Justin Timberlake Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/justin-timberlake/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 12 Mar 2024 12:31:48 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Justin Timberlake Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/justin-timberlake/ 32 32 Trolls Band Together (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/trolls-band-together-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/trolls-band-together-2023-sinhala-subtitles/#respond Thu, 30 Nov 2023 19:19:54 +0000 https://sinhalasub.life/?post_type=movies&p=61570 Trolls Band Together Sinhala Sub Trolls Band Together Sinhala Subtitles Trolls Band Together (2023) Sinhala Sub Trolls Band Together (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ‘BroZone’කියන්නේ,ජෝන් ඩෝරි,ස්පෲස්,ක්ලේ,ෆ්ලොයිඩ් ඒ වගේම බ්‍රාන්ච් කියන, සහෝදරයෝ 5 දෙන එකතු වෙලා හදාගෙන තියෙන ගොඩක් ප්‍රසිද්ද සංගීත කන්ඩායමක්.බ්‍රාන්ච් තමයි බාලම කෙනා .බ්‍රාන්ච් සංගීත කන්ඩායමට එකතු වෙන පලවෙනි දවසේම ඒ අයගේ ඉදිරිපත් […]

The post Trolls Band Together (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Trolls Band Together Sinhala Sub
Trolls Band Together Sinhala Subtitles
Trolls Band Together (2023) Sinhala Sub
Trolls Band Together (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

‘BroZone’කියන්නේ,ජෝන් ඩෝරි,ස්පෲස්,ක්ලේ,ෆ්ලොයිඩ් ඒ වගේම බ්‍රාන්ච් කියන, සහෝදරයෝ 5 දෙන එකතු වෙලා හදාගෙන තියෙන ගොඩක් ප්‍රසිද්ද සංගීත කන්ඩායමක්.බ්‍රාන්ච් තමයි බාලම කෙනා .බ්‍රාන්ච් සංගීත කන්ඩායමට එකතු වෙන පලවෙනි දවසේම ඒ අයගේ ඉදිරිපත් කිරීමත් වැරදෙනවා.

ඒක නිසා ඒ අය රන්ඩු වෙලා, සංගීත කන්ඩායමත් විසිරිලා යනවා. පුංච් බ්‍රාන්ච් විතරක් ආච්චි අම්ම එක්ක තනි වෙනවා. කන්ඩායම විසිරිලා ගියාට පස්සේ ,ෆ්ලොයිඩ්ව කට්ටියක් පැහැරගෙන ගිහින් හිරකරගෙන තියාගෙන, ෆ්ලොයිඩ්ගේ සින්දු කියන්න පුලුවන් හැකියාව එයාගෙන් උදුරගෙන,ඒ අය ඒ හැකියවෙන් සින්දු කියලා ප්‍රසිද්ද වෙනවා.

කොහොම හරි ජෝන් ඩෝරි ,ෆ්ලොයිඩ්ව හිරකරගෙන ඉන්න තැනට ගියත් ජෝන් ඩෝරිට තනියම ෆ්ලෙයිඩ්ව බේරගන්න බැ,සහෝදරයෝ 5 දෙනාම ඕන කියලා දැනගන්නවා, ඊට පස්සේ ජෝන් ඩෝරි ඉස්සල්ලාම බ්‍රාන්ච්ව හොයාගෙන යනවා.ඊටපසේ බ්‍රාන්ච් ජෝන්ඩෝරි එක්ක එකතු වෙලා අනිත් සහෝදරයනුත් හොයාගෙන ,ෆ්ලොයිඩ්ව බේරගන්න මෙහෙයුමක් කරනවා.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ චමේලි ඒකනායක සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Trolls Band Together (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/trolls-band-together-2023-sinhala-subtitles/feed/ 0
Reptile (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/reptile-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/reptile-2023-sinhala-subtitles/#respond Mon, 09 Oct 2023 06:25:40 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=56215 Reptile Sinhala Sub Reptile Sinhala Subtitles Reptile (2023) Sinhala Sub Reptile (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! මේ අරං එන්නේ Reptile (2023) නම් අපරාධ පරීක්ෂණ ගණයේ ත්‍රාසජනක ඇමරිකානු චිත්‍රපටයටයි. මිනිත්තු 136ක ධාවන කාලයක් මුළුල්ලේ ත්‍රාසය, භීතිය සහ කුහුල දනවමින් මෙහි දිගහැරෙන්නේ මිනීමැරුමක තතු හෙළිදරව් කරගැනීමේ ප්‍රයත්නයක් ගැනයි. ටොම් නිකොලස් නම් අපරාධ පරීක්ෂකයා විසින් ස්කාබරෝ නගරයේ […]

The post Reptile (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Reptile Sinhala Sub
Reptile Sinhala Subtitles
Reptile (2023) Sinhala Sub
Reptile (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මේ අරං එන්නේ Reptile (2023) නම් අපරාධ පරීක්ෂණ ගණයේ ත්‍රාසජනක ඇමරිකානු චිත්‍රපටයටයි. මිනිත්තු 136ක ධාවන කාලයක් මුළුල්ලේ ත්‍රාසය, භීතිය සහ කුහුල දනවමින් මෙහි දිගහැරෙන්නේ මිනීමැරුමක තතු හෙළිදරව් කරගැනීමේ ප්‍රයත්නයක් ගැනයි. ටොම් නිකොලස් නම් අපරාධ පරීක්ෂකයා විසින් ස්කාබරෝ නගරයේ දේපළ වෙළඳාම් තැරව්කාරියකගේ සාහසික ඝාතනයක අභිරහස හෙළිදරව් කිරීමේ උද්වේගකර ප්‍රයත්නයක නිරත වන ආකාරය මෙහි ගොඩ නගා තිබෙන අතර ඒ පරීක්ෂණයේ ඉදිරියට යත්ම තමා ගෙවන ජීවිතයේ සුන්දර මතුපිට යටින් දිවෙන බිහිසුණු යථාර්තයක් අනාවරණය කරගැනීම හා බැඳුණු කතාවක් මේ සිනමා පටයට පාදක වෙනවා. ග්‍රාන්ට් සිංගර් විසින් අධ්‍යක්ෂණය කළ Reptile හි තිර පිටපත එහි අධ්‍යක්ෂක ග්‍රාන්ට් සිංගර් ඔහුගේ සහයක රචකයන් වන බෙජමින් බ්රූවර් සහ බෙනිස්හියෝ ඩෙල් ටොරෝ සමඟ රචනා කර තිබෙනවා. IMDb හෙවත් අන්තර්ජාල සිනමා දත්ත සංචිතයේ 6.9/10 ක අගයක් ලබාගන්නට සමත් වෙනවා. ජනප්‍රිය ගායකයෙක්, ගීත රචකයෙක් සහ නළුවෙක් වන Justin Timberlake විසින් රංගනයෙන් දායක වන මේ සිනමා පටය දිගු කලකට පසු ඔහු රංගනයෙන් දායක වුණු හොඳම සිනමාපටයක් ලෙස රසික ජනාදරයට පාත්‍ර වන්නට සමත් වෙනවා. මීට අමතරව ජේම්ස් කැමරන්ගේ Titanic චිත්‍රපටයේ රෝස්ගේ මව වන රූත් බියුකේටර් ලෙසින් රංගනයෙන් දායක වුණු Frances Fisher ද මෙහි ප්‍රධාන චරිතයක් නිරූපණය කරනවා. 2023 සැප්තැම්බර් 07 වැනි දින ටොරොන්ටෝ ජාත්‍යන්තර සිනමා උළලේ මෙහි මංගල දර්ශනය පැවැත්වුණු අතර 2023 සැප්තැම්බර් 22 වැනි දින තෝරාගත් සිනමාහල්වල පමණක් තිරගත කිරීම ආරම්භ වුණා. අනතුරුව සැප්තැම්බර් 29 වැනිදා, Reptile නෙට්ෆ්ලික්ස් ඔස්සේ විකාශනය කෙරුණා.

චිත්‍රපටයේ කතාව දෙසට හැරෙන්නම්.මව් පිය උරුමයෙන් ධනවත් ව්‍යාපාරිකයෙක් වන විල් ග්‍රේඩි (Justin Timberlake) ස්කාබරෝහි දේපළ වෙළඳාම් ව්‍යාපාරිකයෙක් ලෙස කටයුතු කරනවා. ඔහු සමර් එල්ස්වික් (Matilda Lutz) නම්වන දේපළ වෙළඳාම් නියෝජිතවරියක් සමඟ විවහා වීමේ අපේක්ෂාවෙන් දිවි ගෙවමින් සිටිනවා. ඔවුන් දෙදෙනාගේ ආදරය සාමාන්‍ය එකකට වඩා හැලහැප්පීම් ගොඩක් මැද දිවෙන එකක් ලෙසයි පෙනී යන්නේ. විල් ග්‍රේඩි සහ පෙම්වතිය ඉදිරියට ගෙනයන පවුලේ ව්‍යාපාරයට ඔහුගේ මවගේ සක්‍රිය සහයද හිමිවනවා. විල්ගේ මව වන කැමිලි (Frances Fisher) විසින් සොයාගනු ලබන මිල අධික නිවෙස් ඔවුන්ගේ සමාගම විසින් මිලට ගැනීමෙන් අනතුරුව ඉහළ මිල ගණන් වලට විකිණීමයි ඔවුන්ගේ පවුලේ ව්‍යාපාරය. පෙරවරණය හෙවත් Foreclosure නම්වන ගෙවිය නොහැකි වුණු ණය යළි අයකරගැනීමේ ක්‍රියාවලියද එහිදී භාවිතා වෙනවා. එය ණයගැතියාගේ දේපළ වල හිමිකාරිත්වය ඔහුගෙන් ඉවත් කර එම දේපළ වලින් කොටසක් හෝ මුළුමනින්ම විකුණාදමා ණය හිමියා විසින් ණය අයකරගැනීමේ නෛතික ක්‍රියාවලියක්. දිනක් නිවසින් බැහැර රාජකාරියක් නිමා කර යළි නිවෙස බලා එන විල්ට දකින්නට ලැබෙන්නේ තම විවාහාපේක්ෂිත පෙම්වතිය තම නිවෙසේදීම කිසිවෙකු විසින් ඝාතනයට ලක්කර තිබෙන අන්දමයි. මේ සාහසික මිනීමැරුමේ අබිරහස හෙළිකරගැනීම පැවරෙන්නේ අපරාධ පරීක්ෂක ටොම් නිකොලස් (Benicio del Toro) ප්‍රමුඛ පොලිස් නිළධාරීන් කණ්ඩායමටයි. වෝහාරික සහ අනෙකුත් සාක්ෂි එකිනෙක ක්‍රමානුකුලව අධ්‍යයනය කරන ඔහු ඝාතකයා කොටු කරගැනීමේ ක්‍රියාවලියේ ඉදිරියට යනවා. මිනීමරුවා සමර් ගේ හිටපු සැමියා විය හැකිද? නැතිනම් ඇයගේ මළසිරුර මුල්වරට හොයාගත් විල් ග්‍රේඩිම විය හැකිද? කෙසේ වෙතත් අසල්වැසි කාන්තාවකගේ ඇසින් දුටු සක්ෂියකට අනුව මිනීමරුවා පැමිණ ඇත්තේ ක්‍රයිස්ලර් රථයකින්. එහෙත් ඇය ඔහුගේ මුහුණ දකින්නේ නැහැ. පැමිණි තැනැත්තා නොණ්ඩි ගසමින් ඇවිද යන්නෙක් බවයි ඇය දැක්කේ. සමර් එල්ස්වික් ස්කාබරෝ ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය වෙළෙන්දන් ගැන මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකයට පැමිණිලි කර තිබෙන බවට සාධක හමුවන නිසා ඇයගේ ඝාතනය මත්ද්‍රව්‍ය ජාවාරම හා බැඳුණු එකක් වීමේ හැකියාවද ඔවුන් සොයා බලනවා. මේ සියල්ල අතරේ අතර ටොම් ඔහුගේ හිතවතුන් සමඟ ගෙවන සාමාන්‍ය ජීවිතයේ කතාන්දරයද දිගහැරෙනවා. ටොම්ට අපරාධයේ සුලමුල සොයාගනීමට හැකිවේද? සමර් එල්ස්වික් ඝාතනයට හේතු වුණු කරුණු මොනවාද? අපරාධකරු අධිආරක්‍ෂිත මන්දිරයට ඇතුළු වුණේ කෙසේද? මුල සිට අගටම ත්‍රාසය සහ කුතුහලය දනවන අන්දමින් දිගහැරෙන මෙම සිනමාපටය ඔබට මේ ප්‍රශ්න වලට විසඳුම් ඉදිරිපත් කරාවි.

මෙම සිනමාපටයට දායක වන රංගන ශිල්පීන්

  • Benicio del Toro රහස් පරීක්ෂක ටොම් නිකොලස් ලෙසින්
  • Justin Timberlake විල් ග්‍රේඩි ලෙසින්
  • Alicia Silverstone ජූඩි නිකොලස් ලෙසින්
  • Michael Carmen Pitt ඊලායි ෆිලිප්ස් ලෙසින්
  • Ato Essandoh ඩෑන් ක්ලියරි ලෙසින්
  • Domenick Lombardozzi පොලිස් පරීක්ෂක විලියම් ලෙසින්
  • Karl Glusman සෑම් ග්‍රිෆරඩ් ලෙසින්
  • Matilda Lutz සමර් එල්ස්වික් ලෙසින්
  • Mike Pniewski මාර්ටි ග්රූබර් ලෙසින්
  • Thad Luckinbill පීටර් ලෙසින්
  • Sky Ferreiraරෙනී ලෙසින්
  • Owen Teague රූඩි රැකෝසී ලෙසින්
  • Frances Fisher කැමිලි ග්‍රේඩි ලෙසින්
  • Eric Bogosian කපිතාන් රොබට් ඇලන් ලෙසින්
  • Catherine Dyer ඩීනා ඇලන් ලෙසින්
  • Michael Beasley වික්ටර් ලෙසින්
  • James Devoti බෙනට් රසොල්ෆ් ලෙසින්

එසේනම් අලුතෙන්ම නිකුත් වුණු Reptile සිනමාපටය උණු උණුවෙම සිංහල උපසිරැසි සහිතව රස විඳීමට දැන් ඔබට හැකියාව තිබෙනවා. නැවතත් අලුත් ෆිල්ම් එකකින් හමුවන තුරු ඔබ සැමට ආයුබෝවන්! තෙරුවන් සරණයි!

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ප්‍රබුද්ධ කේසර විතානගේ සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Reptile (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/reptile-2023-sinhala-subtitles/feed/ 0
Trolls World Tour (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/trolls-world-tour-2020-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/trolls-world-tour-2020-sinhala-subtitles/#respond Thu, 24 Aug 2023 19:46:56 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=51989 Trolls World Tour Sinhala Sub Trolls World Tour Sinhala Subtitles Trolls World Tour (2020) Sinhala Sub Trolls World Tour (2020) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! කොහොම ද යාළුවනේ ඔයාලා හැමෝටම, හැමෝම හොඳින් නේද? ඔන්න මේ පාර 2020 අවුරුද්දේ විකාශය වුණු Trolls World Tour ඇනිමේෂන් චිත්‍රපටිය තමයි අරගෙන ආවේ. මේ චිත්‍රපටියේ පළවෙනි චිත්‍රපටිය Trolls (2016) දී […]

The post Trolls World Tour (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Trolls World Tour Sinhala Sub
Trolls World Tour Sinhala Subtitles
Trolls World Tour (2020) Sinhala Sub
Trolls World Tour (2020) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

කොහොම ද යාළුවනේ ඔයාලා හැමෝටම, හැමෝම හොඳින් නේද? ඔන්න මේ පාර 2020 අවුරුද්දේ විකාශය වුණු Trolls World Tour ඇනිමේෂන් චිත්‍රපටිය තමයි අරගෙන ආවේ. මේ චිත්‍රපටියේ පළවෙනි චිත්‍රපටිය Trolls (2016) දී විකාශය වුණා. ඉතිං ඒක බලලා නැත්නම් ඒකත් බලන්න කියලා කියනවා. මොකද ඒ චිත්‍රපටියේ දී ඔයාලට දැනගන්න පුළුවන් පොපියි බ්රාන්ච්උයි යාළුවෝ උනේ කොහොම ද වගේම ට්‍රෝල්ස්ලා ගැනත්. මේ චිත්‍රපටිය ගලාගෙන යන්නේ ගොඩක්ම සිංදු වලින්. ඇත්තටම ටිකක් අමාරු වුණා සිංදු වල තේරුම් හොයන්න ගිහිං සිංහලෙන්. ඒත් ඉතිං මං කලිනුත් සිංදු තිබ්බ ඇනිමේෂන් චිත්‍රපටි කරලා තිබ්බ නිසා අවුලක් වුණේ නැහැ. ඒත් මේකේ අමුතුම ජොලියක් තිබුණා. අනේ මන්දා මොකක්ද කියන්න. හරිම විනෝදයෙන් නැරඹිය හැකි හරි අපූරු ලස්සනම ලස්සන ඇනිමේෂන් කතාවක් කිව්වොත් මං හිතනවා හරි කියලා.

ඉතිං මං කලින් කිව්වා වගේ මේ චිත්‍රපටියේ වැඩිපුරම තියෙන්නේ සිංදු තමයි. පළවෙනි එක බලලා තියෙන අය නම් දන්නවා ඇති. සිංදු ටිකනම් අපේ භාෂාවෙන් කියනවා නම් පට්ටම තමයි. මේ චිත්‍රපටියේ සිංදු මං දෙපාර තුන්පාර ඇහුවා ඒ තරම් ලස්සනයි. ඒ වගේම හොඳට අහලා පුරුදු ජනප්‍රිය සිංදු ටිකකුත් මේ චිත්‍රපටියට ඇතුළත් කරලා තියෙනවා. Open Gangnam Style, Baha Men ලගේ Who Let The Dogs Out සිංදුවේ ටිකකුත් වගේම Spice Girlsලගේ Wannabe සිංදුවත් තව ජනප්‍රිය සිංදු සෙට් එකකුත් කියනවා දුක හිතෙන ගම්මානකට ගිහිං. එක නම් හිනා වෙවි බැලුවා. ඔයාලටත් ආස හිතෙයි මේක බැලුවම. හැබැයි කීප සැරයක් ම අහපු සිංදුවක් තමයි Justin Timberlake කියන Don’t Slack සිංදුව මේකම දහ පාරක් විතර අහපු නිසා උපැසිරැසි කරන්න ටිකක් විතර පරක්කු වුණා.ඒ වගේම Trolls Wanna Have Good Times සිංදුවත් හරිම ලස්සනයි. හරි එහෙනම් දැන් ඉතිං චිත්‍රපටිය ගැන ටිකක් දැනගන්නත් ආස ඇතිනේ.

Trolls World Tour කියන්නේ ඩ්‍රීම් වර්ක්ස් ඇනිමේෂන් විසින් නිෂ්පාදනය කරන ලද සහ යුනිවර්සල් පික්චර්ස් විසින් බෙදා හරින ලද 2020 ඇමරිකානු පරිගණක සජීවිකරණ ජූක්බොක්ස් සංගීත චිත්‍රපටයකි. මෙම චිත්‍රපටිය 2020 මාර්තු 11 වන දින ඉන්දුනීසීයාවේ දී මුලින් ම තිරගත වුන අතර 2020 අප්‍රේල් 10 වන දින එක්සත් ජනපදයේ සීමිත සිනමාහල් වල නිකුත් කරන ලදී. පැයයි මිනිත්තු 30ක් පුරාවට දිවෙන මෙම චිත්‍රපටිය දැනට IMDB ශ්‍රේණිගත කිරීම් 6.1 අගයක් ලබා ගෙන තියෙනවා. Animation, Adventure, Comedy ගණයට අයත් වන මෙම චිත්‍රපටිය Walt Dohrn විසින් අධ්‍යක්ෂණය කර ඇති අතර සම අධ්‍යක්ෂක David P. Smith විසිනි. මේ මුළු චිත්‍රපටියේ සිංදු ම විතරක් 20ක් විතර ඇතුළත් වෙලා තියෙනවා. Rotten Tomatoes අගය 69%ක් වාර්තා වී ඇති අතර ප්‍රධාන චරිත අතරින් පොපිගේ චරිතයට හඬදායකත්වය දෙන්නේ අප කවුරුත් දන්න Trolls චිත්‍රපටියෙත් පොපිට හඬකවපු Anna Kendrickම තමයි. අනෙක් ප්‍රධාන චරිතය වන බ්රාන්ච්ට හඬ දායකත්වය ලබාදෙන්නේ සුප්‍රසිද්ධ ගායක Justin Timberlake. ඊට අමතරව Dwayne Johnson, Rachel Bloom, Kelly Clarkson, Jamie Dornan, Ozzy Osbourne, Sam Rockwell, Ester Dean, James Corden වැනි හුඟ දෙනෙක් තම හඬදායකත්වය ලබා දෙනවා. කතාව පැත්තට හැරුනොත්,

ඔයාලට මතක ඇතිනේ කලින් චිත්‍රපටියේ දී පොපි රැජින බවට පත්වුණා. ට්‍රොල්ස්ලා කියන්නේ හරි ම සතුටෙන් ඉන්න පුංචි අගුටුමිට්ටෝ කට්ටියක්. මෙයාලා කරන්නේ සිංදු කිය කිය නටන එකයි බදාගන්න එකයි. මෙයාලා හිතාගෙන හිටියේ සිංදු කිය කිය නට නට විනෝදයෙන් සතුටෙන් කාලය ගත කරන ට්‍රොල්ස්ලට ඉන්නේ මෙයාලා විතරයි කියලා. ඒත් ඒක සම්පූණයෙන් ම කණපිට හැරෙමින් තවත් ට්‍රොල්ස්ලා ඉන්නවයි කියලා දැනගන්නවා. මෙයාලා පොප් ට්‍රොල්ස්ලා. පොපියි අනිත් අයයි සේරම සිංදු කිය කිය ඉන්නකොට රොක් ට්‍රෝල්ස්ලගේ රැජින මේ වෙන්වුනු ට්‍රෝල්ස්ලව එකතු කරන අදහසකින් ලොකු උත්සවයක් සංවිධානය කරනවා කියලා ආරාධනා පත්‍රයක් එවනවා පොපි රැජනට. හැබැයි එනකොට පොපි ට්‍රොල්සලගේ සංගීත නූලත් අරගෙන එන්න කියනවා. ඒ මේ හැම ට්‍රෝල්ස් වංශයට ම අදාළ නූලක් තියෙනවා. (සංගීත නූලක්). ඒත් පොපිගේ තාත්තා ට්‍රොල්ස්ලගේ අතීතයේ සිද්ධ වෙච්ච කතාව කිව්වට පස්සේ ඔහු කියනවා දුවලා ගිහිං හැගෙන්න කියලා. මොකද අනික් ට්‍රෝල්ස්ලා මෙයාලා වගේ නෙමෙයි එයාලාගේ හැසිරීම ගතිගුණ සිතන පතන විදිහ එහෙම වෙනස්. ඒ නිසා බෙදීම් ඇති වුණා. නමුත් පොපි කැමති වෙන්නේ නැහැ ඒකට ඇයට ඕන වෙන්නේ ආයෙත් ට්‍රොල්ස්ලව එකතු කරන අදහසට රොක් රැජනට උදව් කරන්න. ඉතිං පොපි රැජින රොක් රැජිනගේ ආරාධනාව පිළිගෙන හොරෙන් ම රොක් ට්‍රෝල්ස් ගම්මනායට යන්න පිටත් වෙනවා ගුවන් බැලුනයකින්. පොපිගේ පිටිපස්සෙන් ම නිතරම ඉන්න ඇයගේ යාළුවා බ්රාන්ච් පොපිට අනතුරු අඟවනවා. ඒත් පොපිට ඕන වෙන්නේ මේ ගමන කොහොමහරි බ්රාන්ච්වත් කැමති කරගෙන යන්න. මෙයාලා යන අතරතුරදී මේ බැලූනයේ නිදාගෙන ඉන්න බිගීවත් මේ ගමනට එකතු කරගන්නවා.

මේ ගමනේදී මෙයාලා දැනගන්නවා රොක් රැජිනට ඕන වෙන්නේ ට්‍රෝල්ස්ලව එකතු කරන්න නෙමෙයි සංගීත නූල් ටික හොරකම් කරන්න කියලා. පොපිට කලකිරුණා. පොපි හිතාගත්තා රොක් රැජිනව නවත්වන්න. ඇත්තටම රොක් රැජිනට ඕන වෙන්නේ හැම ට්‍රෝල්ස් කෙනෙක්ව ම රොක් සොම්බිස්ලා කරන්න. පොපිට සිද්ධ වෙනවා මේ ගමනේ දී මිතුරෝ කවුද හතුරෝ කවුද කියලා වෙන් කරගන්න. එහෙමත් නැත්නම් ඒ හැමෝටම සතුට බෙදලා දෙන්න. පොපි රැජිනට ඒක කරන්න පුළුවන් වෙයි ද? රොක් රැජින හැම කෙනෙක්ව ම රොක් පිල්ලි කරයි ද? පොපි මේකට මොනවා කරයි ද? මෙයාලට උදව් ලැබෙයි ද? හැම ට්‍රෝල්ස් කෙනෙක් ම නැවත එකතු වෙයි ද? මේවාට උත්තර දැනගන්න නම් ඔයාලට මේ චිත්‍රපටිය නරඹනකොට හම්බ වෙයි. එහෙනම් හැමෝම බලන්න ආසාවෙන් හිටපු චිත්‍රපටිය බලන ගමන් ඔයාලගේ අදහස් එහෙම තියෙනව නම් comment කරන්න.

තවත් ලස්සන වෙනස් ම චිත්‍රපටියකින් නැවත මුණ ගැහෙමු! දෙවි පිහිටයි!

Trolls (2016) මේ කතාවේ පලවෙනි කොටස බලන්න පහල පින්තුරය ක්ලික් කරන්න

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ යමීනා ජොහාර්  සහෝදරියගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Trolls World Tour (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/trolls-world-tour-2020-sinhala-subtitles/feed/ 0
Trolls (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/trolls-2016-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/trolls-2016-sinhala-subtitles/#comments Thu, 24 Aug 2023 19:45:23 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=52047 Trolls Sinhala Sub Trolls Sinhala Subtitles Trolls (2016) Sinhala Sub Trolls (2016) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ඔන්න එහෙනම් 2016 වසරෙ ආව පට්ටම ලස්සන, නැටවෙන සිංදු පිරිච්ච ඇනිමේශන් ෆිල්ම් එකක් අරගෙන තමයි මේ එන්නෙ. IMDb අගය 6.6ක්.  ගොඩක් කට්ටිය බලාපොරොත්තුවෙන් හිටිය Doctor Strange, Hacksaw Ridge කියන සිනමාපට නිකුත් වුන ඔක්තෝම්බර් මාසෙම තමා Trolls ෆිල්ම් එකත් […]

The post Trolls (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Trolls Sinhala Sub
Trolls Sinhala Subtitles
Trolls (2016) Sinhala Sub
Trolls (2016) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඔන්න එහෙනම් 2016 වසරෙ ආව පට්ටම ලස්සන, නැටවෙන සිංදු පිරිච්ච ඇනිමේශන් ෆිල්ම් එකක් අරගෙන තමයි මේ එන්නෙ.

IMDb අගය 6.6ක්.  ගොඩක් කට්ටිය බලාපොරොත්තුවෙන් හිටිය Doctor Strange, Hacksaw Ridge කියන සිනමාපට නිකුත් වුන ඔක්තෝම්බර් මාසෙම තමා Trolls ෆිල්ම් එකත් නිකුත් වුණේ. ඉතින් ඒ ෆිල්ම් එක්කම සිනමා ශාලා වල සාර්ථකව ප්‍රදර්ශනය වුනා කියන එක කියන්න පුළුවන්. ප්‍රධාන චරිත අතරින් පොපී විදිහට තම හඬ දායකත්වය ලබා දෙන්නෙ අපි හොඳින් දන්න අනා කෙන්ඩ්‍රික්. අනෙක් ප්‍රධාන චරිතය වෙන බ්‍රෑන්ච් විදිහට සුප්‍රසිද්ධ ගායක ජස්ටින් ටිම්බර්ලේක් තම හඬ දායකත්වය ලබා දෙනවා. ඊට අමතරව සෝයි ඩේශ්නෙල්, ක්‍රිස්ටෝපර් මින්ට්ස්-ප්ලැසේ, ක්‍රිස්ටීන් බරන්ස්කි, රසල් බ්‍රෑන්ඩ් වැනි හුඟ දෙනෙක් තම හඬ දායකත්වය ලබා දෙනවා. එහෙනම් කතාව පොඩ්ඩක් බලමු.

ට්‍රොල්ස්ලා කියන්නෙ හරිම සතුටෙන් ඉන්න පුංචිම පුංචි සත්තු ජාතියක්. එයාලා මුළු දවසෙම කරන්නෙ සිංදු කියන එකයි, නටන එකයි, බදා ගන්න එකයි. ඔහොම ඉන්නකොට එයාලව බර්ගන්ලා කියන ලොකු සත්තු ජාතිය හොයාගන්නවා. මෙයාලා සතුට කියන එක අඳුනන්නෙවත් නෑ. හැබැයි මෙයාලා දැනගන්නවා ට්‍රොල් කෙනෙක්ව කෑවහම එයාලට ටික වෙලාවට සතුටු වෙන්න පුළුවන් කියලා. ඉතින් මෙයාලා අවුරුද්දකට සැරයක් තියනවා ට්‍රොල්ස්ටිස් කියලා උත්සවයක්. එදාට හැමෝටම ට්‍රොල් කෙනෙක් ගානේ කන්න හම්බෙනවා. නමුත් එක ට්‍රොල්ස්ටිස් දවසකදි මේ ට්‍රොල්ස්ලා ටික එයාලව හිරකරලා තිබුණ ගහෙන් පැනගන්නවා. ඒ නිසා මුල්ම වතාවට ට්‍රොල් කෙනෙක්ව කන්න බලාපොරොත්තුවෙන් හිටපු ඒ බර්ගන් රජතුමාගෙ පුතාට ඒ අවස්තාව මගෑරෙනවා. දැන් ඉතින් කට්ටිය කියන්නෙ ඒ ග්‍රිස්ට්ල් කියන රාජ කුමාරයට කවදාවත් සතුටෙන් ඉන්න පුළුවන් වෙන එකක් නෑ කියලා. ඉතින් මේ නිසා රජතුමා ට්‍රොල්ස්ලව බලාගන්න දීලා හිටිය ප්‍රධාන කෝකිවරියව ඒ බර්ගන් නගරයෙන් පිටුවහල් කරනවා. දැන් ඉතින් අවුරුදු 20ක් ගත වෙනවා. පොපී කුමාරිත් දැන් ලොකුයි. ඉතින් මෙයාලා දවසක් ලොකුම ලොකු සාදයක් පවත්වනවා, මීට අවුරුදු 20 කට කළින් එයාගෙ තාත්තා වෙන පෙපී රජතුමා බර්ගන්ලගෙන් එයාලව බේරගත්ත එක සමරන්න. ඉතින් අද සාදය් දවසෙ මොකක් වේවිද? ඇත්තටම බර්ගන්ලට සතුටු වෙන්න ට්‍රොල් කෙනෙක්ව කන්නම ඕනද? අර පිටුවහල් කරපු කෝකිවරිය දැන් මොනවා කරනවා ඇත්ද? මේ ඔක්කොම ප්‍රශ්න වලට උත්තර ඔයාලා මේ ෆිල්ම් එක බලනකොට හම්බවෙයි.

Trolls World Tour (2020) මේ කතාවේ දෙවනි කොටස බලන්න පහල පින්තුරය ක්ලික් කරන්න

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ සමන් ප්‍රසාද් සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Trolls (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/trolls-2016-sinhala-subtitles/feed/ 1