Kate Winslet Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/kate-winslet/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 30 Sep 2024 15:51:59 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Kate Winslet Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/kate-winslet/ 32 32 Avatar: The Way of Water (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/avatar-the-way-of-water-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/avatar-the-way-of-water-2022-sinhala-subtitles/#comments Sun, 23 Jun 2024 00:52:52 +0000 https://sinhalasub.net/?post_type=movies&p=34230 Avatar 2 : The Way of Water (2022) මෙය James Cameron කියන අති දක්ෂ අධ්‍යක්‍ෂකවරයා විසින් නිර්මාණය කරන ලද අති විශිෂ්ඨ චිත්‍රපටයකි. epic science fiction film යන කාණ්ඩයට අයිති නිර්මාණයකි. Avatar ප්‍රථම නිර්මාණය වගේම මේ චිත්‍රපටයට එම අති විශිෂ්ඨ නලු නිලි පිරිස යොදාගෙන තියෙනවා. Sam Worthington, Zoe Saldaña, Stephen Lang, Joel David Moore, CCH Pounder, […]

The post Avatar: The Way of Water (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Avatar 2 : The Way of Water (2022) මෙය James Cameron කියන අති දක්ෂ අධ්‍යක්‍ෂකවරයා විසින් නිර්මාණය කරන ලද අති විශිෂ්ඨ චිත්‍රපටයකි. epic science fiction film යන කාණ්ඩයට අයිති නිර්මාණයකි. Avatar ප්‍රථම නිර්මාණය වගේම මේ චිත්‍රපටයට එම අති විශිෂ්ඨ නලු නිලි පිරිස යොදාගෙන තියෙනවා. Sam Worthington, Zoe Saldaña, Stephen Lang, Joel David Moore, CCH Pounder, Giovanni Ribisi, Dileep Rao,Sigourney Weaver. අලුත් නලු නිලි පිරිස Kate Winslet, Cliff Curtis, Edie Falco හා Jemaine Clement.
දැනට මෙම චිත්‍රපටය 7.8/10 (320,000 +) IMDb ,76% Rotten Tomatoes ,69% Metacritic කියන අගයන් ලබාගෙන තියෙනවා.මෙම චිත්‍රපටය පැය 3 විනාඩි 12ක කාලයක් තිරගත වෙනවා.ඒවගේ මේ නිර්මාණය සදහා ඇමරිකන් ඩොලර් මිලියන 350කට අධික වියදමක් දාරා ඇති බව සදහන් වෙනවා. ඒවගේම මේ අවුරුද්දේ දෙසැම්බර් මාසයේ 16 වෙනිදා තිරගත විම අරම්භ කරන ලද මේ නිර්මාණය මේ වෙනකොට ඇමරිකන් ඩොලර් බිලියන 2.306 කට අධික මුදලක් උපයලා තියෙනවා.

? 2022 වසරේ ලොකයේ වැඩිම ආදයම් ඉපැයූ චිත්‍රපටය.($2.306B)
?කොව්ඩ් වලින් පස්සේ වැඩිම ආදයමක් ඉපැයූ චිත්‍රපටය.
?ලොකයේ දැනට වැඩිම ආදයම් ඉපැයූ 3වන චිත්‍රපටය.
? එවගෙම ජෙම්ස් කැමරන් අධ්‍යක්‍ෂවරයාගේ චිත්‍රපටයක් ඇමරිකන් ඩොලර් බිලියන 2කට වඩා ඉපැයූ 3 වන චිත්‍රපටය.
? ඒවගෙම මෙවර ඔස්කාර් සම්මාන උලෙළේ සම්මාන කිහිපයක් දිනා ඇත.
? එවගෙම තවත් සම්මාන විශාල ප්‍රමාණයක් දිනා තිබෙනවා.
? Avatar 3 චිත්‍රපටය 2024 දෙසැම්බර් 24 තිරගත විමට නියමිතයි.
2009 ඇවටර් චිත්‍රපටයේන් පසු අවුරුදු 13කට පසු මේ නිර්මාණය තිරගත වුනේ මුල් චිත්‍රපටයේ ලබා ගත් ප්‍රසිද්ධිය නිසා මේ වන විට ලොව පුරා ප්‍රේක්ෂකයන් ඉතාම කැමැත්තෙන් මෙම නිර්මාණය නැරබිමට සිනමාහල් වලට පැමිනෙනවා.කෙසේ වෙතත් ප්‍රථම නිර්මාණය ඒ තත්වය එලෙසම තියාගන්න මේ දක්ෂ ආධ්‍යක්ශකවරයා සමත් වෙලා තියෙනවා කියලා හිතන්න පුලුවන්.ඒ වගේම මේ නිර්මාණය දැනටමත් සම්මාන කිහිපයක් ලබාගෙන තියෙනවා.
කතාව පැත්තට හැරුනොත් මුල් කතාවෙන් අවුරුදු දහයකට විතර පස්සේ, ජේක් සලී ඔමටිකායා වල ප්‍රධානියා විදියට ජීවත් වෙන ගමන් තමාටම කියලා පවුලක් හදගන්නවා,ඔහුට පුතාලා දෙන්නෙක් ඉන්නාවා නෙටේයම්,ලුක් කියලා තව දුවෙක් ඉන්නවා ටුක් කියලා තව එයාලා ලග හැදෙන ග්‍රේස්ගේ දුව කිරි හා මයිල්ස් ක්වාරිච්ගේ පුතා වන ස්පයිඩර්, මයිල්ස් ක්වාරිච් නැවතත් සුපුරුදු පරිදී පලිගැනිමට පැමිනේනවා මොකද ඔහු මුල් චිත්‍රපටයේ මනුස්සයෙක් විදියට මැරුනා ඒවගේම මේ කතාවේ ඇවැටර් ක්ලොනයකින් නැවත එනවා කතාව බලලාම තිරණය කරමු ඔහුගේ පලිගැනීම කොහොමද කියලා? ඒවගේම ජේක් සලී තම පවුල කොහොම බේරාගනීද කියලා? හරිම ලස්සන පවුලේ කතාවක් කියන්න වචන නැ.හැමොම බලන්න.
අතිශය ප්‍රථම සිංහල උපසිරස ගැන්විම් sinhalasub.net තුලින් සිතාර නලින්ද රණසිංහගේ 50 වන උපසිරස ගැන්වීම.

The post Avatar: The Way of Water (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/avatar-the-way-of-water-2022-sinhala-subtitles/feed/ 16
Titanic (1997) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/titanic-1997-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/titanic-1997-sinhala-subtitles/#respond Sat, 24 Jun 2023 18:40:39 +0000 https://Sinhalasub.net/?post_type=movies&p=2326 1997 අවුරුද්ද සිනමා ලෝකයට සුවිශේෂ වසරක්! අපේ යාළුවො කවුරුත් ඒක හොදටෝම දන්නවා. ලෝකය පුංචි වැඩියි කියලා කියන්න තරම් විශාල වුණු නැවකුයි ඒ නැවේ කතාවයි යළි වරක් මුළු ලෝකයේම අවධානය දිනාගන්නට සමත් වුණේ ඒ වර්ෂයෙදි වීමයි ඊට හේතුව. මෙහෙම කියනකොටම කට්ටිය මටත් වඩා හොදට දන්නවා මම මේ කියන නැව මොකද්ද කියන්න. ඒ වගේම ඒ නැවේ කතාව […]

The post Titanic (1997) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
1997 අවුරුද්ද සිනමා ලෝකයට සුවිශේෂ වසරක්! අපේ යාළුවො කවුරුත් ඒක හොදටෝම දන්නවා. ලෝකය පුංචි වැඩියි කියලා කියන්න තරම් විශාල වුණු නැවකුයි ඒ නැවේ කතාවයි යළි වරක් මුළු ලෝකයේම අවධානය දිනාගන්නට සමත් වුණේ ඒ වර්ෂයෙදි වීමයි ඊට හේතුව. මෙහෙම කියනකොටම කට්ටිය මටත් වඩා හොදට දන්නවා මම මේ කියන නැව මොකද්ද කියන්න. ඒ වගේම ඒ නැවේ කතාව මොකද්ද කියන එකත් දන්නවා කියන එක මට හොදටම විශ්වාසයි. ඔව් ඔබ හරියටම හරි. ඒ තමා ‘ටයිටැනික්’.

මුළු ලෝකයම මරණයේ වේදනාවෙන් කම්පනය කරලන්නට වගේම ආදරයේ වේදනාවෙන් මුසපත් කරවන්නටත් සමත් වුණු මේ මහා සිනමා කාව්‍ය එදා මෙදා තුර බිහිවූ උත්කෘෂ්ටතම පෙම් පුවතක් බවයි පොදුවේ කාගේත් පිළිගැනීම. සම්මාන පිට සම්මාන දිනමින් සහ සම්මාන උළෙලවල් පවා දෙවනත් කරවන්නට ඒ ඔස්කාර සම්මාන 11 තවත් ජයග්‍රහණ 81 ලබන්නට තරම් මේ මහා නිර්මාණය සමත් වුනා.. එමෙන්ම මේ බයිස්කෝප් එක එකරැයින් හොලිවුඩ් සුපිරි තරු යුගලක් බිහි කරන්නට තරම් සමත්කමක් දැරුවා.ඒ විතරක් නෙමෙයි හොලිවුඩයේ ඒ ලෙස නළු-නිළි තරු යුවලක් බිහි කරවද්දී ගායන ලෝකයටත් තව තරුවක් බිහි කරන්නට තරම් සුපිරිතම ගීතයක් පවා මේ තුළ අන්තර්ගත වුණා.

එය ඔබේත් මගේත් හදවත් අදටත් සසල කරවන්නට හැකි ඒ ගුණය එකලෙස සුරකිනවා. මේ ගීය අදටත් හරියට පෙම්වතුන්ගේ නිල ගීතය වගෙයි කිව්වත් වැරැද්දක් නොවන තරමට ආදරයේ අරුත කැටිකරගත් ගීයක්.

අදාරයේ සැබෑ අරුත ලොවට පසක් කර දෙන්නට නිර්මල පෙම මේ යැයි පවසන්නට මේ නිර්මාණය තරම් මගේ සිත් ගත් වෙන නිර්මාණයක් නැති තරම්..ඒ වගේම මගේ උපසිරස ගමනේ අසීරුම උපසිරස ගන්වන්නට ලැබුණු නිර්මාණයද මේකයි.අසීරු වූයේ අන් කවර හේතුවකටවත්  නෙමේ මෙහි  දෙබස් සංයෝජනය කිරීම ඇත්තටම ඉතාමත් දුක්බර මෙන්ම හදවත නැවත  නැවතත් කදුළු වලින් පුරවන්නට වූ නිසාවෙන්ය…

අනික් දේ පුරා වසර 10 ක් එක ලෙස වැඩිම ආදායම් වාර්තා අතර පළමු තැන තිබු මේ සිනමාපටය නැවතත් 2 වෙනි තැනට පත් වූයේ මේ අනර්ඝ නිර්මාණයත්  බිහි කල ලොව  සුවිශේෂී නිර්මාණ කරුවා  James Cameron විසින් නිපදවූ  Avatar (2009) බයිස්කෝප් එකයි.ඔහු විසින් නිපදවූ  චිත්‍රපටය නැවතත් 2 වෙනි තැනට පත් කරන්නට පත් වූයේ ඔහුගේ නිර්මාණ වල අද්විතීය බව ලොවට පසක් කරමිනි..

අපේ 1000 සැමරුම වෙනකොටත් මේක සිංහල උපසිරැසි සහිතව ලබා දී නොතිබුණු නිසා ඒ අඩුව පුරවන්නට වගේම ඒ රසය බෙදන්නටත් මෙය සිංහල මුසු කරල ගෙන එන මේ කටයුත්ත සිදු කළේ අවංකවම ඔබට හොද දෙයක් ලබා දෙන්න තිබෙන කැමැත්ත නිසාවෙන්මයි. සිංහල උපසිරස එක්ක කොපමණ බයිස්කෝප් ලබා දුන්නත්  මේ බයිස්කෝප් එක නැතුව එය සම්පුර්ණ වූයේ නැතය යන්න මගේ අදහසයි..උදා සහෝවත් මේ අවස්ථාවේ මතක් කරන්න ඕනේ ඔහුටත් මගේ ස්තූතිය.එහෙමනම් ඔබට ආරාධනා කරනවා James Cameron ගේ අධ්‍යක්ෂණයෙන්, Lenardo Decaprio සහ Kate Winclet ගේ තාත්වික රංගනයෙන් වගේම Celine Dione ගේ  මනමත් වූ ගායනයෙන් සංගීතයෙන් හැඩවුණු මේ අද්විතීය සිනමා සිත්තම ඔබත් නරබන ලෙස……. ජය වේවා~!

විශේෂ ස්තූතිය : තිලාන් සුචරිතරත්න සහෝට 

ලිපිය උපුටා ගැනීම :- Baiscopelk.com හි පලවූ විකියා සහෝදරයාගේ ලිපිය

Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Titanic (1997) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/titanic-1997-sinhala-subtitles/feed/ 0