩු වෙලා. ඉතින් සර්කස් එක කරගෙන යන අයිවන්ව පුංචි කාලයේ ඉඳලා බලා කියාගත්තු මැක් මහත්මයා මේකට විසඳුමක් හිතලා තීරණයක් ගන්නවා. ඒ මොකක්ද කියලත්, අයිවන් සහ ඔහුගේ මිතුරන් ඒ තීරණයට කොහොම ප්‍රතිචාර දක්වයිද කියලාත් පවුලේ හැමෝම එකතු වෙලා මේ චිත්‍රපටය බලලා දැනගන්න කියලා ආරාධනා කරනවා. ?

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ එල්.සී.දමැල් සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The One and Only Ivan (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-one-and-only-ivan-2020-sinhala-subtitles/feed/ 0
Cocaine Bear (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/cocaine-bear-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/cocaine-bear-2023-sinhala-subtitles/#respond Sat, 18 Mar 2023 00:10:50 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=38071 Cocaine Bear Sinhala Sub Cocaine Bear Sinhala Subtitles Cocaine Bear (2023) Sinhala Sub Cocaine Bear (2023) Sinhala Subtitles

The post Cocaine Bear (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Cocaine Bear Sinhala Sub
Cocaine Bear Sinhala Subtitles
Cocaine Bear (2023) Sinhala Sub
Cocaine Bear (2023) Sinhala Subtitles

The post Cocaine Bear (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/cocaine-bear-2023-sinhala-subtitles/feed/ 0