Liev Schreiber Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/liev-schreiber/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Fri, 10 May 2024 20:20:46 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Liev Schreiber Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/liev-schreiber/ 32 32 Golda (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/golda-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/golda-2023-sinhala-subtitles/#respond Fri, 10 May 2024 19:38:49 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=55404 Golda Sinhala Sub Golda Sinhala Subtitles Golda (2023) Sinhala Sub Golda (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ඊශ්‍රායලය සහ යුදෙව්වන් හට ලෝක සිනමාවෙ සුවිශේෂ ස්ථානයක් හිමිවන්නේ හේතු දෙකක් නිසා.ඒ Woody Allen, Stanley Kubrick Steven Spielberg වැනි අග්‍ර ගන්‍ය යුදෙව් ජාතික සිනමාකරුවන් නිසා. අනෙක ඔවුන් හා බැදුනු අපූරු සිද්ධීන් විවිධ අවස්ථා වල දෑවැන්ත සිනමා සඳහා ප්‍රස්තූතයන් […]

The post Golda (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Golda Sinhala Sub
Golda Sinhala Subtitles
Golda (2023) Sinhala Sub
Golda (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඊශ්‍රායලය සහ යුදෙව්වන් හට ලෝක සිනමාවෙ සුවිශේෂ ස්ථානයක් හිමිවන්නේ හේතු දෙකක් නිසා.ඒ Woody Allen, Stanley Kubrick Steven Spielberg වැනි අග්‍ර ගන්‍ය යුදෙව් ජාතික සිනමාකරුවන් නිසා. අනෙක ඔවුන් හා බැදුනු අපූරු සිද්ධීන් විවිධ අවස්ථා වල දෑවැන්ත සිනමා සඳහා ප්‍රස්තූතයන් වීම නිසා. Schindler’s List, Waltz With Bashir, Operation Thunderbolt, Exodus මෙන්ම Oppenheimer ද යුදෙව් සම්බධතා ඇති චිත්‍රපට .විශේෂයෙන්ම දෙවන ලෝක යුධ සමයේ යුදෙව් සංහාර, ඊශ්‍රායෙල් අරාබි යුධ ගැටුම්,එන්ටැබේ ප්‍රහාරය,මොසාඩ් ඔත්තු සේවා වික්‍රම හා බඳුන් සත්‍ය සිදුවීම් අති විශාල සංඛ්‍යාවක් නිර් මාණ ලෙස එළි දක්වා තිබෙනවා.ගෝල්ඩා එහි තවත් නවතම චිත්‍රපටයක් .2023 අගෝස්තු මස නිකුත් උන දැනට IMDB 6.0 ක අගයක් දක්වෙන මේ චිත්‍ර පටය Guy Nattiv ගේ අධ්‍යක්ෂනයක්. Helen Mirren, Camille Cottin ,Liev Schreiber,Dvir Benede,Lior Ashkenazi මෙහෙ ප්‍රධාන චරිත රඟපානවා…

දෙවන ලෝක යුද්ධයෙන් පසුව 1948දී ස්වාධීන රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත් කෙරුනු ඊශ්‍රායලය මධ්‍යධරණි මුහුදේ නැගෙනහිර වෙරළේ පිහිටි බටහිර ආසියානු කලාපයට අයත් රටක්. උතුරට ලෙබනනය, ඊසාන දිගට සිරියාව, නැගෙනහිරට ජෝර් දානය, නිරිත දිගට ඊජිප්තුව යන දේශ සීමාවන්ගෙන් වට වී තිබෙනවා.මෙහි බිහිවීම පිටුපස විශාල කතාන්තර‍යක් තිබුනත් කෙටියෙන්ම කියනවා නම් තමන්ට කියා රටක් නැතිව සිටි ලොව පුරා විසිරුණු යුදෙව් ජනතාවගේ මව් බිම මෙසේ රාජ්‍යයක් බවට ප්‍රකාශ කිරීම අසල් වාසී අරාබි රජ්‍යයන්ට එතරම් සැනසිලිදායක කාරනාවක් උනේ නෑ.අරාබීන් යුදෙව් රාජ්‍යය පිළි නොගැනීම නිසා නිරන්තරයෙන් දෙපාර්ශවය අතර ගැටුම් ඇති උනා.වටේම සිටින විශාල අරාබි රටවල් වල ප්‍රහාරයන්ට මුහුණ දීමට කුඩා ඊශ්‍රායලයට හැකියාව ලැබුනේ ඔවුන්ගේ විශිෂ්ඨ උපක්‍රමික ඥාණය,හැකියාව හා ඇමරිකානු සහයෝගය නිසායි.හතර වටින්ම එල්ල වූ අරාබීන්ගේ නිරන්තර ප්‍රහාරයන්ට ප්‍රතිප්‍රහාරයක් ලෙස 1967 දී අරාබි රාජ්‍යයන් තුනක් සමග යුධ වැදුනු සුප්‍රකට දින හයේ යුද්ධය මගින් ඊජිප්තුවට අයත් සීනායි අර්ධද්වීපය ගාසා තීරය,ජෝර් දානයට අයත් බටහිර ඉවුර සහ සිරියාවට අයත් ගෝලාන් කඳු වැටිය යටත් කර ගත්තා.එය සිය භූමියමෙන් සිව් ගුණයක ප්‍රමාණයක්.

මෙම දෑවැන්ත පරාජයේ ලජ්ජාව තුරන් කර ගනීම සඳහා ඊජිප්තුව හා සිරියාව දියත් කල ඒකාබද්ධ “යොන් කුපූර්” යුධ ක්‍රියදාමය 1973දී ක්‍රියාත්මක වන විට ඊශ්‍රායලයේ අගමැතිනියව සිටියේ ගෝල්ඩා මියර් නමැති අයෝමය කාන්තාවයි.1969 දී එවකට භාරකාර අගමැතිනිය වශයෙන් පත් වූ ඉතා පළපුරුදු රාජ්‍යතාත්ත්‍රිකයෙකු වූ වයෝවෘධ ඇය පිලිකා රෝගයෙන් පෙළෙමින් මෙම බරෑරුම් සටනට මුහුණදුන් ආකාරය මෙම චිත්‍ර පටයෙන් පෙන්වනවා.1967 ජයග්‍රහණයෙන් ඔද වැඩී තමන් ගැන අධි තක්සේරුවකින් පසු වූ ඊශ්‍රායෙල් ඉහළ පෙලේ ආරක්ෂක අංශ අරාබි යුධ සූදානම ගැන බුද්ධි අංශ අනතුරු ඇඟවීම් නොසලකා හැරීමේ ප්‍රතිඵලයක් ලෙස 1973 ඔක්තෝබර් 5 දින “යොන් කිපූර්” ආගමික උත්සවය දින ආරම්භ වූ මෙම ද්විත්ව ප්‍රහාරයෙන් ඔවුන්ට හානි සිදු වුනා. පරාජයේ අබිමුව සිය රජය මෙහෙයවීමේ අභියෝගය ගෝල්ඩාමියර් ජයගන්නේ කෙසේද? අරාබීන්ට සෝවියට් සහය හිමි වෙද්දී ඊශ්‍රායලය වෙත ඇමරිකානුන්ගේ පිළිවෙත කුමක්ද? විශාල හානියේ වගකීම ගෝල්ඩාමියර් භාර ගනීද?

ea

ඊශ්‍රායලය පසුකාලීනව සීනායි අර්ධද්වීපය ඊජිප්තුව වෙත ලබා දුන්නද අද වන තුරුද ගාසා, බටහිර ඉවුර හා ගෝලාන් කඳු වැටිය තමන් යටතේ රඳවා ගෙන සිටීම නිසා ඇති වූ තවමත් ගැටළු නිරාකරණය වී නොමැත.

එහෙනම් මෙ ෆිල්ම් එක පහලින් Download කරන් බලන්න කියල ඔයාල හැමෝටම ආරාධනා කරනවා…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ BANDULA K සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Golda (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/golda-2023-sinhala-subtitles/feed/ 0
Scream 2 (1997) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/scream-2-1997-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/scream-2-1997-sinhala-subtitles/#respond Sun, 16 Jul 2023 11:30:54 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=44476 Scream 2 Sinhala Sub Scream 2 Sinhala Subtitles Scream 2 (1997) Sinhala Sub Scream 2 (1997) Sinhala Subtitles හායි, කොහොමද යාළුවනේ.. ඔන්න මං පොරොන්දු උන විදියටම Scream චිත්‍රපටියෙ දෙවනි කොටසත් අරගෙන ආවා. පොඩ්ඩක් ඉතින් කල් ගියා. කමක් නෑනෙ නේද? Scream 2 නම් හිතපු තරම් ලේසි නෑ වගේ. මේකෙත් අපේ  Sidney තමා කතාවෙ ප්‍රධාන චරිතය රඟපාන්නෙ. ඒ කිව්වෙ […]

The post Scream 2 (1997) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Scream 2 Sinhala Sub
Scream 2 Sinhala Subtitles
Scream 2 (1997) Sinhala Sub
Scream 2 (1997) Sinhala Subtitles

හායි, කොහොමද යාළුවනේ.. ඔන්න මං පොරොන්දු උන විදියටම Scream චිත්‍රපටියෙ දෙවනි කොටසත් අරගෙන ආවා. පොඩ්ඩක් ඉතින් කල් ගියා. කමක් නෑනෙ නේද? Scream 2 නම් හිතපු තරම් ලේසි නෑ වගේ. මේකෙත් අපේ  Sidney තමා කතාවෙ ප්‍රධාන චරිතය රඟපාන්නෙ. ඒ කිව්වෙ Neve Campbell. මේ චිත්‍රපටිය ගැන කියනවනම් ඉතින් මේක තිරගත කරල තියෙන්නෙ 1997 දෙසැම්බර් මාසෙ 10 වෙනිදා. මේක IMDB 6.0 ක අගයක් අරගෙන තියෙනවා. 

කතාවට බහිමුකො. ඔන්න ඉතින් හැමදාම වගේ පටන් ගන්නෙ සිඩ්නිගෙන් නම් නෙමෙයි. වුඩ්ස්බොරෝ වල මැරුණු අයගෙ කතාව ලියපු ගේල් වෙදර්ස්ගෙ පොතෙන් චිත්‍රපටියක් හැදෙනවා Stab කියල. ඒක බලන්න යනව ලස්සන  couple එකක්. ඒ දෙන්නම එතනදි  මැරෙනවා. ඊට පස්සෙ තමා සිඩ්නිගෙ ප්‍රශ්න පටන් ගන්නෙ. ආ සිඩ්නිට තව පෙම්වතෙක් සෙට් වෙලා. අලුත් යාලුවොත් ගොඩක් ඉන්නවා. මේ වතාවෙත් දරුණු ගණයෙ මිනීමරුවෙක් තමා ඉන්නෙ. ඔයාලම බලාගන්නකො මේ වතාවෙ සිඩ්නිට වෙන දේවල්. ඉක්මනටම Scream 3න්  හමුවෙමු. එතකම් හැමෝටම බායි බායි!!!!! ( හොද නරක කියල ඔයාලගෙ අදහසුත් දාල යන්න යාලුවනේ…! )

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ හංසනී සෙව්වන්දි සහෝදරියගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Scream 2 (1997) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/scream-2-1997-sinhala-subtitles/feed/ 0
Scream (1996) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/scream-1996-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/scream-1996-sinhala-subtitles/#respond Sun, 16 Jul 2023 11:23:58 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=44778 Scream Sinhala Sub Scream Sinhala Subtitles Scream (1996) Sinhala Sub Scream (1996) Sinhala Subtitles . මගෙ පළවෙනි උපසිරසිය තමයි මං අද අරගෙන ආවෙ. මුලින්ම මං ස්තූති කරන්න ඕන මට මේ අවස්තාව ලබාදුන්නු හසන්ත වික්‍රමරත්න අයියට (අයියා කිවුවට මාමා කෙනෙක් මං හිතන්නෙ :P). මම ඔයාලට ගෙනාවෙ ටිකක් විතර පිස්සු හැදෙන එකක්.  Scream විදියට නම් කරපු මේ ච්ත්‍රපටිය 1996 […]

The post Scream (1996) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Scream Sinhala Sub
Scream Sinhala Subtitles
Scream (1996) Sinhala Sub
Scream (1996) Sinhala Subtitles

. මගෙ පළවෙනි උපසිරසිය තමයි මං අද අරගෙන ආවෙ. මුලින්ම මං ස්තූති කරන්න ඕන මට මේ අවස්තාව ලබාදුන්නු හසන්ත වික්‍රමරත්න අයියට (අයියා කිවුවට මාමා කෙනෙක් මං හිතන්නෙ :P). මම ඔයාලට ගෙනාවෙ ටිකක් විතර පිස්සු හැදෙන එකක්.  Scream විදියට නම් කරපු මේ ච්ත්‍රපටිය 1996 තමයි මුලින්ම තිරගත කරල තියෙන්නෙ. මේකෙ ඔක්කොම කොටස් 4ක් තියෙනවා. (පලවෙනි එක බලලනෙ අනිත් ඒව බලන්න ඕන.) මේක IMDb 7.2 ක අගයක් අරගෙන තියෙනව. තව කියනවනම් මේ චිත්‍රපටිය සම්මාන 7ක් අරගෙන තියෙනවා. තව 4කටත් නම යෝජනා වෙලා තියෙනව. මේකෙ ප්‍රධාන චරිත රගපාන්නෙ Drew barrymore එක්ක Neve Campbell.

ඔයාල මොකද හිතන්නෙ ඔයාලටත් film එකක වගේ මැරෙන්න සිද්ද උනොත්. මේකත් ඒ වගේ එකක්. කතාව ගැන කිව්වොතින් මුලින්ම පටන් ගන්නෙ කේසි කියල girl කෙනෙක්ට එන කෝල් එකකින්. එයා කියන පොඩි බොරුවක් නිසා එයාගෙ boyfriendටත් මැරෙන්න වෙනව.(මරු නේද?). ඊලඟට තමා සිඩ්නිගෙ කතාව පටන් ගන්නෙ. සිඩ්නි ඉන්නෙ තාත්තත් එක්ක. එයාගෙ අම්මව මරල දාල අවුරුද්දක් ලංවෙද්දි තමා මේ ඔක්කොම පටන් ගන්නෙ. සිඩ්නිට මූන දෙන්න වෙන්නෙ ප්‍රශ්න ගොඩකට. මම කතාව කිව්වොත් හරි නෑ වගේනෙ. ඔයාලම බලාගන්නකො. හොදද නරකද කියලත් කියල යන්න හොදේ. ලගදිම ආයෙ හමුවෙමු යාලුවනේ.

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ යුරාන් ධනුක සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Scream (1996) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/scream-1996-sinhala-subtitles/feed/ 0