Jackie Chan Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/jackie-chan/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sat, 12 Apr 2025 17:00:22 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Jackie Chan Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/jackie-chan/ 32 32 Vanguard (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/vanguard-2020-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/vanguard-2020-sinhala-subtitles/#respond Sat, 12 Apr 2025 16:59:23 +0000 https://sinhalasub.net/?post_type=movies&p=698 The post Vanguard (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The post Vanguard (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/vanguard-2020-sinhala-subtitles/feed/ 0
Panda Plan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/panda-plan-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/panda-plan-2024-sinhala-subtitles/#comments Thu, 09 Jan 2025 16:55:27 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=86663 Panda Plan Sinhala Sub Panda Plan Sinhala Subtitles Panda Plan 2024 Sinhala Sub Panda Plan (2024) Sinhala Sub Panda Plan (2024) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය […]

The post Panda Plan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Panda Plan Sinhala Sub
Panda Plan Sinhala Subtitles
Panda Plan 2024 Sinhala Sub
Panda Plan (2024) Sinhala Sub
Panda Plan (2024) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Panda Plan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/panda-plan-2024-sinhala-subtitles/feed/ 1
Kung Fu Panda 3 (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/kung-fu-panda-3-2016-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/kung-fu-panda-3-2016-sinhala-subtitles/#respond Wed, 10 Apr 2024 01:36:04 +0000 https://sinhalasub.life/?post_type=movies&p=68676 Kung Fu Panda 3 Sinhala Sub Kung Fu Panda 3 Sinhala Subtitles Kung Fu Panda 3 (2016) Sinhala Sub Kung Fu Panda 3 (2016) Sinhala Subtitles

The post Kung Fu Panda 3 (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Kung Fu Panda 3 Sinhala Sub
Kung Fu Panda 3 Sinhala Subtitles
Kung Fu Panda 3 (2016) Sinhala Sub
Kung Fu Panda 3 (2016) Sinhala Subtitles

The post Kung Fu Panda 3 (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/kung-fu-panda-3-2016-sinhala-subtitles/feed/ 0
Kung Fu Panda 2 (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/kung-fu-panda-2-2011-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/kung-fu-panda-2-2011-sinhala-subtitles/#respond Wed, 10 Apr 2024 01:10:01 +0000 https://sinhalasub.life/?post_type=movies&p=68660 Kung Fu Panda 2 Sinhala Sub Kung Fu Panda 2 Sinhala Subtitles Kung Fu Panda 2 (2011) Sinhala Sub Kung Fu Panda 2 (2011) Sinhala Subtitles

The post Kung Fu Panda 2 (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Kung Fu Panda 2 Sinhala Sub
Kung Fu Panda 2 Sinhala Subtitles
Kung Fu Panda 2 (2011) Sinhala Sub
Kung Fu Panda 2 (2011) Sinhala Subtitles

The post Kung Fu Panda 2 (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/kung-fu-panda-2-2011-sinhala-subtitles/feed/ 0
Kung Fu Panda (2008) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/kung-fu-panda-2008-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/kung-fu-panda-2008-sinhala-subtitles/#respond Tue, 09 Apr 2024 18:27:57 +0000 https://sinhalasub.life/?post_type=movies&p=68644 Kung Fu Panda Sinhala Sub Kung Fu Panda Sinhala Subtitles Kung Fu Panda (2008) Sinhala Sub Kung Fu Panda (2008) Sinhala Subtitles

The post Kung Fu Panda (2008) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Kung Fu Panda Sinhala Sub
Kung Fu Panda Sinhala Subtitles
Kung Fu Panda (2008) Sinhala Sub
Kung Fu Panda (2008) Sinhala Subtitles

The post Kung Fu Panda (2008) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/kung-fu-panda-2008-sinhala-subtitles/feed/ 0
Iron Mask (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/iron-mask-2019-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/iron-mask-2019-sinhala-subtitles/#comments Wed, 20 Dec 2023 01:18:07 +0000 https://sinhalasub.life/?post_type=movies&p=63041 Iron Mask Sinhala Sub Iron Mask Sinhala Subtitles Iron Mask (2019) Sinhala Sub Iron Mask (2019) Sinhala Subtitles

The post Iron Mask (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Iron Mask Sinhala Sub
Iron Mask Sinhala Subtitles
Iron Mask (2019) Sinhala Sub
Iron Mask (2019) Sinhala Subtitles

The post Iron Mask (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/iron-mask-2019-sinhala-subtitles/feed/ 1
Dragon Fist (1979) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/dragon-fist-1979-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/dragon-fist-1979-sinhala-subtitles/#respond Mon, 06 Nov 2023 10:24:56 +0000 https://sinhalasub.life/?post_type=movies&p=59561 Dragon Fist Sinhala Sub Dragon Fist Sinhala Subtitles Dragon Fist (1979) Sinhala Sub Dragon Fist (1979) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ජැකී චෑන්ගෙ පැරණි චිත්‍රපට වලට ප්‍රිය කරන රසිකයින් කීප දෙනෙක්ගේම ඉල්ලීමක් තමයි අද ඉටු කරන්නෙ. ඉතින් ඔයාල වෙනුවෙන් අද අරගෙන ආවා 1979 අප්‍රියෙල් 21 දින හොංකොංහීදී තිරගත කිරීම ඇරැඹුණු Dragon Fist. හොංකොං ඩොලර් මිලියන […]

The post Dragon Fist (1979) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Dragon Fist Sinhala Sub
Dragon Fist Sinhala Subtitles
Dragon Fist (1979) Sinhala Sub
Dragon Fist (1979) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ජැකී චෑන්ගෙ පැරණි චිත්‍රපට වලට ප්‍රිය කරන රසිකයින් කීප දෙනෙක්ගේම ඉල්ලීමක් තමයි අද ඉටු කරන්නෙ.

ඉතින් ඔයාල වෙනුවෙන් අද අරගෙන ආවා 1979 අප්‍රියෙල් 21 දින හොංකොංහීදී තිරගත කිරීම ඇරැඹුණු Dragon Fist. හොංකොං ඩොලර් මිලියන 1 ආදායමක් උපයාගනිමින් හොංකොං බොක්ස් ඔෆීස් ලිස්ට් එකටත් ඇතුලත් වුනු ඩ්‍රැගන් ෆිස්ට්, Action, Martial Art, Drama වර්ගයේ චිත්‍රපටයක්. ධාවන කාලය විනාඩි 97 යි. ජැකීගෙ චිත්‍රපට ගණනාවක් නිර්මාණය කල Lo Wei ගෙ අධ්‍යක්ෂනයක්. Jackie Chan සමග රංගනයෙන් එකතු වෙනවා James Tien සහ Nora Miao. සුරූපී Nora Miao ව නම් ඔයාල දන්නවනෙ. බෘස්ලී සමග, රිදී තිරයේදී සිපගැනීමේ දර්ශනයකට පෙනී සිටි එකම නිලිය. ඒ ‘ෆිස්ට් ඔෆ් ෆියුරි’ චිත්‍රපටයේ. බෘස්ලීගෙ චිත්‍රපට පහෙන් තුනකම රඟපාන්න වාසනාව ලද නිලියක්. ජැකීගෙ ප්‍රථම, ප්‍රධාන චිත්‍රපටය වුනු “නිව් ෆිස්ට් ඔෆ් ෆියුරි” එකෙත් ජැකීගේ සහාය නිලිය වුනේ ඇයයි.

ෆිල්ම් එකේ කතාව ගැන කියනවා නම්, ජැකීගෙ සලකුණ වන කොමඩි චිත්‍රපටයක් නම් නෙමේ. මේක නිෂ්පාදනය වෙලා තියෙන්නෙ 1978 වසරේ. තිරගත කිරීම 1979 ට කල් යන්නෙ ස්ටුඩියො එකේ මුදල් අහේනියක් නිසා. 1978 වෙනකොට ජැකී කොමඩි රැල්ලට හැරිල තිබුනෙ නෑ. ඔහුගෙ විතරක් නෙමේ හොංකොං සිනමාවෙම කොමඩි රැල්ල පටන් ගත්තෙ ජැකීගෙ Snake in the Eagle Shadow [ 1978 ] චිත්‍රපටයෙන්. හැබැයි ජැකීගෙ තරුණ ජවසම්පන්නකම සහ මාෂල් ආට් හැකියාව ඩ්‍රැගන් ෆිස්ට් එකේ ඉහළින්ම තියෙනවා. ඒ පැත්තෙන් නම් බලන්නම වටින ෆිලුමක්. ටොං හෝ-වැන් (ජැකී) ගේ මාස්ටර්ට, වෙනත් වංශයක මාස්ටර් කෙනෙක් වන චුං විසින් සටනකට අභියෝග කරනවා. ඔහු ඒක කරන්නෙ පුද්ගලික ආරෝවකට. එහිදී බරපතල තුවාල ලබන ටොංගේ මාස්ටර් පසුව මිය යනවා. මහන්සිවී සටන් පුහුණු වන ටොං අවුරුදු කීපයකට පසුව, ඔහුගේ මාස්ටර්ගෙ බිරිඳ සහ දියණිය ( Nora ) සමග මාස්ටර් චුංව හොයාගෙන යනවා, තම මාස්ටර්ගෙ මරණයට පලිගන්න. චුංව හොයාගෙන ඔහුගේ “ඉවසීමේ වංශයට” යන මේ තුන් දෙනා මුහුණ දෙන්නේ, ඔවුන් තිදෙනා කිසිසේත්ම නොසිතූ අමුතුම තත්ත්වයකට. ඇයි ඒ? එහෙ මොකද වෙලා තියෙන්නෙ? චිත්‍රපටය බලමු, නේ?

විශේෂයෙන්ම කියන්න ඕනෙ මේකෙ කිසිම අසභ්‍ය දර්ශනයක් නෑ… ලොකු අමානුෂික දර්ශනත් නෑ. 

එහෙනම් ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා මෙ චිත්‍රපටය බලන්න කියලා…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Subz.lk හි පලවූ Rasika Samanjith සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Dragon Fist (1979) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/dragon-fist-1979-sinhala-subtitles/feed/ 0
Hidden Strike (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/hidden-strike-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/hidden-strike-2023-sinhala-subtitles/#respond Sat, 29 Jul 2023 13:54:48 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=47609 Hidden Strike Sinhala Sub Hidden Strike Sinhala Subtitles Hidden Strike (2023) Sinhala Sub Hidden Strike (2023) Sinhala Subtitles මේක ඊයේ (28) තමයි නෙට්ෆ්ලික් මාධ්‍ය ඔස්සේ නිකුත් උනේ. ඔයාලා දැනටමත් දන්නවා ඇති ෆිල්ම් එකේ රංගන දායාකත්වය ලබා දෙන්නේ කවුද කියලා. අමුතුවෙන් හඳුන්වලා දෙන්න ඕන නැති සුපිරිම ලෙජන්ඩ්ලා දෙන්නෙක් තමයි ඉන්නේ. ආත්මාරක්ෂක සටන් කලාවේ පුරාවෘත්තයක් වන ප්‍රවීණ […]

The post Hidden Strike (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Hidden Strike Sinhala Sub
Hidden Strike Sinhala Subtitles
Hidden Strike (2023) Sinhala Sub
Hidden Strike (2023) Sinhala Subtitles

මේක ඊයේ (28) තමයි නෙට්ෆ්ලික් මාධ්‍ය ඔස්සේ නිකුත් උනේ. ඔයාලා දැනටමත් දන්නවා ඇති ෆිල්ම් එකේ රංගන දායාකත්වය ලබා දෙන්නේ කවුද කියලා. අමුතුවෙන් හඳුන්වලා දෙන්න ඕන නැති සුපිරිම ලෙජන්ඩ්ලා දෙන්නෙක් තමයි ඉන්නේ. ආත්මාරක්ෂක සටන් කලාවේ පුරාවෘත්තයක් වන ප්‍රවීණ සටන් නළු ජැකී චෑන් සහ රෙස්ලින් ක්‍රීඩාවේ එදාමෙදා තුර බිහිවු අග්‍රගණ්‍ය පුරාවෘත්තයක් වෙන ජෝන් සීනා තමයි මේ සලරුවේ ප්‍රධාන චරිත දෙක විදියට එකතු වෙලා ඉන්නේ. ඉතිං මේ දෙන්නා එකතු වෙලා මැදපෙරදිග තෙල් මංකොල්ලයකට එරෙහිව සටන් වදින හැටි ඔයාලට මේ චිත්‍රපටයෙන් බලාගන්න පුළුවන්. ජැකී චෑන් සහ ජෝන් සීනා ගැන අමුතුවෙන් හඳුන්වන්න ඕන නෑ කිව්වත් වැඩිදුර තොරතුරු කියවන්න ආස අයට මේ දෙන්නා ගැන පොඩියට හරි විස්තරයක් දැම්මනම් හොඳයි කියලා මට හිතුනා. ඒ නිසා කැමති අය මේක කියවලම Film එක අරගෙන යන්න හොදේ.

ආත්මාරක්ෂක සටන් කලාවේ රජු කවුද කියලා ඇහුව ගමන් ඔයාලා හැමෝටම මතක් වෙන්නේ සුපිරි සටන් ශිල්පී බෘස් ලීව බව මම දන්නවා. නමුත් වර්තමානයේ සිටින ජනප්‍රියම ආත්මාරක්ෂක සටන් ශිල්පියා කවුද කියලා මම ඇහුවොත් ? ඔව්, බොහෝ දෙනෙක්ගේ උත්තරය වෙන්නෙ ජැකී චෑන් තමයි. හොංකොන් සිනමාව විසින් බිහිකළ තවත් සුපිරි සටන් නළුවකු විදියට සැලකෙන ජැකී චෑන් සුවිශාල රසික ආකර්ෂණයක් දිනා ගත්තේ ඔහුටම ආවේණික වු හාස්‍යමය සටන් ජවනිකා හේතුවෙනි. එමෙන්ම චිත්‍රපටවල ක්‍රියාදාම දර්ශන ආදේශක නළුවන් යොදානොගෙන ඔහු විසින්ම සිදුකරන බවටත් හෙතෙම ලෝක ප්‍රසිද්ධයි. වූෂු, කුන්ෆු සහ හප්කිදෝ යන සටන් ශෛලීන් වල ප්‍රවීණයකු වන ඔහු 1960 දශකයේ සිට මේ දක්වා සිනමාපට ගණන 150 කට අධික ප්‍රමාණයක රඟපාලා තිබෙනවා.

ජැකී චෑන්ගේ මුල් නම විදියට සඳහන් වෙන්නේ චෑන් කොංග්-සාන්ග් ලෙසයි. හොංකොංහි උපන් මෙම කුඩා ශරීරයකකින් හෙබි පුද්ගලයා ස්ටන්ට් මෑන් එසේත් නැතිනම් ආදේශක ක්‍රියාදාම නළුවෙක්ගෙ සිට ආසියාවේ හොඳම ක්‍රියාදාම-චිත්‍රපට තරුවක් සහ අධ්‍යක්ෂවරයෙක් බවට පත් කිරීමටත් හොංකොන්ග් කුංෆු චිත්‍රපට ඇමරිකානු සිනමාවට සමීප වීමට උත්ප්‍රේරකයක් වූයේ ඔහුගේ හුරුබුහුටි එහෙත් ශක්තිමත් සහ නම්‍යශිලි සිරුර නිසයි. 1990දී ජැකී චෑන් ඇමරිකානු චිත්‍රපට වෙළඳපොළට ඇතුල්වූ අතර 1995 දී ඔහුට MTV ජාලයෙන් Lifetime Achievement Award නම් සම්මානය පිරිනමනු ලැබුවා. ජැකී චෑන් ඇමරිකානු විකට නළුවෙකු වු ක්‍රිස් ටකර් සමඟ Rush Hour (1998) චිත්‍රපටයේ රඟපෑ අතර එය විශාල සාර්ථකත්වයක් අත්කර ගත් අතර 2001 සහ 2007 වර්ෂ වල එහි තවත් චිත්‍රපට දෙකක් නිර්මාණය කලා.

ජැකී චෑන් හොලිවුඩ් ක්‍රමයට අකැමති පුද්ගලයෙකු වූවත් ඔහු Shanghai Noon (2000), The Tuxedo (2002), The Forbidden Kingdom (2008), The Spy Next Door (2010), The Karate Kid (2010) සහ The Foreigner (2017) යන හොලිවුඩ් චිත්‍රපට රැසක රඟපෑවා. එමෙන්ම ඔහු පරිගණක සජීවිකරණ චිත්‍රපටයක් වන Kung Fu Panda (2008) සහ එහි තවත් නිර්මාණ දෙකක් සඳහාද තම කටහඬ ලබා දී ඇත. 2016 දී ජැකී චෑන් ඇකඩමි සම්මාන උළෙලේදී ගෞරවනීය සම්මානයක් ලැබූ පළමු චීන නළුවා බවට පත් වූ අතර එය ඔහුගේ සුවිශේෂිත ජාත්‍යන්තර ජයග්‍රහණයක් බවට සලකන්න පුළුවන්. රංගනයට අමතරව 1998 දී ජැකී චෑන් පුණ්‍යායතනය ආරම්භ කළ අතර ඔහුගේ අනෙකුත් ව්‍යාපෘතින් අතර හොංකොං තරුණයින්ට ශිෂ්‍යත්ව පිරිනමන වැඩසටහනක් ද ආරම්භ අර ඇත. ඔහු UNICEF හි තානාපතිවරයෙකු ලෙසද කටයුතු කරන ඔහු ලොව වැඩිම මුදලක් අය කරන නළුවන් 10 දෙනා අතර සිටින ජැකීගේ වත්කම ඩොලර් මිලියන 350 ඉක්මවන බවත් පැවසෙනවා. තම ජීවිතය ගැන පවා නොසිතා සටන් කලා රංගනයට කැපවූ ජැකී චෑන් අද වනවිට හොංකොං සිනමාවෙ පමණක් නොව හොලිවුඩය තුලද අද්වීතීය තත්වයක් හිමිකර ගත් අයෙකු ලෙස හැඳින්විය හැක.

ඔබ WWE රසිකයෙකු නම් “ජෝන් ෆීලික්ස් ඇන්තනී සීනා” එසේත් නැත්තම් “ජෝන් සීනා” යන නාමය අසා ඇති බවට සැකයක් නෑ. මේ වන විට රෙස්ලින් ක්‍රීඩාවෙන් තරමක් ඈත්වී සිටියත් අදටත් ලොව පුරා බහුතර WWE රසිකයන්ගේ වීරයා ජෝන් සීනා බව නොරහසක්. 2000 වසරේ මුල් භාගයේදී අති ජනප්‍රිය රෙස්ලින් ක්‍රීඩකයකු වු Dwayne Johnson එහෙමත් නැත්තම් අපි හැමෝම දන්න “ද රොක්” WWEහි “ෆේස් රෝල්” එක නොහොත් වීරයාගේ චරිතයෙන් සමුගෙන හොලිවුඩය වෙත ගිය පසු නැවත එම ෆේස් රෝල් එකට ආදේශ කිරීමට සහ ප්‍රේක්ෂකයන් සතුටු කිරීමට සමත් ක්‍රීඩකයෙක් සොයාගැනීමට WWE ආයතනය අපොහොසත් උනා. නමුත් එම කාලය අතරතුර ප්‍රදර්ශන තරගයකට සහභාගි වීමට පැමිණි ජෝන් සීනා නම් නවකයා තම පළමු තරගයෙන්ම ප්‍රේක්ෂකයා ඇදබැඳ ගැනීමට සමත්වූ බව තරග සංවිධායකයන්ගේ අවධානයට පාත්‍ර වුනා. පසුව ඔහුගේ රෙස්ලින් ක්‍රීඩා ක්‍රම සහ ඔහුටම ආවේණිකවූ ඇඳුම් පැලදුම් නිසා රොක්ගෙන් පසු WWEහි වීරයා චරිතය නිතරගයෙන්ම ඔහුට හිමි උනේ ලොව පුරා මිලියන ගණනක රසික ආදරයක්ද සමඟයි. ද රොක්ගේ අඩුපාඩුවත් සමඟ කඩාවැටීමකට ලක්වූ WWE ආයතනය 2000-2010 දශකය පුරා තම අණසකට නතු කරගත් සීනා ලෝක හෙවිවේට් ශූරතාව 16 වරක් දිනාගනිමින් ශූරතාව වැඩිම වරක් දිනාගත් සම-වාර්තාවට හිමිකම් කියනවා. 2000 වසරෙන් පසු WWE ආයතනය මූල්‍යම අර්බූදයෙන් ගලවා ගත්තේ සීනා බව සැවොම දන්නා කරුණකි. එයට කෘතගුණ සැලකීමක් වශයෙන් WWE ප්‍රධානී වින්ස් මික්මෑන් විසින් එක් තරගාවලියක් සඳහා ජෝන් සීනාට අති විශාල මුදලක් ගෙවා තිබෙනවා.

දක්ෂ රැප් ගායකයෙකුද වන ජෝන් සීනා තම තේමා ගීතයන් ඔහුම ගායනා කල අතර ඔහුගේ The Time Is Now ගීතය අදටත් ලොව පුරා අතිශය ජනප්‍රිය වේ. Dwayne Johnsonගේ අඩිපාරේ යමින් හොලිවුඩයට පිවිසෙන ජෝන් සිනා පලමු වතාවට රංගනයට පිවිසෙන්නේ The Marine (2006) චිත්‍රපටයෙනි. අද වන විට සාර්ථක සිනමා දිවියකට හිමිකම් කියන ජෝන් සීනා Bumblebee (2018), Ferdinand (2017), Blockers (2018) යන සිනමාපටවල මෙන්ම DC සිනමා විශ්වයේ පීස්මේකර් ලෙස යහපත් පරතිචාර ලබාගනිමින් සිටිනවා.

අඩු ආදායම්ලාභී කුඩා දරුවන්ගේ උග්‍ර රෝග තත්ත්වයන්ට සැත්කම් සිදුකරන Make-A-Wish පදනමේ ක්‍රියාකාරි ආධාරකරුවෙක් වන ජෝන් සීනා මේ වන විට සැත්කම් 650කට වඩා සිදුකිරීමට තම මූල්‍යමය දායකත්වය ලබාදී තිබෙනවා. එය තනි පුද්ගලයෙකු විසින් කුඩා දරුවන්ගේ සැත්කම් කිරීමට දායක වූ වැඩිම ප්‍රමාණය ලෙසත් වාර්තා වනවා. සුපිරි රෙස්ලින් ශූරයෙක්, දක්ෂ රංගන ශිල්පියෙක්, ගායකයෙක්, සහ මානව හිතවාදියෙකු වන ජෝන් සීනා රෙස්ලින් වළල්ලේ මෙන්ම සැබෑ ලෝකයේද වීරයෙකු වශයෙන් සැලකීමට පුළුවන්.

අපි මේ සලරුව ගැන විස්තර ටිකක් බැලුවොත් Hidden Strike චිත්‍රපටය 92%ක ගූගල් පරිශීලක කැමත්ත ලබාගෙන, මේ වෙද්දි 5.8ක IMDb අගයක් ලබාගෙන තියෙනවා. Action / Adventure / Comedy යන කාණ්ඩයන්ට තමයි චිත්‍රපටය වර්ගීකරණය කරලා තියෙන්නේ. චිත්‍රපටය අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Scott Waugh විසින්. ජැකී චෑන් සමඟ අනෙකුත් ප්‍රධාන චරිතය වන “ක්‍රිස් වෑන් හෝර්න්” රඟ දැක්වීමට මුලින්ම යෝජනා වෙලා තියෙන්නෙ හොලිවුඩයේ පතාක නළුවෙක් වන සිල්වෙස්ටර් ස්ටැලෝන්වයි. නමුත් ඔහුගේ දින පිළිබඳ ගැටළුවක් නිසා පසුව මේ චරිතය ජෝන් සීනාට ලැබිලා තියෙනවා. මේක සීනට ලැබුන එකටනම් මමත් ගොඩක් කැමතියි මොකද ඔහු මේ චරිතයට උපරිම සාධාරණයක් ඉටුකරලා තියෙනවා. මොවුන් දෙදෙනාට අමතරව ගේම් ඔෆ් ත්‍රෝන්ස් කතා මාලාවේ යුරෝන් ග්‍රේජෝයි ලෙස රංගනයෙන් දායක උන Pilou Asbæk ඕවන් පැඩොක් ලෙසත්, Amadeus Serafini හෙන්රි වැන් හොර්න් ලෙසත්, Gong Jun හයිමින්ග් ලෙසත්, Chunrui Ma මෙයි ලෙසත් රංගන දායකත්වය ලබාදෙනවා. ඒ වගේම ෆිල්ම් එක අන්තිමට තියෙන පොඩි පසු දර්ශනයක් සහ ජැකී චෑන්ගේ සෑම චිත්‍රපටයකම අවසානයේ පෙන්වන ගැග් රීල් එකත් උපසිරසි ගන්වලා තියෙනවා. ඒ නිසා ඒ දෙකත් බලන්න කියලා මතක් කරන්න ඕන. තවත් Film එකකින් නැවත හමුවෙමු.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ යුරාන් ධනුක සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Hidden Strike (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/hidden-strike-2023-sinhala-subtitles/feed/ 0
Ride On (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/ride-on-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/ride-on-2023-sinhala-subtitles/#respond Mon, 12 Jun 2023 00:51:59 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=41712 Ride On Sinhala Sub Ride On Sinhala Subtitles Ride On (2023) Sinhala Sub Ride On (2023) Sinhala Subtitles තාත්තා කියන්නෙ අම්මට නොදෙවෙනි පවුලෙ බර කරට අරන් තමන් ගැනවත් හිතන්නෙ නැතුව පවුලෙ සතුට ගැන හිතන කෙනෙක්.ඉතිං මේ තාත්තා කෙනෙක්ගෙ ආදරේ ගැන කියැවෙන ලස්සන චිත්‍රපටයක් තමා Ride On කියන්නේ. මේ කතාවෙ ප්‍රධාන චරිතෙ නැත්තං තාත්තගෙ චරිතෙට පණ […]

The post Ride On (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Ride On Sinhala Sub
Ride On Sinhala Subtitles
Ride On (2023) Sinhala Sub
Ride On (2023) Sinhala Subtitles

තාත්තා කියන්නෙ අම්මට නොදෙවෙනි පවුලෙ බර කරට අරන් තමන් ගැනවත් හිතන්නෙ නැතුව පවුලෙ සතුට ගැන හිතන කෙනෙක්.ඉතිං මේ තාත්තා කෙනෙක්ගෙ ආදරේ ගැන කියැවෙන ලස්සන චිත්‍රපටයක් තමා Ride On කියන්නේ. මේ කතාවෙ ප්‍රධාන චරිතෙ නැත්තං තාත්තගෙ චරිතෙට පණ පොවන්නෙ අපි කවුරුත් අදුරන ජැකී චෑන්.ජැකී චෑන් ගැන ආයෙ අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. චිත්‍රපට ක්‍රියාදාම නලුවන්ගෙන් ඉස්සරහින්ම ඉන්න කෙනෙක් තමා ජැකී චෑන් කියන්නෙ. ඔහුගේ මෑතකදි නිකුත් වුන චිත්‍රපට පසුබෑමකට ලක් වුනත් මේ චිත්‍රපටය ඔහුව ආයෙත් පරණ ජැකී විදිහට ඔසවා තබනවා නිසැකයි. 

Adventure / Comedy කාන්ඩෙට අයත් වෙන මේ චිත්‍රපටය Imdb අගය 6.5 ක් වගේම කුනු තක්කාලි 54% ලබා ගන්න සමත් වෙලා තියනවා. 2023 අප්‍රේල් 07 තමා නිකුත් වෙලා තියෙන්නෙ.මේ චිත්‍රපටය  පැය 2 යි විනාඩි 6 ක කාලයක් දිවෙනවා. Larry Yang තමා අද්‍යක්ශක විදිහට කටයුතු කරල තියෙන්නෙ. Liu Haocun , Guo Qilin , Wu Jing අනිත් චරිත වලට දායක වෙනවා.

Ride On (2023) - IMDb

කතාව පැත්තට හැරුනොත් තමන්ගෙ පුතා වගේ අශ්වයෙක් බලාගන්න Stunt man කෙනෙක්ට එයාගෙ අශ්වයා සමාගමකින් පවරගන්නවා කියලා උසාවියෙන් නියෝගයක් එනවා. මෙයාගෙ දුප්පත්කම නිසා නීතිඥයෙක් ගන්න සල්ලි නැති වෙනවා. ඒ නිසා මෙයා උදව් ඉල්ලන්නේ අවුරුදු 6 ක් නොදැක වෙන්වෙලා හිටිය එයාගෙම දුවගෙන්. සල්ලි නැති නිසා තමන්ගෙ දුවගෙන් උදව් ඉල්ලනකොට දුවගෙ ප්‍රතිචාරෙ කොහොම වෙන්න ඇද්ද? ඇයි මෙයාලා මෙහෙම  වෙන් වුනේ? උත්තර හොයාගන්න මේක බලන්නම ඕන. 

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ සුලක්ශන කෝණාර සහෝදරයාගේ ලිපිය

The post Ride On (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/ride-on-2023-sinhala-subtitles/feed/ 0