Liana Liberato Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/liana-liberato/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Wed, 27 Dec 2023 18:14:30 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Liana Liberato Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/liana-liberato/ 32 32 Totally Killer (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/totally-killer-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/totally-killer-2023-sinhala-subtitles/#respond Fri, 20 Oct 2023 08:05:42 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=57705 Totally Killer Sinhala Sub Totally Killer Sinhala Subtitles Totally Killer (2023) Sinhala Sub Totally Killer (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! 1987 වසරේ හැලෝවීන් මාසයේදී, සිවුදෙනෙකු ගෙන් යුත් නව යොවුන් තරුණියන්ගේ මිතුරු කල්ලියක් පසුපස හඹා යමින්, අමානුෂික අයුරින් ඔවුන් දඩයම් කල කුප්‍රකට ඝාතකයා “Sweet 16 killer”, අවුරුදු 35කට පසු නැවතත් කරළියට පැමිනෙන්නේ ඔහුට මඟ හැරුණු […]

The post Totally Killer (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Totally Killer Sinhala Sub
Totally Killer Sinhala Subtitles
Totally Killer (2023) Sinhala Sub
Totally Killer (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

1987 වසරේ හැලෝවීන් මාසයේදී, සිවුදෙනෙකු ගෙන් යුත් නව යොවුන් තරුණියන්ගේ මිතුරු කල්ලියක් පසුපස හඹා යමින්, අමානුෂික අයුරින් ඔවුන් දඩයම් කල කුප්‍රකට ඝාතකයා “Sweet 16 killer”, අවුරුදු 35කට පසු නැවතත් කරළියට පැමිනෙන්නේ ඔහුට මඟ හැරුණු සිවුවන දඩයමත් සාර්ථකව ඝාතනය කරමින් ඔහුගේ පුනරාගමනය සනිටුහන් කරමිනි.

තම මවගේ මරණයත් සමඟ, මෙයට මැදිවන 17 හැවිරිදි ජේමී හියුස්, තම මිතුරිය විසින් නිර්මාණය කරන ලද කාලතරණ යන්ත්‍රයක ආධාරයෙන් 1987 වර්ෂයට, එනම් හරියටම මීට අවුරුදු 35කට පෙර සිදු වූ ඒ ඝාතන රැල්ල ආරම්භ වන දිනයට ගමන් කරයි. ඒ වන විට නව යොවුන් අවදියේ පසුවන තමන්ගේම මව සමඟ එක්වී ඇය උත්සාහ කරන්නේ මෙම ලේ පිපාසිත ඝාතකයා, ඔහුගේ ඝාතන රැල්ල ආරම්භ කිරීමට පෙරම එය නවත්වාලීමටයි. ඔහුව නවතා තම මවගේ ජීවිතය බේරා ගැනීමටයි.

ලේ පිපාසිත ඝාතකයෙකු පසුපස, අතීතයට හඹා යන මෙම චාරිකාවේදී ජෙමීට 80 දශකයේ සමාජීය පසුබිම, තරුණ තරුණියන්ගේ හැසිරීමේ රටාවන්හි වෙනස්කම්, නීතියේ අඩුලුහුඬුකම්, පමණක් නොව අදට සාපේක්ෂව තාක්ෂණයේ පැවති නොදියුණුකම් සමඟ පවා ගැටීමට සිදු වේ. මේ සෑම අභියෝගයකටම සාර්ථකව මුහුණදෙමින් ඝාතකයා වළක්වාලීමට ඇයට හැකිවේවිද? කාලය නැමති ගංගාවේ, උඩුගං බලා පිහිනාගොස්, කාල අවකාශයේ වෙනස්කම් සිදුකර නැවත පැමිණෙන ඇයට, එම වෙනස්කම් වල බලපෑමෙන් අනාගතයේ සිදුව ඇති කෙබඳු තත්වයන් වලට මුහුණ දීමට සිදුවේවිද?

Totally Killer. 2023 සැප්තැම්බර් 28 දින සිට ලොව පුරා ප්‍රේක්ෂකයන් ඉතාමත් ආදරයෙන් වැළඳගත් මෙම චිත්‍රපටය, මේ වනවිට IMDb දර්ශකයේ 6.6ක අගයක් ලබා ඇත. Slasher, black comedy ශානරයට අයත්වන මෙම චිත්‍රපටය “Back to the future” සහ “Scream” යන චිත්‍රපට දෙකෙහි සුසංයෝගයකින් නිමැවූ නවතම සංකල්පයක් බව ලොවපුරා ජනප්‍රියව ඇති මතයකි. මෙහි ප්‍රචණ්ඩත්වය, ආක්‍රමණශීලී භාෂාව, ලිංගික අන්තර්ගතය, නවයොවුන්වියේ පිරිස් අතර සිදුකරණ මත්පැන් හා මත්ද්‍රවුය භාවිතය වැනි දේවල් අන්තර්ගත බැවින් මෙය වැඩිහිටියන්ට වඩාත් සුදුසු (R rated) චිත්‍රපටයක් ලෙස වර්ගීකරණය වී ඇත.

පැය 1යි විනාඩි 46ක් පුරා දිවයන මෙම චිත්‍රපටය, ආරම්භයේ සිට අවසානය දක්වා ප්‍රේක්‍ෂකයා වෙත ත්‍රාසය, කුතුහලය මෙන්ම හාස්‍යයද නොඅඩුව ලබාදෙමින් ප්‍රේක්ෂකයා ඒ වෙත ඇදබැඳ තබාගන්නේ මොහොතකටවත් ඇස් ඉවතට ගැනීමට නොසිතෙන අයුරිනි.

අපූර්ව මෙන්ම නැවුම්වූ සංකල්පයකින් යුතු මෙම චිත්‍රපටය ඔබ නැරඹිය යුතුම චිත්‍රපටයක් බැවින්, මෙසේ ඔබවෙත ඉදිරිපත් කරන්නේ, මෙම නවමු අත්දැකීම ඔබටත් ඒ ආකාරයෙන්ම රසවිඳීමට අවස්තාව සලසාදීමේ අරමුණෙනි.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ සත්‍යා හපුගහලන්ද සහෝදරියගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Totally Killer (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/totally-killer-2023-sinhala-subtitles/feed/ 0
Scream VI (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/scream-vi-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/scream-vi-2023-sinhala-subtitles/#respond Mon, 17 Jul 2023 01:04:42 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=44891 Scream VI Sinhala Sub Scream VI Sinhala Subtitles Scream VI (2023) Sinhala Sub Scream VI (2023) Sinhala Subtitles ජීවිතයේ ඒක වතාවක් පමණක් මුහුණ දෙන්න ලැබෙන, අපි ගොඩ දෙනෙක් කතා කරන්න අකමැති දෙයක් තමයි මරණය කියන්නේ. ස්වභාවික මරණයක් නොලැබෙන ගොඩ දෙනෙක් මැරෙන්නේ අසනීප, හදිසි අනතුරු, සිය දිවි නසා ගැනීම් සහ මැරුම් කෑම් වලින්. ඒ අතරින් වඩා […]

The post Scream VI (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Scream VI Sinhala Sub
Scream VI Sinhala Subtitles
Scream VI (2023) Sinhala Sub
Scream VI (2023) Sinhala Subtitles

ජීවිතයේ ඒක වතාවක් පමණක් මුහුණ දෙන්න ලැබෙන, අපි ගොඩ දෙනෙක් කතා කරන්න අකමැති දෙයක් තමයි මරණය කියන්නේ. ස්වභාවික මරණයක් නොලැබෙන ගොඩ දෙනෙක් මැරෙන්නේ අසනීප, හදිසි අනතුරු, සිය දිවි නසා ගැනීම් සහ මැරුම් කෑම් වලින්. ඒ අතරින් වඩා බිහිසුණුම මරණය ඉතින් මැරුම් කන එක කියලා තමයි මගේ මතය.

සිනමාව පැත්තෙන් ගත්තම ක්‍රියාදාම චිත්‍රපට ගොඩක් ඒවා වෙඩි තියා ගන්නවා, කපා කොටා ගන්නවා. හැබැයි ඊට වඩා ත්‍රාසජනක මරණ තියෙන්නේ හොල්මන් (Horror) සහ අභිරහස් (Mystery) ගණයට වැටෙන චිත්‍රපට වල. ඒ අතරින් Scream කතා මාලාව කියන්නේ ත්‍රාසජනක මරණ වලට තෝතැන්නක්. මම හිතන්නේ වෙස් බැඳි දාම මිනී මරුවන් (Ghostface serial killers) ආශ්‍රයෙන් Scream චිත්‍රපට නිර්මාණය වීම ඒකට ප්‍රධාන හේතුවක් වෙන්න ඇති.

ගිය අවුරුද්දේ Scream 5 වෙනි චිත්‍රපටයට උපසිරැසිය කරන්න මට අවස්ථාව ලැබුණ නිසා අද ඔයාලට අරන් එන මේ Scream 6 වෙනි චිත්‍රපටයේ උපසිරැසිය කරන්නත් උරුමයෙන්ම මට ඉඩ ලැබුණා. නමුත් කතාවේ ඇති දෙබස් ප්‍රමාණය අධික වීමත්, වෙලාවට උපසිරැසිය ලබා දෙන එක ගොඩක් වැදගත් වීමත් නිසා මේ උපසිරැසිය කරන්න මම මට ගොඩක් හිතවත් යුරාන් ධනුක මල්ලිව මේ වැඩේට සම්බන්ධ කර ගත්තා. යුරාන් කියන්නේ බයිස්කෝප් පවුලට මට පස්සේ සම්බන්ධ උන, නමුත් මට වඩා උපසිරැසි නිර්මාණ රාශියක් කරපු එල කොල්ලෙක්. වැදගත්ම කාරණේ Scream 6 කියන්නේ මගේ පළවෙනි කඩයිම (50) සහ යුරාන්ගේ තුන් වෙනි කඩයිම (150) ඉවර කරලා අපි දෙන්නම කරන පළවෙනි උපසිරැසි නිර්මාණය වීමයි. ඉතින් මේ වෙලාව මං යුරාන් මල්ලිට ස්තූති කරන්න අවස්ථාව කර ගන්නවා. ඒ වගේම උපසිරැසිය බෙදා හරින්න ඇඩ්මින් එක පැත්තෙන් මුල් උන විමාවත් මතක් කරන්න ඕන.

ඉතින් කියන්න ඕන මේ චිත්‍රපටය බලන්න කලින් මුල් කොටස් 5 බලල නැති අය ඉන්නවා නම් එයාලා ඒවා බලලාම මේක බැලුවා නම් ගොඩක් හොඳයි කියලා. ඒකට හේතුව මේ කතා අතරේ සම්බන්ධයක් තිබීමයි. එහෙනම් පුංචි ඉඟියක් දෙන්නම් මේ කතාව ගැන.

Scream 5 වෙනි චිත්‍රපටයේ සමන්තා (Melissa Barrera) අතින් එයාගේ පෙම්වතා රිචී බල්ලෙක් වගේ මැරුම් කෑවට පස්සේ සමන්තාට ඕන වෙනවා ආපහු සාමාන්‍ය කෙල්ලෙක් විදිහට ජීවත් වෙන්න. නමුත් යම් මානසික ආතතියක් තිබීම සහ සමාජයෙන් මිනී මරුවෙක් විදිහට හංවඩු ගැහීමත් එක්ක සමන්තා ඉන්නේ කල කිරීමෙන්. තමන්ගේ නංගි ටේරා (Jenna Ortega) සහ පරණ යාළුවන් එක්ක සතුටින් ජීවත් වෙන්න උත්සහ කරන සමන්තාට ආපහු ඉස්සර වගේ මිනී මැරුම් ගැන අහන්න දකින්න ලැබෙනවා වගේම ජීවිත තර්ජන වලට මුහුණ දෙන්නත් වෙනවා. ඒ වෙන මුකුත් නිසා නෙමෙයි, එයා අතින් රිචී මැරුම් කාපු නිසා. ඇයි රිචී වගේ මිනී මරුවෙක් මරපු එකට සමන්තාට මේ තරම් ජීවිත තර්ජන? එතකොට ඒ තර්ජන එන්නේ කාගෙන් ද? ඕවාට උත්තර දැන ගන්න නම් ඔයාලට මේ චිත්‍රපටය බලන්නම වෙනවා.

Spyglass Media Group විසින් නිෂ්පාදනය කරන ලද Paramount Pictures සමාගම විසින් බෙදා හරින ලද Scream 6 චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කලේ Matt Bettinelli-Olpin සහ Tyler Gillett යන දෙදෙනායි. චිත්‍රපටය ඇමරිකාවේ නිව්යෝක් නගරය පදනම් කරගෙන නිර්මාණය උනත් රූගත කිරීම් සිදු කරේ කැනඩාවේ Montreal නගරයේයි. ඉහත සඳහන් කල ප්‍රධාන නිලියන් දෙපලට අමතරව මේ චිත්‍රපටයේ ඊතන් ලෙස Jack Champion, ගේල් ලෙස Courteney Cox, චැඩ් ලෙස Mason Gooding, ක්වින් ලෙස Liana Liberato, සහ ඩැනී ලෙස Josh Segarra රංගනයෙන් දායක වෙනවා.

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ යුරාන් ධනුක සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Scream VI (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/scream-vi-2023-sinhala-subtitles/feed/ 0