Ezra Miller Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/ezra-miller/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Wed, 19 Mar 2025 19:08:27 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Ezra Miller Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/ezra-miller/ 32 32 Fantastic Beasts: The Secrets of Dumbledore (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/fantastic-beasts-the-secrets-of-dumbledore-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/fantastic-beasts-the-secrets-of-dumbledore-2022-sinhala-subtitles/#respond Wed, 19 Mar 2025 19:00:45 +0000 https://braszers.tk/?post_type=movies&p=17694 Fantastic Beasts: The Secrets of Dumbledore Sinhala Subtitles Fantastic Beasts: The Secrets of Dumbledore (2022) Sinhala Subtitles Professor Albus Dumbledore knows the powerful, dark wizard Gellert Grindelwald is moving to seize control of the wizarding world. Unable to stop him alone, he entrusts magizoologist Newt Scamander to lead an intrepid team of wizards and witches. […]

The post Fantastic Beasts: The Secrets of Dumbledore (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Fantastic Beasts: The Secrets of Dumbledore Sinhala Subtitles

Fantastic Beasts: The Secrets of Dumbledore (2022) Sinhala Subtitles

Professor Albus Dumbledore knows the powerful, dark wizard Gellert Grindelwald is moving to seize control of the wizarding world. Unable to stop him alone, he entrusts magizoologist Newt Scamander to lead an intrepid team of wizards and witches. They soon encounter an array of old and new beasts as they clash with Grindelwald’s growing legion of followers.

The post Fantastic Beasts: The Secrets of Dumbledore (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/fantastic-beasts-the-secrets-of-dumbledore-2022-sinhala-subtitles/feed/ 0
Justice League (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/justice-league-2017-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/justice-league-2017-sinhala-subtitles/#respond Fri, 28 Jul 2023 07:45:39 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=47155 Justice League Sinhala Sub Justice League Sinhala Subtitles Justice League (2017) Sinhala Sub Justice League (2017) Sinhala Subtitles ජස්ටිස් ලීග් කිව්වම කොමික් වල නම් ඔයාලට ලොකු පරාසයක් අහුවෙනවා. හැබැයි ජස්ටිස් ලීග් එකේ ආරම්භක සාමාජිකයෝ තමයි බැට්මෑන්, සුපර්මෑන්, වොන්ඩර් වුමන්, ග්‍රීන් ලැන්ටර්න්, ෆ්ලෑෂ් සහ සයිබෝග් කියන්නේ. කොමික් වලට අනුව පසුකාලීනව DC අනිකුත් චරිතත් එකතු වෙනවා. ඒ […]

The post Justice League (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Justice League Sinhala Sub
Justice League Sinhala Subtitles
Justice League (2017) Sinhala Sub
Justice League (2017) Sinhala Subtitles

ජස්ටිස් ලීග් කිව්වම කොමික් වල නම් ඔයාලට ලොකු පරාසයක් අහුවෙනවා. හැබැයි ජස්ටිස් ලීග් එකේ ආරම්භක සාමාජිකයෝ තමයි බැට්මෑන්, සුපර්මෑන්, වොන්ඩර් වුමන්, ග්‍රීන් ලැන්ටර්න්, ෆ්ලෑෂ් සහ සයිබෝග් කියන්නේ. කොමික් වලට අනුව පසුකාලීනව DC අනිකුත් චරිතත් එකතු වෙනවා. ඒ අනුව ඇක්වාමෑන්, ග්‍රීන් ඇරෝ, සුපර්ගර්ල්, මාෂන් මෑන්හන්ටර් වගේ සාමාජිකයන් එකතු වෙනවා. ජස්ටිස් ලීග් ආරම්භය සිද්ධ වෙන්නේ 1960 වසරේදී. ඒ 1960 මාර්තු වල නිකුත් වූ The Brave and the Bold කියන කොමික් පොත ඇසුරෙන්. එමගින් කලින් තනිව ක්‍රියාකළ සුපිරි වීරයන් එකට එක්වී සතුරන් හා සටන් කරන්න පටන් ගන්නවා. ඉතින් ඒ හරහා තමයි පළමු වරට සුපිරි වීරයන්ගේ කණ්ඩායමක අවශ්‍යතාව DC කොමික් රචකයන් අත්‍යවශ්‍ය දෙයක් ලෙසට දකින්නේ. පහත තියෙන්නේ ඒ කතාවේ මුල් කවරයේ චායාරූපයක්. පසුව එම වසරේම නොවැම්බර් මස Justice League of America නමින් මෙම ලීගය එලි දක්වනවා. ඒ වගේම එහි නැවත උපතක් සිද්ධ වෙනවා 2016 වසරේදී. DC Rebirth යටතේ. පසු කාලීනව ඇනිමේෂන් කතා මාලාවක් තුලින් පවා අපට මේ කණ්ඩයාම මුණ ගැහුනා. අවිවාදයෙන් කියන්න ඕනේ කොමික් ලෝකයේ ප්‍රසිද්ධම සුපිරිවීර කණ්ඩායම තමයි ජස්ටිස් ලීග් කියන්නේ. ඒක අද ඊයේ කොමික් බලන්න පටන් ගත්ත අයට ඇරෙන්න අනික් හැමෝම වගේ පිළිගන්න කාරණයක්.

එහෙනම් මම මේ කතාවට හැරෙන්නම්. මේ කතාව මීට කලින් මම උපසිරැසි සපයපු Batman V Superman: Dawn of Justice (2016) චිත්‍රපටය හා සම්බන්ධයි. එතනින් නිමා වූ පසු ඊලඟ ආරම්භය සනිටුහන් වන්නේ අද මේ උපසිරැසි ලබාදෙන Justice League (2017) චිත්‍රපටය සමගින්. කලින් චිත්‍රපටය ගැන අමතක නම් එහි සිදුවූ ලොකුම සිදුවීම තමයි සුපර්මෑන්ගේ අභාවය. ඩූම්ස්ඩේ හෙවත් ලෙක්ස් ලූතර් විසින් ක්‍රිප්ටන් ලෝකයෙන් පැමිණි ජෙනරාල් සොඩ්ගේ සිරුර යොදාගෙන නිර්මාණය කල රාක්ෂයාත් සමගම පෘතුවියෙන් ක්ලාක් කෙන්ට් සමු ගනු ලැබුවා. එහි අවසානය එසේ සනිටුහන් වනවිට ඉන් මූලාරම්භයක් ලබා දුන්නා කණ්ඩායමක වැදගත් කමක් ඉස්මතු කරමින්. අපිට දකින්න ලැබුනා වේගයෙන් එහෙ මෙහෙ යන්න පුළුවන් කෙනෙක්, ඒ වගේම මුහුද යට ජිවත් වෙන රණශූරයෙක් සහ රොබෝ සිරුරකට හිමිකම් කියන මිනිසෙක් ගැන. ඒ දේවල් දැනගන්න ලැබුනේ ලෙක්ස් ලූතර්ගේ පරිගණකය හරහා. වොන්ඩර් වුමන් ගැන අමුතුවෙන් කියන්න උවමනා නැහැනේ. දැනටමත් එයාගේ වෙනම චිත්‍රපටයක් මගින් ලෝකයේම අවධානය දිනාගෙන අවසන්. ඉතින් එහෙම අවසන් උනා වගේම ලෙක්ස් ලූතර් හිරගෙදර ඉඳන් එක කාරණයක් කිව්වා. ඒ තමයි රාක්ෂයන් එන්නේ පොළවෙන් නෙමේ අහසෙන් කියලා. ඒ වගේම ඒ චිත්‍රපටය තුල මුලින් තිබු පසුව මකා දැමු එක දර්ශනයක් තිබුනා එහි සතියේ DC සිනමා විශ්වයේ ඉන්න ප්‍රභලතම සතුරෙක් වන ඩාක්සයිඩ් ගේ ජෙනරාල් කෙනෙක් වන ස්ටෙපන්වුල්ෆ්. මේ චිත්‍රපටයේ ඔබ දකින සතුරා වෙන්නේ එයාම තමයි. ඔහු එනවා පෘතුවියට. ඒත් ඒ එන්නේ මොකටද කියන කාරණේ මම දැන්ම කියන්නේ නැහැ. ඔහු තමයි මේ කණ්ඩායම එකතු කරන්න හේතුව වන පුද්ගලයා වෙන්නේ. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය මුලින් කලේ Zack Snyder විසින් පසු කාලීනව ඇවෙන්ජර්ස් පළමු චිත්‍රපටයේ අධ්‍යක්ෂක Joss Whedon ද සහයට පැමිණියා. සුපුරුදු පරිදි බැට්මෑන් චරිතය Ben Affleck විසිනුත් සුපර්මෑන් චරිතය Henry Cavill විසින් සහ Gal Gadot විසින් වොන්ඩර් වුමන් චරිතය රඟ දක්වනවා. මේ චිත්‍රපටය තුලින් අලුතෙන් තිදෙනෙක් මුණ ගැහෙනවා ඒ තමයි ෆ්ලෑෂ්, සයිබෝග් සහ ඇක්වාමෑන් කියනේ. පිලිවෙලින් ඒ චරිත සඳහා Ezra Miller, Ray Fisher සහ Jason Momoa යන නළුවන් විසින් රංගන දායකත්වය සපයනවා. ආදායම් ගැන දැනට මොකුත් කියන්න බැහැ මොකද මෙය තවතමත් ශාලා වල තිරගත වන චිත්‍රපටයක්. එහෙනම් ගිහින් එන්නම්.

හැමෝටම ජය!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ හසන්ත වික්‍රමරත්න සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Justice League (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/justice-league-2017-sinhala-subtitles/feed/ 0
The Flash (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-flash-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-flash-2023-sinhala-subtitles/#comments Mon, 17 Jul 2023 22:09:05 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=45024 The Flash Sinhala Sub The Flash Sinhala Subtitles The Flash (2023) Sinhala Sub The Flash (2023) Sinhala Subtitles කොහොමෙයි කොහොමෙයි ඉතින් හැමෝටම? ‘කොහොමෙයි’ කියලා දෙපාරක්ම කිව්වේ විමා අයියටත් එක්කයි. මොකද දෙන්නා එකතු වෙලා තමයි උපසිරසිය හැදුවේ. උපසිරසි ජීවිතේ කරන පළවෙනි collab එකම විමා අයියාත් එක්ක කරන්න ලැබීම සෑහෙන්න ලොකු සතුටක් වගේම ගෞරවයක්. ? ඉතින් දෙන්නත් […]

The post The Flash (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Flash Sinhala Sub
The Flash Sinhala Subtitles
The Flash (2023) Sinhala Sub
The Flash (2023) Sinhala Subtitles

කොහොමෙයි කොහොමෙයි ඉතින් හැමෝටම? ‘කොහොමෙයි’ කියලා දෙපාරක්ම කිව්වේ විමා අයියටත් එක්කයි. මොකද දෙන්නා එකතු වෙලා තමයි උපසිරසිය හැදුවේ. උපසිරසි ජීවිතේ කරන පළවෙනි collab එකම විමා අයියාත් එක්ක කරන්න ලැබීම සෑහෙන්න ලොකු සතුටක් වගේම ගෞරවයක්. ?

ඉතින් දෙන්නත් එක්ක මේ අරගෙන ආවේ The Flash (2023) මූවී එකේ උපසිරසිය. මේක තමයි DCEU හි අවසානය. මේ ෆිල්ම් එකෙන් DCEU එක reboot කරලා James Gunn ගේ අලුත් DCU එක පටන් ගන්නවා. දැනට නම් කියලා තියෙන්නේ මේකෙන් universe එකේ සමහර කොටස් විතරයි reboot වෙන්නේ කියලා. ඒ කියන්නේ මේක soft reboot එකක්. ඒත් සමහර විට මේකේ Box Office ප්‍රතිඵලයත් එක්ක ඒක hard reboot එකක් කරන්නත් ඉඩ තියෙනවා.

ෆිල්ම් එක ගැන පොඩ්ඩක් විස්තර කියනවා නම් මේකට Rotten Tomatoes දර්ශකයේ 64%ක අගයක් සහ IMDb දර්ශකයේ 7.2ක අගයක් අරගෙන තියෙනවා. ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Andy Muschietti විසින්. Ezra Miller (Barry Allen), Ben Affleck (Batman), Sasha Calle (Supergirl), Kiersey Clemons (Iris West) ආදී නළු නිළියන් බොහොමයක් රංගනයෙන් දායක වෙනවා. මේ අතරේ Michael Keaton ව highlight නොකර කොහොමද. ඉතින් මේකෙන්ම පේනවා ඇතිනේ, අපිට හුරුපුරුදු මූණු කීපයක්ම බලාගන්න පුළුවන්.

ෆිල්ම් එකේ ඉතිහාසය ගැනත් පොඩ්ඩක් කියන්නම්. DCEU එකේ කොටසක් විදියට ෆ්ලෑෂ් මූවී එකක් එනවා කියලා මුලින්ම announce කළේ 2014 දී (ඉතින් දශකයක කාලයක් තිස්සේ මේක හදපු බව පැහැදිලියිනේ). ඒක release වෙන්න නියමිතව තිබුණේ 2018 මාර්තු 23 වෙනිදා. ඒත් ඒක කැන්සල් කරලා දැම්මා. ෆිල්ම් එකේ අධ්‍යක්ෂකවරු, WB එක එක්ක තිබ්බ ගැටලු නිසා සහ Ezra Miller, Fantastic Beasts franchise එකට සම්බන්ධ වෙලා තිබුණු නිසා මේ ෆිල්ම් එක දිගටම delay වුණා. අන්තිමට 2020 දී Andy Muschietti මේක භාරගන්නවා. එයා වැඩ අවසන් කරලා තමයි අන්තිමට 2023 දී ෆිල්ම් එක රිලීස් වෙන්නේ.

ෆිල්ම් එක පාදක වෙලා තියෙන්නේ කොමික් ෆෑන්ස්ලා අතර ජනප්‍රිය, ෆ්ලෑෂ්ගේ හොඳම කතාවන්ගෙන් එකක් (නැත්නම් හොඳම කතාව) විදියට සැලකෙන Flashpoint කතා මාලාව පදනම් කරගෙනයි. කොහොම නමුත් මේක පදනම් කරගෙන ගහපු The Flashpoint Paradox animated movie එකට වඩා වෙනස් විදියට මේකට මල්ටිවර්ස් පැත්තත් ගාවගෙන තියෙනවා.

කතාව සරලවම කියනවා නම්, බැරී ඇලන් හෙවත් ෆ්ලෑෂ් අතීතයට ගිහින් එයාගේ අම්මාගේ මරණය නතර කරනවා. එයා ආපහු වර්තමානයට එනකොට එයා අතීතය වෙනස් කරපු නිසා වර්තමානයත් සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. උදාහරණයක් විදියට, crime alley එකේදී මැරෙන්නේ Bruce Wayne මිසක් එයාගේ දෙමව්පියෝ නෙමෙයි. Thomas Wayne හෙවත් බෲස්ගේ තාත්තා තමයි බැට්මෑන් වෙන්නේ. ඒවගේම Aquaman සහ Wonder Woman යුද්ධයක් පටන් අරන් ලෝකේ විනාශ කරන්නයි යන්නේ. ෆ්ලෑෂ් ඒක නවත්තලා ලෝකේ බේරගන්න උත්සහ කළාට ඒක කරගන්න බැරි වෙනවා. එයාට අන්තිමට කරන්න ඉතුරු වෙන දේ තමයි ආපහු අතීතයට ගිහින් එයාගේ අම්මට මැරෙන්න ඉඩ දෙන එක. ඒකෙන් ආපහු දේවල් තිබුණ විදියටම හරියනවා. හැබැයි මං කලිනුත් කිව්වා වගේ, The Flash (2023) මේක මත පදනම් වුණාට මේකට වඩා කතාව ගොඩක් වෙනස්.

ඒත් කතාවේ ප්‍රධාන තේමාව දෙකේම එකයි. අපි හැමෝටම අපි කැමති සහ අකමැති දේවල්වලින් සමන්විත අතීතයක් තියෙනවා. සමහර වෙලාවට අපට හිතෙනවා ඒ අපි අකමැති දේවල් ආපහු ගිහින් වෙනස් කරන්න ක්‍රමයක් තිබුණා නම් කියලා. ඒත් අපටත් ෆ්ලෑෂ් වගේ අතීතයට ගිහින් ඒ සිද්ධවුණු දේවල් වෙනස් කරන්න හැකියාවක් සහ අවස්ථාවක් තියෙනවා නම්, අපි එහෙම කරනවද? මොකද ඒ අතීතයේ සිද්ධවුණු හොඳ හෝ නරක දේවල් නිසා තමයි අද අපි මෙතන ඉන්නේ. ඉතින් ප්‍රශ්නය අපි එහෙම කරනවද කියන එකම නෙමෙයි; ‘අතීතය වෙනස් කළ යුතුද?’ කියන එකයි.

ඉතින්… මේක Box Office ඉතිහාසයේ ලොකුම flops වලින් එකක් බව මේ වෙනකොට රහසක් නෙමෙයිනේ. ඒකට ප්‍රධාන වශයෙන්ම හේතු වෙලා තියෙන්නේ දැන් DCEU එක ගැන කිසිම hype එකක් නැති වීම සහ Ezra Miller ගේ අපරාධ කියලයි මට නම් හිතෙන්නේ. මොකද කතාව පැත්තෙන් ගත්තාම මේක සාමාන්‍යයෙන් හොඳම මට්ටමේ කතාවක්. මුල ඉඳලා අගට යනකම් කිසිම අවුලක් නැතුව බලන් ඉන්න පුළුවන් , ඒ වගේම DC විශ්වය රී-බූට් කරවන්න හොඳ අවස්ථාවක් මේකෙන් ලබා දෙනවා. විශේෂයෙන්ම මාවල් DC භේදයක් නැතුව කොමික් පාදක කරගත්ත ෆිල්ම් රසිකයෙකුට මේක හරිම අපුරු සිනමාපටයක් වේවි.

එහෙම නම්, අදට සමුගන්නවා. උපසිරසියට හවුල් වෙන්න ලබා දුන්නු අවස්ථාවට විමා අයියට බොහොම ස්තුතියි. තවත් සිංහල උපසිරසියකින් ඉක්මනින්ම හමුවෙමු. පීස් ✌

“The only way to save the world… is to keep this world from ever happening. Run.”

“ලෝකේ බේරගන්න තියෙන එකම විදිය තමයි… මේ ලෝකේ ඇති වෙන එක නවත්තන එක. දුවන්න.”

– Thomas Wayne (Batman)
The Flashpoint Paradox

 

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The Flash (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-flash-2023-sinhala-subtitles/feed/ 1
Madame Bovary (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/madame-bovary-2014-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/madame-bovary-2014-sinhala-subtitles/#respond Fri, 03 Mar 2023 13:31:50 +0000 https://sinhalasub.net/?post_type=movies&p=1244 The post Madame Bovary (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The post Madame Bovary (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/madame-bovary-2014-sinhala-subtitles/feed/ 0