Hareesh Peradi Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/hareesh-peradi/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 30 Mar 2025 14:47:29 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Hareesh Peradi Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/hareesh-peradi/ 32 32 Aalan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/aalan-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/aalan-2024-sinhala-subtitles/#respond Sun, 30 Mar 2025 03:33:15 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=96361 Aalan Sinhala Sub Aalan Sinhala Subtitles Aalan 2024 Sinhala Sub Aalan (2024) Sinhala Sub Aalan (2024) Sinhala Subtitles ඔන්න එහෙනම් අදත් මම හැමෝටම ලස්සන ෆිල්ම් එකක් අරගෙන ආවා..මේකත් අවසානය වෙනකල්ම කම්මැලි නැතුව බලන්න පුළුවන් සුපිරියක්..එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු.. ත්‍යාගු කියන්නේ තපස්දම් පුරන්න තීරණය කරපු තරුණයෙක්..ඒත් විදේශික ජර්මන් කෙල්ලෙක්ව දැකලා මේ දෙන්නා ආදරේ කරලා […]

The post Aalan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Aalan Sinhala Sub
Aalan Sinhala Subtitles
Aalan 2024 Sinhala Sub
Aalan (2024) Sinhala Sub
Aalan (2024) Sinhala Subtitles

ඔන්න එහෙනම් අදත් මම හැමෝටම ලස්සන ෆිල්ම් එකක් අරගෙන ආවා..මේකත් අවසානය වෙනකල්ම කම්මැලි නැතුව බලන්න පුළුවන් සුපිරියක්..එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..

ත්‍යාගු කියන්නේ තපස්දම් පුරන්න තීරණය කරපු තරුණයෙක්..ඒත් විදේශික ජර්මන් කෙල්ලෙක්ව දැකලා මේ දෙන්නා ආදරේ කරලා සාමාන්‍යය ජීවිතයක් ගත කරන්න ත්‍යාගු තීරණය කරනවා..ඉතින් හිතුවා වගේ මෙයාලට සතුටින් ඉන්න පුළුවන් වෙයිද ? ත්‍යාගුගේ ජීවිතේ කොහොම විසදෙයිද ? මේ හැමදේටම උත්තර හොයා ගන්න ඕනෙනම් හැමෝම ෆිල්ම් එක බලන්න..තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Aalan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/aalan-2024-sinhala-subtitles/feed/ 0
Jai Ganesh (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/jai-ganesh-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/jai-ganesh-2024-sinhala-subtitles/#respond Thu, 27 Mar 2025 08:20:09 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=95944 Jai Ganesh Sinhala Sub Jai Ganesh Sinhala Subtitles Jai Ganesh 2024 Sinhala Sub Jai Ganesh (2024) Sinhala Sub Jai Ganesh (2024) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය […]

The post Jai Ganesh (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Jai Ganesh Sinhala Sub
Jai Ganesh Sinhala Subtitles
Jai Ganesh 2024 Sinhala Sub
Jai Ganesh (2024) Sinhala Sub
Jai Ganesh (2024) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Jai Ganesh (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/jai-ganesh-2024-sinhala-subtitles/feed/ 0
Mishan Impossible (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/mishan-impossible-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/mishan-impossible-2022-sinhala-subtitles/#respond Sat, 01 Mar 2025 01:50:55 +0000 https://braszers.tk/?post_type=movies&p=17392 Mishan Impossible Sinhala Subtitles Mishan Impossible (2022) Sinhala Subtitles Three little kids from Vadamalapeta want to hunt down Dawood Ibrahim and claim prize money. An investigative reporter and her sidekicks want to bring down a child trafficking nexus. How does this motley crew cross paths?

The post Mishan Impossible (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Mishan Impossible Sinhala Subtitles

Mishan Impossible (2022) Sinhala Subtitles

Three little kids from Vadamalapeta want to hunt down Dawood Ibrahim and claim prize money. An investigative reporter and her sidekicks want to bring down a child trafficking nexus. How does this motley crew cross paths?

The post Mishan Impossible (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/mishan-impossible-2022-sinhala-subtitles/feed/ 0
Kaithi (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/kaithi-2019-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/kaithi-2019-sinhala-subtitles/#respond Sun, 17 Nov 2024 10:20:33 +0000 https://sinhalasub.ml/?post_type=movies&p=14496 Kaithi Sinhala Subtitles Kaithi (2019) Sinhala Subtitles

The post Kaithi (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Kaithi Sinhala Subtitles
Kaithi (2019) Sinhala Subtitles

The post Kaithi (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/kaithi-2019-sinhala-subtitles/feed/ 0
Kombu Vatcha Singamda (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/kombu-vatcha-singamda-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/kombu-vatcha-singamda-2022-sinhala-subtitles/#respond Sun, 10 Nov 2024 14:40:45 +0000 https://sinhalasub.ml/?post_type=movies&p=14369 කතාව ගැන කිව්වොත් එහෙම ක්‍රිෂ්ණාරයපුරම් කියන ගමේ සිදුවෙන සිදුවිමක් වටා තමයි කතාව ගෙතෙන්නේ… ගමේ තරුණ කණ්ඩායමක් ඉන්නවා.. මේ අය කුල මල ආගම් බේද පැත්තක දාලා ගමේ වැඩ වෙනුවෙන් එකා වගේ පේනි ඉන්නවා… කොහොම හරි මේ ගමේ පලාත් සභා ඡන්දය එනවා. නමුත් මේ ඡන්දේ ඉල්ලන අයට පොඩි ගැටළුවක් තියනවා ඒ තමයි මේ ගමේ ඉන්න අර තරුණ […]

The post Kombu Vatcha Singamda (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
කතාව ගැන කිව්වොත් එහෙම ක්‍රිෂ්ණාරයපුරම් කියන ගමේ සිදුවෙන සිදුවිමක් වටා තමයි කතාව ගෙතෙන්නේ… ගමේ තරුණ කණ්ඩායමක් ඉන්නවා.. මේ අය කුල මල ආගම් බේද පැත්තක දාලා ගමේ වැඩ වෙනුවෙන් එකා වගේ පේනි ඉන්නවා… කොහොම හරි මේ ගමේ පලාත් සභා ඡන්දය එනවා. නමුත් මේ ඡන්දේ ඉල්ලන අයට පොඩි ගැටළුවක් තියනවා ඒ තමයි මේ ගමේ ඉන්න අර තරුණ කණ්ඩායම.. මේ අය ජාති බේද ආගම් බේද පැත්තක දාලා ඉන්න නිසා මේ අයට ඡන්දය ගන්න මිනිස්සුන්ට කියන්න දෙයක් නැති වෙනවා.. අපි උනත් දන්නවානේ අපේ රටේ උනත් සමහර පක්ෂ ඡන්ද ගන්නේ ජාති ආලය වගේ එවා ඉස්සරහාට දාලා කියලා.. ඉතින් කොහොම හරි මේ තරුණ කණ්ඩායම දෙකඩ කරන්න මේ දේශපාලන කණ්ඩායම් දෙක උත්සහා කරනවා.. ඉතින් ඒක හරි යාවිද? එතැනින් එහාට මොනා වේවිද කියලා දැනගන්න නම් චිත්‍ර‍පටිය බලන්නම වෙනවා.. කතාව අස්සේ පොඩි ලව් ස්ටොරි එකකුත් යනවා. ඉතින් චිත්‍ර‍පටිය රසවිදින්න ආරාධානා කරන ගමන් සමුගන්නවා…

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Kombu Vatcha Singamda (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/kombu-vatcha-singamda-2022-sinhala-subtitles/feed/ 0
Sathamindri Mutham Tha (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/sathamindri-mutham-tha-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/sathamindri-mutham-tha-2024-sinhala-subtitles/#respond Sun, 13 Oct 2024 02:12:24 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=77639 Sathamindri Mutham Tha Sinhala Sub Sathamindri Mutham Tha Sinhala Subtitles Sathamindri Mutham Tha (2024) Sinhala Sub Sathamindri Mutham Tha (2024) Sinhala Subtitles සුභ දවසක් වේවා කියල පිලිගන්නවා හැමෝවම ඔන්න ඉතින් අද අරගෙන ඇවිල්ල තියෙන්නෙ අලුත්ම නිකුත් උන තවත් අලුත්ම දමිළ චිත්‍රපටයක සිංහල උපසිරැසියයි.  2024 සැප්තැම්බර් 6 වෙනිදා නිකුත් උන මෙම දමිළ චිත්‍රපටයේ නම තමා විරුන්දු […]

The post Sathamindri Mutham Tha (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Sathamindri Mutham Tha Sinhala Sub
Sathamindri Mutham Tha Sinhala Subtitles
Sathamindri Mutham Tha (2024) Sinhala Sub
Sathamindri Mutham Tha (2024) Sinhala Subtitles

සුභ දවසක් වේවා කියල පිලිගන්නවා හැමෝවම ඔන්න ඉතින් අද අරගෙන ඇවිල්ල තියෙන්නෙ අලුත්ම නිකුත් උන තවත් අලුත්ම දමිළ චිත්‍රපටයක සිංහල උපසිරැසියයි. 

2024 සැප්තැම්බර් 6 වෙනිදා නිකුත් උන මෙම දමිළ චිත්‍රපටයේ නම තමා විරුන්දු ඉතින් මේකෙ ප්‍රධාන චරිතය නිරූපනය කරනන්නේ ඔයාල හැමෝම දන්න ඇක්ෂන් කිං එහෙමත් නැත්තන් අර්ජුන් . ඊට අමතරව ප්‍රධාන නිලිය ලෙස Nikki Galrani රංඟනයෙන් දායක වන අතර චිත්‍රපටයේ අධ්‍යක්ෂණය Kannan Thamarakkulam මහතා විසින් සිදු කර ඇත. 

කතාව ගැන කියනවා නම් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් සියදිවි නසා ගන්නවා. ඔහුගේ මරණයෙන් මාස 6 කට පසුව, ඔහුගේ බිරිඳ එලිසබෙත්, සැක කටයුතු අනතුරකින් මිය යනවා ඉතින් ඇයගේ මරණ මංචකයේදී, ඇය ඔහුගේ සහෝදරයකුට පණිවිඩයක් ලබා දෙන්න කියල එක රියදුරෙක්ට කියනවා ඉතින් ඔන්න ඔහොම තමා කතාව පටන් ගන්නේ එහෙනම් චිත්‍රපටය කොහොමද කියල ඔයාලම බලන්නකො. තවත් අලුත්ම චිත්‍රපටයකින් හමුවෙමු .

?CAM පිටපතක් තමයි මෙ අරගෙන ඇවිල්ලා තියෙන්නේ, කොහොමත් තව ටික කාලයක් යයි මේ චිත්‍රපටියේ HD පිටපත් නිකුත් වෙන්න, බලන්න පුලුවන් තත්වයේ තියෙන cam පිටපතක් නිසයි මෙ පිටපත අරගෙන එන්නේ, ඔරිජිනල් පිටපතක් ආපු ගමන් අපි ඔරිජිනල් පිටපතක් යාවත්කාලීන කරන්නම්.❗❗

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk 

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Sathamindri Mutham Tha (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/sathamindri-mutham-tha-2024-sinhala-subtitles/feed/ 0
Rathnam (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/rathnam-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/rathnam-2024-sinhala-subtitles/#comments Thu, 23 May 2024 19:03:37 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=70675 Rathnam Sinhala Sub Rathnam Sinhala Subtitles Rathnam (2024) Sinhala Sub Rathnam (2024) Sinhala Subtitles මේකය සබ ගේනකොටනම් මතක්කරන්නම ඕනේ කෙනෙක් ඉන්නවා. ඒ අපේ ඉදුවර නිසාල් . කොච්චර කාර්යබහුල වුනත් මේ ෆිල්ම් එකට නියම වෙලාවට කාලරමු සකස් කරල දීල හොද සහයක් දුන්නා. ඒ වගේ සින්ක් කරල දුන්න අපේ ශානටත් ( ශාන් සසංග ) , ස්තුතියි ඉදුවර […]

The post Rathnam (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Rathnam Sinhala Sub
Rathnam Sinhala Subtitles
Rathnam (2024) Sinhala Sub
Rathnam (2024) Sinhala Subtitles

මේකය සබ ගේනකොටනම් මතක්කරන්නම ඕනේ කෙනෙක් ඉන්නවා. ඒ අපේ ඉදුවර නිසාල් . කොච්චර කාර්යබහුල වුනත් මේ ෆිල්ම් එකට නියම වෙලාවට කාලරමු සකස් කරල දීල හොද සහයක් දුන්නා. ඒ වගේ සින්ක් කරල දුන්න අපේ ශානටත් ( ශාන් සසංග ) , ස්තුතියි ඉදුවර සහ ශානා ❤❤??.

Rathnam ( 2024 ) මව වෙනුවෙන්

Hari ගේ අධ්‍යක්ෂනයෙන් Vishal හා Priya Bhavani ගේ රංගනයෙන් Action Drama ෆිල්ම් එකක් තමයි රත්නම්. ඒ වගේම Shankar, Samuthirakani, Gautham Vasudev Menon, Yogi Babu ද චරිතයකට එක්වෙනවා . කැමරාකරණය M. Sukumar සංස්කරණය T.S Jay විසිනි. Devi Sri Prasad සංගීතවත් කර ඇත.
කතාව බලමු එහේනම්.
මේ ලෝකෙ එකවගේම 7 දෙනෙක් ඉන්නවා කියනව නේ. එහේම එකේ තමන්ට ජීවිතයේ වැදගත්ම පුද්ගලයෙක් වගේම කෙනෙක් හම්බවුනොත්. අනිවාර්යයෙන් ජීවිතයම කනපිට ගැහෙනවා නේද ? එහේනම් මේ රත්නම්ට කාවද කොහෝමද හම්බවෙන්නේ . ඒ නිසා මොනවද වෙන්නේ කියන එක ෆිල්ම් එකෙන්ම බලාගන්න

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ පීටර් බාත්ලට් සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Rathnam (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/rathnam-2024-sinhala-subtitles/feed/ 1
Malaikottai Vaaliban (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/malaikottai-vaaliban-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/malaikottai-vaaliban-2024-sinhala-subtitles/#respond Thu, 29 Feb 2024 18:38:59 +0000 https://sinhalasub.life/?post_type=movies&p=67191 Malaikottai Vaaliban Sinhala Sub Malaikottai Vaaliban Sinhala Subtitles Malaikottai Vaaliban (2024) Sinhala Sub Malaikottai Vaaliban (2024) Sinhala Subtitles රසිකයින් කාලයක් තිස්සෙ බලාගෙන හිටපු අමුතුම මලයාලමක් ඔන්න නිකුත් උනා. මෝහන් ලාල් සහ ලිජෝ ජෝ පෙලිසේරි එකට එකතු කල මේ චිත්‍රපටය ගැන ලොකු බලාපොරොත්තුවක් ලොව පුරා රසිකයින් අතර තිබුනා. අවසානයේ ඒක සාරථක උනාද? ඉන්දීය රුපියල් කෝටි 60ක් […]

The post Malaikottai Vaaliban (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Malaikottai Vaaliban Sinhala Sub
Malaikottai Vaaliban Sinhala Subtitles
Malaikottai Vaaliban (2024) Sinhala Sub
Malaikottai Vaaliban (2024) Sinhala Subtitles

රසිකයින් කාලයක් තිස්සෙ බලාගෙන හිටපු අමුතුම මලයාලමක් ඔන්න නිකුත් උනා. මෝහන් ලාල් සහ ලිජෝ ජෝ පෙලිසේරි එකට එකතු කල මේ චිත්‍රපටය ගැන ලොකු බලාපොරොත්තුවක් ලොව පුරා රසිකයින් අතර තිබුනා. අවසානයේ ඒක සාරථක උනාද? ඉන්දීය රුපියල් කෝටි 60ක් වියදමින් හදපු මේ චිත්‍රපටය මාසයකදී කෝටි 30ක ආදායමක් ලබා ගත්තා, ඒත් ඊට පසුව නිකුත් උන බ්‍රහ්මයුගම්, ප්‍රෙමාලු සහ මංජුමාල් බෝයිස් වැනි චිත්‍රපට මේ වෙන කොට මුල් සතියෙන්ම කෝටි 40 පන්නලා. IMDB අගය 6.7 අගයක් ලැබුනු මේ චිත්‍රපටිය රසිකයින්ගේ බලාපොරොත්තු ඉටු නොකලාද?

කෙසේ වෙතත් LJP කියන මේ භය නැති අධ්‍යක්ශක වරයා ගැන දන්න අය ඒ ගැන හිතන්නෙ නෑ, මේ තරම් සිනමාව සමග අත් හදා බලන අධ්‍යක්ෂක වරයෙක් ඉන්දියානු සිනමාවෙ නැති තරම්. ආමෙන්, ඊ මා යු වල පටන් අරන් ජල්ලිකට්ටු වෙනකල් ඔහුගෙ සින්මාව ටිකක් කළහකාරී අධිවේගී සිනමාවක්.ඊට පස්සෙ චුරුලි ඉඳල නන්පාකල් නේරතු මායක්කම් වෙනකොට වේගය අඩු වෙනස් ශෛලීන් වලි නිපදවූ චිත්‍ර පට. ඒත් මේ චිත්‍රපට හැම එකක්ම හරි අපූරු නිමැවුම්. රසිකයො බලන් හිටියෙ මේ පාර මෙයා කොහොම එකක් ගෙනෙයිද කියල. මේකත් එක්තරා විදිහක අත් හදා බැලීමක්.

සිනමාවෙ පරණ කාලෙ කතා බොහෝ විට රජ කාලෙ සුලභයි. විශේෂයෙන්ම දකුණු ඉන්දීය සිනමාවෙ. මීට අමතරව නාඩගම් ශෛලියෙ නාට්‍ය අදටත් හරි ජනප්‍රියයි. මේ සියල්ලෙන්ම ආභාශය ලබා ගෙන සඳහන් නොකල කාලයකට අයත් ප්‍රබන්ධ කතාවක් LJP ගොඩ නගනවා. ගමින් ගම සැරිසරමින් තරඟයට සටන් කරන සටන් කාමියෙකුගෙ චරිතයක් වටා තමයි කතාව ගොඩ නැගෙන්නෙ. ඒත් විශේෂම දේ තමයි පෙර අපි දැක තිබෙන ඒ වගේ චිත්‍රපට වලට වඩා වෙනස්. මේක පරන කාලෙ එකක් උනත් කම්මැලි නැතුව බලා ඉන්න පුළුවන්. උදාහරණෙකට මේකෙ සටන් ක්‍රියාදාම හරිම රසවත් සුන්දර ජවනිකා. ඒ කැමරාකරණය පසුබිම් සංගීතය පමනක් නෙමෙයි ව‍ර් ණ සංකලණය පවා අතිශය සුන්දරයි. මලයි කෝට්ටයි බලකොටුවෙ සටන විශේෂයෙන්ම බලන්න. ඇත්තටම ලස්සන නාඩගමක් වගෙයි. ඒ තමයි LJP.

මේ චිත්‍රපටය බලනකොට හිතෙනවා කෝ අර කේරළයෙ තියෙන හරිත පැහැය කියල. ඇත්තටම මෙහෙමත් කර්කශ කාන්තාර සුන්දර කේරළයෙ තියෙනවාද කියල හිතෙනවා. මේක රූපගත කරල තියෙන්නෙ රාජස්ථාන් ප්‍රාන්තයේ. කොහොම උනත් මේ චිත්‍රපටයෙත් අති විශිෂ්ඨ කැමරාකරණයක් තියෙනවා මධු නීලකන්දන්ගෙ. මෝහන් ලාල් සමග සොනාලි කුල්කර්නි, මනෝජ් මෝසස් කාතා නන්දි මෙහි සෙසු චරිත රඟ පානවා.මේක බලන්නම ඕනෙ එකක්.ලෑස්ති වෙන්න මේ අවුරුද්දෙ මලයාලි සිනමාව එක දිගට සුපිරි චිත්‍රපට රැසක් තිළිණ කරන්න සූදානම්.

මෙම උපසිරැසියේ භාෂා ශෛලිය පුරාණ නාඩගම් ශෛලිය ඇසුරින් කරන්න මම උත්සාහ කලා.මට හැඟෙන හැටියට වඩාත්ම ගැලපෙන්නේ එයයි. ඊට ප්‍රති විරුද්ධ අදහස් ඇති.එය සාර්ථක උනා දැයි දන්නෙ නෑ.අඩු පාඩු ඇතොත් සමා වෙන්න.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.LK හි පලවූ BANDULA K  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

ෆේස්බුක් හරහා මෙම චිත්‍රපටය නැරඹීමට අපගේ Facebook ගෟප් එකට ජොයින් වෙලා මොඩරේට ගන්න ඕන ලමායි …
කරන්න තියෙන්නෙ මෙච්චරයි??

 

පහල ලින්ක් එකෙන් ගිහින් අපේ Facebook ගෘප් එකට ජොයින් වෙන්න ලමායි ??
Link :- Facebook Group

හා හා ජොයින් උනාට විතරක් මදි ?

ඔයා ජොයින් උනාට පස්සෙ මොඩරේට ඉන්වයිට් එකක් එයි අපේ ගෘප් එකෙන් , ඒකත් අනිවාර්යෙන් Accept කරන්න ඕන,

ඊට පස්සෙ අපි පහලින් දීල තියෙන Watch Online ලින්ක් වලින් ගිහින් ඔයාලට Facebook එකෙන්ම ෆිල්ම් බලන්න පුළුවන් ❤?

The post Malaikottai Vaaliban (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/malaikottai-vaaliban-2024-sinhala-subtitles/feed/ 0
Raid (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/raid-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/raid-2023-sinhala-subtitles/#respond Tue, 12 Dec 2023 16:01:04 +0000 https://sinhalasub.life/?post_type=movies&p=62636 Raid Sinhala Sub Raid Sinhala Subtitles Raid (2023) Sinhala Sub Raid (2023) Sinhala Subtitles

The post Raid (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Raid Sinhala Sub
Raid Sinhala Subtitles
Raid (2023) Sinhala Sub
Raid (2023) Sinhala Subtitles

The post Raid (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/raid-2023-sinhala-subtitles/feed/ 0
Tiger Nageswara Rao (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/tiger-nageswara-rao-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/tiger-nageswara-rao-2023-sinhala-subtitles/#respond Fri, 17 Nov 2023 09:58:08 +0000 https://sinhalasub.life/?post_type=movies&p=60657 Tiger Nageswara Rao Sinhala Sub Tiger Nageswara Rao Sinhala Subtitles Tiger Nageswara Rao (2023) Sinhala Sub Tiger Nageswara Rao (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ස්ටුවර්ට්පුරම් නාගේෂ්වර් රාඕ කියන්නේ හොරෙක්. අපි නාගි කියලා කියමුකෝ. පොලිස් වාර්ථාවල තියෙන විදියට නාගි හොරකමක් කරන්න කලින් අනිවාර්යයෙන්ම පොලිසියට අවවාද කරනවා. එයා පොලිසියට අභියෝගයක් කරලා, අදාල තැන ආක්‍රමණය කරලා බඩු […]

The post Tiger Nageswara Rao (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Tiger Nageswara Rao Sinhala Sub
Tiger Nageswara Rao Sinhala Subtitles
Tiger Nageswara Rao (2023) Sinhala Sub
Tiger Nageswara Rao (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ස්ටුවර්ට්පුරම් නාගේෂ්වර් රාඕ කියන්නේ හොරෙක්. අපි නාගි කියලා කියමුකෝ. පොලිස් වාර්ථාවල තියෙන විදියට නාගි හොරකමක් කරන්න කලින් අනිවාර්යයෙන්ම පොලිසියට අවවාද කරනවා. එයා පොලිසියට අභියෝගයක් කරලා, අදාල තැන ආක්‍රමණය කරලා බඩු සොරා ගන්නවා. නාගි හොරෙක් වගේම සල්ලාලයෙක්. නාගි හොරකම් කරන සල්ලි අවට ගණිකා මඩම් පෝෂණය වෙනවා. ස්ටුවර්ට්පුරම් කියනේ නාගේෂ්වර් රාඕ ජීවත් වුණ ගම. මේ ගමේ විශේෂත්වය තමයි, මේ ගමේ වැඩි දෙනෙක් වෘත්තිය විදියට කරේ හොරකම් කරන එක. ව්‍යවස්ථාදායක සභා සමාජික (ඇමති) යෙලමන්දා ස්ටුවර්ට්පුරම් වැසියන්ව විවිධ හොරකම් වල යොදවා ව්‍යාපාර කළා. යෙලමන්දා බඩගින්නෙන් අයුතු ප්‍රයෝජන අරගෙන කරන මේ ව්‍යාපාරයෙන් අසාධාරණ විදියට හොරකම් කළ මුදලෙන් කොටසක් තමන් අරගන්නවා. නාගිට ගමේ තමන්ගේ මිනිස්සුන්ට වෙනසක් ලබා දෙන්න ලොකූ ආසාවක් තිබුණා. ඒ නිසාම යෙලමන්දා බාරගන්න අකැමැති වුණ අසීරු හොරකමක් කරලා නාගිට ස්ටුවර්ට්පුරම්වල බලයක් තනාගන්නවා. මේ විදියට හොරකමේ යන නාගිගේ ජීවිතයට යුවතියක් ඇතුල් වෙනවා. කොහොම හරි නාගි, සාරාගේ සිත දිනාගන්නවා. සාරාගේ තාත්තා යෙලමන්දා දුන්න හොර රත්තරන් වගයක් විකුණලා දෙන්න බාරගත්තත්, දිල්ලියේදි වුණ වැටලීමක් නිසා රත්තරන් කිලෝ කිහිපයක් පොලිසිය භාරයට ගන්නවා. ඉතිරි වටිනාකම ලැබෙනකල් සාරාගේ පවුලට ගමෙන් පිට වීම තහනම් කළා. මේ වගේ තත්වයකදී සාරාව කසාද බන්දන්න ගෙදරින් තීරණය කරනවා. සාරා නාගිව හමුවෙලා පහුවදා උදෙන්ම පැනලා යන්නත් තීරණය කරනවා. පෙම්වතිය එපා එපා කියද්දිම නාගි හොරකමක් කරන්න මැඩ්‍රාස් යනවා. හොරකම කරලා ආපහු එද්දි හතර වටෙන්ම පොලිසිය වට කරලා. කරන්නම දෙයක් නැති තැන නාගි වාහනෙන් බැහැලා වෙනම යන්න තීරණය කරනවා. නාගි කෙලින්ම ගියේ පෙම්වතිය ගාවට. දෙන්නම ගමෙන් පැනලා යන්න හිතන් කෝච්චියට නගින්න හැදුවත් ඊටත් කලින්ම පොලිසිය නාගිව වටකරගත්තා.

ටයිගර් නාගේෂ්වර් රාඕ චිත්‍රපටිය වම්සි විසින් අධ්‍යක්ෂණය සහ රචනය කළා. අභිෂේක් අග්‍රවාල් විසින් නිෂ්පාදනය කළා. GV ප්‍රකාෂ් කුමාර් මීට සංගීතය සපයනවා. මේ චිත්‍රපටය පෑන් ඉන්ඩියන් චිත්‍රපටියක් විදියට නිෂ්පාදනය කෙරුණා. ඒ අනුව හින්දි සිනමාවෙන් ගයාත්‍රී බරද්වරාජ්, නුපුරා සැනොන්, අනූපම් ඛේර් හා තෙළිඟු සිනමාවේ මුරලි ශර්මා, රේණු දේසායි, බෙංගාලි සිනමාවෙන් ජිෂූ සෙන්ගුප්තා, මලයාලම් නළු සුදේව් නායර්, හරීෂ් පේරාඩි, කොලිවුඩයේ නාසර්, අනුකීර්ති වාස්, ආඩුකලම් නරේන් යන නළු නිළියන් රංගනයෙන් දායක් වෙනවා. ගිය වතාවේ සංක්‍රාන්තියට රවි තේජා රඟපෑව Waltair Veerayya (2023) එක්ක බාලයියාගේ Veera Simha Reddy (2023) තරඟ වැදුණා. වෝල්ටර් වීරයියා චිරන්ජීවිගේ චිත්‍රපටියක් නිසා තරඟයෙන් දිනුවා. මේ වතාවේ තෙළිඟු සිනමාවේදි ටයිගර් නාගේෂ්වර් රාඕ එක්ක බාලයියාගේ Bhagavanth Kesari (2023) චිත්‍රපටිය තරඟ වැදුණා. ඒකෙන් නම් විශාල පරතරයකින් ජයග්‍රහණයක් ලැබුණේ භගවන්ත් කේසරිට.

හොරෙක් ගැන Biopic එකක් හදන්නෙ මොකටද? මේක පළමු වතාව නම් නෙවෙයි. නාගේෂ්වර් රාඕගේ ජීවිත කතාව ආශ්‍රිත චිරන්ජීවි Stuvartpuram Police Station (1991), භානු චන්දර් රඟපෑ Stuvartpuram Dongalu (1991) යන චිත්‍රපට දෙකම එකම වසරකදී තිරගත වුණා. ටයිගර් නාගේෂ්වර් රාඕගේ කතාව Stuartpuram Donga : Biopic Of Tiger කියන නමින් බෙල්ලම්කොන්ඩා ස්‍රීනිවාසන්(යූටියුබ් සුපර් ඩුපර් හිට් ස්ටාර්) යොදාගෙන නිර්මාණය කරන්න හිතුවත් නොයෙක් ප්‍රශ්න මැද අතරමඟ නතර වෙනවා. මේ ව්‍යාපෘතිය නිෂ්චිතවම නතර වෙලාද කියන එක කියන්න බැහැ. රවි තේජා මේ ආකාරයේ රොබින් හූඩ් චරිතයක් Kick (2009) චිත්‍රපටියේ රඟපෑවා. නරඹපු අයට අනිවාර්යයෙන්ම මතක් වෙන්න ඇති. ඒ චරිතයට පාදක කරගත්තේ මේ සැබෑ ජීවිතයේ ටයිගර් නාගේෂ්වර් රාඕව. පස්සෙ මේ තෙළිඟු චිත්‍රපටිය භාෂා කිහිපයකින්ම රීමේක් කළා. බලලා නැත්නම් අනිවාර්යයෙන්ම බලන්න කියලා නිර්දේශ කරනවා. ඒ වගේම Krack (2021) චිත්‍රපටියේ රවි තේජා ඉදිරිපත් කළ පොලිස් චරිතය මේ ටයිගර් නාගේෂ්වර් රාඕව අල්ලගත්ත CI මෞලිව ආභාෂයෙන් නිර්මාණය කළ බව චිත්‍රපටයේ අධ්‍යක්ෂක ගෝපිචන්ද් මලිනේනි විසින් ප්‍රකාෂ කළා. රවන්නාගේ කතා තෝරාගැනීම ටිකක් වෙනස්. අත්හදා බැලීමක් වුණත් කැමැත්තෙන්ම බාර ගන්නවා. මේකත් ඒ වගේ සාර්ථක අසාර්ථක භාවය ගැන විශ්වාසයක් තියාගන්න බැරි විදියේ ව්‍යාපෘතියක්. පලමුව අධ්‍යක්ෂකවරයා මේ චිත්‍රපටය රානා ඩගුබාටිව යොදාගෙන්න සිතුවත් ඒ ප්‍රයත්නය අසාර්ථක වෙනවා. ඉන් පස්සෙ නානිව සම්බන්ධ කරගන්න හැදුවත් එයත් ව්‍යර්ථ වෙනවා. රවන්නා Khiladi (2022) චිත්‍රපටයේ රූගත කිරීම් සිදුවන අතරතුරේදි අධ්‍යක්ෂක වම්සි රවන්නාට මේ කතාව කියා තිබෙනවා. මේ කතාව අසා නිම වීමෙන් පසුව ඔහ්ගේ සිත් ගෙන තිබෙනවා. මුල ඉඳන්ම මේ චිත්‍රපටිය ගැන වැඩි බලාපොරොත්තු ඇති වුණේ නැහැ. මොකද ඒකට ප්‍රධානම හේතුව මේ අධ්‍යක්ෂක වරයාගේ මීට පෙර චිත්‍රපට වුණ Dongata (2015) සහ Kittu Unnadu Jagartha (2017) සාමාන්‍ය මට්ටමේ චිත්‍රපට වීම නිසා. චිත්‍රපටියේ සඳහන් වෙන හැමදෙයක්ම ඇත්තම දේවල් නෙවෙයි. සිනමාත්මක නිදහස නිසා වාණිජමය නිමාවක් වෙනුවෙන් නොයෙක් අංග එකතු කරලා තියෙනවා. චිත්‍රපටයේ නාගේෂ්වර් රාඕගේ චරිතය අළු පැහැ චරිතයක්. ඒ කියන්නේ හොඳ සහ නරක දෙකම මිශ්‍ර වුණ චරිතයක්. ඇත්තටම මේ චිත්‍රපටියේ කාලය සිනමා වින්දනයට බාධාවක් නිසාම දෙවන දිනයේදීම විනාඩි 25ක් පමණ කපා ඉවත් කරනු ලැබුවා.

සත්‍ය සිදුවීම් පිළිබඳ කටකතා.

ඇත්තටම ස්ටුවර්ට්පුරම් හොරකමට, හොරුන්ට නම ගිය, ලේබල් ගහපු ප්‍රදේශයක්. (ශ්‍රී ලංකාවේ නම් මල්වානේ රඹුටන්, රුහුණේ මී කිරි… වගේ) වර්ථමානයේ නම් මේ තත්වය ගොඩාක් වෙනස් වෙලා. ඒ කාලයේ මේ ගමේ හොරුන් 200කට වඩා ජීවත් වුණා කියලා කියනවා. මේ ගම බිහි වෙන්න ප්‍රධනම හේතුව 1913දි මදුරාසි පරිපාලන ඒකකයේ සිදු වුණ වෙනස් වීම. යෙරිකුලා ගෝත්‍රිකයන් බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ බූරුවන් යොදාගෙන මැඩ්‍රාස් වෙත වෙළඳාමේ ගිය කැලයේ ජීවත් වුණ ජන කොට්ඨාසයක්. බ්‍රිතාන්‍යයන් දුම්රිය ආරම්භ කර ඒ මඟින් බඩු ප්‍රවාහනය කිරීම නිසා ඔවුන්ගේ ජීවන මාර්ගයට තර්ජනයක් එල්ල වුණා. වන සංරක්ෂණ නියාමන නිසාවෙන් කැලෑවේ ගොවිතැන් කිරීමත් තහනම් කෙරුණා. ඒ වගේම මේ ගෝත්‍රික ජනයා කැලය මැදින් ගමන්ගත් බ්‍රිතාන්‍යයන්ට පහර දීම්, මංකොල්ල කෑම් සිදුකර තිබෙනවා. ඒ නිසා ගෝත්‍රික ජනයින්ව මැඩ පැවැත්වීමේ පිළිවෙතක් බ්‍රිතාන්‍යයන් අනුගමනය කළා. නොකරපු වැරදි වලට දඬුවම් කිරීමයි වැඩිපුරම වුණේ. මේකෙන් හොරකම් තවත් අධිකව ව්‍යාප්ත වෙන්න ගත්තා. පාලනය කරන්නම බැරි තැනකට පත් වෙද්දී 1913 හැරොල්ඩ් ස්ටුවර්ට් කියන පාලන ඒකකය භාර ලේඛම් මෙයාලව සාමාන්‍ය ජන ජීවිතයකට හරවන්න හිතුවා. ඒ වෙනුවෙන් Madras Government Tobacco කියන කර්මාන්ත ශාලාවේ මේ යෙරිකුලා ගෝත්‍රික ජනයාව ගෙන්වාගෙන සේවයේ යෙදෙව්වා. මේකට පිළියමක් විදියට මේ ජනයාව හොරුන් විදියට ජනපදයක් පිහිටුවලා පදිංචි කරවනවා. මේ ගම නිර්මාණය කළේ හැරොල්ඩ් ස්ටුවර්ට් නිළධාරියා නිසා මේ ගමට “ස්ටුවර්ට්” කියන නම ලැබුණා. පස්සෙ කලකදී මේ නම “ස්ටුවර්ට්පුරම්” විදියට වෙනස් වෙනවා. වතුර හිඟ නිසාත්, පස නිසරු වීම නිසාත් මේ කොලනිය ගොවිතැනට නුසුදුසු වුණා. කරන්නම බැරි තැන ආයෙත් මෙයාලා හොරකම් කරන්න ගත්තා. පුංචි හොරකම්, කොල්ලකෑම් වලට හැරවුණා. ඊට පස්සේ මේ ගම හොරකමට නම ගිය ප්‍රදේශයක් විදියට ප්‍රසිද්ධ වෙන්න ගත්තා. මේ ගමේ ගරික නාගේෂ්වර්, ගරික ප්‍රසාද්, ගරික ප්‍රභාකර් යන සහෝදරවරු තිදෙනෙක් වාසය කළා. නාගේෂ්වර්ට කලින්ම ප්‍රභාකර් හා ප්‍රසාද් හොරකමේ යෙදුණා. නාගේෂ්වර් කුඩා වයසෙදිම එයාගේ මාමාගේ දුව එක්ක විවාහ වුණා. මේ කාලයේ නාගේෂ්වර් දුප්පත් කමින් මිරිකී සිටිය නිසාවෙන් එයාටත් හොරකමේ යන්න සිද්ධ වුණා. නාගේෂ්වර් රාඕගේ වැරදි වලට එයාගේ බිරිඳටත් සිර දඬුවම් විඳින්න සිදු වුණා. සිරේ සිටියදීම නාගේෂ්වර් රාඕගේ බිරිඳ දියණියක් ප්‍රසූත කරනවා. මේ සමයේ අදේවවාදියෝ වන හේමලතා ලවනම් හා ඇයගේ සැමියා ලවනම් මේ ස්ටුවර්ට් ගම වෙනස් කරන්න යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කළා. ඒ නිසාවෙන් ගම්වැසියන් කෙටි කාලයකට හොරකම් ආදිය නතර කරනවා. තමන්ගේ දියණිය ගැන හිතලා හොරකම් කිරිල්ල නතර කරන්න නාගේෂ්වර් රාඕ තීරණය කරනවා. ඒ වගේම මුළුමනින්ම සොරකම් නතර කරලා දානවා. ඒ වුණත් ප්‍රාන්තයේ මොන විදියේ හොරකමක් සිද්ද වුණත් නාගේෂ්වර් රාඕ සහ ස්ටුවර්ට්පුරම් ගම්වාසීන්ව සැක කරා. එයාලව අත්අඩංගුවට අරගෙන දඬුවම් කරා. ඊට පස්සෙ ආයෙත් නාගේෂ්වර් රාඕ හොරකම් කරන්න පටන් ගත්තා. ඒ වගේම නාගේෂ්වර් රාඕට තියුණු බුද්ධියක් තිබුණා. 1970 – 1980 දශකයේ නාගේෂ්වර් පොලිසියට නින්දක් ලැබෙන්නෙ නැති විදියට හොරකම් කරන්න ගත්තා. ඊටත් විශේෂම කාරණය තමයි, මෙයා ධනවතුන්ගේ සල්ලි හොරකම් කරලා දුප්පතුන් අතරේ බෙදලා දුන්නා. ඒ නිසා මෙයාට “ස්ටුවර්ට් රොබින්” කියන නම පටබැඳුනා. මේ නිසා ඔහු ජනතාව අතරේ වඩා ප්‍රචලිත වුණා. එයාගේ අයියා ප්‍රභාකර් මේ හොරකම් වලට සහය දුන්නා. නාගේෂ්වර් සොරකම් කර ලබාගන්නා ධනය නිවෙසට වඩා ජනයාට බෙදා දුන් බව ඔහුගේ ඥතීන් කියනවා. ආන්ද්‍රා, තෙලංගානා, තමිල්නාඩු, කේරළා, කර්නාටක ප්‍රාන්තවල හොරකම් කර තිබුණත් සාක්ෂි සමඟින් අත්අඩංගුවට ගන්න බැරිවෙලා තියෙනව. ආන්ද්‍රා පොලිසිය ඔහුට “ගජ දොන්ගා”(අලි හොරා) කියන නම දැම්මා. එක වතාවකදී නාගේෂ්වර් රාඕ පොලිසියට අහුවෙනවා. මෙයාව මැඩ්‍රාස් මධ්‍යම බන්ධනාගාරයේ සිරගත කරනවා. කෑම හොඳ නැති නිසා බන්ධනාගාරයෙන් පලායාමෙන් එයාට ටයිගර් කියන නම එක් වෙනවා. ඒ වුණත් එයා කිසිම මිනී මැරුමක් සිද්ද කරේ නැහැ කියලයි සඳහන් වෙන්නේ. පොලිසියෙන් පලයමින් ඉන්න මෙයාලා කොහේ හරි ගමක හැංගුනාම ඒ ගමේ මිනිස්සු මෙයාලව හංගලා තියාගන්නවා වගේම කවුරුවත් මෙයාලා ගැන පොලිසියට ඔත්තු දීලා නැහැ. මේ ඔක්කොටම වඩා පොලිසිය කුපිත කෙරෙව්වේ බනගානාපල්ලි බැංකුවේ සිද්ද වුණ හොරකම. මොකද ඒ බැංකුව තිබුණේ හරියටම පොලිසිය ඉස්සරහමයි. හොරකම් කරපු මේ වස්තුව ඉ.රු. ලක්ෂ 35ක මුදලක් හා ඉ.රු. 50, 000ක් වටිනා ස්වර්ණාභරණ කිලෝ 14ක්. උද්ධමනය ගලපලා බලද්දි ඒ කාලයේ වටිනාකමින් ඉ.රු. ලක්ෂ 35 කියන්නේ අද මුදලින් ඉ.රු. කෝටි 13ක්. මේ හොරකමේදි කිසිම ශබ්දයක් පිටතට ඇහිලා නැහැ. මේ සැලැස්මේ මහ මොළකරු නාගේෂ්වර්ගේ අයියා ප්‍රභාකර්. මේ හොරකම කළේ ටයිගර් කියලා පොලිසිය දැනගත්තේ බීඩි කෑල්ලකින්. යන තැන බීඩි බීලා කොට කෑලි බිම දාන එක මෙයාලගේ වැරැද්දක්. මොකද බීඩි අන්තර්ජාතික මට්ටමෙන් නිෂ්පාදනය කරන්නෙ නැහැනේ. නාගේෂ්වර් රාඕ කරපු ලොකුම වැරැද්ද තිරුපති ආසන්නයේ චක්‍රවර්ති නම් කෙනෙගුගේ නිවසේ හොරකමක් කරන්න සැලසුම් කළා. ඒ ගෙදර කාර් 10 -15ක් විතර තියෙනවා දැනගන්න ලැබුණේ ගියාට පස්සෙදියි. මෙයාලා කාර් හොරකම් කරගෙන ගිහින් පාර හරස් කරලා මගීන් ගෙන ගිය බස් එකක් නතර කරනවා. බස් එකේ හිටිය මගීන්ගේ මුදල්, ආභරණ ආදිය පැහැරගෙන, මේ මංකොල්ලය ගැන එයාලම පොලිසියට දැනුවත් කරලා තියෙනවා. පොලිසිය මාර්ග බාධක දමා කාර් එකෙන් පැනලා යන ටයිගර් නාගේෂ්වර් රාඕව ලුහුබඳින්න පටන් ගත්තා. පොලිස් වෙඩි ප්‍රහාර වලින් එයාගේ යාළුවා ජේකබ් මිය යනවා. ගමන් ගත්ත කාර් එකට වෙඩි වැදී හානි වීම නිසා නාගේෂ්වර් රාඕ කැලයකට පලා යනවා. ඒ වගේම නාගේෂ්වරගේ කල්ලියේ හිටිය ඔත්තුකරුවෙක් දිගින් දිගටම CI මෞලිට ඔත්තු සපයා තියෙනවා. හැංගිලා හිටිය නාගේෂ්වර් රාඕට, එයා අඳුනන යුවතියක් මාර්ගයෙන් මත් බෙහෙත් මිශ්‍ර කිරි බොන්නට දී ඔහුව අල්ලා ගන්නවා. 1980 දී නාගේෂ්වර් රාඕව එන්කවුන්ටර් කර වෙඩිතබා ඝාතනය කරා කියලයි සඳහන් වෙන්නෙ. ඒ වෙද්දි නාගේෂ්වර්ට අවුරුදු 27යි. එන්කවුන්ටර් කියන්නේ සිරභාරයේ ඉන්න රැඳෙවියන් ප්‍රවාහනයේ සිටියදී ඔවුන් පලායාම හෝ පහර දීම වැලැක්වීම වෙනුවෙන් ගන්න ආරක්ෂක උපක්‍රම වලදී අවසන් පියවර ලෙස ඝාතනය කිරීම. ඒ වුණත් මේ ක්‍රමය නිසාවෙන් බොහෝ නීතිවිරෝධී ඝාතනය කිරීම් සිදුකරලා තියෙනවා. එන්කවුන්ටර් කියන වචනය සාමාන්‍යයෙන් ඉන්දීය චිත්‍රපටි නරඹන කාටත් බහුලව ඇහෙන වචනයක්. මේ ගැන නොතේරෙන අයට මේකෙන් පැහැදිලි කිරීමක් ලැබෙන්න ඇති. මතින් සිටියත්, වෙඩි වැදී තිබුණත් නාගේෂ්වර් ‍රාඕ ආයෙමත් පොලිසියෙන් පලා ගියා කියලත් ඊට එහා ටික දුරකදි බිම ඇදවැටී හිටිය බවත් සඳහන්. නාගේෂ්වර් රාඕගේ මරණයෙන් පස්සෙ ජනතාව වීදි බසින්න ගත්තා. ඒ අනුව පොලිසිය විසින් වෙඩි තබා ඝාතනය කරා කියලා ප්‍රකාෂයක් කළා. ඔහුගේ අවසන් කටයුතු වලට සහභාගී වීමට පැමිණි ජනයාව පාලනය කිරීමට දින තුනක් ගත වුණා කියලත් සඳහන් වෙනවා. ගම්මුන් නාගේෂ්වර්ගේ නිවස ඉදිරියේ ඔහුගේ ඡායාරූපයක් එල්ලලා තිබෙනවා.

ටයිගර් නාගේෂ්වර් රාඕ.

රවන්නාගේ මීට පෙර නිකුත් වුණ චිත්‍රපටිය Ravanasura (2023) අසාර්ථක වුණා. ඉස්සරහට එන්න තියෙන චිත්‍රපටියකින් ආයෙත් ඉක්මනින්ම හිට් එකක් ගහන්න පුළුවන් වේවි කියලා හිතනවා. කාර්තික් ගට්ටමනේනී අධ්‍යක්ෂණය කරන Eagle (2024) ලබන වසරේ ජනවාරි මස 13 දින සංක්‍රාන්තියට සමඟාමීව නිකුත් කෙරෙනවා. 2024 සංක්‍රාන්තියට මේ වෙද්දි මහේෂ් බාබුගේ Guntur Kaaram, රවි තේජාගේ Eagle, නාගර්ජුනාගේ Naa Saami Ranga, වෙන්කටේෂ්ගේ Saindhav, විජේ දේවරකොන්ඩාගේ Family Star යන චිත්‍රපටි තෙළිඟු වලින්ම පෙළ ගැහිලා තියෙන්නෙ. මේ විතරක් නෙවෙයි කොලිවුඩයෙන් ධනුෂ්ගේ Captain Miller, ශිවකාර්තිකේයන්ගේ Ayalaan, රජිණිකාන්ත් විශේෂ පෙනීසිටීමක් ඉදිරිපත් කරන Laal Salaam, සුන්දර් සීගේ Aranmanai 4, කියන චිත්‍රපටි තරඟවැදීමට නියමිතයි. එහෙම නැත්නම් සිනමාශාලා බෙදා ගනිද්දි ලොකු ගැටලුවක් ඇති වේවි. සමහරවිට මෙතනින් චිත්‍රපටි කීපයක දින වෙනස්වෙන්න පුළුවන්. ඊගල් චිත්‍රපටයේ අධ්‍යක්ෂක කාර්තික් ගට්ටමනේනී Karthikeya, Karthikeya 2, Disco Raja, Dhamaka, Awe, Ninnu Kori යන චිත්‍රපටවල කැමරාකරණය කර තිබෙනවා. සුපුරුදු විදිහටම මේකත් අත්හදා බැලීමක් වෙන්න ඇති. මේ නිසාම තමයි සිනමා කර්මාන්තයේ රවි තේජාට මේ තරම් ගෞරවයක් ලබා දෙන්නේ. ඒ වගේම RT4GM(තාවකාලිකව) මඟින් ගෝපිචන්ද් මලිනේනි හා රවි තේජා 4වන වතාවටත් එක් වනවා. රවි තේජාගේ Don Seenu (2010), Balupu (2013), Krack (2021) චිත්‍රපට ඔහු විසින් අධ්‍යක්ෂණය කරනු ලැබුවා. රවි තේජා සමඟින් රෂ්මිකා මන්දන්නෑ, සෙල්වරාඝවන්, ඉන්දුජා රවිචන්ද්‍රන් යන අය රඟපානවා. ගොඩක් දුරට ලබන වසරේදී මේ චිත්‍රපටිය දකින්න වාසනාව ලැබෙයි. ප්‍රේක්ෂකයින් මේ රවි තේජා සහ ගෝපිචන්ද් මල්ලේනිගේ එක් වීම ගැන ගොඩක් බලාපොරොත්තු තියාගෙන ඉන්නේ. මේ චිත්‍රපටයට ද මෑන්(තාමන්) සංගීතය අධ්‍යක්ෂණය කරනවා. අනිල් රවිපුඩි අධ්‍යක්ෂණය කළ Raja The Great (2017) චිත්‍රපටයේ දෙවන් කොටස ලෙස Raja 2 The Great නිර්මාණය කරන බවට සඳහන් වෙනවා. හරීෂ් ශංකර් එක්ක Raid හින්දි චිත්‍රපටිය රීමේක් කිරීමට සූදානමක් තියෙනවා. මේ ව්‍යාපෘතිය තවම නිළ වශයෙන් දැනුවත් කරලා නැහැ. හරීෂ් මීට පෙර රවි තේජාගේ Shock (2006), Mirapakay (2011) චිත්‍රපට අධ්‍යක්ෂණය කළා.

ටයිගර් නාගේෂ්වර රාඕට ලබා දී ඇති Imdb අගය 6.9/10 ක්. ප්‍රේක්ෂකයින්ගේ මිශ්‍ර ප්‍රතිචාර හා විචාරකයන්ගේ සෘණාත්මක ප්‍රතිචාර මීට ලැබුණා. කොහොම වුණත් මේ වෑයම ප්‍රතිචාර වශයෙන් වගේම ආදායම් වශයෙන්ද ආසාර්ථක වුණා.

එහෙනම් ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා මේ චිත්‍රපටය රසවිඳින්න…

බුදු සරණයි! සියලු දෙවි දේවතාවුන්ගේ රැකවරණයි!

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ රවිඳු නවින් සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Tiger Nageswara Rao (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/tiger-nageswara-rao-2023-sinhala-subtitles/feed/ 0