Claudia Black Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/claudia-black/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 15 Aug 2023 20:34:25 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Claudia Black Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/claudia-black/ 32 32 Pitch Black (2000) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/pitch-black-2000-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/pitch-black-2000-sinhala-subtitles/#comments Tue, 15 Aug 2023 20:34:25 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=50473 Pitch Black Sinhala Sub Pitch Black Sinhala Subtitles Pitch Black (2000) Sinhala Sub Pitch Black (2000) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! මේක ගැන මම ඔයාලට අලුතින් කියන්න ඕන නැහැනේ. මේක ඉතින් පට්ටම එකක් කිව්වොත් නිවැරිදියි, මොකද කිව්වොත් මේකෙ ප්‍රධාන චරිතයට පණ පොවන්නෙ සුප්‍රසිද්ධ නලු vin diseal. ඔහු ගැන මම ඔයාලට අලුතින් කියන්න ඕන කරන්නෙ නැහැනෙ. […]

The post Pitch Black (2000) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Pitch Black Sinhala Sub
Pitch Black Sinhala Subtitles
Pitch Black (2000) Sinhala Sub
Pitch Black (2000) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මේක ගැන මම ඔයාලට අලුතින් කියන්න ඕන නැහැනේ. මේක ඉතින් පට්ටම එකක් කිව්වොත් නිවැරිදියි, මොකද කිව්වොත් මේකෙ ප්‍රධාන චරිතයට පණ පොවන්නෙ සුප්‍රසිද්ධ නලු vin diseal. ඔහු ගැන මම ඔයාලට අලුතින් කියන්න ඕන කරන්නෙ නැහැනෙ.

මේ බයිස්කොප් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ david thohy විසින්, ඒ වගේම මේකට imdb මීටරයේ 7.1 ක අගයක් ලැබිලා තියෙනවා ඔයාලට මේක බැලුවම තේරුම් ගන්න පුලුවන් ඒ ඇයි කියලා, මම තවදුරටත් මේ ගැන පම්පොරි ගගහා ඉදලා පලක් නැහැනේ. ඔන්න එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් ඔලුව දාලා බලමුකෝ….

මේ කතාව ගලා යන්නෙ රිඩ්ඩික් නම් සිරකරුවෙක් වටා. රිඩ්ඩික් කියන්නෙ රිඩ්ඩික් කියන්නෙ ඔයාල කවුරුත් දන්න සුපිරි නලු වින්ඩිසල්, මෙහිදි රිඩ්ඩික්ව ප්‍රවාහනය කරනු ලබමින් පවතිනවා සලාම් නමින් හදුන්වන සිර කදවුරකට. නමුත් ඔහුව ප්‍රවාහනය කරන්නෙ සමාන්‍ය ජනාතාව ගමන් කරන යානාවක. මෙහෙදි හදිසියේම වගේ යනාවේ හට ගන්නා දෝෂයක් නිසා යනාව කඩා වැටෙනවා වෙනත් ග්‍රහාලෝකයකට. එහිදි යානයේ ගමන් කරමින් සිටි කිහිප දෙනෙක් මිය යනවා. ඒ අතර යානාවේ කපිතානුත් මේ අනතුරින් මිය යනවා. නමුත් මේ අනතුරින් රිඩ්ඩික්ට නම් කිසිම කරදරයක් වෙන්නෙ නැහැ. රිඩ්ඩික් විතරක් නෙමෙයි තවත් කිහිප දෙනෙක් මේ අනතුරින් දිවි බේර ගන්නවා. නමුත් මේ ග්‍රහා ලෝකය පොඩ්ඩක් විතර අමුතු එකක්. පොඩ්ඩක් විතර කිව්වට ඒක එහෙමම නෙමෙයි. මම ඒ මොකද කියලා කියන්න යන්නෙ නම් නැහැ. ඔයාලට මේක බලනකොට හිතා ගන්න පුලුවන් මම එහෙම් කිව්වෙ මොකක් නිසාද.

ඒ විතරක් නෙමෙයි මේ ග්‍රහා ලෝකයට රාත්‍රි කාලයක් ඇති වෙන්නෙ නැහැ…. හදිසියෙම වගේ රිඩ්ඩික් තමාව සිර කල සිටි තැනින් පැන ගන්නවා. ඔය අතර තුර සීක් නැමති පුද්ගලයෙක් අභිරහස් ලෙස මිය යනවා. ඒකට කොටුවෙන්නෙත් රිඩ්ඩික්ව. නමුත් ඒක කලේ රිඩ්ඩික් නම් නෙමෙයි. ඔය හැම සිදු වීමක් වෙන අතර තුර හදිසියේම වගේ සුර්‍යා ග්‍රහානයක් ඇති වෙනවා. එහිදි මුලු ග්‍රහා ලෝකයම අන්ධකාරයෙන් වැසි යනවා. ඒ අතර තුර අමුතු සතුන් විශේෂයක් මතු වෙන්න පටන් ගන්නවා…… මම තවදුරටත් ඔයාලට මේක ගැන කියන්න යන්නෙ නැහැ. මොකද එහෙම වුනොත් මම ඔයාලට මුලු කතාව ගැනම කිව්වා වගෙ වෙනවා.

මේ සතුන් ගෙන් රිඩ්ඩික් ඇතුලු පිරිසට දිවි ගලවා ගන්න පුලුවන් වේවිද? රිඩ්ඩික් ඇතුලු පිරිසට මේ ග්‍රහා ලෝකයෙන් පැන ගන්න පුලුවන් වේවිද ? ඔවුන් මේ ග්‍රහා ලෝකයෙන් පැන යන්නෙ කෙසේද? මේ ගැටලු වලට පිලිතුරු සොයා ගන්න නම් ඔයාලට මේ බයිස්කෝප් එක නරබන්නම වෙනවා. මේක බලනගමන් වෙනදා වගේම පොඩි කොමෙන්ටුවකින් සංග්‍රහා කරන්න කියලා ඉල්ලනවා…

මෙහි දෙවන කොටස සහ තෙවන කොටස නැරබිමට මේ පින්තූර උඩ ක්ලික් කරන්න.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ යුශාන් පීයුමාල් සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Pitch Black (2000) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/pitch-black-2000-sinhala-subtitles/feed/ 1