Daksha Nagarkar Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/daksha-nagarkar/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sat, 09 Nov 2024 09:59:32 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Daksha Nagarkar Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/daksha-nagarkar/ 32 32 Bangarraju (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/bangarraju-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/bangarraju-2022-sinhala-subtitles/#respond Sat, 09 Nov 2024 09:50:20 +0000 https://sinhalasub.ml/?post_type=movies&p=14257 Bangarraju (2022) Sinhala Sub Bangarraju (2022) Sinhala Subtitles 2022 ජනවාරි 14 වන දින නිකුත් වුන මේ චිත්‍රපටිය ක්‍රියාදාම හා රොමැන්ස් ඝනයට අයත් චිත්‍රපටයක් වේ. මෙහි ප්‍රධාන චරිත නිරූපනය කරන්නෙ Nagarjuna Akkineni සහ Keerthy sheetty සමඟින් Naga chaitanya සහ Ramya krishna විසිනි… මෙම චිත්‍රපටය 2016 දී නිකුත් වුන Soggade chinni nayana චිත්‍රපටයේ දෙවැනි කොටස ලෙසයි නම් […]

The post Bangarraju (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Bangarraju (2022) Sinhala Sub
Bangarraju (2022) Sinhala Subtitles

2022 ජනවාරි 14 වන දින නිකුත් වුන මේ චිත්‍රපටිය ක්‍රියාදාම හා රොමැන්ස් ඝනයට අයත් චිත්‍රපටයක් වේ. මෙහි ප්‍රධාන චරිත නිරූපනය කරන්නෙ Nagarjuna Akkineni සහ Keerthy sheetty සමඟින් Naga chaitanya සහ Ramya krishna විසිනි… මෙම චිත්‍රපටය 2016 දී නිකුත් වුන Soggade chinni nayana චිත්‍රපටයේ දෙවැනි කොටස ලෙසයි නම් කරලා තියෙන්නේ.. ඉතින් කලින් චිත්‍ර‍පටිය සුම් එකේ දිලා තියනවා වගේම ඒක නරඔලා හිටියොත් කතාව තේරුම් ගන්නත් පොඩ්ඩක් ලේසි වේවි…

චිත්‍රපටයේ කතාව දෙසට හැරුනොත් බංගා රාජුගේ ඉපදීමත් එක්කම කතාව පටන් ගන්නවා නමුත් බංගා රාජුට නම් එක හොඳ වුනේ නෑ මොකද ඔහුගේ මව ඔහු ඉපදෙනකොටම මිය යනවා නමුත් රාමූ ( බංගා රාජුගේ පියා) ට වැඩ වලට ඇමරිකාට යන්න සිද්ධ වෙනවා ඒ නිසා සත්‍යම්මා ( බංගා රාජුගේ ආච්චි) ඔහුව අම්මා කෙනෙක් වගේ හදාවඩා ගන්නවා .. සත්‍යම්මා බංගා රාජුට නම තියන්නෙත් බංගා රාජුගේ සියාගේ නමම තමයි (බංගා රාජූ)..

රාමූගේ ඥාතී සහෝදරයෙක් වන රමේෂ් ගේ දුව නාගලක්ෂ්මි එක්ක පොඩි කාලේදිම බංගා රාජුගේ විවාහය තීන්දු කරනවා.. ඒත් පොඩි කාලේ ඉදන්ම එයාලා දෙන්නා එකිනෙකාට කැමති නෑ .. බංගා රාජු ටිකක් ලොකු වෙනකොට සත්‍යාම්මා ත් නැති වෙනවා . ඊට බංගා රාජු ගොඩක් ලොකු දුකකින් ඉන්නෙ පස්සෙ ඔහුගේ දෙපල වෙනුවෙන් බංගා රාජුගේ මාමලා එයාව බලාගන්නවා බංගා රාජු ලොකු වෙනවත් එක්කම බංගා රාජු නාගලක්ෂ්මි එක්ක හැම වෙලේම පැටලෙනවා .. බංගා රාජු ගමේ හැම කෙල්ලටම කැමති වුනත් නාගලක්ෂ්මි ට කැමති වෙන්නෙ නැහැ.. ඒ නිසාම බංගා රාජුගේ සියා වයසක බංගා රාජුත් දිව්‍යලොකේ ඉඳන් පොළවට එනවා එයාලව එකතු කරන්න.. ඒ වගේම බංගා රාජුට ප්‍රශ්න ගොඩක් ඇති වෙනවා බංගා රාජු නාගලක්ෂ්මිට කැමති වෙයිද? එයාට එන ප්‍රශ්න මොනවද කියලා බලන්න ෆිල්ම් එක බලන්න වෙනවා

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ තාරක ලහිරු  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Bangarraju (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/bangarraju-2022-sinhala-subtitles/feed/ 0
Ravanasura (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/ravanasura-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/ravanasura-2023-sinhala-subtitles/#respond Fri, 01 Dec 2023 09:07:53 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=39848 Ravanasura Sinhala Sub Ravanasura Sinhala Subtitles Ravanasura (2023) Sinhala Sub Ravanasura (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! රවීන්ද්‍රා වෘත්තීමය වශයෙන් නීතීඥයෙක්. ආර්ථික දුෂ්කරතාවය නිසාම රවීන්ද්‍රා, කනකමහාලක්ෂ්මි නීතීඥවරිය යටතේ කනිෂ්ඨ නීතීඥයෙක් විදියට සේවය කළා. මේ කනකමහාලක්ෂ්මි එයාගේ කලින් පෙම්වතිය. කියන්න තරම් දෙයක් එයාලා අතරේ තිබුණෙ නැහැ කියලයි කියන්නෙ. රවීන්ද්‍රා ගොඩක් සැහැල්ලුවෙන්, විනෝදකාමීව, විහිළුවෙන් කාලය ගත කළා. […]

The post Ravanasura (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Ravanasura Sinhala Sub
Ravanasura Sinhala Subtitles
Ravanasura (2023) Sinhala Sub
Ravanasura (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

රවීන්ද්‍රා වෘත්තීමය වශයෙන් නීතීඥයෙක්. ආර්ථික දුෂ්කරතාවය නිසාම රවීන්ද්‍රා, කනකමහාලක්ෂ්මි නීතීඥවරිය යටතේ කනිෂ්ඨ නීතීඥයෙක් විදියට සේවය කළා. මේ කනකමහාලක්ෂ්මි එයාගේ කලින් පෙම්වතිය. කියන්න තරම් දෙයක් එයාලා අතරේ තිබුණෙ නැහැ කියලයි කියන්නෙ. රවීන්ද්‍රා ගොඩක් සැහැල්ලුවෙන්, විනෝදකාමීව, විහිළුවෙන් කාලය ගත කළා. දවසක් සින්කොක්ස් ෆාර්මා සමාගමේ R&D හාරිකා තල්වාර් කනකමහාලක්ෂ්මිට බාර දෙන්න නඩුවක් අරගෙන ආවා. හාරිකාගේ තාත්තා විජේ තල්වාර්, FDA සභාපති රාධා ක්‍රිෂ්ණා චෙන්නූරිව ඝාතනය කිරීමේ අපරාධයට වැරදිකරු වෙලා තිබුණා. මේක විජේ තල්වාර්ව කොටු කිරීමක් කියලා එයා තරයේම කිව්වා. සාක්ෂි මුළුමනින්ම පාහේ විත්තිකාර පාර්ශවයට වාසිදායක විදියටයි තිබුණේ. මේ නඩුව බාරගන්නවා කියන්නෙ අනිවාර්යයෙන්ම පරාදයි කියලා කනකමහාලක්ෂ්මි අනුමාන කළා. දැකලා වෙලාවක් ගතවෙන්න කලින්ම රවීන්ද්‍රාට හාරිකාගේ ගැන හිතේ අදහක් ඇති වෙලා තිබුණ නිසා කනකමහාලක්ෂ්මිට කංකෙඳිරි ගාලා මේ නඩුව බාරගන්න එකඟ කරවා ගන්නවා. ඒ අනුව රවීන්ද්‍රා සාක්ෂි සෙවීම් කටයුතු කරගෙන යන්න වුණා. රවීන්ද්‍රා වෙනත් ක්‍රම වලින් විජේ තල්වාර්ව නඩුවෙන් ගලවාගන්න හැදුවත් විජේ තල්වාර් එකඟ වෙන්නේ නැහැ. මේ අතරෙදි හාරිකා එයාගේ තාත්තව ඇප දීලා එලියට ගන්න උත්සාහ කරනවා. ඇප ඉල්ලුම් කරන්න නම් චූදිත පාර්ශවයට වාසිදායක සාක්ෂියක් හොයාගන්න ඕන. ඒත් දැනටමත් පැරදුණ නඩුවකදි සාක්ෂි හොයාගන්නෙ කොහොමද කියලා වටෙන්ම කියද්දි රවීන්ද්‍රා එක සාක්ෂියක් ගැන ඉඟි කරනවා.

තවත් අතකින් මේ රාධා ක්‍රිෂ්ණා ඝාතන සිද්දියේදී ඇත්තටම විජේ තල්වාර්ව අපරාධයට කොටු කිරීමේ උත්සායක් තිබුණා කියලා සැකයක් පොලිසියට ඇතිවෙලා තිබුණා. ඒ නිසාම DIG නරසිම්හා මූර්ති මේ නඩුව විමර්ශනය කරන්න ACP හනුමන්ත් රාඕට බාර දෙනවා. හනුමන්ත් රාඕ විමර්ශන කටයුතු කරගෙන යද්දී, රාධා කිෂ්ණා ඝාතනයට සමාන එකම රටාවේ තවත් ඝාතන කිහිපයක් දකින්න ලැබෙනවා. එක අවස්ථාවකදි මේ ඝාතනවල චූදිතයන්ගේ සිහිය නැති වෙලා තියෙනවා. ආපහු පියවි සිහියට ඇවිත් බලද්දි එයාලා නගරයෙන් පිට ඉඳලා තිබුණා. එයාලගේ කටඋත්තරයත් විජේ තල්වාර්ගේ කටඋත්තරයටම සමානයි. හනුමන්ත් රාඕ, ඒ එක් ඝාතනයක අපරාධකාරයා වුණ බන්දුක් පෙහෙල්වාන් ගැන සෝදිසි කරන්න එයාගේ මල්ලි ගෝලි පෙහෙල්වාන්ව හමුවෙන්න ගෙදරට යනවා. ප්‍රශ්න කිරීම් වලදි බන්දුක් පෙහෙල්වාන්ගේ ඉටි පිළිමයක් තනන්න මිනුම් අරගන්න මැඩම් ටුසෝඩ්ස් එකෙන් කෙනෙක් ආවා කියලා දැනගන්න ලැබෙනවා. ඒ වුණත් මැඩම් ටුසෝඩ්ස් ඉටි කලාගාරයේ සාමාන්‍ය මිනිස්සුන්ගේ පිළිම ප්‍රදර්ශනයට තියන්නෙ නැහැනේ. සැකයක් හිතෙන නිසාම CCTV කැමරාවලින් මේ මිනුම් අරගන්න ආව කෙනාව නිරීක්ෂණය කරනවා.

තවදුරටත් සාකේත් ගැන සෝදිසි කරලා බලද්දි එයා ප්‍රොස්තෙටික් වේෂ නිරූපණ ශිල්පියෙක් කියලා දැනගන්න ලැබෙනවා. මේ ප්‍රොස්තෙටික් මේකප් වලින් සැබෑ පෙනුමට සමාන පෙනුමක් අරගන්න පුළුවන්. දැනටමත් සාකේත්ට විරුද්ධව පොලිසියේ පැමිණිල්ලක් වැටිලා තිබුණා. පැමිණිල්ල දාලා තිබුණේ ඉතාමත් ජනප්‍රිය නළු බ්‍රහ්මානන්දම්. එක් චිත්‍රපටයක ගෙවීම ප්‍රමාණවත් නොවුණු නිසා බ්‍රහ්මානන්දම් රඟපාන්න බැහැ කියලා අයින් වුණ වෙලාවෙදී සාකේත් ප්‍රොස්තෙටික් මේකප් එකක් කරලා බ්‍රහ්මානන්දම් වෙනුවට වෙන කෙනෙක්ව දම්මලා ඒ දර්ශන රූගත කරලා තිබුණා. ඒත් පස්සෙ මේ ප්‍රශ්නය නීතිමය ක්‍රියාමාර්ග වලට නොගිහින් සමථයකට පත් කරගෙන තිබුණා. මේ වෙද්දි හනුමන්ත් රාඕගේ ඇස් සාකේත් දිහාවට හැරිලා තිබුණා. ඔය අතරෙදි DIG නරසිම්හා මූර්තිව, ගෝලි පහෙල්වාන් මරලා දානවා. පුරුදු විදියටම පහුවදා ගෝලි පෙහෙල්වාන් නගරයෙන් පිටදි පොලිසිය අත්අඩංගුවට ගන්නවා. ගෝලි පහෙල්වාන් විදියට වෙස්වලාගෙන ගිහින් මේ මිනීමැරුම කළේ සාකේත් ද? සාකේත් මේ ඝාතන කරන්නේ මොකටද? රවීන්ද්‍රා ඉඟි කරපු සාක්ෂිය ඉදිරිපත් කරලා නඩුවෙන් දිනලා, වැරදිවලින් නිදහස් කරගෙන විජේ තල්වාර්ගේ බෑනා වෙන්න එයාට පුළුවන් වේවිද?

රාවණාසුරා, කතාවටයි නමටයි සම්බන්ධයක් තියෙනවද? මේ කතාවට රාවණාව බලෙන්ම සම්බන්ධ කරලා තිබුණ ආකාරයක් තමයි දකින්න ලැබෙන්නේ. ගොඩක් ප්‍රචණ්ඩත්වය දකින්න ලැබෙන චිත්‍රපටියක් කියලා කිව්වට ඒ තරම් දෙයක් නැහැ. චිත්‍රපටය අසාර්ථක වෙන්න තිර රචනයෙන් ලොකු බලපෑමක් වෙලා තියෙනවා කියන්න පුළුවන්. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය සහ රචනය කළේ සුදීර් වර්මා. Swamy Ra Ra (2013), Dohchay (2015), Keshava (2017) වගේ සාර්ථක චිත්‍රපට කිහිපයක් ඔහු ලබා දී තියෙනවා. විශේෂයෙන් Keshava චිත්‍රපටය කෝටි 3ක වියදමකින් නිපදවා කෝටි 30ක ආදායමක් ලබා ගත්තා. රවි තේජා මේ චිත්‍රපටයට එයාගෙම RT Team Works නිෂ්පාදන ආයතනය යටතේ නිෂ්පාදනයෙන් දායක වුණා. මේක Vinci Da (2019) බෙංගාලි මනෝමය ත්‍රාසජනක චිත්‍රපටයේ කතාව අනුවර්තනය කරගෙන කළ ප්‍රතිනිර්මාණයක්.

රවන්නා එක්ක ශුෂාන්ත්, ජයරාම්, පාරියා අබ්දුල්ලා, මේඝා ආකාෂ්, අනූ ඉමැනුවෙල්, ශ්‍රීකාන්ත්, හයිපර් ආදි, රාඕ රමේෂ්, මුරලි ශර්මා, සම්පත් රාජ් ආදී නළු නිළියන් කැළක් මේ චිත්‍රපටයේ චරිත රඟ දක්වනවා. Dhamaka (2022) චිත්‍රපටයට සංගීතය සැපයූ බීම්ස් සෙසිරොලියෝ මේ චිත්‍රපටයය සංගීතය සපයනවා. “ප්‍යාර් ලෝනා පාගල්” ගීතය රවිතේජා ගායනා කරනු ලැබුවා.

මීට ලැබිලා තියෙන imdb අගය 5.7/10ක්. විචාරක, ප්‍රේක්ෂකයින්ගේ මිත්‍ර ප්‍රතිචාර මීට ලැබුණා. ආදායම් තත්වය බැලුවොතින්, මේ චිත්‍රපටය විශාල අසාර්ථක වීමකට ලක් වුණා. ඉ.රු. කෝටි 60ක පමණ මුදලක් වැය කළ නිෂ්පාදනය කළත් තිරගත කිරීමෙන් ලබාගත් ආදායම ආසන්නව ඉ.රු. කෝටි 23ක් පමණයි.

Tiger Nageswara Rao (2023) ලිපියේ රවන්නාගේ මීලඟට එන්න තියෙන චිත්‍රපටි ගැන සඳහන් කළා. මෑතකදී දැනගන්න ලැබුණා මූල්‍යමය ගැටළුවක් නිසා ගෝපිචන්ද් මලිනේනි හා රවි තේජාගේ චිත්‍රපටය(RT4GM) අතරමඟ නතර කලා කියලා. කොහොම් වුණත් ඒ ගැන ඊට වැඩි තොරතුරක් නැහැ. ලබන ජනවාරියේ 12 නිකුත් වෙන්න තියෙන Eagle චිත්‍රපටියේ ටීසරය යූටියුබ් නැරඹුම් වාර මිලියන 10 පසුකරලා තියෙනවා.

එහෙනම් ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා මේ සිනමාව රසවිඳින්න…

බුදු සරණයි! සියලු දෙවි දේවතාවුන්ගේ රැකවරණයි!

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ රවිඳු නවින් සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Ravanasura (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/ravanasura-2023-sinhala-subtitles/feed/ 0