John Magaro Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/john-magaro/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sat, 10 Feb 2024 08:23:32 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png John Magaro Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/john-magaro/ 32 32 Past Lives (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/past-lives-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/past-lives-2023-sinhala-subtitles/#comments Sat, 16 Sep 2023 08:48:37 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=54164 Past Lives Sinhala Sub Past Lives Sinhala Subtitles Past Lives (2023) Sinhala Sub Past Lives (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! කොහොමද යහළුවනේ ඔන්න අද ඔයාලට අරගෙන ආවේ ලස්සන රොමැන්ටික් සහ දුක හිතෙන කොරියන් කතාවක්. අවසානයේ ටිකක් දුක හිතුනත් මේ කතාවට ඔයාලා හැමෝම කැමති වේවි. ඒ වගේම මේ චිත්‍රපටය ජාත්‍යන්තර චිත්‍රපට සම්මාන උළෙලවල් කිහිපයකදීම හොඳම […]

The post Past Lives (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Past Lives Sinhala Sub
Past Lives Sinhala Subtitles
Past Lives (2023) Sinhala Sub
Past Lives (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

කොහොමද යහළුවනේ ඔන්න අද ඔයාලට අරගෙන ආවේ ලස්සන රොමැන්ටික් සහ දුක හිතෙන කොරියන් කතාවක්. අවසානයේ ටිකක් දුක හිතුනත් මේ කතාවට ඔයාලා හැමෝම කැමති වේවි. ඒ වගේම මේ චිත්‍රපටය ජාත්‍යන්තර චිත්‍රපට සම්මාන උළෙලවල් කිහිපයකදීම හොඳම චිත්‍රපටය ලෙස නම් කරගැනීමට සමත් වෙලා තියෙනවා. IMDb දර්ශකයේ 8.1ක අගයක්ද, කුණු තක්කාලි 97% වගේ ඉහල අගයන් ගන්න සමත්වෙලා තියෙනවා.

කතාව දිවයන්නේ නෝරා කියන කෙල්ලයි හේ සුං කියන කොල්ලයි අතර. මේ දෙන්නා පොඩි කාලේ ඉඳලා ගොඩක් හොඳ යහළුවෝ. හැමවෙලේම මේ දෙන්නා සෙල්ලම් කරනවා, එකට ඉස්කෝලෙ යනවා, මේ දෙන්නා අතර යහළුවන්ටත් වඩා එහා ගිය මිත්‍ර ආදරයක් මේ දෙන්නගෙ හිතේ ඇති වෙනවා. ඉතින් ඔහොම ඉද්දි නෝරාගේ දෙමාපියන් තීරණය කරනවා කොරියාව දාලා යුරෝපයේ රටකට යන්න.

ඉතින් මේ දෙන්නාට අවාසනාවන්ත ලෙස වෙන් වෙන්න වෙනවා. මේ දෙන්න ආයේ හමුවේවිද?

ඉතින් ඔතනින් පස්සේ තමා චිත්‍රපටයේ හොඳම දිගහැරුම පටන් ගන්නේ. වැඩි විස්තර කියලා චිත්‍රපටයේ රසාස්වාදයට හානි කරන්නෙ නැතුව ඔයාලටම මේ කතාව බලන්න කියලා මන් ආරාධනා කරනවා.

එහෙනම් තවත් ෆිල්ම් එකකින් හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ සුචිත්‍ර ප්‍රනාන්දු සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Past Lives (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/past-lives-2023-sinhala-subtitles/feed/ 1
Big George Foreman (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/big-george-foreman-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/big-george-foreman-2023-sinhala-subtitles/#respond Fri, 23 Jun 2023 18:10:48 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=42218 Big George Foreman Sinhala Sub Big George Foreman Sinhala Subtitles Big George Foreman (2023) Sinhala Sub Big George Foreman (2023) Sinhala Subtitles ආයුබෝවන් ! මගේ පලවෙනි උපසිරැසියත් එක්ක අද ඔයාලට අරගෙන ආවෙ සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණය උනු හිටපු ලෝකශූරෙක් උනු ජෝර්ජ් ෆෝමන් ගෙ කතාව ඇසුරින් නිර්මාණය උන සුපිරි ෆිල්ම් එකක් වෙන BIG GEORGE FOREMAN(2023) නොහොත් […]

The post Big George Foreman (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Big George Foreman Sinhala Sub
Big George Foreman Sinhala Subtitles
Big George Foreman (2023) Sinhala Sub
Big George Foreman (2023) Sinhala Subtitles

ආයුබෝවන් ! මගේ පලවෙනි උපසිරැසියත් එක්ක අද ඔයාලට අරගෙන ආවෙ සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණය උනු හිටපු ලෝකශූරෙක් උනු ජෝර්ජ් ෆෝමන් ගෙ කතාව ඇසුරින් නිර්මාණය උන සුපිරි ෆිල්ම් එකක් වෙන BIG GEORGE FOREMAN(2023) නොහොත් Big George Foreman: The Miraculous Story of the Once and Future Heavyweight Champion of the World සිනමාපටය.

IMDb වල 6.5 හොද අගයකුත් අරගෙන තියෙන මේ ෆිල්ම් එකේ කතාව ගැන පොඩ්ඩක් කිව්වොත් දුප්පත්ම පවුල් පසුබිමකින් ඉපදුන, හැම වෙලේම පාලනය කරගන්න බැරි කේන්තියකින් ඉන්න, ජෝර්ජ් තමන්ගෙ ජීවිතය වෙනස් කරගන්න බැදෙන පුහුනු මධ්‍යස්ථානෙකදි හම්බෙන ගුරුවරයෙක් (ඩොක්) නිසා අනාගතයම වෙනම පාරකට හැරෙවෙනවා. තමන්ගෙ කේන්තිය හැකියාවක් විදියට පරිවර්තනය කරන විදිය ඉගෙන ගත්ත ජෝර්ජ් ලෝක බරපන්ති ශූරතාවයෙන් ඔලිම්පික් රන් පදක්කමක් අරගන්න පුලුවන් වෙනව. ලෝක ශූරයෙක් වෙච්ච මොහොම්ඩ් අලී එක්ක සටනකින් පස්සෙ තමන්ගෙ ඉරනම වෙනස් කරගෙන පූජකයෙක් විදියට වෙනස් වෙන ජෝර්ජ් අවුරුදු 45 දී ආයෙත් ලෝක බරපන්ති ශූරයා වෙන එක ගැන තමයි මේ කතාව පුරාම විවිධ සිදුවීම් එක්ක ගලාගෙන යන්නෙ.

රගපාන චරිත ගැන කතා කලොත් ජෝර්ජ්ගෙ චරිතෙට රංගනෙයෙන් දායක වෙන්නෙ Khris Davis, චරිතයට උපරිම සාදාරණයක් කලා කියන්න පුලුවන් ෆිල්ම් එක බලද්දි, ඒවගේම ජෝර්ජ්ගෙ පුහුණු කරු විදියට ඉන්න Forest Whitaker (Doc) වගේම ජෝර්ජ්ගෙ අම්ම විදියට Sonja Sohn, ජෝර්ගෙ පලවෙනි බිරිද විදියට Shein Mompremier, දෙවෙනි බිරිද විදියට Jasmine Mathews රංගනයෙන් දායක වෙන ප්‍රදාන නළු කිහිප දෙනා වෙනව.

ලිපිය උපුටා ගැනීම :- Baiscopelk.com හි පලවූ මේනක ගමගේ සහෝදරයාගේ ලිපිය

The post Big George Foreman (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/big-george-foreman-2023-sinhala-subtitles/feed/ 0