Kim Young-woong Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/kim-young-woong/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sat, 29 Jul 2023 21:56:04 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Kim Young-woong Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/kim-young-woong/ 32 32 Dark Figure of Crime (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/dark-figure-of-crime-2018-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/dark-figure-of-crime-2018-sinhala-subtitles/#respond Sat, 29 Jul 2023 21:56:04 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=47684 Dark Figure of Crime Sinhala Sub Dark Figure of Crime Sinhala Subtitles Dark Figure of Crime (2018) Sinhala Sub Dark Figure of Crime (2018) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! Dark Figure of Crime 2018 වසරේ අධ්‍යක්ෂක Kim Tae-kyun අධ්‍යක්ෂණය කරපු දකුණු කොරියානු අපරාධ නාට්‍ය චිත්‍රපටයක්. 2018 ඔක්තෝබර් 3 වෙනිදා නිකුත් කරපු මේ චිත්‍රපටයේ කියවෙන්නේ මිනීමැරුම් […]

The post Dark Figure of Crime (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Dark Figure of Crime Sinhala Sub
Dark Figure of Crime Sinhala Subtitles
Dark Figure of Crime (2018) Sinhala Sub
Dark Figure of Crime (2018) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

Dark Figure of Crime 2018 වසරේ අධ්‍යක්ෂක Kim Tae-kyun අධ්‍යක්ෂණය කරපු දකුණු කොරියානු අපරාධ නාට්‍ය චිත්‍රපටයක්. 2018 ඔක්තෝබර් 3 වෙනිදා නිකුත් කරපු මේ චිත්‍රපටයේ කියවෙන්නේ මිනීමැරුම් වාර්තා නොවුන, මළසිරුරු කිසිදාක සොයා නොගත්ත, පරීක්ෂණ කිසිදාක සිදුනොවුන, බුසාන් වල සිදුවුන සත්‍ය කතාවක්. Kim Tae-kyun සමග Ju Ji-hoon මෙහි ප්‍රධාන රංගනයෙන් දායක වෙනවා.

මේ කතාවේ පදනම ගැන කියනව නම් දකුණු කොරියානු විමර්ශන රූපවාහිනී වැඩසටහනක් වෙන Unanswered [ko] හි 869 කොටස නැරඹීමෙන් පස්සේ im Tae-kyun ඔහුගේ පිටපතෙහි වැඩ කරන්න පටන් ගත් අතර වසර පහකට පස්සේ ඒක අවසන් කරල තියෙනවා.

2018 ඔක්තෝබර් 3 වෙනිදා නිකුත් වුන මේ චිත්‍රපටය නොවැම්බර් 7 වන දිනට වන විට මුළු පැමිණීම් 3,783,099 ක් සමග ඇමරිකානු ඩොලර් මිලියන 29.5 ක ආදායමක් උපයල තියෙන බවට වාර්තා වෙනවා.

චිත්‍රපටයේ කතාව ගැන කෙටියෙන් කියනව නම්, Hyung-Min (Kim Yun-Seok) කියන්නේ උසස්වීම් ගැන තැකීමක් නැති, ඒත් ඒ වෙනුවට නඩු විසඳීමට අවධානය යොමු කරන බුසාන් වල රහස් පරීක්ෂකයෙක්. සාම්ප්‍රදායික වෙළඳපොලක පොඩි අවන්හලකදී, ඔහුට තොරතුරු සපයන්නෙකු හරහා Tae-O (Ju Ji-Hoon) හමුවෙනව වගේම කෙනෙක්ගෙ සිරුරක් භූමදාන කරන්න තමාට මුදල් ලැබුන කියලා Tae-O ඔහුට කියනවා. ඔහු ඒ ගැන තවත් විස්තර කියන්න සූදානම් වෙද්දිම හදිස්සියෙම එතනට කඩාවදින පරීක්ෂකයින් කණ්ඩායමක් ඔහුගේ පෙම්වතිය ඝාතනය කලා කියන වරදට Tae-O ව අත්තඩංගුවට ගන්නවා.

මාස කීපයකට පස්සේ හිර ගෙදර ඉඳන් Hyung-Min පරීක්ෂකතුමාට කතා කරන Tae-O තමන් තවත් මිනිස්සු 6 දෙනෙක් මැරුවා කියල පාපොච්චාරණය කරනවා. Hyung-Min මේ පාපොච්චාරණය විස්වාස කලත් අනිත් සාමාජිකයින් මේ ගැන සැක කරනවා. නමුත් Hyung-Min තමන්ගෙ විස්වාසය මත මේ ගැන පරීක්ෂණ කරන්න පටන් ගන්නවා.

තමන්ගෙ විස්වාසය දිනලා Hyung-Min ට Tae-O ව වැරදිකාරයා කියල ඔප්පු කරන්න පුලුවන් වෙයිද? නැත්නම් අනිත් සාමාජිකයන්ගෙ විස්වාසයේ විදිහට Hyung-Min රැවටිලා තියෙයිද?….. අන්තිම වෙනකල්ම බලන්න ඇත්ත දැනගන්න.. එහෙනම් කතාව බලලා පුරුදු විදිහටම ඔයාලගෙ අදහසුත් කියාගෙන යන්න…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ කනිෂ්කා ගිහානි පෙරේරා සහෝදරියගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Dark Figure of Crime (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/dark-figure-of-crime-2018-sinhala-subtitles/feed/ 0