Jeremy Renner Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/jeremy-renner/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Fri, 11 Aug 2023 17:22:14 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Jeremy Renner Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/jeremy-renner/ 32 32 Mission: Impossible – Rogue Nation (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/mission-impossible-rogue-nation-2015-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/mission-impossible-rogue-nation-2015-sinhala-subtitles/#respond Fri, 11 Aug 2023 17:22:14 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=49815 Mission: Impossible – Rogue Nation Sinhala Sub Mission: Impossible – Rogue Nation Sinhala Subtitles Mission: Impossible – Rogue Nation (2015) Sinhala Sub Mission: Impossible – Rogue Nation (2015) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! මේ ගැන ඉතිං අමුතුවෙන් විස්ත කරන්න උමනාවක් නැහැනේ. දැක්ක තමන්ම දන්නවා සුපිරිම කතාවක් කියලා. ඉතිං මේ Rogue Nation ගැන කියන්න කලින් Mission: […]

The post Mission: Impossible – Rogue Nation (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Mission: Impossible – Rogue Nation Sinhala Sub
Mission: Impossible – Rogue Nation Sinhala Subtitles
Mission: Impossible – Rogue Nation (2015) Sinhala Sub
Mission: Impossible – Rogue Nation (2015) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මේ ගැන ඉතිං අමුතුවෙන් විස්ත කරන්න උමනාවක් නැහැනේ. දැක්ක තමන්ම දන්නවා සුපිරිම කතාවක් කියලා. ඉතිං මේ Rogue Nation ගැන කියන්න කලින් Mission: Impossible චිත්‍රපට මාලාව ගැන කියලා ඉන්නම්. මෙහි පළමු චිත්‍රපටය නිකුත් වෙන්නේ 1996දීල ඉන්පසු පිළිවෙලින් 2000, 2006, 2011 සහ දැන් 2015 වේදී මෙම චිත්‍රපට 5 නිකුත් උණා. චිත්‍රපට 5ටම රංගනයෙන් වගේම නිශ්පාදනයෙන් දායක වෙන්නේ සුපිරි නළු ටොම් කෘස්. (මගේ කැමතිම නළුවා) මෙහි තුන් වෙනි චිත්‍රපටයේ සිට J. J. Abrams විවිධ ආකාරයෙන් නිර්මාණයට දායක වෙලා තියෙනවා. J. J. Abrams සම්බන්ධ වෙනවා කියන්නේ ඉතිං සුපිරිම ගනයේ කතාවක් නිර්මානය වෙනවා කියන එක ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. එයා Star Trek චිත්‍රපට දෙක වගේම අපි දන්න සුපිරි කතා මාලා වන Alias, Lost, Fringe, Revolution, Almost Human, Believe වලට විවිධ අකාරයෙන් දායකත්වය සපයලා තියෙනවා.

මීළඟට මම කියන්න යන්නේ සුපිරි නළු ටොම් කෘස් ගැන. ටොම් කෘස් ඊතන් හන්ට්, IMF නියෝජිතයෙක් ලෙස මෙම චිත්‍රපට 5ටම දායකත්වය සපයලා තියෙනවා. ඉතිං මේ ටොම් කෘස් ගැන ඉතිං අමුතුවෙන් කියන්න උවමනාවක් නැහැනේ . නම කියූ පමනින් ගස් ගල් පවා අදුනනවා මේ සුපිරි නළුවා ගැන. ටොම් කෘස් උපත ලබලා තියෙන්නේ 1962 ජූලි මාසයේ 3 වෙනිදා Thomas Cruise Mapother IV ලෙස. (දැන් අවුරුදු 50 වඩා වැඩි උණත් තාමත් අවුරුදු 20 කොල්ලෙක්ට වඩා හොදට සුපිරි රඟපෑමක් ඉදිරිපත් කරලා තියෙනවා) ටොම් කෘස් රගපෑමට පිවිසෙන්නේ 1981දී Endless Love චිත්‍රපටයෙන්. මේක ටොම්ගේ පළවෙනි චිත්‍රපටය වගේම James Spader (බ්ලැක්ලිස්ට්- රේමන්ඩ් රෙඩින්ටන්) ගේ දෙවන චිත්‍රපටය. මෑත කාලයේ නිකුත් වූ The Last Samurai, Knight and Day, Jack Reacher, Oblivion, Edge of Tomorrow, වැනි චිත්‍රපට කාගේත් මතකයේ රැදිලා ඇති කියලා හිකනවා. ඒ වගේම මෙයා ඇකඩමි සම්මාන තුන යෝජනා වෙලා තියෙනවා සහ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන 2ක් දිනාගන තියෙනවා. ඔස්කාර් සම්මානය හිමිඋනේ නැතත් අනිවාර්යෙන්ම හිමිවිය යුතු නළුවෙක් හැටියට වෙබ් අඩවි ගනනාවකම ටොම් කෘස්ගේ නම සදහන් වෙනවා.

Mission: Impossible චිත්‍රපට මාලාවේ පස්වෙනි විත්‍රපටය හැටියට සහ 2011 නිකුත් උන Mission: Impossible – Ghost Protocol චිත්‍රපටයට පසු තමයි මේ චිත්‍රපටය Mission: Impossible – Rogue Nation ලෙස නිකුත් වෙන්නේ. මේක අධ්‍යක්ෂනයෙන් දායක වෙන්නේ Christopher McQuarrie. මෙයා The Tourist, Jack Reacher, Edge of Tomorrow, වලට දායකත්වය සපයපු සුපිරි ගනයේ නිර්මාණකරුවෙක්. සුපිරි නළු Jeremy Renner (අපි කවුරුත් දන්න විදියට කිව්වොත් Hawkeye) William Brandt ලෙසත්, Simon Pegg, Benji Dunn ලෙසත් Ving Rhames, Luther Stickell ලෙසත්, Rebecca Ferguson, Ilsa Faust ලෙසත් මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙනවා. මේ Rogue Nation චිත්‍රපටය මේ වෙනකොට 7.9 IMDB අගයකුත් 92% ක rottentomatoes අගයකුත් ලබාගන තියෙනවා. ඉතිං කතාව සුපිරි කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. ජූලි 31 වනදා ප්‍රදර්ශනය ආරම්භ කරපු මේ චිත්‍රපටය අගෝස්තු 15 වෙනිදා වනවිට ලොවපුරා ප්‍රදර්ශනයෙන් ඩොලර් මිලියන 310.6ක ආදායමක් ලබාගන්න සමත්වෙලා තියෙනවා සහ ලොව පුරා අරම්භක දිනයේදී ඩොලර් මිලියන 121ක ආදාමක් ලබාගන්න සමත් වෙලාතියෙනවා. ජූලි මාසයකදී IMAX ප්‍රර්ශනය ආරම්භ කරපු චිත්‍රපට අතරේ 3 වනතැන ඉන්නේ ඩොලර් මිලියන 12.5 ආරම්භක වාර්තාවක් තබමින්. ඒ The Dark Knight Rises සහ Harry Potter and the Deathly Hallows – Part 2 චිත්‍රපට වලට පසු තුන්වන තැනට පත්වීමෙන්.

එහෙම නම් කතාව පැත්තට හැරෙමු. මේ කතාව ඊතන් හන්ට් ඇතුළු IMF කණ්ඩායම සින්ඩිකේට් කියන හොර සංවිධානය හසුකරගැනීමේ මෙහෙයුමක් වටා. IMF නැත්නම් අශක්‍ය මෙහෙයුම් බලකාය කියන්නේ කලනොහැකි මෙහෙයුම් සිදුකරන රජයේ ඒජන්සියක්. මේ වන විට IMF එක විසිරවලා. ඊතන් කියන්නේ CIA එක විසින් හොයන රහසින් පලායන්නෙක්. ඉතිං සුපුරුදු පරිදි ඊතන්ට බෙන්ජිගේ සහ ලූතර්ගේ උදව් ලැබෙනවා මේ මෙහයුමට. මීඨ අමතරව විලියම් බ්‍රැන්ඩ්ට් නැත් නම් අපි කවුරුත් දන්න Hawkeye ඊතන්ට දැවැන්ත සහයක් ලබාදෙනවා. එල්සා ෆවුස්ට් කියන MI6 නියෝජිතවරියගෙනුත් මේ සින්ඩිකේට් කියන සංවිධානයට සම්බන්ධයි. ඉතිං මේ සින්ඩිකේට් කියන්නේ මොකද්ද, කවුද මේක පිටුපස ඉන්නේ සහ ඊතන් ඇතුළු කණ්ඩායමට සින්ඩිකේට් කොටු කරගන්න පුළුවන් වේවිද කියලා බලන්නකෝ.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ සුරේනි අතුරුගිරි සහෝදරියගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Mission: Impossible – Rogue Nation (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/mission-impossible-rogue-nation-2015-sinhala-subtitles/feed/ 0
Mission: Impossible – Ghost Protocol (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/mission-impossible-ghost-protocol-2011-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/mission-impossible-ghost-protocol-2011-sinhala-subtitles/#respond Fri, 11 Aug 2023 17:20:40 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=49797 Mission: Impossible – Ghost Protocol Sinhala Sub Mission: Impossible – Ghost Protocol Sinhala Subtitles Mission: Impossible – Ghost Protocol (2011) Sinhala Sub Mission: Impossible – Ghost Protocol (2011) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! Mission: Impossible කියන්නේ සුපිරි කතා මාලාවක හතරවෙනි කතාව…හුග දෙනෙක් මේකේ ඉතුරු කොටස් ටික බලලා ඇති ..දන්නවනේ ඉතින් කාටත් බැරි වැඩ කරන එක […]

The post Mission: Impossible – Ghost Protocol (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Mission: Impossible – Ghost Protocol Sinhala Sub
Mission: Impossible – Ghost Protocol Sinhala Subtitles
Mission: Impossible – Ghost Protocol (2011) Sinhala Sub
Mission: Impossible – Ghost Protocol (2011) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

Mission: Impossible කියන්නේ සුපිරි කතා මාලාවක හතරවෙනි කතාව…හුග දෙනෙක් මේකේ ඉතුරු කොටස් ටික බලලා ඇති ..දන්නවනේ ඉතින් කාටත් බැරි වැඩ කරන එක තමා මේ සෙට් එකේ ප්‍රධාන රාජකාරිය…ජාත්‍යන්තර මූවි දර්ශකයේ රේටින් 7.5 ලබා ගත් මේ සුපිරි බයිස්කෝප් එකේ ප්‍රධාන චරිතයට පන පොවන්නේ Tom Cruise විසින්..ඒ එක්කම නොකියම බෑ කවුරුත් වගේ දන්නා හින්දි නළු Anil Kapoor මෙම චිත්‍රපටයේ රංගනයේ යෙදෙනවා…

කතාවේ මුල පටන් ගැන්මේදීම ත්‍රාසජනක සටන් ජවනිකාවකින් අවසන් වෙන අතර…ඊදන් ගලාවාගැනීමේ මෙහෙයුමකින් ඔහු සිරගෙයින් පිටතට ගනී..මෙතෙක් ඔහුට බාර වූ රාජකාරී අතුරෙන් අසීරුම රාජකාරිය මොහුට කරන්නට සිදු වේ…ඒ ලොව න්‍යෂ්ඨික යුද්ධයක් කරා ගෙන යාමට දරන වෑයම නතර කරන්නටය..මොහුට උදවුවට කදිම වැඩකරුවන් කිහිපදෙනෙකු මුණ ගැසෙයි…අවසානයේ කුමක් වෙයිද?…බලලම තීරණය කරන්න….

කමෙන්ට් එකක් දාලා යන්නත් කියලා කාරුණිකව ඉල්ලා සිටිනවා…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ විකියා සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Mission: Impossible – Ghost Protocol (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/mission-impossible-ghost-protocol-2011-sinhala-subtitles/feed/ 0
Hansel & Gretel: Witch Hunters (2013) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/hansel-gretel-witch-hunters-2013-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/hansel-gretel-witch-hunters-2013-sinhala-subtitles/#respond Thu, 20 Jul 2023 07:28:32 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=45312 Hansel & Gretel: Witch Hunters Sinhala Sub Hansel & Gretel: Witch Hunters Sinhala Subtitles Hansel & Gretel: Witch Hunters (2013) Sinhala Sub Hansel & Gretel: Witch Hunters (2013) Sinhala Subtitles හැන්සල් සහ ග්‍රේටල්ගෙ කතාව ගොඩක් දෙනෙක් අහලා තියෙන ලස්සන සුරංගනා කතාවක්. ඒත් මේ චිත්‍රපටියෙන් පෙන්නන්නේ ඒ කතාව නෙවෙයි. මේ කතාව සෑහෙන්න වෙනස්. චිත්‍රපටියේ හැටියට හැන්සල් […]

The post Hansel & Gretel: Witch Hunters (2013) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Hansel & Gretel: Witch Hunters Sinhala Sub
Hansel & Gretel: Witch Hunters Sinhala Subtitles
Hansel & Gretel: Witch Hunters (2013) Sinhala Sub
Hansel & Gretel: Witch Hunters (2013) Sinhala Subtitles

හැන්සල් සහ ග්‍රේටල්ගෙ කතාව ගොඩක් දෙනෙක් අහලා තියෙන ලස්සන සුරංගනා කතාවක්. ඒත් මේ චිත්‍රපටියෙන් පෙන්නන්නේ ඒ කතාව නෙවෙයි. මේ කතාව සෑහෙන්න වෙනස්. චිත්‍රපටියේ හැටියට හැන්සල් සහ ග්‍රේටල් කියන්ගේ දුප්පත් ගොවියෙක්ගෙ ළමයි දෙන්නෙක්. මේ ගොවියට ලස්සන බිරිඳක් ඉන්නවා. එක දවසක් බිරිඳගෙ කීමට මේ ගොවියා හැන්සල්වයි ග්‍රේටල්වයි කැලේට ගිහින් අතරමං කරලා දාලා එනවා. හැන්සලුයි ග්‍රේටලුයි ආපහු ගෙදර එන්න පාර හොයාගෙන යද්දී අමුතු විදිහේ නිවසක් දකින්න ලැබෙනවා. ඒ ගෙදර තියෙන විශේෂත්වය තමයි ඒ ගෙදර සූකිරි වගේ පැණිරස වලින් හදලා තිබීම. බඩගින්නේ ඉන්න මේ ළමයි දෙන්නා මේ ගෙදර තියෙන පැණිරස කනවා. එතකොටම මේ ගෙදර දොර ඇරිලා මායාකාරියක් මතු වෙලා මේ දෙන්නව අල්ලගන්නවා. ඇය හැන්සල්ව හිර කරලා තියන ගමන් ග්‍රේටල් ව මෙහෙකාරකමට ගන්නවා. කොහොම හරි මේ මායාකාරිය හැන්සල්ව පුච්චගෙන කන්න කියලා හිතාගෙන ග්‍රේටල්ට කියලා ගිණි උදුන දල්වනවා. හැබැයි ඒ ගිණි උදුනට හැන්සල්ව දාන්න වෙන්නෙ නැහැ. ග්‍රේටල් සහ හැන්සල් එකතු වෙලා මායාකාරියව ගිණි උදුනට දාලා පුච්චලා දානවා. එතනින් තමයි ඔවුන් මායාකාරියන්ව දඩයම් කරන්න පටන් ගන්නේ. ඒක තමයි ඔවුන්ගෙ රස්සාව.

එක ගමක එක දිගටම ළමයි අතුරුදහන් වෙන්න පටන් ගන්නවා. ඒ නගරේ නගරාධිපති තුමා ඒකට සහය පතන්නේ හැන්සල් සහ ග්‍රේටල්ගෙන්. හැබැයි මේ දෙන්නට ඒ නගරේ ෂෙරිෆ්වරයා කැමති වෙන්නෙ නැහැ. ඒකට හේතුව තමයි මේ ෂෙරිෆ්, මායාකාරියක් කියලා අල්ලගත්ත කාන්තාවක්ව හැන්සල් සහ ග්‍රේටල් දෙන්නා නිදහස් කිරීම. හැන්සල්ටයි ග්‍රේටල්ටයි පැවරෙන අභියෝගය තමයි මේ නැති උන දරුවෝ ටික පණ පිටින් ගෙනල්ලා දෙන එක.

ඉතින් යාළුවනේ. ඇයි මේ විදිහට දරුවන් කිහිපදෙනෙක්වම මායාකාරියන් පැහැර ගන්නේ? හැන්සල්ටයි ග්‍රේටල්ටයි මේ දරුවන් බේර ගන්න පුළුවන් වේවිද? ඇයි හැන්සල්වයි ග්‍රේටල්වයි කැලේ අතරමං කරලා එන්න කියලා එයාලගෙ අම්මා කියන්නේ? හැන්සල්ටයි ග්‍රේටල්ටයි මුණගැහෙන හැම මායාකාරියක්ම නරකයිද? කියලා චිත්‍රපටිය බලලම දැනගමු නේද?

මේ චිත්‍රපටිය IMDb දර්ශකයේ 6.4/10ක ඇගයුමක් ලබාගෙන තියෙන සුපිරිම චිත්‍රපටියක් වන අතර මේ සතියේ ලොව හොඳම චිත්‍රපටි 500 අතරින් 4 වෙනි ස්ථානය ලබා ගන්නත් සමත් වෙලා තියෙනවා. මේ අවුරුද්දේ ජනවාරි 25 වෙනිදා ප්‍රදර්ශනය වීම ඇරඹුන මෙය මුල් සතියේ විතරක් ඩොලර් මිලියන 20ක ආදායම් වාර්තාවකුත් තියලා තියෙනවා. මෙහි Hansel ගෙ චරිතයට පණ පොවන්නේ The Hurt Locker (2008), The Avengers (2012), The Bourne Legacy (2012), Mission: Impossible – Ghost Protocol (2011) වැනි සුපිරි චිත්‍රපටි වලට රංගනයෙන් දායක උන සුපිරි නළු Jeremy Renner විසිනුයි. ඒ වගේම Gratel ගෙ චරිතය රඟ දක්වන්නේ Prince of Persia: The Sands of Time (2010), Quantum of Solace (2008), Clash of the Titans (2010) වැනි අති සුපිරි චිත්‍රපටි වලට විශිෂ්ඨ රංගනයකින් දායක උන සුරූපී නිලි Gemma Arterton විසිනුයි.. ඉතින් යාළුවනේ වැඩි විස්තර කියන්න යන්නෙ නැහැ. මේ සුපිරි චිත්‍රපටිය සිංහල තේරුමත් සමගම රසවිඳින්න කියලා ආරාධනා කරනවා.

හැමෝටම ජයවේවා!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ දිනිඳු සම්පත් සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Hansel & Gretel: Witch Hunters (2013) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/hansel-gretel-witch-hunters-2013-sinhala-subtitles/feed/ 0