Chukwudi Iwuji Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/chukwudi-iwuji/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 01 Aug 2023 17:32:01 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Chukwudi Iwuji Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/chukwudi-iwuji/ 32 32 Guardians of the Galaxy Vol. 3 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/guardians-of-the-galaxy-vol-3-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/guardians-of-the-galaxy-vol-3-2023-sinhala-subtitles/#comments Mon, 10 Jul 2023 22:24:48 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=42370 Guardians of the Galaxy Vol. 3 Sinhala Sub Guardians of the Galaxy Vol. 3 Sinhala Subtitles Guardians of the Galaxy Vol. 3 (2023) Sinhala Sub Guardians of the Galaxy Vol. 3 (2023) Sinhala Subtitles හැම කෙනෙක්ටම සුබ දවසක්! හැමෝම හොඳින් ඉන්නවා ඇති කියල හිතනව. ? ඔන්න එහෙනම් ගොඩක් දෙනෙක් බලාගෙන හිටිය තවත් මුවි එකක් අරගෙන […]

The post Guardians of the Galaxy Vol. 3 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Guardians of the Galaxy Vol. 3 Sinhala Sub
Guardians of the Galaxy Vol. 3 Sinhala Subtitles
Guardians of the Galaxy Vol. 3 (2023) Sinhala Sub
Guardians of the Galaxy Vol. 3 (2023) Sinhala Subtitles

හැම කෙනෙක්ටම සුබ දවසක්! හැමෝම හොඳින් ඉන්නවා ඇති කියල හිතනව. ?

ඔන්න එහෙනම් ගොඩක් දෙනෙක් බලාගෙන හිටිය තවත් මුවි එකක් අරගෙන ආව. මේ තමයි මාවල් සිනමා විශ්වයේ 32වැනි සිනමාපටය. ඒ වගේම Jon Watts විසින් අධ්‍යක්ෂණය කල ස්පයිඩර් මෑන් සිනමාපට ත්‍රිත්වයත් Peyton Reed විසින් අධ්‍යක්ෂණය කල ඈන්ට් මෑන් සිනමාපට ත්‍රිත්වයත් හැර එකම අධ්‍යක්ෂකවරයෙකු විසින් මාවල් සිනමා විශ්වයේ සිනමාපට ත්‍රිත්වයක් (Trilogy) අධ්‍යක්‍ෂණය කල තෙවැනි අවස්ථාව තමයි මේ ජේම්ස් ගන් විසින් ගාඩියන්ස් සිනමාපට ත්‍රිත්වය අධ්‍යක්ෂණය කිරීම.

ගොඩක් වෙලාවට ආපහු මෙහෙම වෙන එකකුත් නැතිවෙයි මයේ හිතේ. මේකත් ජේම්ස් ගන්ගෙන් ගැලවිලා ආපහු ලැබුණු සිද්ධිය මතක ඇතිනේ. ඒ වගේම මම පුදුම වුණ කාරණේ තමා පලවෙනි වතාවට මාවල් සිනමා පටයක F වචනය අඩංගු වීම. යකො සිරාවටම මේ වචනේ මේකට දැම්මද කියල හිතුනා. හැබැයි ඒ වචනේ එතනට නොදාත් බැහැ  ?

මේ තමා මෑත කාලීනව මාවල් සිනමා විශ්වයට අදාලව නිකුත් කරපු ෆිල්ම් වලින් හොඳම ෆිල්ම් එක. ආයේ දෙකක් නැතුව රෙකමන්ඩ් කරන්න පුළුවන් මේක. කට්ටියටම මාවල් සිනමාවේ ඉස්සර තිබුණු ගතිය නැතිවෙලා කියල හිතෙනවා නම් ඔන්න ඒ අඩුව පුරවගන්න මේක තමා සුපිරිම භාණ්ඩේ. මේ ලිපිය ලියන මොහොත වෙනකොට මේ සිනමාපටය සඳහා 8.2ක imdb අගයක් ලැබිල තියෙනව. ඒ අගය අනුව මේ සිනමාපටය IMDB Top 250 ලයිස්තුවේ 167වෙනි ස්ථානය දිනාගෙන තියෙනව. ඒ විතරක් නෙමෙයි RT වෙබ් අඩවියේ 82%ක විචාරක අගයකුත්, 95%ක ඕඩියන්ස් අගයකුත් ලබාගන්න මේ සිනමාපටය සමත් වෙලා තියෙනව. ඒ වගේම ඉතාම යහපත් අන්දමින් ලොව වටා තවමත් මෙම සිනමාපටය තිරගත වෙමින් පවතිනවා.

ඉතින් මේකේ කතාව 1000%ක් තේරුම් ගන්න නම් මාවල් විශ්වයට අදාළ සිනමාපට පෙළ සහ අඩුම තරමින් 100%ක් තේරුම් ගන්න නම් මෙම සිනමාපටයට අදාළ මුල් සිනමාපට ද්විත්වය වන, Guardians of the Galaxy Vol. 1 (2014) සහ Guardians of the Galaxy Vol. 2 (2017) නරඹල තියෙන්න ඕනා. හැබැයි මෙහෙමයි, ඔය මොකුත් නොබැලුවා කියල අවුලක් නැහැ අපේ තිසර සහෝදරයා පහලින් ලබා දීල තියෙන කොමික් ආශ්‍රිත විස්තරය බැලුවට පස්සේ නම් සියල්ල සක්සුදක් සේ පැහැදිලි කරගන්නත් පුළුවන්. ?

එහෙනම් ඉතිං මේකේ වැඩි විස්තර කියවන්න සහ දැනගන්න ආස අය තව පොඩ්ඩක් පහලට ගිහින් තිසර සහෝගේ ලිපිය කියවල තව විස්තර දැනගන්න. කතාවට එකතු වෙන අලුත් චරිත, පහුගිය දේවල් මේකට සම්බන්ධ වෙන හැටි ආදී සියල්ලම පාහේ ඒ ලිපියෙන් ඔයාලට දැනගන්න පුළුවන්. එහෙනම් ඉතිං උපසිරසත් එක්ක ෆිල්ම් එක බලන්න ඔයාලට පුළුවන් ඔන්න. විශේෂයෙන්ම මේකේ ක්‍රෙඩිට් සීන් දෙකක් තියෙනව. මේ කැමරා කොපියේ ඒ ක්‍රෙඩිට් සීන් දෙකත් ඇතුලත් වෙලා තියෙනවා. අනිවාර්යෙන්ම ඒ දෙකත් බලන්න.

තිසර නියෝ සහෝදරයාගේ ලිපිය

මේ අරන් ආවේ Guardians of the Galaxy ටීම් එකේ කොමික් පැත්ත ගැන පොඩි විස්තරයක්. ඉතින් වැඩි කතා නැතුව ඒ ගැන බලමු අපි.

Guardians of the Galaxy කියන්නේ Marvel Comics විසින් ප්‍රකාශයට පත් කරපු සුපිරි වීර කණ්ඩායමක්. Guardiansලා මුලින්ම පෙනී හිටියෙ Marvel Super-Heroes #18 (1969 ජනවාරි) කොමික් එකෙන්. ආරම්භක ටීම් එකේ හිටියේ Vance Astro, Martinex T’Naga, Captain Charlie-27, සහ Yondu Udonta. පස්සෙ ස්ටාකර් ඔගෝර්ඩ්, ඇලෙටා ඔගෝර්ඩ් සහ නිකීද මේ ටීම් එකට ඇතුළත් උනා. හැබැයි මෙයාලා අයිතී උ⁣නේ Earth 691වල 31වෙනි සියවසට. (ප්‍රධාන යුනිවර්ස් එක Earth 616 කියල දන්නවනෙ ඔයාලා)

Dan Abnett සහ Andy Lanning ලියපු cosmic Annihilation එකෙන් තමයි කොස්මික් සුපර්හීරෝ ටීම් එක earth 616 වලට අරන් ආවේ. ඒ 2008 අප්‍රේල් ආපු Annihilation: Conquest #6 කලාපයෙන්. 2008 ජූලි ආව Guardians of the Galaxy vol 2 #1 කලාපයෙන් මෙයාල නිල වශයෙනම ගාඩියන්ස් ඔෆ් ද ගැලැක්සි කියල නම් කෙරුනා.

Earth 616 වල ටීම් එක නිර්මාණය කරලා තියෙන්නේ Annihilation Conquest හි සිදුවීම් වලින් පස්සේ. පලවෙනි ටීම් එක තමයි Adam Warlock, Drax the Destroyer, Quasar (Phyla), Gamora, Starlord, Mantis, Groot සහ Rocket Raccoon ය. Annihilation Wave, Ultron සහ Phalanx ගේ ක්‍රී අධිරාජ්‍යයේ ආක්‍රමණයෙන් පස්සෙ විශ්වයේ සාමය බලාගන්න තමයි පීටර් කුයිල් මේ ටීම් එක හදාගන්නෙ.

Knowhere කියන තැන මූලස්තානය කරන් තමයි පීටර් මේ ටීම් එක හදාගන්නේ. පීටර් එයාගේ සහයකයා උන Nova (aka හියුමන් රොකට්) ගේ උපදෙස් අනුව තමයි නෝවෙයා වලට ආවේ. ඔහුගේ කණ්ඩායම සඳහා පීටර් ෆැලන්ක්ස් ආක්‍රමණය අතරතුර ක්‍රී අධිරාජ්‍යය සඳහා විශේෂ මෙහෙයුම් වල සේවය කළ හිටපු කණ්ඩායම් සගයන් සහ පෙර වරදකරුවන් උන අපරාධකරුවන් බඳවා ගත්තා.

ආයුධ විශේෂඥ සහ උපායශීලී දක්ෂ Rocket සහ සයිකික් පවර්ස් තියෙන Mantis එකතු කරගත්තා. ඒ වගේම පීටර් ඔහු කලින් සිද්දි වලදි වෙන් කරල තිබ්බ ක්වාසර් නම් විශ්වයේ ආරක්ෂකයා සහ ක්වොන්ටම් බෑන්ඩ්ස් හිමිකරු වෙච්ච phyla-vell එකතු කරගත්තා. ඒ වගේම නැවත ඉපදුන Adam Warlock, මන්දාකිනියේ භයානකම කාන්තාව ලෙස ප්‍රසිද්ධියට පත් වූ මාරාන්තික ඇසසින් කෙනෙක් වෙච්ච Gamora සහ Drax the Destroyer එකතු කරගත්තා.

පස්සෙ කාලෙක හෙලි වෙනව පීටර් විසින් මැන්ටිස්ගේ සයිකික් පවර් යූස් කරල ටීම් එකට කට්ටිය එකතු කරගන්නවා කියල. මෙික මුල් ටීම් එක වෙන් වීමට හේතුවක් වෙනව. ඔහොම ඔහොම ටීම් එකේ කතාව දිගින් දිගට යනවා. ඒවා කියලා ඔයාලව කම්මැලි කරන්න ඕනි නෑනෙ. සබ් එකත් එක්කම ෆිල්ම් එක බලන්නයි තියෙන්නේ දැන්.

ලිපිය උපුටා ගැනීම :- Baiscopelk.com හි පලවූ ශාන් විමුක්ති [විමා] සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

Guardians of the Galaxy (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ Guardians of the Galaxy Vol. 2 (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ  Guardians of the Galaxy Vol. 3 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

The post Guardians of the Galaxy Vol. 3 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/guardians-of-the-galaxy-vol-3-2023-sinhala-subtitles/feed/ 6
Peacemaker (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/tvshows/peacemaker-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/tvshows/peacemaker-2022-sinhala-subtitles/#respond Sat, 15 Jan 2022 17:16:22 +0000 https://sinhalasub.net/?post_type=tvshows&p=12467 Peacemaker (2022) Sinhala Subtitles The continuing story of Peacemaker – a compellingly vainglorious man who believes in peace at any cost, no matter how many people he has to kill to get it – in the aftermath of the events of “The Suicide Squad.” Peacemaker (2022) Sinhala Sub

The post Peacemaker (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Peacemaker (2022) Sinhala Subtitles

The continuing story of Peacemaker – a compellingly vainglorious man who believes in peace at any cost, no matter how many people he has to kill to get it – in the aftermath of the events of “The Suicide Squad.”

Peacemaker (2022) Sinhala Sub

The post Peacemaker (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/tvshows/peacemaker-2022-sinhala-subtitles/feed/ 0