John Cena Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/john-cena/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 30 Sep 2024 15:51:12 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png John Cena Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/john-cena/ 32 32 Jackpot! (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/jackpot-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/jackpot-2024-sinhala-subtitles/#comments Sun, 25 Aug 2024 06:53:15 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=74262 Jackpot! Sinhala Sub Jackpot! Sinhala Subtitles Jackpot! (2024) Sinhala Sub Jackpot! (2024) Sinhala Subtitles ඇති වුණ ආර්ථික අර්බුදයට විසදුමක් ලෙස වර්ෂ 2030 දී ඇමරිකාවේ නව රජය විසින් ලොස් ඇන්ජලීස් වලට අලුත් ලොතරැයි ඇඳීමක් හඳුන්වා දී තිබෙනවා…මේක ටිකක් වෙනස් විදිහේ ලොතරැයියක්…ඕනෑම කෙනෙක්ට ටිකක් එකක් අරන් මේ දිනුම් ඇඳීමට ලියාපදිංචි වෙලා මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන්..මේ පාර […]

The post Jackpot! (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Jackpot! Sinhala Sub
Jackpot! Sinhala Subtitles
Jackpot! (2024) Sinhala Sub
Jackpot! (2024) Sinhala Subtitles

ඇති වුණ ආර්ථික අර්බුදයට විසදුමක් ලෙස වර්ෂ 2030 දී ඇමරිකාවේ නව රජය විසින් ලොස් ඇන්ජලීස් වලට අලුත් ලොතරැයි ඇඳීමක් හඳුන්වා දී තිබෙනවා…මේක ටිකක් වෙනස් විදිහේ ලොතරැයියක්…ඕනෑම කෙනෙක්ට ටිකක් එකක් අරන් මේ දිනුම් ඇඳීමට ලියාපදිංචි වෙලා මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන්..මේ පාර තෑගී මුදල ඩොලර් බිලියන 3.6ක්..මෙතුවක් කාලෙකටම දෙන ලොකුම මුදල් තෑග්ග මේක නිසා මිනිස්සු පිස්සුවෙන් වගේ බලාගෙන ඉන්නවා කවුද මේක දිනන්නේ කියලා…හොඳම දේ තමයි…

මේ ලොතරැයිය දිනන කෙනාවට එදාම ඉර බහින්න කලින් මරණ ඕනෑම කෙනෙක්ට ඒ මුදල නිත්‍යානුකුලව තමන්ගේ කරගන්න පුළුවන්…එකම කොන්දේසිය තමයි ලොතරැයිය දිනන කෙනාව මරන්න තුවක්කු පාවිච්චි කරන්න බැහැ…වාසනාවකට හෝ අවාසනාවකට නිළියක් වෙන්න සිහින දකින කේටී කිම් කියන තරුණිය මේ ලොතරැයිය අදින දවසෙම ලොස් ඇන්ජලිස් වලට එනවා….වැරදීමකින් වෙන කෙනෙක්ගේ ටිකක් එකක් හරහා එයාගේ ඇඟිලි සලකුණ වැදිලා මෙයාව දිනුම් ඇඳීමට ලියාපදිංචි වෙනවා…..කොහොම හරි අවසානයේ මුදල් තෑග්ග දිනා ගන්නේ කේටී කිම්….කිසිම දෙයක් නොදන්නා කේටී කිම් පස්සෙන් මිනිස්සු මරන්න පන්නගෙන එද්දී එයාගේ උදව්වට ආරක්ෂක ඒජන්ට් කෙනෙක් එනවා..එයාගේ නම නොයෙල්…මෙයා කේටී කිම්ගේ ජීවිතය බේරන්න පොරොන්දු වෙනවා 10%ක කොමිස් මුදලකට…

කේටී කිම් ඉර බහිනකන් ජිවත් වෙයිද ? නොයෙල් සහ කේටී කිම් අන්තිමේදී මේ මුදල් තෑග්ග දිනාගන්නකන් සටන් කරයිද ? කවුද මෙයාලට තර්ජනයක් වෙන්නේ ? මේ දේවල් දැනගන්න නම් චිත්‍රපටය බලන්නම වෙනවා….

සටන්…සිනහව….ආදරය….යාළුකම…මනුස්සකම ගැන හරි ලස්සනට හාස්‍යජනකව ගෙනහැර දක්වන චිත්‍රපටයක් මේක !

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ නවංජනා (Thizu) සහෝදියගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Jackpot! (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/jackpot-2024-sinhala-subtitles/feed/ 2
Argylle (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/argylle-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/argylle-2024-sinhala-subtitles/#respond Thu, 14 Mar 2024 00:30:49 +0000 https://sinhalasub.life/?post_type=movies&p=67714 Argylle Sinhala Sub Argylle Sinhala Subtitles Argylle (2024) Sinhala Sub Argylle (2024) Sinhala Subtitles MDB අගය 5.8ක් වුන සුපිරි ඇක්ශන් ෆිල්ම් එකක් තමා Argylle කියන්නෙ. Cast Bryce Dallas Howard as Elly Conway/Rachel Kylle Sam Rockwell as Aidan Bryan Cranston as Ritter Catherine O’Hara as Ruth Conway, Elly’s mother Henry Cavill as Argylle Louis Partridge as […]

The post Argylle (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Argylle Sinhala Sub
Argylle Sinhala Subtitles
Argylle (2024) Sinhala Sub
Argylle (2024) Sinhala Subtitles

MDB අගය 5.8ක් වුන සුපිරි ඇක්ශන් ෆිල්ම් එකක් තමා Argylle කියන්නෙ. Cast Bryce Dallas Howard as Elly Conway/Rachel Kylle Sam Rockwell as Aidan Bryan Cranston as Ritter Catherine O’Hara as Ruth Conway, Elly’s mother Henry Cavill as Argylle Louis Partridge as young Argylle Sofia Boutella as Saba Al-Badr Dua Lipa as LaGrange Ariana DeBose as Keira John Cena as Wyatt Samuel L. Jackson as Alfie Chip as Alfie, Elly’s cat අභ්‍යන්තර ඔත්තු නවකතාකාරියක වන Elly Conway,

ආර්ගිල් කතා මාලාවේ ප්‍රධාන චරිතය වන Aubrey Argylle පිළිබඳ ඇගේ පස්වන පොත බොහෝ දුරට අවසන් කලත් එක්තරා දෙයක් නිසාවෙන් ඇය පීඩා විඳිනවා.

ඒ ඇයගේ නවකතාවලින් අනාවැකි පල කරන නිසා ඩිවිෂන් නමින් හැඳින්වෙන වංචනික සංවිධානයක් ඇයව ඉලක්ක කරන නිසා. එයාට ඒ සංවිධානයෙන් ප්‍රහාරයක් එල්ල වෙයිද? එයා ඒ නවකතාව ලින එක නවත්තයිද? එහෙනම් ෆිල්ම් එක බලලම ඉමු.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ සජීඩ් උස්මාන්  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Argylle (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/argylle-2024-sinhala-subtitles/feed/ 0
Freelance (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/freelance-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/freelance-2023-sinhala-subtitles/#comments Sun, 03 Dec 2023 16:07:45 +0000 https://sinhalasub.life/?post_type=movies&p=61823 Freelance Sinhala Sub Freelance Sinhala Subtitles Freelance (2023) Sinhala Sub Freelance (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ඉතින් අද මේ අරගෙන ආවේ Freelance කියන 2023 ආව අලුත්ම Action Comedy ෆිල්ම් එක අරගෙන.. IMDb Rating 5.4 ක් ගන්න මේ ෆිල්ම් එක සමත් වෙලා තියෙනවා..මේකේ අපි හැමෝම දන්න ආස කරන John Cena ප්‍රදාන චරිතයක් රඟපානවා..මේ ෆිල්ම් එක […]

The post Freelance (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Freelance Sinhala Sub
Freelance Sinhala Subtitles
Freelance (2023) Sinhala Sub
Freelance (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඉතින් අද මේ අරගෙන ආවේ Freelance කියන 2023 ආව අලුත්ම Action Comedy ෆිල්ම් එක අරගෙන..

IMDb Rating 5.4 ක් ගන්න මේ ෆිල්ම් එක සමත් වෙලා තියෙනවා..මේකේ අපි හැමෝම දන්න ආස කරන John Cena ප්‍රදාන චරිතයක් රඟපානවා..මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Peppermint (2018 Action movie – IMDB 6.5) වගේම Taken(2008 Action movie IMDB 7.8) කියන සුපිරිම ෆිල්ම් ඩිරෙක්ට් කරපු Pierre Morel කියන අධ්‍යක්ෂකවරයා..

කතාව ගැන කියනවා නම් John Cena එහෙම නැත්තං කතාවේ විදිහට මේසන් පෙට්ටිස් හමුදා විශේෂ බලකායේ සොල්දාදුවෙක් විදිහට වැඩ කරනවා..එයාගේ අන්තිම මෙහෙයුමේදී ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් නිසා මෙයාලගේ හෙලිකොප්ටර් එකට වෙඩි වැදිලා කඩාගෙන වැටිලා සොල්දාදුවන්ගේ බාගෙට බාගයක් ම මැරෙනවා..මේකෙන් මේසන් සෑහෙන්න මානසිකව වැටෙනවා..ඊටපස්සේ එයා ගොඩක් උත්සාහ කරලා නීති විද්‍යාලයට ගිහින් නීතීඥයෙක් වෙනවා..

පස්සේ මේසන් ට එයා එක්ක අන්තිම මෙහෙයුමේ හිටිය යාළු සොල්දාදුවෙක් එක්ක වැඩක් කරන්න හම්බෙනවා…ඒ පැල්ඩෝනියාවේ ඒකාධිපතියෙක් වෙච්ච ජුවාන් අර්තුරෝ වෙනිගාස් එක්ක ප්‍රසිද්ධ මාධ්‍යවේදිනියක් සම්මුඛ සාකච්ඡාවක් කරනකොට ඇයට ආරක්ෂාව සපයන එක..මේ මාධ්‍යවේදිනිය තමයි මිස් ක්ලෙයාර් වෙලින්ටන්..කොහොම උනත් මේසන් මේ වැඩේ අකමැත්තෙන් බාර ගන්නේ..ඒ ඇයි කියලා ඔයාලට ෆිල්ම් එක බැලුවම තේරුම් ගන්න පුළුවන් වෙයි..

අකමැත්තෙන් උනත් මේ වැඩේ බාරගෙන පැල්ඩෝනියාවට ගියාට පස්සේ හමුදා කුමන්ත්‍රණයක් නිසා මේසන්, ක්ලෙයාර් වගේම වෙනිගාස් කියන තුන් දෙනාම කැලයක් අස්සේ හිරවෙනවා..ඉතින් මෙයාලා මෙතනින් බේරෙන්නේ කොහොමද..මොකක්ද මේ කුමන්ත්‍රණය, මේකේ යටි අරමුණ මොකක්ද, මේසන් ගේ යාළුවා මේසන් ව පැල්ඩෝනියාවට යැව්වේ මාධ්‍යවේදිනිය ට ආරක්ෂාව සපයන්න විතරම ද නැත්තං වෙන යටි අරමුණු තියෙනවද කියලා හැමදේම දැනගන්න මේ ෆිල්ම් එක බලන්න කියලා ඔයාලට ආරාධනා කරනවා..ෆිල්ම් එක බලලා කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා..ඔන්න එහෙනම් හැමෝටම සුබ දවසක්..ආයෙමත් හමුවෙමු..

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ තාරක ලහිරු මධුශාන්  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Freelance (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/freelance-2023-sinhala-subtitles/feed/ 2
Teenage Mutant Ninja Turtles: Mutant Mayhem (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/teenage-mutant-ninja-turtles-mutant-mayhem-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/teenage-mutant-ninja-turtles-mutant-mayhem-2023-sinhala-subtitles/#respond Sat, 02 Sep 2023 08:20:09 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=53006 Teenage Mutant Ninja Turtles: Mutant Mayhem Sinhala Sub Teenage Mutant Ninja Turtles: Mutant Mayhem Sinhala Subtitles Teenage Mutant Ninja Turtles: Mutant Mayhem (2023) Sinhala Sub Teenage Mutant Ninja Turtles: Mutant Mayhem (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ඔයාල බලන්න ඇතිනේ ස්පයිඩර්වර්ස් මුවි දෙකම. අන්න ඒ ස්ටයිල් එකට තමයි මේකේ ඇනිමේෂන් සකස් කරලා තියෙන්නේ. වත්මන් තාක්ෂනය […]

The post Teenage Mutant Ninja Turtles: Mutant Mayhem (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Teenage Mutant Ninja Turtles: Mutant Mayhem Sinhala Sub
Teenage Mutant Ninja Turtles: Mutant Mayhem Sinhala Subtitles
Teenage Mutant Ninja Turtles: Mutant Mayhem (2023) Sinhala Sub
Teenage Mutant Ninja Turtles: Mutant Mayhem (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඔයාල බලන්න ඇතිනේ ස්පයිඩර්වර්ස් මුවි දෙකම. අන්න ඒ ස්ටයිල් එකට තමයි මේකේ ඇනිමේෂන් සකස් කරලා තියෙන්නේ. වත්මන් තාක්ෂනය එක්ක යථාර්තවාදී ආකාරයෙන් ඇනිමේෂන් නිර්මාණය කරන්න පුළුවන් කමක් තිබ්බත්. හිතාමතාම යථාර්තවාදී නොවන ආකාරයට මේ භාවිතා කරන ඇනිමේෂන් විලාසය හරිම සිත්ගන්නාසුළු දෙයක් කියලයි අපිටනම් හිතෙන්නේ…

ෆිල්ම් එක නම් මුල ඉඳලා අගට කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් ෆිල්ම් එකක්. පාවිච්චි කරලා තියෙන Art Style එක නිසා ෆිල්ම් එකෙන් ඇහැ ගන්න හිතෙන්නේම නැහැ. ඒවගේම තරුණ කොල්ලෝ 4 දෙනෙක් විසින්ම රජ ඉබ්බන්ට හඬකවලා තියෙන නිසා ගැටවරයෝ 4 දෙනෙක්ගේ Chaotic Energy එක ෆිල්ම් එක පුරාම දැකගන්න පුළුවන්.  පවුලේ සැමට නැරඹිය හැකි මෙහෙම චිල් මුවි එකක් මගහැරගන්නම එපා අපරාදේ! ?

මේ තමයි පස්වැනි නින්ජා ටර්ටල් ඇනිමෙටඩ් මුවි ඒක, ඒ අතරින් මේක විශේෂ වෙන්නේ Rotten Tomatoes වෙබ් අඩවියේ ෆ්‍රෙෂ් අගයක් ලබාගත්ත පලවෙනි නින්ජා ටර්ටල් මුවි එක බවට පත්වෙන්න මේ මුවි එක සමත් වීම. ටොමැටෝ මීටරයේ 97%ක අගයකුත්, ඕඩියන්ස් ස්කෝර් එක 90%ක් වැනි ඉහලම අගයන් දෙකක රඳවා ගන්න මේ මුවි එක සමත් වෙනවා. ඒ වගේම imdb 7.5ක අගයක් රඳවා ගන්නත් මේ සිනමාපටය සමත් වෙනවා. ඒ විතරක් නෙමෙයි ආදායම් අතින් වුණත් මේ සිනමාපටය සාර්ථකයි. මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරන්නේ දෙන්නෙක් එකතු වෙලා.

 සහ දෙන්න තමයි මේකේ අධ්‍යක්ෂකවරුන් වෙන්නේ. මේකේ නිෂ්පාදකයින් වෙන්නේ ගොඩක් අයට හුරු පුරුදු කෙනෙක් වෙන Seth Rogen සහ  Evan Goldberg, James Weaver යන දෙදෙනා. මේ අතරින් Seth Rogen සහ Evan Goldberg දෙන්නා මේකේ කතාව වෙනුවෙන් දායක වෙනවා. ඒ අතරිනුත් Seth Rogen මේකේ හඬකැවීම් සඳහාත් එකතු වෙනවා. ඒ වගේම මේකේ හඬකැවීම් සිදුකරන්නේ තනි තනි වශයෙන් නෙමෙයි. සමුහයක් එකතු වෙලා. උදාහරණයකට නින්ජා ටර්ටල්ලා 4 දෙනාගේ සිදුවීමකට හඬ කවන්න නම් ඒ හතරදෙනාම එතනට ගෙනල්ලා හඬකැවීම සිද්දකරලා තියෙනවා. ඒකෙන් ලැබෙන ස්භාවික ගතිය ඔයාලට මුවි එකේදී අත්විඳින්න ලැබේවි. ඒ වගේම පසුබිම් සංගීතය ගැනත් මතක් කරන්නම ඕනා.

ටොප් ලෙවල් ආ.

හඬකැවීම් ගැන කියපු නිසාම මේ ෆිල්ම් එකට ඉතාම ජනප්‍රිය අය කිහිප දෙනෙක්ම තමන්ගේ හඬින් දායක වෙන බව මතක් කරන්න ඕනා. ඒ අතර Jackie Chan, John Cena, Ice Cube  සහ Paul Rudd වැනි අය ඉන්නවා.  ප්‍රධානම චරිත වශයෙන් අපිට දැකගන්න ලැබෙන කිහිප දෙනා තමයි පහල ඉන්නේ.

  • Micah Abbey – Donatello
  • Shamon Brown Jr. – Michelangelo
  • Nicolas Cantu – Leonardo
  • Brady Noon – Raphael
  • Ayo Edebiri – April O’Neil
  • Jackie Chan – Splinter
  • John Cena – Rocksteady
  • Seth Rogen – Bebop
  • Ice Cube – Superfly
  • Paul Rudd – Mondo Gecko

අපි දන්න කියන රජ ඉබ්බන්ගේ කතාව නිර්මාණය කලේ Kevin Eastman සහ Peter Laird දෙන්න එකතු වෙලා. මේ සිනමාපටයේ Kevin Eastmanගේ කැමියෝ එකක් එහෙමත් තියෙනවා. ඒ මාස්ටර් එහෙම නැත්නම් Splinterට උදව් කරන කෙනෙක් විධියට. ඔයාල පොඩ්ඩක් බලන්නකෝ ෆිල්ම් එකේදී ඔයාලට අඳුරගන්න පුලුවන්ද කියල. ලිපිය අවසානයේ තියෙන ජායාරුපයේ ඉන්නේ එයා.

ඉතිං මේකේ සිද්ධවෙන කතාව ගැන කියනවා නම්, “මූවී එක පටන් ගන්නේ බැක්ස්ටර් ස්ටොක්මන් කියන විද්‍යාඥයා එයාගේ තනිකම මකාගන්න එයාටම කියලා මියුටන්ට් පවුලක් හදාගන්න උත්සහ කරන තැනින්. ඒත් ඒ අතරමගදී එයා වැඩ කරන සංවිධානය වන TCRI එකෙන් එයාව අල්ලගන්න කණ්ඩායමක් එවන්වා. මේ දෙගොල්ලෝ අතර වෙන පොරබැදීමෙදී මියුටන්ට් දියරය කුණු කාණුවක් දිගේ ගිහින් ඉබි පැටව් 4 දෙනෙක් උඩට සහ මීයෙක් උඩට වැටෙනවා.

මෙන්න මෙතනින් තමා අපේ රජ ඉබ්බන්ගේ සහ මාස්ටර් ස්ප්ලින්ටර්ගේ කතාව පටන් ගන්නේ. මනුස්ස ලෝකය එක්ක එක පාරක් ගනුදෙනු කරන්න ගිහිල්ලා හම්බවුනු නරක අත්දැකීම් නිසා මෙයාලා කුණු කාණුව ඇතුළෙමයි ජීවත් වෙන්නේ. රහසින් තමයි එළියට යනවා නම් යන්නේ. ඉතින් මෙයාලගේ නමේම “Teenage” කියලා කෑල්ලක් තියෙනවනේ. ගැටවරයෝ වුනාම දන්නේ නැද්ද; එපා කියන එකමයි කරන්න කැමති. සහෝදරයෝ හතර දෙනාට ඕනේ මනුස්ස ලෝකෙට ගිහිල්ලා එයාලත් එක්ක සාමාන්‍ය විදියට ජීවත් වෙන්නයි. මේ අතරේ තමයි එයාලට ඒප්‍රිල් ඔ’නීල් කියන මනුස්ස ගෑනු ළමයා මුණ ගැහෙන්නේ.

ප්‍රවෘත්ති වාර්තාකාරියක් වෙන්න කැමැත්තෙන් ඉන්න ඒප්‍රිල් මෙයාලට කියනවා සුපර්ෆ්ලයි කියලා විලන් කෙනෙක් නගරයේ එක එක තැන් මංකොල්ල කන බවත්, එයාව නැවැත්තුවොත් මිනිස්සු රජ ඉබ්බන්ව පිළිගනීවි කියලත්. එතකොට තමයි සහෝදරයින්ට හොයාගන්න ලැබෙන්නේ සුපර්ෆ්ලයි සහ එයාලා ඥාති සහෝදරයෝ බව සහ එයා හොරකම් කරපු බඩුවලින් හදපු යන්තරේකින් පෘථිවියේ ඉන්න හැම සතෙක්ම මියුටන්ට් කෙනෙක් කරලා මනුස්ස වර්ගයාව අතුගාලා දාන්න හදන බව.”

එහෙනම් ඔයාලම බලන්නකෝ කොහොමද කියල කතාව…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ශාන් විමුක්ති [විමා] සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Teenage Mutant Ninja Turtles: Mutant Mayhem (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/teenage-mutant-ninja-turtles-mutant-mayhem-2023-sinhala-subtitles/feed/ 0
Hidden Strike (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/hidden-strike-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/hidden-strike-2023-sinhala-subtitles/#respond Sat, 29 Jul 2023 13:54:48 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=47609 Hidden Strike Sinhala Sub Hidden Strike Sinhala Subtitles Hidden Strike (2023) Sinhala Sub Hidden Strike (2023) Sinhala Subtitles මේක ඊයේ (28) තමයි නෙට්ෆ්ලික් මාධ්‍ය ඔස්සේ නිකුත් උනේ. ඔයාලා දැනටමත් දන්නවා ඇති ෆිල්ම් එකේ රංගන දායාකත්වය ලබා දෙන්නේ කවුද කියලා. අමුතුවෙන් හඳුන්වලා දෙන්න ඕන නැති සුපිරිම ලෙජන්ඩ්ලා දෙන්නෙක් තමයි ඉන්නේ. ආත්මාරක්ෂක සටන් කලාවේ පුරාවෘත්තයක් වන ප්‍රවීණ […]

The post Hidden Strike (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Hidden Strike Sinhala Sub
Hidden Strike Sinhala Subtitles
Hidden Strike (2023) Sinhala Sub
Hidden Strike (2023) Sinhala Subtitles

මේක ඊයේ (28) තමයි නෙට්ෆ්ලික් මාධ්‍ය ඔස්සේ නිකුත් උනේ. ඔයාලා දැනටමත් දන්නවා ඇති ෆිල්ම් එකේ රංගන දායාකත්වය ලබා දෙන්නේ කවුද කියලා. අමුතුවෙන් හඳුන්වලා දෙන්න ඕන නැති සුපිරිම ලෙජන්ඩ්ලා දෙන්නෙක් තමයි ඉන්නේ. ආත්මාරක්ෂක සටන් කලාවේ පුරාවෘත්තයක් වන ප්‍රවීණ සටන් නළු ජැකී චෑන් සහ රෙස්ලින් ක්‍රීඩාවේ එදාමෙදා තුර බිහිවු අග්‍රගණ්‍ය පුරාවෘත්තයක් වෙන ජෝන් සීනා තමයි මේ සලරුවේ ප්‍රධාන චරිත දෙක විදියට එකතු වෙලා ඉන්නේ. ඉතිං මේ දෙන්නා එකතු වෙලා මැදපෙරදිග තෙල් මංකොල්ලයකට එරෙහිව සටන් වදින හැටි ඔයාලට මේ චිත්‍රපටයෙන් බලාගන්න පුළුවන්. ජැකී චෑන් සහ ජෝන් සීනා ගැන අමුතුවෙන් හඳුන්වන්න ඕන නෑ කිව්වත් වැඩිදුර තොරතුරු කියවන්න ආස අයට මේ දෙන්නා ගැන පොඩියට හරි විස්තරයක් දැම්මනම් හොඳයි කියලා මට හිතුනා. ඒ නිසා කැමති අය මේක කියවලම Film එක අරගෙන යන්න හොදේ.

ආත්මාරක්ෂක සටන් කලාවේ රජු කවුද කියලා ඇහුව ගමන් ඔයාලා හැමෝටම මතක් වෙන්නේ සුපිරි සටන් ශිල්පී බෘස් ලීව බව මම දන්නවා. නමුත් වර්තමානයේ සිටින ජනප්‍රියම ආත්මාරක්ෂක සටන් ශිල්පියා කවුද කියලා මම ඇහුවොත් ? ඔව්, බොහෝ දෙනෙක්ගේ උත්තරය වෙන්නෙ ජැකී චෑන් තමයි. හොංකොන් සිනමාව විසින් බිහිකළ තවත් සුපිරි සටන් නළුවකු විදියට සැලකෙන ජැකී චෑන් සුවිශාල රසික ආකර්ෂණයක් දිනා ගත්තේ ඔහුටම ආවේණික වු හාස්‍යමය සටන් ජවනිකා හේතුවෙනි. එමෙන්ම චිත්‍රපටවල ක්‍රියාදාම දර්ශන ආදේශක නළුවන් යොදානොගෙන ඔහු විසින්ම සිදුකරන බවටත් හෙතෙම ලෝක ප්‍රසිද්ධයි. වූෂු, කුන්ෆු සහ හප්කිදෝ යන සටන් ශෛලීන් වල ප්‍රවීණයකු වන ඔහු 1960 දශකයේ සිට මේ දක්වා සිනමාපට ගණන 150 කට අධික ප්‍රමාණයක රඟපාලා තිබෙනවා.

ජැකී චෑන්ගේ මුල් නම විදියට සඳහන් වෙන්නේ චෑන් කොංග්-සාන්ග් ලෙසයි. හොංකොංහි උපන් මෙම කුඩා ශරීරයකකින් හෙබි පුද්ගලයා ස්ටන්ට් මෑන් එසේත් නැතිනම් ආදේශක ක්‍රියාදාම නළුවෙක්ගෙ සිට ආසියාවේ හොඳම ක්‍රියාදාම-චිත්‍රපට තරුවක් සහ අධ්‍යක්ෂවරයෙක් බවට පත් කිරීමටත් හොංකොන්ග් කුංෆු චිත්‍රපට ඇමරිකානු සිනමාවට සමීප වීමට උත්ප්‍රේරකයක් වූයේ ඔහුගේ හුරුබුහුටි එහෙත් ශක්තිමත් සහ නම්‍යශිලි සිරුර නිසයි. 1990දී ජැකී චෑන් ඇමරිකානු චිත්‍රපට වෙළඳපොළට ඇතුල්වූ අතර 1995 දී ඔහුට MTV ජාලයෙන් Lifetime Achievement Award නම් සම්මානය පිරිනමනු ලැබුවා. ජැකී චෑන් ඇමරිකානු විකට නළුවෙකු වු ක්‍රිස් ටකර් සමඟ Rush Hour (1998) චිත්‍රපටයේ රඟපෑ අතර එය විශාල සාර්ථකත්වයක් අත්කර ගත් අතර 2001 සහ 2007 වර්ෂ වල එහි තවත් චිත්‍රපට දෙකක් නිර්මාණය කලා.

ජැකී චෑන් හොලිවුඩ් ක්‍රමයට අකැමති පුද්ගලයෙකු වූවත් ඔහු Shanghai Noon (2000), The Tuxedo (2002), The Forbidden Kingdom (2008), The Spy Next Door (2010), The Karate Kid (2010) සහ The Foreigner (2017) යන හොලිවුඩ් චිත්‍රපට රැසක රඟපෑවා. එමෙන්ම ඔහු පරිගණක සජීවිකරණ චිත්‍රපටයක් වන Kung Fu Panda (2008) සහ එහි තවත් නිර්මාණ දෙකක් සඳහාද තම කටහඬ ලබා දී ඇත. 2016 දී ජැකී චෑන් ඇකඩමි සම්මාන උළෙලේදී ගෞරවනීය සම්මානයක් ලැබූ පළමු චීන නළුවා බවට පත් වූ අතර එය ඔහුගේ සුවිශේෂිත ජාත්‍යන්තර ජයග්‍රහණයක් බවට සලකන්න පුළුවන්. රංගනයට අමතරව 1998 දී ජැකී චෑන් පුණ්‍යායතනය ආරම්භ කළ අතර ඔහුගේ අනෙකුත් ව්‍යාපෘතින් අතර හොංකොං තරුණයින්ට ශිෂ්‍යත්ව පිරිනමන වැඩසටහනක් ද ආරම්භ අර ඇත. ඔහු UNICEF හි තානාපතිවරයෙකු ලෙසද කටයුතු කරන ඔහු ලොව වැඩිම මුදලක් අය කරන නළුවන් 10 දෙනා අතර සිටින ජැකීගේ වත්කම ඩොලර් මිලියන 350 ඉක්මවන බවත් පැවසෙනවා. තම ජීවිතය ගැන පවා නොසිතා සටන් කලා රංගනයට කැපවූ ජැකී චෑන් අද වනවිට හොංකොං සිනමාවෙ පමණක් නොව හොලිවුඩය තුලද අද්වීතීය තත්වයක් හිමිකර ගත් අයෙකු ලෙස හැඳින්විය හැක.

ඔබ WWE රසිකයෙකු නම් “ජෝන් ෆීලික්ස් ඇන්තනී සීනා” එසේත් නැත්තම් “ජෝන් සීනා” යන නාමය අසා ඇති බවට සැකයක් නෑ. මේ වන විට රෙස්ලින් ක්‍රීඩාවෙන් තරමක් ඈත්වී සිටියත් අදටත් ලොව පුරා බහුතර WWE රසිකයන්ගේ වීරයා ජෝන් සීනා බව නොරහසක්. 2000 වසරේ මුල් භාගයේදී අති ජනප්‍රිය රෙස්ලින් ක්‍රීඩකයකු වු Dwayne Johnson එහෙමත් නැත්තම් අපි හැමෝම දන්න “ද රොක්” WWEහි “ෆේස් රෝල්” එක නොහොත් වීරයාගේ චරිතයෙන් සමුගෙන හොලිවුඩය වෙත ගිය පසු නැවත එම ෆේස් රෝල් එකට ආදේශ කිරීමට සහ ප්‍රේක්ෂකයන් සතුටු කිරීමට සමත් ක්‍රීඩකයෙක් සොයාගැනීමට WWE ආයතනය අපොහොසත් උනා. නමුත් එම කාලය අතරතුර ප්‍රදර්ශන තරගයකට සහභාගි වීමට පැමිණි ජෝන් සීනා නම් නවකයා තම පළමු තරගයෙන්ම ප්‍රේක්ෂකයා ඇදබැඳ ගැනීමට සමත්වූ බව තරග සංවිධායකයන්ගේ අවධානයට පාත්‍ර වුනා. පසුව ඔහුගේ රෙස්ලින් ක්‍රීඩා ක්‍රම සහ ඔහුටම ආවේණිකවූ ඇඳුම් පැලදුම් නිසා රොක්ගෙන් පසු WWEහි වීරයා චරිතය නිතරගයෙන්ම ඔහුට හිමි උනේ ලොව පුරා මිලියන ගණනක රසික ආදරයක්ද සමඟයි. ද රොක්ගේ අඩුපාඩුවත් සමඟ කඩාවැටීමකට ලක්වූ WWE ආයතනය 2000-2010 දශකය පුරා තම අණසකට නතු කරගත් සීනා ලෝක හෙවිවේට් ශූරතාව 16 වරක් දිනාගනිමින් ශූරතාව වැඩිම වරක් දිනාගත් සම-වාර්තාවට හිමිකම් කියනවා. 2000 වසරෙන් පසු WWE ආයතනය මූල්‍යම අර්බූදයෙන් ගලවා ගත්තේ සීනා බව සැවොම දන්නා කරුණකි. එයට කෘතගුණ සැලකීමක් වශයෙන් WWE ප්‍රධානී වින්ස් මික්මෑන් විසින් එක් තරගාවලියක් සඳහා ජෝන් සීනාට අති විශාල මුදලක් ගෙවා තිබෙනවා.

දක්ෂ රැප් ගායකයෙකුද වන ජෝන් සීනා තම තේමා ගීතයන් ඔහුම ගායනා කල අතර ඔහුගේ The Time Is Now ගීතය අදටත් ලොව පුරා අතිශය ජනප්‍රිය වේ. Dwayne Johnsonගේ අඩිපාරේ යමින් හොලිවුඩයට පිවිසෙන ජෝන් සිනා පලමු වතාවට රංගනයට පිවිසෙන්නේ The Marine (2006) චිත්‍රපටයෙනි. අද වන විට සාර්ථක සිනමා දිවියකට හිමිකම් කියන ජෝන් සීනා Bumblebee (2018), Ferdinand (2017), Blockers (2018) යන සිනමාපටවල මෙන්ම DC සිනමා විශ්වයේ පීස්මේකර් ලෙස යහපත් පරතිචාර ලබාගනිමින් සිටිනවා.

අඩු ආදායම්ලාභී කුඩා දරුවන්ගේ උග්‍ර රෝග තත්ත්වයන්ට සැත්කම් සිදුකරන Make-A-Wish පදනමේ ක්‍රියාකාරි ආධාරකරුවෙක් වන ජෝන් සීනා මේ වන විට සැත්කම් 650කට වඩා සිදුකිරීමට තම මූල්‍යමය දායකත්වය ලබාදී තිබෙනවා. එය තනි පුද්ගලයෙකු විසින් කුඩා දරුවන්ගේ සැත්කම් කිරීමට දායක වූ වැඩිම ප්‍රමාණය ලෙසත් වාර්තා වනවා. සුපිරි රෙස්ලින් ශූරයෙක්, දක්ෂ රංගන ශිල්පියෙක්, ගායකයෙක්, සහ මානව හිතවාදියෙකු වන ජෝන් සීනා රෙස්ලින් වළල්ලේ මෙන්ම සැබෑ ලෝකයේද වීරයෙකු වශයෙන් සැලකීමට පුළුවන්.

අපි මේ සලරුව ගැන විස්තර ටිකක් බැලුවොත් Hidden Strike චිත්‍රපටය 92%ක ගූගල් පරිශීලක කැමත්ත ලබාගෙන, මේ වෙද්දි 5.8ක IMDb අගයක් ලබාගෙන තියෙනවා. Action / Adventure / Comedy යන කාණ්ඩයන්ට තමයි චිත්‍රපටය වර්ගීකරණය කරලා තියෙන්නේ. චිත්‍රපටය අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Scott Waugh විසින්. ජැකී චෑන් සමඟ අනෙකුත් ප්‍රධාන චරිතය වන “ක්‍රිස් වෑන් හෝර්න්” රඟ දැක්වීමට මුලින්ම යෝජනා වෙලා තියෙන්නෙ හොලිවුඩයේ පතාක නළුවෙක් වන සිල්වෙස්ටර් ස්ටැලෝන්වයි. නමුත් ඔහුගේ දින පිළිබඳ ගැටළුවක් නිසා පසුව මේ චරිතය ජෝන් සීනාට ලැබිලා තියෙනවා. මේක සීනට ලැබුන එකටනම් මමත් ගොඩක් කැමතියි මොකද ඔහු මේ චරිතයට උපරිම සාධාරණයක් ඉටුකරලා තියෙනවා. මොවුන් දෙදෙනාට අමතරව ගේම් ඔෆ් ත්‍රෝන්ස් කතා මාලාවේ යුරෝන් ග්‍රේජෝයි ලෙස රංගනයෙන් දායක උන Pilou Asbæk ඕවන් පැඩොක් ලෙසත්, Amadeus Serafini හෙන්රි වැන් හොර්න් ලෙසත්, Gong Jun හයිමින්ග් ලෙසත්, Chunrui Ma මෙයි ලෙසත් රංගන දායකත්වය ලබාදෙනවා. ඒ වගේම ෆිල්ම් එක අන්තිමට තියෙන පොඩි පසු දර්ශනයක් සහ ජැකී චෑන්ගේ සෑම චිත්‍රපටයකම අවසානයේ පෙන්වන ගැග් රීල් එකත් උපසිරසි ගන්වලා තියෙනවා. ඒ නිසා ඒ දෙකත් බලන්න කියලා මතක් කරන්න ඕන. තවත් Film එකකින් නැවත හමුවෙමු.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ යුරාන් ධනුක සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Hidden Strike (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/hidden-strike-2023-sinhala-subtitles/feed/ 0
Bumblebee (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/bumblebee-2018-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/bumblebee-2018-sinhala-subtitles/#respond Fri, 21 Jul 2023 20:26:16 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=45941 Bumblebee Sinhala Sub Bumblebee Sinhala Subtitles Bumblebee (2018) Sinhala Sub Bumblebee (2018) Sinhala Subtitles

The post Bumblebee (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Bumblebee Sinhala Sub
Bumblebee Sinhala Subtitles
Bumblebee (2018) Sinhala Sub
Bumblebee (2018) Sinhala Subtitles

The post Bumblebee (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/bumblebee-2018-sinhala-subtitles/feed/ 0
Fast X (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/fast-x-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/fast-x-2023-sinhala-subtitles/#comments Fri, 09 Jun 2023 18:30:41 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=40883 Fast X (Fast & Furious 10) 2023 වසරේ ඇමරිකානු ක්‍රියාදාම චිත්‍රපටයක් වන අතර එය ලුවී ලෙටර්රියර් විසින් අධ්‍යක්ෂණය කරන ලද තිර රචනයකින් ඩැන් මාශිව් සහ ජස්ටින් ලින් විසින් රචනා කරන ලද අතර, ඔහු සැක් ඩෙන් සමඟින් කතාව රචනා කරන ලදී. මෙය Fast & Furious චිත්‍රපට මාලාවේ එකොළොස්වන චිත්‍රපටය.  එහි ජොන් සීනා, රීටා මොරේනෝ, ජේසන් ස්ටැතම්, […]

The post Fast X (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>

Fast X (Fast & Furious 10) 2023 වසරේ ඇමරිකානු ක්‍රියාදාම චිත්‍රපටයක් වන අතර එය ලුවී ලෙටර්රියර් විසින් අධ්‍යක්ෂණය කරන ලද තිර රචනයකින් ඩැන් මාශිව් සහ ජස්ටින් ලින් විසින් රචනා කරන ලද අතර, ඔහු සැක් ඩෙන් සමඟින් කතාව රචනා කරන ලදී. මෙය Fast & Furious චිත්‍රපට මාලාවේ එකොළොස්වන චිත්‍රපටය.  එහි ජොන් සීනා, රීටා මොරේනෝ, ජේසන් ස්ටැතම්, ජේසන් මොමෝවා, චාලිස් තෙරොන් සහ වින් ඩින්සල් ප්‍රසිද්ධ නළු නිලි කැල ඇතුලුව තවත් විශාල රංගන ශිල්පින් පිරිසක් රංගනයෙන් දායක වේ.
මේ චිත්‍රපටය දැනට 55% · Rotten Tomatoes,
55% · Metacritic සහ 6.3/10  IMDb අගයන් ලබා තිබේ. ඒවගේම මෙම චිත්‍රපටය ලොකයේ 8 වෙනියට වැඩිම වියදමක් කර නිර්මාණය කරන ලදී. ඒ ඇමරිකන් ඩොලර් මිලියන 340කි. මෙම චිත්‍රපටය පැය 2 විනාඩි 21 පුරා තිර ගත වේ. මෙම චිත්‍රපටය තිරගත කිරිම ඇරඹුවේ මැයි මාස 19 දින. එවගෙම මේ වෙනකොට ඉහල ප්‍රේක්ෂකය ප්‍රතිචාර සමග දැනට ඇමරිකන් ඩොලර් මිලියන 368 අධ්ක අදායම් වාර්තාවත් හිමි කර ගෙන ඇත. මෙම චිත්‍රපට මාලාවේ දොලොස් වැන්න 2025 වසරේ තිරගත වන බව මේ වෙනකොටත් ප්‍රකාශ කර ඇත.
කතාව පැත්තට ගියොත්, ඩොමිනික් ටොරෙටෝ සහ ඔහුගේ කණ්ඩායම රෝමයේ සංක්‍රමණය අතරතුර පරිගණක චිපයක් සොරකම් කරන ලෙස ඒජන්සිය විසින් ඉල්ලා සිටී. කෙසේ වෙතත්, තුවාල වූන කෙනෙක් ඩොම්ගේ නිවසට පැමිණ ඔහුට දන්වන්නේ මත්ද්‍රව්‍ය අධිපති හර්නාන් රීස්ගේ පුත් ඩැන්ටේ රෙයස්, ඔවුන්ගේ පවුලේ අයට තර්ජනය කරමින් ඇගේ කාර්ය මණ්ඩලය ඇයට එරෙහිව හරවා ඇති බවත්, ඔහුගේ පියාගේ මරණයට සහ පාඩුවට පළිගැනීම සඳහා ඩොම් ඉලක්ක කර ගැනීමට ඔවුන් යොදා ගන්නා බවත්ය. රෝමයේදී, ඩොම් සහ ලෙටි ඔවුන් පසුපස හඹා යද්දී ඩැන්ටේ බෝම්බයක් සහිත ට්‍රක් රථයක කණ්ඩායම සිර කරයි.  බෝම්බය වීදි හරහා මුදා හරින අතර, හානිය අවම කිරීම සඳහා ඩොම් එය ටයිබර් ගඟට තල්ලු කරයි…..
මෙතන ඉදලා බලමු කට්ටිය. චිත්‍රපටය කලින් තිබුන ෆිල්ම් වල වගෙම අති සාර්ථක ආකාරයට නිර්මාණය කරලා තියෙනවා.
හැමොටම බලන්න කියලා ආරාධනා කරනවා.
අතිශය ප්‍රථම පරිවර්තනය සහ උපසිරස ගැන්විම SinhalaSub.lk වෙනුවෙන් සිතාර නලින්ද රණසිංහ (SNR).

Fast X Sinhala Sub
Fast X Sinhala Subtitles
Fast X (2023) Sinhala Sub
Fast X (2023) Sinhala Subtitles

The post Fast X (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/fast-x-2023-sinhala-subtitles/feed/ 5
Dolittle (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/dolittle-2020-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/dolittle-2020-sinhala-subtitles/#comments Tue, 27 Dec 2022 03:35:20 +0000 https://sinhalasub.net/?post_type=movies&p=886 The post Dolittle (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The post Dolittle (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/dolittle-2020-sinhala-subtitles/feed/ 1
Peacemaker (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/tvshows/peacemaker-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/tvshows/peacemaker-2022-sinhala-subtitles/#respond Sat, 15 Jan 2022 17:16:22 +0000 https://sinhalasub.net/?post_type=tvshows&p=12467 Peacemaker (2022) Sinhala Subtitles The continuing story of Peacemaker – a compellingly vainglorious man who believes in peace at any cost, no matter how many people he has to kill to get it – in the aftermath of the events of “The Suicide Squad.” Peacemaker (2022) Sinhala Sub

The post Peacemaker (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Peacemaker (2022) Sinhala Subtitles

The continuing story of Peacemaker – a compellingly vainglorious man who believes in peace at any cost, no matter how many people he has to kill to get it – in the aftermath of the events of “The Suicide Squad.”

Peacemaker (2022) Sinhala Sub

The post Peacemaker (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/tvshows/peacemaker-2022-sinhala-subtitles/feed/ 0