Kyle Allen Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/kyle-allen/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 12 Nov 2024 15:27:05 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Kyle Allen Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/kyle-allen/ 32 32 The In Between (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-in-between-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-in-between-2022-sinhala-subtitles/#respond Thu, 07 Nov 2024 13:30:52 +0000 https://sinhalasub.ml/?post_type=movies&p=14210 The In Betwee  5.8/10 ක IMDb අගයක් වගේම 67%ක Rotten Tomatoes අගයකුත් සලකුණු කරලා තියෙනවා. පුංචි කාලේ ඉදන් අපිට හුරුපුරුදු Ramona & Beezus පටන්, Kissing Booth, Summer 03, The Lie වගේ චිත්‍රපටි වලින් වගේම The Act කතා මාලාවෙන්ද හමුවෙන Joey King, West Side Story, Rosaline, One Night වැනි චිත්‍රපට වලින් හමුවන Kyle Allen මෙහි ප්‍රධාන […]

The post The In Between (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The In Betwee  5.8/10 ක IMDb අගයක් වගේම 67%ක Rotten Tomatoes අගයකුත් සලකුණු කරලා තියෙනවා. පුංචි කාලේ ඉදන් අපිට හුරුපුරුදු Ramona & Beezus පටන්, Kissing Booth, Summer 03, The Lie වගේ චිත්‍රපටි වලින් වගේම The Act කතා මාලාවෙන්ද හමුවෙන Joey King, West Side Story, Rosaline, One Night වැනි චිත්‍රපට වලින් හමුවන Kyle Allen මෙහි ප්‍රධාන චරිත ද්විත්වය මෙහෙයවනවා. අධ්‍යක්ෂණය Arie Posin ගේ. Marc Klein ගේ “The In Between” නවකතාව ඇසුරෙන් තමයි චිත්‍රපටය බිහි වෙන්නේ.  Scientific Romance එකක් විදියටයි චිත්‍රපටය වෙන් කරලා තියෙන්නේ.

The In Between කියන්නේ සරලවම පුද්ගලයන් හෝ වස්තූන් දෙකක් අතරමැද කියන එකනේ. හැබැයි මේ නම් කතා කරන්නේ මෙලොවත් පරලොවත් අතර මැද තියෙන තැනක් ගැන. නොපෙනන බලවේග කියලා එක්තරා විශ්වාසයක් තියෙනවනේ.අපි ආදරේ කරන කෙනෙක් අපිට අහිමි වුණොත්, ඒ අය අපි වෙනුවෙන් ඒ අතරමැදි ලෝකේ ඉදන් අපිට කතා කරාවිද?   එක එක කතන්දර අපි ඕනතරම් අහලා තියෙනවා, හැබැයි විශ්වාස කරනවද නැද්ද කියන එක තමයි ප්‍රශ්නේ.

ටෙසා සහ ස්කයිලර් හමුවෙන්නෙත් අහඹු දෛවෝපගත බැඳීමකින් වෙන්න ඇති. ඔවුන් වෙන් වෙන්නෙත් දෛවයට අනුවම වෙන්නැති. ඒත් ඔවුන්ගේ ආදරේ?? එකෙක් මියැදුනත්, ඒ ආදරේ මිය යාවිද??ස්පොයිලර් එකක් නෙමේ, ඒ තමා ආරම්භය, සම්ප්‍රදායික ආකෘතියට වඩා වෙනස් විදියකට ගොඩනැගුන ආදර කතාවක් නිසා මගහැර ගන්න එපා.

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The In Between (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-in-between-2022-sinhala-subtitles/feed/ 0
A Haunting in Venice (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/a-haunting-in-venice-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/a-haunting-in-venice-2023-sinhala-subtitles/#comments Wed, 01 Nov 2023 00:41:14 +0000 https://sinhalasub.life/?post_type=movies&p=58906 A Haunting in Venice Sinhala Sub A Haunting in Venice Sinhala Subtitles A Haunting in Venice (2023) Sinhala Sub A Haunting in Venice (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ඔබ රහස් පරීක්ෂක නවකතා රසිකයෙක්නම් මලොවාන් ආර්‍යාව හෙවත් අගතා මේරී ක්ලැරිසා මිලර් පිළිබඳ අසා ඇති බවට සැකයක් නෑ. එහෙම දන්නෙත් නැත්තම් අගතා ක්‍රිස්ටි යන නාමය නම් […]

The post A Haunting in Venice (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
A Haunting in Venice Sinhala Sub
A Haunting in Venice Sinhala Subtitles
A Haunting in Venice (2023) Sinhala Sub
A Haunting in Venice (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඔබ රහස් පරීක්ෂක නවකතා රසිකයෙක්නම් මලොවාන් ආර්‍යාව හෙවත් අගතා මේරී ක්ලැරිසා මිලර් පිළිබඳ අසා ඇති බවට සැකයක් නෑ. එහෙම දන්නෙත් නැත්තම් අගතා ක්‍රිස්ටි යන නාමය නම් ඔබ අනිවාර්යෙන්ම අසා ඇති බව මම දන්නවා. ප්‍රබන්ධ රහස් පරීක්ෂක කතා චරිත අතර යුරෝපයේ මෙන්ම මුළු ලෝකයෙන්ම දෙවෙනියට ප්‍රසිද්ධම රහස් පරීක්ෂකවරයා නිර්මාණය උනේ මේ අගතා ක්‍රිස්ටි මහත්මියගේ හෙළි තුඩින් තමයි. මේ ලැයිස්තුවේ පළවෙනියට ඉන්නේ සර් ආතර් කොනන් ඩොයිල් මහතා විසින් නිර්මාණය කරපු “ෂර්ලොක් හෝම්ස්” කියලා මම අමුතුවෙන් කියන්න ඕන නෑනේ. ෂර්ලොක් හෝම්ස්ට පමණක් දෙවෙනි උන යුරෝපයේ සිටි ඒ අති දක්ෂ රහස් පරීක්ෂකයා තමයි “හර්කියුල් පොයිරෝ” කියන්නේ.

ඇගතා ක්‍රිස්ටි මහත්මියගේ හර්කියුල් පොයිරෝ චරිතය ලබාගත් ජනපියත්වයත් එක්ක මේ චරිතය පළමු වරට රිදී තිරයට පැමිනෙන්නේ Alibi (1931) කියන චිත්‍රපටයෙන්. එහිදී “හර්කියුල් පොයිරෝ” ලෙස පළමු වරට රංගනයෙන් දායක වෙලා තිබෙන්නේ Austin Trevor නම් රංගන ශිල්පියා. ඊට පසු කාලයෙත් විවිධ නිර්මාණ ඔස්සේ බොහෝ නළුවන් විසින් මේ හර්කියුල් පොයිරෝ චරිතය රඟ දක්වලා තිබෙනවා. 2017 වසරෙදී හොලිවුඩ් නළු Kenneth Brangh විසින් Murder on the Orient Express (2017) චිත්‍රපටය හරහා නැවත වරක් හර්කියුල් පොයිරෝ චරිතය රීදී තිරයට අරගෙන එන්නේ මේ අතරේ තමයි. මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂණය වගේම එහි පොයිරෝගේ චරිතය නිරූපනය කලෙත් Kenneth Brangh විසින්මයි. Ridley Scott නිෂ්පාදනයෙන් දායක උන මේ නිර්මාණයට Johnny Depp, Penelope Cruz, Williem Dafoe, Judi Dench, Michelle Pfeiffer, Daisy Ridley වගේ දැවැන්ත තරු රැසක් රංගනයෙන් දායක වෙනවා. ඒ වගේම නොසීතූ විදියට යහපත් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබාගන්න මේ සලරුව මිලියන 300කට අධික දැවැන්ත බොක්ස් ඔෆිස් ආදායමකුත් හිමි කරගන්න සමත් වෙනවා. එම නිර්මාණය ලැබූ සාර්ථකත්වයත් එක්ක පසුගිය වසරේදී ඇගතා ක්‍රිස්ටිගේ Death on the Nile නවකතාව ඇසුරෙන් එනමින්ම තවත් චිත්‍රපටයක් නිර්මාණය උනා. 2022 පෙබරවාරි මාසයේ මහජන ප්‍රදර්ශනය ආරම්භ කරමින් ඩොලර් මිලියන 134.6 ක බොක්ස් ඔෆිස් ආදායමක් ලබාගන්න සමත් උන මේ චිත්‍රපටයෙත් අධ්‍යක්ෂවරයා මෙන්ම හර්කියුල් පොයිරෝ චරිතය Kenneth Brangh විසින්ම රඟ දැක්වූ අතර ඊට අමතරව Gal Gadot, Armie Hammer, Letitia Wright, Tom Bateman, Ali Fazal, Rose Leslie වැනි නළු නිළියන් රැසක් සම්බන්ධ උනා.

ඉතිං මේ වසරෙ නිකුත් උන A Haunting in Venice චිත්‍රපටයෙන් අපිට නැවත වතාවක් හර්කියුල් පොයිරෝ දකින්න පුළුවන්. සුපුරුදු විදියටම මේකේත් අධ්‍යක්ෂවරයා මෙන්ම හර්කියුල් පොයිරෝ විදියට ඉන්නේ Kenneth Brangh තමයි. 1969දී ඇගතා ක්‍රිස්ටි විසින් රචිත Hallowe’en Party නවකතාව ඇසුරෙන් නිර්මාණය උන මේ සලරුව Mystery | Horror කාණ්ඩය යටතේ වර්ගීකරණය කරලා තිබෙනවා. ඒ වගේම මේ වෙද්දි යහපත් ප්‍රේක්ෂක ප්‍රතිචාර සමඟ IMDb 6.8ක අගයකුත්, කුණු තක්කාලි 75%ක් සහ 86% ගූගල් මනාප ලබා ගන්නත් මේ චිත්‍රපටයට හැකි වෙලා තියෙනවා. එමෙන්ම මෙම චිත්‍රපටය ලොවපුරා තිරගත කිරීමෙන් මිලියන 118ක බොක්ස් ආදායමක් ලබාගෙන තියෙනවා කියලත් මතක් කරන්න ඕන.

A Haunting in Venice හි ඩිජිටල් පිටපත් හැලෝවීන් දිනයට සමගාමීව ඊයේ (30) නිකුත් කෙරුනා. මේක මම කලින් වෙන් කරගෙන තිබුන සිනමාපටයක් නිසා ඔන්න ඉක්මනටම ඔයාලට උපසිරසිය ගෙනාවා. ඒ වගේම මට මේ චිත්‍රපටය වෙන් කරලා දුන්න විමා සහෝටත් විශේෂයෙන්ම ස්තූතිවන්ත වෙන්නත් ඕන. චිත්‍රපටයේ කතාව ගැන කියලා ඔයාලගේ රස වින්දනයට බාධා කරන්නේ නෑ. මොකද කලින් චිත්‍රපට නරඹපු අය දන්නවනේ මේ අපරාධ රහස් පරීක්ෂන චිත්‍රපටවල තියෙන ත්‍රිලර් ගතිය. තවත් කියන්න ඕන දෙයක් තමයි Kenneth Brangh යටතේ හර්කියුල් පොයිරෝ නැවත වතාවක් පැමිණෙයි කියලා දැනටමත් ඉඟි පලවෙලා තියෙනවා. ඒ නිසා හතරවෙනි චිත්‍රපටයකුත් එයි කියලා ඔයාලා බලාපොරොත්තු තියාගත්තට කමක් නෑ. ඉතිං එහෙනම් මෙදාපාර සුන්දර වැනීසියේ හැලෝවීන් සාදයක සිදුවුන අභිරහස් ඝාතන විසඳන්න ඔයාලත් හර්කියුල් පොයිරෝ එක්ක එකතු වෙන්න. හැමෝටම සුබ හැලෝවීන් දිනයක් වේවා!

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ යුරාන් ධනුක සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post A Haunting in Venice (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/a-haunting-in-venice-2023-sinhala-subtitles/feed/ 1
The Greatest Beer Run Ever (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-greatest-beer-run-ever-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-greatest-beer-run-ever-2022-sinhala-subtitles/#respond Thu, 13 Jul 2023 15:12:40 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=43983 The Greatest Beer Run Ever Sinhala Sub The Greatest Beer Run Ever Sinhala Subtitles The Greatest Beer Run Ever (2022) Sinhala Sub The Greatest Beer Run Ever (2022) Sinhala Subtitles පොඩි ෂොට් එකක් දාගත්තට පස්සෙ කරන කියන දේවල් ගැන කාටද සිහියක් තියෙන්නෙ… සිහිය ආවට පස්සෙ තමයි ඉතින් පොළව පලාගෙන යන්න හිතෙන්නෙ… John Chickie Donohue වියට්නාමයේ […]

The post The Greatest Beer Run Ever (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Greatest Beer Run Ever Sinhala Sub
The Greatest Beer Run Ever Sinhala Subtitles
The Greatest Beer Run Ever (2022) Sinhala Sub
The Greatest Beer Run Ever (2022) Sinhala Subtitles

පොඩි ෂොට් එකක් දාගත්තට පස්සෙ කරන කියන දේවල් ගැන කාටද සිහියක් තියෙන්නෙ…
සිහිය ආවට පස්සෙ තමයි ඉතින් පොළව පලාගෙන යන්න හිතෙන්නෙ…

John Chickie Donohue වියට්නාමයේ ගත කළ සති අටක මතක සටහන් ඇතුළත් කරලා J. T. Molloy සමඟ රචනා කරපු ග්‍රන්ථයක් පාදක කරගෙන තමයි මේ චිත්‍රපටිය හැදෙන්නෙ. චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නෙ Peter Farrelly. ඔහු සමඟ තිර පිටපත ලියන්න Brian Currie හා Pete Jones එකතු වෙනවා.

Peter Farrelly ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. 2019 අවුරුද්දෙ Best Motion Picture of the Year ඔස්කාර් සම්මානය හිමිකර ගන්නෙ Peter Farrelly අධ්‍යක්ෂණය කරපු Green Book චිත්‍රපටිය.

Andrew Muscato කියන පුද්ගලයා මේ කතාව කෙටි වාර්තා චිත්‍රපටියක් විදියට හදලා 2015 නොවැම්බර් 11 වෙනිදා Pabst Blue Ribbon YouTube නාලිකාවට මුදා හරිනවා. 2019 අප්‍රේල් 26 වෙනිදා Skydance Media ආයතනය The Greatest Beer Run Ever ග්‍රන්ථය චිත්‍රපටියකට අනුවර්තනය කිරීමේ අයිතිය ලබා ගන්නවා. ප්‍රධාන චරිත දෙක සඳහා මුලින් Dylan O’Brien හා Viggo Mortensen තෝරගෙන තිබුණත් 2021 අවුරුද්දෙ Apple Studios ආයතනය මේ චිත්‍රපටිය ලබාගැනීමත් සමඟ ඔවුන් දෙදෙනා වෙනුවට Zac Efron හා Russell Crowe යොදා ගන්නවා. මේ දෙන්නට අමතරව Jake Picking, Kyle Allen, Archie Renaux, Will Ropp, Bill Murray එහෙමත් රංගනයෙන් දායකත්වය ලබා දෙනවා.

Adventure, Comedy, Drama යන කාණ්ඩවලට අයත් මේ චිත්‍රපටියට IMDb දර්ශකයේ 6.8 ක අගයක් සහ ගූගල් පරිශීලකයින්ගේ 85% ක කැමැත්තක් ලැබිලා තියෙනවා. පසුගිය සැප්තැම්බර් මාසෙ 30 වෙනිදා තමයි තිරගත කිරීම ආරම්භ කරන්නෙ. මෙහි රූගත කිරීම්, තායිලන්තයේ බැංකොක් නුවර හා ඇමෙරිකාවේ නිව්ජර්සි ප්‍රදේශවල සිදුකර තිබෙනවා.

ඉතින් The Greatest Beer Run Ever කියන්නෙ ඇමෙරිකාව හා වියට්නාමය අතර 1961 අවුරුද්දෙ ඇවිළුණ යුද්ධයේ එක අතුරු කතාවක්. ඇමෙරිකාව විසින් වියට්නාමයට එරෙහිව සිදුකරන යුද්ධය ගැන කයිවාරු ගහන චිකී, නිව්යෝර්ක්වල ඉඳලා හමුදාවේ ඉන්න එයාගෙ යාළුවන්ට දෙන්න බියර් අරගෙන වියට්නාමයට යනවා. වියට්නාමයට ගියාට මොකද ඇමෙරිකාව හා යුද්ධය ගැන ඔහු මවාගෙන හිටපු චිත්‍රය නෙවෙයි එහෙ ගියාට පස්සෙ ඔහුට අත්විඳින්න වෙන්නෙ.

පැය දෙකක් පුරාවට කිසි කම්මැලිකමක් නැතුව එක හුස්මට බලලා ඉවර කරන්න පුළුවන් නිර්මාණයක්. “අයියෝ… පරණ කතාවක්නෙ…” කියලා මිස් කරගන්න එපා කියලා තමයි අන්තිමට කියන්න තියෙන්නෙ.

චිත්‍රපටිය අවසානයේ එහි සැබෑ චරිතවල අතීත හා වර්තමාන ස්වරූපය දැක බලාගන්න ඔයාලට පුළුවන්.

 

“ගොළු වෙන්න එපා ආතර්… මේක තවදුරටත් යුද්ධයක් නෙවෙයි… ඒක සමූහ ඝාතනයක්…”


“ඒකට තමයි යුද්ධයක් කියන්නෙ චිකී… ඒක දැවැන්ත අපරාධ ස්ථානයක්…”

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ අසංක දිසානායක සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The Greatest Beer Run Ever (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-greatest-beer-run-ever-2022-sinhala-subtitles/feed/ 0
Rosaline (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/rosaline-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/rosaline-2022-sinhala-subtitles/#respond Tue, 08 Nov 2022 18:44:56 +0000 https://sinhalasub.net/?post_type=movies&p=31978 Rosaline Sinhala Sub Rosaline Sinhala Subtitles Rosaline (2022) Sinhala Sub Rosaline (2022) Sinhala Subtitles

The post Rosaline (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Rosaline Sinhala Sub
Rosaline Sinhala Subtitles
Rosaline (2022) Sinhala Sub
Rosaline (2022) Sinhala Subtitles

The post Rosaline (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/rosaline-2022-sinhala-subtitles/feed/ 0