Eion Bailey Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/eion-bailey/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 02 Dec 2024 07:46:30 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Eion Bailey Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/eion-bailey/ 32 32 From (2022-2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/tvshows/from-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/tvshows/from-2022-sinhala-subtitles/#comments Tue, 26 Nov 2024 09:30:57 +0000 https://sinhalasub.net/?post_type=tvshows&p=19314 Unravel the mystery of a nightmarish town in middle America that traps all those who enter. As the unwilling residents fight to keep a sense of normalcy and search for a way out, they must also survive the threats of the surrounding forest – including the terrifying creatures that come out when the sun goes […]

The post From (2022-2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Unravel the mystery of a nightmarish town in middle America that traps all those who enter. As the unwilling residents fight to keep a sense of normalcy and search for a way out, they must also survive the threats of the surrounding forest – including the terrifying creatures that come out when the sun goes down.

The post From (2022-2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/tvshows/from-2022-sinhala-subtitles/feed/ 34
Fight Club (1999) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/fight-club-1999-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/fight-club-1999-sinhala-subtitles/#respond Wed, 13 Sep 2023 17:41:25 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=54012 Fight Club Sinhala Sub Fight Club Sinhala Subtitles Fight Club (1999) Sinhala Sub Fight Club (1999) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! Fight Club (1999) එහෙමත් නැතිනම් සටන් සමාජය කියන්නේ සුප්‍රකට සිනමා අධ්‍යක්ෂක ඩේවිඩ් ෆින්චර් විසින් අධ්‍යක්ෂණය කළ ඇමරිකානු චිත්‍රපටයක්. මේ සිනමා කෘතියට පාදක වන්නේ Chuck Palahniuk විසින් රචනා කළ,1996දි නිකුත් වුණු Fight Club ග්‍රන්ථයයි. IMDb […]

The post Fight Club (1999) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Fight Club Sinhala Sub
Fight Club Sinhala Subtitles
Fight Club (1999) Sinhala Sub
Fight Club (1999) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

Fight Club (1999) එහෙමත් නැතිනම් සටන් සමාජය කියන්නේ සුප්‍රකට සිනමා අධ්‍යක්ෂක ඩේවිඩ් ෆින්චර් විසින් අධ්‍යක්ෂණය කළ ඇමරිකානු චිත්‍රපටයක්. මේ සිනමා කෘතියට පාදක වන්නේ Chuck Palahniuk විසින් රචනා කළ,1996දි නිකුත් වුණු Fight Club ග්‍රන්ථයයි. IMDb දර්ශකයේ 8.8/10ක ඉහළ අගයක් ගනිමින් එදා මෙදාතුර වැඩිම IMDb අගයක් ලබාගත් ලැයිස්තුවේ 11 වන ස්ථානය දිනාගැනීමට Fight Club සිනමාපටය සමත් වුණා. ඊට අමතරව ඔස්කා සම්මානයකට නිර්දේශ වී තවත් සම්මාන 12ක් දිනාගන්නට මේ සිනමාපටය සමත් වුණා. 90 දශකයේ වඩාත් ආන්දෝලනයකට සහ කතාබහකට ලක් වුණු Fight Club, මුලදී අපේක්ෂිත බොක්ස් ඔෆිස් වාර්තා අතරට නොගියත් ගෘහස්ථ වීඩියෝ පිටපත නිකුත් වීමත් සමඟ ප්‍රබල වාණිජ සාර්ථකත්වයක් ලැබුවා.

2009දි චිත්‍රපටයේ නිකුත් වීමේ දසවන සංවත්සරයේදී මේ චිත්‍රපටයේ Remastered පිටපතක් නිකුත් වුණා. ඒවා ගැන වැඩි විස්තර වලට නොයා අපි කතාව දෙසට හැරෙමු.

මේ චිත්‍රපටය ප්‍රේක්ෂකයාට ඉදිරිපත් වෙන්නේ නිර්නාමික කථිකයෙකුගේ දෘෂ්ටි කෝණයෙන්. ඒ නිර්ණාමික චරිතයට පණ පොවන්නේ එඩ්වඩ් නෝටන් විසින්. වෘත්තියෙන් මෝටර් රථ නිෂ්පාදන ආයතනයක සේවයේ නියුතු ඔහු Recall Coordinator එහෙම නැතිනම් ‘යළි කැඳවීමේ සම්බන්ධීකාරක’යෙක් ලෙසයි රැකියාව කරන්නේ.( ඒ කියන්නේ තමන් සේවය සපයන වාහන නිෂ්පාදන ආයතනයට අයත් වාහන වලින් වන අනතුරු වලදී අනතුරට හේතු වන දෝෂය එම වාහන මාදිලියටම පොදු එකක් දැයි සොයා බලා, එම වාහන මාදිලියට අයත් වාහන යළි නිෂ්පාදන සමාගමට හෝ එහි නියෝජිත ආයතනයකට ගෙන්වා එම දෝෂය නිවැරදි කිරීමේ අවශ්‍යතාවයක් ඇතිදැයි සොයා බැලීමේ කාර්යයි ඔහුගේ රැකියාව. මෙතැනදී අදාළ පුද්ගලයා යළි කැඳවීමේ අවශ්‍යතාවය සොයා ගන්නේ, සියලුම වාහන එසේ කැඳවා පිළිසකර කිරීම කොතෙක් දුරට ආයතනයේ මූල්‍යමය තත්වයට සහ ව්‍යාපාරයට කෙසේ බලපාන්නේද යන්න සලකා බැලීමෙන් අනතුරුවයි. චිත්‍රපටය නැරඹීමේදී මේක වැදගත් වෙයි කියා සිතුණු නිසයි මේක සඳහන් කළේ.)

අතිශය කාර්යබහුල ජීවිතයක් ගත කිරීමේ ප්‍රතිපලයක් ලෙස ඔහු නින්ද නොයෑමේ රෝගය හෙවත් ඉන්සොම්නියා රෝගයට ගොදුරු වෙනවා. වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ගැනීමට ඔහු ගියත් වෛද්‍යවරයා ලබාදෙන බෙහෙත් වලින් ඔහු සෑහීමකට පත් වන්නේ නැහැ. ඔහු වෛද්‍යවරයා සමඟ වාද කරද්දී තමන් විඳින මානසික පීඩනය සහ වේදනාව ගැන කියද්දී වෛද්‍යවරයා ඔහුට කියනවා වේදනාව කියන දේ ගැන අදහසක් ගන්න ඕනෙ නම්, වෘෂණ කෝෂ පිළිකා සහිත රෝගීන්ට උපදේශන දෙන ස්ථානයකට ගිහින් බලන ලෙසයි. මේ අවවාදය ලැබුණාම කථිකයා කරන්නේ එවැනි විවිධ ආබාධ සහිත පුද්ගලයන්ට මානසික උපදේශන සපයන ආයතනයකට යාමට හුරු වීමයි. අන්වර්ථ නාමයකින් ඒ ස්ථාන වලට යන ඔහු තමන්ටද එවැනි සුව කිරීම අපහසු රෝගයක් වැළඳී ඇති බවට ව්‍යාජ ලෙස ඒත්තු ගන්වනවා. ඒ රෝගීන් සමඟ දුක සැප බෙදාගැනීමෙන් ඔහුට තමන්ගේ නින්ද නොයෑමේ රෝගයට සහනයක් ලැබෙනවා.

එහෙත් හදිසියේම ඒ වැඩසටහන් වලට හුදෙක් විනෝදය පිණිස සහභාගී වන මාර්ලා සිංගර් ඔහුට හමුවෙනවා. ඇයගේ පැමිණීම තමන්ගේ මානසික සහනයට තර්ජනයක් ලෙස දකින ඔහු ඇය සමඟ එකඟතාවයකට පැමිණෙනවා උපකාරක වැඩසටහන් වලට එකිනෙකා හමු නොවන ලෙස බෙදාගෙන යාමට. කෙසේ වෙතත් රාජකාරි ගමනකදී නිර්නාමික කථිකයාට හමුවන ටයිලර් ඩර්ඩ්න් ඔහුගේ සමීප මිතුරෙක් බවට පත් වෙනවා. තමන්ගේ නවාතැනේ කාමරය ගිණි ගැනීමෙන් පසු ඔහුට ටයිලර් ගේ නවාතැනට යාමට සිදුවෙනවා. ඔවුන් දෙදෙනා රහසිගතව සටන් සමාජයක් (Fight Club) සෑදීමට පියවර ගන්නේ ගතානුගතික ජීවිතයෙන් ගැලවීමට ඒ දෙදෙනාටම ඇතිවන පෙළඹවීමක් මතයි. කෙසේ වෙතත් මේ සටන් සමාජය නිසා කථකයාගේ වෘත්තීය හා පෞද්ගලික ජීවිතයට නොසිතූ ආකාරයේ බලපෑම් රැසක් එල්ල වෙනවා. ඔහුගේත් ටයිලර්ගේත් කතාව මැදට හිටිහැටියේම මාර්ලා සිංගර් ද පැමිණෙනවා. මුල සිට අගටම කුතුහලයෙන් නැරඹිය හැකි ලෙස ගොඩනඟා ඇති මේ චිත්‍රපටය අවසානයේදී අනපේක්ෂිත ලෙස කතාවේ පෙරළියකට හෙවත් Plot Twist එකකට ගමන් කරන අන්දම ඔබට දකින්නට ලැබේවි. ඒ ගැන වැඩි විස්තර කියන්න අපේක්ෂා කරන්නේ නැහැ. කිව්වොත් වැඩක් නෑනේ!

මේ චිත්‍රපටයේ නිර්නාමික කථකයා ලෙස රංගනයෙන් දායක වන්නේ Edward Nortan. ඒ වගේම මාර්ලා සිංගර් ලෙස Helena Bonham Carter ද, ටයිලර් ඩර්ඩ්න් ලෙස Brad Pit ද රංගනයෙන් දායක වෙනවා. අන්තර්ජාලයේ සඳහන් වන අන්දමට චිත්‍රපටයේ ටයිලර්ගේ චරිතය වෙනුවෙන් බ්‍රැඩ් පිට ස්වේච්ඡාවෙන්ම දන්ත වෛද්‍යවරයා වෙත ගොස් තම ඉදිරි දත් වලින් කීපයක් කපා ඉවත් කරගෙන තිබෙනවා. ඒ සටන් සමාජයේ ක්‍රියාකාරී සාමාජිකයෙක් ලෙස වඩා තාත්විකව චරිතය නිරුපණය කිරීමටයි. චිත්‍රපටය රූගත කිරීමෙන් අනතුරුව ඔහු සිය දත් යළි පිළිසකර කරගත් බවත් සඳහන් වෙනවා.කතාව ඇත්ත නම්, යකාගේ කැපවීමක් තමයි ඒකත්!

එහෙමනම් මේ චිත්‍රපටය සිංහල උපසිරැසි සහිතව නැරඹීමට ඔබට ආරාධනා කරනවා. තව පොඩ්ඩෙන් කියන්න අමතක වෙන කරුණක් තමයි මේ චිත්‍රපටය 18+ එකක්. ඒ නිසා වයස අවුරුදු 18 වැඩි ළමයි විතරක් බලන්න.

ආයෙත් තවත් ෆිල්ම් එකකින් ඔබ හමුවෙන්නම්. එතෙක් ඔබට තෙරුවන් සරණයි!

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ප්‍රබුද්ධ කේසර විතානගේ සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Fight Club (1999) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/fight-club-1999-sinhala-subtitles/feed/ 0