Jaideep Ahlawat Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/jaideep-ahlawat/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 09 Dec 2024 05:39:04 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Jaideep Ahlawat Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/jaideep-ahlawat/ 32 32 Lust Stories (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/lust-stories-2018-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/lust-stories-2018-sinhala-subtitles/#comments Sun, 15 Sep 2024 16:30:52 +0000 https://sinhalasub.net/?post_type=movies&p=12176 මේ සුදානම කවදාවත් නැතුව හින්දි චිත්‍රපටයක් අරගෙන එන්න… හේතුව බොහොම සරලයි කියන්න පුළුවන් ඉතින් මේක Netflix ආයතනය මගින් නිෂ්පාදනය කරපු මුල්ම හින්දි භාෂා නිර්මාණය මිට කලින් ඔවුන් වෙනත් නිෂ්පාදන සඳහා ලොව පුරා බෙදා හැරීමේ අවසරය විතරයි අරගෙන තිබ්බේ නමුත් මේ පිම්මත් එක්ක ඔන්න Netflix Originals හින්දි භාෂාවෙනුත් එක්ක තමයි සුදානම. ආරංචි හැටියට නිර්මාණ 6 ක් […]

The post Lust Stories (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
මේ සුදානම කවදාවත් නැතුව හින්දි චිත්‍රපටයක් අරගෙන එන්න… හේතුව බොහොම සරලයි කියන්න පුළුවන් ඉතින් මේක Netflix ආයතනය මගින් නිෂ්පාදනය කරපු මුල්ම හින්දි භාෂා නිර්මාණය මිට කලින් ඔවුන් වෙනත් නිෂ්පාදන සඳහා ලොව පුරා බෙදා හැරීමේ අවසරය විතරයි අරගෙන තිබ්බේ නමුත් මේ පිම්මත් එක්ක ඔන්න Netflix Originals හින්දි භාෂාවෙනුත් එක්ක තමයි සුදානම. ආරංචි හැටියට නිර්මාණ 6 ක් වෙනුවෙන් දැනටම මුදල් සම්මාදම් වෙලා අවසානයි මේ අතරේ බොහොම ජනප්‍රිය වේවි කියලා හිතන්න හැකි නිර්මාණයක් බොහොම ලගදී එන්න තියන බවත් පොඩි ඉගියක් දෙන්න ඕන… ?? ඉතින් මේ මුල් පිම්ම සාර්ථක ද? කවුද මේ සාර්ථකත්වය එක්ක ඉන්න පිරිස කියලා පොඩ්ඩක් කතා කරලමු ඉම්මු…

මතකද දන්නේ නැහැ ඈත කාලෙක අපේ දොස්තර මහත්තයා ඔබ වෙත අරගෙන ආවා Bombay Talkies කියල නිර්මාණයක් මේ ඔවුන්ට අනුව නම් එහි දෙවැන්න නමුත් කතා වලවත්, නළු නිළියන්ගේවත් කිසිම සම්බන්ධයක් නැහැ නැහැ ඉතින්, මේ දෙක යා වෙන්නේ කතාවේ මාතෘකාවෙන් කියල තමයි සඳහන්… තවත් යා වෙන එක නිර්නායකයක් තියනවා එකක් කිව්වට එකක්මත් නෙමෙයි…. මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය සිද්ධ වෙන්නේ බොලිවුඩ් සිනමාවේ දැවැන්තයන් සිව්දෙනෙක් අතින් ඔවුන් නමින් Anurag Kashyap, Zoya Akhtar, Dibakar Banerjee, සහ Karan Johar ඉතින් තවත් මොනවා කියන්න ද? හින්දි පිස්සෙක් නොවෙන මමත් මේ මිනිස්සු ගැන අහලා තියනවා… ඉතින් මේ උදවියම තමයි කලින් වතාවෙත් අධ්‍යක්ෂණය වෙනුවෙන් දායක වෙලා තියෙන්නේ… මේ නිර්මාණය තුල ඉන්දියානු සමාජයේ ලිංගිකත්වය සහ කාන්තාව කියන කාරණා කතාබහ වෙන චිත්‍රපට හතරක් තියනවා.. එකිනෙකට වෙනස්, වෙනස් පසුතල තුල ඉදගෙන එක එක සමාජ පන්ති සහ තරාතිරම් එක්ක කාන්තාව සහ ඔවුන්ගේ ලිංගික ජීවිතය සිමාවෙන මායිම ගැන කතා කරන මේ නිර්මාණය වෙනුවෙන් තිරයේ අපි දකින පිරිසත් බොහොම ප්‍රසිද්ධයි…

මුල් කතාව වෙනුවෙන් Anurag Kashyap අධ්‍යක්ෂණයෙන් දායක වෙන අතරේ ඒ වෙනුවෙන් Radhika Apte තමයි ප්‍රධාන චරිතයට පන පොවමින් අපේ සිත් හොරා ගන්නේ. අයගේ කතාව අසම්මත වගේම ටිකක් විනෝදයට බර කතාවක්…. වෘත්තියෙන් ගුරුවරියක් වෙන ඇය තමුන්ගේම පන්තියේ ශිෂ්‍යයෙක් එක්ක ගතකරපු රාත්‍රියක් වටා ගෙතෙන මේ කතාන්දරය තුල පිරිමින්ට පමණයි කිව්ව සිමා බිදගෙන යන හැටි වගේම තමුන්ගේම කියල ආත්මාර්ථකාමී කෝණයකින් ඇය ඔහුව අයිති කරගන්න හදන හැටිත්, ඔහු ලං වෙන මොහොතේ ඔහුව දුරස් කරන හැටිත් දැකගත හැකි වේවි… මේ තමයි පුද්ගලිකවම මම දෙවනියට කැමති කතාව…

දෙවැනි කතාන්දරය Zoya Akhtar අතින් තමයි නිර්මාණය වෙන්නේ මේ තුල ඔබට දැකගන්නට ලැබෙයි Bhumi Pednekar සහ Neil Bhoopalam ප්‍රධාන චරිත හැටියට. කතාව මෙහෙමයි සුධා මුම්බායි නගරයේ නිවහනක මෙහෙකාරියක් මේ නිසාවෙ තරුණ පුතා එක්ක ඇයගේ සම්බන්ධයක් තියනවා නමුත් පෙනෙන හැටියට ඔහුට එය තවත් එක දෙයක් පමණයි දෙමව්පියන් මේ නිවහනට එන්නේ ඔහුගේ අනාගත සහකාරිය එක්ක ඔහුගේ විවාහය එකලාසයක් කිරීම වෙනුවෙන්… ඉතින් තමුන් ආදරය කරන මිනිසා, තමුන්ගේ පිරිසිදුකම හොරාගත් මිනිසා වෙනත් ගැහැණියෙකුට අයිති වෙන මොහොතක ඇය මේ සියල්ල දෙස බලා ඉන්න හැටි එහෙම වෙන්න හේතු වෙන දේ ගැන කතා වෙන මේ කතාන්දරයත් බොහොම අපූරුයි…

තෙවැනි කතාව Dibakar Banerjee ගේ අධ්‍යක්ෂණයක් මෙහි නම් ඔබ දකින්නේ වැඩිය අහලා නැති නිලියක් කියන්න පුළුවන් ඇය නමින්… Manisha Koirala (මතකද දන්නේ නැහැ….) ඇයත් එක්ක Jaideep Ahlawat සහ Sanjay Kapoor තමයි රංගනයෙන් දායක වෙන්නේ… රීනා දෙදරු මවක් නමුත් ව්‍යාපාර වෙනුවෙන් අවධානය යොමු කරනා තමුන්ගේ සැමියා එක්ක කලකිරීමෙන් ඉන්න ඇය ඇසුරක් ආරම්භ කරන්නේ ඔහුගේම හොඳම මිතුරා එක්කයි…. කොටින්ම තමුන්ගේ බිරිද ගෙදර නැති බව දැනගත් සල්මාන් ඇමතුමක් අරගෙන පැමිණිලි කරන්නේ ඔහුගේම මිතුරාට ඒ තමුන්ගේ බිරිද ඔහු එක්ක බව නොදැන… ඉතින් ආදරයෙන් එහා ගිය පවුල් ජිවිතයක් ගැන කියවෙන මේ කතාව අමුතුම කතාවක් මොකද මේ තුල ඔබ දකින අවසාන තීරණය ගැන මට නම් තවමත් හරි අවබෝධයක් නැහැ කියන්නට හැකි.

සිව්වැනි කතාව තමයි මම කැමතිම කොටස… මෙහි අධ්‍යක්ෂණය විශිෂ්ඨ Karan Johar ගෙන්… තිරයේ දකින මුහුණු වෙන්නේ අති සුරූපි Kiara Advani ?? සහ Vicky Kaushal වගේම සරාගී Neha Dhupia. මෙගා පාසල් ගුරුවරියක් බාලිකා පාසලක කුඩා කල ඉදලම උගත් ඇය පිරිමි ඇසුරක් ගැන හාංකවිසියක් නොදන්නා ලැජ්ජාකාර තරුණියක්… කොහොම නමුත් ඇයට විවාහ වෙන්නට කතා කරගෙන උන් තරුණයාත් පිරිමි පාසලක උගත් ඒ වගේම ලැජ්ජාකාරයෙක්… තරුණ ජිවිතයේ බලාපොරොත්තු පොදියක් එක්ක විවාහ වෙන මේ සුරුපිනියට තමුන් බලාපොරොත්තු දේ නම් ලැබෙන්නේ නැහැ ඒ වෙනුවට ඇයට සිද්ධ වෙනවා තත්පර 5 කට කොටු වෙන්න… බැලුවොත් ඔබට තේරෙයි මම මේ කියන තත්පර පහේ කතාව… ??? ඉතින් මේ නිසා ඇය වෙනත් යමක් වෙන තමුන්ගේ අවදානය යොමු කරන්නේ මහා අකරතැබ්බයක් අවසානය කරමින්…. ඉතින් ඒ මොකක්ද කියන එකත් ඔබට දැකගත හැකි වේවි මේ සිනමා නිර්මාණයට අවස්ථාවක් ලබා දුන්නොත්….

2018 වසරේ ජූනි 15 වැනිදා Netflix මගින් බෙදාහරින ලද මේ නිර්මාණය මිනිත්තු 120 ක කාල සීමාවක් පුරා දිවයන්නක්…. ලබාගන්නට සමත් වෙලා තියන IMDB අගය 6.9 ක්රෝටන් ටෝමාටෝ අගය 100% වගේ ලොකු අගයක්… මොකක් වෙනුවෙන් නොබැලුවත් කරන් ජොහාර්ගේ අවසාන නිර්මාණය වෙනුවෙන් බලන්න කියලා අරාධනා කරනවා… මොකද ඒ නිර්මාණය තුල විහිළුවෙන් ගලා යන ගතයුත්තක් බොහොම අගේට තියනවා…

ඉතින් විශේෂයෙන්ම ස්තුති කරන්න ඕන සිසිල සහෝට මේක කරන්න උනන්දු කලාට මේ නිර්මාණයේ උපසිරස බලලා හින්දි දෙබස් හරි වැරදි බලලා මට උදව් කලාට… ඉතින් එහෙනම් ආයෙත් උපසිරසක් එක්ක හමුවෙමු එතෙක් ඔබට ජය වේවා !!!

ගැහැණියෙකුගේ ආශාව ළමයෙක් විතරක්ම නෙමෙයි.

ලිපිය උපුටා ගැනීම :- Baiscopelk.com හි පලවූ සමීර කරුණාරත්න සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ

Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Lust Stories (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/lust-stories-2018-sinhala-subtitles/feed/ 1
Maharaj (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/maharaj-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/maharaj-2024-sinhala-subtitles/#respond Tue, 10 Sep 2024 01:12:21 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=74937 Maharaj Sinhala Sub Maharaj Sinhala Subtitles Maharaj (2024) Sinhala Sub Maharaj (2024) Sinhala Subtitles මේක ගැන කියනවනම් ලස්සන ෆිල්ම් එකක් කියන්න පුලුවන්.. හොද ප්‍රතිචාරත් ලැබිලා තියෙනවා ෆිල්ම් එකෙ කතාව පැත්තට ගියොත් ජදුනාත් මහරාජ් කියන කෙනාට මුලු ගමේම අය දෙවියන්ට වගේ වන්දනාමාන කරනවා.. මෙයා ගමේ කාන්තාවන් එක්ක දිව්‍යමය සේවය කරගන්නවා කියලා එයාලා එක්ක ලිංගිකව එකතු වෙනවා.. […]

The post Maharaj (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Maharaj Sinhala Sub
Maharaj Sinhala Subtitles
Maharaj (2024) Sinhala Sub
Maharaj (2024) Sinhala Subtitles

මේක ගැන කියනවනම් ලස්සන ෆිල්ම් එකක් කියන්න පුලුවන්.. හොද ප්‍රතිචාරත් ලැබිලා තියෙනවා

ෆිල්ම් එකෙ කතාව පැත්තට ගියොත් ජදුනාත් මහරාජ් කියන කෙනාට මුලු ගමේම අය දෙවියන්ට වගේ වන්දනාමාන කරනවා..

මෙයා ගමේ කාන්තාවන් එක්ක දිව්‍යමය සේවය කරගන්නවා කියලා එයාලා එක්ක ලිංගිකව එකතු වෙනවා..

ඉතින් කර්සන්දාස් කියන පුද්ගලයා මේකට විරුද්ධව නැගී සිටිනවා..මින් එහාට මොකද වෙන්නෙ කියලා බලන්නනම් ඔයාලට ෆිල්ම් එක බලන්නම වෙනවා

ඔයාලා හැමෝටම ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..

එහෙමනම් ඉතින් තවත් අලුත්ම ෆිල්ම් එකක උපසිරැසි අරගෙන ඔයාලා හමුවට එන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා..

හැමෝටම බුදු සරණයි!

The post Maharaj (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/maharaj-2024-sinhala-subtitles/feed/ 0
Jaane Jaan (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/jaane-jaan-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/jaane-jaan-2023-sinhala-subtitles/#respond Wed, 26 Jun 2024 19:20:23 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=55148 Jaane Jaan Sinhala Sub Jaane Jaan Sinhala Subtitles Jaane Jaan (2023) Sinhala Sub Jaane Jaan (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! Jaane Jaan චිත්‍රපටය 2023 වසරේ නිර්මාණය වු හින්දි භාෂා චිත්‍රපටයක්. මෙය mystery thriller ගණයේ චිත්‍රපටයක් වන අතර මෙහි තිර පිටපත සහ අධ්‍යක්ෂණය Sujoy Ghosh විසින් සිදු කර තිබෙනවා. මෙය 2005 වර්ෂයේ Keigo Higashino විසින් […]

The post Jaane Jaan (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Jaane Jaan Sinhala Sub
Jaane Jaan Sinhala Subtitles
Jaane Jaan (2023) Sinhala Sub
Jaane Jaan (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

Jaane Jaan චිත්‍රපටය 2023 වසරේ නිර්මාණය වු හින්දි භාෂා චිත්‍රපටයක්. මෙය mystery thriller ගණයේ චිත්‍රපටයක් වන අතර මෙහි තිර පිටපත සහ අධ්‍යක්ෂණය Sujoy Ghosh විසින් සිදු කර තිබෙනවා. මෙය 2005 වර්ෂයේ Keigo Higashino විසින් රචිත ජපන් නවකතාවක් වන The Devotion of Suspect X හි අනුනිර්මාණයක්.

මෙහි ප්‍රධාන රංගන දායකත්වයට Kareena Kapoor Khan, Jaideep Ahlawat සමගින් Vijay Varma එක්ව තිබෙනවා. මෙහි නිෂ්පාදන බරපැන දරා ඇත්තේ Balaji Motion Pictures සහ 12th Street Entertainment සමාගමි විසින්. ලොව පුරා බෙදාහැරිමි Netflix සමාගම විසින් සිදු කරනු ලබනවා.

මෙහි ප්‍රධාන රංගන ශිල්පින් වනුයේ,

Kareena Kapoor Khan as Maya D’Souza
Jaideep Ahlawat as “Teacher” aka Naren
Vijay Varma as Inspector Karan Anand
Saurabh Sachdeva as Ajit Mhatre, Maya’s ex-husband
Lin Laishram as Prema Kami
Naisha Khanna as Tara D’Souza
Uditi Singh as Young Maya D’Souza

චිත්‍රපටය මිනිත්තු 139 ක විකාශන කාලයකට යටත් වන අතර IMDb 7.1/10 අගයකුත් Rotten Tomatoes 71% ක අගයකුත් වාර්ථා වෙලා තියෙනවා. කතාව ගැන පොඩි හැන්විමක් කරොත්

මායා ඩිසුසා දුවෙක් ඉන්න තනි මවක්, හදිසියේම ඇයව හොයා එන ඇගේ හිටපු සැමියා හා ඔහුගෙන් ඇයට සිදු වන කරදර ඉවසාගත නොහැකි විම මත තම සැමියා ඝාතනය කරන මායා තම මිනිිමැරුම පොලිසියෙන් වසන් කිරිමට ගන්නා වු උත්සාහයේදි, තම අසල්වැසියා වු නරේන් සමග එක්ව මිනිමැරුම ඉතා සුක්ෂම ආකාරයෙන් වසන් කරනවා නමුත් ඔවුන් නොසිතු පරිදි පොලිසිය මායා පිටුපස පන්නනවා. කරන් කියන පොලිස් නිලධාරියාට පුළුවන් වෙයිද මේ මිනිමැරුම ගැන හෙලිදරව්ව කරගන්න? ඒක චිත්‍රපටිය බලලම ඔයාලා තිරණය කරන්න.

එහෙනම් මෙ සුපිරි හින්දි සිනමා පටය බලන්න ඔයාල හැමෝටම ආරාධනා කරන ගමන් දැනට සමුගන්නම්…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ජනිත් නවීන් සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Jaane Jaan (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/jaane-jaan-2023-sinhala-subtitles/feed/ 0
Three of Us (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/three-of-us-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/three-of-us-2023-sinhala-subtitles/#respond Mon, 04 Mar 2024 17:01:00 +0000 https://sinhalasub.life/?post_type=movies&p=67361 Three of Us Sinhala Sub Three of Us Sinhala Subtitles Three of Us (2023) Sinhala Sub Three of Us (2023) Sinhala Subtitles අතීතය හාරවුසස්න්න එපා අතීතයේ ඕනවට වඩා එල්ලීගෙන ඉන එපා වර්තමානයේ ජිවත් වෙන්න අපිට නිතරම ඇහෙන වචන මේවා..නමුත් අපිට හැම වෙලාවකම ජීවිතේ මුහුණ දෙන්න ප්‍රශ්න එක්ක සමහර අත් විඳින්න දේවල් එක්ක සමහර සිදුවීම් එක්ක […]

The post Three of Us (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Three of Us Sinhala Sub
Three of Us Sinhala Subtitles
Three of Us (2023) Sinhala Sub
Three of Us (2023) Sinhala Subtitles

අතීතය හාරවුසස්න්න එපා අතීතයේ ඕනවට වඩා එල්ලීගෙන ඉන එපා වර්තමානයේ ජිවත් වෙන්න අපිට නිතරම ඇහෙන වචන මේවා..නමුත් අපිට හැම වෙලාවකම ජීවිතේ මුහුණ දෙන්න ප්‍රශ්න එක්ක සමහර අත් විඳින්න දේවල් එක්ක සමහර සිදුවීම් එක්ක අපේ අතීතය වෙතට අපිව නිරායාසයෙන්ම ඇදගෙන යනවා..

Three of Us කියන්නේ ගිය වසරේ නිකුත් වුණ සිනමාපට අතරින් කලාත්මක රාමුව තුළ ප්‍රේක්ෂකයාව ස්පර්ශ කල සිනමා සිත්තම් අතරින් ඉහලින්ම තියන නිර්මාණයක් විදිහට හඳුන්වන්නට පුළුවන්. අපිව ටිකක් අතීතය දිහාට ඉබේටම අපිවත් නොදැනීම අරගෙන යන මතක යතුරක් වගේ මේක..ලෞකික ලෝකයක් ඇතුළේ මිනිසුන් විදිහට අපි මොන තරම් බැඳීම් ඇලීම් වලට යටත්වෙලා තියනවාද අපි මොන තරම් කාර්යබහුල ජිවිතයක් ගත කරන්න හුරු වෙලා හිටියත් කොහොම කොතනක හිටියත් මොනයම්ම හෝ මොහොතක් අපිට එනවා පොඩ්ඩක් අර අපේ ආගිය උන් හිටි තැන් පරණ මිනිසුන් කල්පනාවට එන..තත්පර කීපයක මනෝ පාරකින් අපි යනවා සෑහෙන දීර්ඝ ගමනක් ආපස්සට.. අරමුණක් නැති මේ ගමන පුරාවට අපි ඇත්තටම බලාපොරොත්තු වන දේ ඒ දැනෙන දේ ඒ හැඟීම් කිසිම විදිහකින් නිශ්චිත ඒවා කියල හිතෙන්නේ නෑ..සුන්දර අසුන්දර තැන් ස්පර්ශ කරමින් මේ යන ගමනේ නිශ්චිත එකම දේ ගමනේ අවසාන තත්පර කීපය විතරයි..ඒ තමයි ඒ ගමන හැමදාමත් ඉවර වෙන්නේ එක දීර්ඝ හුස්මකින්..ඒ දීර්ඝ හුස්මේ හේතුව අතීතයට අපි දක්වන ගිජු කමේ තරම කියාපානවාද නැත්තම් මතු පිටින් වෙහෙසකරකයි වගේ හිතුනට ඇත්තටම මේ අපි හැමදාමත් කලේ ප්‍රශ්න වලින් පුංචි බ්රේක් එකක් ගන්න එක වෙන්න පුළුවන්ද..

මේ ගැන අපූරු විග්‍රහයක් අවිනාෂ් අරුන්ගේ Three of Us තුළ තිබුණ බලන්න කියල ආරාධානා කරනවා..නිර්මාණයක් විදිහට ලෞකික අරමුණු, තෝරාගැනීම් පරායත්ත ගිලිහීම් මත ජීවිතය, අනියත බව වැනි ගැඹුරු වෙහෙසකරවන තේමාවන් සිනමාපටයක තුළ අන්තර්ගත තුළ අතපත ගාල තිබුණත් බලන කෙනෙකුට මේ කිසි දෙයක් නීරස විඩාබර අත්දැකීමක් නොවෙන විදිහට පුංචි කුතුහලයක් දැනෙන අයුරින් ලස්සන රූප පෙළහරක් මවමින් ඉතාමත් සංවර අනන්‍ය අයුරකින් ලබාදෙන්නට සිනමාකරුවා වග බලාගන තිබුණ..සංවරයි කියන වචනේ මේ ලිපිය පුරාම වුණත් ටයිප් කරගෙන යන්න පුළුවන්..මේක ඒ වගේ..මේ තුළ ඇති නොස්ටැල්ජියාව පවා ආවේණික හැඟීමක් තමයි දෙන්නේ.. මුළු නිර්මාණයම අපිට නිකං නිස්කලංක දැකුම්කළු පරිසරයක් දිහා ආසාවෙන් බලන් ඉන්නකොට දෙන හැගීම තමයි දෙන්නේ… Shefali Shahගේ අති විශිෂ්ට රංගනය විතරක් අපිට වෙනම වෙලාවක් අරගෙන රස විඳින්න පුළුවන් ඒක වෙනම ලෙවල් එකක රංගනයක්. ඒ වෙනුවෙන් ඇයට ෆිල්ම්ෆෙයා සම්මාන උළෙලේ හොඳම නිළියට හිමි විචාරක සම්මානය හිමි වෙලා තිබුණා.. ඒ ගැන පුංචි සතුටක් අනිවාර්යෙන තියනවා..ඒ වගේම තමයි Jaideep Ahlawat, Swanand Kirkire මේ හැමෝම මාර සංයමයකින් බ්ලෙන්ඩ් වුණේ ඒ පරිසරයත් එක්ක..හරියට නිකං පසුබිමෙන් මවන ඒ නිස්කලංක භාවය බිඳෙන්නේ නැති වෙන්න පරෙස්සමට ඒ තුළ ජිවත් වුණා කියල හිතුනා..ඇයි මේකට මේ විදිහට ටයිට්ල් එක දුන්නේ කියනෙක විතරයි මට තියෙන ප්‍රශ්නය..කොහොම වුණත් හරිම සුන්දර සිනමාපටයක්. ඉතිං නොබලපු ඈයෝන්ට බලන්න කියල ආරාධනා කරනවා එහෙනම්…ජය වේවා!

 

ලිපිය උපුටා ගැනීම :- Baiscope.LK හි පලවූ අචින්ත උදයංග සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Three of Us (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/three-of-us-2023-sinhala-subtitles/feed/ 0
Rockstar (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/rockstar-2011-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/rockstar-2011-sinhala-subtitles/#respond Wed, 15 Nov 2023 07:57:07 +0000 https://sinhalasub.life/?post_type=movies&p=60497 Rockstar Sinhala Sub Rockstar Sinhala Subtitles Rockstar (2011) Sinhala Sub Rockstar (2011) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ඉතින් යාළුවනේ ඔයාලා හැමෝටම ජය වේවා!! ආයෙත් ඔන්න ඇගෙට දැනෙන හිතට දැනෙන ලස්සන හින්දි චිත්‍රපටයක් ඔයාලට ගෙනාවා… “ROCK STAR”. ඉතින් හින්දි බයිස්කෝප් එකක් වුණාම ලස්සන සිංදුත් තියෙනවනේ. ඔයාලා අනිවාර්යෙන් මේකේ තියෙන සිංදු වලටනම් කැමති වේවි. ෆිල්ම් එකනම් මැක්සා […]

The post Rockstar (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Rockstar Sinhala Sub
Rockstar Sinhala Subtitles
Rockstar (2011) Sinhala Sub
Rockstar (2011) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඉතින් යාළුවනේ ඔයාලා හැමෝටම ජය වේවා!! ආයෙත් ඔන්න ඇගෙට දැනෙන හිතට දැනෙන ලස්සන හින්දි චිත්‍රපටයක් ඔයාලට ගෙනාවා… “ROCK STAR”. ඉතින් හින්දි බයිස්කෝප් එකක් වුණාම ලස්සන සිංදුත් තියෙනවනේ. ඔයාලා අනිවාර්යෙන් මේකේ තියෙන සිංදු වලටනම් කැමති වේවි.

ෆිල්ම් එකනම් මැක්සා කතාවක්. මේ ෆිල්ම් එක IMDb Ratings වල 7.4 ක් වැනි ඉහල අගයක් ලබාගෙන තියෙනවා. ඒ වගේම අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Jab we met (2007), love Aaj kal (2009) වැනි ප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්ෂණය කල Imtiaz Ali කියන අධ්‍යක්ෂකවරයයි. ඒ වගේම Filmfare සම්මාන උළෙලේ හොඳම නළුවා Ranbir Kapoor, හොඳම පද රචකයා Irshad Kamil  (Nadaan Parindey ගීතය සඳහා), ඒ වගේම Zee Cine සම්මාන උළෙලේ හොඳම නළුවා Ranbir Kapoor, හොඳම අධ්‍යකෂක Imtiaz Ali, ඒ වගේම හොඳම සංගීත අධ්‍යක්ෂක A.R. Rahman, මේ වගේ සුපිරි සම්මාන රැසකට උරුමකම් කියන මේ සුපරි ෆිල්ම් එක ඔබ නැරඹිය යුතුමයි.

කතාව ගැන කියනවනම් මෙහෙමයි විස්තරේ…

Jordan (Ranbir Kapoor) එයාට සිංදු කියන්න වේදනාවක් ඕනේ කියලා එයා ඉගෙන ගන්න පාසලේම ලස්සන ගෑණු ළමයෙක්ට ආදරෙයි කියනවා. එයාගේ නම Heer (Nargis Fakhir). එයාව කසාද බදින්න වෙන කෙනෙක්ව යොජනා කරලා ඉන්නේ. ඒත් කොහොම හරි මේ දෙන්න අතර ප්‍රශ්ණ ඇතිවුණත් මේ දෙන්න හොද යාළුවෝ වෙනවා. ඒත් Heer කසාද බැඳලා ර‍ට යනවා. එයාට එහෙදි ලෙඩක් හැදෙනවා. ඒ වගේම Jordan කවුරැත් දන්න රොක් තරැවක් වෙනවා…. කතාවේ ඉතුරැ හරියේ මොකක් වෙයිද? ඒක නම් මට කියන්න බෑ. ෆිල්ම් එක ඔයාලට බලන්නම වෙනවා. යාළුවනේ මේක ඇත්තටම අපිට හුඟක් හිතට දැනෙන ලස්සන ආදර කතාවක්. ෆිල්ම් එක දිගටම බලන්න.

එහෙනම් තවත් ලස්සන චිත්‍රපටයක් සමගින් නැවත හමුවෙන තුරැ…

ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා මේ ලස්සන කතාව බලන්න…?

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ මේලක ලමල් සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Rockstar (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/rockstar-2011-sinhala-subtitles/feed/ 0
An Action Hero (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/an-action-hero-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/an-action-hero-2022-sinhala-subtitles/#respond Sun, 29 Jan 2023 08:41:42 +0000 https://sinhalasub.net/?post_type=movies&p=35584 An Action Hero Sinhala Sub An Action Hero Sinhala Subtitles An Action Hero (2022) Sinhala Sub An Action Hero (2022) Sinhala Subtitles

The post An Action Hero (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
An Action Hero Sinhala Sub
An Action Hero Sinhala Subtitles
An Action Hero (2022) Sinhala Sub
An Action Hero (2022) Sinhala Subtitles

The post An Action Hero (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/an-action-hero-2022-sinhala-subtitles/feed/ 0