Chance Perdomo Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/chance-perdomo/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 10 Oct 2023 07:52:25 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Chance Perdomo Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/chance-perdomo/ 32 32 Gen V (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/tvshows/gen-v-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/tvshows/gen-v-2023-sinhala-subtitles/#respond Mon, 09 Oct 2023 07:55:04 +0000 https://sinhalasub.lk/?post_type=tvshows&p=55507 Gen V Sinhala Sub Gen V Sinhala Subtitles Gen V (2023) Sinhala Sub Gen V (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! සුපිරි වීරයෝ ගැන අපෙ ඔලුවල මැවිල තිබ්බ ප්‍රතිරූපේ සම්පූර්ණයෙන්ම උඩු යටිකුරු කරපු කතා මාලාවක් විදිහට The Boys නම් කරන්න පුලුවන්. එකම තාලේ කොමික් චිත්‍රපට/ ටීවි කතා මාලාවන් නරඹලා හති වැටිලා උන්නු රසිකයින්ට වෙනස්ම විදිහේ […]

The post Gen V (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Gen V Sinhala Sub
Gen V Sinhala Subtitles
Gen V (2023) Sinhala Sub
Gen V (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

සුපිරි වීරයෝ ගැන අපෙ ඔලුවල මැවිල තිබ්බ ප්‍රතිරූපේ සම්පූර්ණයෙන්ම උඩු යටිකුරු කරපු කතා මාලාවක් විදිහට The Boys නම් කරන්න පුලුවන්. එකම තාලේ කොමික් චිත්‍රපට/ ටීවි කතා මාලාවන් නරඹලා හති වැටිලා උන්නු රසිකයින්ට වෙනස්ම විදිහේ අත්දැකීමක් Eric Kripke විසින් 2019 දි The Boys හරහා අරන් ආවා. මේ වෙනස නිසාම අතිශය ජනප්‍රිය වුණු මේ විශ්වය තවත් පුලුල් කරන්න Amazon Prime Video දෙපාරක් හිතුවෙ නෑ. ඒ ප්‍රතිපලයක් විදිහටයි ඊයෙ පෙරේදා Gen V නමින් අලුත්ම ලයිව් ඇක්ශන් කතා මාලාවක් නිකුත් වුණේ. The Boys විශ්වයෙ නිකුත් කළ තුන්වෙනි ස්පින් ඕෆ් එක තමයි මේ.

ප්‍රචණ්ඩත්වයට සහ සීමා නැති ලිංගික නිරුවත් දර්ශනවලට නම් දරාපු The Boys කතා මාලාවේ ඒ දේවල් ඊට නොදෙවෙනි වෙන්න නිර්මාණය කරන ගමන් අලුත් චරිත සහ අලුත් සිදුවීම් එක්කයි මේ අපූරු Gen V සීරීස් එක ගොඩනගලා තියෙන්නේ.

The Boys විශ්වයේ වීරයින් වෝට් ආයතනයෙන් ලබාදුන්නු බෙහෙතක් නිසා බලය ලැබුණු අය මිසක් ඔවුන් ඉහළ පරිණාමය නිසා හෝ පිටසක්වළ ජීවීන් නිසා බලය ලැබුණු අය නෙවෙයි කියන කාරණේ දැනටමත් ඔප්පු වෙලා ඉවරයි. මේ ආන්දෝලානාත්මක හෙලිදරව්ව නිසා වෝට් එකේ ඉහළ පුටුවල ඉන්න අයට කොයි තරම් ප්‍රශ්න තොගේකට මුහුණ දෙන්න වුණාද කියලා ඔයාලට මතක ඇතිනේ. මේ වෙද්දී වෝට් එකේ සම්පූර්ණ බලයම තියෙන්නේ හෝම්ලෑන්ඩර් අතේ. ඒ අස්සේ හෝම්ලෑන්ඩරුත් දැන් ප්‍රසිද්ධියෙම පිස්සු කෙලිනවා.

ඉතිං ඔය වගේ කාලෙක “ගොඩොල්කින්” කියන සුපිරි වීරයින් සඳහා වෙන් වුණු පාසලක සිද්ද වෙන අමුතුම සිදුවීම් මාලාවක් පාදක කරගෙනයි අලුත්ම Gen V කතා මාලාව දිග හැරෙන්නෙ.

GODOLKIN විශ්ව විද්‍යාලය ගැන හඳුන්වාදීමක්

(නිළ ලාංචනය)

The Boys විශ්වයේ ඉන්න තරුණ සුපිරි බලයන් ලැබූ අය (සූප්ලා) එකතු කරගෙන, ඔවුන්ට තමන්ගෙ බලයන් පාලනය කරගන්න, ඒවා පාවිච්චි කරන්න උඟන්වන ප්‍රමුඛ පෙලේ පාසලක් තමයි මේ Godolkin University එක කෙටියෙන් “God U” කියල හඳුන්වන්නේ.

මේ පාසල ආරම්ඹ කරලා තියෙන්නේ පැට්‍රික් ගොඩොල්කින් (කොමික්වල ජෝන් ගොඩොල්කින්) කියන කෙනා විසින්. මේ පැට්‍රික් වගේම ගොඩොල්කි විශ්ව විද්‍යාලයත් Marvel ලගේ X-Men ලගේ පැරොඩි වර්ශන් එකක් විදිහටයි නිර්මාණය කරල තියෙන්නෙ.

මේ විශ්ව විද්‍යාලය තුළින් සූප් කෙනෙක්ට අවශ්‍යය හැම පැතිකඩකම දැනුම ලබාදෙනවා. ඒ දැනුම කළා ක්ෂේත්‍රය සහ අපරාධවලට එරෙහිව සටන් කිරීම කියන ප්‍රධාන නිපුණතා වර්ග දෙකකින් ඉඟෙන ගන්න පුලුවන්. අනික මේ විශ්ව විද්‍යාලයට සිසුන් ඇතුලත් කරගන්නෙත් බොහොම ප්‍රවේශමින් තෝරල බේරලා. හැමෝටම ඒ අවස්තාව උදාවෙන්නෙත් නෑ.

ඉතිං උපාධි ලබාදීම හරහා දහස් ගණනක් තරුණ සූප්ලට නිසි අධ්‍යාපනය ලබාදෙමින්, අදාල ශිෂ්‍යයින්ව සළකා බලල ඔවුන්ව සුපිරිවීරයින් විදිහට අපරාධවලට එරෙහිව හෝ කලා ක්ෂෙත්‍රයට යොමු කිරීමත් මේ විශ්ව විද්‍යාලයෙන් සිදුවෙනවා. ඒ වගේම මෙයාලා සෑම වසරෙම හොඳම ශිෂ්‍යයින් දස දෙනෙක්ව තෝරාගෙන ඔවුන්ව සෙවන් ඇතුලු ප්‍රමුඛ පෙලේ සුපිරි වීර කණ්ඩායම්වලත් යොමු කරෙනවා. කුයින් මේව්, ඒ- ට්‍රේන් වගේම ඩීප් කියන්නෙත් ගොඩොල්කින් එක හරහා දස්කම් දක්වලා හොඳම 10 අතරට ගිහින් සෙවන් එකේ තමන්ගෙ ස්ථාන දිනාගත්තු අයයි.

ඉතිං මේ අපූරු පාසල ගැන වැඩිපුර විස්තර ඔයාල Amazon ලාම නිර්මාණය කරපු නිළ ගොඩොල්කින් වෙබ් අඩවියට ගිහින්ම බලන්න පුලුවන්.
GODOLKINUNIVERSITY

The Boys විශ්වය කියන්නේ සම්පූර්ණයෙන්ම වගේ දූෂිත එකක්නේ. ඉතිං මේ ගොඩොල්කින් එකෙත් ඇති වෙනසක් නෑ. කතාව දිගටම බලන් යද්දි ඔයාලට තේරෙයි මේක ඇතුලේ මොන තරම් දරුණු වගේම අමුතු දේවල් සිද්ද වෙනවද කියලා.

ඉතිං තමන්ගෙ වැරදි හදාගෙන අලුත් ආරම්ඹයක් අරගන්න හිතාගෙන ගොඩොල්කින් එකට යන පොඩි කෙල්ලෙක්ට මැදිවෙන්න සිද්ද වෙන දරුණු අත්දැකීම් මාලාවක් තමයි Gen V කතා මාලාවෙන් අරන් එන්නෙ.

සුපුරුදු පරිදි Amazon Prime Video වෙනුවෙන් මේක නිර්මාණය කරල තියෙන්නේ Erik Kripke විසින්. Jaz Sinclair, Chance Perdomo, Lizzie Broadway, Maddie Phillips, Derek Luh ප්‍රධාන චරිත ලෙසින් එකතු වෙනවා. The Boys එකේ චරිත ප්‍රධාන චරිත විදිහට මේකට එකතු වෙන්නෙ නෑ. ඒත් The Boys එකේ මුහුණු ගොඩක් කැමියෝ විදිහට කතා මාලාව පුරාම බලාගන්න පුලුවන්. ඉස්සරහ කතාංගවලින් අපිට සොල්ජර් බෝයිවත් දැකගන්න අවස්තාව තියෙනව කියලයි අහන්න ලැබුණේ. මේ ලිපිය ලියන වෙලාව වෙද්දී 8.1 ක IMDB අගයක් වගේම 95% ක Rotten Tomatoes අගයකුත් කතා මාලාව වාර්ථා කරලා තියෙනවා.

The Boys වගේම මේකත් TV-MA රේටින් එකට නිර්මාණය කරල තියෙන්නේ. ඉතිං මේ සීරීස් එක පුරාම අසභ්‍යය වචන, නිරුවත් දර්ශන, මත්ද්‍රව්‍යය භාවිතය එක්ක පටන් ගත්තු වෙලාවෙ ඉඳන් අතිශය දරුණු ප්‍රචණ්ඩකාරී දර්ශන ඇතුලත් වෙනවා. ඒ නිසා වයස 18 ට වැඩි අය විතරක් මේක බැලුවා නම් තමයි සුදුසු . අනිත් කාරණාව තමයි මේක The Boys එකේ ස්පින් ඕෆ් එකක් වෙන නිසා මේ සීරීස් එක The Boys එකට කෙලින්ම සම්බන්ඳ වෙනවා. ඒ නිසා The Boys බලල මේ විශ්වය ගැන දැනුම ටිකක් අරන් මේක බලන්න ගත්ත නම් හොඳයි කියලයි මම නම් කියන්නේ. නැත්තන් කතාවෙන් පෙන්වන ඊසටර් එග්ස් එහෙම ඔයාලට මගහැරිලා කතාවෙ නියම රසය අරගන්න බැරි වෙයි.

දැනට එපිසෝඩ් 4ක්  රිලීස් වුණා. ඉතුරු එපිසෝඩ් ටිකත් ආව ගමන් ඉක්මණටම අරං එන්නම්. එහෙනම් දිගටම සිංහලසබ්.නෙට් වෙතින් Gen V සමඟ රැඳිල ඉන්න කියල ආරාධනා කරමින් දැනට සමුගන්නවා.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ සචින්ත කල්හාර බෙනට්  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Gen V (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/tvshows/gen-v-2023-sinhala-subtitles/feed/ 0
After Ever Happy (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/after-ever-happy-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/after-ever-happy-2022-sinhala-subtitles/#comments Fri, 28 Jul 2023 22:25:57 +0000 https://sinhalasub.net/?post_type=movies&p=28925 After Ever Happy Sinhala Sub After Ever Happy Sinhala Subtitles After Ever Happy (2022) Sinhala Sub After Ever Happy (2022) Sinhala Subtitles කතාව ගැන නම් අමුතුවෙන් මතක් කරන්න ඕන්නෑ කියල හිතනවා මොකද ඔයාලට අමතක වෙන්න විදිහක් නෑ කලින් ෆිල්ම් තුන ගැන, ඒකම රෝලනෙ යන්නේ. ඒවගේ වුණ ටික මේකෙත් එහෙම්මම තියෙනවා: දෙන්න තරහ වෙනව, යාළු වෙනව, […]

The post After Ever Happy (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
After Ever Happy Sinhala Sub
After Ever Happy Sinhala Subtitles
After Ever Happy (2022) Sinhala Sub
After Ever Happy (2022) Sinhala Subtitles

කතාව ගැන නම් අමුතුවෙන් මතක් කරන්න ඕන්නෑ කියල හිතනවා මොකද ඔයාලට අමතක වෙන්න විදිහක් නෑ කලින් ෆිල්ම් තුන ගැන, ඒකම රෝලනෙ යන්නේ. ඒවගේ වුණ ටික මේකෙත් එහෙම්මම තියෙනවා: දෙන්න තරහ වෙනව, යාළු වෙනව, තව පොඩ්ඩක් ආදරෙත් කරනවා. ඒත් කතාව ගැන කෙටියෙන් මතක් කරන්නම්, කළින් ෆිල්ම් එකේදි හාඩින් දැනගන්නවා කේන් කියන්නේ ඔහුගෙ ඇත්තම තාත්ත නෙවේ ක්‍රිස්ටියන් කියලා. ඒක ඔහුට තදින්ම බලපානවා මොකද ඔහුගෙ ජීවිතේම බොරුවක් වුණ නිසා. ඔහුගේ ජීවිතේ වුණ ගොඩක් දේවල් වලට ක්‍රිස්ටියන්ට ඔහු දොස් පවරනවා. ඔහුගෙ පැත්තෙන් ඒක සාධාරණයි. ඉතින් මේ ප්‍රශ්නෙ හාඩින්ගෙයි ටෙසාගෙයි ජීවිතේට කෙසේ බලපායිද? ඔව්, හොඳින් බලපාන්නෑ. හාඩින්ගෙ මුරන්ඩිකම් තවත් වැඩි වෙන නිසා ටෙසාටත් මේ සම්බන්දෙ ගැන කලකිරෙනවා. ඒ නිසා දෙන්න තර ගොඩක් ප්‍රශ්න ඇතිවෙනවා. ඒව බලලාම දැනගන්න. ඊට අමතරව හාඩින් කේන්ට කෙසේ මුහුන දෙයිද මොකද කේන් තාමත් ඇත්ත දන්නෙ නෑ. හාඩින් තමන්ගෙ අම්මට කොහොම මුහුන දෙයිද, ඒවාද මේකෙන් ඔයාලට බලාගන්න හැකිවෙයි.

The post After Ever Happy (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/after-ever-happy-2022-sinhala-subtitles/feed/ 1
After We Fell (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/after-we-fell-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/after-we-fell-2021-sinhala-subtitles/#respond Fri, 28 Jul 2023 22:22:58 +0000 https://sinhalasub.net/?post_type=movies&p=9461 Just as Tessa’s life begins to become unglued, nothing is what she thought it would be. Not her friends nor her family. The only person that she should be able to rely on is Hardin, who is furious when he discovers the massive secret that she’s been keeping. Before Tessa makes the biggest decision of […]

The post After We Fell (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Just as Tessa’s life begins to become unglued, nothing is what she thought it would be. Not her friends nor her family. The only person that she should be able to rely on is Hardin, who is furious when he discovers the massive secret that she’s been keeping. Before Tessa makes the biggest decision of her life, everything changes because of revelations about her family.

මේ ෆිල්ම් එකට IMDb දර්ශකේ 5 කට කරකව ගන්න හැකි වෙලා තියෙනවා. රඟපාන අය ගැන ආය අමුතුවෙන් මතක් කරන්න ඕන්නෑනෙ, පරණ අයම තමයි. මේ කතාව පාදක වෙන්නෙ Anna Todd රචිත After we fell නවකතාවෙන්. ඊට අමතරව කියන්න තියෙන්නේ මේ පාර Amazon Prime විසින් After We Fell සහ මීලඟට නිකුත් වීමට නියමිත After Ever Happy ෆිල්ම් දෙකේ විකාශන අයිතිය ලබාගෙන ඒ හරහා තමයි නිකුත් කරන්නේ.

කතාව ගැන සාරාංශ කළොත්, ටෙසා හට සියැටල් වල ජොබ් එකක් දෙනවා ක්‍රිස්ටියන් වෑන්ස් විසින්. ඉතින් ඒක නිසා හැමදාමත් වගේ හාඩින් ටෙසා අතර ප්‍රශ්න ඇති වෙනවා. මොකද හාඩින්ට ඕන කළේ උපාදියෙන් පස්සෙ ලන්ඩන් යන්න ඒත් ටෙසාට සියැටල් වල ජොබ් එක නිසා ප්‍රශ්න වැටෙනවා. කොහොම හරි ඉතින් මෙයාල ඒව විසඳගෙන එකලාසයක් වුනත් අවසානෙට හාඩින්ට නොහිතපු ප්‍රශ්නෙකට වැටෙන්න වෙනවා. අනිවාරෙන් ඒක බලන ඔයාලටත් ලොකු පුදුම කිරීමක් වෙයි. ඉතින් බලලම දැන ගන්න ඒ මොකක්ද කියලා.

මගේ මතේ නම්, දෙවෙනි චිත්‍රපටයට වඩා මේක ගොඩක් හොඳ තත්වෙක තිබ්බා. බලමුකෝ ඉස්සරහට එන ඒව කොහොම වේද කියලා. එහෙනම් ඔය කියෙව්ව මදෑ. ඉස්සරහටත් අපිත් එක්ක රැඳිල ඉන්න කියල මතක් කරන ගමන් මං සමුගන්නවා.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ Bimsara Yashan (ඔලිව) සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post After We Fell (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/after-we-fell-2021-sinhala-subtitles/feed/ 0