Jamie Foxx Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/jamie-foxx/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Wed, 26 Mar 2025 03:12:37 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Jamie Foxx Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/jamie-foxx/ 32 32 Project Power (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/project-power-2020-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/project-power-2020-sinhala-subtitles/#respond Wed, 26 Mar 2025 03:10:55 +0000 https://sinhalasub.net/?post_type=movies&p=455 An ex-soldier, a teen and a cop collide in New Orleans as they hunt for the source behind a dangerous new pill that grants users temporary superpowers.

The post Project Power (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
An ex-soldier, a teen and a cop collide in New Orleans as they hunt for the source behind a dangerous new pill that grants users temporary superpowers.

The post Project Power (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/project-power-2020-sinhala-subtitles/feed/ 0
Back in Action (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/back-in-action-2025-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/back-in-action-2025-sinhala-subtitles/#comments Tue, 11 Feb 2025 02:40:07 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=89732 Back in Action Sinhala Sub Back in Action Sinhala Subtitles Back in Action 2025 Sinhala Sub Back in Action (2025) Sinhala Sub Back in Action (2025) Sinhala Subtitles   උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම […]

The post Back in Action (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Back in Action Sinhala Sub
Back in Action Sinhala Subtitles
Back in Action 2025 Sinhala Sub
Back in Action (2025) Sinhala Sub
Back in Action (2025) Sinhala Subtitles

 

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Back in Action (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/back-in-action-2025-sinhala-subtitles/feed/ 4
Spider-Man: No Way Home (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/spider-man-no-way-home-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/spider-man-no-way-home-2021-sinhala-subtitles/#comments Wed, 04 Dec 2024 08:40:06 +0000 https://sinhalasub.net/?post_type=movies&p=12399 Spider-Man: No Way Home (2021) Sinhala Subtitles Peter Parker is unmasked and no longer able to separate his normal life from the high-stakes of being a super-hero. When he asks for help from Doctor Strange the stakes become even more dangerous, forcing him to discover what it truly means to be Spider-Man.   Spider-Man: No […]

The post Spider-Man: No Way Home (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Spider-Man: No Way Home (2021) Sinhala Subtitles

Peter Parker is unmasked and no longer able to separate his normal life from the high-stakes of being a super-hero. When he asks for help from Doctor Strange the stakes become even more dangerous, forcing him to discover what it truly means to be Spider-Man.

 

Spider-Man: No Way Home (2021) Sinhala Sub

Spider-Man: No Way Home (2021) SinhalaSub

The post Spider-Man: No Way Home (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/spider-man-no-way-home-2021-sinhala-subtitles/feed/ 2
The Amazing Spider-Man 2 (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-amazing-spider-man-2-2014-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-amazing-spider-man-2-2014-sinhala-subtitles/#respond Tue, 20 Aug 2024 00:30:40 +0000 https://sinhalasub.net/?post_type=movies&p=11955 For Peter Parker, life is busy. Between taking out the bad guys as Spider-Man and spending time with the person he loves, Gwen Stacy, high school graduation cannot come quickly enough. Peter has not forgotten about the promise he made to Gwen’s father to protect her by staying away, but that is a promise he […]

The post The Amazing Spider-Man 2 (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
For Peter Parker, life is busy. Between taking out the bad guys as Spider-Man and spending time with the person he loves, Gwen Stacy, high school graduation cannot come quickly enough. Peter has not forgotten about the promise he made to Gwen’s father to protect her by staying away, but that is a promise he cannot keep. Things will change for Peter when a new villain, Electro, emerges, an old friend, Harry Osborn, returns, and Peter uncovers new clues about his past.

The post The Amazing Spider-Man 2 (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-amazing-spider-man-2-2014-sinhala-subtitles/feed/ 0
Law Abiding Citizen (2009) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/law-abiding-citizen-2009-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/law-abiding-citizen-2009-sinhala-subtitles/#respond Thu, 05 Oct 2023 13:01:07 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=55781 Law Abiding Citizen Sinhala Sub Law Abiding Citizen Sinhala Subtitles Law Abiding Citizen (2009) Sinhala Sub Law Abiding Citizen (2009) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! මේ වතාවේ ඔබ වෙත රැගෙන ආවේ Law Abiding Cityzen (2009) සිනමාපටයයි. මේ සිනමා නිර්මාණය සහාසික පළිගැනීමක නිරතවන පුද්ගලයෙකු වටා ගෙතුණු කතන්දරයක් අන්තර්ගත, අතිශය ත්‍රාසජනක සහ උද්වේගකර ලෙස නිර්මාණය කෙරුණු සිනමා […]

The post Law Abiding Citizen (2009) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Law Abiding Citizen Sinhala Sub
Law Abiding Citizen Sinhala Subtitles
Law Abiding Citizen (2009) Sinhala Sub
Law Abiding Citizen (2009) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මේ වතාවේ ඔබ වෙත රැගෙන ආවේ Law Abiding Cityzen (2009) සිනමාපටයයි. මේ සිනමා නිර්මාණය සහාසික පළිගැනීමක නිරතවන පුද්ගලයෙකු වටා ගෙතුණු කතන්දරයක් අන්තර්ගත, අතිශය ත්‍රාසජනක සහ උද්වේගකර ලෙස නිර්මාණය කෙරුණු සිනමා නිර්මාණයක්. Gerard Butler සහ Jamie Foxx අතිශය උද්වේගකර ලෙස ප්‍රධාන චරිත දෙක ගොඩනඟන අතර ආරම්භයේ සිටම අවසානය දක්වාම කුතුහලයෙන් යුතුව ඔබව ඇද බැඳ තබාගැනීමට මේ සිනමාපටය සමත් වෙනු ඇති. F. Gary Grayගේ විශිෂ්ට අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වුණු මේ චිත්‍රපටය ප්‍රතිචාර 311,068කින් IMdb දර්ශකයේ 7.4/10 අගයක් ලබාගන්නට සමත් වී තිබෙනවා. නිකුත් වීමෙන් අනතුරුව, අනවශ්‍ය ලෙස සාහසික බවට ඇතැම් විචාරකයන්ගේ විවේචන වලට ලක්වුණත්, ඩොලර් මිලියන 53ක නිෂ්පාදන වියදමට එදිරිව ඩොලර් මිලියන 127.9ක ආදායමක් ලබන්නට Law Abiding Cityzen සමත් වන අතරම, වසරේ හොඳම ක්‍රියාදාම/ත්‍රාසජනක සිනමාපටය ලෙසින් Saturn සම්මානයටද, හොඳම සිනමා නළුවා, සහ හොඳම සිනමා අධ්‍යක්ෂණය වෙනුවෙන් NAACP සම්මානයටද නිර්දේශ වීමට සමත් වුණා.

මේ සිනමාපටයේ කතාව ගැන කෙටියෙන් කියන්නම්. චිත්‍රපටය ආරම්භ වන්නෙම සාහසික උද්වේගකර ජවනිකාවකින්. වෘත්තියෙන් ඉංජිනේරුවෙක් වන ක්ලයිඩ් ෂෙල්ටන්ගේ (Gerard Butler) නිවෙසට රාත්‍රියේ කඩාවදින පුද්ගලයන් දෙදෙනෙක් විසින් ඔහුවත් බිරියත් දෑත් දෙපා ගැට ගසා පහර දෙනවා. අනතුරුව ඔවුන් දෙදෙනාටම පිහි පහර එල්ල කරන අතර දියණියව ද සහාසික ලෙස ඝාතනය කරනවා. තම දෑස් ඉදිරිපිටම බිරිඳත් දියණියත් ඝාතනය වන අන්දම දකින ක්ලවුඩ් එල්ල වුණු පිහිපහර නිසා සිහිසුන් වනවා. මේ ඝාතන ගැන විමර්ෂණ වලින් අනතුරව ක්ලැරන්ස් ඩාබි (Christian Stolte) සහ රූපට් ඒම්ස් දෙදෙනාව (Josh Stewart) පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නවා. මෙහිදී ක්ලයිඩ්ගේ නීතිඥයා ලෙස කටයුතු කරන නික් රයිස් (Jamie Foxx) සාක්ෂි නිවැරදිව මෙහෙයවීමට අසමත් වන අතර, ඩාබි වරදකරුවෙක් බවට ඔප්පු කළ හැකි DNA සහ අනෙක් වෝහාරික සාක්ෂි පිළිගනිම විනිසුරු ප්‍රතික්ෂේප කරනවා. විමර්ෂණ අතරතුරදී සත්‍ය මිනීමරුවා වන ක්ලැරන්ස් ඩාබි රජයේ සාක්ෂිකරුවෙක් බවට පත්වෙමින් තම සගයා වන රූපට් ඒම්ස් විසින් ඝාතන සිදු කළ බවට සාක්ෂි ලබා දෙනවා.

මේ නිසා ඩාබි මරණීය දණ්ඩනයෙන් ගැලවෙන අතර තුන්වන ගණයේ මිනීමැරුමක් සඳහා තුන් වසරක සිර දණ්ඩනයක් පමණක් ලබනවා. මේ අතර ඝාතන සඳහා නිදොස් අහිංසකයෙක් වුණු රූපට් ඒම්ස් මරණීය දණ්ඩනයට නියම වෙනවා. උසාවියෙන් බැහැරදී සිය නීතිඥයා වන නික් රයිස් ඝාතක ඩාබි සමඟ අතට අත දෙන දර්ශනය දකින ක්ලයිඩ් බෙහෙවින් කළකිරීමට පත්වනවා. අධිකරණ පද්ධතියෙන් සහ තම නීතිඥයාගෙන් තමන්ට බරපතළ අසාධාරණයක් වන අන්දම දස වසරක් තිස්සේ බලාසිටි ක්ලයිඩ්, අවසානයේ සමස්ත අධිකරණ පද්ධතියටම එරෙහිව යමින්, යුක්තිය සහ සාධාරණත්වය තමන්ගේම ආකාරයකට නිර්වචනය කරගෙන සැහැසි පළිගැනීමේ ක්‍රියාවලියක නිරත වන්නට තීරණය කරනවා. මුලින්ම ඔහුගේ ගොදුර වන්නේ විෂ එන්නත්කරණයෙන් වේදනා රහිත මරණීය දණ්ඩනයට නියම වුණු රූපට් ඒම්ස්. ෂෙල්ටන් විසින් මරණීය දණ්ඩනයට යොදාගන්නා රසායන ද්‍රව්‍ය වෙනත් රසායනික ද්‍රව්‍ය වලට මාරු කරවීම නිසා අධික වේදනා විඳ මරණයට පත් වීමට ඒම්ස්ට සිදුවෙනවා. අනතුරුව මරණයෙන් ගැලවුණු ඝාතක ඩාබිව කොටු කරගන්නා ක්ලයිඩ්, ඔහුගේ සිරුර අකර්මණ්‍ය වන රසායනික සංයෝගයක් ශරීරගත කර හෙලවිමටවත් නොහැකි ලෙස ගැටගසා අතිශය දරුණු වධහිංසා පමුණුවා අවසානයේ මරණයට පත් කරනවා. (සංවේදී දර්ශන නැරඹීමට අපහසු අයට නම් නැරඹීමට අපහසු ඒ කොටස මඟහැර ඉදිරියට යවන්න සිදුවෙන්න පුළුවන්!)

මේ ඝාතන දෙක සඳහා ක්ලයිඩ් සැකපිට අත්අඩංගුවට පත්වන අතර රජයේ පැමිණිලි පාර්ශවයේ නීතිඥයා ලෙස පෙර නඩුවේ ක්ලයිඩ් වෙනුවෙන් පෙනී සිටි නික් රයිස්, මෙම නඩුවේ ක්ලයිඩ්ට එරෙහිව පැමිණිලි පාර්ශවයේ නීතිඥයා බවට පත්වෙනවා. මින් ඉදිරියට ගලා යන්නේ සිරමැදිරිය තුල සිටින අතර සුක්ෂම උපායන් යොදවමින් මිනීමැරුම් වලින් ගැලවෙන්නට උත්සහ කරන ක්ලයිඩ් ෂෙල්ටන් සහ නීති පාර්ශවය නියෝජනය කරන නික් රයිස් අතර ඇතිවන උද්වේගකර ඝට්ටනය සමඟ ඇතිවන බිහිසුණු අතුරු ප්‍රතිපලයි. තමන්ට අසාධාරණය කළ සියලු දෙනාගේ ජිවිත වලින් වන්දිය ගැනීමට උත්සහ කරන ෂෙල්ටන්ට සිය අරමුණු මුදුන් පත් කරගැනීමට හැකිවේද? ඔහුට එදිරිව තමා සහ නීති පද්ධතිය රකින්නට උත්සාහ කරන නික් රයිස්ට ෂෙල්ටන්ගේ සැලසුම් අඩාල කරමින් ජයගන්නට හැකිවේද? මීළඟට ෂෙල්ටන්ගේ ගොදුරු ඉලක්ක බවට පත්වන්නේ කවුරුන්ද? වියරු පළිගැනීමේ ආශාව ක්ලයිඩ්ව රැගෙන යන්නේ කොතනටද? මේ සියල්ල ඔබට චිත්‍රපටය නැරඹීමෙන් දැනගන්නට හැකි වෙයි.

කෙසේ වෙතත් ඔබ සංවේදී දර්ශන නැරඹීමෙන් කම්පනයට පත්වන්නේ නම් සහ 18ට අඩු නම් මෙය නැරඹීමෙන් වැළකීම වඩාත් සුදුසු යැයි අදහස් කරමි.

නැවතත් චිත්‍රපටයකින් හමුවන තුරු ඔබ සැමට ආයුබෝවන්!!
තෙරුවන් සරණයි!

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ප්‍රබුද්ධ කේසර විතානගේ සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Law Abiding Citizen (2009) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/law-abiding-citizen-2009-sinhala-subtitles/feed/ 0
Strays (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/strays-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/strays-2023-sinhala-subtitles/#comments Sat, 23 Sep 2023 08:26:47 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=54575 Strays Sinhala Sub Strays Sinhala Subtitles Strays (2023) Sinhala Sub Strays (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! හුරතලේට සත්තු ඇති කරන්න අපි ගොඩ දෙනෙක් පුරුදු වෙලා ඉන්නවා. එහෙම ඇති කරන සත්තු අතරින් බල්ලන්ට ලැබෙන්නේ විශේෂ තැනක්. සමහර බල්ලන්ට ලැබෙන සැලකිල්ල ගෙදර මිනිස්සුන්ට වත් ලැබෙන්නේ නැහැ. උන්ට සුපිරි සැප. වෙලාවට කෑම, බීම, බෙහෙත්, ඉන්න වෙනමම තැනක්. […]

The post Strays (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Strays Sinhala Sub
Strays Sinhala Subtitles
Strays (2023) Sinhala Sub
Strays (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

හුරතලේට සත්තු ඇති කරන්න අපි ගොඩ දෙනෙක් පුරුදු වෙලා ඉන්නවා. එහෙම ඇති කරන සත්තු අතරින් බල්ලන්ට ලැබෙන්නේ විශේෂ තැනක්. සමහර බල්ලන්ට ලැබෙන සැලකිල්ල ගෙදර මිනිස්සුන්ට වත් ලැබෙන්නේ නැහැ. උන්ට සුපිරි සැප. වෙලාවට කෑම, බීම, බෙහෙත්, ඉන්න වෙනමම තැනක්.

ඔය අතරේ තව බල්ලෝ කණ්ඩායමක් ඉන්නවා අපි හැමෝටම පාරේ යනකොට හම්බවෙන. උන්ට අපි සරලවම කියන්නේ වල් බල්ලෝ කියලා. මම මේ කියන්නේ කකුල් හතරේ වල් බල්ලෝ ගැන හොඳේ. අන්න එහෙම වල් බල්ලන් ගැන කියවෙන කතාවක් තමයි අද මෙ අරන් එන්නේ.

චිත්‍රපටයේ නම Strays. රඟපාන්නේ බල්ලෝ. එක බැල්ලියෙකුත් ඉන්නවා. මේ කතාව බලන කොට මට මුලින්ම මතක් උනේ Cats & Dogs චිත්‍රපටය. වෙනසකට තියෙන්නේ මේ චිත්‍රපටයේ පූසෝ නැහැ. ඒ වෙනුවට ඇති තරම් කුණුහරුප නම් තියනවා. ඉතින් කියන්න ඕන සමහර කුණුහරුප අපි ඒවායේ ඇත්ත සිංහල වචන වලට කිට්ටු වෙන්න පරිවර්තනය කරා නැත්නම් කතාවේ රසය අඩු වෙන නිසා. ඒ වගේම කියන්න ඕන මේක විහිලු කතාවක් නිසා මුල ඉඳන් අග වෙනකල්ම හොඳට හිනා වෙවී බලන්න පුළුවන් ඔයාලා හැමෝටම.

එහෙනම් කතාව ගැන පුංචි ඉඟියක් දෙන්නම්. රෙජී (Will Ferrell) කියන්නේ හුරතලේට ඇති කරපු බල්ලෙක්. එයාගේ හාම්පුතා තමයි ඩග් (Will Forte). හැබැයි ඩග්ට රෙජීව පේන්න බැහැ. මොකද රෙජී නිසා ඩග්ගේ හොර වැඩ කෙල්ලට මාට්ටු වෙනවා. ඒ වගේම ගෙදර පිළිවෙලට තියා ගන්නත් අමාරු වෙනවා. ඒ නිසා ඩග් තීරණය කරනවා රෙජීව ඈතක ගිහින් දාලා අතරමං කරන්න. එහෙම අතරමං කරන රෙජීට පාරේ ඉන්න වල් බල්ලෝ තුන් දෙනෙක් සෙට් වෙනවා. ඒ තමයි බග් (Jamie Foxx), හන්ටර් (Randall Park) සහ මැගී (Isla Fisher). ගජ යාළුවො වෙන මේ කට්ටිය එකතු වෙලා ඩග් ගෙන් ඒ කියන්නේ රෙජීගේ හාම්පුතා ගෙන් පළි ගන්න හැටි තමයි කතාවෙන් කියන්නේ. ඒ පළි ගන්න විදිහ නම් බලන්නම ඕන කියලා වැඩක් නැහැ.

Strays ලංකාවේ නම් පෙන්නුවේ නැහැ. සමහර විට තියන කුණුහරුප නිසා වෙන්න ඇති. චිත්‍රපටය විදේශ රටවල ප්‍රදර්ශනය ආරම්භ උනේ අගෝස්තු 18. Universal Pictures විසින් බෙදා හැරපු මේ චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කරේ Josh Greenbaum. ඒ වගේම මේකට IMDb 6.3 අගයකුත් Rotten Tomatoes 55% අගයකුත් ලැබිලා තියනවා. පුද්ගලිකව මගේ අදහස නම් මීට වඩා රේටින් ලැබෙන්න ඕන කියන එකයි. මොනවා උනත් කතාවේ රසයට නම් මේ රේටින් අදාල නැහැ. Josh Greenbaum ප්‍රධාන නළු නිලි බල්ලන් 4 දෙනා එක්ක

චිත්‍රපටය රූගත කරන අවස්ථාවක්

ලිපිය ඉවර කරන්න චිත්‍රපටයේ වල් බල්ලන් වෙනුවෙන් රෙජී හඳුන්වා දෙන නීති තුනක් සඳහන් කරන්න හිතුනා.

1. වල් බල්ලන්ට දෙයක් අයිති කරගන්න ඕන නම් ඒකට චූ කරන්න ඕන
2. වල් බල්ලන්ට කැමති දේකට ඇති තරම් සෙක්ස් කරන්න පුළුවන්
3. වල් බල්ලෝ තනි වෙලා නැහැ

එහෙනම් කතාව බලලා කමෙන්ට් එකකතු දාගෙන යන්න කියලා ආරාධනා කරනවා හැමෝටම…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ යුරාන් ධනුක සහ චාමිකර විදානගේ සහෝදරයන්ගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Strays (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/strays-2023-sinhala-subtitles/feed/ 1