Connie Nielsen Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/connie-nielsen/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Thu, 26 Dec 2024 12:26:51 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Connie Nielsen Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/connie-nielsen/ 32 32 Gladiator II (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/gladiator-ii-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/gladiator-ii-2024-sinhala-subtitles/#comments Thu, 26 Dec 2024 12:26:24 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=85312 Gladiator II Sinhala Sub Gladiator II Sinhala Subtitles Gladiator II 2024 Sinhala Sub Gladiator II (2024) Sinhala Sub Gladiator II (2024) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය […]

The post Gladiator II (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Gladiator II Sinhala Sub
Gladiator II Sinhala Subtitles
Gladiator II 2024 Sinhala Sub
Gladiator II (2024) Sinhala Sub
Gladiator II (2024) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Gladiator II (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/gladiator-ii-2024-sinhala-subtitles/feed/ 1
Role Play (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/role-play-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/role-play-2023-sinhala-subtitles/#respond Thu, 18 Jan 2024 02:04:01 +0000 https://sinhalasub.life/?post_type=movies&p=64925 Role Play Sinhala Sub Role Play Sinhala Subtitles Role Play (2023) Sinhala Sub Role Play (2023) Sinhala Subtitles 2024 ජනවාරි 12 දින නිකුත්වුනු තවත් නවතම ඇමරිකන් සලරුවකට තමයි මේ උපසිරැසිය අරන් එන්නෙ. ඒ තමයි Action, Thriller, Comedy, Romance වර්ගයේ ෆිලුමක් වන Role Play. ධාවන කාලය විනාඩි 101 යි. ප්‍රංශ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වන Thomas Vincent ගේ අධ්‍යක්ෂනයක්. රංගනයෙන් එකතුවෙනවා Kaley Cuoco ( […]

The post Role Play (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Role Play Sinhala Sub
Role Play Sinhala Subtitles
Role Play (2023) Sinhala Sub
Role Play (2023) Sinhala Subtitles

2024 ජනවාරි 12 දින නිකුත්වුනු තවත් නවතම ඇමරිකන් සලරුවකට තමයි මේ උපසිරැසිය අරන් එන්නෙ. ඒ තමයි Action, Thriller, Comedy, Romance වර්ගයේ ෆිලුමක් වන Role Play. ධාවන කාලය විනාඩි 101 යි. ප්‍රංශ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වන Thomas Vincent ගේ අධ්‍යක්ෂනයක්. රංගනයෙන් එකතුවෙනවා Kaley Cuoco ( එමා ), David Oyelowo ( ඩේව් ), Bill Nighy ( බොබ් ) සහ Connie Nielsen ( කාවර් ).


කතාව කෙටියෙන් කිව්වොත් එමා සහ ඩේව් , තම දරුවන් දෙන්නා සමග ලස්සන පවුල් ජීවිතයක් ගත කරන දෙන්නෙක්. නමුත් මේ එමා මහාද්වීප කීපයකින්ම හොයමින් ඉන්න දරුනු කුලී ඝාතකයෙක් වන ඇනා පෙලර්. ඔවුන් විවාහ වෙලා හත්වන සංවත්සරයට මෙයාල පොඩි සෙල්ලමක් කරනවා. දෙන්නා කතාවෙනවා ලොකු හෝටලයකදි, නොහඳුනන දෙන්නෙක් මුල් වරට මුනගැහෙනවා වගේ රඟපාන්න. ඒකත් වෙනත් නම් වලින්. නමුත් අවාසනාවට හෝටලේ සිටි තවත් කුලී ඝාතකයෙක් ඇයව හඳුනාගැනීම නිසා ඇයට සිද්ධවෙනවා ඔහුව මරන්න. මේ සිද්ධියෙන් සැගවිලා සිටි ඇයව නිරාවරණය වෙනවා. ඒ එක්කම පොලීසියයි, ඇය කලින් වැඩ කල සොවේරීන් නම් සංවිධානයයි ඇය සහ ඇගේ පවුල පස්සෙ වැටෙනවා. මේ ඇත්ත දැනගත්තම ඩේව් මොනා කරයිද? ඇය තම පවුල රැකගන්න මොනා කරයිද?

මේකෙ සිපගැනීම් ඇරුනම වෙන 18+ සීන් නම් නෑ.

 

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- subZ.lk හි පලවූ Rasika Samanjith  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Role Play (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/role-play-2023-sinhala-subtitles/feed/ 0
Gladiator (2000) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/gladiator-2000-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/gladiator-2000-sinhala-subtitles/#respond Fri, 01 Dec 2023 21:21:14 +0000 https://sinhalasub.life/?post_type=movies&p=61721 Gladiator Sinhala Sub Gladiator Sinhala Subtitles Gladiator (2000) Sinhala Sub Gladiator (2000) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! IMDb Top 250 වල 48 වන ස්ථා‍නයේ රැ‍‍‍ඳී ඉන්න, 8.5 ක ratings තියෙන, සුපිරිම සිනමා පටයක් තමයි මේ අරං එන්නේ… Russell Crowe තමයි මේකෙ ප්‍රධාන චරිතයට පණ පොවන්නෙ. 2000 වසරේදි තිරගත වුනු මේ සලරුව ඔස්කාර් සම්මාන 5 කුත්, […]

The post Gladiator (2000) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Gladiator Sinhala Sub
Gladiator Sinhala Subtitles
Gladiator (2000) Sinhala Sub
Gladiator (2000) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

IMDb Top 250 වල 48 වන ස්ථා‍නයේ රැ‍‍‍ඳී ඉන්න, 8.5ratings තියෙන, සුපිරිම සිනමා පටයක් තමයි මේ අරං එන්නේ… Russell Crowe තමයි මේකෙ ප්‍රධාන චරිතයට පණ පොවන්නෙ. 2000 වසරේදි තිරගත වුනු මේ සලරුව ඔස්කාර් සම්මාන 5 කුත්, තවත් සම්මාන 53කුත් දිනාගෙන තිබෙනවා වගේම සම්මාන සඳහා 83 වතාවක් නිර්දේශ වෙලත් තියෙනවා.

මැක්සිමස් කියන්නෙ රෝමානු අධිරාජ්‍යයාගේ වගේම, රෝමානු හමුදාවේත් පක්ෂපාතිත්වය දිනාගත්ත යුද හමුදා ජෙනරල්වරයෙක්. ‍ඔහුගේ වීර්යය වගේම නිර්භීත භාවය නිසාම අධිරාජ්‍යයා විසින් මැක්සිමස්ව තෝරාගන්නවා ඔහුගෙන් පසුව රාජ්‍යය භාරදීමට. නමුත් අධිරාජ්‍යයාගේ පුතා මේ තීරණයට එකඟ වෙන්නෙ නෑ. ඒ නිසා මැක්සිමස්ට ගොඩක් දේවල් අහිමි වෙනවා. ඒ අහිමි වුන දේවල් වල පළියගන්න ඔහුගේ දෛවය විසින්ම ඔහුට අවස්ථාවක් හදල දෙනවා….ඒ තමයි සාරාංශය. Gladiator

හිත හිතා ඉන්නෙ නැතුව මේක නම් අනිවාර්යෙන්ම බලන්න. ඇත්තටම ලස්සන කතාවක්. පවුලේ හැමෝ‍ටම නරඹන්න පුළුවන් වීමත් විශේෂත්වයක්.

එහෙනම් ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා මේ ලස්සන කතාව බලන්න…

“What we do in life echoes in eternity” -Maximus

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ සඳමාලි වළකුඹුර සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Gladiator (2000) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/gladiator-2000-sinhala-subtitles/feed/ 0
Justice League (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/justice-league-2017-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/justice-league-2017-sinhala-subtitles/#respond Fri, 28 Jul 2023 07:45:39 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=47155 Justice League Sinhala Sub Justice League Sinhala Subtitles Justice League (2017) Sinhala Sub Justice League (2017) Sinhala Subtitles ජස්ටිස් ලීග් කිව්වම කොමික් වල නම් ඔයාලට ලොකු පරාසයක් අහුවෙනවා. හැබැයි ජස්ටිස් ලීග් එකේ ආරම්භක සාමාජිකයෝ තමයි බැට්මෑන්, සුපර්මෑන්, වොන්ඩර් වුමන්, ග්‍රීන් ලැන්ටර්න්, ෆ්ලෑෂ් සහ සයිබෝග් කියන්නේ. කොමික් වලට අනුව පසුකාලීනව DC අනිකුත් චරිතත් එකතු වෙනවා. ඒ […]

The post Justice League (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Justice League Sinhala Sub
Justice League Sinhala Subtitles
Justice League (2017) Sinhala Sub
Justice League (2017) Sinhala Subtitles

ජස්ටිස් ලීග් කිව්වම කොමික් වල නම් ඔයාලට ලොකු පරාසයක් අහුවෙනවා. හැබැයි ජස්ටිස් ලීග් එකේ ආරම්භක සාමාජිකයෝ තමයි බැට්මෑන්, සුපර්මෑන්, වොන්ඩර් වුමන්, ග්‍රීන් ලැන්ටර්න්, ෆ්ලෑෂ් සහ සයිබෝග් කියන්නේ. කොමික් වලට අනුව පසුකාලීනව DC අනිකුත් චරිතත් එකතු වෙනවා. ඒ අනුව ඇක්වාමෑන්, ග්‍රීන් ඇරෝ, සුපර්ගර්ල්, මාෂන් මෑන්හන්ටර් වගේ සාමාජිකයන් එකතු වෙනවා. ජස්ටිස් ලීග් ආරම්භය සිද්ධ වෙන්නේ 1960 වසරේදී. ඒ 1960 මාර්තු වල නිකුත් වූ The Brave and the Bold කියන කොමික් පොත ඇසුරෙන්. එමගින් කලින් තනිව ක්‍රියාකළ සුපිරි වීරයන් එකට එක්වී සතුරන් හා සටන් කරන්න පටන් ගන්නවා. ඉතින් ඒ හරහා තමයි පළමු වරට සුපිරි වීරයන්ගේ කණ්ඩායමක අවශ්‍යතාව DC කොමික් රචකයන් අත්‍යවශ්‍ය දෙයක් ලෙසට දකින්නේ. පහත තියෙන්නේ ඒ කතාවේ මුල් කවරයේ චායාරූපයක්. පසුව එම වසරේම නොවැම්බර් මස Justice League of America නමින් මෙම ලීගය එලි දක්වනවා. ඒ වගේම එහි නැවත උපතක් සිද්ධ වෙනවා 2016 වසරේදී. DC Rebirth යටතේ. පසු කාලීනව ඇනිමේෂන් කතා මාලාවක් තුලින් පවා අපට මේ කණ්ඩයාම මුණ ගැහුනා. අවිවාදයෙන් කියන්න ඕනේ කොමික් ලෝකයේ ප්‍රසිද්ධම සුපිරිවීර කණ්ඩායම තමයි ජස්ටිස් ලීග් කියන්නේ. ඒක අද ඊයේ කොමික් බලන්න පටන් ගත්ත අයට ඇරෙන්න අනික් හැමෝම වගේ පිළිගන්න කාරණයක්.

එහෙනම් මම මේ කතාවට හැරෙන්නම්. මේ කතාව මීට කලින් මම උපසිරැසි සපයපු Batman V Superman: Dawn of Justice (2016) චිත්‍රපටය හා සම්බන්ධයි. එතනින් නිමා වූ පසු ඊලඟ ආරම්භය සනිටුහන් වන්නේ අද මේ උපසිරැසි ලබාදෙන Justice League (2017) චිත්‍රපටය සමගින්. කලින් චිත්‍රපටය ගැන අමතක නම් එහි සිදුවූ ලොකුම සිදුවීම තමයි සුපර්මෑන්ගේ අභාවය. ඩූම්ස්ඩේ හෙවත් ලෙක්ස් ලූතර් විසින් ක්‍රිප්ටන් ලෝකයෙන් පැමිණි ජෙනරාල් සොඩ්ගේ සිරුර යොදාගෙන නිර්මාණය කල රාක්ෂයාත් සමගම පෘතුවියෙන් ක්ලාක් කෙන්ට් සමු ගනු ලැබුවා. එහි අවසානය එසේ සනිටුහන් වනවිට ඉන් මූලාරම්භයක් ලබා දුන්නා කණ්ඩායමක වැදගත් කමක් ඉස්මතු කරමින්. අපිට දකින්න ලැබුනා වේගයෙන් එහෙ මෙහෙ යන්න පුළුවන් කෙනෙක්, ඒ වගේම මුහුද යට ජිවත් වෙන රණශූරයෙක් සහ රොබෝ සිරුරකට හිමිකම් කියන මිනිසෙක් ගැන. ඒ දේවල් දැනගන්න ලැබුනේ ලෙක්ස් ලූතර්ගේ පරිගණකය හරහා. වොන්ඩර් වුමන් ගැන අමුතුවෙන් කියන්න උවමනා නැහැනේ. දැනටමත් එයාගේ වෙනම චිත්‍රපටයක් මගින් ලෝකයේම අවධානය දිනාගෙන අවසන්. ඉතින් එහෙම අවසන් උනා වගේම ලෙක්ස් ලූතර් හිරගෙදර ඉඳන් එක කාරණයක් කිව්වා. ඒ තමයි රාක්ෂයන් එන්නේ පොළවෙන් නෙමේ අහසෙන් කියලා. ඒ වගේම ඒ චිත්‍රපටය තුල මුලින් තිබු පසුව මකා දැමු එක දර්ශනයක් තිබුනා එහි සතියේ DC සිනමා විශ්වයේ ඉන්න ප්‍රභලතම සතුරෙක් වන ඩාක්සයිඩ් ගේ ජෙනරාල් කෙනෙක් වන ස්ටෙපන්වුල්ෆ්. මේ චිත්‍රපටයේ ඔබ දකින සතුරා වෙන්නේ එයාම තමයි. ඔහු එනවා පෘතුවියට. ඒත් ඒ එන්නේ මොකටද කියන කාරණේ මම දැන්ම කියන්නේ නැහැ. ඔහු තමයි මේ කණ්ඩායම එකතු කරන්න හේතුව වන පුද්ගලයා වෙන්නේ. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය මුලින් කලේ Zack Snyder විසින් පසු කාලීනව ඇවෙන්ජර්ස් පළමු චිත්‍රපටයේ අධ්‍යක්ෂක Joss Whedon ද සහයට පැමිණියා. සුපුරුදු පරිදි බැට්මෑන් චරිතය Ben Affleck විසිනුත් සුපර්මෑන් චරිතය Henry Cavill විසින් සහ Gal Gadot විසින් වොන්ඩර් වුමන් චරිතය රඟ දක්වනවා. මේ චිත්‍රපටය තුලින් අලුතෙන් තිදෙනෙක් මුණ ගැහෙනවා ඒ තමයි ෆ්ලෑෂ්, සයිබෝග් සහ ඇක්වාමෑන් කියනේ. පිලිවෙලින් ඒ චරිත සඳහා Ezra Miller, Ray Fisher සහ Jason Momoa යන නළුවන් විසින් රංගන දායකත්වය සපයනවා. ආදායම් ගැන දැනට මොකුත් කියන්න බැහැ මොකද මෙය තවතමත් ශාලා වල තිරගත වන චිත්‍රපටයක්. එහෙනම් ගිහින් එන්නම්.

හැමෝටම ජය!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ හසන්ත වික්‍රමරත්න සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Justice League (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/justice-league-2017-sinhala-subtitles/feed/ 0
Wonder Woman (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/wonder-woman-2017-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/wonder-woman-2017-sinhala-subtitles/#respond Thu, 27 Jul 2023 22:04:57 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=47136 Wonder Woman Sinhala Sub Wonder Woman Sinhala Subtitles Wonder Woman (2017) Sinhala Sub Wonder Woman (2017) Sinhala Subtitles 2013 වසරේ පටන් ගත්ත අපේ අසහාය අධ්‍යක්ෂකවරයා Zack Snyder විසින් අධ්‍යක්ෂණය කරපු Man of Steel චිත්‍රපටයෙන් පසුව, BvS (2016), Suicide Squad (2016) චිත්‍රපට වලට පසුව මේ වසරේ නිකුත්වුන පළමු සිනමාපටය තමයි Wonder Woman කියන්නේ වගේම මේක තමයි […]

The post Wonder Woman (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Wonder Woman Sinhala Sub
Wonder Woman Sinhala Subtitles
Wonder Woman (2017) Sinhala Sub
Wonder Woman (2017) Sinhala Subtitles

2013 වසරේ පටන් ගත්ත අපේ අසහාය අධ්‍යක්ෂකවරයා Zack Snyder විසින් අධ්‍යක්ෂණය කරපු Man of Steel චිත්‍රපටයෙන් පසුව, BvS (2016), Suicide Squad (2016) චිත්‍රපට වලට පසුව මේ වසරේ නිකුත්වුන පළමු සිනමාපටය තමයි Wonder Woman කියන්නේ වගේම මේක තමයි යුනිවර්ස් එකේ දෙවැනි ඔරිජින් ස්ටොරිය වෙන්නෙත්. BvS තුලින් දැක්ක වොන්ඩර් වුමන්ව අමතක වෙනවනම් ඔය ඇස්වල ලෙඩක්. දැනට කතා හතරක් උනාට කතා එකිනෙකට පොඩි හරි සම්බන්ධ වීමක් තියෙනවා. මුලදී මෙට්‍රෝ පොලිස් වලට තර්ජනයක් විදිහට සලකපු සුපී, එතකොට සුපීව මරාගන්න දගලපු බැටා වගේම අන්තිමට ඒ චිත්‍රපටයට එකතු වුන වොන්ඩර් වුමන්. මේ වෙන මොකටවත් නෙවෙයි ලෑස්තිය මේ අවුරුද්දේ අන්තිම සෙට් එක ලෑස්ති කරගන්න. නුදුරේදී හුගක් ඔරිජින් ස්ටෝරි නම් බලාගන්නත් පුලුවන් වේවි.

ඈත අතීතයේ සාගරයට මැදිවුණු සැගවුණු නගරයක් තියෙනවා “තෙමිස්කිරා” කියලා. මේකට පැරඩයිස් කියන නමිනුත් හදුන්වලා තියෙනවා. මේකේ වාසය කලේ ග්‍රීක දෙවිවරු කොට්ටාශයක්. හිපොල්යාටා රැජින හා ඇතිනා දෙවඟන මැටියෙන් දරුවෙක් නිර්මාණය කරලා ඒ දරුවට ජිවය ලබා දීමක් කරනවා. මව්වරු දෙදෙනෙක්ට හිමිකම් කියන ඩයෑනාට දෙවිවරු හය දෙනෙක්ගේ බලයද ලැබෙනවා. හිපොල්යාටා රැජින නිර්මාණය කරපු මැටි රූපයට පණ දීපු ඇතිනා දෙවඟන විසින් බුද්ධිය හා ධෛර්යයද, ආර්ටිම්ස් විසින් සත්වයන් තේරුම් ගැනීමට අවශ්‍ය ශක්තියද, ඩේමෝටර් විසින් ශක්තියද, හර්මස් විසින් සුපිරි වේගයක් (වේගය දකින්න ඇතිනේ BvS එකේ ඩූම්ස්ඩේ සටනෙදි), හෙස්ටියා විසින් ගින්දර පාලනය කිරීමට අවශ්‍ය ශක්තියද වගේම අවසාන වශයෙන් අපරෝඩියෙට් දෙවියන් විසින් සියළු දෙනාගේ සිත් ඇදගන්න කදිම රූප සොබාවක්ද දායාද වෙනවා. මේ සියළු දේවල් වලට හිමිකම් කියලා තමයි පුංචි ඩයෑනා උපදින්නේ. ඉතින් ඊටපස්සේ තමයි හරි කාලයත් එක්කම එයාට කඩු ශිල්පය, දුනු ශිල්පය, විසිකර පහර දීමේ ශිල්පය හුගක් දෑ ඉගෙන ගන්නවා. තෙමිස්කාරාහි සටන් කිරීම්වල නිරත වෙමින් හිටියත් එක්තරා මොහොතක් වෙනකන්ම එයා දන්නෙත් නැහැ එයාට තියෙන බලයන් මොනවාද කියලා. ඒ වගේ දවසකින්ම තමයි එයාගේ ජීවිතේ තවත් වෙනසක් සිද්දවෙන්නේ. ඉතින් මෙතෙක් කාලයක් බලාන හිටපු එකේ ඔන්න එහෙනම් දැන් සිංහල උපසිරැසි එක්කම බලාගන්න පුළුවන් වේවි ඩයෑනා කොහොමද අමානුෂික යුද්ධයක් එක්ක කරට කර සටන් කරලා ලෝකය බේරගන්නේ කියලා.

DC යුනිවර්ස් එකේ තරුණියකගේ ඔරිජින් ස්ටොරියක් තවත් තරුණියක් විසින් අධ්‍යක්ෂණය කරලා තරුණියක්ම උපසිරැසි කරපු ඉතිහාසේ පලවෙනි වතාව මේක වෙන්න ඕන. ඔව් මෙදාපාර චිත්‍රපටයේ අධ්‍යක්ෂණය කෙරුනේ “Patty Jenkins” විසින් තමයි. රංගනයෙන් දායක වෙන චරිත කිහිපයක් ගැන කියනවනම් “තරුණ ඩයෑනා කුමරියගේ” චරිතයට රංගනයෙන් දායක වෙන්නේ සුරූපී නිලි “Gal Gadot.” Star Strek චිත්‍රපට පෙලින්ම ජේම්ස්ගේ චරිතයට රංගයෙන් දායක වූ Chris Pine මේ සලරුවේ “ස්ටීව් ට්‍රෙවර්” හැටියටත්, “Connie Nielsen” හිපොල්යාටා රැජින ලෙසටත්, “Robin Wright, Danny Huston, David Thewlis” ඔය වගේ හුගාක් ලොකු පිරිසක් මේකට දායක වෙලා තියෙනවා. කතාව ලියලා තියෙන්නේ “Allan Heinberg.” ඔයාලගේ සුපුරුදු හිතවතා “Zack Snyder” තමයි තිර රචනය කරලා තියෙන්නේ. ධාවන කතා කාලය පැය 2 කුත් විනාඩි 22 කුත් හැටියට සටහන් වෙනවා. Action, Adventure, Fantasy ගණයට තමයි මේක අයත් වෙන්නේ.

IMDb තුළ 8.0/10 ක අගයක් ලබා ගනිමින් පළමු වතාවට කුණු තක්කාලි දර්ශකය කවුරුවත් හිතුවේ නැති විදිහට වෙනස් කරමින් රෝටන් රෝමටෝ දර්ශකයේ 92% ද, විචාරක පැසසුම 91% ක අගයක්ද ලබාගෙන තියෙනවා. ලෝගන් චිත්‍රපටියට පසුව පැමිණි චිත්‍රපටි අතරින් වැඩි දෙනෙක්ගේ අවධානයට ලක් වෙලා අධික ප්‍රේක්ෂක පිරිසක් ආග්‍රහණය කරගත්තු මං දන්න එකම චිත්‍රපටිය තමයි මේක. ඒ ගැන ඉතින් ලැබුණු ජයග්‍රහණයයෙන් කියන්න පුළුවන්. ඇමරිකානු ඩොලර් 149,000,000 ක් වගේ පොඩි මුදලක් වැය කරලා නිර්මාණය කරපු මේ චිත්‍රපටය මේ වෙද්දී බොක්ස් ඔෆිස් තුල (2017 ජුනි 30 වන දිනට ) ඇමරිකානු මිලියන 708, 444, 475 ක මුදලක් උපයාගෙන අවසනයි. හැමපාරම වගේ සුපිරි තේමාගීතයක් එකතු වෙනවාමනේ. ඉතින් මේ පාර ප්‍රධාන තේමාගීතය වුණේ “Sia” ගායනය කරන “To Be human” කියන ගීතයයි.ඒකත් අහලා බලන්න. ඉතින් මේ ලැබූ ජයග්‍රහණ එක්ක මේ වෙද්දීත් වොන්ඩර් වුමන් චිත්‍රපට පෙලෙහි දෙවැන්නක් එන බව දැනටමත් සදහන් කරලා අහවරයි.

2009 දී නිකුත්වුන ඇනිමෙටඩ් චිත්‍රපටයට එහා ගියපු හොද කොමික් අනුසාරයක් ගොඩනගපු හොද තත්වයේ චිත්‍රපටයක් කියලා දැකගන්න පුළුවන් වේවි කියලා හිතනවා මේක නරඹලා අවසන් වෙද්දී. අනික කොමික් එක්ක පටලවගන්න නම් එපා. ඒකමයි කතාවවත් නොකිව්වේ. වගකීමෙන් කියන්න පුළුවන් කිසිම ස්පොයිල් කිරීමක් වුණේ නැහැ කියලා. මෙච්චර කාලයක් චිත්‍රපට එකිනෙකට සම්බන්ධ වීමක් වුණේ කොහොමද කියලා දැක්කනේ. මේකෙදිත් ඔයාලට දැකගන්න පුළුවන් වොන්ඩර් වුමන් චිත්‍රපටය කොහොමද අනික් චිත්‍රපට හා සම්බන්ධවීමක් වෙන්නේ කියලා. ඒ නිසා කතාවේ මුල ඉදන් අග වෙනකන් හොද සිහියෙන් බලන්න. අදට සමු ගන්නවා. ගිහින් එන්නම්.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ නිර්මාණි විජේසිංහ  සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Wonder Woman (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/wonder-woman-2017-sinhala-subtitles/feed/ 0