Kumud Mishra Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/kumud-mishra/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 16 Mar 2025 12:40:54 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Kumud Mishra Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/kumud-mishra/ 32 32 The Diplomat (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-diplomat-2025-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-diplomat-2025-sinhala-subtitles/#comments Sun, 16 Mar 2025 12:40:13 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=94813 The Diplomat Sinhala Sub The Diplomat Sinhala Subtitles The Diplomat 2025 Sinhala Sub The Diplomat (2025) Sinhala Sub The Diplomat (2025) Sinhala Subtitles The Diplomat (2024) චිත්‍රපටියේ ඔරිජිනල් WEB-DL පිටපතක් එන්න තව  කල් යන නිසා, දැනට නිකුත්වෙලා තියෙන ලීක් උන HD පිටපතක් තමා මේ අරන් ආවෙ , ගන්න අය Play කරල බලල ගන්න උපසිරසි හදල […]

The post The Diplomat (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Diplomat Sinhala Sub
The Diplomat Sinhala Subtitles
The Diplomat 2025 Sinhala Sub
The Diplomat (2025) Sinhala Sub
The Diplomat (2025) Sinhala Subtitles

The Diplomat (2024) චිත්‍රපටියේ ඔරිජිනල් WEB-DL පිටපතක් එන්න තව  කල් යන නිසා, දැනට නිකුත්වෙලා තියෙන ලීක් උන HD පිටපතක් තමා මේ අරන් ආවෙ , ගන්න අය Play කරල බලල ගන්න

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The Diplomat (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-diplomat-2025-sinhala-subtitles/feed/ 2
Thappad (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/thappad-2020-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/thappad-2020-sinhala-subtitles/#respond Mon, 27 Jan 2025 19:30:20 +0000 https://braszers.tk/?post_type=movies&p=16833 Thappad Sinhala Subtitles Thappad (2020) Sinhala Subtitles Amrita’s life gets shattered into pieces when her husband slaps her at a party and this particular action raises several questions as to what her relationship stands for.

The post Thappad (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Thappad Sinhala Subtitles

Thappad (2020) Sinhala Subtitles

Amrita’s life gets shattered into pieces when her husband slaps her at a party and this particular action raises several questions as to what her relationship stands for.

The post Thappad (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/thappad-2020-sinhala-subtitles/feed/ 0
Tadap (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/tadap-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/tadap-2021-sinhala-subtitles/#comments Mon, 07 Oct 2024 02:29:17 +0000 https://sinhalasub.net/?post_type=movies&p=12702 Tadap (2021) Sinhala Subtitles Passionate Ishana falls madly in love with Ramisa. As their love grows stronger by the day, fate plays the villain and throws one hurdle after another. Tadap (2021) Sinhala Subtitles

The post Tadap (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Tadap (2021) Sinhala Subtitles

Passionate Ishana falls madly in love with Ramisa. As their love grows stronger by the day, fate plays the villain and throws one hurdle after another.

Tadap (2021) Sinhala Subtitles

The post Tadap (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/tadap-2021-sinhala-subtitles/feed/ 1
Mr. & Mrs. Mahi (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/mr-mrs-mahi-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/mr-mrs-mahi-2024-sinhala-subtitles/#respond Thu, 01 Aug 2024 01:46:02 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=72949 Mr. & Mrs. Mahi Sinhala Sub Mr. & Mrs. Mahi Sinhala Subtitles Mr. & Mrs. Mahi (2024) Sinhala Sub Mr. & Mrs. Mahi (2024) Sinhala Subtitles සුබ දවසක් යාලුවනේ ඔයාලා හැමෝටම.. අද මම අරගෙන ඇවිල්ලා තියෙන්නෙ ගිය සිකුරාදා OTT නිකුත් උන Mr. & Mrs. Mahiෆිල්ම් එක..මේ හින්දි ෆිල්ම් එකත් ලස්සන ආසාවෙන් බලන්න පුලුවන් හොද ෆිල්ම් […]

The post Mr. & Mrs. Mahi (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Mr. & Mrs. Mahi Sinhala Sub
Mr. & Mrs. Mahi Sinhala Subtitles
Mr. & Mrs. Mahi (2024) Sinhala Sub
Mr. & Mrs. Mahi (2024) Sinhala Subtitles

සුබ දවසක් යාලුවනේ ඔයාලා හැමෝටම..

අද මම අරගෙන ඇවිල්ලා තියෙන්නෙ ගිය සිකුරාදා OTT නිකුත් උන Mr. & Mrs. Mahiෆිල්ම් එක..මේ හින්දි ෆිල්ම් එකත් ලස්සන ආසාවෙන් බලන්න පුලුවන් හොද ෆිල්ම් එකක් කියලා කියන්න පුලුවන්.මේ වගේම මේ ෆිල්ම් එකේ කතාව ගැන කියනවනම් මහීමා සහ මහේන්ද්‍ර කියන දෙන්නගෙ ආදර කතාවක් තමයි තියෙන්නෙ..මේ දෙන්නම ලොකුම ක්‍රිකට් පිස්සො දෙන්නෙක්..මීට වඩා මම කිව්වොත් කතාව ස්පොයිල් වෙන නිසා මම මීට වඩා කියන්න යන්නෙ නෑ..හැමෝටම ආරාධනා කරනවා මේ ලස්සන ෆිල්ම් එක බලන්න කියලා.

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ඉඳුවර නිසල්  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Mr. & Mrs. Mahi (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/mr-mrs-mahi-2024-sinhala-subtitles/feed/ 0
Raanjhanaa (2013) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/raanjhanaa-2013-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/raanjhanaa-2013-sinhala-subtitles/#respond Fri, 26 Jul 2024 23:40:32 +0000 https://sinhalasub.net/?post_type=movies&p=11642 A small-town boy needs to break through the class divide to gain acceptance from his childhood sweetheart who is in love with big city ideals.

The post Raanjhanaa (2013) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
A small-town boy needs to break through the class divide to gain acceptance from his childhood sweetheart who is in love with big city ideals.

The post Raanjhanaa (2013) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/raanjhanaa-2013-sinhala-subtitles/feed/ 0
Tiger 3 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/tiger-3-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/tiger-3-2023-sinhala-subtitles/#comments Sun, 07 Jan 2024 11:00:08 +0000 https://sinhalasub.life/?post_type=movies&p=60581 Tiger 3 Sinhala Sub Tiger 3 Sinhala Subtitles Tiger 3 (2023) Sinhala Sub Tiger 3 (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! YRF Spy Universe හි පස් වන දිග හැරුම වන Tiger 3 චිත්‍රපටය තමයි මෙ ඔන්න අරගෙන එන්නේ… ඔයාල මේක බලන්න කලින් මුල් චිත්‍රපට කිහිපය බලනව නම් හොඳයි. Ek Tha Tiger (2012) Tiger Zinda Hai […]

The post Tiger 3 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Tiger 3 Sinhala Sub
Tiger 3 Sinhala Subtitles
Tiger 3 (2023) Sinhala Sub
Tiger 3 (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

YRF Spy Universe හි පස් වන දිග හැරුම වන Tiger 3 චිත්‍රපටය තමයි මෙ ඔන්න අරගෙන එන්නේ… ඔයාල මේක බලන්න කලින් මුල් චිත්‍රපට කිහිපය බලනව නම් හොඳයි.

  1. Ek Tha Tiger (2012)
  2. Tiger Zinda Hai (2017)
  3. War (2019)
  4. Pathaan (2023)
  5. Tiger 3 (2023)

වගේම ඉදිරියටත් එන්න තියෙනවා…

  1. War 2 (2025)
  2. Tiger vs Pathaan (2025)

කථාව ගත්තම දැන් හුඟක් අය දන්නවා ඉන්න චරිත සහ ඒ අය ගැන. ඉතිං පඨාන් එකෙදි ඉඟියක් ලැබුනා අපිට පඨාන් මෙහි කොටසකට සිටිනා බව. ඒවගේම සහ තවත් කැමියෝ වලින් මේ චිත්‍රපටය අලංකාර කර තිබෙනවා.

1999 වර්ෂයෙදි සෝයා දකිනවා ISI නියෝජිතයෙක් වුනු තමන්ගෙ තාත්තා කාර් එක පිටින් පුපුරලා මැරෙන හැටි. තාත්තගෙ අවසන් කටයුතු වලින් පස්සෙ ආතිෂ් රෙහ්මාන් සමඟ එකතු වෙලා ISI එක වෙනුවෙන් සේවය කරන්න ගන්නවා.

ටයිගර් කියන්නේ ඉන්දියානු රෝ එකේ සිටින දක්ෂම නියෝජිතයෙක්. සෝයා සහ ටයිගර් අතර වෙන සිද්ධීන් හමුවේ මේ දෙන්නා කසාදත් බදිනවා. ඉතිං පසුව ළමයෙක් හම්බවෙලා , සෝයා ඔහුවත් බලන් ගෙදර ඉන්නවා. මේ අතරෙ මෙහෙයුමක අතරතුරේදි ටයිගර්ට දැනගන්න ලැබෙනවා සෝයා තාම පාකිස්ථානයට ඔත්තු සපයනවා කියලා… ඉතිං ඔහොම තමයි මේ පාර කැළබුම ඇති වෙන්නේ.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ අශේන් කවිඳු සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Tiger 3 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/tiger-3-2023-sinhala-subtitles/feed/ 4
Mission Raniganj (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/mission-raniganj-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/mission-raniganj-2023-sinhala-subtitles/#respond Tue, 26 Dec 2023 01:19:40 +0000 https://sinhalasub.life/?post_type=movies&p=63401 Mission Raniganj Sinhala Sub Mission Raniganj Sinhala Subtitles Mission Raniganj (2023) Sinhala Sub Mission Raniganj (2023) Sinhala Subtitles

The post Mission Raniganj (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Mission Raniganj Sinhala Sub
Mission Raniganj Sinhala Subtitles
Mission Raniganj (2023) Sinhala Sub
Mission Raniganj (2023) Sinhala Subtitles

The post Mission Raniganj (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/mission-raniganj-2023-sinhala-subtitles/feed/ 0
The Great Indian Family (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-great-indian-family-2023-sinhala-subtitles-%e0%b7%83%e0%b7%92%e0%b6%82%e0%b7%84%e0%b6%bd-%e0%b6%8b%e0%b6%b4%e0%b7%83%e0%b7%92%e0%b6%bb%e0%b7%83%e0%b7%92-%e0%b7%83%e0%b6%b8%e0%b6%9f/ https://dseek.sldrive.cc/movies/the-great-indian-family-2023-sinhala-subtitles-%e0%b7%83%e0%b7%92%e0%b6%82%e0%b7%84%e0%b6%bd-%e0%b6%8b%e0%b6%b4%e0%b7%83%e0%b7%92%e0%b6%bb%e0%b7%83%e0%b7%92-%e0%b7%83%e0%b6%b8%e0%b6%9f/#respond Wed, 13 Dec 2023 15:48:39 +0000 https://sinhalasub.life/?post_type=movies&p=62695 The Great Indian Family Sinhala Sub The Great Indian Family Sinhala Subtitles The Great Indian Family (2023) Sinhala Sub The Great Indian Family (2023) Sinhala Subtitles

The post The Great Indian Family (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Great Indian Family Sinhala Sub
The Great Indian Family Sinhala Subtitles
The Great Indian Family (2023) Sinhala Sub
The Great Indian Family (2023) Sinhala Subtitles

The post The Great Indian Family (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-great-indian-family-2023-sinhala-subtitles-%e0%b7%83%e0%b7%92%e0%b6%82%e0%b7%84%e0%b6%bd-%e0%b6%8b%e0%b6%b4%e0%b7%83%e0%b7%92%e0%b6%bb%e0%b7%83%e0%b7%92-%e0%b7%83%e0%b6%b8%e0%b6%9f/feed/ 0
Rockstar (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/rockstar-2011-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/rockstar-2011-sinhala-subtitles/#respond Wed, 15 Nov 2023 07:57:07 +0000 https://sinhalasub.life/?post_type=movies&p=60497 Rockstar Sinhala Sub Rockstar Sinhala Subtitles Rockstar (2011) Sinhala Sub Rockstar (2011) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ඉතින් යාළුවනේ ඔයාලා හැමෝටම ජය වේවා!! ආයෙත් ඔන්න ඇගෙට දැනෙන හිතට දැනෙන ලස්සන හින්දි චිත්‍රපටයක් ඔයාලට ගෙනාවා… “ROCK STAR”. ඉතින් හින්දි බයිස්කෝප් එකක් වුණාම ලස්සන සිංදුත් තියෙනවනේ. ඔයාලා අනිවාර්යෙන් මේකේ තියෙන සිංදු වලටනම් කැමති වේවි. ෆිල්ම් එකනම් මැක්සා […]

The post Rockstar (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Rockstar Sinhala Sub
Rockstar Sinhala Subtitles
Rockstar (2011) Sinhala Sub
Rockstar (2011) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඉතින් යාළුවනේ ඔයාලා හැමෝටම ජය වේවා!! ආයෙත් ඔන්න ඇගෙට දැනෙන හිතට දැනෙන ලස්සන හින්දි චිත්‍රපටයක් ඔයාලට ගෙනාවා… “ROCK STAR”. ඉතින් හින්දි බයිස්කෝප් එකක් වුණාම ලස්සන සිංදුත් තියෙනවනේ. ඔයාලා අනිවාර්යෙන් මේකේ තියෙන සිංදු වලටනම් කැමති වේවි.

ෆිල්ම් එකනම් මැක්සා කතාවක්. මේ ෆිල්ම් එක IMDb Ratings වල 7.4 ක් වැනි ඉහල අගයක් ලබාගෙන තියෙනවා. ඒ වගේම අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Jab we met (2007), love Aaj kal (2009) වැනි ප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්ෂණය කල Imtiaz Ali කියන අධ්‍යක්ෂකවරයයි. ඒ වගේම Filmfare සම්මාන උළෙලේ හොඳම නළුවා Ranbir Kapoor, හොඳම පද රචකයා Irshad Kamil  (Nadaan Parindey ගීතය සඳහා), ඒ වගේම Zee Cine සම්මාන උළෙලේ හොඳම නළුවා Ranbir Kapoor, හොඳම අධ්‍යකෂක Imtiaz Ali, ඒ වගේම හොඳම සංගීත අධ්‍යක්ෂක A.R. Rahman, මේ වගේ සුපිරි සම්මාන රැසකට උරුමකම් කියන මේ සුපරි ෆිල්ම් එක ඔබ නැරඹිය යුතුමයි.

කතාව ගැන කියනවනම් මෙහෙමයි විස්තරේ…

Jordan (Ranbir Kapoor) එයාට සිංදු කියන්න වේදනාවක් ඕනේ කියලා එයා ඉගෙන ගන්න පාසලේම ලස්සන ගෑණු ළමයෙක්ට ආදරෙයි කියනවා. එයාගේ නම Heer (Nargis Fakhir). එයාව කසාද බදින්න වෙන කෙනෙක්ව යොජනා කරලා ඉන්නේ. ඒත් කොහොම හරි මේ දෙන්න අතර ප්‍රශ්ණ ඇතිවුණත් මේ දෙන්න හොද යාළුවෝ වෙනවා. ඒත් Heer කසාද බැඳලා ර‍ට යනවා. එයාට එහෙදි ලෙඩක් හැදෙනවා. ඒ වගේම Jordan කවුරැත් දන්න රොක් තරැවක් වෙනවා…. කතාවේ ඉතුරැ හරියේ මොකක් වෙයිද? ඒක නම් මට කියන්න බෑ. ෆිල්ම් එක ඔයාලට බලන්නම වෙනවා. යාළුවනේ මේක ඇත්තටම අපිට හුඟක් හිතට දැනෙන ලස්සන ආදර කතාවක්. ෆිල්ම් එක දිගටම බලන්න.

එහෙනම් තවත් ලස්සන චිත්‍රපටයක් සමගින් නැවත හමුවෙන තුරැ…

ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා මේ ලස්සන කතාව බලන්න…?

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ මේලක ලමල් සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Rockstar (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/rockstar-2011-sinhala-subtitles/feed/ 0
Tiger Zinda Hai (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/tiger-zinda-hai-2017-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/tiger-zinda-hai-2017-sinhala-subtitles/#respond Wed, 30 Aug 2023 02:32:28 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=52305 Tiger Zinda Hai Sinhala Sub Tiger Zinda Hai Sinhala Subtitles Tiger Zinda Hai (2017) Sinhala Sub Tiger Zinda Hai (2017) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ත්‍රස්තවාදය කියන්නේ මේ ලෝකෙට නුහුරු නුපුරුදු දෙයක් නම් නෙමෙයි. මේ ගතවෙන මොහොතක් මොහොතක් පාසා ලෝකේ කොතැනක හරි ත්‍රස්තවාදය නිසාවෙන මිනිස් ජීවිත අහිමි වෙනවා ඇති. ඒ වගේම, දේපල විනාශවෙනවා ඇති. සමස්ත […]

The post Tiger Zinda Hai (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Tiger Zinda Hai Sinhala Sub
Tiger Zinda Hai Sinhala Subtitles
Tiger Zinda Hai (2017) Sinhala Sub
Tiger Zinda Hai (2017) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ත්‍රස්තවාදය කියන්නේ මේ ලෝකෙට නුහුරු නුපුරුදු දෙයක් නම් නෙමෙයි. මේ ගතවෙන මොහොතක් මොහොතක් පාසා ලෝකේ කොතැනක හරි ත්‍රස්තවාදය නිසාවෙන මිනිස් ජීවිත අහිමි වෙනවා ඇති. ඒ වගේම, දේපල විනාශවෙනවා ඇති. සමස්ත ලෝකයම ගත්තොත්, ඉරාක දේශය කියන්නේ ත්‍රස්තවාදය දරුණුවටම පවතින්නාවූ රටක්. විශේෂයෙන්ම, ඒකාධිපති පාලක සදාම් හුසේන්ගේ පාලන තන්ත්‍රය බිඳ වැටීමෙන් අනතුරුව ඉරාකය තුල ත්‍රස්තවාදය ඉතාමත් ශීඝ්‍ර ලෙස හිස ඔසවන්න ගත්තා. මේ ත්‍රස්තවාදී සංවිධාන අතුරින්, අන්තවාදී නායක අබු උස්මාන් මෙහෙයවන්නා වූ ISC ත්‍රස්තයන් හැඳින්වූයේ ලොව දරුණුතම ත්‍රස්තවාදී සංවිධානය ලෙසිනුයි. අති නවීන ආයුධ වලින් සන්නද්ධව, අති විශාල භට පිරිසකගෙන් යුතු හමුදාවකින් සැදුම් ලත් මෙම මිලේච්ජ ISC ත්‍රස්තයන්, ඕනෑම අන්දමේ දරුණු ක්‍රියාමාර්ගයක් මගින් ඉරාක දේශයේ බලය අත්පත් කරගැනීමටයි මාන බලමින් සිටියේ.

කිසිවෙකුත් නොසිතූ විරූ මොහොතක, තම මිලේච්ජ හමුදාවත් පිරිවරාගනිමිනි, ISC නායක අබු උස්මාන්, ඉරාකයේ ඉක්රිට් නගරය වෙත ඇතුල් වෙනවා. නමුත්, ඉරාක හමුදා විසින් එල්ල කරන ලද ප්‍රහාර හමුවේ ISC නායක අබු උස්මාන් හට මාරාන්තික ලෙස වෙඩි වදිනවා. සිය නායකයාගේ ජීවිතය බේරාගැනීම පිණිස භට පිරිස විසින් ඔහුව රැගෙන, ආසන්නයේ ඇති රෝහලක් වෙත බලහත්කාරයෙන් කඩා වැදී, එහි සේවයේ නියතු ඉන්දියානු සහ පාකිස්තානු හෙදියන් හතලිස් දෙනෙකු ප්‍රාණ ඇපයේ තබාගෙන, සිය නායකයා වන අබු උස්මාන් සඳහා ප්‍රතිකාර කරන මෙන් තර්ජනය කරනවා. හෙදියන් හැර අනෙකුත් සියළුම දෙනා බලහත්කාරයෙන් රෝහලෙන් ඉවත් කරන්නා වූ මොවුන්, තුන්සීය ඉක්මවන ලද මිලේච්ජ භට පිරිසකගෙන් රෝහල ආරක්ෂා කරමින්, අන් කිසිඳු පුද්ගලයෙකුට රෝහල වෙත ඇතුල්වීම හෝ පිටවීම තහනම් කරමින්, සිය නායකයා හට ප්‍රතිකාර ලැබ සුව වන තෙක් මෙම රෝහල සිය කඳවුර බවට පත්කර ගනු ලබනවා.

මේ සිදුවීම ලැව් ගින්නක් මෙන් ලොව පුරා පැතිරී ගියා. සමස්ත ලෝකයේම අවධානය යොමු වූයේ ඉරාකයේ ඉක්රිට් නගරයේ රෝහල වෙතයි. වෙනතක් තබා, මේ සිදුවීමත් සමගින් ඇමරිකාවේ ධවල මන්දිරය පවා කලබලයට පත්වෙනවා. අවසානයේ සිය විධායක බලය යොදවා, රෝහල වෙත ගුවනින් මිසයිල ප්‍රහාර එල්ල කිරීමට ධවල මන්දිරයෙන් නියෝග කරනු ලබනවා. මෙවැනි තත්වයක් මත, ඉන්දියානු රජය රාජ්‍ය තාන්ත්‍රක ලෙස මීට මැදිහත් වී, සිය හෙදියන් මුදවා ගැනීම පිණිස දින කීපයක සුළු කාලයක් ලබා ගැනීමට සමත් වෙනවා. නමුත්, ලොව දරුණුතම ත්‍රස්තවාදීන්ට එරෙහිව, ඉරාකයේ ඉක්රිට් නගරය වෙත ගොස්, මෙම හෙදියන් මුදවාගැනීමට තරම් පුද්ගලයෙකු සිටීද?

ටයිගර්! ඉන්දීය දේශය විසින් නිෂ්පාදනය කරන ලද විශිෂ්ඨතම සහ භයානකම රහස් ඔත්තුකරුවා! ඉන්දීය රෝ ඔත්තු සේවයේ වාර්තා වලට අනුව වසර අටකට පෙර විදෙස් මෙහෙයුමකදී මියගොස් ඇතැයි සලකනු ලබන්නේ. නමුත්, ඉක්රිට් රෝහලේ ප්‍රාණ ඇපයට තබාගෙන සිටින්නා වූ හෙදියන් මුදවා ගැනීම පිණිස, මෙතක් කාලයක් පුරාවට ලොවෙන් වසන්වී සිටි ටයිගර් නම් වූ සටන්කරුවාව නැවත කරලියට කැඳවාගෙන පැමිණෙනවා. මේ මෙහෙයුම සඳහා ටයිගර් පැමිණෙන්නේ තනියෙන් නම් නෙමෙයි. ඉන්දීය යුධ හමුදාව සතුව සිටින්නා වූ අංක එකේ අති දක්ෂ ස්නයිපර් සෙබලා, පුපුරන ද්‍රව්‍ය පිළිබඳව ලොව අංක එකේ විශේෂඥයෙක් සහ ඇමරිකාවේ නාසා ආයතනයට බැඳීමට තරම් අති දක්ෂ හැකියාවකින් පරිපූර්ණ වූ පරිඝනක ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් සහ පාකිස්තානු දේශයේ රහස් ඔත්තුකාරිණියක් වන සිය ආදරණීය බිරිඳ සමගිනුයි ටයිගර් මේ දැවැන්ත මෙහෙයුම සඳහා ඉරාකය බලා පිටත්ව යන්නේ. හැමෝටම දඩයම් කරන්න පුළුවන්… ඒත්, කිසිම කෙනෙක්ට ටයිගර් වගේ දඩයම් කරන්න බැහැ. නමුත්, ටයිගර් මේ අතගහන්නේ සියදිවි නසාගැනීමේ මෙහෙයුමකට. දින දෙකක් වැනි සුළු කාලයක් ඇතුලත, ලොව අංක එකේ දරුණුතම ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයෙන් හෙදියන් පිරිසක් මුදවා ගැනීම. සැබවින්ම මෙය මේ නිර්භීත රහස් ඔත්තුකරුවාගේ අවසාන මෙහෙයුම බවට පත්වේවිද?

Tiger Zinda Hai! මේ චිත්‍රපටය ගැන බොහොම රසවත් කරුණු බොහොමයක් තියෙනවා. මුලින්ම කරුණු වශයෙන් ඒ දිහාවට පොඩ්ඩක් හැරිලා බලමු.

  • සල්මාන් ඛාන් සහ කත්‍රිනා කායිෆ් යන දෙදෙනා චිත්‍රපටයක් සඳහා එක්ව රංගනයේ යෙදෙන්නේ අවුරුදු පහකට පසුවයි. අවසාන වතාවට ඔවුන් දෙදෙනා එක්ව රංගනයේ යෙදුනේ Ek Tha Tiger චිත්‍රපටය වෙනුවෙන් 2012 වර්ෂයේදීය.
  • මෙම චිත්‍රපටය සඳහා පදනම් වන්නේ, 2014 වර්ෂයේදී ඉරාකයේ ටික්‍රිට් නගරයේදී ISIS ත්‍රස්තවාදීන් විසින් ඉන්දියානු හෙදියන් පිරිසක් ප්‍රාණ ඇපයට තබාගෙන සිටීමේ සත්‍ය සිදුවීමක් පදනම් කරගනිමින්ය. මෙම සිදුවීම පදනම් කරගනිමින්, මලයාලම් සිනමාවෙන්ද Take Off නමින් අති සාර්ථක චිත්‍රපටයක් නිෂ්පාදනය කරනු ලැබුවා. (එකම සිදුවීම වුවත්, අන්තර්ගත කතාංගයන් හාත්පසින්ම වෙනස් වේ)
  • මෙම චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු වෙනුවෙන් පමණක් ඉන්දියානු රුපියල් කෝටි 150ක දැවැන්ත ධනස්කන්ධයක් වියපැහැදම් කර තිබෙනවා. මේ තමයි යෂ්රාජ් චිත්‍රපට ආයතනය චිත්‍රපටයක් වෙනුවෙන් දැනට වියදම් කර ඇති වැඩිම මුදල් ප්‍රමාණය. (ඉදිරියේදී තිරගතවීමට නියමිත Thugs of Hindostan චිත්‍රපටය වෙනුවෙන් යෂ්රාජ් චිත්‍රපට ආයතනය ඉන්දියානු රුපියල් කෝටි 210ක් මේ වනවිට ඇස්තමේන්තු ගතකර තිබෙනවා)
  • මේ තමයි සුවිශේෂීම කාරණාව. චිත්‍රපටය වෙනුවෙන් සල්මාන් ඛාන් කොච්චර මුදලක් අයකරන්න ඇති කියලද හිතන්නේ? අන්තර්ජාලයේ සඳහන්වෙන අන්දමට මෙම චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් පමණක් සල්මාන් ඛාන් විසින් ඉන්දියානු රුපියල් කෝටි 125ක මුදලක් ලබාගෙන තිබෙනවා. ඒ වගේම, කත්‍රිනා කායිෆ් ඉන්දියානු රුපියල් කෝටි 20ක මුදලක් අයකර තිබෙනවා. මේ දෙන්නගෙම විතරක් මුදල් එකතුව අරගත්තා නම් මේ වගේ තව චිත්‍රපටියක් ලේසියෙන්ම නිෂ්පාදනය කරන්න තිබුණා ?
  • චිත්‍රපටයේ නිෂ්පාදන පිරිවැය සහ නළු නිළියන්ගේ ගෙවීම් ආදිය සමගින් සමස්ත වියදම සැලකු විට, ඉන්දීය චිත්‍රපට ඉතිහාසය තුල වැඩිම වියදමක් දරමින් නිෂ්පාදනය වූ චිත්‍රපට අතුරින් එකක් බවට මෙම චිත්‍රපටය පත්වෙනවා.
  • මෙම චිත්‍රපටයේ ප්‍රධාන සතුරගේ චරිතය සඳහා රංගනයෙන් දායක වෙන්නේ, ඉරාන ජාතික රංගන ශිල්පියෙක් වෙන, Sajjad Delafrooz විසින්. මොහු Baby චිත්‍රපටය වෙනුවෙන් පවා රංගනයෙන් දායකවෙලා තියෙනවා.
  • චිත්‍රපටය සඳහා Action සහ Adventure Stunt දර්ශන මෙහෙයවා තිබෙන්නේ Tom Struthers විසින්. විශේෂත්වය තමයි, මේ Tom Struthers තමයි The Dark Knight, Titanic, The Mummy, Terminator 3: Rise of the Machines, Troy, X-Men: First Class, The Dark Knight Rises, Warcraft: The Beginning, Dunkirk සහ Inception වැනි ලෝක ප්‍රසිද්ධ සිනමා නිර්මාණ වල Stunt කටයුතු මෙහෙයවා තිබුනේ. 63වන ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේදී, හොඳම ක්‍රියාදාම සඳහා වූ සම්මානය, Tiger Zinda Hai චිත්‍රපටය වෙනුවෙන් Tom Struther දිනාගන්න සමත් වූවා.
  • චිත්‍රපටය ඉන්දියාව, ඔස්ට්‍රියාව, මොරොක්කෝව, ග්‍රීසිය සහ අබු ඩාබි යන රටවල් පහක රූගත කිරීම් සිදුකරලා තියෙනවා.
  • චිත්‍රපටියේ පළමු රූගත කිරීමේ දර්ශනය සිදුකරලා තියෙන්නේ ඔස්ට්‍රියාවේ ටයිරෝල් වලදී. විශේෂත්වය තමයි, සල්මාන් සහ කත්‍රිනා රංගනයෙන් දායක වෙන “Yuvvraaj” කියන චිත්‍රපටයත් රූගත කිරීම් ආරම්භ කරලා තිබුනේ මෙම ස්ථානයේදීමයි.
  • මෙම චිත්‍රපටයේ පළමු කොටස වන “ඒක් තා ටයිගර්” චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලැබුවේ කබීර් ඛාන් විසින්. නමුත් මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ, Mere Brother Ki Dulhan (2011), Gunday (2014) සහ Sultan (2016) වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කරන ලද, අලී අබ්බාස් සෆර් විසිනි.
  • සල්මාන් ඛාන්ගේ පෙර චිත්‍රපටය වන Tubelight තිරගත වූ සිනමා ශාලා ප්‍රමාණය ඉක්මවා යමින්, මෙම චිත්‍රපටය ඉන්දියාව තුල සිනමා ශාලා 4600ක ප්‍රමාණයක් තුල තිරගතවීම සිදු වූවා. ඉන්දියාවෙන් පිටත සිනමා ශාලා 1100ක තිරගත වූවා.
  • චිත්‍රපටය තුල ස්පෙෂල් ඉෆෙක්ට් බාරව කටයුතු කරනු ලැබුවේ Mark Meddings විසිනි. විශේෂත්වය, මොහු තමයි London Has Fallen සහ Maleficent වැනි චිත්‍රපට තුල ස්පෙෂල් ඉෆෙක්ට්ස් කටයුතු බාරව සිටියේ.
  • චිත්‍රපටය සඳහා පූර්ව ප්‍රචාරක පටය (Trailer) නිකුත් වෙලා, පැය 24ක් ඇතුලත මිලියන 29 ඉක්මවා නරඹලා තිබුණා. මේ තමයි හින්දි චිත්‍රපටයක ට්‍රේලර් එකක්, එක දවසක් ඇතුලත නරඹපු වැඩිම වාර සංඛාව. ඒ වගේම පළමු පැය 24 ඇතුලතදී යූටියුබ් ලයික් ලක්ෂ 4.8 ක්ද, ශෙයා කිරීම් ලක්ෂ 2.5 ක්ද වාර්තා වී තිබුණා. ඒ වගේම, නොවැම්බර් 11 වෙනිදා වෙද්දී, එදා මෙදා තුර ලෝක සිනමා ඉතිහාසය තුල, චිත්‍රපට ට්‍රේලර් එකක් වෙනුවෙන් යූටියුබ් වෙබ් අඩවිය ඔස්සේ ලැබී තිබුණු වැඩිම ලයික් ප්‍රමාණය වන, Star Wars: The Force Awakens (2015) චිත්‍රපටය වෙනුවෙන් ලැබුණු ලයික් ලක්ෂ 7 බොහොම පහසුවෙන් ඉක්මවා යනු ලැබුවා. එතනින් නොනැවතී, චිත්‍රපට ට්‍රේලර් එකක් සඳහා යූටියුබ් ලයික් මිලියනයක් වාර්තා කල පළමු චිත්‍රපටය බවටද පත්වුණා. පසුව, Avengers: Infinity War චිත්‍රපට පූර්ව ප්‍රචාරක පටය යූටියුබ් ලයික් මිලියන දෙක ඉක්මවා යමින් මෙම වාර්තාව බිඳ හෙලනු ලැබුවා.
  • හින්දි චිත්‍රපට ඉතිහාසය තුල යූටියුබ් වෙබ් අඩවිය ඔස්සේ වැඩිම ලයික් ප්‍රමාණයක් වාර්තා කල චිත්‍රපට ගීතය බවට පත්වීමට, මෙම චිත්‍රපටය තුල අඩංගු Swag Se Swagat ගීතයට හැකියාව ලැබුණා. ඒ, මිලියනය ඉක්මවූ යූටියුබ් ලයික් ප්‍රමාණයක් වාර්තා කරමින්.
  • චිත්‍රපටය නරඹන ඔබට දකින්න ලැබේවි Dil Diyan Gallan ගීතය තුලදී සල්මාන් ඛාන් විසින් කත්‍රිනා කායිෆ්ගේ අලංකාර සිතුවමක් අයිස් මත නිර්මාණය කරනවා. මෙම සිතුවම සල්මාන් ඛාන් විසින්ම, විශේෂිත තීන්ත භාවිතා කරමින්, දින කීපයක් වෙහෙස වෙමින් සිත්තම් කර තිබෙනවා. මෙම ගීතය සඳහාත් මේ වනවිට යූටියුබ් ලයික් මිලියනය ඉක්වමා ලබාගැනීමට සමත්වී තිබෙනවා.

  • බොලිවුඩ් චිත්‍රපට ඉතිහාසය තුල ප්‍රථම වතාවට, උෂ්ණත්වය සෘණ අගයක පවතින පරිසරයක, වර්ග පහකට අයත් වෘකයන් රංචුවක් සමගින් සිදුවන ක්‍රියාදාම දර්ශනයක් චිත්‍රපටය තුලදී දැකගැනීමට ලැබෙනවා. මෙහිදී සල්මාන් ඛාන් වෙනුවට, ඔහුට සමාන රුවක් සහිත Stunt නළුවෙකු යොදාගෙන තිබෙනවා. මෙම වෘකයන් පාලනය කිරීම සඳහා ඒ සඳහා වෙනමම ඒ සම්බන්ධ විශේෂඥයෙකු ගෙන්වා තිබෙනවා.

  • චිත්‍රපටය සඳහා යුධ ටැංකි, සුවිශේෂී යුධමය ගුවන් යානා, හෙලිකොප්ටර්, ATV සහ තවත් අති නවීන යුධ අවි බොහෝ ප්‍රමාණයක් භාවිතා කර තිබෙනවා. එමෙන්ම, චිත්‍රපටය තුල, කිලෝ 25-30ක් පමණ බරැති, අධි බලැති MG 42 තුවක්කුවකින් සල්මාන් ඛාන් සත්‍ය ලෙසම වට සියයක් වෙඩි තබනු ලබනවා.

  • චිත්‍රපටය වෙනුවෙන් සල්මාන් ඛාන් තමන්ගේ බර කිලෝ විස්සකින් පමණ අඩුකරගෙන තිබෙනවා.

  • චිත්‍රපටය වෙනුවෙන් විශේෂඥයෙකු ගෙන්වා, කත්‍රිනා කායිෆ් හට විශේෂයෙන්ම කඩු හරඹ පුහුණු සැසියක් පවත්වා තිබෙනවා.
  • මොරොක්කෝවේදි ක්‍රියාදාම දර්ශනයක් රූගත කිරීම් පවතින අවස්ථාවකදී කත්‍රිනා කායිෆ් හට මාරාන්තික අනතුරක් සිදුවීමට ගොස්, වාසනාවකට මෙන් අනූනමයෙන් සිය ජීවිතය ගලවා ගැනීමට ඇය සමත්වී තිබෙනවා.

හරි, එහෙනම් මේ රසවත් කරුණු ටිකෙන් පස්සේ චිත්‍රපටයේ බොක්ස් ඔෆිස් ආදායම් වාර්තා පොඩ්ඩක් විමසලා බලමු.

එදා මෙදා තුර බොලිවුඩ් චිත්‍රපට ඉතිහාසය තුල, බොලිවුඩ් චිත්‍රපට ක්ෂේත්‍රයම දැවැන්තම සෝදාපාළුවකට ලක්වෙච්ච වසරක් ලෙස තමයි 2017 වර්ෂය සටහන් වෙන්නේ. ඉන්දීය චිත්‍රපට ක්ෂේත්‍රයේ අධ්‍යක්ෂකවරයෙක්, නිෂ්පාදකයෙක් සහ තිර රචකයෙක් වන සුභාෂ් ඝායි විසින් ට්විටර් පණිවිඩයක් තබමින් සඳහන් කරන ආකාරයට, මේ 2017 වර්ෂය තුල හින්දි සිනමා නිර්මාණ 286ක් නිකුත් වෙලා තියෙනවා. එයින් 257ක්ම ආදායම් අතින් අතිශය අසාර්ථක ලෙසට තමයි සනිටුහන් වෙලා තියෙන්නේ. සමස්තයක් වශයෙන් 2017 වර්ෂයටම බොලිවුඩ් බ්ලොක්බස්ටර් චිත්‍රපට තුනක් විතරයි තියෙන්නේ. මේ කාරණාවෙන්ම හිතාගන්න පුළුවන් ඇති කොච්චර ලොකු පරිහාණියක්ද සිද්ධවෙලා තියෙන්නේ කියලා.

ඉහත සඳහන් කර ඇති චිත්‍රපට අතුරින් බොලිවුඩ් චිත්‍රපට නාමාවලිය පමණක් පහලින් සඳහන් කරන්නම් බලාගැනීමේ පහසුව තකා.

  • Super-Duper Hit : Tiger Zinda Hai
  • Super Hit : Golmaal Again, Secret Superstar***
  • Hit : Badrinath Ki Dulhania
  • Semi-Hit : Jolly LLB 2, Hindi Medium, Toilet: Ek Prem Katha, Judwaa 2, Fukrey Returns
  • Overflow : The Ghazi Attack, Bareilly Ki Barfi, Shubh Mangal Saavdhan, Newton
  • Commission-Earner to Overflow : Lipstick Under My Burkha, Ittefaq, Tumhari Sulu
  • Commission-Earner : Raees, Mom, Mubarakan
  • Average: Sachin: A Billion Dreams
  • Flop: අනෙකුත් සියළු චිත්‍රපට…

මෙතනින් Secret Superstar චිත්‍රපටය ගැන විශේෂයෙන් කියන්න ඕනේ. චීනය හැර ඉන්දියාව සහ අනෙකුත් ලොව වටා ප්‍රදර්ශනය තුලින් ඉන්දියානු රුපියල් කෝටි 130ක් වැනි සාමාන්‍ය බොක්ස් ඔෆිස් ආදායමක් වාර්තා කරපු Secret Superstar චිත්‍රපටය, තිස්තුන් කෝටියක් දෙවිවරු පොළවට සැපත් වූවද එක දෙවියෙකු දෑත බදා වැළඳ ගැනීමට වැසියන් හතර දෙනෙකු තරම් අති දැවැන්ත ජන ගහණයකින් සමන්විත වන චීනය තුල තිරගතවීම ආරම්භ කිරීමත් සමගින් බොක්ස් ඔෆිස් ආදායම් වාර්තා උඩි යටිකුරු කිරීමට සමත් වූවා. එම නිසා Secret Superstar චිත්‍රපටයත් 2017 වර්ෂයේ නිකුත් වූ බ්ලොක්බස්ටර් චිත්‍රපටයක් ලෙස වර්ගීකරණයට ලක්වෙනවා.

විශේෂම කාරණාව තමයි, මේ flop චිත්‍රපට අතරට ශාරුක් ඛාන්ගේ Jab harry met Sejal සහ, සල්මාන් ඛාන්ගේ Tubelight යන චිත්‍රපට ද්විත්වයත් ඇතුලත් වීම. 2017 වර්ෂයේ ආරම්භයේ පටන්ම කණකොකා හඬලා තිබූ හින්දි සිනමාවට යම් තරමක් හෝ සැනසීමක් ලැබුනේ, වසර අවසාන භාගයේ බොක්ස් ඔෆිස් මල් වෙඩි සංදර්ශණ පැවැත්වූ අජය දෙව්ගන්ගේ Golmaal Again සහ, සල්මාන් ඛාන්ගේ Tiger Zinda Hai යන චිත්‍රපට ද්විත්වය නිසා පමණි. මේ බ්ලොක්බස්ටර් චිත්‍රපට ද්විත්වය අතරිනුත්, Tiger Zinda Hai චිත්‍රපටය බොක්ස් ඔෆිස් ලැයිස්තුවේ පෙරමුණ ලබාගන්නේ නිරායාසයෙන්මයි. එහෙනම්, මේ Tiger Zinda Hai චිත්‍රපටයේ බොක්ස් ඔෆිස් ආදායක් වාර්තා පිළිබඳව විමසා බලමු.

  • Tiger Zinda Hai චිත්‍රපටය නිළ වශයෙන් මහජනතාව සඳහා නිකුත් වෙන්නේ 2017 වර්ෂයේ දෙසැම්බර් මස 22 වෙනිදා. තිරගතවීම ආරම්භ කරලා පළවෙනි සති අන්තයේදීම (22-සිකුරාදා, 23-සෙනසුරාදා, 24-ඉරිදා, 25-සඳුදා-නත්තල් නිවාඩුව) ලොව වටා ආදායම ලෙස ඉන්දියානු රුපියල් කෝටි 247 ක අති දැවැන්ත බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවක් තැබුවා. 2017 වර්ෂය තුල ඉන්දියානු රුපියල් කෝටි 100 සහ 200 ඉක්මවූ වේගවත්ම බොලිවුඩ් චිත්‍රපටය ලෙස Golmaal Again චිත්‍රපටය ඊට මාස කීපයකට පෙර තබා තිබූ වාර්තාව, Tiger Zinda Hai චිත්‍රපටය තුලින් දින හතරක් වැනි සුළු කාලයක් තුලදී තලා පෙලා පොඩිකර විනාශ කර දැම්මා කියලා කිව්වොත් බොරුවක් නෙමෙයි.
  • ඒ වගේම, එදා මෙදා තුර බොලිවුඩ් චිත්‍රපට ඉතිහාසය තුල, ආරම්භක සති අන්තයේ වැඩිම ආදායමක් ලබාගත් චිත්‍රපටය ලෙසටද මෙම චිත්‍රපටය වාර්තා පොත් අතරට ඇතුලත් වෙනවා.
  • ඒ වගේම, මේ සටහන ලියවෙන මොහොත වෙනකොට, ඉන්දීය රුපියල් කෝටි 558 ක බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවක් තබමින්, තවමත් සාර්ථක අයුරින් සිනමාශාලා තුල තිරගතවීමට මෙම චිත්‍රපටයට හැකියාව ලැබිලා තියෙනවා.
  • මේ තමයි යෂ්රාජ් චිත්‍රපට ආයතනය විසින් නිෂ්පාදනය කරන ලද චිත්‍රපටයක් උපයාගත් වැඩිම ආදායම් මුදල හිමි චිත්‍රපටය වන්නේ. විශේෂත්වය තමයි, වසර ගණනාවකට ඉහතදී මේ යෂ්රාජ් චිත්‍රපට ආයතනය විසින් සල්මාන් ඛාන්ව සිය චිත්‍රපට සඳහා යොදාගැනීම දැඩි ලෙස ප්‍රතික්ෂේප කරනු ලැබුවා. නමුත්, පසුගිය චිත්‍රපට රාශියක් ආර්ථික වශයෙන් අසාර්ථක වීම නිසා දැඩි ලෙස පසුබෑමකට ලක්වී සිටි යෂ්රාජ් චිත්‍රපට ආයතනයට මේ වන විට ඇති එකම සැනසුම වන්නේත් සල්මාන් ඛාන්ගේ මේ සාර්ථකත්වය පමණයි.
  • Tiger Zinda Hai, Sultan සහ Bajrangi Bhaijaan යන මේ චිත්‍රපට ත්‍රිත්වයත් සමගින්, ඉන්දීය රුපියල් කෝටි පන්සියයේ බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාව තෙවරක් පසුකර ගිය පළමු බොලිවුඩ් රංගන ශිල්පියා බවට සල්මාන් ඛාන් පත්වෙනවා. ඒ වගේම, ඉන්දීය රුපියල් කෝටි 300 බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාව වැඩිම වාර ගණනක් පසුකර ගිය බොලිවුඩ් රංගන ශිල්පියා වන්නේත් සල්මාන් ඛාන්ම තමයි.
  • ඒ වගේම, මේ තමයි එදා මෙදා තුර බොලිවුඩ් චිත්‍රපට ඉතිහාසය තුල බොලිවුඩ් චිත්‍රපටයක් ඉන්දියාව තුල ලබාගත් තෙවන වැඩිම ආයාදම හිමි චිත්‍රපටය වන්නේ. මෙයට ඉදිරියෙන් පසුවන්නේ Dangal සහ PK යන චිත්‍රපට ද්විත්වය පමණයි.

ඒ වගේම, අමතර කාරණාවක් වශයෙන් සල්මාන් ඛාන්ගේ මේ වසර ගැන කියනවා නම්, ඔහුගේ මෙම බොක්ස් ඔෆිස් වාර්තා තවත් අලුත් කල හැකියැයි සිතිය හැකි, Race 3 සහ Dabangg 3 යන චිත්‍රපට ද්විත්වය මෙම වසරේ නිකුත් වීමට තිබෙනවා. මෙතනින් Dabangg චිත්‍රපටිය විශේෂයි. මොකද කියනවා නම්, 2009 වෙනකම් ආදායම් අතින් අතිශය පසුබෑමක සිටි සල්මාන් ඛාන්, මේ Dabangg චිත්‍රපටයත් සමගින් තේරුම් ගත්තා තමන් උචිත වෙන්නේ මොන වගේ චිත්‍රපට රටාවකටද කියලා. මේ ආකාරයෙන් පටන්ගත්ත සල්මාන්ගේ දෙවැනි ගමන, මේ වෙනකොට ඉන්දීය චිත්‍රපට ක්ෂේත්‍රය තුල ඔහුව සල්ලි උනන ධන උල්පතක් බවට පත්කරලා හමාරයි.

Tiger Zinda Hai චිත්‍රපටය අදායම් අතින් කොච්චර සාර්ථක වුනත්, නිෂ්පාදකයින් මෙම චිත්‍රපටිය තුලින් මීට වඩා වැඩි ආදායමක් බලාපොරොත්තු වෙලා තියෙනවා. නමුත්, හොඳ දෙයක් කරනකොට අත දෙන්න ඉන්න පිරිසට වඩා කකුලෙන් අදින්න බලාගෙන ඉන්න පිරිස තමයි වැඩි. ඉන්දීය වෙබ් අඩවි වාර්තා කරන අන්දමට, චිත්‍රපටය නිකුත්වෙච්ච වහාම, කුමන්ත්‍රණකාරී පිරිසක් විසින් මෙම චිත්‍රපටය සඳහා දැවැන්ත කඩාකප්පල්කාරී ක්‍රියාවන් සිදුකරගෙන ගිහිල්ලා තියෙනවා. විශේෂයෙන්ම, Imdb වෙබ් අඩවිය තුල ව්‍යාජ ගිණුම් මගින් මෙම චිත්‍රපටයේ imdb අගය ඉතාමත් පහල අගයක් සටහන් කරමින්, මෙම චිත්‍රපටය නරඹා මුදල් නාස්තිකර නොගන්නා ලෙස සටහන් තබමින්, ප්‍රේක්ෂකයා මෙම චිත්‍රපටය නැරඹීමෙන් වළකාලන්න දැවැන්ත උත්සාහයක් ගෙන තිබුණා. හේතුව මොකක්ද කියලා නොදන්නව වුනත්, චිත්‍රපටයේ imdb අගය සහ ආදායම් වාර්තා දිහා බැලුවාම මෙම කඩාකප්පල්කාරී ක්‍රියාව යම් තරමකින් හෝ සාර්ථක යැයි පවසන්න පුළුවන්. අති දැවැන්ත මුදලක් වියදම් කරලා, ඒ ඒ ක්ෂේත්‍රයන්ගේ ඉන්න ඉහළම පෙළේ විශේෂඥයින් ගෙන්වලා, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ඉහළම ආකාරයෙන් නිෂ්පාදනය කරපු චිත්‍රපටයක්, එදා මෙදා තුර බොලිවුඩ් චිත්‍රපට ඉතිහාසයේ බිහිවූ දැවැන්තම ක්‍රියාදාම චිත්‍රපටය ලෙස හඳුවන්න හැකියාව තියෙන චිත්‍රපටයක්, “Most Anticipated Movie of the Year” ලෙස ඉන්දීය සිනමා විචාරකයින් හඳුන්වා දීපු චිත්‍රපටයක්, මීට වඩා ආදායම් අතින් සාර්ථක වෙන්න තිබුණා කියලයි මගේ නම් මතය. නමුත්, මේ සියලු බාධක මධ්‍යයේ Imdb දර්ශකයේ 6.6 ක අගයක්ද, ගූගල් පරිශීලකයින්ගේ 87% ක මනාප අගයක් ලබාගන්නද, Rotten Tomatoes වෙබ් අඩවියේ 67% ක අගයක් ලබාගන්නද මෙම සිනමා නිර්මාණයට හැකියාව ලැබුණා.

එහෙනම්, බොලිවුඩ් සිනමා රසිකයෙක් නම් කිසිම විදියකින් මේ චිත්‍රපටය මගහැර ගන්න එකක් නැහැ කියලා හිතනවා. බොලිවුඩ් සිනමා රසික ඔබට අනිවාර්‍යයෙන්ම මේක නැවුම් වූ සුවිශේෂී සිනමා අත්දැකීමක් වේවි නිසැකවම. එහෙනම්, පහලින් ෆිල්ම් එක බාගෙන බලන්නකෝ…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ සිසිල ප්‍රසාද් සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Tiger Zinda Hai (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/tiger-zinda-hai-2017-sinhala-subtitles/feed/ 0