Louis Koo Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/louis-koo/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sat, 26 Oct 2024 23:44:47 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Louis Koo Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/louis-koo/ 32 32 Line Walker (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/line-walker-2016-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/line-walker-2016-sinhala-subtitles/#respond Sat, 26 Oct 2024 16:30:01 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=13724 පට්ටම සටන් ජවනිකා වගේම, කොමඩි බලන්න කැමති අයටත් එලම ෆිල්ම් එකක් වේවි මේක. අනික මේක කිසිම කම්මැලිකමක් නැතුව එක දිගටම බලන් යන්න පුළුවන් Thriller(ත්‍රාසජනක) ගණයටත් අයිති වෙනව. මේකෙ 18+ දර්ශන නැතත් භාෂාව නම් 18+ වලට තමා ගැලපෙන්නෙ. මන් කතා රසයට බාධා වෙන නිසා වචනවල සැර බාල කරෙත් නෑ ඉතිං. 14+ වලින් එහා වත් බලනවනම් හොඳයි […]

The post Line Walker (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
පට්ටම සටන් ජවනිකා වගේම, කොමඩි බලන්න කැමති අයටත් එලම ෆිල්ම් එකක් වේවි මේක. අනික මේක කිසිම කම්මැලිකමක් නැතුව එක දිගටම බලන් යන්න පුළුවන් Thriller(ත්‍රාසජනක) ගණයටත් අයිති වෙනව. මේකෙ 18+ දර්ශන නැතත් භාෂාව නම් 18+ වලට තමා ගැලපෙන්නෙ. මන් කතා රසයට බාධා වෙන නිසා වචනවල සැර බාල කරෙත් නෑ ඉතිං. 14+ වලින් එහා වත් බලනවනම් හොඳයි කෝකටත්.

කතාවට හැරුණොත්, CIB(Criminal Intelligence Bureau) එකේ රහස් පොලිස් නියෝජිතයන් වගයක් කුඩු බිස්නස් අල්ලන්න රහස් මෙහෙයුමක් කරගෙන යනව. මේ අස්සෙ මෙයාලගෙ CIB ප්‍රධානියා මැරෙනව. හැබැයි මැරෙන්න කලින් රහස් මෙහෙයුමේ නියෝජිතයන්ගෙ අනන්‍යතා සහිත විස්තර පොලිස් පරිගණක ගබඩා වලින් මකනව මේ ප්‍රධානියා. මේ නිසා පොලීසියටවත් මේ රහස් නියෝජිතයන් කවුද කියල හරියට හොයා ගන්න බැරි වෙනව.

මේ රහස් නියෝජිතයිනුත් කුඩු ජාවාරමට සම්බන්ධ වෙලා ඉන්නෙ තොරතුරු රහසින් ගන්න ඕන නිසා. එයාලව පොලීසිය හරියට හොයා ගත්තොත් තමා කුඩු ජාවාරම් කාරයින්ව අල්ල ගන්න උදව් ගන්න පුලුවන් වෙන්නෙ. ඒත් පොලීසියට ඇත්ත රහස් නියෝජිතයො කවුද කියල තහවුරු කර ගන්න බැරුව එයාලව හොයන්න වෙනම මෙහෙයුමක් කරවා. මේ අස්සෙ බ්ලැක්ජැක් කියල එක රහස් නියෝජිතයෙක් පොලීසියට තමන් හඳුන්වා දෙනවා. ඒත් එයාටත් අනන්‍යතාව ඔප්පු කරන්න බැරුව එයා කියන දේවල් පොලීසිය එක පාරට විස්වාස කරන්නෙ නෑ.

බලන්නකෝ පොලීසිය රහස් නියෝජිතයින්ව හොයා ගනීවිද ? ඒ රහස් නියෝජිතයින් තාමත් පොලීසියටද වැඩ නැත්නම් සල්ලි නිසා එයාලත් කුඩු බිස්නස් එකටම බැහැල ද ? බ්ලැක්ජැක්ට මොකක් වේවිද ? කියල.

මේක මාර කුතුහලයක් ඇති වෙන ෆිල්ම් එකක්. අන්තිම වෙනකන්ම ෆිල්ම් එක බලන්න වෙනව සමහර කරුණු පැහැදිලි කර ගන්න නම්. ඇතිවෙන්න වෙඩි තබා ගැනීම්, ද්වන්ධ සටන්, විහිළු එහෙම ෆිල්ම් එක පුරාවටම දකින්න පුළුවන් වගේම අපිට හොඳ ආදර්ශ ටිකක් එහෙමත් ජීවිතේට එකතු කර ගන්න පුළුවන් මේක බලල.

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Line Walker (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/line-walker-2016-sinhala-subtitles/feed/ 0
Twilight of the Warriors: Walled In (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/twilight-of-the-warriors-walled-in-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/twilight-of-the-warriors-walled-in-2024-sinhala-subtitles/#comments Sat, 24 Aug 2024 15:23:33 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=74163 Twilight of the Warriors: Walled In Sinhala Sub Twilight of the Warriors: Walled In Sinhala Subtitles Twilight of the Warriors: Walled In (2024) Sinhala Sub Twilight of the Warriors: Walled In (2024) Sinhala Subtitles

The post Twilight of the Warriors: Walled In (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Twilight of the Warriors: Walled In Sinhala Sub
Twilight of the Warriors: Walled In Sinhala Subtitles
Twilight of the Warriors: Walled In (2024) Sinhala Sub
Twilight of the Warriors: Walled In (2024) Sinhala Subtitles

The post Twilight of the Warriors: Walled In (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/twilight-of-the-warriors-walled-in-2024-sinhala-subtitles/feed/ 1
The White Storm 3: Heaven or Hell (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-white-storm-3-heaven-or-hell-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-white-storm-3-heaven-or-hell-2023-sinhala-subtitles/#respond Fri, 03 Nov 2023 00:58:44 +0000 https://sinhalasub.life/?post_type=movies&p=58978 The White Storm 3: Heaven or Hell Sinhala Sub The White Storm 3: Heaven or Hell Sinhala Subtitles The White Storm 3: Heaven or Hell (2023) Sinhala Sub The White Storm 3: Heaven or Hell (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! අද මේ අරගෙන එන්නේ The White Storm චිත්‍රපටි මාලාවේ තුන්වෙනි කතාවයි. The White Storm: […]

The post The White Storm 3: Heaven or Hell (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The White Storm 3: Heaven or Hell Sinhala Sub
The White Storm 3: Heaven or Hell Sinhala Subtitles
The White Storm 3: Heaven or Hell (2023) Sinhala Sub
The White Storm 3: Heaven or Hell (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

අද මේ අරගෙන එන්නේ The White Storm චිත්‍රපටි මාලාවේ තුන්වෙනි කතාවයි. The White Storm: Heaven or Hell (2023). පළවෙනි දෙක, The White Storm (2013) සහ The White Storm: Drug Lords (2019) චිත්‍රපටි දෙකත් පුළුවන් අය බලලා ඉන්න. මේ චිත්‍රපටියේ කතාවට ඒවායේ ලොකු සම්බන්ධතවායක් නැති වුනත්, මේකේ එන චරිත, ඒ චිත්‍රපටි වලින් ආරම්භ වෙච්ච ඒවා. අනික, මේ චිත්‍රපටිය, ඒ කතා මාලාවේ දෙවෙනි එකේ දිගුවක් වගේ තමයි තියෙන්නේ. කතාව තියෙන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෙක් සම්බන්ධයෙන් නිසා, සමහර දර්ශණ අපේ සංස්කෘතියට ගැලපෙන්නේ නෑ කියලා කෙනකුට තර්ක කරන්න පුළුවන්. ඒ ගැන දැනගෙන චිත්‍රපටිය නැරඹුවොත් හොඳයි.

හොංකොං පොලිසියේ රහස් පරීක්ෂණ විමර්ෂකවරයෙක්, වෙස්වලාගෙන යනවා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෙක් අල්ලන්න. ඒ හෙරෙයානි සහ වෙනත් මත්ද්‍රව්‍ය රටට ගෙන්වන ආකාරය සොයාගන්න. මේ මෙහෙයුමේදී සිදුවෙන්නේ කවුරුවත් නොසිතූ දේවල්. තමන්ගේ වෙස්වලාගැනීම අසුනොවෙන්න මැරයෙක් විදියට රඟපාන එක ලේසි වැඩක් නෙමෙයි. ඒත්, ඒ කාර්යය සාර්ථක කරගන්න, ලොකු කැපකිරීම් කරන්න වෙනවා. මේ චිත්‍රපටියේ ඒ ගැන හොඳට කතා කරනවා. විස්තර දැනගන්න, මේ චිත්‍රපටිය නරඹන්න.

Herman Yau විසින් අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටියේ නිෂ්පාදන කණ්ඩායම Universe Entertainment ආයතනය ඇතුලු පිරිසක්. Cantonese භාෂාවෙන් වැඩිපුරම කතා කරන නිසාම, මුල් නිකුතුව කලේ චීනයේදී. ඉංග්‍රීසි කතා බහ අඩුවෙන්ම සිදුවෙන චිත්‍රපටියක් තමයි මේක. රඟපෑමෙන් දායක වෙනවා, Aaron Kwok (බිලී), Sean Lau (මත්ද්‍රව්‍ය ජාවාරම්කාර ලොක්කා), Yang Caiyu (නූන්) ඇතුළු පිරිසක්.

චිත්‍රපටියේ web ratings ගැනත් වචනයක් කියන්න හිතුවා. මේ ලිපිය ලියන මොහොත වෙනකොට, IMDb 5.8, Rotten Tomatoes 98%, Google Users 87% ක් තම කැමැත්ත ප්‍රකාශ කරලා තිබ්බා.

එහෙනම්, සුපුරුදු පරිදි, අපි ඔයාල හැමෝටම ආදරයෙන් ආරාධනා කරනවා මේ චිත්‍රපටිය රස විඳින්න.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ නිලුෂ හේමාල් අලහකෝන් සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The White Storm 3: Heaven or Hell (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-white-storm-3-heaven-or-hell-2023-sinhala-subtitles/feed/ 0