Esai Morales Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/esai-morales/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Thu, 07 Nov 2024 11:08:03 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Esai Morales Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/esai-morales/ 32 32 Mission: Impossible – Dead Reckoning Part One (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/mission-impossible-dead-reckoning-part-one-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/mission-impossible-dead-reckoning-part-one-2023-sinhala-subtitles/#comments Thu, 07 Nov 2024 10:10:36 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=55343 Mission: Impossible – Dead Reckoning Part One Sinhala Sub Mission: Impossible – Dead Reckoning Part One Sinhala Subtitles Mission: Impossible – Dead Reckoning Part One (2023) Sinhala Sub Mission: Impossible – Dead Reckoning Part One (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! කොහොමද කට්ටිය අදත් සුපුරුදු විදිහට අති සුපිරි ෆිල්ම් එකක් තමයි අරගෙන ආවේ. හොඳයි මෙ […]

The post Mission: Impossible – Dead Reckoning Part One (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Mission: Impossible – Dead Reckoning Part One Sinhala Sub
Mission: Impossible – Dead Reckoning Part One Sinhala Subtitles
Mission: Impossible – Dead Reckoning Part One (2023) Sinhala Sub
Mission: Impossible – Dead Reckoning Part One (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

කොහොමද කට්ටිය අදත් සුපුරුදු විදිහට අති සුපිරි ෆිල්ම් එකක් තමයි අරගෙන ආවේ.

හොඳයි මෙ ගෙනාවේ වෙන එකක් නෙවෙයි ඔයාලා එනකල්ම බලාගෙන හිටපු Tom Cruiseගේ Mission Impossible – Dead Reckoning Part One.

2022දී හොලිවුඩයේ සාර්ථකම තරුව වුණ Tom Cruise, “Top Gun: Maverick” සිනමාපටයෙන් ලෝකය වසඟයට අරන් ඇමරිකානු ඩොලර් බිලියන $1.4ක ආදායමක් හොයාගන්නවා. ඉන් අවුරුද්දකට පස්සේ Tom Cruise සුපුරුදු ජවසම්පන්න රංගනයත් එක්ක ජනප්‍රිය “Mission Impossible” චිත්‍රපට මාලාවේ අලුත්ම චිත්‍රපටය “Dead Reckoning: Part One” එක්ක ආයෙත් කරළියට එනවා.

අපි Mission Impossible මාලාවේ ඉතිහාසය ගැන මුලින්ම ටිකක් බලමු.

1966දී Bruce Gellerගේ රචනයෙන් නිර්මාණය වුණ Mission Impossible, එපිසෝඩ් 171කින් සමන්විත කතාමාලාව CBS නාළිකාව හරහා විකාශය වුණා අතර පසු කාලයක Mission Impossible vs. the Mob නමින් චිත්‍රපටියක්ද නිකුත්වුණා.Tom Cruiseගේ Mission Impossible මාලාව ආරම්භ වුණේ 1996දී ඒ Ethan Hunt ප්‍රධාන චරිතයෙන්. ඒවා නම් වශයෙන් බැලුවොත්,

1. Mission: Impossible (1996)
2. Mission: Impossible 2 (2000)
3. Mission: Impossible III (2006)
4. Mission: Impossible – Ghost Protocol (2011)
5. Mission: Impossible – Rogue Nation (2015)
6. Mission: Impossible – Fallout (2018)
7. Mission: Impossible – Dead Reckoning Part One (2023)

එතකොට මේ අද ආව Mission: Impossible – Dead Reckoning චිත්‍රපටිය කොටස් දෙකකට තමා නිකුත්වෙන්නේ. දෙවනි කොටස 2024දී නිකුත්වෙන්න දැනට නියමිතවෙලා තියෙනවා.චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Mission: Impossible – Rogue Nation (2015), Mission: Impossible – Fallout (2018) කියන චිත්‍රපටි 2ත් අධ්‍යක්ෂණය කරපු Christopher McQuarrie. Tom Cruise හා McQuarrie එකතුවෙන් නිෂ්පාදනය වුණ චිත්‍රපටිය බෙදාහැරීම් කරන්නේ Paramount Pictures හරහා.

Tom Cruiseට අමතරව Hayley Atwell (ග්‍රේස්), Ving Rhames (ලූතර්), Simon Pegg (බෙන්ජි), Rebecca Ferguson (ඉල්සා), Esai Morales (ගේබ්‍රියල්) සහ තවත් නලු නිළියන් රැසක් මෙහි රංඟනයෙන් දායාකත්වය සපයනවා.

Dead Reckoning: Part One තුළින් Tom Cruise තමන්ගේ ජවසම්පන්න රංගනය අපිට පෙන්නන්නේ ඇස් අදහාගන්න බැරි දර්ශනත් එක්ක. ඔයාලා දැනටමත් දන්නවා ඇති චිත්‍රපටියේ එක දර්ශනයක් තියෙනවා බයික් එකත් එක්කම කන්දකින් පහළට පනින එකක්. ඒක ඉතින් අපේ Tom Cruiseම කරපු කතාවත් දන්නවා ඇති සමහරු. ඉතින් ඒකම මදිදි Tom Cruiseගේ ගැම්ම පෙන්වන්න. මොකද Tom Cruise කියන්නේ දැන් තරුණයෙක් නෙවෙයි. වයස අවුරුදු 61ක පුද්ගලයෙක්. ඒවගේම McQuarrie නව තාක්ෂණය උපයෝගී කරගනිමින් ලස්සන රුප මවන්නට සමත්වෙලා තියෙනවා. CIG උපයෝගී කරගෙන තියෙන්නෙත් හුඟක් අඩුවෙන්. කොහොමහරි අවසානෙක කියන්න තියෙන්නේ මඟෑරගන්නේ නැතුව අනිවාරෙන්ම බලන්න ඕන ෆිල්ම් එකක් තමයි මේ.

ෆිල්ම් එක ගැන කතා කරොත්, ස්පොයිල් වෙන නිසා මං ස්ටෝරිය නොකියා ඉන්නම්. ඔයාලම අරගෙන ත්‍රාසජනක අත්දැකීමක් ගන්න.

එහෙනම් පහළින් ෆිල්ම් එකත් අරගෙන කමෙන්ට් එකකුත් දාගෙන යන්න අපිට ඒක ලොකු හයියක්.
නැවතත් අලුත් ෆිල්ම් එකකින් හමුවෙමු.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ සුපුන් සදීප සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Mission: Impossible – Dead Reckoning Part One (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/mission-impossible-dead-reckoning-part-one-2023-sinhala-subtitles/feed/ 9