Kim Jae-bum Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/kim-jae-bum/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Thu, 22 Jun 2023 23:14:25 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Kim Jae-bum Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/kim-jae-bum/ 32 32 Hostage: Missing Celebrity (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/hostage-missing-celebrity-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/hostage-missing-celebrity-2021-sinhala-subtitles/#respond Fri, 23 Jun 2023 03:00:07 +0000 https://sinhalasub.net/?post_type=movies&p=9130 අද මං ඔයාලාට සිංහල උපසිරැසි අරගෙන ඇවිත් තියෙන්නේ මේ අවුරුද්දේ අගෝස්තු 18 වෙනි දින තිරගත වූ, 2021 වර්ෂයේ වැඩිම ආදායමක් ලබාගත් කොරියානු සිනමාපට අතරින් නමවෙනි ස්ථානය ලබාගත් Hostage : Missing Celebrity චිත්‍රපටයටයි. මෙම සිනමාපටය චීන ජාතික Ding Sheng ගේ Saving Mr. Wu චිත්‍රපටය පදනම් කරගෙන නිර්මාණය කර ඇත. මෙම සිනමාපටය Next Entertainment World ආයතනය මගින් […]

The post Hostage: Missing Celebrity (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
අද මං ඔයාලාට සිංහල උපසිරැසි අරගෙන ඇවිත් තියෙන්නේ මේ අවුරුද්දේ අගෝස්තු 18 වෙනි දින තිරගත වූ, 2021 වර්ෂයේ වැඩිම ආදායමක් ලබාගත් කොරියානු සිනමාපට අතරින් නමවෙනි ස්ථානය ලබාගත් Hostage : Missing Celebrity චිත්‍රපටයටයි. මෙම සිනමාපටය චීන ජාතික Ding Sheng ගේ Saving Mr. Wu චිත්‍රපටය පදනම් කරගෙන නිර්මාණය කර ඇත. මෙම සිනමාපටය Next Entertainment World ආයතනය මගින් නිෂ්පාදනය කර බෙදාහරින ලද්දකි. තවද මෙහි අධ්‍යක්ෂණය සහ තිර රචනය සිදු කර ඇත්තේ Pil Kam-Sung විසිනි. මෙම සිනමා සිත්තම මිනිත්තු 94ක කාලයක් පුරාවට ධාවනය වන අතර මෙහි නිෂ්පාදනය කටයුතු සඳහා වොන් බිලියන 8ක් වැය වී ඇත. ඇමරිකානු ඩොලර් මිලියන 13.13 ක බොක්ස් ඔෆිස් ආදායමක් මෙම සිනමාපටය හිමිකරගෙන ඇත.
මෙහි ප්‍රධාන චරිතය ලෙස,

Hwang Jung-min

රංගනයෙන් දායකත්වය ලබාදෙයි..තවද පැහැරගන්නන් ලෙස,

Ryu Kyung-soo – Yeom Dong-hun
● Kim Jae-beom – Choi Ki-wan
● Lee Ho-jung – Saet-byeol
● Jung Jae-won – Yong-Tae
● Lee Kyu-won – Young-rok

යන අය රංගනයෙන් එක්වෙයි..

කතා සාරාංශය

චිත්‍රපටයක මංගල දර්ශනයකින් අනතුරුව සෝල් නගරය මධ්‍යයේ පිරිසක් විසින් ප්‍රසිද්ධ නළුවෙක් පැහැරගන්නවා. මුලින්ම මෙය විහිලු ක්‍රියාවක් යැයි සිතා ඔහු සන්සුන්ව එයට මුහුණ දුන්නත් අනතුරුව ඔහුට සිදුවන වදහිංසා නිසා ඔහු මුහුණ පා ඇති තත්වයේ බරපතලකම ඔහුට වැටහෙනවා. පැහැරගන්නන් විසින් පැය 24ක් ඇතුලත විශාල කප්පම් මුදලක් ඉල්ලා සිටින අතරතුර ඔහු පැනයාමට මාර්ගයක් සොයයි. ඉන් අනතුරුවයි ඔහුට වැටහෙන්නේ ඔහු සිනමාපට වල දැක ඇති අවස්ථාවන්ට වඩා සැබෑ ජීවිතයේ මෙවැනි සිදුවීමක බරපතලකම.

මේධාවී ෆර්නැන්ඩස් මේ සටහනට ඔයාට ගොඩාක් ස්තූතියි..

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ උචිනි පෙරේරා සහෝදරියගේ ලිපිය

The post Hostage: Missing Celebrity (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/hostage-missing-celebrity-2021-sinhala-subtitles/feed/ 0