Meetha Raghunath Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/meetha-raghunath/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Fri, 05 Jan 2024 15:58:14 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Meetha Raghunath Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/meetha-raghunath/ 32 32 Mudhal Nee Mudivum Nee (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/mudhal-nee-mudivum-nee-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/mudhal-nee-mudivum-nee-2022-sinhala-subtitles/#respond Fri, 05 Jan 2024 14:13:13 +0000 https://sinhalasub.life/?post_type=movies&p=63990 Mudhal Nee Mudivum Nee Sinhala Sub Mudhal Nee Mudivum Nee Sinhala Subtitles Mudhal Nee Mudivum Nee (2022) Sinhala Sub Mudhal Nee Mudivum Nee (2022) Sinhala Subtitles මේ සැරේ අරගෙන ආවේ කට්ටිය අපෙන් ඉල්ලපු අලුත්ම අලුත් ලස්සනම ලස්සන දෙමළ ෆිල්ම් එකක්.. මේ ෆිල්ම් එකේ නම ” Mudhal Nee Mudivum Nee ” ( ප්‍රථමයත් නුඹයි.. අවසානයත් නුඹයි.. […]

The post Mudhal Nee Mudivum Nee (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Mudhal Nee Mudivum Nee Sinhala Sub
Mudhal Nee Mudivum Nee Sinhala Subtitles
Mudhal Nee Mudivum Nee (2022) Sinhala Sub
Mudhal Nee Mudivum Nee (2022) Sinhala Subtitles

මේ සැරේ අරගෙන ආවේ කට්ටිය අපෙන් ඉල්ලපු අලුත්ම අලුත් ලස්සනම ලස්සන දෙමළ ෆිල්ම් එකක්.. මේ ෆිල්ම් එකේ නම ” Mudhal Nee Mudivum Nee ”
( ප්‍රථමයත් නුඹයි.. අවසානයත් නුඹයි.. )

දර්බුක සිවා

කතාව ගැන කියන්න කලින් මේ ෆිල්ම් එකේ අධ්‍යක්ෂකවරයා ගැන අනිවාර්යෙන්ම කියන්න ඕනේ.. එයාගේ නම ” දර්බුකා සිවා ” එයා මුලින්ම නළුවෙක්.. ” Rajathandhiram ” ” Thodari ” ” Mo ” මේ වගේ දෙමළ ෆිල්ම් වල එයා රඟපාලා තියෙනවා.. ඒත් ප්‍රධාන චරිතේ නෙවෙයි.. ඉතින් ඔන්න ඔහොම මෙයාගේ සිනමා ජිවිතේ ගෙවීගෙන යද්දී මෙයා එක පාරටම දනුෂ්ගේ ” Enai Noki Paayum Thota ” ෆිල්ම් එකට සංගීතය කරනවා.. ” Gautham Vaasudev Menon ” ගේ.. ඉතින් ඒ සිංදු ටික මිනිස්සු අතරේ මාර විදිහට ප්‍රසිද්ධ වෙනවා.. අද උනත් ඔයාලා YouTube එකට ගිහින් බැලුවොතින් ඔයාලට ඒක බලන්න පුළුවන් ඇත්තද බොරුද කියලා.. ” Maruvaathai Pesadhey ” සහ ” Visiri ” කියන සිංදු දෙක ලොකු වීව්ස් ප්‍රමාණයක් අරගෙන තියෙනවා YouTube වල.. හරි ඔන්න ඔහොම ඉඳපු කෙනා.. අද එයාගේ මුල්ම සිනමා නිර්මාණය කරලා තියෙනවා අධ්‍යක්ෂක කෙනෙක් විදිහට ඒකෙත් සංගීතය එයාම තමයි.. ඇත්තටම මට විශ්වාස කරන්න බැරි උනා මේ ෆිල්ම් එක එයාගේ කිව්වම.. ඒ තරම් මේ ෆිල්ම් එක ලස්සනයි.. අලුත් අධ්‍යක්ෂකවරයෙක් කියලා කියන්නම බැහැ ඒ තරම් මාරම ෆිල්ම් එකක් මේක.. ” දර්බුකා සිවා ” එක සම්මුඛ සාකච්ඡාවක කියනවා ” Gautham Vasudev Menon ” මගෙන් මේ ෆිල්ම් එක ඉල්ලුවා කියලා.. මම මේක කරන්නම් කියලා.. ඉතින් එතනින්ම ෆිල්ම් එක ගැන හිතාගන්න පුළුවන්නේ ?

හරි එහෙනම් කතාව ගැන පොඩියට ඔයාලට කියන්නම්..

මේ ෆිල්ම් එකේ තියෙන්නේ පාසල් කාලයේ සුන්දරත්වය ගැන.. පාසල් ප්‍රේමයේ සුන්දරත්වය තව පාසල් මිතුරන් එක්ක ගෙවුන කාලයේ සුන්දරත්වය.. ඒ වගේම පාසල් කාලයෙන් පස්සේ එයාලව මුණගැහුනම දැනෙන සතුට.. ඒ වගේ දේවල් තමයි..

ඊට අමතර මේ ෆිල්ම් එකේ ලස්සනම දේ තමයි.. ” ඒක නම් මාරම පණිවිඩයක් ජිවිත වලට ” අපි අපේ ජිවිතේ හරි තැනදී ගන්න ඕන තීරණ පරක්කු වෙලා ගත්තම හෝ හදිස්සියට වැරදි තීරණ ගත්තම.. අපේ ජිවිත වලට මොනවද වෙන්නේ.. අපේ ජිවිත වලට ඒවා කොච්චර බලපානවද කියලා ලස්සනට මේ ෆිල්ම් එකෙන් පෙන්නලා දීලා තියෙනවා..

මෙහෙම කිව්වට මේක දැනෙන්නේ නැහැ.. අනිවාර්යෙන් මේ ෆිල්ම් එක අරගෙන බලන්න.. රඟපාන අය අලුත් උනත් කිසිම අලුත් ගතියක් එයාලගෙන් දැනෙන්නේ නැහැ.. ඒ තරම් ලස්සනට එයාලා හැමෝම එයාලගේ චරිතය රඟපානවා..

හරි එහෙනම් අද ඉඳලා මේ ලස්සන ෆිල්ම් එක ඔයාලට බාරයි..

ෆිල්ම් එකේ ප්‍රධානම සිංදුවේ කොටසක් එක්ක එහෙනම් සමුගන්නම්..

 


“ප්‍රථමයත් නුඹයි… අවසානයත් නුඹයි”
“කාල තුනත් නුඹයි”
“සාගරය නුඹයි… වෙරළත් නුඹයි”
“සුළඟ පවා නුඹයි”
“හදවත තුල එක් තුවාලයක්”
“නුඹ ගැන නොසිතු දිනයක් නොමැත”
“මා විලසද මා නොමැත…”
“මාවත පුරා නොයෙක් රූපයන්”
“ඒ මා සැතපුණු උරහිසෙහි”
“නුඹ මෙන් කවුරුත් නොමැත…”

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ පීටර් බාත්ලට්  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Mudhal Nee Mudivum Nee (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/mudhal-nee-mudivum-nee-2022-sinhala-subtitles/feed/ 0
Good Night (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/good-night-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/good-night-2023-sinhala-subtitles/#respond Fri, 28 Jul 2023 17:58:21 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=47291 Good Night Sinhala Sub Good Night Sinhala Subtitles Good Night (2023) Sinhala Sub Good Night (2023) Sinhala Subtitles මේ සිනමාපටයෙන් කතා වෙන්නේ නින්දෙදි අධික ශබ්දයෙන් ගොරවන කෙනෙක් වටායි. පෞදගලිකව ගත්තොත් මටත් කවුරුහරි කෙනෙක් එහා පැත්තේ ඇදක ඉදලා ගොරවනවා නම් නින්ද යන්නේ නෑ. සරලවම කිව්වොත් මේ ගෙරවීම් ඇති වෙන්නේ ශ්වසන මාර්ගයේ ඉහල කොටස අවහිර වෙන හිංදා.එහෙම […]

The post Good Night (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Good Night Sinhala Sub
Good Night Sinhala Subtitles
Good Night (2023) Sinhala Sub
Good Night (2023) Sinhala Subtitles

මේ සිනමාපටයෙන් කතා වෙන්නේ නින්දෙදි අධික ශබ්දයෙන් ගොරවන කෙනෙක් වටායි. පෞදගලිකව ගත්තොත් මටත් කවුරුහරි කෙනෙක් එහා පැත්තේ ඇදක ඉදලා ගොරවනවා නම් නින්ද යන්නේ නෑ. සරලවම කිව්වොත් මේ ගෙරවීම් ඇති වෙන්නේ ශ්වසන මාර්ගයේ ඉහල කොටස අවහිර වෙන හිංදා.එහෙම උනාම මෘදු තරල හා ග්‍රසනිකාවෙ බිත්ති දෙදරන්න ගන්නවා. ඉතිං ඒකෙ සද්දේ තමා මේ ගෙරවිල්ල විදියට ඇහෙන්නේ.

මේ අවුරුද්දේ මැයි 12 වන තිරගත වෙච්ච Romantic Comedy ගණයට අයත් සිනමපටයක් තමා මේ Good Night සිනමාපටය. Vinayak Chandrasekaran ගේ කුළුදුල් අධයක්ෂණයෙන් හා Yuvaraj Ganesan, Magesh Raj Pasilian, Nazerath Pasilian යන අයගෙ නිෂ්පාදන දායකත්වය ලබා දුන්නා.

මෙහෙ ප්‍රධාන චරිත රංගනයෙන් දායක වෙන්නේ Manikandan, Meetha Raghunath හා Ramesh Thilak. මනිකන්ඩන් මුලින්ම සිනමාවට සම්බන්ධ වන්නේ Pizza II: Villa චිතපටයෙ දෙබස් රචකයෙක් ලෙස දායක වෙමින්. ඒ වගේම ප්‍රථම සිනමා රංගන දායකත්වය ලබා දෙන්නේ විජේ ඇන්තනි රගන India Pakistan චිතපටයෙන්. ඒ වගේම පසුව Indru Netru Naalai, Kadhalum Kadandhu Pogum, 8 Thottakkal, Vikram Vedha, Kaala යන චිත්‍රපට වලට ද රංගනයෙන් දායක වුනා. ඒ වගේම සූර්‍යා රගන Jai Bhim සිනමාපටයේ රාසාකන්නු ගේ චරිතයෙන් තවත් ප්‍රේක්ෂකයින්ගෙ දැඩි ආකර්ෂණයට ලක් උනා.

වැඩි කතා නැතුව මං එහෙනම් කතාව කෙටියෙන් කියන්නම්. මෝහන් කියන්නේ හුගාක් සද්දෙට ගොරව ගොරව නිදාගන්න කෙනෙක්. ඒ වගේම මේ ගෙරවිල්ල හිංදා එයා ලොකු කලබගෑනි ගොඩකට මුහුණ දෙනවා. ඉතිං මේ මෝහන් අනු කියලා ගෑණු ලමයෙක්ව කසාද බදිනවා. අනු කියන්නේ ගොඩාක් නිෂ්ශබ්ද වැඩිය සද්ද නැති කෙනෙක්. ඉතිං එයාට මේ මෝහන් ගේ ගෙරවිල්ල කොහොම බලපායි ද? ඒ වගේම මේ ගෙරවිල්ල හිංදා මෝහන් ගේ ජීව්තේට මොන මොන වගේ දේවල් වලට මුහුණ දෙන්න වේවි ද?. ඉතිං ඒ ගැන දැනගන්න නම් අනිවාර්‍යෙන් මේ කතාව නරඹන ලෙස ඉල්ලා සිටිනවා.

එහෙනම් තවත් මෙවැනිම Film එකකින් හමුවන තෙක් ඔබට සුභ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ රවිදු හේෂාන් සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Good Night (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/good-night-2023-sinhala-subtitles/feed/ 0