Josh Stewart Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/josh-stewart/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 01 Aug 2023 21:02:19 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Josh Stewart Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/josh-stewart/ 32 32 Insidious: The Last Key (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/insidious-the-last-key-2018-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/insidious-the-last-key-2018-sinhala-subtitles/#respond Tue, 01 Aug 2023 21:02:19 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=48342 Insidious: The Last Key Sinhala Sub Insidious: The Last Key Sinhala Subtitles Insidious: The Last Key (2018) Sinhala Sub Insidious: The Last Key (2018) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! මේ චිත්‍රපටිය IMDB වෙබ් අඩවියේ 5.8/10 ක ඇගයුම් අගයක් ලබාගෙන තියෙන චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය මීට කලින් ආව Insidious චිත්‍රපටි මාලාවට සම්බන්ධ චිත්‍රපටියක් වගේම මේ චිත්‍රපටියෙත් ප්‍රධාන […]

The post Insidious: The Last Key (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Insidious: The Last Key Sinhala Sub
Insidious: The Last Key Sinhala Subtitles
Insidious: The Last Key (2018) Sinhala Sub
Insidious: The Last Key (2018) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මේ චිත්‍රපටිය IMDB වෙබ් අඩවියේ 5.8/10 ක ඇගයුම් අගයක් ලබාගෙන තියෙන චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය මීට කලින් ආව Insidious චිත්‍රපටි මාලාවට සම්බන්ධ චිත්‍රපටියක් වගේම මේ චිත්‍රපටියෙත් ප්‍රධාන චරිතය වන එලීස් රේනර් ගේ චරිතයට පණ පොවන්නේ Linda Shaye විසින්. මෙය 2018 ජනවාරි 5 වෙනිදා ඇමරිකාවේ තිරගත වීම ආරම්භ කල අතර තිරගත වී මාස දෙකක් තුල ඩොලර් මිලියන 67ක් ඉක්මවූ ආදායම් වාර්තාවක් තියන්නත් සමත් වෙලා තියෙනවා…

කතාව ගැනත් ටිකක් කියන්නම්. එලීස් සහ ක්‍රිස්ටියන් කියන අක්කයි මල්ලියි දෙන්නා නව මෙක්සිකෝවේ “ෆයිව් කීස්“ කියන ගමේ එයාලගෙ අම්මයි තාත්තයි එක්ක ජීවත් වෙනවා. මෙයාලගෙ තාත්තා රස්සාව විදිහට කරන්නේ ගෙවල් ලඟ තියෙන වධකාගාරයේ වධකයා විදිහට කටයුතු කරන එක. මේ පුංචි එලීස් ට අමුතු විදිහේ හැකියාවක් තියෙනවා. සාමාන්‍ය මිනිස්සුන්ට නොපෙනෙන දේවල් (ඒ කියන්නේ භූතාත්ම, යක්ෂයෝ වගේ දේවල්) මේ එලීස් ට පේනවා. ඒත් එයාගෙ තාත්තා ඒ දේවල් විශ්වාස කරන කෙනෙක් නෙවෙයි. එක දවසක් ඒ ගෙදර ඉන්න භූතාත්මයක් දැකපු එලිස්ගෙ මල්ලි න් හයියෙන් කෑ ගහනවා. ඒකට දඬුවම් ලැබෙන්නේ එලීස්ට. එලීස්ගෙ තාත්තා එලීස්ට ගහලා ගහලා බිම් මහලට දාලා අගුළු දානවා. එතනදි තමයි එලීස්ට අමුතු කෙනෙක් මුණගැහෙන්නේ…

ඉතිං යාළුවනේ.. කවුද එලීස්ට මුණගැහෙන මේ අමුතු කෙනා? එලීස්ගේ තාත්තා ඇත්තටම භූතාත්ම විශ්වාස කරන්නෙ නැද්ද? බිම්මහලේ තනියම සිටින එලීස්ව අම්මා බේරගනීවිද? නැත්නම් වෙන මොනව හරි භයානක දෙයක් සිදු වේවිද? මොකක්ද මේ රතු දොර? කියලා චිත්‍ර‍පටිය බලලම දැනගන්න.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ දිනිඳු සම්පත් සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Insidious: The Last Key (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/insidious-the-last-key-2018-sinhala-subtitles/feed/ 0