Jayaram Archives - SinhalaSub https://sinhalasub.lk/cast/jayaram/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Wed, 02 Apr 2025 04:53:57 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Jayaram Archives - SinhalaSub https://sinhalasub.lk/cast/jayaram/ 32 32 Ala Vaikunthapurramuloo (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/ala-vaikunthapurramuloo-2020-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/ala-vaikunthapurramuloo-2020-sinhala-subtitles/#respond Tue, 01 Apr 2025 16:10:16 +0000 https://sinhalasub.net/?post_type=movies&p=1934 Ala Vaikunthapurramuloo (2020) Sinhala Subtitles

The post Ala Vaikunthapurramuloo (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Ala Vaikunthapurramuloo (2020) Sinhala Subtitles

The post Ala Vaikunthapurramuloo (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/ala-vaikunthapurramuloo-2020-sinhala-subtitles/feed/ 0
Game Changer (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/game-changer-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/game-changer-2025-sinhala-subtitles/#comments Sun, 09 Feb 2025 04:20:25 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=89531 Game Changer Sinhala Sub Game Changer Sinhala Subtitles Game Changer 2025 Sinhala Sub Game Changer (2025) Sinhala Sub Game Changer (2025) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය […]

The post Game Changer (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Game Changer Sinhala Sub
Game Changer Sinhala Subtitles
Game Changer 2025 Sinhala Sub
Game Changer (2025) Sinhala Sub
Game Changer (2025) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Game Changer (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/game-changer-2025-sinhala-subtitles/feed/ 4
The Greatest of All Time (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/the-greatest-of-all-time-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/the-greatest-of-all-time-2024-sinhala-subtitles/#comments Thu, 03 Oct 2024 01:00:45 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=75083 The Greatest of All Time Sinhala Sub The Greatest of All Time Sinhala Subtitles The Greatest of All Time (2024) Sinhala Sub The Greatest of All Time (2024) Sinhala Subtitles ඔරිජිනල්  WEB-DL

The post The Greatest of All Time (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Greatest of All Time Sinhala Sub
The Greatest of All Time Sinhala Subtitles
The Greatest of All Time (2024) Sinhala Sub
The Greatest of All Time (2024) Sinhala Subtitles

ඔරිජිනල්  WEB-DL

The post The Greatest of All Time (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/the-greatest-of-all-time-2024-sinhala-subtitles/feed/ 12
Kushi (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/kushi-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/kushi-2023-sinhala-subtitles/#comments Tue, 06 Aug 2024 01:34:43 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=55362 Kushi Sinhala Sub Kushi Sinhala Subtitles Kushi (2023) Sinhala Sub Kushi (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! අදත් අලුත්ම Romance | Comedy තෙලිඟු ෆිල්ම් එකක් අරගෙන තමයි අරගෙන ආවේ. පසුගිය සැප්තැම්බර් පලවෙනිදා තමයි මේ ෆිල්ම් එක තිරගත වීම ආරම්භ කලේ. අද Netflix හරහා තමයි ෆිල්ම් එකේ ඔර්ජිනල් පිටපත් අන්තර්ජාලයට නිකුත් කෙරුනේ. ඉතින් ෆිල්ම් එක ගත්තම […]

The post Kushi (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Kushi Sinhala Sub
Kushi Sinhala Subtitles
Kushi (2023) Sinhala Sub
Kushi (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

අදත් අලුත්ම Romance | Comedy තෙලිඟු ෆිල්ම් එකක් අරගෙන තමයි අරගෙන ආවේ. පසුගිය සැප්තැම්බර් පලවෙනිදා තමයි මේ ෆිල්ම් එක තිරගත වීම ආරම්භ කලේ. අද Netflix හරහා තමයි ෆිල්ම් එකේ ඔර්ජිනල් පිටපත් අන්තර්ජාලයට නිකුත් කෙරුනේ. ඉතින් ෆිල්ම් එක ගත්තම මික්ස් රිවිව්ස් තමයි මේ ෆිල්ම් එකට ලැබුනේ. ඉන්දියානු රුපියල් කෝටි 50 ක වියදමක් දරලා නිපදවුනු මෙය ඉන්දියානු රුපියල් කෝටි 72 ක බොක්ස් ඔෆිස් ආදායමක් උපයන්න සමත් වුනා. ෆිල්ම් එක අධ්‍යක්ෂණය කලේ Ninnu Kori , Majili , Tuck Jagadish වගේ චිත්‍රපට අධ්‍යක්ෂණය කල ශිව නිර්වාන විසින්. ඒ වගේම මේක Mytri Movies Makers බැනරය යටතේ තමයි නිෂ්පාදනය උනේ. මුල් වරට පසුගිය 2022 වසරේ අප්‍රේල් මාසෙ නිවේදනය නිකුත් වීමත් එක්ක බොහෝ දෙනෙක් පුන පුනා හිටියා මේ ෆිල්ම් එක වෙනුවෙන්.

ඉතින් ඒකට ප්‍රධානම හේතුවක් තමයි විජේ දේවරකොන්ඩා සහ සමන්තා රූත් මෙහි ප්‍රධාන නලු නිලි යුවල ලෙස කටයුතු කිරීම.නමුත් සමන්තාගෙ හදිසි අසනීප තත්වය නිසා වරෙක මෙහි රූගත කිරීම් අතහැර දමන්නට පවා සිද්ද උනා.නමුත් ගොඩක් අයගෙ සිත් ගත් තැනක් උනේ කාශ්මීර් වල රූගත කිරීම් කරන අතරතුර සමන්තාගෙ උපන්දිනය වෙනුවෙන් කට්ටිය දුන්න සප්‍රයිස් එක එහෙම.ඔයාලටත් මතක ඇති මේ ෆිල්ම් එක ගැන ඇලර්ට් එකේ හිටියනම්.

ඒ වගේම මේ ෆිල්ම් එකේ අවදානය ලබාපු තවත් ප්‍රධානම කාරණයක් වෙන්නේ විජේ දේවරකොන්ඩා.ඒ ඔහු පහුගිය කාලය පුරාවටම චිත්‍රපට අතර දිගින් දිගටම අසාර්ථක වීම.ආදායම් වශයෙන් සහ චිත්‍රපට වලට ලැබුනු ප්‍රතිචාර යන දෙකෙන්ම.ඉතින් ඔහු මේ ෆිල්ම් එක කරන්න එන්නෙම තීරණාත්මක අඩියක ඉදන්. ඉතින් අවසානෙ යම් අස්වැසිල්ලක් මේ චිත්‍රපටිය හරහා ලැබුනා කියල හිතන්න පුලුවන්.

හරි මම කතාව පොඩ්ඩක් මතක් කරන්නම්. විප්ලව් කියන්නෙ BSNL ඔෆිසර් කෙනෙක්.ඒ කියන්නෙ රජයේ සන්නිවේදන ක්ෂේත්‍රය සම්බන්ධව ටෙලිෆෝන් ලයින් හදනව වගේ කටයුතු කරන ඔෆිසර් කෙනෙක්.කොහොම හරි මෙයාට හයිද්‍රාබාද් වල පත්වීම ලැබිලත් බලෙන්ම කාශ්මීර් වලට පත්වීම අරගන්නවා ඒ පරිසරයට තියෙන ආසාවට.ඉතින් ඔය අතරේ මෙයාට ගිහින් දවසෙන් දෙකෙන් කාශ්මීරය එපා වෙනව.ඒ ඉන්න අතරේ බුර්කාවක් දාගත්ත පකිස්ථාන් කෙල්ලො දෙන්නෙක් දැකල මෙයාගෙ හිත යනවා.

ඉතින් සෑහෙන්න දේවල් තව ඉස්සරහට තමා වෙන්නේ.ඔයාලම බලල දැනගන්න.අපූරු කතාවක් එහෙනම් පහලින් Download කරගෙනම බලන්නකෝ… ලස්සන සින්දු ටිකකුත් තියෙ රසවිඳින්න ආරාධනා කරන ගමන් දැනට ගිහින් එන්නම්…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ මදුශාන් ප්‍රියන්කර සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Kushi (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/kushi-2023-sinhala-subtitles/feed/ 4
Abraham Ozler (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/abraham-ozler-2024-sinhala-subtitles-%e0%b7%83%e0%b7%92%e0%b6%82%e0%b7%84%e0%b6%bd-%e0%b6%8b%e0%b6%b4%e0%b7%83%e0%b7%92%e0%b6%bb%e0%b7%83%e0%b7%92-%e0%b7%83%e0%b6%b8%e0%b6%9f/ https://sinhalasub.lk/movies/abraham-ozler-2024-sinhala-subtitles-%e0%b7%83%e0%b7%92%e0%b6%82%e0%b7%84%e0%b6%bd-%e0%b6%8b%e0%b6%b4%e0%b7%83%e0%b7%92%e0%b6%bb%e0%b7%83%e0%b7%92-%e0%b7%83%e0%b6%b8%e0%b6%9f/#respond Fri, 22 Mar 2024 19:03:42 +0000 https://sinhalasub.life/?post_type=movies&p=67986 Abraham Ozler Sinhala Sub Abraham Ozler Sinhala Subtitles Abraham Ozler (2024) Sinhala Sub Abraham Ozler (2024) Sinhala Subtitles

The post Abraham Ozler (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Abraham Ozler Sinhala Sub
Abraham Ozler Sinhala Subtitles
Abraham Ozler (2024) Sinhala Sub
Abraham Ozler (2024) Sinhala Subtitles

The post Abraham Ozler (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/abraham-ozler-2024-sinhala-subtitles-%e0%b7%83%e0%b7%92%e0%b6%82%e0%b7%84%e0%b6%bd-%e0%b6%8b%e0%b6%b4%e0%b7%83%e0%b7%92%e0%b6%bb%e0%b7%83%e0%b7%92-%e0%b7%83%e0%b6%b8%e0%b6%9f/feed/ 0
Guntur Kaaram (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/guntur-kaaram-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/guntur-kaaram-2024-sinhala-subtitles/#respond Fri, 09 Feb 2024 16:09:53 +0000 https://sinhalasub.life/?post_type=movies&p=66147 Guntur Kaaram Sinhala Sub Guntur Kaaram Sinhala Subtitles Guntur Kaaram (2024) Sinhala Sub Guntur Kaaram (2024) Sinhala Subtitles

The post Guntur Kaaram (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Guntur Kaaram Sinhala Sub
Guntur Kaaram Sinhala Subtitles
Guntur Kaaram (2024) Sinhala Sub
Guntur Kaaram (2024) Sinhala Subtitles

The post Guntur Kaaram (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/guntur-kaaram-2024-sinhala-subtitles/feed/ 0
Hi Nanna (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/hi-nanna-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/hi-nanna-2023-sinhala-subtitles/#respond Thu, 04 Jan 2024 09:08:12 +0000 https://sinhalasub.life/?post_type=movies&p=63942 Hi Nanna Sinhala Sub Hi Nanna Sinhala Subtitles Hi Nanna (2023) Sinhala Sub Hi Nanna (2023) Sinhala Subtitles

The post Hi Nanna (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Hi Nanna Sinhala Sub
Hi Nanna Sinhala Subtitles
Hi Nanna (2023) Sinhala Sub
Hi Nanna (2023) Sinhala Subtitles

The post Hi Nanna (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/hi-nanna-2023-sinhala-subtitles/feed/ 0
Ravanasura (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/ravanasura-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/ravanasura-2023-sinhala-subtitles/#respond Fri, 01 Dec 2023 09:07:53 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=39848 Ravanasura Sinhala Sub Ravanasura Sinhala Subtitles Ravanasura (2023) Sinhala Sub Ravanasura (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! රවීන්ද්‍රා වෘත්තීමය වශයෙන් නීතීඥයෙක්. ආර්ථික දුෂ්කරතාවය නිසාම රවීන්ද්‍රා, කනකමහාලක්ෂ්මි නීතීඥවරිය යටතේ කනිෂ්ඨ නීතීඥයෙක් විදියට සේවය කළා. මේ කනකමහාලක්ෂ්මි එයාගේ කලින් පෙම්වතිය. කියන්න තරම් දෙයක් එයාලා අතරේ තිබුණෙ නැහැ කියලයි කියන්නෙ. රවීන්ද්‍රා ගොඩක් සැහැල්ලුවෙන්, විනෝදකාමීව, විහිළුවෙන් කාලය ගත කළා. […]

The post Ravanasura (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Ravanasura Sinhala Sub
Ravanasura Sinhala Subtitles
Ravanasura (2023) Sinhala Sub
Ravanasura (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

රවීන්ද්‍රා වෘත්තීමය වශයෙන් නීතීඥයෙක්. ආර්ථික දුෂ්කරතාවය නිසාම රවීන්ද්‍රා, කනකමහාලක්ෂ්මි නීතීඥවරිය යටතේ කනිෂ්ඨ නීතීඥයෙක් විදියට සේවය කළා. මේ කනකමහාලක්ෂ්මි එයාගේ කලින් පෙම්වතිය. කියන්න තරම් දෙයක් එයාලා අතරේ තිබුණෙ නැහැ කියලයි කියන්නෙ. රවීන්ද්‍රා ගොඩක් සැහැල්ලුවෙන්, විනෝදකාමීව, විහිළුවෙන් කාලය ගත කළා. දවසක් සින්කොක්ස් ෆාර්මා සමාගමේ R&D හාරිකා තල්වාර් කනකමහාලක්ෂ්මිට බාර දෙන්න නඩුවක් අරගෙන ආවා. හාරිකාගේ තාත්තා විජේ තල්වාර්, FDA සභාපති රාධා ක්‍රිෂ්ණා චෙන්නූරිව ඝාතනය කිරීමේ අපරාධයට වැරදිකරු වෙලා තිබුණා. මේක විජේ තල්වාර්ව කොටු කිරීමක් කියලා එයා තරයේම කිව්වා. සාක්ෂි මුළුමනින්ම පාහේ විත්තිකාර පාර්ශවයට වාසිදායක විදියටයි තිබුණේ. මේ නඩුව බාරගන්නවා කියන්නෙ අනිවාර්යයෙන්ම පරාදයි කියලා කනකමහාලක්ෂ්මි අනුමාන කළා. දැකලා වෙලාවක් ගතවෙන්න කලින්ම රවීන්ද්‍රාට හාරිකාගේ ගැන හිතේ අදහක් ඇති වෙලා තිබුණ නිසා කනකමහාලක්ෂ්මිට කංකෙඳිරි ගාලා මේ නඩුව බාරගන්න එකඟ කරවා ගන්නවා. ඒ අනුව රවීන්ද්‍රා සාක්ෂි සෙවීම් කටයුතු කරගෙන යන්න වුණා. රවීන්ද්‍රා වෙනත් ක්‍රම වලින් විජේ තල්වාර්ව නඩුවෙන් ගලවාගන්න හැදුවත් විජේ තල්වාර් එකඟ වෙන්නේ නැහැ. මේ අතරෙදි හාරිකා එයාගේ තාත්තව ඇප දීලා එලියට ගන්න උත්සාහ කරනවා. ඇප ඉල්ලුම් කරන්න නම් චූදිත පාර්ශවයට වාසිදායක සාක්ෂියක් හොයාගන්න ඕන. ඒත් දැනටමත් පැරදුණ නඩුවකදි සාක්ෂි හොයාගන්නෙ කොහොමද කියලා වටෙන්ම කියද්දි රවීන්ද්‍රා එක සාක්ෂියක් ගැන ඉඟි කරනවා.

තවත් අතකින් මේ රාධා ක්‍රිෂ්ණා ඝාතන සිද්දියේදී ඇත්තටම විජේ තල්වාර්ව අපරාධයට කොටු කිරීමේ උත්සායක් තිබුණා කියලා සැකයක් පොලිසියට ඇතිවෙලා තිබුණා. ඒ නිසාම DIG නරසිම්හා මූර්ති මේ නඩුව විමර්ශනය කරන්න ACP හනුමන්ත් රාඕට බාර දෙනවා. හනුමන්ත් රාඕ විමර්ශන කටයුතු කරගෙන යද්දී, රාධා කිෂ්ණා ඝාතනයට සමාන එකම රටාවේ තවත් ඝාතන කිහිපයක් දකින්න ලැබෙනවා. එක අවස්ථාවකදි මේ ඝාතනවල චූදිතයන්ගේ සිහිය නැති වෙලා තියෙනවා. ආපහු පියවි සිහියට ඇවිත් බලද්දි එයාලා නගරයෙන් පිට ඉඳලා තිබුණා. එයාලගේ කටඋත්තරයත් විජේ තල්වාර්ගේ කටඋත්තරයටම සමානයි. හනුමන්ත් රාඕ, ඒ එක් ඝාතනයක අපරාධකාරයා වුණ බන්දුක් පෙහෙල්වාන් ගැන සෝදිසි කරන්න එයාගේ මල්ලි ගෝලි පෙහෙල්වාන්ව හමුවෙන්න ගෙදරට යනවා. ප්‍රශ්න කිරීම් වලදි බන්දුක් පෙහෙල්වාන්ගේ ඉටි පිළිමයක් තනන්න මිනුම් අරගන්න මැඩම් ටුසෝඩ්ස් එකෙන් කෙනෙක් ආවා කියලා දැනගන්න ලැබෙනවා. ඒ වුණත් මැඩම් ටුසෝඩ්ස් ඉටි කලාගාරයේ සාමාන්‍ය මිනිස්සුන්ගේ පිළිම ප්‍රදර්ශනයට තියන්නෙ නැහැනේ. සැකයක් හිතෙන නිසාම CCTV කැමරාවලින් මේ මිනුම් අරගන්න ආව කෙනාව නිරීක්ෂණය කරනවා.

තවදුරටත් සාකේත් ගැන සෝදිසි කරලා බලද්දි එයා ප්‍රොස්තෙටික් වේෂ නිරූපණ ශිල්පියෙක් කියලා දැනගන්න ලැබෙනවා. මේ ප්‍රොස්තෙටික් මේකප් වලින් සැබෑ පෙනුමට සමාන පෙනුමක් අරගන්න පුළුවන්. දැනටමත් සාකේත්ට විරුද්ධව පොලිසියේ පැමිණිල්ලක් වැටිලා තිබුණා. පැමිණිල්ල දාලා තිබුණේ ඉතාමත් ජනප්‍රිය නළු බ්‍රහ්මානන්දම්. එක් චිත්‍රපටයක ගෙවීම ප්‍රමාණවත් නොවුණු නිසා බ්‍රහ්මානන්දම් රඟපාන්න බැහැ කියලා අයින් වුණ වෙලාවෙදී සාකේත් ප්‍රොස්තෙටික් මේකප් එකක් කරලා බ්‍රහ්මානන්දම් වෙනුවට වෙන කෙනෙක්ව දම්මලා ඒ දර්ශන රූගත කරලා තිබුණා. ඒත් පස්සෙ මේ ප්‍රශ්නය නීතිමය ක්‍රියාමාර්ග වලට නොගිහින් සමථයකට පත් කරගෙන තිබුණා. මේ වෙද්දි හනුමන්ත් රාඕගේ ඇස් සාකේත් දිහාවට හැරිලා තිබුණා. ඔය අතරෙදි DIG නරසිම්හා මූර්තිව, ගෝලි පහෙල්වාන් මරලා දානවා. පුරුදු විදියටම පහුවදා ගෝලි පෙහෙල්වාන් නගරයෙන් පිටදි පොලිසිය අත්අඩංගුවට ගන්නවා. ගෝලි පහෙල්වාන් විදියට වෙස්වලාගෙන ගිහින් මේ මිනීමැරුම කළේ සාකේත් ද? සාකේත් මේ ඝාතන කරන්නේ මොකටද? රවීන්ද්‍රා ඉඟි කරපු සාක්ෂිය ඉදිරිපත් කරලා නඩුවෙන් දිනලා, වැරදිවලින් නිදහස් කරගෙන විජේ තල්වාර්ගේ බෑනා වෙන්න එයාට පුළුවන් වේවිද?

රාවණාසුරා, කතාවටයි නමටයි සම්බන්ධයක් තියෙනවද? මේ කතාවට රාවණාව බලෙන්ම සම්බන්ධ කරලා තිබුණ ආකාරයක් තමයි දකින්න ලැබෙන්නේ. ගොඩක් ප්‍රචණ්ඩත්වය දකින්න ලැබෙන චිත්‍රපටියක් කියලා කිව්වට ඒ තරම් දෙයක් නැහැ. චිත්‍රපටය අසාර්ථක වෙන්න තිර රචනයෙන් ලොකු බලපෑමක් වෙලා තියෙනවා කියන්න පුළුවන්. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය සහ රචනය කළේ සුදීර් වර්මා. Swamy Ra Ra (2013), Dohchay (2015), Keshava (2017) වගේ සාර්ථක චිත්‍රපට කිහිපයක් ඔහු ලබා දී තියෙනවා. විශේෂයෙන් Keshava චිත්‍රපටය කෝටි 3ක වියදමකින් නිපදවා කෝටි 30ක ආදායමක් ලබා ගත්තා. රවි තේජා මේ චිත්‍රපටයට එයාගෙම RT Team Works නිෂ්පාදන ආයතනය යටතේ නිෂ්පාදනයෙන් දායක වුණා. මේක Vinci Da (2019) බෙංගාලි මනෝමය ත්‍රාසජනක චිත්‍රපටයේ කතාව අනුවර්තනය කරගෙන කළ ප්‍රතිනිර්මාණයක්.

රවන්නා එක්ක ශුෂාන්ත්, ජයරාම්, පාරියා අබ්දුල්ලා, මේඝා ආකාෂ්, අනූ ඉමැනුවෙල්, ශ්‍රීකාන්ත්, හයිපර් ආදි, රාඕ රමේෂ්, මුරලි ශර්මා, සම්පත් රාජ් ආදී නළු නිළියන් කැළක් මේ චිත්‍රපටයේ චරිත රඟ දක්වනවා. Dhamaka (2022) චිත්‍රපටයට සංගීතය සැපයූ බීම්ස් සෙසිරොලියෝ මේ චිත්‍රපටයය සංගීතය සපයනවා. “ප්‍යාර් ලෝනා පාගල්” ගීතය රවිතේජා ගායනා කරනු ලැබුවා.

මීට ලැබිලා තියෙන imdb අගය 5.7/10ක්. විචාරක, ප්‍රේක්ෂකයින්ගේ මිත්‍ර ප්‍රතිචාර මීට ලැබුණා. ආදායම් තත්වය බැලුවොතින්, මේ චිත්‍රපටය විශාල අසාර්ථක වීමකට ලක් වුණා. ඉ.රු. කෝටි 60ක පමණ මුදලක් වැය කළ නිෂ්පාදනය කළත් තිරගත කිරීමෙන් ලබාගත් ආදායම ආසන්නව ඉ.රු. කෝටි 23ක් පමණයි.

Tiger Nageswara Rao (2023) ලිපියේ රවන්නාගේ මීලඟට එන්න තියෙන චිත්‍රපටි ගැන සඳහන් කළා. මෑතකදී දැනගන්න ලැබුණා මූල්‍යමය ගැටළුවක් නිසා ගෝපිචන්ද් මලිනේනි හා රවි තේජාගේ චිත්‍රපටය(RT4GM) අතරමඟ නතර කලා කියලා. කොහොම් වුණත් ඒ ගැන ඊට වැඩි තොරතුරක් නැහැ. ලබන ජනවාරියේ 12 නිකුත් වෙන්න තියෙන Eagle චිත්‍රපටියේ ටීසරය යූටියුබ් නැරඹුම් වාර මිලියන 10 පසුකරලා තියෙනවා.

එහෙනම් ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා මේ සිනමාව රසවිඳින්න…

බුදු සරණයි! සියලු දෙවි දේවතාවුන්ගේ රැකවරණයි!

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ රවිඳු නවින් සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Ravanasura (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/ravanasura-2023-sinhala-subtitles/feed/ 0
Ghost (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/ghost-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/ghost-2023-sinhala-subtitles/#comments Fri, 17 Nov 2023 06:43:22 +0000 https://sinhalasub.life/?post_type=movies&p=60623 Ghost Sinhala Sub Ghost Sinhala Subtitles Ghost (2023) Sinhala Sub Ghost (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! මේ අරං එන්නේ ඔක්තොම්බර් 19 දින ඉදන් Pan Indian චිත්‍රපටයක් විදියට ලොව පුරා තිරගත වීම ආරම්භ කරපු කන්නඩ සිනමාවේ ඉහළින්ම ඉන්න නලුවෙක් වෙන Shivarajkumar ගේ Ghost (2023) චිත්‍රපටය..මේක කන්නඩ භාෂාවෙන් නිර්මාණය වුණ චිත්‍රපටයක් වගේ මේක Tamil, Telegu, Hindi, […]

The post Ghost (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Ghost Sinhala Sub
Ghost Sinhala Subtitles
Ghost (2023) Sinhala Sub
Ghost (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මේ අරං එන්නේ ඔක්තොම්බර් 19 දින ඉදන් Pan Indian චිත්‍රපටයක් විදියට ලොව පුරා තිරගත වීම ආරම්භ කරපු කන්නඩ සිනමාවේ ඉහළින්ම ඉන්න නලුවෙක් වෙන Shivarajkumar ගේ Ghost (2023) චිත්‍රපටය..මේක කන්නඩ භාෂාවෙන් නිර්මාණය වුණ චිත්‍රපටයක් වගේ මේක Tamil, Telegu, Hindi, Malayalam කියන භාෂාවලිනුත් හඬ මුසු කරලා අදාළ ප්‍රදේශ වල සිනමාශාලා වලට නිකුත් වෙලා තියනවා..

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ M.G Srinivas විසින්..ඉතින් මේ M.G Srinivas එහෙමත් නැත්තන් Srini ත් කන්නඩ සිනමාව තුළ ලොකු වෙනසක් කරන්න වෙහෙසෙන අධ්‍යක්ෂකවරයෙක් කිව්වොත් නිවැරදී..ඒක හොඳටම ඔහු පසක් කරේ ඔහු විසින්ම අධ්‍යක්ෂණය කරලා ඔහු විසින්ම ප්‍රධාන චරිතය මවපු 2019 නිකුත් වුණු Birbal චිත්‍රපටයෙන්..Bribal චිත්‍රපටයට අමතරව Topiwala (2013) , Srinivasa Kalyana (2016) , Old Monk (2022) වගේ චිත්‍රපට ඔහු විසින් අධ්‍යක්ෂණය කරලා තියනවා..මේ වගෙන් වැඩි කොටසකම ඔහු විසින්ම තමයි ප්‍රධාන චරිතයට පන පොවලා තියෙන්නේ..ඉතින් මේ වෙද්දි ඉන්දියානු සිනමාව තුළත් විවිධ සිනමා විශ්වයන් එහෙමත් නැත්තන් Cinematic Universe නිර්මාණය වෙමින් තියනවා..උදාහරණයක් විදියට හින්දි සිනමාව තුළ Yash Raj Films හරහා නිර්මාණය වුණ Spy Universe එක වගේම Lokesh Kanagaraj දමිළ සිනමාව තුළ ගො⁣ඩ නගාගෙන යන LCU නොහොත් Loki Cinematic Universe එක පෙන්නලා දෙන්න පුලුවන්..ඉතින් ඉන්දියානු සිනමාව තුළ ප්‍රධාන තැනක් ගන්න කන්නඩ සිනමාවෙනුත් එහෙම Cinematic Universe එකක් බිහි නොවුණොත් ඒක අඩුවක් වගේ නේද? ? ඉතින් මේ වැඩේට කන්නඩ සිනමාව පැත්තෙන් මුල පිරුවේ අපේ M.G Srinivas ගේ SCU එහෙමත් නැත්තන් Srini Cinematic Universe එක..සමහරකට හිතෙන්න පුලුවන් SCU එකට කලින් ප්‍රශාන්ත් නීල්ගේ KGF Universe එක කන්නඩ සිනමාව තුළ බිහි වුණා නේද කියලා..ඒත් ඒක එහෙම නොවෙන්න හේතුව ප්‍රේක්ෂකයන් තුළ KGF Universe එකක අදහස සංසරණය වුණාට තාමත් ප්‍රශාන්ත් නීල් විසින් තමන් KGF චිත්‍රපටය ඔස්සේ Cinematic Universe එකක් ගොඩනගනවා කියලා තහවුරු කරලා නැති එක.. කොහොම හරි ඉතින් SCU එකට මුල්ම අඩිතාලම වැටෙන්නේ මේ Ghost (2023) ෆිල්ම් එකෙන්..

අධ්‍යක්ෂක M.G. Srinivas

(Actor & Director in Kannada Cinema)

අපි දැන් පොඩ්ඩක් මේ SCU එක පැත්තට හැරිලා බලමු..

ඉතින් කලින් කිව්වා වගේ SCU එකේ ආරම්භය Ghost චිත්‍රපටය හරහා සිදු වුණත් මේ චිත්‍රපටයට 2019 අවුරුද්දේ නිකුත් වුණ Birbal Trilogy Case 1 චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන අධ්‍යක්ෂක Srinivas විසින්ම චරිත මවපු මහේෂ් දාස්ගේ චරිතයත් Ghost චිත්‍රපටයට එකතු කරගෙන තියනවා කියලා අධ්‍යක්ෂක Srini කල් ඇතිවම ප්‍රකාශ කරලා තිබ්බා..ඉතින් ඒ නිසා Birbal (2019) චිත්‍රපටයත් SCU එකට අයිති වෙනවා..ඒ වගේම අධ්‍යක්ෂක Srini මේ වෙද්දි ප්‍රකාශ කරලා තියනවා Ghost චිත්‍රපටයේ දෙවනි කොටසක් සහ Birbal Trilogy Case 2 එකකුත් නිර්මාණය වෙනවා කියලා..අධ්‍යක්ෂක Srini ප්‍රකාශ කරලා තියන විදියට Birbal Trilogy Case 2 චිත්‍රපටය 2024 දි නිකුත් වෙනවා කියලා තමයි ආරංචි වෙන්නේ..ඒ අනුව මේ වෙද්දි SCU එක චිත්‍රපට හයකින් පමණ සමන්විතයි කියලා Srini විසින් ඉගි පල කරලා තියනවා..ඒ කියන්නේ,

Birbal Trilogy Case 1 (2019)
Ghost (2023)
Birbal Trilogy Case 2 (2024)
Dalavayi (Spin off)
Ghost Part 2
Birbal Trilogy Case 3
යන චිත්‍රපට මේ SCU එකට සම්බන්ධ වෙනවා කියලා තමයි ශ්‍රීනි මේ වෙද්දි ඉගි පලකරලා තියෙන්නේ..

දැන් කෙනෙක්ට හිතෙනවා ඇති මේක Cinematic Universe එකක් නිසා Ghost (2023) බලන්න කලින් Birbal බලලා ඉන්න ඕනමද කියලා..ඇත්තටම කිව්වොත් එහෙම ලොකු අවශ්‍යතාවයක් නෑ.මොකද Ghost චිත්‍රපටයට Birbal එකෙන් සම්බන්ධවෙන්නේ මහේෂ් දාස්ගේ චරිතය විතරයි..කොහොම වුණත් Birbal කියන්නේ බැලුවට පාඩුවක් නොවන සුපිරිම ත්‍රිල් එකක් තියන තවත් එක කන්නඩ සිනමාපටයක්..ඉතින් ඔයාලත් මේ මහේෂ් දාස්ගේ චරිතය ගැන දැනගන්න කැමතිනම් Birbal (2019) ත් නරඹන්න කියලා මම යෝජනා කරනවා..

Ghost (2023) සහ Birbal Trilogy Case 1 (2019) චිත්‍රපටයේ පෝස්ටර් යුගලයක්

එහෙනම් දැන් අපි Ghost (2023) චිත්‍රපටය පැත්තට ආපහු හැරෙමු..

චිත්‍රප⁣ටය් රේටින්ග්ස් පැත්තට හැරිලා බැලුවොත් මේ වෙද්දි Ghost චිත්‍රපටය IMDb දර්ශක⁣යේ 8.6/10 ක් වගේ ඉතාමත් ඉහළ අගයක් ලබාගෙන තියනවා වගේම ගූගල් පරිශීලක මනාප 93%ක් ලබාගන්නත් මේ චිත්‍රපටයට හැකියාව ලැබිලා තියනවා..ඉතින් මම ඉහත සඳහන් කරා වගේම මේකේ කතාව සහ අධ්‍යක්ෂණය M.G Srinivas ගේ වන අතර Sandesh Nagaraj ගේ නිෂ්පාදනයක්..ඒ වගේ මේ ෆිල්ම් එකට Background මියුසික් වලිනුත් ලොකු පන්ච් එකක් ලැබිලා තියනවා..ඉතින් ඒ Credit එක යන්න ඕන මේකේ සංගීත අධ්‍යක්ෂක විදියට කටයුතු කරපු Arjun Janya ට..ඊට අමතරව මේ චිත්‍රපටය සඳහා කෝටි 15-20ත් අතර බජට් එකක් වැය වුණා කියලා තමයි සඳහන් වෙන්නේ..ඒ වගේම මේ චිත්‍රපටය ලොව පුරා සිනමාහල් 2,000 කට අධික ගණනක ප්‍රදර්ශනය වුණා..ඒ වගේම මේකට Positive + Mix Reviews එක්ක කන්නඩ සිනමාව තුළ 2023 අවුරුද්දේ නිකුත් වුණු පළවෙනි කන්නඩ Blockbuster චිත්‍රපටය බවට පත්වෙමින් කෝටි 32.5ක අදායමක් එක්ක Blockbuster ලේබලය අලවගන්න Ghost (2023) චිත්‍රපටයට මේ වෙද්දි හැකියාව ලැබිලා තියනවා..

කාස්ට් එක පැත්තට හැරිලා බැලුවොත් ප්‍රධන චරිතය ජනප්‍රිය කන්නඩ නලු Shivarajkumar විසිනුත් සෙසු ප්‍රධාන චරිත ලෙස Jayaram , Anupam Kher , Prashant Narayanan වගේ දැවැන්ත චරිත එකතු වෙලා තියනවා..ඊට අමතරව Ghost චිත්‍රපටයේ අධ්‍යක්ෂක Sriniත් Birbal චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන මහේෂ් දාස්ගේ Cameo එකත් එක්ක මේ Ghost චිත්‍රපටයේ කාස්ට් එකට ඇතුල් වෙලා තියනවා..

Jayaram , Anupam Kher සහ Prashant Narayanan

ඉතින ඒ වගේම අපි Ghost (2023) චිත්‍රපටයේ ප්‍රධන චරිතයට පණ පොවන Shiva Rajakumar ගැනත් විස්තර ටිකක් බලමු..

Actor Shiva Rajkumar

ඇත්තටම ම මේ තොරතුරුත් මේ ලිපියට එකතු කරන්න හිතුවේ කන්නඩ සිනමාව තුළ අති දැවැන්ත චරිතයක් වුණත් ශ්‍රී ලංකාව තුළ අනෙක් ඉන්දියානු සිනමාවල් වලට සාපේක්ෂව බැලුවොත් කන්නඩ සිනමාවට අවධානය යොමු වෙනවා අඩු නිසා මේ වගේ චරිත ගැනත් රසිකයන්ගේ අවධානයක් වැඩිය යොමුවෙන්නේ නෑ..ඇත්තටම කිව්වොත් දමිළ සිනමාවට රජිනිකාන්ත් , හින්දි සිනමාවට අමිතා බච්චන් වගේ කන්නඩ සිනමාවෙත් දැනට ⁣ශ්‍රේෂ්ත්‍රයේ ඉන්න නලුවන් අතරින් ජ්‍යෙෂ්ඨම නලුවා Shiva Rajkumar කියලා කියන්න පුලුවන්..1962 ජූලි 12 උපත ලබලා 1972 දී Sri Srinivasa Kalyana චිත්‍රපටයේ ලමා චරිතයකට පෙනී ඉඳලා තමයි කන්නඩ සිනමාවට අවතීර්ණ වෙන්නේ..ඒ වගේම වයස අවුරුදු 24 දි Anand (1986) චිත්‍රපටයෙන් තමයි ප්‍රධාන චරිතයකට පොන පොවන්න අවස්ථාව හිමි වෙලා තියෙන්නේ..මේ වෙද්දි 61 වෙනි වියේ පසුවන Shiva Rajkumar විසින් සිනමාපට 125කට අධික සංඛ්‍යාවක ප්‍රධාන චරිත මවලා තියනවා…ඉතින් Shiva Rajkumar ට කන්නඩ සිනමාව තුළ Karunada Chakravarthy කියලා අනුවර්ථ නාමයකුත් පටබැදිලා තියනවා..ඒ වගේම කන්නඩ සිනමාව ඇරුණම අනෙකුත් ඉන්දියානු සිනමාවන් තුළත් ශිවරාජ්කුමාර් විසින් චරිත මවලා තියනවා..මෑතක නිකුත් වුණ Jailer (2023) චිත්‍රපටයටත් රංඟනයෙන් දායක වුණා මතක ඇතිනේ..ඇත්තටම Rajkumar කියන පවුලම කලා පවුලක් කිව්වොත් හරි..මොකද Shiva Rajkumar ගේ තාත්තා වුණ Dr.Rajkumar කියන්නෙත් පැරණි කන්නඩ සිනමාවේ දැවැන්තම චරිතයක්..ඊට අමතරව පවුලේ වැඩිමලා වුණ Shiva Rajkumar ගේ මල්ලිලා දෙන්නත් කන්නඩ සිනමාවේ දැවැන්තම චරිත දෙකක්..ඒ තමයි Raghavendra Rajkumar සහ කන්නඩ සිනමාවම හඬවමින් 2021 දි මෙලොවින් සමුගත්ත Puneeth Rajkumar..

Raghavendra Rajkumar සහ Puneeth Rajkumar

ෆිල්ම් එකේ ස්ටෝරි එක ගැන කෙටියෙන් කිව්වොත්,

මේක ආරම්භ වෙන්නේ උතුරු කලාපීය මධ්‍යම බන්ධනාගාරය පෞද්ගලීකරණ කිරීම ( බන්ධනාගාර පෞද්ගලීකරණය :- රජය බන්ධනගාර ගොඩනැගිලි ගොඩනඟා එහි අයිතිය රඳවා ගනිමින් බන්ධනාගාරය ක්‍රියාත්මක කිරීමේ අයිතිය වාණිජ ව්‍යාපරයකට හෝ ලාබ අපේක්ෂා නොකරන සංවිධානයකට ලබා දීම ) වෙනුවෙන් සංවිධානය කරලා තිබ්බ උත්සවයක් අතරතුර මැර කල්ලියක් විසින් උතුරු කලාපීය බන්ධනාගාරයට ඇතුල් වෙලා ස්වේදේශ කටයුතු ඇමති සහ හිටපු CBI ප්‍රධානී වාමන් ශ්‍රීනිවාසන් ඇතුලු ප්‍රභූවරුන් සමඟම මුලු බන්ධනාගාරයම තමන්ගේ පාලනයට අරන් සියලු දෙනාව ප්‍රාණ ඇපයට ගැනීමත් සමඟ..ඉතින් මේක ආරක්ෂාවටත් ලොකු තර්ජනයක් නිසා මේ ප්‍රාණ ඇපකාරයෝ මුදවා ගැනීමේ මෙහෙයුම විශේෂ කාර්ය බළකා නිළධාරි චෙංගප්පට පැ⁣වරෙනවා..ඉතින්,

මේ මැර කල්ලිය කවුද?
කවුද එයාලගේ ප්‍රධානියා?
ඇයි මේ වැඩේට බන්ධනාගාරයම තෝරගත්තේ..?
මොකද්ද මේ දේවල් වලට හේතුව සහ අවසානයේ කුමක් සිද්ධ වෙයිද?
කියන ප්‍රශ්න සේරටම උත්තර දැනගන්නම් ඔයාලට චිත්‍රපටය නරඹන්නම වෙනවා..

(සිනමාපටයේ Shiva Rajkumar ගේ Entry එක සිනමාශාලාව තුළ උද්දාමයෙන් සමරණ ප්‍රේක්ෂකයන්)

එහෙනම් ලිපියත් ගොඩක් දිග වුණ එකේ මීට වඩා දෙයක් කියන්න බලාපොරොත්තු වෙන්නෑ… අවසාන වශයෙන් ඔයාලට ආරාධනා කරනවා මේ චිත්‍රපටය නරඹලා ඔයාලගේ අදහසුත් පහළින් කමෙන්ට් කරගෙන යන්න කියලා… තවත් සුපිරි චිත්‍රපටියක් සමඟ හමුවන බලාපොරොත්තුවෙන් දැනට සමුගන්නවා… එහෙනම් හැමෝටම,

බුදු සරණයි!!..

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ අංජුල උමේෂ් සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Ghost (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/ghost-2023-sinhala-subtitles/feed/ 1
Ponniyin Selvan: Part II (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/ponniyin-selvan-part-ii-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/ponniyin-selvan-part-ii-2023-sinhala-subtitles/#comments Sat, 27 May 2023 01:30:39 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=40393 ps 2 (2023) Ponniyin Selvan: Part II Sinhala Sub Ponniyin Selvan: Part II Sinhala Subtitles Ponniyin Selvan: Part II (2023) Sinhala Sub Ponniyin Selvan: Part II (2023) Sinhala Subtitles ps 2

The post Ponniyin Selvan: Part II (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
ps 2 (2023)
Ponniyin Selvan: Part II Sinhala Sub
Ponniyin Selvan: Part II Sinhala Subtitles
Ponniyin Selvan: Part II (2023) Sinhala Sub
Ponniyin Selvan: Part II (2023) Sinhala Subtitles
ps 2

The post Ponniyin Selvan: Part II (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/ponniyin-selvan-part-ii-2023-sinhala-subtitles/feed/ 1