Harish Kalyan Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/harish-kalyan/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 25 Nov 2024 10:19:24 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Harish Kalyan Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/harish-kalyan/ 32 32 Lubber Pandhu (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/lubber-pandhu-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/lubber-pandhu-2024-sinhala-subtitles/#respond Mon, 25 Nov 2024 09:15:43 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=82488 Lubber Pandhu Sinhala Sub Lubber Pandhu Sinhala Subtitles Lubber Pandhu (2024) Sinhala Sub Lubber Pandhu (2024) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ […]

The post Lubber Pandhu (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Lubber Pandhu Sinhala Sub
Lubber Pandhu Sinhala Subtitles
Lubber Pandhu (2024) Sinhala Sub
Lubber Pandhu (2024) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Lubber Pandhu (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/lubber-pandhu-2024-sinhala-subtitles/feed/ 0
Let’s Get Married (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/lets-get-married-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/lets-get-married-2023-sinhala-subtitles/#respond Tue, 08 Oct 2024 01:40:50 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=55101 Let’s Get Married Sinhala Sub Let’s Get Married Sinhala Subtitles Let’s Get Married (2023) Sinhala Sub Let’s Get Married (2023) Sinhala Subtitles සුභ දවසක් හෑමෝටම!! කොහොමද හැමෝටම, ඔන්න මේ චිත්‍රපටය තමයි ජුලි මස 28 දින සිනාමහල් වලට දිගහැරුන LGM – Let’s Get Married කියන දමිළ චිත්‍රපටය.. මේක Romance | Comady ඝනයට අයිති වෙනවා..කාලෙකින් ලස්සන Entertainment […]

The post Let’s Get Married (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Let’s Get Married Sinhala Sub
Let’s Get Married Sinhala Subtitles
Let’s Get Married (2023) Sinhala Sub
Let’s Get Married (2023) Sinhala Subtitles

සුභ දවසක් හෑමෝටම!!

කොහොමද හැමෝටම, ඔන්න මේ චිත්‍රපටය තමයි ජුලි මස 28 දින සිනාමහල් වලට දිගහැරුන LGM – Let’s Get Married කියන දමිළ චිත්‍රපටය.. මේක Romance | Comady ඝනයට අයිති වෙනවා..කාලෙකින් ලස්සන Entertainment චිත්‍රපටයක් බලන්න ඔන්න අපිට අවකාශය ලැබිලා තියෙනවා… මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Ramesh Thamilmani විසින් සහ මේක ඔහුගේ පළවෙනි චිත්‍රපටය ද වනවා. මේකේ නිෂ්පාදනය කටයුතු කරලා තියෙන්නේ සුපිරි ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක MS දෝණීගේ Dhoni Entertainment කියන ප්‍රඩක්ෂන් කම්පැනිය විසින්..කොහොමහරි දෝණී නිෂ්පාදනය කරන පළවෙනි චිත්‍රපටයම දමිළ චිත්‍රපටයක් වීමද විශේෂත්වයක්..හරි එහෙනම් කවුද නළු නිළියෝ කියලා බලමු.. මේකට රංගනයෙන් දායක වෙනවා Harish Kalyan, Ivana, Nadhiya, Yogi babu සහ VTV Ganesh කියන රංගන ශිල්පීන්..

හරි කථාව ගැන කෙටියෙන් යමක් කියන්නම්…

චිත්‍රපටය පටන් ගන්නකොටම පෙන්නවා මීරා සහ ගෞතම් කියන්නේ අවුරුදු දෙකක් තිස්සේ ආදරය කරපු ජෝඩුවක් කියලා, නමුත් මීරා ගෞතම් එක්ක යාළු වෙන්න කලින් එයාට කෝන්දේසියක් දාලා තියෙනවා ඒක තමයි “අපි කසාඳ බදිනවා නම් බදින්නේ අවුරුදු දෙකක් ආශ්‍රය කරලා බලලා” කියලා..අවුරුදු දෙක ඉවර උනාට පස්සේ ගෞතම් මීරාට විවාහ යෝජානවක් කරනවා..ඒකට මීරා කැමති වෙනවා..පස්සේ ගෞතම්ගේ ගෙදර අය යනවා මනමාළි බලන්න..ඔතන තමයි ෆිල්ම් එකේ ටර්නින් පොයින්ට් එක කියන්න පුළුවන්..ඒ කියන්නේ ගෞතම්ගේ අම්මා කියනවා මීරාට “කසාඳෙන් පස්සේ මං ඔයාව මගේම දුවක් වගේ බලා ගන්නම්” කියලා..ඒකට මීරා කැමති වෙන් නෑ..ඒ කියන්නේ මීරාට ඕනේ කසාඳෙන් පස්සේ ගෞතම් එක්ක තනියම ඉන්න..ටික දවසකට පස්සේ මීරා තීරණය කරනවා තමන්ගේ අනාගත නැන්දැම්මා කොහොම කෙනෙක්ද කියලා තීරණය කරලා කසාඳ බදිනවා කියලා..ඒකට මෙයාලා කරන්නේ පවුල් දෙකම එකතු වෙලා ට්‍රිප් එකක් යන එක..ඊට පස්සේ මොකද වෙන්නේ? ආය මොකුත් මං කියන්න යන් නෑ..ඔයාලම අරන් බලන්න… හිනාවෙවී පැය දෙකහාමරක් බලමු නේද එහෙනම්?

හරි එහෙනම් මෙ ලස්සන ෆිල්ම් එක පහලින් Download කරන් බලන්න කියලා ඔයාල හැමෝටම ආරාධනා කරන ගමන් දැනට ගිහින් එන්නම්…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ දිලිප මධුෂාන් සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Let’s Get Married (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/lets-get-married-2023-sinhala-subtitles/feed/ 0
Parking (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/parking-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/parking-2023-sinhala-subtitles/#comments Sun, 07 Jan 2024 04:40:41 +0000 https://sinhalasub.life/?post_type=movies&p=64102 Parking Sinhala Sub Parking Sinhala Subtitles Parking (2023) Sinhala Sub Parking (2023) Sinhala Subtitles ඊෂ්වර් අවුරුදු 28ක,IT සමාගමක් වැඩ කරන තරුණයෙක් . එයාගේ බිරිඳ ආතිකා .එයාට ළමයෙක් ලැබෙන්න ඉන්නේ . මේ දෙන්නා කසාද බැඳලා තියෙන්නේ ගෙවල් දෙකේම අකමැත්තෙන් .ඒ නිසා ඊශ්වරගේ අම්මා ඇරෙන්න මේ අයට වෙන කා එක්කවත් සම්බන්ධයක් නෑ . ළමයෙක් ලැබෙන්න ඉන්න නිසාවත් […]

The post Parking (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Parking Sinhala Sub
Parking Sinhala Subtitles
Parking (2023) Sinhala Sub
Parking (2023) Sinhala Subtitles

ඊෂ්වර් අවුරුදු 28ක,IT සමාගමක් වැඩ කරන තරුණයෙක් . එයාගේ බිරිඳ ආතිකා .එයාට ළමයෙක් ලැබෙන්න ඉන්නේ . මේ දෙන්නා කසාද බැඳලා තියෙන්නේ ගෙවල් දෙකේම අකමැත්තෙන් .ඒ නිසා ඊශ්වරගේ අම්මා ඇරෙන්න මේ අයට වෙන කා එක්කවත් සම්බන්ධයක් නෑ . ළමයෙක් ලැබෙන්න ඉන්න නිසාවත් එයාගේ දෙමව්පියෝ එයාට කතා කරයි කියලා හිතුවත් ඒ අයකතා කරන්නේ නෑ .ඒ මොන දේ වුනත් ඊශ්වර් හැමවෙලේම ආතිකාව සතුටින් තියන්න උත්සහ කරන හොද සැමියෙක් .

මේ දෙන්නා චෙන්නායි වල කුලියට පදිංචි වෙන්න එනවා.ඒ අය පදිංචියට එන ගෙදරට පහල ගෙදර ඉන්නේ ඉලම්පරුතියි,එයාගේ දුවයි, බිරිඳ යි. ඉලපරුති කියන්නේ කලෙක්ටර් කෙනෙක් .මෙයා කාගෙන්වත් පගාව ගන්නේ නැති,නීතියට වැඩ කරන රජයේ සේවකයෙක් . මොනා උනත් ඉලම්පරුති ලෝබ ,අහංකාර,ගෞරවය ගැන ගොඩක් හිතන කෙනෙක් .එයා ගෙදරට ඕන බඩුවක්වත් ගේන්නේ නෑ ,කැඩුනොත් ඒක හදලා ආයෙම පාවිච්චි කරන්න කියනවා. ඉලම්පරුති ගෙදරට වියදම් කරන්නේ නැති එකට හේතුව විදියට කියන්නෙ එයා දුවගේ කසාදෙට ඉතුරු කරනවා කියලා. ඉලම්පරුතිට ගොඩක් පරණ බයිසිකලයකුත් තියෙනවා.

ඉලම්පරුති එතන පදිංචියට ඇවිල්ලා අවු10 ක් තිස්සේ ,ගෞරවයෙන් ජීවත් වෙන කෙනෙක් .කොහොම හරි මේ දෙගොල්ලා මාස කීපයක් සහයෝගයෙන් ඉන්නවා.ඊශ්වර් ටික කාලයක් යනකොට ආතිකා වෙනුවෙන්ම අලුත් කාර් එකක් ගන්නවා .එතනින් පස්සේ තමයි ප්‍රශ්න පටන් ගන්නේ .කාර් එකයි බයික් එකයි නවත්තන්න මේ ගෙවල් දෙකට ම තියෙන්නේ එක තැනයි. ඒත් එතන කාර් එකයි බයික් එකයි දෙකම නවත්තන්න ටිකක් අමාරුයි .එතනින් පස්සෙර් මොකද වෙන්නේ කියලා ෆිල්ම් එක බලලම දැනගන්න .

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ චමේලි ඒකනායක  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Parking (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/parking-2023-sinhala-subtitles/feed/ 1
Jersey (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/jersey-2019-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/jersey-2019-sinhala-subtitles/#respond Fri, 20 Oct 2023 09:22:02 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=57723 Jersey Sinhala Sub Jersey Sinhala Subtitles Jersey (2019) Sinhala Sub Jersey (2019) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ” ඔබේ සිහිනය හඹායන්න කෙතරම් කටුක වුවත්.. කෙතරම් බාධා මැද වුවත්.. සමහරුන් අවලාද නගාවි.. සමහරුන් ඔබව ප්‍රතික්ෂේප කරාවි.. ඒත් අත්නොහරින්න.. හඹායන්න ඔබේ සිහිනය ඔබ තවත් ප්‍රමාද නැත “ ක්‍රිකට්..අපි පුංචි කාලෙ ඉදම්ම මේ වෙනකම්ම අත්නොහැරපු ක්‍රීඩාවක්.මැච් බලන එකයි […]

The post Jersey (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Jersey Sinhala Sub
Jersey Sinhala Subtitles
Jersey (2019) Sinhala Sub
Jersey (2019) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

” ඔබේ සිහිනය හඹායන්න

කෙතරම් කටුක වුවත්..

කෙතරම් බාධා මැද වුවත්..

සමහරුන් අවලාද නගාවි..

සමහරුන් ඔබව ප්‍රතික්ෂේප කරාවි..

ඒත් අත්නොහරින්න..

හඹායන්න ඔබේ සිහිනය

ඔබ තවත් ප්‍රමාද නැත “

ක්‍රිකට්..අපි පුංචි කාලෙ ඉදම්ම මේ වෙනකම්ම අත්නොහැරපු ක්‍රීඩාවක්.මැච් බලන එකයි ක්‍රිකට් ගහන එකයි නොකරන කොල්ලෙක් හොයා ගන්න එකනම් අද කාලෙ දුර්ලභ දෙයක්.ඒ තරමටම ක්‍රිකට් අපේ ජීවිතේට ලං වෙලා.

සමහර අය ඉන්නව ක්‍රිකට් තමන්ගෙ ජීවිතේ අරමුණ කරගෙන.ඉතින් ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙන එක , ඒ හරහා දිගුගමනක් ඇවිත් ජාතික කණ්ඩායම නියෝජනය කරන එක, මේ දේවල් ලේසි නෑ.. ලොකු කට්ටක් කන්න ඕනි වගේම දේශපාලන බලපෑම්, සල්ලි බලය වගේ දේවල් වල මැදිහත් වීම් එක්ක දක්ෂතාවයට තැනක් නැති වී තිබීමත් මහත් ව්‍යසනයක්.

හිතන්න..නොයෙකුත් අපහසුතා එක්ක,පවුලෙන් වෙන බලපෑම් එක්ක යම් අවස්ථාවක් ඒවි ක්‍රිකට් සිහිනය අතරමග නවතන්න වෙන..ඒත් ප්‍රකෘති මානසිකත්වයකින් ජීවත් විය හැකිද ?..

හරි එහෙනම් ෆිල්ම් එක පැත්තට හැරෙමු… 2019 අවුරුද්දේ අප්‍රේල් 19 වෙනිදායින් තිරගත කිරීම ආරම්භ කල මේ තෙලිඟු සලරුව ඉතා සාර්ථක අන්දමින් ලොවපුරා තිරගත වුනා.ඒ වගේම Blockbuster වුනු ෆිල්ම් එකක් විදියට 2019 වර්ෂයේ තිරගත වූ චිත්‍රපට අතුරින් දකුණු ඉන්දියාවේ ඉහළම Box Office ආදායමක් ලබා ගත් චිත්‍රපට අතර 10 වන ස්ථානයේත් මේ වන විට පසු වෙනවා.

සාමාන්‍යයෙන් තෙලිඟු සිනමාපටයකට ලේසියෙන් නොලැබෙන විදියෙ 8.5/10 ක IMDB අගයකුත් මේ සඳහා හිමි වී තිබෙනවා.Drama / Sport වර්ගයට අයත් මේ චිත්‍රපටය Gowtam Tinnanuri ගේ අධ්‍යක්ෂණයක්..ඒ වගේම Anirudh Ravichanderගේ සංගීතයෙන්..Suresh Naga Vamshi ගේ නිශ්පාදනයෙන් නිම වී තිබෙනවා.

චිත්‍රපටයේ රංගනදායකත්වයන් ගැන කතා කලොත් ප්‍රධාන නලුවාගේ කාර්යභාරය ඉටු කරන්නේ තෙලිඟු සිනමාවේ Natural Star ⭐ ලෙසින් හඳුන්වන වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම විශිෂ්ඨ ගනයේ රංගන කුසලතාවයකට හිමිකම් කියන Nani විසින්.ප්‍රධාන නිලිය ලෙසින් එක් වන්නේ තෙලිඟු සිනමාවට තවමත් කෝඩුකාර වගේම පලමු වතාවට ප්‍රධාන නිලියක් ලෙසින් තෙලිඟු සිනමාවට එක්වන හුරුබුහුටි හැඩකාරිය Shraddha Srinath විසින්..මීට අමතරව Sathyaraj,Sampath Raj වගේ අපට නිතර හමුවන නලු නිලියන් රැසක් මීට එක් වී තිබෙනවා..

ඉතින් නානිගෙ ලොකු රසිකයෙක් විදියට මම මෙහි නානිගෙ රංගනය ගැන නම් විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනි..මේ චිත්‍රපටය තිරගත වුනු දිනයේම ඔයාල දකින්න ඇති තෙලිඟු සිනමාවේ තවත් සුපිරි නලිවෙක් වෙන අල්ලු අර්ජුන් පවා සමාජ ජාල හරහා නානිගේ රංගනය පැසසුමට ලක් කරල තිබ්බා.විජේ දේවරකොන්ඩා වගේ නැගී එන නලුවො ඇතුලු ගොඩක් අය මේ ගැන සඳහන් කරල තිබ්බා..ඉතින් මාත් දකින විදියට නානිගෙ වෙනස්ම වගේම රංගනදිවියේ හොඳම රංගනය මේ චිත්‍රපටය හරහා ඔයාලට බලා ගන්න පුලුවන් වෙයි.

හරි මං පොඩ්ඩක් මතක් කරන්නම් කතාව ගැන..කතාව පටන් ගන්නකොටම තරුණයෙක් පොත් සාප්පුවකට ගිහින් ” jersey ” විදියට නම සඳහන් පොතක් ගන්නවා..එතකොට ඒ පොතම ගන්න එන ගෑනු ලමයෙක්ට ඒ පොත ගන්න බැරි වෙනවා..මොකද අර තරුණයා අරන් තිබ්බේ අවසාන කොපිය නිසා..ඒත් කොහොමහරි එයා ඒ ගෑනු ලමයට පොත දීල කියනවා ඒ පොතේ සඳහන් වෙන්නේ

තමන්ගෙ තාත්තා ගැන කියලා..එතනින් මේ කතාව අතීතයට දිව යනවා..

අර්ජුන්..රංජි කුසලාන ප්‍රාන්ත ක්‍රිකට් තරඟාවලිය කලඹපු විශිෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයෙක්..

මෙතැන් පටන් ඔහුගේ කතාව බලන්න ඔබට අවසරයි..

ඉතින් මං උඩදි කියපු කරුණු කොහොමද මේ කතාවට ගැලපෙන්නේ කියනවනම් අර්ජුන් හඹා යන ක්‍රිකට් සිහිනයත් මල් පලසකින් යන ගමනක් නෙමෙයි..ඒත් ජීවිතේ හීන හඹා යන්න ඔබට ඔහු කියාදෙවි.

එහෙනම් ආරාධනා කරනවා හැමෝටම අනිවාරෙන්ම නරඹන්න මේ තෙලිඟු සලරුවත් ඔබට එය බොහො පාඩම් කියාදේවි…

ගිහින් එන්නම් එහෙනම් තවත් ෆිල්ම් එකකින් හමුවනතුරු ඔබට ජය ✌

ප්‍රමාද නැත

හඹා යන්න ඔබේ සිහිනය

~ ජයගන්න ජීවිතය..ජයගන්න ලෝකය ~

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ මදුශාන් ප්‍රියන්කර සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Jersey (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/jersey-2019-sinhala-subtitles/feed/ 0