Charlize Theron Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/charlize-theron/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 12 Mar 2024 12:38:39 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Charlize Theron Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/charlize-theron/ 32 32 The Addams Family 2 (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-addams-family-2-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-addams-family-2-2021-sinhala-subtitles/#respond Thu, 24 Aug 2023 13:07:09 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=51956 The Addams Family 2 Sinhala Sub The Addams Family 2 Sinhala Subtitles The Addams Family 2 (2021) Sinhala Sub The Addams Family 2 (2021) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! 2019 අවුරුද්දේ ආපු ඇඩම්ස් පවුලේ කතාන්දරය බලපු අයට මතක ඇති කියලා හිතෙනවා. ඒක නොබැලුවා කියල මේක බලන්න අපහසුවක් නෑ. හැබැයි බලන තරමට හොඳයි. සුපුරුදු විදියටම අස්වාභාවික […]

The post The Addams Family 2 (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Addams Family 2 Sinhala Sub
The Addams Family 2 Sinhala Subtitles
The Addams Family 2 (2021) Sinhala Sub
The Addams Family 2 (2021) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

2019 අවුරුද්දේ ආපු ඇඩම්ස් පවුලේ කතාන්දරය බලපු අයට මතක ඇති කියලා හිතෙනවා. ඒක නොබැලුවා කියල මේක බලන්න අපහසුවක් නෑ. හැබැයි බලන තරමට හොඳයි.

සුපුරුදු විදියටම අස්වාභාවික මනුෂ්‍ය පවුලක් වන ඇඩම්ස්ලා ගේ ජීවිතේ කතන්දරයක් මේකෙන් දැක බලාගන්න පුළුවන්. අස්වාභාවික නමුත් පවුලේ අයට ස්වාභාවික තිබෙන ගති ලක්ෂණ කිසිවක් පවුලේ දියණිය වන වෙන්ස්ඩේට පිහිටලා නෑ. එයාගේ කතා බහත් හරියට පොතේ භාෂාව වගේ අමුතුයි. කෙටියෙන් කීවොත් පවුලේ අය අතරින් වෙනස් කෙනා එයා. ඉතින් එයා ක්‍රම ක්‍රමයෙන් පවුලෙන් ඈත් වී යන ස්වාභාවයක් පෙන්වන නිසා තාත්තා, ගෝමස් ඇඩම්ස්, සහ අම්මා, මෝටීසියා ඇඩම්ස් තීරණය කරනවා එයාලගේ පවුලේ හැමෝම වන පුතා පග්ස්ලි, අන්කල් ෆෙස්ටර්, උන්මත්තක සේවකයා ලර්ච් සහ තින්ග් කියන තනි අතේ චරිතයත් එක්ක පවුලේ සවාරියක් යන්න. ඒ පවුලේ අය අතරේ සම්බන්ධතා වැඩි දියුණු කරගන්න්නත් එක්ක. ඒත් මෙයාලගේ පස්සේ එනවා පෝසත් වගේම බුද්ධිමත් විද්‍යාඥයෙක්, වෙන්ස්ඩේව පැහැරගන්නා අරමුණින්.

ඉතින් එයාලගේ සවාරිය අස්සේ මේ මිනිස්සුන්ගෙන් බේරෙන හැටි, පවුලේ මත ගැටුම් අවුල් වියවුල් විසඳාගන්න හැටි එක්ක ලස්සන ඇඩ්වෙන්චර් කතාවක් මේ පාරත් දැක බලාගන්න පුළුවන් වේවි. චිත්‍රපටය අධ්‍යක්ෂණය වෙන්නේ කොන්රඩ් වර්නන් අතින්. ඒ වගේම IMDb රේටින් 5.3ක් එක්ක 23%ක රොට්න්ටොමැටෝ අගයක් ලබාගෙන තියෙනවා.

ඇඩම්ස් පවුලේ පලවෙනි කතාව බලන්න පහල පින්තුරය ක්ලික් කරන්න…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ මාලින්ද පිටිගල සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The Addams Family 2 (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-addams-family-2-2021-sinhala-subtitles/feed/ 0
The Addams Family (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-addams-family-2019-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-addams-family-2019-sinhala-subtitles/#respond Thu, 24 Aug 2023 13:05:15 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=51919 The Addams Family Sinhala Sub The Addams Family Sinhala Subtitles The Addams Family (2019) Sinhala Sub The Addams Family (2019) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ඇඩම්ස් පවුල, 2019 අග භාගයේදී තිරගත වුනු කොන්රඩ් වර්නන් අතින් අධ්‍යක්ෂණය වුනු වෙනස්ම ආකාරයක ත්‍රිමාන සජීවීකරණ චිත්‍රපටයක්. වෙනස් නැතහොත් සාමාන්‍යයෙන් කියන ආකාරයට විකාර පුද්ගලයෝ, නැත්නම් අස්වාභාවික මනුෂ්‍ය පවුලක් වටා මේ […]

The post The Addams Family (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Addams Family Sinhala Sub
The Addams Family Sinhala Subtitles
The Addams Family (2019) Sinhala Sub
The Addams Family (2019) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඇඩම්ස් පවුල, 2019 අග භාගයේදී තිරගත වුනු කොන්රඩ් වර්නන් අතින් අධ්‍යක්ෂණය වුනු වෙනස්ම ආකාරයක ත්‍රිමාන සජීවීකරණ චිත්‍රපටයක්. වෙනස් නැතහොත් සාමාන්‍යයෙන් කියන ආකාරයට විකාර පුද්ගලයෝ, නැත්නම් අස්වාභාවික මනුෂ්‍ය පවුලක් වටා මේ කතාන්දරය ගෙතිලා තියෙන්නේ. ගෝමස් සහ මෝටීසියා කියන දෙදෙනාගේ විවාහ උත්සවයෙන් කතාන්දරය පටන්ගන්නේ. නමුත් ඒක ලස්සනට කරගන්න නම් වෙන්නේ නෑ, මොකද කෝපයට පත් සාමාන්‍ය ගම්වාසීන් මෙතනට කඩා වැදිලා උත්සවය කඩා කප්පල් කරනවා, මේ වගේ අස්වාභාවික මිනිසුන් තමන්ගේ ගමට අවශ්‍ය නෑ කියමින්. ඒ නිසා මේ ඇඩම්ස් පවුලට සිදු වෙනවා පිළිසරණක් සොයා ගැලවී පලා යන්න සතර අතට. අලුත විවාහ වූ යුවලත්, තමන්ගේ ජීවිතය අලුතින් ආරම්භ කරන්න තැනක් හොයාගෙන යනවා.

මේ දෙදෙනාට හමුවෙනවා ඔවුන්ට වඩාත් ගැලපෙන, බිහිසුණු, අප්‍රසන්න, අපිරිසිදු, හොල්මන් ආත්ම පිරුණු මීදුමින් වැසී ගිය කන්දක් මුදුනේ හුදෙකලා වුනු උන්මත්තකාගාරයක්. නිකන් නෙවෙයි. ඔවුන්ට මෙහෙ කරන්න සද්ධන්ත මානසික-ව්‍යාධි ලෙඩෙකුත් එක්ක. ඉතින් මේ පවුලේ කතාවේ ඉතිරිය පටන් ගන්නේ එතන ඉඳන්. ඔවුන්ගේ පවුලට අලුතින් එකතු වෙන දරුවෝ, කාලයත් සමඟ ඔවුන්ගේ නිවාස අවට පෙදෙස් ජනාකීර්ණ සහ නාගරික වීමත් සමග ඔවුන්ට මුහුණ දෙන්න සිදුවෙන ගැටළු, සහ විශේෂයෙන්ම සාමාන්‍ය මිනිස්සු හමුවේ ඔවුන්ට ඇතිවෙන කම්කටොලු ඔස්සේ කතාව ගලාගෙන යනවා.

ඉතින් ඒ ගැන එච්චරයි. වැඩි දුර කතාව නොකියා මුල ටික විතරක් පැහැදිලි කලේ කතා රසය නොමරා ඉන්න ඕනි නිසයි. මම නම් කියන්නේ සාමාන්‍යයෙන් අපි දකින ලස්සන සුරතල් ආදරණීය චරිත අඩංගු සජීවිකරණ චිත්‍රපටියකට වඩා වෙනස් මේක. ඒ නිසාම අරගෙන බලන්න. චිත්‍රපටියේ තත්ත්වය අරගෙන බැලුවොත් IMDB රේටින් 5.8ක් අරගෙන රොට්න්ටොමැටෝ අගය 43%ක් එනකම් අරගෙන තියෙනවා. ඒ වගේම ඩොලර් මිලියන 40ක බජට් එකකින් මිලියන 197ක් ආදායම් අරගෙනත් තියෙනවා. එහෙනම් ඔයාලා බලලම කමෙන්ට් එකකුත් දාන් යන්න…

ඇඩම්ස් පවුලේ දෙවෙනි කතාව බලන්න පහල පින්තුරය ක්ලික් කරන්න…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ මාලින්ද පිටිගල සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The Addams Family (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-addams-family-2019-sinhala-subtitles/feed/ 0
Prometheus (2012) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/prometheus-2012-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/prometheus-2012-sinhala-subtitles/#respond Tue, 01 Aug 2023 12:28:32 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=48133 Prometheus Sinhala Sub Prometheus Sinhala Subtitles Prometheus (2012) Sinhala Sub Prometheus (2012) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! මේක විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් වෙන ෆිල්ම් එකක් IMDB වල රේටින් 7.5 ක් ලබාගෙන තියෙනවා. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Ridley Scott (Robin Hood, Body of Lies, Gladiator, Alien, Hannibal, Black Hawk Down) දැන් නම් ඉතින් කට්ටියට අමුතුවෙන් කියන්න […]

The post Prometheus (2012) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Prometheus Sinhala Sub
Prometheus Sinhala Subtitles
Prometheus (2012) Sinhala Sub
Prometheus (2012) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මේක විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් වෙන ෆිල්ම් එකක් IMDB වල රේටින් 7.5 ක් ලබාගෙන තියෙනවා. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Ridley Scott (Robin Hood, Body of Lies, Gladiator, Alien, Hannibal, Black Hawk Down) දැන් නම් ඉතින් කට්ටියට අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ ෆිල්ම් එක සුපිරි එකක් කියලා. මොකද අධ්‍යක්ෂණකගේ කලින් ෆිල්ම් ටික දැක්ක ගමන් කට්ට්යම මතක් වෙනවනේ මොහු කොයි වගේ දක්ෂයෙක්ද කියලා…

මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය රඟපාන්නේ Noomi Rapace ( The Girl with the Dragon Tattoo, Sherlock Holmes: A Game of Shadows, Passion) දොස්තර එලිසබත් ශෝව් ගේ චරිතය තමයි මෙයා කරන්නේ. ඊට අමතරව Charlize Theron – ම(ර්)ඩිත් වික(ර්)ස් ( Snow White & the Huntsman, Hancock, Young Adult), Idris Elba – කපිතාන් ජෑන්ක් (Ghost Rider: Spirit of Vengeance, Thor, Legacy, The Unborn), Logan Marshall-Green – චාලි හොල්වේ (Devil, Law & Order , 24 රුපවාහිනී කථා මාලාව ), Guy Pearce – පීටර් වේලන්ඩ් (Lockout, Seeking Justice, The Hurt Locker, The Time Machine), Michael Fassbender – ඩේවිඩ් ( Shame, Haywire) මේ වගේ සුපිරිම සෙට් එකක් තමයි මේකේ රඟපාන්නේ.

කථාව පටන්ගන්නේ වර්ෂ 2089 දී දොස්තර එලිසබත් ශෝව් හා ආචාර්ය චාලි හොල්වේ දෙපලට හමුවෙන ගුහා චිත්‍රයක් ඔස්සේ ඔස්සේ ඔවුන් මානවයගේ සම්භවය මොනවගේද සිද්ධ වුනේ කියලා සොයා බලනවා. මෙයට සමාගමේ අයිතිකරු වන පීටර් වේලන්ඩ් මුදල් යොදවා ඔවුන්ට අභ්‍යවකාශ යානාවක් (Prometheus) ලබා දෙනවා මිනිසුන් නිර්මාණය කළා වූ ඒ පිටසක්වල ජීවින් සොයා යෑමට. මේ අභ්‍යවකාශ යානාවේ ප්‍රධානවත්ය දරන්නේ පීටර්ගේ දියණිය වන ම(ර්)ඩිත් වික(ර්)ස් මෙනවිය විසිනි. මැයට සහයෝගය දීමට කෘතීම මිනිසෙකු වන ඩේවිඩ් වේලන්ඩ් සමාගම ඇයට ලබා දී තිබේ. මෙම රොබෝවරයා සම්පුර්ණයෙන්ම පාලනය වෙන්නේ පීටර් වේලන්ඩ් මහතාට අවශ්‍යය පරිදි වේ. නමුත් යානයේ යන කිසිවෙක් මේ බව දන්නේ නැත. ඔවුන් සිතන්නේ පීටර් වේලන්ඩ් මහතා මියගොස් ඇති බවයි. කෙසේ වෙතත් සියළු දෙනාම නිරුපද්‍රිතව වර්ෂ 2093 වනවිට ගවේෂණයට ආ යුතු ගමනාන්තයට ලගා වෙනවා. මොවුන් එහි ගොඩ බැස පරික්ෂාකර බලනවිට එහි සිටි ජිවින්ගේ සිරුරු හමුවෙනවා. නමුත් මේ අතරේ කාටත් හොරෙන් ඩේවිඩ් විසින් තම ස්වාමියාගේ අණට අනුව රහස් මෙහෙයුමක යෙදෙනවා. එහිදී ගවේෂණයේ සිටින පිරිස් යොදාගෙන තමයි මේක වෙන්නෙත්. නමුත් ඔවුන් ඒ බවක් දන්නෙත් නෑ…

මේ අය යෙදෙන පර්යේෂණය මොකද්ද ? මියගිය කෙනෙක් කොහොමද මෙය කරවන්නේ ? කණ්ඩායමට මානවයාගේ සම්භවය සොයාගැනීමට පුළුවන් වෙයිද ? මේවට උත්තර හොයාගන්න නම් ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරගෙන් බලන්නම වෙනවා…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ චරිත පොල්ගස්දෙණිය සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Prometheus (2012) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/prometheus-2012-sinhala-subtitles/feed/ 0