Jet Li Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/jet-li/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 24 Nov 2024 05:09:55 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Jet Li Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/jet-li/ 32 32 Mulan (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/mulan-2020-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/mulan-2020-sinhala-subtitles/#comments Sun, 24 Nov 2024 05:00:25 +0000 https://sinhalasub.ml/?post_type=movies&p=15173 Mulan Sinhala Subtitles When the Emperor of China issues a decree that one man per family must serve in the Imperial Chinese Army to defend the country from Huns, Hua Mulan, the eldest daughter of an honored warrior, steps in to take the place of her ailing father. She is spirited, determined and quick on […]

The post Mulan (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Mulan Sinhala Subtitles

When the Emperor of China issues a decree that one man per family must serve in the Imperial Chinese Army to defend the country from Huns, Hua Mulan, the eldest daughter of an honored warrior, steps in to take the place of her ailing father. She is spirited, determined and quick on her feet. Disguised as a man by the name of Hua Jun, she is tested every step of the way and must harness her innermost strength and embrace her true potential.

Mulan (2020) Sinhala Subtitles

The post Mulan (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/mulan-2020-sinhala-subtitles/feed/ 1
High Risk (1995) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/high-risk-1995-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/high-risk-1995-sinhala-subtitles/#respond Thu, 07 Dec 2023 16:24:04 +0000 https://sinhalasub.life/?post_type=movies&p=62045 High Risk Sinhala Sub High Risk Sinhala Subtitles High Risk (1995) Sinhala Sub High Risk (1995) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ඉතින් පැරණි චිත්‍රපට රසිකයන් වෙනුවෙන් අදත් අරන් ආවා අපි කවුරුත් ආදරේ කරන ජෙට් ලිගෙ තවත් පැරණි සුපිරි චිත්‍රපටයක්. ඒ තමයි 1995 ජුලි 12 දින මුලින්ම හොංකොං පුරවරයේ තිරගත වුනු High Risk. එහෙම නැත්නම් Meltdown. […]

The post High Risk (1995) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
High Risk Sinhala Sub
High Risk Sinhala Subtitles
High Risk (1995) Sinhala Sub
High Risk (1995) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඉතින් පැරණි චිත්‍රපට රසිකයන් වෙනුවෙන් අදත් අරන් ආවා අපි කවුරුත් ආදරේ කරන ජෙට් ලිගෙ තවත් පැරණි සුපිරි චිත්‍රපටයක්. ඒ තමයි 1995 ජුලි 12 දින මුලින්ම හොංකොං පුරවරයේ තිරගත වුනු High Risk. එහෙම නැත්නම් Meltdown. ඇමරිකාවේ නිකුත් වුනේ ඒ නමින්. Action, Comedy, Crime, Thriller වර්ගයන්ට අයත් වෙන අතර විනාඩි 101 ක ධාවන කාලයකින් යුක්තයි. මුල ඉඳන් අග දක්වාම ඇක්ෂන් වලින් පිරුණු පට්ට කොමඩියක්. ඇ.ඩො.මිලියන 11.4 ක බොක්ස් ඔෆීස් ආදායමකුත් උපයාගන්නට සමත්වෙලා තියෙනවා. Jet Li (කිට් ලී) සමග රංගනයෙන් දායක වෙන්නේ Chingmy Yau (හෙලන් / රිපෝටර් ), Jacky Cheung (ෆ්‍රැන්කි), Charlie Yeung (ජේසී), Kelvin Wong (ඩොක්ටර්), Billy Chow (බොන්ඩ්/ කොන්ග්) සහ Valerie Chow (ෆයි-ෆයි). මේ අතරින් Chingmy Yau [ City Hunter-1993 ] සහ Billy Chow [ Fist of Legend-1994 ] නම් ඔයාල හොඳටම දන්න දෙන්නෙක්නෙ. දකිනකොට මතක් වෙයි. මේ ෆිල්ම් එකේ අසභ්‍ය දර්ශන නැති බවත් කියන්න ඕනෙ.

කිට් ලී හමුදා බෝම්බ නිෂ්ක්‍රිය අංශයේ සාමාජිකයෙක්. ත්‍රස්තවාදී කල්ලියක්, කප්පම් ලබාගැනීමට කුඩා පාසල් ළමුන් ටිකක් ප්‍රාණ ඇපයට ගන්නවා. ඔවුන්ගෙ නායකයා ඩොක්ටර් කියල කියාගන්නා අයෙක්. ළමයිව බස් එකකට දාලා ටයිම් බෝම්බයක් හයි කරල තියෙන්නෙ. බස් එකේ කිට් ලීගෙ පුතා සමග බිරිඳත් ඉන්නවා. හොඳ දක්ෂයෙක් හදපු බෝම්බයක්. ලීට බෝම්බය සාර්ථකව නිෂ්ක්‍රිය කරන්න බැරිවෙනවා. බෝම්බය පුපුරනවා. ඔහුගේ බිරිඳ සහ පුතා මිය යනවා. ඊට පසු ලී රැකියාව අත හැරල දාලා අතුරුදහන් වෙනවා. ඔහු ආයෙ මතුවෙන්නෙ අවුරුදු දෙකකට පස්සෙ හොංකොං වලින්. ජනප්‍රිය සටන් නලුවෙක් වන ෆ්‍රැන්කිගේ බොඩිගාඩ් හැටියට. හොංකොංහී ලොකු හෝටලයක මිළ කල නොහැකි ඉතා වටිනා ඉපැරැණි රන් ආභරණ ප්‍රදර්ශනයක් පැවැත්වෙනවා. ඒකට තද ආරක්ෂාවක් යොදල තියෙන්නෙ. ප්‍රභූවරුන් 100 කට විතරයි ආරාධනා කරන්නෙ. ෆ්‍රැන්කිත් මේ අතර ඉන්නවා.එක්තරා සන්නද්ධ මංකොල්ල කණ්ඩායමක් මේ ආභරණ ටික අරගන්න, හෝටලේට ඇතුලුවෙලා, ආරක්ෂකයෝ මරලා, හෝටලෙත් බෝම්බ හයි කරලා, හෝටලේ ඉන්න සියලු දෙනාම ප්‍රාණ ඇපයට ගන්නවා. දෛවෝපගත ලෙස මේ අර මුලින් කී ඩොක්ටර්ගෙ ගැන්සියම තමයි. නමුත් ඩොක්ටර්ගෙ අරමුණ ඉස්සරහ මේ වතාවෙත් දෛවෝපගත විදිහට එක මිනිහෙක් හිටගන්නවා. ඒ තමයි කිට් ලී.

එහෙනම් ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා මෙ පැරනි සිනමාව රසවිඳින්න…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Subz.lk හි පලවූ Rasika Samanjith සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post High Risk (1995) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/high-risk-1995-sinhala-subtitles/feed/ 0
The Expendables 3 (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-expendables-3-2014-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-expendables-3-2014-sinhala-subtitles/#respond Mon, 16 Oct 2023 06:19:56 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=57220 The Expendables 3 Sinhala Sub The Expendables 3 Sinhala Subtitles The Expendables 3 (2014) Sinhala Sub The Expendables 3 (2014) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! සුපිරි වීරයන්ගේ පළමු දිගහැරුම The Expendables (2010), සහ දෙවැන්න The Expendables 2 (2012) න් පස්සේ තෙවැන්න තමයි මේ… හැමෝම දන්නවා වගේ මේ සලරුවේ සුපිරි නළුවෝ රැසක්ම ඉන්නවා. බලන්න ඔයාලත් මෙයාලව […]

The post The Expendables 3 (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Expendables 3 Sinhala Sub
The Expendables 3 Sinhala Subtitles
The Expendables 3 (2014) Sinhala Sub
The Expendables 3 (2014) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

සුපිරි වීරයන්ගේ පළමු දිගහැරුම The Expendables (2010), සහ දෙවැන්න The Expendables 2 (2012) න් පස්සේ තෙවැන්න තමයි මේ…

හැමෝම දන්නවා වගේ මේ සලරුවේ සුපිරි නළුවෝ රැසක්ම ඉන්නවා. බලන්න ඔයාලත් මෙයාලව දන්නවද කියලා.

  1. Sylvester Stallone
  2. Jason Statham
  3. Arnold Schwarzenegger
  4. Jet Li 
  5. Antonio Banderas
  6. Wesley Snipes
  7. Dolph Lundgren 
  8. Mel Gibson
  9. Harrison Ford
  10. Ronda Rousey
  11. Kellan Lutz

කතාව ගැන පොඩ්ඩක් කියන්නම්. බෝර්නි රෝස් තමයි මේ කණ්ඩායමේ ලොක්කා. එයාලා මුලින්ම හිරේ ඉන්න ඩොක් ව බේරා ගන්නවා, ඒ එන ගමන් තවත් වැඩකට අත ගහනවා, ඒක බෝර්නි හිතුව තරම් ලේසි වෙන්නේ නැහැ, මේ නිසා වයසක කට්ටිය අයින් කරලා කණ්ඩායමට තරුණ සෙට් එකක් බඳවා ගන්න බෝර්නි තීරණය කරනවා. එයාලා එක්ක තමයි දැන් වැඩ කරන්නේ, ස්ටෝන් බෑන්ක් කියන්නේ මෙයාලගේ කණ්ඩායමේ කලින් හිටිය කෙනෙක්, නමුත් දැන් මේ ප්‍රධාන සතුරා බවට පත් වෙලා. ඒ කලින් උන සිදුවීමක් නිසා. ධ්‍රමර් ගෙන් බෝර්නි ට නියෝග ලැබෙනවා ස්ටෝන් බෑන්ක් අල්ලා දෙන්න කියලා. ඒ වෙනුවෙන් බෝර්නි සුපිරි මෙහෙයුමක් දියත් කරනවා. ඔයාලා මොකද හිතන්නේ මේකට පරණ අයත් නැවත එකතු වෙයිද? නැත්නම් වැඩක් නැහැ නෙහ්??? බලන්න එහෙනම්,

තවත් එකක් අරන් එනකම් දැනට යන්නම්. හැමෝටම තෙරුවන් සරණයි!!!

පහල පිංතූර Click කරලා ඔයාලට මෙ ෆිල්ම් එකේ අනිත් කොටස් ටිකත් බලන්න පුලුවන්…???

THE EXPENDABLES (2010)

THE EXPENDABLES 2 (2012)

THE EXPENDABLES 4 (2023)

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ සමීර චතුරංග සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The Expendables 3 (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-expendables-3-2014-sinhala-subtitles/feed/ 0
The Expendables 2 (2012) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-expendables-2-2012-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-expendables-2-2012-sinhala-subtitles/#respond Mon, 16 Oct 2023 06:19:37 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=57218 The Expendables 2 Sinhala Sub The Expendables 2 Sinhala Subtitles The Expendables 2 (2012) Sinhala Sub The Expendables 2 (2012) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ඔන්න කට්ටියම බලාගෙන ඉඳපු, සෑහෙන කාලෙක ඉඳලා චිත්‍රපටි වල වීර චරිත වගේම වෙලාවක දුෂ්ඨ චරිත රඟපාපු කට්ටිය එකම චිත්‍රපටියක දකින්න ලැබෙන චිත්‍රපටිය අරගෙන ආවා. මේකේ පළවෙනි එක නම් බලන්න ඇතිනේ. […]

The post The Expendables 2 (2012) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Expendables 2 Sinhala Sub
The Expendables 2 Sinhala Subtitles
The Expendables 2 (2012) Sinhala Sub
The Expendables 2 (2012) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඔන්න කට්ටියම බලාගෙන ඉඳපු, සෑහෙන කාලෙක ඉඳලා චිත්‍රපටි වල වීර චරිත වගේම වෙලාවක දුෂ්ඨ චරිත රඟපාපු කට්ටිය එකම චිත්‍රපටියක දකින්න ලැබෙන චිත්‍රපටිය අරගෙන ආවා. මේකේ පළවෙනි එක නම් බලන්න ඇතිනේ. කට්ටියම එකම තැනක දකින්න ලැබෙන එකත් සෑහෙන දුර්ලභ අවස්ථාවක් නොවැ.ලෙහෙසි පහසු වැඩ කරන සෙට් එකක් නෙමේනේ මේ අය. වෙන කාටවත් බැරි තාලෙ වැඩ කරන එක තමයි මේ සෙට් එකේ විශේෂත්වය. ඒක ඉතිං අමුතුවෙන් පහදන්න දෙයක් නෑනෙ පළවෙනි ‍ෆිල්ම් එක බලපු අය ඒ විත්තිය දන්නවා.

මේ අවස්ථාවෙන්  බානි රොස් ප්‍රමුඛ මේ සුපිරි සෙට් එකට භාර වෙන්නෙ එසේ මෙසේ වැඩක් නෙමෙයි. ඒ තමා… හෝව් හෝව් කිව්වොත් ඇති වැඩක් නෑනෙ ඉතිං. ඊටත් මෙච්චරත් මහන්සි වෙලා සිංහලත් හදල දෙද්දි ආයි කටේ කෙළ පොදක් තරම් හැලුවොත් ඒකට මහන්සි වුණාටත් පාඩුයි. කොහොමින් හරි ගිය පාර වගේම චර්ච් මහත්මයා අර මෙයාලට වැඩ පවරන CIA නියෝජිතයා මේ පාරත් සෑහෙන අමාරු බෙල්ල ගහල යන වැඩක් අරගෙන තමා එන්නෙ හම්බෙන්න. ඉතිං අපේ මේ සෙට් එකට ඕවත් වැඩද හැබෑට. ඒ වුණාට මේ පාර මේ කට්ටියවත් නොහිතපු විදිහේ කවදාවත් නොවුණු වැඩක් වෙනවා. මේ අය යන මේ වැඩේදි මේ අයගෙන් එක්කෙනෙක්… ඔහ්… ආයිම කියාගෙන යනවා නේද? බෑ බෑ මේක හරියන්නෙ නෑ. ඒව කියල කොහොමද?

එහෙමනම් චිත්‍රපටියෙ වග පැත්තක තියල මම නළුවන්ගෙ වග විත්ති කියන්නම්. නැතිනම් පළමු එකේ හිටිය පිරිස ඒ විදිහටම ඉන්නවා කියල කිව්වත් ඇති මයෙ හිතේ. ඒ පිරිසට අමතරව තව කිහිප දෙනෙකුත් ඉන්නවා අලුතින් එකතු වුණ. කමක් නෑ කට්ටිය මතක් කරලම ඉන්නම්කො Sylvester Stallone, Jason Stathom, Jet Li, Chuck Norris, Arnold Schwarzenegger, Bruce Willis, Terri Crews, Randy Couture, Jean-Claude Van Damme, Dolph Lundgren, Liam Hemsworth, Scott Adkins, Nan Yu, Amanda Ooms, Charismaa Carpenter කියන පිරිස තමා මෙහි රංගනයෙන් දායක වෙලා තියෙන්නේ.අධ්‍යක්ෂණය Simon West. ගිය වර චිත්‍රපටයට වඩා මෙවර චිත්‍රපටය IMDbහි ඉහළ අගයක් වාර්තා කරනවා. ගියවර අධ්‍යක්ෂකවරයා වුණේ Sylvester Stallone නෙ මෙවර එය වෙනස් වෙලා.

ඉතිං ඔබ මේ පිරිස කොතෙකුත් විවිධ චිත්‍රපට වලින් දැකලා ඇති. හැබැයි කට්ටියම එකක දැකල තියෙනවානම් ඒ මෙහි පළමු කොටසින් පමණයි. නිකමට හිතුණාද මේ වගේ සෙට් එකක් එක චිත්‍රපටයකට එක්කාසු කරගන්න එකම කොච්චර අමාරු වෙන්ඩ ඇද්ද කියන එක. හෙහ් ලේසි නෑ වැඩේ නේද? එහෙමනම් දෙවන වරටත් ඒ සුපිරි සෙට් එක බලාගන්න හැකි එකම චිත්‍රපටය අපි මෙදා පාර අරගෙන ආවා.

පහල පිංතූර Click කරලා ඔයාලට මෙ ෆිල්ම් එකේ අනිත් කොටස් ටිකත් බලන්න පුලුවන්…???

THE EXPENDABLES (2010)

THE EXPENDABLES 3 (2014)

THE EXPENDABLES 4 (2023)

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ධනුෂ්ක ලක්මාල් | ධනා සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The Expendables 2 (2012) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-expendables-2-2012-sinhala-subtitles/feed/ 0
The Expendables (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-expendables-2010-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-expendables-2010-sinhala-subtitles/#respond Mon, 16 Oct 2023 06:19:16 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=57216 The Expendables Sinhala Sub The Expendables Sinhala Subtitles The Expendables (2010) Sinhala Sub The Expendables (2010) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! අනේ මන්දා මේ චිත්‍රපටය ගැන කොහොම ලියන්නද කියලා. ඒතරම්ම මුල ඉඳලා අග දක්වා ඇසි පිය ගහන්නෙ නැතිව බලන්න පුලුවන් චිත්‍රපටයක්. චිත්‍රපටය තිරගතවීම් ආරම්භ කරලා සති දෙකක් යන කොට ඩොලර් මිලියන 9.5 ක ආදායමක් මෙම […]

The post The Expendables (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Expendables Sinhala Sub
The Expendables Sinhala Subtitles
The Expendables (2010) Sinhala Sub
The Expendables (2010) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

අනේ මන්දා මේ චිත්‍රපටය ගැන කොහොම ලියන්නද කියලා. ඒතරම්ම මුල ඉඳලා අග දක්වා ඇසි පිය ගහන්නෙ නැතිව බලන්න පුලුවන් චිත්‍රපටයක්. චිත්‍රපටය තිරගතවීම් ආරම්භ කරලා සති දෙකක් යන කොට ඩොලර් මිලියන 9.5 ක ආදායමක් මෙම චිත්‍රපටය සොයාගෙන බොක්ස් ඔෆිස් වාර්තා වල පෙරමුණ් ගැනීමට සමත්වෙලා තියෙනවා. මම හිතන්නෙ මේ චිත්‍රපටය ලංකාවෙත් සිනමාහල් තුල තිරගත වෙලා තියෙනවා…

චිත්‍රපටයේ රංගනයෙන් දායක වෙන සෙට් එක කියුවොත්, කොහෙන්ද පටන් ගන්නෙ… හරි චිත්‍රපටිය හදලා තියන මනුස්සයගෙන් පටන් ගනිමුකෝ. Sylvester Stallone කවුරුත් දන්න සුපිරි රම්බෝ චිත්‍රපටි මාලාව , රොකී, චිත්‍රපට මාලාව සහ තවත් චිත්‍රපට තුලින් සුපිරි රංගනයෙන් දායක උනා. ඊලඟට Transporter චිත්‍රපට මාලාව, The Italian Job වැනි චිත්‍රපට තුලින් අපට හමුවුන Jason Statham, තව ඉතින් Jet Li, Dolph Lundgren, Steve Austin, වගේ සුපිරි කට්ටියක් ඉන්නවා. නම් කියනවට වැඩිය දාලා තියෙන පෝස්ටරේ දැක්කහම කට්ටියව අඳුර ගන්න පුලුවන් වෙයි.

Sylvester Stallone (Barney Ross) කියන්නෙ Barney Ross කියන කන්ඩායමේ නායකයා. කතාව පටන් ගන්නෙ සෝමාලියානු කොල්ල කන්ඩායමක් විසින් ප්‍රාණ ඇපකරුවන් වශයෙන් තබාගෙන සිටින කන්ඩායම් බේරා ගැනීමට මෙම Expendables කන්ඩායම සටනක නිරතුවී එයින් ජය ගන්න ආකාරයයි. ඉන් පසුව මොවුන්හට Bruce Willis විසින් (ආහ් කියන්න බැරි උනා Bruce Willis සහ Arnold Schwarzenegger මෙහි ආරාධිත රංගනයෙන් දායක වෙනවා) Sylvester Stallone ඇතුලු කන්ඩායමට මෙහෙයුමක් බාර දෙනවා. එතනින් එහාට මම කියන්න යන්නෙ නෑ. මම අර මුලින් කියුවා වගේ එක හුස්මටම බලන්න පුලුවන් ජාතියෙ චිත්‍රපටියක් මේක. සටන් ජවනිකා ගැනනම් ඉතින් ආයෙ දෙකක් නෑ. එහෙනම් ඔයාල හැමෝටම ආරාධනා කරනවා මෙ සුපිරි චිත්‍රපටය නරඹන්න…

පහල පිංතූර Click කරලා ඔයාලට මෙ ෆිල්ම් එකේ අනිත් කොටස් ටිකත් බලන්න පුලුවන්…???

THE EXPENDABLES 2 (2012)

THE EXPENDABLES 3 (2014)

THE EXPENDABLES 4 (2023)

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ දිනුෂ්ක උදාර (රොකියා) සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The Expendables (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-expendables-2010-sinhala-subtitles/feed/ 0
The Enforcer (1995) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-enforcer-1995-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-enforcer-1995-sinhala-subtitles/#respond Tue, 25 Jul 2023 16:50:52 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=46596 The Enforcer Sinhala Sub The Enforcer Sinhala Subtitles The Enforcer (1995) Sinhala Sub The Enforcer (1995) Sinhala Subtitles

The post The Enforcer (1995) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Enforcer Sinhala Sub
The Enforcer Sinhala Subtitles
The Enforcer (1995) Sinhala Sub
The Enforcer (1995) Sinhala Subtitles

The post The Enforcer (1995) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-enforcer-1995-sinhala-subtitles/feed/ 0