Harvey Guillén Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/harvey-guillen/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 30 Sep 2024 15:45:50 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Harvey Guillén Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/harvey-guillen/ 32 32 The Garfield Movie (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-garfield-movie-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-garfield-movie-2024-sinhala-subtitles/#respond Wed, 10 Jul 2024 09:02:37 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=72183 The Garfield Movie Sinhala Sub The Garfield Movie Sinhala Subtitles The Garfield Movie (2024) Sinhala Sub The Garfield Movie (2024) Sinhala Subtitles

The post The Garfield Movie (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Garfield Movie Sinhala Sub
The Garfield Movie Sinhala Subtitles
The Garfield Movie (2024) Sinhala Sub
The Garfield Movie (2024) Sinhala Subtitles

The post The Garfield Movie (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-garfield-movie-2024-sinhala-subtitles/feed/ 0
Wish (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/wish-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/wish-2023-sinhala-subtitles/#respond Thu, 01 Feb 2024 00:57:13 +0000 https://sinhalasub.life/?post_type=movies&p=65696 Wish Sinhala Sub Wish Sinhala Subtitles Wish (2023) Sinhala Sub Wish (2023) Sinhala Subtitles

The post Wish (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Wish Sinhala Sub
Wish Sinhala Subtitles
Wish (2023) Sinhala Sub
Wish (2023) Sinhala Subtitles

The post Wish (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/wish-2023-sinhala-subtitles/feed/ 0
Strays (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/strays-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/strays-2023-sinhala-subtitles/#comments Sat, 23 Sep 2023 08:26:47 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=54575 Strays Sinhala Sub Strays Sinhala Subtitles Strays (2023) Sinhala Sub Strays (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! හුරතලේට සත්තු ඇති කරන්න අපි ගොඩ දෙනෙක් පුරුදු වෙලා ඉන්නවා. එහෙම ඇති කරන සත්තු අතරින් බල්ලන්ට ලැබෙන්නේ විශේෂ තැනක්. සමහර බල්ලන්ට ලැබෙන සැලකිල්ල ගෙදර මිනිස්සුන්ට වත් ලැබෙන්නේ නැහැ. උන්ට සුපිරි සැප. වෙලාවට කෑම, බීම, බෙහෙත්, ඉන්න වෙනමම තැනක්. […]

The post Strays (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Strays Sinhala Sub
Strays Sinhala Subtitles
Strays (2023) Sinhala Sub
Strays (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

හුරතලේට සත්තු ඇති කරන්න අපි ගොඩ දෙනෙක් පුරුදු වෙලා ඉන්නවා. එහෙම ඇති කරන සත්තු අතරින් බල්ලන්ට ලැබෙන්නේ විශේෂ තැනක්. සමහර බල්ලන්ට ලැබෙන සැලකිල්ල ගෙදර මිනිස්සුන්ට වත් ලැබෙන්නේ නැහැ. උන්ට සුපිරි සැප. වෙලාවට කෑම, බීම, බෙහෙත්, ඉන්න වෙනමම තැනක්.

ඔය අතරේ තව බල්ලෝ කණ්ඩායමක් ඉන්නවා අපි හැමෝටම පාරේ යනකොට හම්බවෙන. උන්ට අපි සරලවම කියන්නේ වල් බල්ලෝ කියලා. මම මේ කියන්නේ කකුල් හතරේ වල් බල්ලෝ ගැන හොඳේ. අන්න එහෙම වල් බල්ලන් ගැන කියවෙන කතාවක් තමයි අද මෙ අරන් එන්නේ.

චිත්‍රපටයේ නම Strays. රඟපාන්නේ බල්ලෝ. එක බැල්ලියෙකුත් ඉන්නවා. මේ කතාව බලන කොට මට මුලින්ම මතක් උනේ Cats & Dogs චිත්‍රපටය. වෙනසකට තියෙන්නේ මේ චිත්‍රපටයේ පූසෝ නැහැ. ඒ වෙනුවට ඇති තරම් කුණුහරුප නම් තියනවා. ඉතින් කියන්න ඕන සමහර කුණුහරුප අපි ඒවායේ ඇත්ත සිංහල වචන වලට කිට්ටු වෙන්න පරිවර්තනය කරා නැත්නම් කතාවේ රසය අඩු වෙන නිසා. ඒ වගේම කියන්න ඕන මේක විහිලු කතාවක් නිසා මුල ඉඳන් අග වෙනකල්ම හොඳට හිනා වෙවී බලන්න පුළුවන් ඔයාලා හැමෝටම.

එහෙනම් කතාව ගැන පුංචි ඉඟියක් දෙන්නම්. රෙජී (Will Ferrell) කියන්නේ හුරතලේට ඇති කරපු බල්ලෙක්. එයාගේ හාම්පුතා තමයි ඩග් (Will Forte). හැබැයි ඩග්ට රෙජීව පේන්න බැහැ. මොකද රෙජී නිසා ඩග්ගේ හොර වැඩ කෙල්ලට මාට්ටු වෙනවා. ඒ වගේම ගෙදර පිළිවෙලට තියා ගන්නත් අමාරු වෙනවා. ඒ නිසා ඩග් තීරණය කරනවා රෙජීව ඈතක ගිහින් දාලා අතරමං කරන්න. එහෙම අතරමං කරන රෙජීට පාරේ ඉන්න වල් බල්ලෝ තුන් දෙනෙක් සෙට් වෙනවා. ඒ තමයි බග් (Jamie Foxx), හන්ටර් (Randall Park) සහ මැගී (Isla Fisher). ගජ යාළුවො වෙන මේ කට්ටිය එකතු වෙලා ඩග් ගෙන් ඒ කියන්නේ රෙජීගේ හාම්පුතා ගෙන් පළි ගන්න හැටි තමයි කතාවෙන් කියන්නේ. ඒ පළි ගන්න විදිහ නම් බලන්නම ඕන කියලා වැඩක් නැහැ.

Strays ලංකාවේ නම් පෙන්නුවේ නැහැ. සමහර විට තියන කුණුහරුප නිසා වෙන්න ඇති. චිත්‍රපටය විදේශ රටවල ප්‍රදර්ශනය ආරම්භ උනේ අගෝස්තු 18. Universal Pictures විසින් බෙදා හැරපු මේ චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කරේ Josh Greenbaum. ඒ වගේම මේකට IMDb 6.3 අගයකුත් Rotten Tomatoes 55% අගයකුත් ලැබිලා තියනවා. පුද්ගලිකව මගේ අදහස නම් මීට වඩා රේටින් ලැබෙන්න ඕන කියන එකයි. මොනවා උනත් කතාවේ රසයට නම් මේ රේටින් අදාල නැහැ. Josh Greenbaum ප්‍රධාන නළු නිලි බල්ලන් 4 දෙනා එක්ක

චිත්‍රපටය රූගත කරන අවස්ථාවක්

ලිපිය ඉවර කරන්න චිත්‍රපටයේ වල් බල්ලන් වෙනුවෙන් රෙජී හඳුන්වා දෙන නීති තුනක් සඳහන් කරන්න හිතුනා.

1. වල් බල්ලන්ට දෙයක් අයිති කරගන්න ඕන නම් ඒකට චූ කරන්න ඕන
2. වල් බල්ලන්ට කැමති දේකට ඇති තරම් සෙක්ස් කරන්න පුළුවන්
3. වල් බල්ලෝ තනි වෙලා නැහැ

එහෙනම් කතාව බලලා කමෙන්ට් එකකතු දාගෙන යන්න කියලා ආරාධනා කරනවා හැමෝටම…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ යුරාන් ධනුක සහ චාමිකර විදානගේ සහෝදරයන්ගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Strays (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/strays-2023-sinhala-subtitles/feed/ 1
Blue Beetle (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/blue-beetle-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/blue-beetle-2023-sinhala-subtitles/#comments Wed, 20 Sep 2023 06:52:58 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=54450 Blue Beetle Sinhala Sub Blue Beetle Sinhala Subtitles Blue Beetle (2023) Sinhala Sub Blue Beetle (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! “Marvel” කොමික්ස්ලට Marvel Cinematic Universe එක තියෙනව වගේ DC ආයතනයට වෙන් වෙලා තියෙන ශෙයාඩ් යුනිවර්ස් එක වෙන්නේ DCEU, එහෙමත් නැත්තම් DC Extended Universe එක. MCU නම් අද වෙද්දී සිනමා ඉතිහාසය තුළ එතෙක් මෙතෙක් වැඩිම […]

The post Blue Beetle (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Blue Beetle Sinhala Sub
Blue Beetle Sinhala Subtitles
Blue Beetle (2023) Sinhala Sub
Blue Beetle (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

“Marvel” කොමික්ස්ලට Marvel Cinematic Universe එක තියෙනව වගේ DC ආයතනයට වෙන් වෙලා තියෙන ශෙයාඩ් යුනිවර්ස් එක වෙන්නේ DCEU, එහෙමත් නැත්තම් DC Extended Universe එක. MCU නම් අද වෙද්දී සිනමා ඉතිහාසය තුළ එතෙක් මෙතෙක් වැඩිම ආදායමක් ඉපයූ චිත්‍රපට මාලාව බවට පත්වෙලා තියෙද්දී, DCEU එක ලප් තැනම ෆ්ලොප් වෙලායි ඉන්නේ. 2013 Man Of Steel චිත්‍රපටයෙක් සුපිරිම ආරම්ඹයක් ගත්තත් DCEU එකට ඒ සාර්ථකත්වය දිගටම රැකගෙන යන්න නොහැකි වුණා. දක්ෂ රංගන ශිල්පීන්, අධ්‍යක්ෂකවරයින් එක්ක පටන් ගත්තු ඒ දැවැන්ත ගමන අවසන් වුණේ අන්තිමේදී ෆෑන්ස්ලව වගේම මේ නිර්මාණයන් වෙනුවෙන් දායක වුණු අයවත් ව්‍යාකූල තත්ත්වයට ඇද දමලයි. ඉතිං ආයෙ ගොඩ එන්න බැරි තරම් වැඩේ වැරදුණාම ගන්න තියෙන අනිත් පියවර මොකද්ද ආයෙ මුල ඉඳන් පටන් ගන්න එක ඇරුණම…?

ඉතිං ඉදිරි වසර කිහිපය තුළ DCEU එක “DC Universe” නමින් ආයෙත් අලුත්ම ආරම්භයක් අරගන්න සූදානම්. ඒ Guardians of the Galaxy චිත්‍රපට ත්‍රිත්වය වගේම DC ලගෙ The Suicide Squad (2021) සහ Peacemaker රූපවාහිනී කතා මාලාව නිර්මාණය කරපු ජේම්ස් ගන්ගේ සැලසුම් අනුව. හැබැයි මේ තීරණය ගන්න කලින් නිනිශ්පාදන මට්ටමේ තිබුණු චිත්‍රපට ටිකත් අතාරින්න නම් WBD ලාගේ සූදානම් නැහැ. ඒ නිසයි SHAZAM!: The Fury of the Gods, The Flash වගේම අද මේ අරන් එන Blue Beetle චිත්‍රපටයත් සාර්ථක වෙන්න හෝ අසාර්ථක වෙන්න කියලා සිනමාශාලාවලට නිකුත් වෙන්නේ.
බාදා ගණනාවක් මැද නිකුත් වුණු මේ චිත්‍රපටය ගැන කතා කරන්න බොහෝ දේවල් තිබෙනවා. ඒත් ඊට කලින් පුරුදු විදිහට දන්න නොදන්න හැමෝම වෙනුවෙන් චිත්‍රපටයේ ප්‍රධාන චරිතයේ ඉතිහාසය ගැන ටිකක් අවුස්සලාම ඉමු.

⏩ කවුද මේ “Blue Beetle” (බ්ලූ බීට්ල්) කියන්නේ?

බ්ලූ බීට්ල්ගේ කොමික් පසුබිම නම් ටිකක් දුරට සංකීර්ණ එකක් කිව්වට වරදක් නැහැ. මොකද කොමික් දිහා බලද්දී බ්ලූ බීට්ල් කියන්නේ එක චරිතයක් නෙවෙයි… චරිත තුනක්!

1939 අවුරුද්දේ අගෝස්තු මාසෙදී Fox Comics ආයතන විසිනුයි මුලින්ම බ්ලූ බීට්ල් චරිතය ලෝකයට හඳුන්වලා දෙන්නේ. ඔව්, මේ චරිතය මුලින්ම DC කොමික් පිටු අතරින් බලාගන්න ලැබුණු එකක් නෙවෙයි. 1939 වසරේ ඉඳන් විවිද කොමික් ආයතන අතින් බ්ලූ බීට්ල් චරිතය ප්‍රකාශයට පත් වෙනවා. ප්‍රධාන වශයෙන් Fox කොමික් ආයතනයෙන් Charlton කොමික් ආයතනයටත්, ඔවුන්ගෙන් AC ලා අතට ගිහින් DC නිවසටත් බ්ලූ බීට්ල්ගේ ප්‍රකාශන අයිතිය හිමි වෙනවා. මේ චරිතයේ අනන්‍යතාවය කාලෙන් කාලෙට වෙනස් වෙන්නත් මේ ප්‍රකාශන ආයතනවල වෙනස්වීම හේතු වුණා. ඒ නිසා අපි බ්ලූ බීට්ල්ව එක චරිතයක් විදිහට වඩා පරම්පරාවෙන් පරම්පරාවය බෙදිල යන “තනතුරක්” විදිහට හැඳුන්නුවොත් තමයි වඩා සුදුසු වෙන්නේ.

ඉතිං මේ වෙද්දී හිටපු ප්‍රධානම බ්ලූ බීට්ල්ලා තුන්දෙනෙක් ඉඳලා තියෙනවා. ඔවුන් තමයි,

Dan Garrett
Ted Kord
Jaime Reyes

ඩෑන් ගැරට්

(ඩෑන් ගැරට්)

කොමික් ඉතිහාසයේ “ගෝල්ඩන් ඒජ්” එක අතර තුර නිර්මාණය වුණු පළවෙනි බ්ලූ බීට්ල් වෙන්නේ ඩෑන් ගැරට්. මෙයා තමා “බ්ලූ බීට්ල්” නම මුලින්ම අරගත්තු සුපිරි වීරයා වෙන්නේ. ඩෑන් බ්ලූ බීට්ල් බවට පත් වුණු විදිහත් කාලෙන් කාලෙට වෙනස් වෙලා තියෙන බව කියන්නම ඕනේ. ඩෑන්ටත් ප්‍රධාන ඔරිජින් ස්ටෝරීස් දෙකක් තියෙනවා.

පළවෙනි ඔරිජින් ස්ටෝරි එකට අනුව නම් ඩෑන්ට Vitamin 2X කියන රසායනය නිසා සුපිරි බලයක් හිමි වෙලයි පොර සුපිරි වීරයෙක් බවට පත් වෙන්නේ.

මේ විටමින් 2X කතාවත් පස්සෙ කාලෙක චාල්ටන් කොමික්ස්ලා වෙනස් කරන්න තීරණය කරනවා. ගෝල්ඩන් ඒජ් එකේදි විටමින් 2X එකෙන් ඩෑන්ට සුපිරි බලයක් හිමි වුණාට සිල්වර් ඒජ් එකට එද්දී චාල්ටන්ලා “Scarab” එක හඳුන්වලා දීලා වෙනස්ම පැත්තකට බ්ලූ බීට්ල්ව අරගෙන යනවා. (ස්කැරබ් එක ගැන තව ටික්කින් මම කියන්නම්)

ටෙඩ් කෝඩ්

ඩෑන්ගෙන් පස්සේ බ්ලූ බීට්ල් මැන්ට්ල් එක පාස් වෙන්නේ ටෙඩ් කෝඩ් කියන මිලියනපති ව්‍යාපාරිකයා අතටයි. චාල්ටන් කොමික්ස්ලා බ්ලූ බීට්ල් චරිතය වෙනස්ම පැත්තකට අරන් යන්නේ ටෙඩ් කෝඩ් අතට බ්ලූ බීට්ල් තනතුර ලබාදීලයි.

ටෙඩ්ගේ කලින් හිටිය පළවෙනි බ්ලූ බීට්ල් වෙන ඩෑන් ගැරට්ව චාල්ටන් කොමික්වල පෙන්වන්නේ පුරාවිද්‍යාඥයෙක් විදිහට. ඊජිප්තුවේ කැණීම් කටයුත්තක් අතර තුර ස්කැරබ් කියන පිටසක්වළ උපකරණය හොයාගත්තට පස්සේ ඩෑන්ට සුපිරි බලයන් හිමි වෙනවා. ස්කැරබ් එකෙන් ලැබෙන බලයන්ගේ උදවුවෙන් කාලයක් පුරා අපරාධවලට එරෙහිව සටන් කරන ඩෑන්ට ජාවිස් කෝඩ් නම් සතුරෙක් එක්ක ගැටෙන්න සිද්ද වෙනවා. මේ ජාවිස් කෝඩ්ගේ බෑණා තමයි ටෙඩ් කෝඩ් කියන්නේ. ජාවිස්ගේ සැලැස්ම තමා රොබෝ හමුදාවක් හදලා ලෝකෙම පාලනය තමන්ගේ අතට අරගන්න එක. සිදුවීම් කිහිපයකට පස්සේ ටෙඩ් තමන්ගේ මාමාව පරද්දන්න ඩෑන්ට උදවු කරන්න තීරණය කරනවා. ජාවිස්ට නෑකමින් සම්බන්ධකම් කියද්දී ටෙඩ් ශිෂ්‍යයෙක් විදිහට ඩෑන්ව හඳුනගන්න නිසා මේ දෙන්නා අතර ලොකු විශ්වාසයක් ගොඩනැගෙනවා.

ජාවිස් එක්ක සටන ඩෑන් ජයගත්තත් අවසානාවන්ත විදිහට ඔහු එක්කම මිය යන්න ඩෑන්ට සිද්ද වෙනවා. ඉතිං ඩෑන් තමන්ගේ ශිෂ්‍යයා වගේම විශ්වසනීය සහයකයා වුණු ටෙඩ්ටයි තමන්ගෙ බ්ලූ බීට්ල් ලෙගසි එක පාස් කරන්නේ. ඒත් මෙතන ලොකු අවුලක් තිබුණා. ඩෑන්ට සුපිරි බලයන් ලබාදුන්නූ “ස්කැරබ්” එක ටෙඩ් එක්ක සම්බන්ඳ වෙන්නේ නැහැ. මේ හේතුව නිසා ටෙඩ්ට ඩෑන්ට ලැබුණා වගේ කිසිම සුපිරි බලයක් හිමි වෙන්නේ නැහැ. ඒත් ඒ දෙයින් සැලෙන්නෙ නැති ටෙඩ් දැවැන්ත “කෝර්ඩ් ඉන්ඩස්ට්‍රි” එකේ අයිතියත් අරගෙන තාක්ෂණය යොදාගෙන “බ්ලූ බීට්ල්” සුපිරි වීරයා බවට පත් වෙනවා. පොරට කිසිම සුපිරි බලයක් නැහැ, තනිකරම ටෙඩ් ගේම ගහන්නේ ගැජට්වලින් විතරයි.

(ටෙඩ් කෝඩ් දෙවෙනි බ්ලූ බීට්ල් ලෙසින්)

ටෙඩ්ගේ දෛවය සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්නේ ’80 ගණන්වල මැද භාගයේ DC ලා බ්ලූ බීට්ල් චරිතයේ සියලුම හිමිකම් තමන්ගේ අතට අරගත්තට පස්සෙයි. ටෙඩ්ට ලොකු වටිනාකමක් දෙන DC ලා ඔහුව ජස්ටිස් ලීග් සාමාජිකයෙක් කරනවා විතරක් නෙවෙයි, බූස්ටර් ගෝල්ඩ් කියන තවත් ප්‍රධාන චරිතයක් සමග ලොකු මිත්‍රත්වයක් ටෙඩ්ට ලබාදෙනවා. ඒ විතරක් නෙවෙයි, DC විශ්වයේ ඉන්න බුද්ධිමත්ම චරිතයක් විදිහටයි ටෙඩ් කෝඩ්ව හඳුන්වන්නේ.

Jaime Reyes

(ජේමි රෙයෙස් බ්ලූ බීට්ල් ලෙසින්)

වර්තමානයේ බ්ලූ බීට්ල් ලෙගසි එකට හිමිකම් කියන, මේ ෆිල්ම් එකෙත් ප්‍රධාන චරිතය වෙන තුන්වෙනි බ්ලූ බීට්ල් වෙන්නේ හයිමේ රෙයෙස්. හයිමේ කියන්නේ මෙක්සිකන්- ඇමරිකන් ජාතික සුපිරි වීරයෙක්. 2006 Infinite Crisis කොමික් එකෙන් පස්සේ අද වෙනකන් හැම කොමික්, ඇනිමේශන් සීරීස් එකකම වගේම ෆිල්ම් එකකත් බ්ලූ බීට්ල් ලෙගසි එකට හිමිකම් කියන්නේ හයිමේ විසින්.

හයිමේගේ බ්ලූ බීට්ල් ඔරිජින් එකට ප්‍රධාන කරගන්න පුලුවන් Infinite Crisis කොමික් සීරීස් එක. Infinite Crisis කොමික් එකේදි ලෝකය උඩු යටිකුරු කරන දැවැන්ත රහසිගත කුමන්ත්‍රණය හොයන්න ටෙඩ් කෝඩ් තමන්ගේ ජීවිතයම කැප කරනවා. සැලැස්මේ මහ මොළකරුව මුහුණට මුහුණ හමුවෙන්න කලින් ටෙඩ් විසින් ඩෑන්ගෙන් තමන්ට හිමිවුණු ස්කැරබ් එක ආරක්ෂිත අතකට ලබාදීලයි යන්නේ. මතකනේ මම උඩදි කිව්වා ස්කැරබ් එක ටෙඩ් එක්ක සම්බන්ඳ වෙන්න ප්‍රතික්ෂේප කරනව කියලා. ඉතිං ස්කැරබ් එකේ වැදගත්කම දන්න තව කෙනෙක් වෙන “SHAZAM” විසාඩ් අතට ටෙඩ් ස්කැරබ් එක ලබාදෙනවා. (ශසෑම් විසාඩ් කියන්නේ බිලී බැට්සන්ට ශසෑම් බලයන් ලබාදුන්නු මහලු මායාකාරයාට)

කොහොම හරි විසාඩ් ශසෑම්ටත් පහර දීමක් වෙන නිසා ස්කැරබ් එක ඔහු අතින් ගිලිහිලා යනවා. ඉතිං මේ ස්කැරබ් එක විසාඩ් ශඔසෑම්ගෙන් වෙන් වෙලා ගිහින් වැටෙන්නේ ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ එල් පාසෝ කියන ප්‍රදේශයට. මේ එල් පාසෝවල ජීවත් වෙන හයිමේ රෙයෙස් කියන ගැටවර වයසේ කොල්ලෙක් අහම්බෙන් දැකලා ස්කැරබ් එක අහුල ගන්නවා. වාසනාවකට හෝ අවාසනාවකට ටෙඩ් එක්ක සම්බන්ඳ නොවුණු ස්කැරබ් එක හයිමේ එක්ක සම්බන්ඳ වෙලා තුන්වෙනි බ්ලූ බීට්ල්ව නිර්මාණය කරනවා. ඉතිං සරළ සාරාංශව කිව්වොත් මේක තමා වර්තමාන බ්ලූ බීට්ල්ගේ ඔරිජින් ස්ටෝරි එක.

⏩ ස්කැරබ් සහ බ්ලූ බීට්ල්

බ්ලූ බීට්ල් කියන්නේ නිකන්ම නිකන් සුපිරි බලයක් ලැබුණු පොඩි කොල්ලෙක් නෙවෙයි. මේ ෆිල්ම් එකේ ඉන්නේ DC විශ්වයේ ඉන්න බලවත්ම චරිතයක්. Young Justice ඇනිමේශන් සීරීස් එක එහෙම බලලා තියෙනව නම් මතක ඇතිනේ බ්ලූ බීට්ල් කොච්චර බලවත් වීරයෙක් වගේම භයානක සතුරෙක් වෙන්නත් පුලුවන්ද කියලා? පළවෙනි බ්ලූ බීට්ල් වෙන ඩෑන් ගැරට්ට වගේම වර්තමාන බ්ලූ බීට්ල් වෙන හයිමේටත් බලයන් ලැබෙන්නේ ස්කැරබ් එක නිසා. මේ දෙන්නටම බලයන් තිබිලා ටෙඩ් කෝඩ්ට විතරක් බලයන් නැති සාමාන්‍යය වීරයෙක් වෙන්නත් හේතුව ස්කැරබ් එකමයි.

ස්කැරබ් එකේ මූලාරම්භය කතා කරන්න නම් “Reach” (රීච්) ගැන කතා කරන්නම වෙනවා.

රීච් කියන්නේ DC පෘථිවියෙන් පිට විහිදුණු බලවත් පිටසක්වළ ශිෂ්ටාචාරයක්. රීච්ලාගේ අරමුණ වෙන්නේ තමන්ට පුලුවන් උපරිමයෙන්ම විශ්වය ආක්‍රමණය කරලා තමන්ගේ ශිෂ්ටාචාරය අනිත් ග්‍රහලෝකවලටත් පතුරන යන එක. විශ්වය ආක්‍රමණයට කරන්න නම් මෙයාලට කොච්චර බලවත් තාක්ෂණයක් ඇත්ද කියල හිතාගන්න පුලුවන්නේ. මෙයාලට ටෙලිපෝට් කරන තැනේ ඉඳන් ග්‍රහලෝක විනාශ කරන මට්ටමේ ආයුධ වගේම උපකරණත් තියෙනවා. රීච්ලා යුද්ධ කිරීම් අතින් “ග්‍රීන් ලැන්ටර්න් කෝප්ස්” එක සමග කරට කර ඉන්න බවත් කියන්නම ඕනේ.

සාමය මූලික කරගත්තු විශ්ව ආරක්ෂකයින් වෙන ග්‍රීන් ලැන්ටර්න්ලා සහ ලෝක ආක්‍රමණිකයන් වෙන යුධ ගැයුම් වුණු අවස්තා එමටයි. රීච්ලා සහ ග්‍රීන් ලැන්ටර්න්ලා අතර වුණු එක යුද්ධයක් අවසානයේ මේ දෙගොල්ලෝ එකඟතාවයකට එන්න තීරණය කරනවා. ඒ එකඟතාවයට අනුව රීච්ලාට ආයෙත් කිසිම යුද්ධයකින් කිසිම ලෝකයක් ආක්‍රමණය කරන්න නොහැකි තත්ත්වයට නීතියක් ලැන්ටර්න්ස්ලා අරන් එනවා. ලැන්ටර්න්වරුන් එක්ක ගැටිලා වෙන අවාසිය දැකපු රීච්ලා එක පියවරක් පස්සට තියල ඔවුන්ගේ නීතියට යටත් වෙන්න තීරණය කරන්නේ යටින් වෙනම සැලැස්මක් තියාගෙනයි.

මේ සිදුවීමෙන් පස්සෙයි “ස්කැරබ්” සංකල්පය රීච්ලා අතරට එන්නේ. ග්‍රීන් ලැන්ටර්න්ලගෙ වගේම ලෝකයක ජීවත් වෙන ජීවින්ගෙත් ඇස් වහලා කාටවත් නොදැනීම ආක්‍රමණය කරන්න රීච්ලා යොදාගෙන ප්‍රධානම රහස් ක්‍රමය වෙන්නේ ස්කැරබ්. තමන්ගේ අණසකට කීකරු ජීව ආයුධ නිර්මාණය කරන අරමුණ ඇතුවයි රීච්ලා ස්කැරබ් තාක්ෂණය හොයාගන්නේ. ස්කැරබ් එක සම්බන්ඳ වෙන ඕනම කෙනෙක්ගේ මනසේ වගේම ශරීරයේ සම්පූර්ණම පාලනය ගන්නත්, ඒ කෙනාව බලවත් යුධ “ආමර්” එකකින් ශක්තිමත් කරන්නත් ස්කැරබ් එකකට පුලුවන්. ඉතිං සුපිරි වීරයෙක් විදිහට හැඳින්නුවත් “බ්ලූ බීට්ල්” කියන්නෙත් රීච්ලා නිසා බලය ලැබුණු ජීව ආයුධයක්. බ්ලූ බීට්ල්ට බලයන් ලැබෙන්නේ “Khaji Da” නමින් හඳුන්වන එකම එක ස්කැරබ් එකක් නිසයි.

(ඛජී ඩා ස්කැරබ් එක)

ඉතිං ලෝක ගාණක් රහසේම ආක්‍රමණය කරමින් ගිය රීච්ලගේ අවදානය පෘථිවියටත් ලැබිල තියෙනවා. හැබැයි ඒ DC කොමික්වලත් ඊයේ පෙරේදා නෙවෙයි. පුරාවිද්‍යාඥයෙක් වුණු ඩෑන්ටත් Khaji Da ස්කැරබ් එක ලැබෙන්නේ Kha-Ef-Re කියන ඊජිප්තු රජුගේ සොහොනක තිබිලා. ඉතිං රීච්ලා පෘථිවිය ආක්‍රමණය කරන්න බලන් ඉන්නේ පුරාණ ඊජිප්තු ශිෂ්ටාචාරය පැවති කාලයේ ඉඳන් හෝ සමහර විට ඊටත් කලින්ම ඉඳන් කියලා මේකෙන් තහවුරු වෙනවා. ස්කැරබ් එක ගැන තවත් වැදගත් තොරතුරු ටිකක් කිව්වොත්,

  • ස්කැරබ් එකත් බෙන් 10 යුනිවර්ස් එකේ ඔම්නිට්‍රික්ස් එක වගේ දාරකයෙක්ගේ ඇගේ සවිවුණොත් ආයෙ ගලවන්න නම් බැහැ.
  • ස්කැරබ් එකක් හැම කෙනෙක්වම තමන්ගේ දාරකයා විදිහට තෝරගන්නෙත් නෑ.
  • ස්කැරබ් එකකට ඊටම කියල බුද්ධියක් තියෙනවා. තමන්ව වගේම තමන්ගේ දාරකයාවත් අවශ්‍යය අවස්තාවල ආරක්ෂා කරගන්න ඒකට පුලුවන්.
  • රීච්ලට ඕනම අවස්තාවකට ස්කැරබ් එකක් ඕවර්‍රයිට් කරලා ස්කැරබ් එක වගේම ඒකේ දාරකයාවත් තමන්ට කැමති විදිහට පාලනය කරන්නත් පුලුවන්.
  • Khaji Da ස්කැරබ් එක හයිමේගේ කොඳු නාරටියට සම්බන්ඳ වෙනවා. මුල් කාලෙදි නම් හයිමේට ස්කැරබ් එකේ බලයන් පාලනය කරන්න අමාරු වෙනවා. ෆිල්ම් එකේ මුල් හරියෙත් පොර ස්කැරබ් එක නිසා අමාරුවෙ වැටෙන්නේ මේ නුහුරු ගතිය නිසයි. ඉතිං දාරකයෙක්ට ස්කැරබ් එකක සම්පූර්ණ පාලනය ගන්න ඕනෙ නම්, සෑහෙන කාලයක් ඒක අධ්‍යයනය කරන්න වෙනවා.
  • ස්කැරබ් එක සාමාන්‍යයෙන් පොඩි කෘමියෙක්ගේ ස්වරූපයෙන් තිබුණත් මේකට විශාල ආමර් එකක් විදිහට විශාලනය වෙන්න හැකියාව තියෙනවා.
  • ස්කැරබ් එකක් ක්‍රියාත්මක වෙන්නේ තමන්ගේ දාරකයා අනතුරක වැටුණු අවස්තාවක. තමන්ගේ දාරකයාට ඕන වුණත් නැතත් අනතුරක් දැනුණු ගමන්ම ඊට අවශ්‍යය ක්‍රියාමාර්ග අරගන්න ස්කැරබ් එක තීරණය කරනවා.
  • එකම එක යුධ ඇඳුමකට විතරක් සීමා නොවී ශක්තීන් පාවිච්චි කරලා එක එක ආයුධ නිර්මාණය කරන්නත් ස්කැරබ් එකකට පුලුවන්.
  • ස්කැරබ් එකකට පියාසර කිරීමේ හැකියාව තියෙනවා.
  • ස්කැරබ් එකකට තමන්ගේ දාරකයාගේ භාෂාව අනුව සන්නිවේදනය කිරීමේ හැකියාවත් තියෙනවා.
  • ස්කැරබ් එකක් නිර්මාණය වෙන්නේ යුධ ආයුධයක් විදිහටනේ. ඉතිං රීච්ලාගේ දියුණු තාක්ෂණය නිසා ස්කැරබ් එකකට අවශ්‍යය ඕනෑම තර්ජනයකට ගැලපෙන්න වෙනස් වෙන්නත් පුලුවන්. ඉතිං පෘථිවියෙන් එහා විශ්වයේ තාක්ෂණයට වගේම මැජික්වලටත් ඔරොත්තු දීමේ හැකියාව මේකට තියෙනවා.

දැන් ඔයාලට තේරෙනවා ඇතිනේ බ්ලූ බීට්ල් කෙනෙක්ගේ ප්‍රධානම අවිය වගේම බල මූලාශ්‍රය වෙන්නෙත් මේ ස්කැරබ් එක කියලා. කොහොම හරි ටෙඩ් කෝඩ්ට අනිත් දෙන්නා තරම් බලවත් බ්ලූ බීට්ල් කෙනෙක් වෙන්න බැරි වුණත් තමන්ගෙම තාක්ෂණය යොදාගෙන වෙනස්ම විදිහේ බ්ලූ බීට්ල් කෙනෙක් වෙන්න ඔහුට පුලුවන් වෙනවා. ටෙඩ් කෝඩ්ගේ බ්ලූ බීල්ට්ලුත් ටිකක් දුරට බැට්මෑන්ට සමාන වෙන්නේ මේ නිසයි.

⏩ බ්ලූ බීට්ල් චිත්‍රපටයට ආවොත්…

ප්‍රධාන බ්ලූ බීට්ල්ලාගෙන් තුන්වෙනියව ප්‍රධාන කරගෙනයි 2023 ලයිව් ඇක්ශන් බ්ලූ බීට්ල් චිත්‍රපටය නිශ්පාදණය වෙලා තියෙන්නෙ. මේ ෆිල්ම් එක මුලදි HBO Max වෙනුවෙන් ස්ට්‍රීමින් කරන්න විතරක් නිර්මාණය වුණත් Warner Bros. Discovery ලා මේක සිනමාශාලා වෙනුවෙන් නිකුත් කරන්න තීරණය කරනවා. ඒත් අන්තිමේට නිකුත් වුණු DCEU චිත්‍රපටවල දෛවයටම සමාන ඉරණමක්මයි බ්ලූ බීට්ල්ටත් ලැබුණේ. විචාරක පැසසුම් ටිකක් ධනාත්මක පැත්තට කැරකුණත් ආදායම් අතින් නම් සතුටු වෙන්න විදිහක් නැහැ. DCEU චිත්‍රපටයක් ලබාගත් අඩුම ආදායම ලැබුණු වාර්තා කරමින් ඩොලර් මිලියන 104 ක පිරිවැයකට එරෙහිව ඩොලර් මිලියන 120 ක ආදායමක් පමණයි චිත්‍රපටය උපයන්න සමත් වෙන්නේ. ඒත් ෆ්ලෑශ් තරන් මාකට් වෙන්නෙත් නැතුව අනිත් පැත්තට ස්ට්‍රීමින් විතරක් වැටෙන්න තිබුණු ෆිල්ම් එකක් විදිහට බජට් එක කවර් කරගත්තු එකත් ලොකු දෙයක් කියල කියන්න පුලුවන්. අනික ෆිල්ම් එක සිනමාශාලාවලට නිකුත් වුණෙත් බාධාවන් ගොඩක් මැද්දෙයි.

බ්ලූ බීට්ල් චිත්‍රපටය අයිති වෙන්නේ පරණ DCEU එකටද නැත්නම් ජේම්ස් ගන් පටන් ගත්තු අලුත් DCU එකටද කියලා තාමත් පැහැදිලි තහවුරු කිරීමක් නැහැ. චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයාට අනුව මේක අලුත් DCU එකේ කොටසක් වුණත් ජේම්ස් ගන් සහ පීටර් සෆ්‍රාන් තාමත් මේ කාරණාව ගැන ව්‍යාකූල වෙලා ඉන්න බවයි පෙනෙන්න තියෙන්නේ. ළඟදි තිබුණු ඉන්ටර්වීව් එකකදී බ්ලූ බීට්ල් චිත්‍රපටය අලුත් විශ්වයේ කොටසක් නොවෙන බව ජේම්ස් ගන් කියලත් තිබුණා.

චිත්‍රපටයේ ප්‍රවර්ධන කටයුතු සිද්ද වුණෙත් SAG-AFTRA දැවැන්ත හොලිවුඩ් වැඩ වර්ජනය වෙන කාලෙදි. ස්ට්‍රයික් එක නිසා මාකටින් වැඩවලට චිත්‍රපටයේ ප්‍රධාන රංගන ශිල්පීන් පවා සහභාගී වීම.ප්‍රතික්ෂේප කරා. බැරිම තැන DC රසිකයින් එකතු වෙලා චිත්‍රපටයේ ප්‍රවර්ධන කටයුතු ආරම්ඹ කරන්න පවා පෙළඹුනා.

කොහොම හරි ප්‍රශ්න ගොඩක් මැද නිර්මාණය වෙලා ප්‍රශ්න ගොඩක් ඉතුරු කරපු මේ අපූරු චිත්‍රපටය මෑත කාලයේ බිහිවුණු ටිකක් හොඳ සෝලෝ කොමික් චිත්‍රපටයක් කියල බොහෝ දෙනා එකඟ වෙනවා. ලයිව් ඇක්ශන් තිරයෙන් වැඩිය කතා බහ නොවුණු බ්ලූ බීට්ල්ගේ ඉතිහාසය වගේම හයිමේ රෙයෙස්ගේ චරිතයත් හොඳට ඉස්මතු කරන්න මේ ෆිල්ම් එක නම් සමත් වෙලා තියේ. අන්තිමේට රිලීස් වුණු ෆ්ලෑශ් චිත්‍රපටයට වඩා CGI වලින්, එන්ඩින් එකෙන් එහෙම බ්ලූ බීට්ල් සෑහෙන ඉස්සරහින් ඉන්නවා කියලයි මට නම් හිතෙන්නේ.

චිත්‍රපටයේ ප්‍රධාන කාස්ට් එකෙනුත් අපිට හුරු පුරුදු මුහුණු කිහිපයක් බලාගන්න පුලුවනි. හයිමේ රෙයෙස් aka. Blue Beetle චරිතයට පන පොවන්නෙ Cobra Kai සීරීස් එකේ අපේ මිගෙල්ට රංගනය ලබාදුන්නු Xolo Mariduena විසින්. Xolo නම් බ්ලූ බීට්ල් චරිතයට හොඳ සාධාරණයක් ඉශ්ට කරනවා. සමහර විට අලුත් විශ්වයෙත් හයිමේ විදිහට පොරව දිගටම බලාගන්න ලැබෙයි. ඔහු එක්ක Bruna Marquezine, Adriana Barraza, Damian Alcazar, Susan Sarandon, George Lopez සහය රංගනය ලබාදෙනවා. චිත්‍රපටය අධ්‍යක්ෂණය වෙන්නේ Angel Manuel Soto අතින්. IMDB දර්ශකයේ 6.6 ක් වගෙම කුණු තක්කාලි මීටරෙත් 78% කට කරකන්න මේ ෆිල්ම් එකට පුලුවන් වෙලා තියේ.

කොහොම හරි මේ වසරේ නිකුත් වෙන අවසන් DC චිත්‍රපටය මේකම නෙවෙයි. Aquaman: The Lost Kingdom චිත්‍රපටයෙනුයි 2023 DC ලයින් අප් එක අවසන් වෙන්න නියමිත වෙලා තියෙන්නේ.

එහෙනම් ඉතිං බ්ලූ බීට්ල් ගැන ලොකු විස්තරයෙන් පස්සේ ඉතුරු හරිය ඔයාලට ඉතුරු කරලා සමුගන්නයි මේ සූදානම් වෙන්නේ. එහෙනම් ආයෙත් හමුවෙන බලාපොරොත්තුව ඇතුව දැනට සමුගන්නවා.

“The universe has sent you a gift, and you have to figure out what to do with it.”

(“විශ්වය ඔයා වෙනුවෙන් තෑග්ගක් එවලා තියෙන්නේ, ඒ දේ කොහොමද පාවිච්චි කරන්නේ කියලා හොයාගන්න එක ඔයාට භාරයි.”)

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ Bimsara Yashan (ඔලිව) සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Blue Beetle (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/blue-beetle-2023-sinhala-subtitles/feed/ 5
Puss in Boots: The Last Wish (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/puss-in-boots-the-last-wish-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/puss-in-boots-the-last-wish-2022-sinhala-subtitles/#comments Thu, 13 Jul 2023 14:40:01 +0000 https://sinhalasub.net/?post_type=movies&p=35011 Puss in Boots: The Last Wish Sinhala Sub Puss in Boots: The Last Wish Sinhala Subtitles Puss in Boots: The Last Wish (2022) Sinhala Sub Puss in Boots: The Last Wish (2022) Sinhala Subtitles Name – Puss in Boots: The Last Wish Directed by – Joel Crawford Screenplay by – Paul Fisher , Tommy Swerdlow […]

The post Puss in Boots: The Last Wish (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Puss in Boots: The Last Wish Sinhala Sub
Puss in Boots: The Last Wish Sinhala Subtitles
Puss in Boots: The Last Wish (2022) Sinhala Sub
Puss in Boots: The Last Wish (2022) Sinhala Subtitles

Name – Puss in Boots: The Last Wish
Directed by – Joel Crawford
Screenplay by – Paul Fisher , Tommy Swerdlow
Story by – Tommy Swerdlow , Tom Wheeler
Based on – Characters from Shrek by DreamWorks Animation
Puss in Boots by Giovanni Francesco Straparola
Produced by – Mark Swift
Edited by – James Ryan
Music by – Heitor Pereira
company – DreamWorks Animation
Distributed by – Universal Pictures
Release dates – December 13, 2022
Running time – 102 minutes
Country – United States
Language – English
Budget – $90 million
Box office – $197.4 million

ආයුබෝවන් යාලුවො හැමෝටම?♥

ඔන්න 2023 අවුරුද්දෙ පළවෙනියටම සබ් ගෙනාවෙ Puss in Boots: The Last Wish ෆිල්ම් එකට..
වැඩි විස්තර ඕන නෑනෙ කවුරුත් puss in boots ව දන්නවනෙ අනිවාරෙන් shrek ෆිල්ම් සෙට් එක බලපු කෙනෙක් දන්නවා මූ දීපු ආතල් ?ඉතින් අවුරුදු ගාණකට පස්සෙ අපිට dream works විසින් Puss in Boots ෆිල්ම් එකක් බලාගන්න ලැබුනා.

DreamWorks Animation විසින් නිෂ්පාදනය කරපු Universal Pictures විසින් බෙදාහැරපු මේ ෆිල්ම් එක Puss in Boots (2011) එකෙන් පස්සෙයි අපට බලාගන්න ලැබුනෙ. මේ චිත්‍රපටිය Joel Crawford විසින් අධ්‍යක්ෂණය කරා. puss in Boots එකේ දෙවෙනි ෆිල්ම් එකකට සැලසුම් 2012 නොවැම්බර් මාසෙදි පටන් ගන්න හිතන් හිටියත් පස්සෙ ඒක 2014 අප්‍රේල් මාසයේදී පටන් ගත්තා.

චිත්‍රපටියේ නම Puss in Boots 2: Nine Lives & 40 Thieves විදිහට 2014 ජුනි මාසයේදී ප්‍රකාශයට පත් කරා.. සංවර්ධන ගැටලු වල හිරවුනාට පස්සෙ, Illumination නිර්මාතෘ වගේම ප්‍රධාන විධායක නිලධාරී Chris Meledandri විධායක නිෂ්පාදකයෙකු විදිහට 2018 නොවැම්බර් මාසයේදී ආයෙත් තහවුරු කරා..පළවෙනි චිත්‍රපටයේ කතා ප්‍රධානියා වගේම Sony Pictures Animation එකේ Spider-Man: Into the Spider-Verse (2018) හි අධ්‍යක්ෂවරු තුන්දෙනාගෙන් එක් කෙනෙක් 2019 පෙබරවාරි මාසයේදී. Crawford පස්සෙ 2021 මාර්තු මාසයේදී අලුත් අධ්‍යක්ෂකවරයා විදිහට ප්‍රකාශයට පත් කරන කරා…ඒකයි මේකෙ ඇනිමේෂන් ටිකක් spider mand into spiderverse එකේ වගේ තියෙන්නෙ..

හරි වැඩි කතා ඕන නෑ අපි පොඩි සාරාංෂයක් බලමු..?♥

බූට් පූස් එයාගෙ සුපුරුදු වික්‍රාමාන්විත ජීවිතේ නම් අතෑරලා නෑ. පාටියෙන් පාටියට නගරෙන් නගරෙට වික්‍රමාන්විත. ඉතින් දවසක් ඩෙල් මාර් ගමේ පාටියකදි ඇහැරුනු යෝධයෙක්ව මෙල්ල කරන්න ගිහින් මෙයාට අනතුරක් වෙනවා.ඩොක්ටර් කියනවා මෙයාගෙ පණ 9 යෙන් පණ 8 ක් ගිහින් කියලා.. ඒවගේම මෙයාට විශ්‍රාම ගන්න කියලා..ඔය අතරෙ මෙයාගෙ හතුරෙක් මෙයාව හොයාගෙන එනවා පූස්ට කවදාවත් නැති බයක් දැනෙන්න ගන්නවා.ඉතින් මෙයා පැනලා යනවා. මෙයාට ආරංචි වෙනවා ප්‍රාර්ථනා තරුවක් ගැන.. ඉතින් මෙයා ජීවිත වෙනුවෙන් තාරකාව හොයාගෙන යනවා..පූස් ට ඒක හොයාගන්න පුළුවන් වෙයිද?
බලමු කතාවෙන්ම..

ඉතින් අරාධනා කරනවා මේ සුපිරිම ෆිල්ම් එක බලන්න කියලා.. තවත් සුපිරිම උපසිරැසියකින් හම්බෙමු එතකන් ගිහින් එන්නම් ජය වේවා…?♥

මම ගිහාන්..

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ගිහාන් ප්‍රමුදිත සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Puss in Boots: The Last Wish (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/puss-in-boots-the-last-wish-2022-sinhala-subtitles/feed/ 4