Harry Bellaver Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/harry-bellaver/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sat, 10 Feb 2024 08:08:27 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Harry Bellaver Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/harry-bellaver/ 32 32 From Here to Eternity (1953) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/from-here-to-eternity-1953-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/from-here-to-eternity-1953-sinhala-subtitles/#respond Sun, 17 Sep 2023 04:19:27 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=54242 From Here to Eternity Sinhala Sub From Here to Eternity Sinhala Subtitles From Here to Eternity (1953) Sinhala Sub From Here to Eternity (1953) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ඔන්න මේ පාර අරං ආවේ ඔස්කාර් සම්මාන 13 කට නිර්දේශ වෙලා, හොඳම චිත්‍රපටිය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම සංස්කරණය, හොඳම සහාය නළුවා, හොඳම සහාය නිළිය, හොඳම තිර රචනය […]

The post From Here to Eternity (1953) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
From Here to Eternity Sinhala Sub
From Here to Eternity Sinhala Subtitles
From Here to Eternity (1953) Sinhala Sub
From Here to Eternity (1953) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඔන්න මේ පාර අරං ආවේ ඔස්කාර් සම්මාන 13 කට නිර්දේශ වෙලා, හොඳම චිත්‍රපටිය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම සංස්කරණය, හොඳම සහාය නළුවා, හොඳම සහාය නිළිය, හොඳම තිර රචනය ඇතුළුව ඔස්කාර් සම්මන 8 ක් ම දිනා ගන්න සමත් වෙච්ච From Here to Eternity කියන චිත්‍රපටිය. ආදායම් වාර්තා අතින් ගත්තොත් මේ චිත්‍රපටිය 1953 දී තිරගත වුණ චිත්‍රපටි අතරින් දෙවැනියට වැඩිම ආදායම් ඉපැයූ චිත්‍රපටිය වෙනවා. (The Robe සහ Shane චිත්‍රපටි පිලිවෙළින් පළමු සහ තුන් වන ස්ථාන වල පසුවෙනවා.)

මේ චිත්‍රපටිය නිර්මාණය කරලා තියෙන්නේ 1951 අවුරුද්දේ දී නිකුත් වෙච්ච ජේම්ස් ජෝන්ස් කියන කතුවරයා ගේ, ඒ නමින්ම යුතු පොත පාදක කරගෙන. ඇත්තටම මමත් මේ චිත්‍රපටිය හොයාගෙන බලන්න පෙළඹුනේ පොත කියවද්දි ඇති වෙච්ච කැමැත්ත නිසා. ජේම්ස් ජෝන්ස්ගේ කතා පොතට හොඳ පාඨක ප්‍රතිචාර සහ විචාරක ප්‍රසාදය ලැබුණු නිසා ඊලඟ අවුරුදු දෙක ඇතුළත ඒ කතාව චිත්‍රපටියක් විදියට එළිදකිනවා. පිටු 900 කට වඩා වැඩි මේ පොතේ තියෙන කතාව ලොකු වෙනසක් කරන්නේ නැතුව ඉදිරිපත් කරන්න චිත්‍රපට නිෂ්පාදක කණ්ඩායම උත්සාහ කරලා තියෙනවා. ඒත් අමෙරිකානු හමුදාව සහ හමුදාවට අයිති ස්ථාන නිරූපණය කෙරෙණ චිත්‍රපටයක් නිසා අමෙරිකානු හමුදාවෙන් අවසර ලබා ගැනීමට යාමේ දී, හමුදාවට අවශ්‍ය විදියට වෙනස්කම් කිහිපයක් සිදු කරන්න වෙලා තියෙනවා. කොහොම වුණත් පොතේ තියෙන ඇතැම් දෙබස් පවා කිසිම වෙනසක් නැතුව චිත්‍රපටිය තුළ අඩංගු වෙලා තියෙනවා දකින්න පුළුවන්. චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Fred Zinnemann විසින්. ඔහුගේ චිත්‍රපටි, ඔස්කාර් සම්මාන 65 කට නිර්දේශ වෙලා ඉන් 24 ක් දිනා ගන්න සමත් වෙලා තියෙනවා. ඒ වගේම ඔහු හොඳම අධ්‍යක්ෂකවරයා විදියට දෙවතාවක්ම ඔස්කාර් සම්මානයෙන් පිදුම් ලබලා තියෙනවා. කොහොම වුණත් අන්තිමේ දි මේ චිත්‍රපටිය ප්‍රදර්ශනය ආරම්භ වුණාට පස්සේ අමෙරිකානු හමුදාවෙන් ඒ ගැන විරෝධතා එල්ල වෙලාත් තියෙනව චිත්‍රපටිය නිසා හමුදාවට අපහාසයක් වෙනව කියල.

චිත්‍රපටියේ කතාව පොඩ්ඩක් කිව්වොත් මෙහෙමයි. කතාවට පසුබිම් වෙන්නේ දෙවන ලෝක යුද්ධය ආරම්භ වෙන්න ඔන්න මෙන්න වගේ කාලෙක හවායි දූපත් වල තියෙන ස්කෝෆීල්ඩ් කියන හමුදා කඳවුර. (පොතේ කතුවරයා වෙච්ච ජේම්ස් ජෝන්ස් කියන්නෙත් මේ ආසන්න කාලයේදි මේ හමුදා කඳවුරේ සේවය කරපු කෙනෙක්. ඔහු තම හමුදා ජීවිතය තුළ අත්දැකපු සත්‍ය සිදුවීම් එහෙමත් එකතු කරලා පොත ලියලා තියෙන බව සඳහන් වෙනවා.) මේ හමුදා කඳවුරේ G කම්පැණි එකට මාරු කරලා එවන සාමාන්‍ය සෙබළෙක් වෙන රොබර්ට් E. ලී පෲවිට් කියන පුද්ගලයා වටේ තමයි කතාව ගෙතිලා තියෙන්නේ. පෲවිට් කියන්නේ හමුදාවෙ ඉන්න දක්ෂ බියුගල් වාදකයෙක්. ඒ වගේම ඔහු දක්ෂ බොක්සිං ක්‍රීඩකයෙකුත් වෙනවා. ඒත් අවාසනාවන්ත සිද්ධියකට මුහුණ දෙන්න සිදුවීම නිසා, පෲවිට් තීරණය කරනවා බොක්සිං ක්‍රීඩාවෙන් සමුගන්න. ඇත්තටම, (පොතේ තියෙන විදියට) මේ අවාසනාවන්ත සිද්ධිය වගේම, පෲවිට් ඔහුගේ මව මිය යද්දී, ඇයට වුණ පොරොන්දුවකුත් ඔහුගේ මේ තීරණයට හේතු වෙනවා. ඒ පොරොන්දුව තමයි (ආත්මාරක්ෂාවට වගේ) නොකරම බැරි අවස්ථාවක ඇරෙන්න වෙනත් කිසිම හේතුවක් නිසා තවත් පුද්ගලයෙක්ට පහර දෙන්නේ නැහැ කියන එක. මොකද ඇය ඇගේ ජීවිත කාලය තුළ හිංසනය සහ ප්‍රචණ්ඩත්වය කියන දේවල් සෑහෙන අත් විඳපු සහ දැකපු කෙනෙක් නිසා. ඒ පොරොන්දුව තියෙද්දීත් පෲවිට් බොක්සිං ක්‍රීඩාවට යොමු වුණේ කොහොමද කියන එක ගැටළුවක් වුණත්, ඒක ක්‍රීඩාවක් නිසා ඒ පොරොන්දුව එතනට අදාල නොවුණාවත් දෝ කියල වගේ දෙයක් අපිට අනුමාන කරන්න පුළුවන්.

කොහොමහරි, දක්ෂ ක්‍රීඩකයෙක් වුණ පෲවිට් ඒ විදියට ක්‍රීඩාවෙන් සමුගැනීම ගැන ඔහුගේ ඒකකයේ ප්‍රධානියා වෙන කැප්ටන් හෝම්ස් කොහෙත්ම සතුටු වෙන්නේ නැහැ. හෝම්ස් උත්සාහ කරනවා කොහොමහරි පෲවිට්ව ආපහු ක්‍රීඩාවට එකතු කර ගන්න. හොඳින් බැරි නම් නරකින් හරි පෲවිට්ව ආපහු බොක්සිං වලට ගන්න තමයි ඔහු උත්සාහ කරන්නේ. මොකද බොක්සිං ශූරතාව තමන්ගේ ඒකකය දිනා ගත්තොත්, තමන්ට නිළ තනතුරු වලින් ඉහළට යන්න ඒක උදව්වක් වෙයි කියලා ඔහු විශ්වාස කරන නිසා. හෝම්ස්ගේ මේ වැඩ පිළිවෙල නිසා පෲවිට්ට හමුදා ජීවිතේ සෑහෙන අමාරු වෙනවා. මේ කරදර මැද්දේ, පෲවිට්ගේ උදව්වට ඉන්න, වැඩියෙන්ම කිට්ටු යාළුවෙක් තමයි ඇන්ජෙලෝ මැජියෝ කියන්නේ. පෲවිට්ව කරදර වලින් බේර ගන්න මැජියෝ තමන් ගැන පවා නොහිතා ඉදිරිපත් වෙනවා. ඒත් අවසානයේදි මැජියෝටත් අවාසනාවන්ත ඉරණමකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මැජියෝට ඒ වගේ අවාසනාවන්ත ඉරණමකට මුහුණ දෙන්න සිද්ධ කරපු කෙනාගෙන් පළිගන්න පෲවිට් කල්පනා කරනවා.

සාජන්ට් වෝර්ඩ්න් කියන්නෙත් පෲවිට්ට උදව් කරන හොඳ නිළධාරියෙක්. ඔහුත් පෲවිට්ව කරදරේ වැටෙන්න නොදී බේර ගන්න සෑහෙන මහන්සි වෙනවා. ඒත් කැප්ටන් හෝම්ස්ගේ තනතුරු වලට තියෙන කෑදරකමත් එක්ක ඒක ලේසි වැඩක් වෙන්නේ නැහැ. ඒ වගේම මේ කාලෙදි සාජන්ට් වෝර්ඩ්න් සහ කැප්ටන් හෝම්ස්ගේ බිරිඳ කැරන් අතර අනියම් සම්බන්ධතාවයක් ඇති වෙනවා. ඉතින් දෙන්නගේ සම්බන්ධතාවය වැඩි දියුණු වෙද්දී, කැරන්ට ඕන වෙනවා හෝම්ස්ගෙන් දික්කසාද වෙලා වෝර්ඩ්න් එක්ක විවාහ වෙන්න. ඒත් ඒ දේවල් හිතන තරම් පහසුවෙන් සිද්ධ වෙන දේවල් නෙවෙයි. ජීවිතේ කියන්නේ විවිධ බාධක කරදර මැද්දේ ගලාගෙන යන දෙයක් මිසක් අපි බලාපොරොත්තු වෙන විදියටම දේවල් සිද්ධ වෙන ලස්සන හීනයක් නොවෙන බව කතාව, එහි සිදුවීම් වලින් අපිට ඉඟි කරනවා. ඒ වගේ බාධක, කරදර හමුවේ බුද්ධිමත්ව කටයුතු නොකළොත් වෙන්න පුළුවන් අනිසි විපාකත් අවස්ථා කීපයකදීම චිත්‍රපටිය තුළ විදහා දැක්වෙනවා.

ජපනුන් විසින් පර්ල් වරායට බෝම්බ ගහන්න පටන් ගන්නවත් එක්කම කතාව අපි නොහිතූ, වෙනස්ම පැත්තකට හැරෙනවා. ඉතින් අපේ කතා නායකයා වෙන පෲවිට්ට මොන වගේ ඉරණමක් අත් වෙයි ද? පෲවිට්ට අකමැත්තෙන් හරි බොක්සිං සෙල්ලම් කරන්න වෙයිද? පෲවිට් කලින් ඉතාම කැමැත්තෙන් හිටපු බොක්සිං ක්‍රීඩාවට දැන් මේ තරම් අකමැති වෙන්න බලපාපු ඒ අවාසනාවන්ත සිද්ධිය මොකක් වෙන්න පුළුවන්ද? මැජියෝ වෙනුවෙන් පළිගන්න පෲවිට්ට පුළුවන් වෙයිද? සාජන්ට් වෝර්ඩ්න්ගේ ආදර කතාවට මොකක් වෙයිද? අවසානය මොන වගේ වෙයිද?

චිත්‍රපටියේ රඟපාන නළු නිළියෝ ගැනත් කතා නොකළොත් ඒක අඩු පාඩුවක් වෙනවා නේද? පනස් ගණන් වල හොලිවුඩ් සිනමාවෙ හිටිය නළු නිළියො ගැන වැඩි දෙනෙක් අහලා නම් නැතුවත් ඇති. ඒත් ෆ්‍රෑන්ක් සිනට්‍රා ගැන නම් අහලා නැති වෙන්නත් බැහැ. ලෝක ප්‍රසිද්ධ ගායකයෙක් වගේම නළුවෙකුත් වුණු ඔහු තමයි මේ චිත්‍රපටියේ ඇන්ජෙලෝ මැජියෝ ගේ චරිතයට පණ පොවන්නේ. මේ චරිතය රඟපෑම වෙනුවෙන් ඔහුට හොඳම සහාය නළුවාට හිමි ඔස්කාර් සම්මානයත් හිමි වෙනවා. මීට අමතරව මොන්ට්ගෝමරි ක්ලිෆ්ට් තමයි අපේ කතා නායකයා වෙන පෲවිට්ගේ චරිතයට රඟපාන්නේ. තව බර්ට් ලැන්කැස්ටර්, ඩෙබෝරා කෙර්, සහ ඩොන්නා රීඩ් සෙසු ප්‍රධාන චරිත වලට රංගනයෙන් දායක වෙනවා. තවදුරටත් මේ චිත්‍රපටියට සම්බන්ධ පිරිස ගැන කතා කරනවා නම්, පොදුවේ ඔවුන් සියළු දෙනාම පාහේ මේ වෙනකොට ජීවතුන් අතර නැහැ කියන එකත් සඳහන් කරන්න වෙනවා.

ඉතින් මීට අවුරුදු 70 කට විතර කලින් තිරගත වුණ මේ චිත්‍රපටිය බලල රසවිඳින්න කියල මම ඔයාලට අරාධනා කරනවා.

Gentlemen-rankers out on a spree,
Damned from here to Eternity,
God ha’ mercy on such as we,
Baa! Yah! Bah!

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ NCJD සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post From Here to Eternity (1953) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/from-here-to-eternity-1953-sinhala-subtitles/feed/ 0