Harish Kumar Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/harish-kumar/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 30 Sep 2024 15:47:31 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Harish Kumar Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/harish-kumar/ 32 32 Lover (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/lover-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/lover-2024-sinhala-subtitles/#comments Thu, 23 May 2024 19:48:31 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=70658 Lover Sinhala Sub Lover Sinhala Subtitles Lover (2024) Sinhala Sub Lover (2024) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! මේ අරං ආවේ Drama / Romance ගනයට අයත් Lover කියන ආදර කතාවයි…   එහෙනම් වැඩි කතා නැතුව මෙ සුපිරි ආදර කතාව රසවිඳින්න කියලා ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා…   ජය වේවා!! උපසිරසි නිර්මාණය  :- Sinhalasub.lk හි හිරුණිකා […]

The post Lover (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Lover Sinhala Sub
Lover Sinhala Subtitles
Lover (2024) Sinhala Sub
Lover (2024) Sinhala Subtitles
සුභ දවසක් හැමෝටම!!

මේ අරං ආවේ Drama / Romance ගනයට අයත් Lover කියන ආදර කතාවයි…

 

එහෙනම් වැඩි කතා නැතුව මෙ සුපිරි ආදර කතාව රසවිඳින්න කියලා ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා…

 

ජය වේවා!!

උපසිරසි නිර්මාණය  :- Sinhalasub.lk හි හිරුණිකා කේශාණි❤ සහෝදරිය…

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ

The post Lover (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/lover-2024-sinhala-subtitles/feed/ 6
Mudhal Nee Mudivum Nee (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/mudhal-nee-mudivum-nee-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/mudhal-nee-mudivum-nee-2022-sinhala-subtitles/#respond Fri, 05 Jan 2024 14:13:13 +0000 https://sinhalasub.life/?post_type=movies&p=63990 Mudhal Nee Mudivum Nee Sinhala Sub Mudhal Nee Mudivum Nee Sinhala Subtitles Mudhal Nee Mudivum Nee (2022) Sinhala Sub Mudhal Nee Mudivum Nee (2022) Sinhala Subtitles මේ සැරේ අරගෙන ආවේ කට්ටිය අපෙන් ඉල්ලපු අලුත්ම අලුත් ලස්සනම ලස්සන දෙමළ ෆිල්ම් එකක්.. මේ ෆිල්ම් එකේ නම ” Mudhal Nee Mudivum Nee ” ( ප්‍රථමයත් නුඹයි.. අවසානයත් නුඹයි.. […]

The post Mudhal Nee Mudivum Nee (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Mudhal Nee Mudivum Nee Sinhala Sub
Mudhal Nee Mudivum Nee Sinhala Subtitles
Mudhal Nee Mudivum Nee (2022) Sinhala Sub
Mudhal Nee Mudivum Nee (2022) Sinhala Subtitles

මේ සැරේ අරගෙන ආවේ කට්ටිය අපෙන් ඉල්ලපු අලුත්ම අලුත් ලස්සනම ලස්සන දෙමළ ෆිල්ම් එකක්.. මේ ෆිල්ම් එකේ නම ” Mudhal Nee Mudivum Nee ”
( ප්‍රථමයත් නුඹයි.. අවසානයත් නුඹයි.. )

දර්බුක සිවා

කතාව ගැන කියන්න කලින් මේ ෆිල්ම් එකේ අධ්‍යක්ෂකවරයා ගැන අනිවාර්යෙන්ම කියන්න ඕනේ.. එයාගේ නම ” දර්බුකා සිවා ” එයා මුලින්ම නළුවෙක්.. ” Rajathandhiram ” ” Thodari ” ” Mo ” මේ වගේ දෙමළ ෆිල්ම් වල එයා රඟපාලා තියෙනවා.. ඒත් ප්‍රධාන චරිතේ නෙවෙයි.. ඉතින් ඔන්න ඔහොම මෙයාගේ සිනමා ජිවිතේ ගෙවීගෙන යද්දී මෙයා එක පාරටම දනුෂ්ගේ ” Enai Noki Paayum Thota ” ෆිල්ම් එකට සංගීතය කරනවා.. ” Gautham Vaasudev Menon ” ගේ.. ඉතින් ඒ සිංදු ටික මිනිස්සු අතරේ මාර විදිහට ප්‍රසිද්ධ වෙනවා.. අද උනත් ඔයාලා YouTube එකට ගිහින් බැලුවොතින් ඔයාලට ඒක බලන්න පුළුවන් ඇත්තද බොරුද කියලා.. ” Maruvaathai Pesadhey ” සහ ” Visiri ” කියන සිංදු දෙක ලොකු වීව්ස් ප්‍රමාණයක් අරගෙන තියෙනවා YouTube වල.. හරි ඔන්න ඔහොම ඉඳපු කෙනා.. අද එයාගේ මුල්ම සිනමා නිර්මාණය කරලා තියෙනවා අධ්‍යක්ෂක කෙනෙක් විදිහට ඒකෙත් සංගීතය එයාම තමයි.. ඇත්තටම මට විශ්වාස කරන්න බැරි උනා මේ ෆිල්ම් එක එයාගේ කිව්වම.. ඒ තරම් මේ ෆිල්ම් එක ලස්සනයි.. අලුත් අධ්‍යක්ෂකවරයෙක් කියලා කියන්නම බැහැ ඒ තරම් මාරම ෆිල්ම් එකක් මේක.. ” දර්බුකා සිවා ” එක සම්මුඛ සාකච්ඡාවක කියනවා ” Gautham Vasudev Menon ” මගෙන් මේ ෆිල්ම් එක ඉල්ලුවා කියලා.. මම මේක කරන්නම් කියලා.. ඉතින් එතනින්ම ෆිල්ම් එක ගැන හිතාගන්න පුළුවන්නේ ?

හරි එහෙනම් කතාව ගැන පොඩියට ඔයාලට කියන්නම්..

මේ ෆිල්ම් එකේ තියෙන්නේ පාසල් කාලයේ සුන්දරත්වය ගැන.. පාසල් ප්‍රේමයේ සුන්දරත්වය තව පාසල් මිතුරන් එක්ක ගෙවුන කාලයේ සුන්දරත්වය.. ඒ වගේම පාසල් කාලයෙන් පස්සේ එයාලව මුණගැහුනම දැනෙන සතුට.. ඒ වගේ දේවල් තමයි..

ඊට අමතර මේ ෆිල්ම් එකේ ලස්සනම දේ තමයි.. ” ඒක නම් මාරම පණිවිඩයක් ජිවිත වලට ” අපි අපේ ජිවිතේ හරි තැනදී ගන්න ඕන තීරණ පරක්කු වෙලා ගත්තම හෝ හදිස්සියට වැරදි තීරණ ගත්තම.. අපේ ජිවිත වලට මොනවද වෙන්නේ.. අපේ ජිවිත වලට ඒවා කොච්චර බලපානවද කියලා ලස්සනට මේ ෆිල්ම් එකෙන් පෙන්නලා දීලා තියෙනවා..

මෙහෙම කිව්වට මේක දැනෙන්නේ නැහැ.. අනිවාර්යෙන් මේ ෆිල්ම් එක අරගෙන බලන්න.. රඟපාන අය අලුත් උනත් කිසිම අලුත් ගතියක් එයාලගෙන් දැනෙන්නේ නැහැ.. ඒ තරම් ලස්සනට එයාලා හැමෝම එයාලගේ චරිතය රඟපානවා..

හරි එහෙනම් අද ඉඳලා මේ ලස්සන ෆිල්ම් එක ඔයාලට බාරයි..

ෆිල්ම් එකේ ප්‍රධානම සිංදුවේ කොටසක් එක්ක එහෙනම් සමුගන්නම්..

 


“ප්‍රථමයත් නුඹයි… අවසානයත් නුඹයි”
“කාල තුනත් නුඹයි”
“සාගරය නුඹයි… වෙරළත් නුඹයි”
“සුළඟ පවා නුඹයි”
“හදවත තුල එක් තුවාලයක්”
“නුඹ ගැන නොසිතු දිනයක් නොමැත”
“මා විලසද මා නොමැත…”
“මාවත පුරා නොයෙක් රූපයන්”
“ඒ මා සැතපුණු උරහිසෙහි”
“නුඹ මෙන් කවුරුත් නොමැත…”

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ පීටර් බාත්ලට්  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Mudhal Nee Mudivum Nee (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/mudhal-nee-mudivum-nee-2022-sinhala-subtitles/feed/ 0
Enjoy (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/enjoy-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/enjoy-2022-sinhala-subtitles/#respond Wed, 27 Dec 2023 14:28:58 +0000 https://sinhalasub.life/?post_type=movies&p=63506 Enjoy Sinhala Sub Enjoy Sinhala Subtitles Enjoy (2022) Sinhala Sub Enjoy (2022) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! තරුන ළමයි කණ්ඩායමක් ඒ අයගේ අරමුණු ඉශ්ට කරගන්න උත්සහ කරන විදියයි ඒ අයට ඒවා ඉශ්ට කරගන්න යනකොට මූන් දෙන්න වෙන අභියෝග ගැන මේ ෆිල්ම් එකේ තියෙන්නේ. විශ්ව විදයාලයට ඇතුල් උන ගෑනු ළමයි 3 දෙනෙක් ඉන්නවා.මේ අය මධ්‍යම පාන්තික […]

The post Enjoy (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Enjoy Sinhala Sub
Enjoy Sinhala Subtitles
Enjoy (2022) Sinhala Sub
Enjoy (2022) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

තරුන ළමයි කණ්ඩායමක් ඒ අයගේ අරමුණු ඉශ්ට කරගන්න උත්සහ කරන විදියයි ඒ අයට ඒවා ඉශ්ට කරගන්න යනකොට මූන් දෙන්න වෙන අභියෝග ගැන මේ ෆිල්ම් එකේ තියෙන්නේ. විශ්ව විදයාලයට ඇතුල් උන ගෑනු ළමයි 3 දෙනෙක් ඉන්නවා.මේ අය මධ්‍යම පාන්තික පවුල් වල අය .මේ විදයාලෙ ඉන්න ගොඩක් අය පෝසත් පවුල් වල ළමයි.මේ අයගේ දුප්පත්කම නිසාම මෙයාලට වඩා වැඩිමහල් අය මේ අයට රැග් කරනවා. මේ නිසා මේ අය ගොඩක් පීඩනයෙන් ඉන්නේ.මේ අයට මේ විදයාලෙදී මධ්‍යම පාන්තික පවුලක් වුනත් අනිත් පෝසත් ළමයි ජීවිත් වෙන විදයලේ අන්තිම අවුරුද්දේ ඉගෙනගන්න ගෑනු ළමයෙක් හම්බ වෙනවා.

කොහොම හරි මේ අය දැනගන්නවා ඒ ගෑනු ළමයා ඉගෙනගන්න ගමන් එයා නිවාඩු නිකේතනයක් ගනිකාවක් විදියටත් වැඩ කරනවා කියලා.කාලයක් යද්දී මේ අයගේ අඩු පාඩුකම් වලට සල්ලි නැති වෙන කොටයි,රැග් කරන එක වැඩි වෙන නිසයි මේ අයත් අනිත් පොසත් ළමයි වගේ ජීවත් වෙන්න ඕන කියන ආසාව නිස නිවාඩු නිකේතනයක ගනිකාවෝ විදියට වැඩ කරන්න හිතනවා. මේ අයට මේකට වෙන ප්‍රදේශයකට යන්න වෙනවා.

තවත් පැත්තක පොසත් පිරිමි ළමයි 3ක් එක ගෙදරක ජීවත් වෙනවා.මේ 3ත් හොද ම යාලුවො.මේ අයගෙන් එක්කෙනෙක් හැම සති අන්තෙම ගෑනු ළමයි එක්ක විනොද් වෙන්න ගිහින් ඒක ගැන අර 2ට ඇවිල්ලා කියනවා. ඒ අයගෙන් තව කොල්ලෙක්ට ගැනු ළමයෙක් හිටියත් ,එයා හැමවෙලේම කොල්ලට කියන්නෙ පාඩම් කරලා විභගේ පාස් වෙන්න කියලා.අඩුම තරමේ ඒ කෙල්ල ,කොල්ලට කිස් එකක්වත් දීලා නෑ , අනිත් කපල් වගේ සති අන්තේ ෆිල්ම් බලන්නවත් ,ශොපින් කරන්නවත් යන්නෙ නෑ.කොහොමහරි මේ සම්බන්දෙත් රන්ඩුවක් වෙලා කැඩිලා යනවා.ඊට පස්සේ මේ කොල්ලො 3 ම සති අන්තේ වෙන පැත්‍තකට ගිහින් විනෝද වෙන්න තිරණය කරනවා. මේ ගමන යන අතරතුර මේ කොල්ලො තුන් දෙනයි ,කෙල්ලෝ තුන් දෙනයි මුනගැහෙනවා. එතනින් පස්සේ මේ අයට ගොඩක් කරදර වලට මූන දෙන්න සිද්ධ වෙනවා.

එහෙනම් ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා මේ කතාව බලන්න?…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ කෞමදි නතාලියා සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Enjoy (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/enjoy-2022-sinhala-subtitles/feed/ 0
Por Thozhil (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/por-thozhil-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/por-thozhil-2023-sinhala-subtitles/#comments Fri, 11 Aug 2023 09:08:43 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=49708 Por Thozhil Sinhala Sub Por Thozhil Sinhala Subtitles Por Thozhil (2023) Sinhala Sub Por Thozhil (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! අප ජීවත් වන මේ සමාජයේ නොයෙකුත් විදියේ මානසික ආබාධ සහ විකෘති මානසික තත්ත්වයන්ගෙන් පෙලෙන පුද්ගලයින් සිටිනවා. එවැනි ආබාධ තිබෙන ඇතැම් පුද්ගලයින්ගේ එම මානසික අසාමාන්‍යතා බැලූ බැල්මට මතුපිටින් පෙනුනත් බහුතරයකගේ මෙම විකෘති මානසික ආබාධ තත්ත්වයන් […]

The post Por Thozhil (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Por Thozhil Sinhala Sub
Por Thozhil Sinhala Subtitles
Por Thozhil (2023) Sinhala Sub
Por Thozhil (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ප ජීවත් වන මේ සමාජයේ නොයෙකුත් විදියේ මානසික ආබාධ සහ විකෘති මානසික තත්ත්වයන්ගෙන් පෙලෙන පුද්ගලයින් සිටිනවා. එවැනි ආබාධ තිබෙන ඇතැම් පුද්ගලයින්ගේ එම මානසික අසාමාන්‍යතා බැලූ බැල්මට මතුපිටින් පෙනුනත් බහුතරයකගේ මෙම විකෘති මානසික ආබාධ තත්ත්වයන් ඉස්මතු වී පෙනෙන්නේ නෑ.යම් කිසි රටාවක් අනුගමනය කරමින් මිනීමැරීම, මිනිසුන්ට පමණක් නොව තිරිසන් සතුන්ට පවා කෘෘර වදහිංසා දීම හා ඉන්පසු ඝාතනය කිරීම, ඔවුන් විසින් සිදුකල එම අපරාධය හසුනොවන ආකාරයට සැලසුම් සහගතවීම ආදී ක්‍රියාවන් සිදුකර ආත්ම තෘප්තියක් ලබන මෙවන් පුද්ගලයින්ව එක් පැතිකඩක විකෘති මානසික ආබාධ තත්වයන්ගෙන් පෙලෙන අය ලෙස හඳුන්වන්නට පුළුවන්. මොවුන් ඇත්ත වශයෙන්ම සමාජයට බරක් මෙන්ම අහිංසක ජනයාගේ ආරක්ෂාවටද දැඩි අවදානමක් ගෙන දෙනවා. එසේ නම් යම්කිසි පුද්ගලයෙක් මෙවැනි විකෘති මානසික ආබාධ සහිත අයෙක් බවට පත්වන්නේ කෙසේද? මෙය වෙනත් ස්ථානයකදි මනෝ විද්‍යාත්මක සාධක සමඟින් ගැඹුරින් සාකච්ඡා කල හැකි සංවාදයට විවතෘ මාතෘකාවක්. පුද්ගලයකු වසලයකු හෝ බ්‍රාහ්මණයකු වන්නේ උපතින් නොව ඔහු කරන ක්‍රියාවන්ට අනුවය. ඔහු කරන ක්‍රියාවන් යහපත් ඒවාද අයහපත් ඒවාද යන්න තීරණය වන්නේ එම පුද්ගලයා ජීවත්වන පරිසරය අනුව සහ ඔහුගේ ජීවිතයට ඉඳුරාම බලපෑමක් එල්ලකල හැකි අනෙකුත් පුද්ගලයින් අනුව යැයි. ඈත අතීතයේ විසු ශාස්තෘවරුන් පවා දේශනා කර තිබෙන බව ඉතිහාසය විසින් සාක්ෂි දරනවා. එම නිර්නායක ද්විත්වයට අනුව ගත් කල විකෘති මානසික ආබාධයට පත්වූ පුද්ගලයෙකු විසින් සිදුකරනු ලබන අයහපත් ක්‍රියාවලට වඟකිව යුත්තේ ඔහු පමණක්මද? මොවුන්ට අප අනුකම්පා කල යුතුද? දඬුවම් දීම පමණක්ම කල යුතුද?

සිනමාපටය තුල ගැබ්වී තිබෙන කතාවෙහි සමාජයට නිකුත් කරනු ලබන වැදගත් පණිවිඩයක් තිබෙනවා. මෙය සිනමාපටයකට ආවේණික වූ ප්‍රේක්ෂකයාට ලබාදෙන තෘප්තිය ඉතා ඉහල මට්ටමකින් තබාගෙන චිත්‍රපටයේ නිෂ්පාදකවරුන්ගේ අභිප්‍රායත් සාර්ථක කරගන්නා අතරම මෙම වැදගත් පණිවිඩය සිය ප්‍රේක්ෂකයින් හට ලඟා කිරීමට මෙහි රචනය සිදුකල Alfred Prakash සහ රචනය මෙන්ම අධ්‍යක්ෂණයද පවා සිදුකල නවක සිනමා අධ්‍යක්ෂ Vignesh Raja සමත්ව තිබෙන බව අවිවාදයෙන් යුතුව කිවයුතු කරුණක්. මෙම සිනමාපටයට අදාල මාගේ සමාලෝචනය මෙතැනින් නිමාකොට සිනමාපටයේ අනෙකුත් තොරතුරු වෙත යොමුවෙනවා.

පොලිස් අධිකාරිවරයා :- කවුද මේක ඉස්සෙල්ලාම දැක්කේ?
පොලිස් කොස්තාපල්වරයා :- අපේම කෙනෙක් සර්. රෑ මුර සංචාරේ යන ගමන් දැකලා.

පොලිස් අධිකාරිවරයා :- මොකද මෙච්චර කළුවර? ලයිට් දෙකක් තුනක් දැම්මනම් හරි නේද?

පොලිස් කොස්තාපල්වරයා :- සර් තාම කරන්ට් වයර් අදින ගමන්.
පොලිස් අධිකාරිවරයා :- හරි හරි ඉක්මන් කරනවා.

පොලිස් අධිකාරිවරයා :- මැරිලා ඉන්න කෙල්ල කවුද කියලා අඳුරගත්තද?
පොලිස් කොස්තාපල්වරයා :- අපි බලන ගමන් සර්.

පොලිස් අධිකාරිවරයා :- අධිකරණ වෛද්‍ය කණ්ඩායම ආවාද?
පොලිස් කොස්තාපල්වරයා :- මඟ එන ගමන් සර්.

පොලිස් අධිකාරිවරයා :- අධිකරණ වෛද්‍ය කණ්ඩායම ඇවිල්ලත් නෑ. තාම ලයිට් වලට වයර් ඇදලත් නෑ.

පොලිස් අධිකාරිවරයා :- ඒත් තමුසේ සේරටම කලින් මට කතා කරලා මාව ගෙන්නුවා. චික් විතරක්.

පොලිස් කොස්තාපල්වරයා :- සර්, මීට දවස් තුනකට කලින් අර වැඩට යන කෙල්ලක්ව මරලා දාලා තිබුණා මතකද?

පොලිස් අධිකාරිවරයා :- ඔව්, ඒ අර තූවාකුඩි ගම පැත්තෙනේ.

පොලිස් කොස්තාපල්වරයා :- ඔව් ඒ සිද්ධිය තමයි සර්.

පොලිස් අධිකාරිවරයා :- ඒක මොකටද ඕයි දැන් මතක් කරන්නේ?

පොලිස් අධිකාරිවරයා :- ඒ සිද්ධිය දැකලා දවස් දෙකක් යනකල් මට පාඩුවේ නිදාගන්නවත් බැරුව හිටියේ.

පොලිස් කොස්තාපල්වරයා :- සර් මේ කෙල්ලවත් මරලා තියෙන්නේ ඒ විදියටමයි.

පොලිස් කොස්තාපල්වරයා :- ඔළුව පිටිපස්සට ඇදලා, අත් දෙකේ ගැට ගහලා, ඉස්සරහින් බෙල්ල කපලා දාලා.

පොලිස් කොස්තාපල්වරයා :- මේ මිනිමැරුම් දෙකම කරලා තියෙන්නේ එකම මිනිමරුවා සර්.

අපරාධ පරීක්ෂණයන් පාදක කොටගෙන නිර්මාණය කෙරුණු මෙම සිනමාපට අතුරින් අවම වශයෙන් එකක් හෝ ඔබ නරඹා තිබේ නම් මේවාගේ තිබුණු රචනය, අධ්‍යක්ෂණය, සියුම් හා තියුණු ලෙසින් කතාව ගොඩැගීම, ඉතා අනර්ඝ තිර රචනය, තාත්වික දෙබස්, තාත්වික පසුතල සැකසුම, මනරම් පසුබිම් සංගීතය ආදි සිනමාපටයක් ඉතාමත් තාත්වික අන්දමින් ප්‍රේක්ෂකයාට ඉදිරිපත් කර ඔවුන්ව මවිත කර මංමුලා කරන්නට යොදාගත්තාවූ ඒ සියලූම තාක්ෂණික ක්‍රමවේදයන් පිළිබඳව ඔබටත් හොඳ මතකයක් ඇති. මේවා මඟහැරුණු කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන්ම නරඹා සිටින ලෙසද මේ අවස්ථාවේදි මා නිර්දේශ කර සිටිනවා. ඒ තරම්ම මෙම සිනමාපට අල්පය දමිළ සිනමාවේ එවක දැඩි ලෙසින් කතා බහකට ලක්වූවා. මේ ලැයිස්තුවට නිතරඟයෙන්ම නවතමයෙන් එක්වීමට නියමිත මෙම සිනමාපටය තවත් සුවිශේෂි එකක් වෙනවා. ඒ තමයි මේ සිනමාපටය මෙහි අධ්‍යක්ෂකවරයාගේ කුළුදුල් සිනමාපටය වීම සහ මේ තුල…

  • ගීත අඩංඟු නොවීම.
  • සටන් ජවනිකා නොමැති වීම.
  • ප්‍රේම ජවනිකා නොමැති වීම.
  • කිසිදු ආකාරයක පසුගාමී ජවනිකාවක් නොමැති වීම.

ආදි කරුණු සුවීශේෂි කරණු ලෙසින් පෙන්වා දෙන අතරම මෙම සිනමාපටයත් දමිළ සිනමාවේ අපරාධ පරික්ෂණයක් පාදක කරගෙන නිර්මාණය වූ සිනමාපටයක් ලෙස යම් හැරවුම් ලක්ෂ්‍යයක් බවට පත්වෙනවා නොඅනුමානයි. ඉහතින් දක්වා ඇති මේ වන විටත් ලොවපුරා වෙසෙන දමිළ සිනමා රසිකයින් සහ සිනමා විචාරකයින් විසින් දක්වන ලද යහපත් ප්‍රතිචාරයන් මත Crime හා Thriller සුවිශේෂි වූ දමිළ සිනමාපට පෙළගැස්මට මෙම සිනමාපටයත් මේ මොහොත වන විටදි ඇතුලත් වී අවසන්. මේ වසරේ ජුනි මස 09 දින ලොවපුරා තිරගත කිරීමට දින කිහිපයකට මත්තෙන් මෙය මාධ්‍යවේදීන් සහ සිනමා විචාරකයින් හට විශේෂ දර්ශන වාරයක් ප්‍රදර්ශනය කරන්නට මෙහි නිෂ්පාදක කණ්ඩායම කටයුතු කර තිබුණා. එම නිසා මෙම සිනමාපටය නරඹන්නට මත්තෙන් පූර්ව ප්‍රචාරක පටයද නැරඹු බොහෝ ප්‍රෙක්ෂකයින් සිනමා විචාරකයින්ගේ සහ මාධ්‍යවේදීන්ගේ ද ධනාත්මක අදහස් දැක්වීම් තුලින්ද දැනුවත් වෙමින් සිනමාපටය පිළිබඳව ඉස්පාසුවක් නොමැතිව බලාපොරොත්තු පොදි බැඳගෙන සිනමාහල් වෙතට පියනඟන්නට වුණා. ප්‍රේක්ෂකයින්ගේ එම බලාපොරොත්තු සඵල කරමින් ඉතාමත් ජයග්‍රාහි ලෙසින් දසදෙසින් ධනාත්මක ප්‍රතිචාර ලබාගනිමින් සිනමාපටය තිරගත වූ අතර මුළු ඉන්දියාව පුරාම දිනෙන් දින දර්ශන වාරගණන වැඩිකරමින් තිරගතකර දින කිහිපයක් ඇතුලත වාර්තාගත ආදායමක් ලබාගෙන Blockbuster ලේබලයද ඉතා පහසුවෙන් අලවා ගැනීමට මෙම චිත්‍රපටයට හැකි වුනා.

සිනමාපටය සඳහා ලැබුණු ධනාත්මක ප්‍රතිචාර කිහිපයක්…

මෙම සිනමාපටයේ අධ්‍යක්ෂකවරයා වන Vignesh Raja ගේ කුළුදුල් සිනමා අධ්‍යක්ෂණය වූවත් ඔහු සිය දක්ෂතාවය මනා ලෙසින් විදහාපෑමට එම හේතුව කිසිදු අයුරකින් ගැටළුවක් බවට පත්කරගෙන නොමැති බවද විශේෂයෙන් සඳහන් කල යුතුමයි. එහි සත්‍ය අසත්‍යභාවය සිනමාපටය නැරඹු පසු ඔබටත් අවබෝධ වේවි සහ ඔබත් පුදුමයට පුදුමයට පත්වේවි.

මෙහි ප්‍රධාන චරිතයන් මෙහෙයවන Sarathkumar සහ Ashok Selvan යන නළුවන් දෙදෙනා තම චරිතයට හොඳ සාධාරණයක් ඉෂ්ඨකරමින් මනා අවබෝධයකින් යුතුව රඟදක්වනවා දැකගත හැකි අතර, කැමරාකරණය සහ සංස්කරණයද සිනමාපටය ආරම්භයේ සිට අවසානය දක්වා ප්‍රේක්ෂකයින්ව ඇද බැඳ තබාගන්නට හැකි අයුරින් ඉහලම මට්ටමකින් සිදුකර තිබෙනවා.

අවසාන වශයෙන් චිත්‍රපටයේ කතාව පිළිබඳව නම් කිසිවක් මෙම ලිපිය තුලින් ඉදිරිපත් කරන්නට සූදානම් නෑ. මෙම සිනමාපටය නරඹනවාද නැද්ද යන්න තීරණය කරන කෙනෙකුට ඉහතින් දක්වා ඇති තොරතුරු හොඳටම ප්‍රමාණවත් යැයි කියා සිතනවා. ඇතැම් විට මෙම ලිපියේ කිසිම පිළිවෙලක් නැතිවෙන්නත් පුළුවන්. එසේ ලිපියේ අඩුපාඩුවක් ඇත්නම් එයටත් සමාව අයදිනවා. සිනමාපටය නරඹා ඔබගේ වටිනා අදහස් උදහස්ද දැක්වීමට කාරුණිකව වන ලෙසින් ඉල්ලා සිටිමින් ‘එන්න තවත් අපරාධමය අභිරහසක් අනාවරණය කරනා අයුරු කුතුහලයෙන් බලා සිටින්නට’ යැයි ආරාධනාද කරමින් අදට සමුගන්නවා. ඔබ සැමට කඳසුරිඳු පිහිටයි.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Por Thozhil (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/por-thozhil-2023-sinhala-subtitles/feed/ 2
Dada (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/dada-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/dada-2023-sinhala-subtitles/#comments Tue, 14 Mar 2023 02:05:48 +0000 https://sinhalasub.net/?post_type=movies&p=37924 Dada Sinhala Sub Dada Sinhala Subtitles Dada (2023) Sinhala Sub Dada (2023) Sinhala Subtitles කොහොමද යාලුවනේ,අද මම ඔයාලට අරගෙන ආවේ, මගේ 10වන උපසිරැසි ගැන්වීම. මේ ෆිල්ම් එකට සිංහල සබ් එක කරන්න ලොකු ආසාවක් මට තිබ්බා..ඒ නිසා ම මේ ෆිල්ම් එක එනකන් මං ඇඟිලි ගැන ගැන හිටියේ.. ඉතින් අද මං ගෙනාවෙ IMDb අගය 8.4 ක ඉහළ […]

The post Dada (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Dada Sinhala Sub
Dada Sinhala Subtitles
Dada (2023) Sinhala Sub
Dada (2023) Sinhala Subtitles
කොහොමද යාලුවනේ,අද මම ඔයාලට අරගෙන ආවේ, මගේ 10වන උපසිරැසි ගැන්වීම. මේ ෆිල්ම් එකට සිංහල සබ් එක කරන්න ලොකු ආසාවක් මට තිබ්බා..ඒ නිසා ම මේ ෆිල්ම් එක එනකන් මං ඇඟිලි ගැන ගැන හිටියේ.. ඉතින් අද මං ගෙනාවෙ IMDb අගය 8.4 ක ඉහළ අගයක් ගන්න Dada කියන දෙමළ චිත්‍රපටය.
Dada කියන්නේ 2023 නිකුත් වූ ඉන්දියානු දෙමළ භාෂා ප්‍රේමාන්විත නාට්‍ය චිත්‍රපටයක් වන අතර මෙය ගනේෂ් කේ. බාබුගේ අධ්‍යක්ෂණයේ මංගල දර්ශනය.. ගනේෂ් කේ. බාබු ම මේ චිත්‍රපටයේ පිටපත රචනා කරලා අධ්‍යක්ෂණයත් කළා. මේ චිත්‍රපටයේ Kavin , Aparna Das සහ K. Bhagyaraj ප්‍රධාන රංගනයෙන් දායක වෙනවා .
වැඩි විස්තර නැතිව කතාව පැත්තට හැරෙමු කෝ….!
මණිකන්ඩන් සහ සින්ධු කියන්නේ, අවසන් වසරේ විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනෙක්.. ඔවුන් එකිනෙකාට ගොඩක් ආදරය කරනවා. හැබැයි මේ ආදරේ ඉහවහා ගිහින් සින්ධු ගැබ් ගන්නවා.. මේ නිසා ම මේ දෙන්නා ගේ ඉරණම ඉක්මනින් වෙනස් වෙනවා.පවූල් දෙකේම දෙමව්පියන් මේ සම්බන්ධයට අකමැති වුනත් දෙන්නා එක වහලක් යටට එනවා.. ඒත් සින්ධුගේ ගර්භණී සමයේදී මණිකන්ඩන්ගේ අයහපත් හැසිරීම් හේතුවෙන්, එකිනෙකාගෙන් වෙන් වෙන්න මේ දෙන්නා ට සිද්ධ වෙනවා.. දරුවා ඇති දැඩි කිරීමේ සම්පූර්ණ වගකීම පැවරෙන්නේ මණිකන්ඩන්ට…
මණිකන්ඩන්ට තාත්තාගේ වගේම අම්මෙකුගේ ආදරයත් තනිව තම දරුවාට දෙන්න පුළුවන් වේවිද? ??
කතාවේ රසයට බාධා වෙන නිසා මීට වඩා නම් මං මොකුත් කියන්න යන්නේ නෑ.ඉතින් ඉදිරියට මොකද වෙන්නේ කියලා දැන ගන්න ඕන නම් යාළුවනේ අනිවා ෆිල්ම් එක බලන්නකෝ…??

The post Dada (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/dada-2023-sinhala-subtitles/feed/ 1
Rathasaatchi (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/rathasaatchi-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/rathasaatchi-2022-sinhala-subtitles/#respond Mon, 12 Dec 2022 11:26:57 +0000 https://sinhalasub.net/?post_type=movies&p=33818 Rathasaatchi Sinhala Sub Rathasaatchi Sinhala Subtitles Rathasaatchi (2022) Sinhala Sub Rathasaatchi (2022) Sinhala Subtitles   කොහොමද යාලුවනේ,අද මම ඔයාලට අරගෙන ආවේ, මගේ 5 වන උපසිරැසි ගැන්වීම. මේක නම් මං කට්ටියගේ ඉල්ලීම මත දවස් දෙකක් ඇතුළත ඉක්මනින් කරපු සබ් එකක්.. ඉතින් සබ් එකේ පොඩි හරි අඩුපාඩුවක් තිබුණොත් සමාවෙන්න හොදේ.. මම අද ගෙනාවෙ IMDb අගය 9.4 ක […]

The post Rathasaatchi (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Rathasaatchi Sinhala Sub
Rathasaatchi Sinhala Subtitles
Rathasaatchi (2022) Sinhala Sub
Rathasaatchi (2022) Sinhala Subtitles

 

කොහොමද යාලුවනේ,අද මම ඔයාලට අරගෙන ආවේ, මගේ 5 වන උපසිරැසි ගැන්වීම. මේක නම් මං කට්ටියගේ ඉල්ලීම මත දවස් දෙකක් ඇතුළත ඉක්මනින් කරපු සබ් එකක්.. ඉතින් සබ් එකේ පොඩි හරි අඩුපාඩුවක් තිබුණොත් සමාවෙන්න හොදේ.. මම අද ගෙනාවෙ IMDb අගය 9.4 ක ලොකු අගයක් ගන්න Rathasaatchi කියන දෙමළ චිත්‍රපටයයි.

රජිනිකාන්ත්, විෂ්ණු විශාල් සහ වික්‍රාන්ත් රංගනයෙන් දායක වූ ලාල් සලාම් චිත්‍රපටයෙන් පස්සේ , තවත් කොමියුනිස්ට් ඉඟියක් සහිත දෙමළ චිත්‍රපටයක් වන Ratha Saatchi හී පළමූ මංගල දර්ශනය 2022 නොවැම්බර් 15 එළි දැක්වූවා. Ratha Saatchi කියන්නේ, ලේඛක B Jeyamohan ගේ Kaithigal හි චිත්‍රපට අනුවර්තනයක් වන අතර, චිත්‍රපටය Aha Tamil සහ Magizh Mandram එක්ව නිෂ්පාදනය කර ඇත.

Rafiq Ismail විසින් රචිත සහ අධ්‍යක්ෂණය කරන ලද Ratha Saatchi චිත්‍රපටයේ තාක්ෂණික කණ්ඩායම ලෙස, සංගීතය සඳහා Javed Riaz, කැමරාකරණය සඳහා Jagadeesh Ravi සහ සංස්කරණය සඳහා Prakash Karunanithi දායක වෙලා තියෙනවා .
Kanna Ravi, Harish Kumar, Elango Kumaravel, Kalyan Master, Madras Charles ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වන Ratha Saatchi චිත්‍රපටයෙන් පිළිඹිබු වෙන්නේ, ත්‍රිවිධ හමුදාව තුළ පවතින මනුෂ්‍යත්වය සහ එය පුද්ගලයන් දෙදෙනෙකුගේ ජීවිතවලට බලපාන ආකාරය පිළිබඳවයි.

කතාවේ රසයට බාධා වෙන නිසා, මම වැඩි විස්තර නම් කියන්න යන්නේ නෑ…
ඉතිං යාළුවනේ ඉදිරියට මොකද වෙන්නේ කියලා දැන ගන්න ඕන නම් අනිවා ෆිල්ම් එක බලන්නකෝ…?

The post Rathasaatchi (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/rathasaatchi-2022-sinhala-subtitles/feed/ 0