Melissa Leo Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/melissa-leo/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Wed, 02 Oct 2024 11:12:28 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Melissa Leo Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/melissa-leo/ 32 32 Thunder Force (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/thunder-force-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/thunder-force-2021-sinhala-subtitles/#respond Wed, 02 Oct 2024 10:30:50 +0000 https://sinhalasub.net/?post_type=movies&p=12449 Thunder Force (2021) Sinhala Subtitles In a world where supervillains are commonplace, two estranged childhood best friends reunite after one devises a treatment that gives them powers to protect their city. Thunder Force (2021) Sinhala Sub

The post Thunder Force (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Thunder Force (2021) Sinhala Subtitles

In a world where supervillains are commonplace, two estranged childhood best friends reunite after one devises a treatment that gives them powers to protect their city.

Thunder Force (2021) Sinhala Sub

The post Thunder Force (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/thunder-force-2021-sinhala-subtitles/feed/ 0
The Equalizer 2 (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-equalizer-2-2018-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-equalizer-2-2018-sinhala-subtitles/#respond Tue, 03 Oct 2023 19:42:49 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=55471 The Equalizer 2 Sinhala Sub The Equalizer 2 Sinhala Subtitles The Equalizer 2 (2018) Sinhala Sub The Equalizer 2 (2018) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! The Equalizer කීව සැනින් අපට මතක් වෙන්නෙ Denzel Washingtonගේ ඒ අතිවිශිෂ්ඨ රංගනය.. කවුරුහරි ඔබෙන් ඇහුවොත් වොෂිංටන්ගේ ආසම චිත්‍රපට 3ක් නම් කරන්න කියල බොහෝ දෙනෙක්ගෙ පිළිතුරු අතරට මේ සිනමාපටයද ඇතුළත් වනවා […]

The post The Equalizer 2 (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Equalizer 2 Sinhala Sub
The Equalizer 2 Sinhala Subtitles
The Equalizer 2 (2018) Sinhala Sub
The Equalizer 2 (2018) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

The Equalizer කීව සැනින් අපට මතක් වෙන්නෙ Denzel Washingtonගේ ඒ අතිවිශිෂ්ඨ රංගනය.. කවුරුහරි ඔබෙන් ඇහුවොත් වොෂිංටන්ගේ ආසම චිත්‍රපට 3ක් නම් කරන්න කියල බොහෝ දෙනෙක්ගෙ පිළිතුරු අතරට මේ සිනමාපටයද ඇතුළත් වනවා නොඅනුමානයි..ඒ තරම් අපිට මේක සමීප වුණා..වීශේෂයෙන්ම ඔබ ක්‍රියාදාම චිත්‍රපට ලෝලියෙක් නම් ඔබට කොහෙත්ම මේක අමතක වෙන්නට විදිහක් නෑ.. මුල් ෆිල්ම් බලපු ගොඩක් දෙනෙකුට දෙනෙකුට හිතට ආව ප්‍රශ්නයක් තමයි මේකේ දෙවැන්නක් එයිද කියන කාරණය..සමහරු මුල් චිත්‍රපටය රිලීස් වෙන්න මාස 7ක් විතර තියා ඉඳන් පවා මේ ගැන කතා කරල තිබුණා යම් යම් වෙබ් අඩවි වල..කොහොම වුණත් මේකෙ අධ්‍යක්ෂක Antoine Fuqua නම් මේ ගැන කිසිම සඳහනක් කලේ නෑ..කෙසේ වෙතත් දැඩි නිහැඬියාවකින් අනතුරුව 2015 අප්‍රේල් මාසයේ Antoine Fuqua විසින් නිළ වශයෙන් ප්‍රකාශයක් කරල තිබුණ මෙහි සීකුවල් එකකට යන්න එයා අදහස් කරගෙන ඉන්න බව.. කොහොමවුණත් අවුරුදු 2කටත් වඩා අධික කාලයක් යනකලුත් අධ්‍යක්ෂකතුමා ඇතුළු කණ්ඩායමට මෙම ව්‍යාපෘතියෙ වැඩකටයුතු ආරම්භ කරන්නට හැකියාවක් ලැබිලා නෑ.. පස්සෙ අධ්‍යක්ෂකතුමා අදහස මල් ඵල දරමින් 2017 සැප්තැම්බර් මාසයේ යන්තම් රූ ගත කිරීම් කටයුතු ආරම්භ කිරීමට හැකිවෙලා තියනව..මෙහිදී Pedro Pascal, Ashton Sanders, Melissa Leo, and Bill Pullman වැනි සුප්‍රසිද්ධ නළු නිළියන් රැසක් කතාවට අලුතින් කතාවට එක් කරගැනීම අධ්‍යක්ෂක Antoine Fuqua වගබලාගෙන තියනව..ඒ වගේම Denzel Washingtonටත් මේ චිත්‍රපටය ගොඩක් විශේෂයි මක් නිසාද යත් මේක තමයි එයාගෙ මුල්ම සීකුවල් එක..ඒ නිසා එයාටත් මේක අලුත් අත්දැකීමක් වුණා..ඔන්න ඉතිං කොහොමින් කොහොමහරි අන්තිමේදි රූ ගත ගත කිරීමේ වැඩකටයුතුත් අහවර වුණා..ෆිල්ම් එකේ වැඩ අවසන් වෙනකොට සටහන් වෙලා තිබුණ මුළු පිරිවැය වුණේ ඩොලර් මිලියන 62ක්..ඔන්න ඉතිං මාස ගානක ප්‍රතිඵලයක් විදිහට The Equalizer II Sony pictures ආයතනයේ ප්‍රමුඛත්වයෙන් 2018 ජූලි 20 වෙනි දින ඇමරිකාවෙන් පටංගෙන ලොව පුරා තිරගත වෙලා මේ වෙනකොට මේක ඩොලර් මිලියන 182කට අධික ආදායමක් උපයාගැනීමට සමත්වෙලා තියනවා..පාඩුවක් වෙලත් නෑ නේද..ඒ වගේම මේකෙ IMDB අගය 7/10 ක් විදිහටත් කුණු තක්කාලි දර්ශකයෙ අගය 51%ක් සටහන් වෙලා තියනවා..හරි එහෙනම් පසුබිම් කථනය කළා ඇති කියල හිතෙනව..කෙලින්ම කතාවට බහිමු

The Equalizer (2014)

රොබට් මැකෝල් කියන සරල සාමාන්‍ය මනුස්සයෙක්. කාටවත් කරදයක් නොවී තමන්ගෙ පාඩුවේ වැඩක් පළක් කරගෙන ඉන්න. හැමෝටම උදව් පදව් කරන චරිතයක්. කෙළින්ම කියනව නම් මේ අපි වගේම සරල සාමාන්‍ය ජීවිතයක් ගත කරන මනුස්සයෙක්.. මෙයා වැඩ කරන්නෙ සුපර්මාකට් එකක. හැමදාම එක අවන්හලකට ගොඩවැදිල බීර වීදුරුවක් පානය කරමින් පොතක් පතක් කියවන පුරුද්දක් මෙයාට තිබුණා. මේ අතරෙ මේ කියන අවහන්හලටම එන්නට යන්නට පුරුදු වෙලා හිටියා ටෙරී කියල එක තරුණ ගණිකාවක්. ඇත්තම කියනව නම් එයා මේක තමන්ගෙම කැමැත්තෙන් කරන්න පටං ගත්ත රස්සාවක් නම් නෙවේ. කොහොමවුණත් මෙයා තමන්ගෙ සේවාදායකන්ව හමුවෙලා යන්නෙ එන්නෙ මේ අවන්හල ගාවින් තමයි. ඉතිම් මෙයත් මේ අවහන්හලට ගොඩවදින එක තමන්ගෙ දින චරියාවෙන් කොටසක් කරගෙන තිබුණ. ඒක නිසාම අවහන්හල තුළදි නිතරම මුණගැහෙන මැකෝල් සහා ටෙරී අතරෙ යම් විදිහක මිත්‍රත්වයක් ගොඩනැගෙමින් තිබුණ. මේ දෙන්නා ගොඩක් දේවල් කතා කලා ඉතිං. දවසක් මේ දෙන්නා අවහන්හලෙන් එළියට බැහැල කතා කර කර යනකොට වාහනේකින් ආපු දෙන්නෙක් ටෙරීව බලෙන්ම වාහනේට දාගෙන එක්කං යනව. ඒ වෙන කවුරු නෙවේ ටෙරීගෙ තරැව්කාරයෝ දෙන්නා. රුසියානු පාතාල කල්ලියක සාමාජිකයන් දෙදෙනෙක්. පහුවදා මැකෝල් යනව රෙස්ටුරන්ට් එකට එදා නම් එයාට එයාගෙ සුපුරුදු මිතුරිය දකින්නට ලැබෙන්නේ නෑ. මෙහෙම දවස් කීපයක්ම ගතවෙනව මැකෝල්ට දැන් අප්සට්. ටෙරීගෙන් කිසිම තොරතුරක් නෑ. පස්සෙ මෙයාට හදිසියේම දැනගන්න ලැබෙනව ටෙරී බරපතල තුවල සහිතව රෝහල් ගත වෙලා ඉන්නවයි කියල. ටෙරී ඉන්න තත්වෙ දැකල මැකෝල්ට එයා ගැන සෑහෙන දුකක් වගේම සෑහෙන තරහවක් ඇතිවෙනව එයාට මේක කරපු අය ගැන. එතනින් එහාට කියන්න අවශ්‍ය නෑ නෙ වෙච්ච දේ මතක ඇති නේ. අන්තිමේදි මේක කෙළවර වෙන්නෙ මුළු රුසියානු පාතාල කල්ලියක්ම ලෙයින් තෙත් කරමින් තමා.

The Equalizer II

ඉස්සල්ලම කියන්න ඕන මේකෙ මුල් කතාව නොබලපු අය ඉන්නව නම් මේක ඉස්සල්ලම බලන්න යන්න එපා. එහෙම වුණොත් කතාව ගොඩක් තැන් හරියට ග්‍රහණය කරගන්න බැරිවෙයි. මොකද මේකෙ කතාව වගේම නළු නිළියන් වෙනස් වුණාට සමහර තැන් තියනව මුල් කතාවත් එක්ක සම්බන්ධයි. ඒක නිසාම නොබලපු අය ඉන්නව නම් The Equalizer (2014) බලලම ඉන්න කියල මතක් කරනව. හරි එහෙනම් මේ සැරේ කතාවෙදි, මැකෝල් මැසෙචුසෙට්ස්වල තියන පොඩි අපාට්මන්ට් එකක් අරගෙන පෙර සේම කිසීම සද්දයක් බද්දයක් නැතුව පාඩුවේ වාසය කරනව කුලී රථ රියදුරෙක් විදිහට (අච්චර හදියක්කලාට පස්සෙ කෝමත් ඉතිං කලින් තැන ඉන්න බැහැ නොවෑ). කොහොමවුණත් තැන් මාරු කළාට කොටියගෙ පුල්ලි මාරු වෙන්නෙ නෑ කියනවනෙ. ඒ වගේ මෙයාගෙ පරණ දින චර්‍යාවෙ කිසීම වෙනසක් වෙලා නෑ කියල මේකෙදිත් ඔයාලට දැකගන්න පුළුවන් වෙයි. අර පොත් කියවන පුරුද්ද එහෙම තාමත් අතෑරල නෑ. කොහොමවුණත් මේ අතරවාරයෙ පොඩි පොඩි සමාජ සේවා වැඩ එහෙමත් නොකළා නෙවේ. උදාහරණයක් විදිහට එයා පොත් ගන්න කියල නිතර දෙවේලේ යන කඩේ නෝනගෙ දුවව එයාගෙම සැමියා විසින් බලෙන් පැහැරගෙන යනව. මේ කියන මනුස්සයා එසේ මෙසේ පොරක් නෙවේ පාතාල කල්ලි නායකයෙක්. මැකෝල් නතර වෙන්නෙ ඉස්තාම්බුල් වලටම ගිහිං අර කීව පාතාල කල්ලියම ඉවරයක් කරල දුවවත් බේරගෙන ඇවිල්ල තමයි. ඇත්තම කියනව නම් කතාව පටං ගන්නෙ ඔය සීනෙකෙන් තමා. කොහොමවුණත් මේ සැරේ කතාව ගෙතෙන්නෙ ඔය සිදුවීම වටා නම් නෙවේ. හරි එහෙනම් අපි එතෙන්ටම එමුකො..මෙයාගෙ කලින් හිටපු මිතුරියක් වෙන සූසන් කියන ආරක්ෂක බුද්ධි අංශ නිළධාරිනිය මෙයත් එක්ක ආයෙමත් සම්බන්ධකම් පවත්වන්න පටංගන්නව. මෙයාගෙ අපාට්මන්ට් එකට විටින් විට එනව යනව කතාබහ කරනව ඇයගෙ විස්තර. ඒ විතර මැකෝල්ගෙ සමහර දෙන ගේම් වලට අවශ්‍ය යම් යම් තොරතුරු ගන්නෙත් සූසන්ගෙන්ම තමා. කොහොම වුණත් යම් ඝාතනයක් සම්බන්ධව විමර්ශනය කරමින් ඉන්න අතර වාරයේම කවුරුන් හෝ විසින් සූසන්ව මරා දානව. ඒජන්සියෙන් නම් කියන්නෙ මේක නිකං හොරකමට කරපු දෙයක් කරපු දෙයක් කියලයි. කොහොමවුණත් සූසන්ගෙ ඝාතනය කන වැකුණු සැනින් මැකෝල්ට යකා නගිනව..මැකෝල් මේ ගැන හොයනව. ඇත්තටම මේ ඝාතනය පිටිපස්සෙන් ඉන්නෙ කවුද??මොකක් නිසාද මෙයාව මරන්නෙ??  ඔයාලම අරගෙන බලන්න. මෙතනින් එහාට අපි කියන්න යන්නේ නෑ.

එහෙනම් මෙ කතාව පහලින් Download කරන් බලන්න කියල ආරාධනා කරන ගමන් දැනට සමුගන්නවා…

The Equalizer 1 (2014) පලවෙනි කොටස නැරඹීමට පහල පිංතූරය Click කරන්න

The Equalizer 3 (2023) තුන්වැනි කොටස නැරඹීමට පහල පිංතූරය Click කරන්න

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ අචින්ත උදයංග සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The Equalizer 2 (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-equalizer-2-2018-sinhala-subtitles/feed/ 0
The Equalizer (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-equalizer-2014-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-equalizer-2014-sinhala-subtitles/#respond Tue, 03 Oct 2023 16:00:05 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=55460 The Equalizer Sinhala Sub The Equalizer Sinhala Subtitles The Equalizer (2014) Sinhala Sub The Equalizer (2014) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ඔන්න එහෙනම් තව චිත්‍රපටයක් අරගෙන ආවා. මේකත් 2014 වසරේ පැමිණි ක්‍රියදාම චිත්‍රපට වලින් ඉහල IMDbඅගයක් වාර්තා කරපු චිත්‍රපටයක්.  ඒ වගේම මෙහි රංගන දායකත්වය සපයන්නේ මගේ නම් ප්‍රියතම නළුවා. Denzel Washington වගේම මෙහි  Chloë Grace […]

The post The Equalizer (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Equalizer Sinhala Sub
The Equalizer Sinhala Subtitles
The Equalizer (2014) Sinhala Sub
The Equalizer (2014) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඔන්න එහෙනම් තව චිත්‍රපටයක් අරගෙන ආවා. මේකත් 2014 වසරේ පැමිණි ක්‍රියදාම චිත්‍රපට වලින් ඉහල IMDbඅගයක් වාර්තා කරපු චිත්‍රපටයක්.  ඒ වගේම මෙහි රංගන දායකත්වය සපයන්නේ මගේ නම් ප්‍රියතම නළුවා. Denzel Washington වගේම මෙහි  Chloë Grace Moretz නිළියත් රංගනයෙන් දායක වෙනවා. පසුගිය සැප්තැම්බර් 26 ලොවපුරා තිරගත කිරීම් ආරම්භ කල මේ චිත්‍රපටය මේ වන විට ඩොලර් මිලියන 191ක් උපයාගෙන තියෙනවා. ඒ වගේම මෙහි නිෂ්පාදන පිරිවැය වන්නේ ඩොලර් මිලියන 55ක්. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Antoine Fuqua විසින්. 

මම හිතන්නේ මේ ඇති පසුබිම් විස්තරය. දැන් කතාව ගැන ටිකක් කියන්නම්…

රොබට් මැකෝල් කියන්නේ  සුපර් මාකට් එකක වැඩ කරන සාමන්‍යය පුද්ගලයෙක්. ඔහු හැමෝටම උදවු වෙමින් සුහදව රාජකාරි කරන අයෙක්. එයා හැමදාම වගේ පුරුදු වෙලා ඉන්නවා එක අවන්හලකට ගොඩ වෙන්න. ඉතින් මේ අවන්හලටම එනවා හැමදාම රෑට  ගණිකා වෘත්තීය ජීවිකාව කරගත් තරුණියක්. එයාට ඒ රැකියාවට යොමුවෙන්න වෙලා නෙමේ බලෙන් යොමු කරවලා. ඉතින් එයාගේ සේවාදායකයන් සමඟින් යන්නේ මේ අවන්හල  අසලින්. මේ තරුණිය නමින් ටෙරී. ඉතින් මෙහෙම එකම අවන්හල තුල හැමදාම මුණ ගැහෙන රොබට් සහ ටෙරී දෙදෙනා අතර මිත්‍රත්වයක් ගොඩ නැගෙනවා. දෙන්නා තමන්ගේ විස්තර හුවමාරු කරගන්නවා. ඉතින් දවසක් මෙහෙම දෙන්න මාර්ගයේ කතා කර කර යන ගමන් කාර් එකක දෙන්නෙක් ඇවිල්ලා ටෙරිව බලෙන් දාගෙන යනවා. ඒ දෙන්න තමයි ටෙරිගේ තැරව්කරුවන් දෙදෙනා. මේ අය රුසියානු පාතාල කල්ලි සාමාජිකයන් පිරිසක්. එතනින් සිද්ධිය නිම වෙන්නේ නැහැ. දවස් දෙකතුනක් යනකන් රොබට්t මේ අවන්හලේ මිතුරිය දකින්න ලබෙන්නේ නැහැ. පසුව ආරංචි වෙනවා ඇයට දරුණු විදිහට පහර දීලා රෝහල් ගත වෙලා කියලා. එයාගේ මේ මිතුරිය ඉන්න තත්වය දැකලා රොබට් මොන වගේ පියවරක් ගනීවිද? ඇත්තටම රොබට් කියන්නේ කවුද? එයාගේ අතීතය මොකද්ද? මේ හැම දෙයකටම උත්තර පැය දෙකකට ආසන්න කාලයක් ඇතුලත ඔයාලට හොයාගන්න ලැබෙයි.

එහෙනම් මෙ කතාව බලන්න ඔයාල හැමෝටම ආරාධනා කරන ගමන් දැනට ගිහින් එන්නම්…

The Equalizer 2 (2018) දෙවැනි කොටස නැරඹීමට පහල පිංතූරය Click කරන්න

The Equalizer 3 (2023) තුන්වැනි කොටස නැරඹීමට පහල පිංතූරය Click කරන්න

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ හසන්ත වික්‍රමරත්න සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The Equalizer (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-equalizer-2014-sinhala-subtitles/feed/ 0