Michael Beach Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/michael-beach/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Wed, 27 Dec 2023 04:23:04 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Michael Beach Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/michael-beach/ 32 32 Saw X (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/saw-x-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/saw-x-2023-sinhala-subtitles/#comments Fri, 20 Oct 2023 16:44:13 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=57790 Saw X Sinhala Sub Saw X Sinhala Subtitles Saw X (2023) Sinhala Sub Saw X (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ Horror/Slasher ෆිල්ම් ඉතිහාසයේ දැවැන්ත පෙරලියක් කරපු ෆිල්ම් සීරීස් එකක නවතම චිත්‍රපටය Saw X. Saw කිව්වහම නොදන්න කෙනෙක් ඉන්න විදිහක් නෑනෙ නේද? මොකද කිව්වොත් හොරර්/ස්ලෑෂර් කිව්වහම කෙනෙකුගේ හිතේ මැවෙන හැලෝවීන්, […]

The post Saw X (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Saw X Sinhala Sub
Saw X Sinhala Subtitles
Saw X (2023) Sinhala Sub
Saw X (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ Horror/Slasher ෆිල්ම් ඉතිහාසයේ දැවැන්ත පෙරලියක් කරපු ෆිල්ම් සීරීස් එකක නවතම චිත්‍රපටය Saw X. Saw කිව්වහම නොදන්න කෙනෙක් ඉන්න විදිහක් නෑනෙ නේද? මොකද කිව්වොත් හොරර්/ස්ලෑෂර් කිව්වහම කෙනෙකුගේ හිතේ මැවෙන හැලෝවීන්, ටෙක්සාස් චෙන්සෝ, ස්ක්‍රීම් වගේ ඝාතකයෙක් මිනිස්සු මරණ ෆිල්ම් වලට පිටින් ගිහින් මාස්ටර් මයින්ඩ් එකකින් ගේම් ගහලා අන්තිමේදි ප්‍රේක්ෂකයාට හිතාගන්නවත් බැරි අවසානයක් දෙන්න සමත් වුණු ෆිල්ම් සීරිස් එකක් තමයි මේක.

Saw ෆිල්ම් සීරිස් එක ප්‍රේක්ෂකයො අතර ජනප්‍රිය වෙන්නේ මේකෙ ඉන්න ඝාතකයා වෙන ජිග්සෝ නිසා. ගොඩක් ස්ලෑෂර් ෆිල්ම් වල වගේ හිතුමතේ මිනිස්සු මරණවා වෙනුවට මේකිදි ජිග්සෝ කරන්නේ වැරදි කරන මිනිස්සුන්ව අල්ලලා ඔවුන්ව ගේම් එකකට හිර කරලා එයාලගෙ වැරදි හදාගන්න තමන්ටම අවස්ථාවක් දෙන එකයි. කලින් ෆිල්ම් බලපු අය නම් දන්නවා ඇති ඒ ගේම් මොන තරම් දරුණුද කියලා වගේම ජීවත් වෙනවද මැරෙනවද කියලා තීරණය කිරීමේ අයිතියත් ක්‍රීඩකයාටමයි තියෙන්නේ කියලා. ඒ වගේම මේ ෆිල්ම් වල තිබුනු අවසානයන් ගැනත් මතක් නොකරම බෑ. මොකද කිව්වොත් ප්‍රේක්ෂකයාව ඉදගෙන ඉන්න පුටුවෙන් නැගිට්ටෙන තරමේ සුපිරිම ප්ලොට් ට්විස්ට් දෙන්න සමත් වුණු ෆිල්ම් සීරිස් එකක් බවටත් Saw ප්‍රසිද්දයි.

වැඩිය ඕන්නෑ ඔයාල හොරර්/ස්ලෑෂර් ෆිල්ම් රසිකයෝ නම් අනිවාරෙන් මේකෙ මුල් ෆිල්ම් තුන බලලා ඉන්න, කිසිම පාඩුවක් නෑ වගේම මේකෙ පලවෙනි ෆිල්ම් එක බලපු ගමන් අනිවා අනික් ටිකත් නිකංම බැලෙයි. මොකද මේකෙ මුල් ෆිල්ම් එකකට එකක් කොහොම හරි සම්බන්ද වෙනවා. හැබැයි මේ Saw x අළුත් ෆිල්ම් එක නම් කලින් ෆිල්ම් වලට සම්බන්ද නෑ කියන්නේ නෑ, හැබැයි ඒ වගේ වෙන සිද්ධි අනං මනං මේකෙ මුකුත්ම නෑ අලුතෙන්ම බලන කෙනෙක්ට වුණත් බලන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව. හැබැයි ඉතිං නියම ගැම්මක් තියෙන්නේ නම් මේකෙ පලවෙනි ෆිල්ම් දෙක තුනවත් බලලා බැලුවොත් තමා. මොකද එතකොට තමා මේකෙ යකා මොන වගේ එකෙක්ද කියලා අපිට දැනගන්න හැකිවෙන්නේ.

එහෙනම් අපි මේ ෆිල්ම් එකේ වටේ තොරතුරු ටිකක් දැනගෙන ඉමු. මේක තමයි මේ  Saw ෆිල්ම් සීරිස් එකේ දසවන ෆිල්ම් එක,

1 Saw(2004)

2 Saw II(2005)

3 Saw III(2006)

4 Saw IV(2007)

5 Saw V(2008)

6 Saw VI(2009)

7 Saw 3D(2010)

8 Jigsaw(2017)

9 Spiral(2021)

10 Saw X(2023)

මේක ෆිල්ම් එක ලංකාවෙ ඇතුලුව සිනමාශාලාවල් වලට නිකුත් වෙන්නේ සැප්තැම්බර් 28 වෙනිදා සහ වෙබ් පිටපත් නිකුත් වුණේ අද(ඔක්තොම්බර් 20 වෙනිදා). මේකෙත් බෙදාහැරීම් කටයුතු කළේ කලින් ෆිල්ම් වල වගේම Lionsgate ආයතනය විසින්. චිත්‍රපටය නිෂ්පාදනය කරන්න ඇමරිකානු ඩොලර් මිලියන 13 වැය වෙලා තියෙනවා සහ චිත්‍රපටයෙන් මේ වෙනකොට ඇමරිකානු ඩොලර් මිලියන 72.5 උපයාගන්නත් හැකිවෙලා තියෙනවා. මේක අධ්‍යක්ෂණය කරන්නේ Saw VI, Saw 3D, Spiral, Jessabelle(2014) වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කරපු Kevin Greutert මහතා විසිනුයි.

මේකෙ කාස්ට් එක ගැන කතා කලොත්, අපිට මේකෙදි හුරුපුරුදු චරිත තුන්දෙනෙක් බලාගන්න පුළුවන් වෙනවා එනම් කලින් ෆිල්ම් වලට ජිග්සෝ නැතිනම් ජෝන් ක්‍රේමර් චරිතයට පණ දුන්  Tobin Bell, වගේම මේකෙ පලවෙනි ෆිල්ම් තුනේදි අපිට බලාගන්න හැකිවුණ ඇමැන්ඩත් මේකෙ ඉන්නවා සහ ඇයගෙ චරිතය නිරූපනය කරන්නෙත් කලින් නිලියම තමයි Shawnee Smith විසින්.”හැබැයි තුන්වෙනි එකා ගැන නම් මං කියන්න යන්නෙ නෑ, ඒක දැනගන්න ඔයාලට මේක බලන්නම වෙයි”

ඊට අමතරම අපිට මේකෙදි Synnøve Macody Lund, Renata Vaca, Michael Beach, Steven Brand වැනි අයත් රංගනයෙන් දායක වෙනවා. ඒ වගේම ප්‍රේක්ෂක ප්‍රතිචාර ගැන කතා කලොත් සෑහෙන්න ඉහල ප්‍රතිචාර මේකට ලැබිල තියෙනවා සහ IMDb එක විසින් Saw ෆිල්ම් සීරිස් එකේ දෙවෙනියට හොඳම ෆිල්ම් එක විදිහට මේක නම් කරල තියෙනවා. ඊට අමතරව මනාප 20, 700 අධික ප්‍රමානයකින් IMDb 7.1 ඉහල අගයක් ගන්නත් කුණු තක්කාලි 79% ගන්නත් සමත් වෙලා තියෙනවා. දැං හිතාගන්න පුළුවන්නේ ෆිල්ම් එකේ තරම?

මේකෙ කාල රාමුව දිවයන්නේ Saw(2004) පලවෙනි ෆිල්ම් එකත් Saw(2005) දෙවෙනි ෆිල්ම් එකත් අතර මැදි කාලයටයි. හැබැයි මේකෙ කතාව යන්නේ මෙක්සිකෝවෙ, කලින් ෆිල්ම් වල දැක ගන්න බැරිවුණ වෙනස්ම වටපිටාවක. අන්න ඒකයි මං කලින් කිව්වේ මේකෙ චරිත කලින් ෆිල්ම් වල අය වුණාට කතාව වෙනස්ම එකක් කියලා. අපිට මේකෙ මුල් ෆිල්ම් වලදි බලාගන්න පුළුවන් වුණේ මිනිස්සුන්ව අල්ලන් ඇවිත් කෙලින්ම ඔවුන්ගෙන් තරඟ කරන හැටිනෙ, ඔවුන් කරපු වැරදි මොනවද එයාල කොච්චර දුරට වැරදීද කියලා ඉතිහාස කතාවක් අපිට ඒවගෙන් බලාගන්න පුළුවන් වුණේ නෑ වැඩිය.

ඒ නිසා අවසානය වෙනකොට ඔවුන් එච්චර ගේමක් දීල තරඟ කරපු එකේ බේරුණා නම් හොඳයි කියලා කොයි කාටත් හිතෙන්න ඇති. හැබැයි මේ ෆිල්ම් එකේදි නම් ඒකෙ පොඩි වෙනසක් කරල තියෙනවා. මොකද මේකෙ හොඳ පැහැදිලි කතා තේමාවක් එක්ක තමයි ගලාගෙන යන්නේ. ඒ නිසා කැමති අය ඉන්නවා නම් මේක බැලුවට කමක් නෑ අනික් ඒවා නොබලා, මොකද මේකෙ මං කලින් කිව්වත් වගේ ජිග්සොගෙ අළුත්ම ගේම් එකක් තියෙන්නෙ වගේම කතාවේ චරිත ගැනත් හොඳටම පැහැදිලි කිරීමක් අපිට පෙන්නනවා. හැබැයි මං මේකෙ කතාව ගැන නම් මුකුත්ම කියන්න යන්නෙ නෑ, මොකද මුල ඉදන්ම මේකෙ කුතුහලය ත්‍රාසය මං පොඩ්ඩක්වත් කියනවට වඩා බලලම විඳින එකයි වඩාත් හොඳ.  

ඒ වගේම විශේශයෙන්ම මතක් කරන්න ඕනෙ මට නම් මේක ගොඩ කාලෙකට පස්සෙ බලපු ඇගට දැනුනු සුපිරිම හොරර්/ස්ලෑෂර් ෆිල්ම් එකක්, මොකද මේකෙ අවසානය ඇගත් එක්ක හිරි වැටිල යන සුපිරිම එන්ඩ් එකක් තමා තියෙන්නේ. සමහරවිට අනිවාරෙන් ඔයාලට හිතාගන්න පුළුවන් වෙයි මේක තමයි අන්තිමට වෙන්නෙ කියලා ඒත් ඔයාල ඒ අවසානය වෙනකල් ඇගිලි ගැන ගැන බලන් ඉදීවි කියලා සැක නැතුව කියන්න පුළුවන්. එහෙනම් ඉතිං කියන්න තියෙන්නේ එච්චරයි මේ Saw X ෆිල්ම් එක ගැන කිසිම අදහසක් නැති කෙනෙක් ඉන්නවා නම් මං මේ කියපු ටිකයි මේකෙ රේටින් සහ රිවීව්ස් බැලුවහම අනිවාරෙන් බලන්න හිතෙයි. එහෙනම් තවත් ෆිල්ම් එකකින් හමුවෙමු.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ Bimsara Yashan (ඔලිව) සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Saw X (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/saw-x-2023-sinhala-subtitles/feed/ 2
Superintelligence (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/superintelligence-2020-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/superintelligence-2020-sinhala-subtitles/#respond Wed, 16 Aug 2023 16:46:56 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=50865 Superintelligence Sinhala Sub Superintelligence Sinhala Subtitles Superintelligence (2020) Sinhala Sub Superintelligence (2020) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! කොහොමද යාලුවනේ… මේක 2020 නොවැම්බර් වල ආපු ෆිල්ම් එකක්. Superintelligence කියන්නේ මේ කෘතීම බුද්ධියත් එක්ක සම්බන්ද කතාවක්.මේකේ ඉන්නවා අපි හැමෝම දන්න කියන ජේම්ස් කෝර්ඩ්න්, Peter Rabbit එකේ පීටර්,මතකනේ. ඒවගේම තමයි එයා ගොඩක් ජනප්‍රිය ටීවී හොස්ට් කෙනෙක්.ෆිල්ම් එකේ කැරොල්ගේ […]

The post Superintelligence (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Superintelligence Sinhala Sub
Superintelligence Sinhala Subtitles
Superintelligence (2020) Sinhala Sub
Superintelligence (2020) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

කොහොමද යාලුවනේ… මේක 2020 නොවැම්බර් වල ආපු ෆිල්ම් එකක්. Superintelligence කියන්නේ මේ කෘතීම බුද්ධියත් එක්ක සම්බන්ද කතාවක්.මේකේ ඉන්නවා අපි හැමෝම දන්න කියන ජේම්ස් කෝර්ඩ්න්, Peter Rabbit එකේ පීටර්,මතකනේ. ඒවගේම තමයි එයා ගොඩක් ජනප්‍රිය ටීවී හොස්ට් කෙනෙක්.ෆිල්ම් එකේ කැරොල්ගේ චරිතෙට පන පොවන්නේ මෙලීසා මැකාර්ති. කොමර්ඩි පැත්තට ටිකක් බර නිලියක්.මේ ෆිල්ම් එකත් කොමඩි පැත්තට යන නිසා එයාගේ ර්ගපෑම කතාවත් එක්ක නියමෙටම ගැලපිලා යනවා.බොබී කැනවෙල් බෙන් ෆැල්කන් වගේ අයත් මේකේ රංගනයෙන් දායක වෙලා තියනවා. IMDb එකේ 5.3ක අගයක් ලබාගෙන තියන මේ චිත්‍රපටිය මට හිතෙන විදියට අද කාලෙට ගැලපෙනම තේමාවක් තමයි අරන් තියෙන්නේ.තාක්ෂණය සහ මනුෂ්‍යත්වය!

විසිවන සියවසේ නව සොයාගැනීමක්නේ මේ කෘතීම බුද්ධිය (AI) කියන්නේ. උදේ පාන්දර නැගිටින කොට ඔයාගේ මුලු ගෙදරම AI කෙනෙක් අත්පත් කරගෙන තිබ්බොත්,මොන වගේ හැගීමක් දැනෙයිද ඔයාලට?එහෙම ආපු AI ඔයාට සිතූ පැතූ සම්පත් දුන්නොත්? ඩොලර් බිලියන ගනන් ඔයාගේ ගිනුමට වැටෙද්දී එයා කියන ඕනම දෙයක් ඔයා කරනවනේ දෙපාරක් හිතන්නේ නැතුවම.එතනින් නවතින්නේ නැතුව ඔයාට සුපිරි වාහනයක් ටෙස්ලා එකක් වගේ, සුපිරි ගෙයක් තව ඉල්ලන ඕන දෙයක්. මේ හැමදේම වෙනුවෙන් ඔයාට කරන්න තියෙන්නේ පුන්චි දෙයයි. මනුෂ්‍යත්වය පෙන්නන්න.මනුෂ්‍යත්වය රැකගන්න උදව් කරන්න.පුලුවන් වෙයිද කරන්න.මනුෂ්‍යත්වය කියන්නේ මොකක්ද කියලා දැන් කල්පනා කරන්න එපා.අපි දන්නෙම නැතුව තාක්ෂණේ අපිව ගිලගෙන නිසා අපි මිනිස්සු කියන එකත් අපිට අමතක වෙලා ගිහින්.ඒ ගැන ආය වෙනම කියන්න ඕන නැහැනේ! ඉතින් මේ AI කැරොල්ට අන්තිමට මොනවා කරයිද.මේ AI හොද කෙනෙක්ද නරක කෙනෙක්ද, අවසානයේ මනුෂ්‍යත්වය බේරගන්න පුලුවන් වෙයිද? මේව දැනගන්න ෆිල්ම් එක බලන්නකෝ.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ JAAL සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Superintelligence (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/superintelligence-2020-sinhala-subtitles/feed/ 0
Aquaman (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/aquaman-2018-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/aquaman-2018-sinhala-subtitles/#respond Fri, 28 Jul 2023 08:33:15 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=47174 Aquaman Sinhala Sub Aquaman Sinhala Subtitles Aquaman (2018) Sinhala Sub Aquaman (2018) Sinhala Subtitles අද මේ වෙද්දී රිදී තිරයට ආව ඇක්වාමෑන් සිනමා ආගමනය ගැන පොඩ්ඩක් කතා කරලා ඉමු. ඇක්වාමෑන් කියන දැවැන්ත චරිතය රිදී තිරය අතරට එන්නේ ස්නයිඩර් මහත්තයගේ Man of Steel (2013) චිත්‍රපටයෙන් පසුව බිහිවෙන Batman v Superman: Dawn of Justice (2013) සිනමාපටය තුලින්. ඒකත් […]

The post Aquaman (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Aquaman Sinhala Sub
Aquaman Sinhala Subtitles
Aquaman (2018) Sinhala Sub
Aquaman (2018) Sinhala Subtitles

අද මේ වෙද්දී රිදී තිරයට ආව ඇක්වාමෑන් සිනමා ආගමනය ගැන පොඩ්ඩක් කතා කරලා ඉමු. ඇක්වාමෑන් කියන දැවැන්ත චරිතය රිදී තිරය අතරට එන්නේ ස්නයිඩර් මහත්තයගේ Man of Steel (2013) චිත්‍රපටයෙන් පසුව බිහිවෙන Batman v Superman: Dawn of Justice (2013) සිනමාපටය තුලින්. ඒකත් පුංචිම පුංචි කොටසකට විතරයි. ඊටපස්සේ හැම වීරයෙක්ම එකට එකතුවෙන යුක්තියේ ලීගය Justice League (2017) චිත්‍රපටය තුලින් තරමක් දුරට ගුණාත්මක චරිතයක් දැකගන්න ලැබෙනවා. කිව්වට විශ්වාස කරයිද මන්දා 2004 වසරේදී තමයි ඇක්වාමෑන් චිත්‍රපටයේ කටයුතු ආරම්භ වෙන්නේ. මේ විදිහට වසර ගණනාවක් පුරාවටම සැලසුම් අසාර්ථක වේවි ආයෙ ආයෙමත් උත්සහ කරලා අවසානෙදි 2014 වසරේදී Beall වගේම Kurt Johnstad දෙදෙනාව වැඩට අරගෙන තියෙනවා මේ චිත්‍රපටයේ තිරපිටපත ලියන්න. ඊටත් පස්සෙ 2014 වසරේ ඔක්තෝබර් මාසයේදී තමයි ඇක්වාමෑන් නමින් චිත්‍රපටයක් නිර්මාණය කරන බව නිල වශයෙන්ම ලෝකයාට දැනුම් දීමක් සිද්ද කරන්නෙ. මින් පසුව James Wan ව චිත්‍රපටයෙ අධ්‍යක්ෂකවරයා විදිහට බදවාගන්නේ 2015 අප්‍රේල් මාසයේදී. 2016 වසරේදී Beall විසින් රචිත තිර පිටපත ඔස්සේ චිත්‍රපටයේ කටයුතු ඉදිරියට කරගෙන යන බව දැනුම් දුන්නත් නමුත් පසුව James Wan, Kurt Johnstad, Geoff Johns, Johnson-McGoldrick ඔස්සේ නැවත වතාවක් තිරපිටත වෙනස් වෙමින් නැවත වතාවක් ලියවිලා තියෙනවා. 2016-2017 වසර දෙක අතරතුර තමයි චිත්‍රපටයේ රංගන ශිල්පීන්ව තෝරාගැනීමක් සිද්දවෙන්නේ. Jason Momoa, Amber Heard, Willem Dafoe, Patrick Wilson, Dolph Lundgren, Yahya Abdul-Mateen II, Nicole Kidman යන අයවලුන් ප්‍රධාන චරිත සදහා පණ පෙවීමක් සිදු කරනු ලබනවා. 2017 මැයි දෙවැනිදා නිලවශයෙන්ම රූගත කිරීම් කටයුතු ආරම්භ වෙන ඇක්වාමෑන් චිත්‍රපටයේ බොහෝමයක් රූගත කිරීම් සිද්දවෙලා තියෙන්නේ ගෝල්ඩ් කෝස්ට්, ක්වින්ස්ලෑන්ඩ්වල පිහිටි Village Roadshow නම් ස්ටුඩියෝවේදී. මීට අමතරව කැනඩාවේ, ඉතාලියේ වගේම මොරොක්කෝ වලදීත් මෙහි රූගත කිරීම් කටයුතු වෙලා තියෙනවා. පසු කාලීනව 2017 ඔක්තෝබර් 21’වැනිදා රූගත කිරීම් කටයුතු සාර්ථක අවසන් වෙලා තියෙනවා. වෝනර් බ්‍රදර්ස් යටතේ බෙදාහැරීම සිද්ද කෙරෙන DC Extended Universe එකෙහි හයවැනි සිනමාපටය විදිහට තමයි ඇක්වාමෑන් සැලකෙන්නේ.

චිත්‍රපටය ගැන කතා කරන්න කලින් ඇක්වාමෑන් කොමික් ඉතිහාසය ගැනත් හැකි විදිහට කියන්නම්. මොකද මේ ලිපිය ලියන්න වෙලා තියෙන්නේ පැය තුන හතරක වගේ කාලෙකින්. ඩිසි කොමික් චිත්‍රාකතා නිර්මාතෘවරුන් අතරේ පරණම අයගේ ලයිස්තුවේ ඉන්න දෙන්නෙක්ගෙ අතින් තමයි මේ ඇක්වාමෑන් කියන චරිතය බිහි වෙන්නේ. Mort Weisinger මේ චරිතය නිර්මාණය කරද්දී Paul Norris විසින් තමයි සිතුවමට නැගිලා තියෙන්නෙ. මේ විදිහට නිර්මාණය වෙන ඇක්වාමෑන් චරිතය මුලින්ම චිත්‍රකතා අතරට එකතු වෙන්නේ ස්වර්ණමය යුගයේ 1941 නොවැම්බර් මාසයේදී දිගහැරුණු More Fun Comics 73’වැනි කලාපය තුලින්. ඊටත් පස්සෙ රිදී යුගයේ 1940-1950 කාලය අතරතුර බිහි වූ Adventure Comics තුලිනුත්, Justice League of America කලාප තුලිනුත් ඇවිල්ලා අවසානයේදී ඇක්වාමෑන් තමන්ටම කියලා 1998 නොවැමබර් 01 වැනිදා දිගහැරුණු Aquaman කලාපයෙන් තමයි මුලින්ම චිත්‍රකතා වලට එකතු වෙන්නේ. ඉතින් ඔය විදිහට නිර්මාණය වුනු ඇක්වාමෑන් කොමික් කලාප බොහොමයක් මේ වෙද්දී දකින්න ලැබෙනවා.

මේ අතරින් New 52 වලට ලොකු විශේෂයක් වගේම ලොකු වැදගත්කමක් ලැබෙනවා 2018 වසරේදී නිකුත් වුනු මේ චිත්‍රපටය එක්ක සසද්දී. මොකද මේ සෝලෝ චිත්‍රපටයේ නිර්මාතෘවරුන් කියලා තියෙන විදිහට ඒ අය ඇක්වාමෑන් චිත්‍රපටය සදහා පාදක කරගෙන තියෙන්නේ New 52 වල නිකුත් වූ ඇක්වාමෑන් චිත්‍රකතා කලාපයන්ලු. හොදම උදාහරණෙ තමයි ඇක්වාමෑන් 7’වැනි කලාපයේම එන Throne of Atlantis කොටස. පොඩ්ඩක් මේකේ තියෙන පින්තුර ටිකවත් ගුගල් කරලා බැලුවොත් තේරෙයි කොමික් වගේම චිත්‍රපටයේ එන චරිතවල/සිද්දීන්වල හුරු බව.

චිත්‍රපටයෙ ඊළග කරුණු කාරණා ගැන කතා කරන්න කලින් අපි පොඩ්ඩක් ඇට්ලෑන්ටිස් ගැන දැනගමු. මොකද ඇක්වාමෑන් ගැන කතා කරද්දී කතා නොකරම බැරි තැනක් කිව්වොත් නිවැරදියි. ඇට්ලෑන්ටිස් කියන්නේ උතුරු අත්ලාන්තික් සාගරයේ පිහිටලා තියෙන සැගවුණු ජනාවාසයක්. හරියට තෙමිස්කීරා වගේ තමයි. මේ අය පෘතුවියේ ඉන්න ඉහල මට්ටමේ තාක්ෂනික, දැනුම් සම්බාරයෙන් යුක්ත, උසස් මට්ටමේ ජීව කොට්ටාශයක් විදිහට තමයි සලකන්නේ. ඇට්ලෑන්ටිස් නගරේ හැදෙන්නේ එක්ස්ට්‍රට්‍රැස්ටියල් නොහොත් හියුමනොයිඩ් පිටසක්වල ජීවී කොට්ටාශයක් වන හන්ටර්ලා විසින්. ඉතින් මේ විදිහට පසුකාලීනව නිර්මාණය වෙන ඇට්ලෑන්ටිස් නගරේ අය තමන්වම ඇට්ලෑන්ටිස්වරු විදිහට හදුන්වගන්න ගත්තා. මේ අයට දායාදයක් වගේ අර හන්ටර්ලා කියන හියුමනොයිඩ් පිටසක්වල ජීවී කොට්ටාශයගෙන් ලැබුණු තාක්ෂනය හා දැනුම් සම්බාරය යොදාගෙන තමයි ඇට්ලෑන්ටිස් රාජධානිය හැම අතින්ම දියුණු කරගෙන යන්නේ. මේ කාලේ වෙද්දී මේ අය තරම් දියුණු ජීව කොට්ටාශයක් පෘතුවිය තුල හිටියෙම නැති තරම්. මේ ඇට්ලෑන්ටිස්වරුන්ගෙ දැනුම අතරට මායාකර්ම සම්බන්ධ දේවලුත් අයිතියි. DC චිත්‍රකතා තුල මුලින්ම ඇට්ලෑන්ටිස් කියන ජනාවාසය දැකගන්න ලැබෙන්නේ 1959 බිහිවන Adventure Comics 260’වැනි කලාපය තුලින්. මේ ඇට්ලෑන්ටිස් ඇතුලෙත් නගර කිහිපයක්ම තියෙනවා.

ඇට්ලෑන්ටිස් නගරය

  1. Poseidonis– ඇට්ලෑන්ටිස්වල පිහිටලා තියෙන ප්‍රධානම නගරේ තමයි පොසෙයිඩොනිස් කියන්නේ. රජුගේ සිංහාසනය පිහිටලා තියෙන්නේ මෙතන.
  2. Tritonis – මේ කොටසෙ තමයි දියකිදුරන් වාසය කරන්නේ. ඊකියුලා රජුගේ වාසභූමිය වෙලා තියෙන්නෙත් ට්‍රයිටෝනිස් නගරයයි.
  3. Thierna Na Oge – මේක තමයි ගුප්ත රාජ සභාව විසින් පාලනය කරන ගුප්ත දේශය විදිහට සලකන්නේ.
  4. Shayeris – සැගවුණු මිටියාවතෙ අගනුවර එහෙම නැත්තම් සාමවාදීන්ගෙ නිවහන විදිහට හදුන්වනවා. මීට කලින් ක්‍රාස්ට්නස් කියලත් හදුන්වලා තියෙනවා. ගා(ර්)ත් නොහොත් මුල්ම ඇක්වාලැඩ්ගෙ ජන්ම භූමිය වෙන්නෙත් මෙහෙ තමයි.
  5. Xebel – බර්මියුඩා ත්‍රිකෝණයට පහතින් පිහිටලා තියෙන දණ්ඩන ජනදපයක් විදිහටයි සලකන්නේ. මේරා පැවතෙන්නේ සෙබෙල් වලින්. එයාගෙ තාත්තා තමයි සෙබෙල් පාලනය කරන්නේ.
  6. Sub Diego – සබ් ඩියෙගෝ කියන්නේ සැන් ඩියෙගෝ වලට අයිති මුහුදට ගිලුණු ඇට්ලෑන්ටිස් වලට අයිති කොටසක්. මේ කොටස ඇතුලත ගිලෙන අයට හැකියාව තියෙනවා මුහුද යට වුනත් හුස්ම අරගන්න පුලුවන් වෙන විදිහේ හැකියාව ලැබෙන.

දැන් බලමු කවුද මේ සත් සමුද්‍රයෙ ආරක්ෂකයා කියලා. ඇක්වාමෑන් නොහොත් ආතර් කරි කියන්නේ මතුපිට ලෝකය බලන්න තියෙන වුවමනාව වගේම එහෙට එන්න වැඩිපුර ආශා කරපු නිසා ඇට්ලෑන්ටිස් වලින් මතුපිට ලෝකයටම පිටුවහල් කරපු ඇට්ලැන්නා කුමාරිකාවගෙ වගේම, මෙයින්වල ඇමෙන්ස්ටි මූහුදු බොක්ක අසල තිබුණු ප්‍රදීපාගාරයක් පාලනය කරපු ටොම් කරි නම් සාමාන්‍ය වැසියෙක්ගෙ දරුවා. දරුණු කුණාටුවක් හටගත්ත වෙලාවක තමයි ඇට්ලැන්නා වගේම ටොම් එකිනෙකාව මුණගැහෙන්නෙ. සිහිය නැතුව, වෙරළ ආසන්නයට ඇට්ලැන්නා කුමාරිකාව ගහගෙන ඇවිත් තියෙනවා දැක්කම ටොම් තමයි එයාව බේරගෙන ඇවිත් ප්‍රදීපාගාරයෙ ඉදන් උදව් සත්කාර කරන්නේ. කාලයත් එක්ක මේ දෙදෙනා අතර තියෙන සම්බන්ධෙ වැඩි වෙලා ආදරයක් බවට පත්වෙලා තමයි ආතර්ව බිහිවෙන්නේ. අනික් හැම ළමයෙක්ටම වඩා ආතර් හරිම අමුතු විදිහට උස් මහත් වෙන්නේ. ආතර්ට අවුරුදු දෙකේදී ආතර් පැයකටත් වඩා මුහුද යට ගිලෙන්නේ නැතුව සෙල්ලම් කර කරා ඉද්දි එයාගෙ තාත්තා එයාව හොයාගෙන තියෙනවා. කාලයක් යද්දී ඇට්ලැන්නා හෙලි කරනවා ආතර්ට තියෙන හැකියාවන් මොනාද කියලා. ඒවා තමයි මුහුද යට හුස්ම ගන්න, වාසය කරන්න, සමුද්‍ර ජීවින් එක්ක කතා කරන්න තියෙන හැකියාව එහෙම. ඇට්ලැන්නාගෙ මරණයෙන් පස්සෙ ආතර්ගෙ තාත්තා හිතාගන්නවා ආතර්ව කායිකව වගේම මානසිකව පුහුණු කලාම කවදාහරි දවසක එයාට එයාගෙ සම්පුර්ණ බලයන් පාලනය කරන්න හැකියාව ලැබෙයි කියලා. ආතර්ව එයාගෙ තාත්තා නිතරම දැක්කේ “විශේෂිත” කෙනෙක් විදිහට. පසු කාලීනව ඇට්ලෑන්ටිස් රාජධානියේ රජු වෙන ආතර් සෙබෙල්වල මේරා කුමාරිකාව එක්ක විවාහ වෙනවා.

දැන් පොඩ්ඩක් කතාවට බහිමු චිත්‍රපටය දිහාවට. කලිනුත් කිව්වා වගේ තවමත් ඇතැම් රටවල තිරගත වෙන, ජපානයේ තිරගත වීමට නියමිත ඇක්වාමෑන් තමයි DCEU සිනමාවේ මෙතෙක් බිහිවුණු හොදම සෝලෝ, එහෙම නැත්තම් තනි සුපිරි වීර චරිතයක් වටා හොද හැදින්වීමක් එක්ක දිගහැරුණු හොදම චිත්‍රපටය. හැබැයි ඇක්වාමෑන් නෙවෙයි DCEU එකේ මුල්ම සෝලෝ සිනමාපටය වෙන්නේ. Man of Steel, Wonder Woman තමයි ප්‍රථම හා දෙවැනි ස්ථාන වන පසුවෙන්නේ. ඇමරිකානු ඩොලර් මිලියන 160 ක වගේ මුදලකින් නිර්මාණය වෙන ඇක්වාමෑන් සිනමාපටය පළමු සතිය තුල සිනමාශාලා 4,125 ක තිරගත කිරීමෙන් අනතුරුව මුල් සතිය අවසානයයේදී ඇමරිකානු ඩොලර් මිලියන 67,873,522 මුදලක් උපයාගන්න අවස්ථාව ලැබෙනවා. මේ වෙද්දී ඇමරිකාව තුල පමණක් ඇ.ඩො.මි. 307+ අගයක්ද, මේ වෙද්දී සිනමාශාලා 4,184 ක තිරගත කිරීමෙන් අනතුරුව ඇ.ඩො.මි. 760 කට අධික මුදලක්ද උපයා ගනිමින් ඩොලර් බිලියන 1,068 සීමාවේ පසුවෙනවා. (2019/01/24 අද දිනට ඩොලර් බිලියන 1,068,253,910 ලෙස සටහන්ව ඇත) තවමත් තිරගත වන නිසා මේ ආදායම වැඩි වෙන්න ඉඩ තියෙනවා. එහෙම වුනොත් ක්‍රිස්ටොපර් නෝලන්ගෙ බැට්මෑන් චිත්‍රපට ත්‍රිත්වයේ අවසන් පුරුක වන The Dark Knight Rises (2012) සිනමාපටයෙ ඩොලර් බිලියන 1.085 ක ආදායමද ඉද්රියේදී බිද දමන්න තියෙන ඉඩකඩ වැඩියි.

  • චිත්‍රපටයේ බොක්ස් ඔෆිස් වාර්තා ගැන කතා කරද්දී හොදම වගේම විශේෂම කාරනාව තමයි එකම අධ්‍යක්ෂකවරයෙකු හටතේ බිහිවූ චිත්‍රපට බිලියනයේ ආදායම ඉපයීමට හැකියාව ලැබුණු දෙවැනි අධ්‍යක්ෂකවරයා වන්නේ ජේම්ස් වෑන්ය. (Furious 7 (2015) ආදායම – ඇ.ඩො.බි. 1.516 + Aquaman (2018) ඇ.ඩො.බි. 1,068). මුල් තැන ඉන්නේ ජේම්ස් කැමරන් මහත්තයා. (Titanic (1997) ඇ.ඩො.බි. 2.187 + Avatar (2009) ඇ.ඩො.බි. 2.788 )
  • එදා මෙදා කාලය තුල ලොව පුරා ප්‍රදර්ශනයෙන් හොදම ආදායමක් ලැබූ චිත්‍රපට අතරින් 25’වැනි තැන හිමි කරගෙන තියෙන්නෙත් ඇක්වාමෑන් චිත්‍රපටයයි. ජනපානයේ තිරගත වීම ආරම්භ වූවාට පසුව ඊට උඩින් 24’වැනි ස්ථානය රැකගෙන තියෙන The Dark Knight Rises (2012) චිත්‍රපටය පසු කරන්න තියෙන ඉඩකඩ වැඩියි.
  • ලොවපුරා තිරගත වූ වැඩිම බොක්ස් ඔෆිස් ආදායමක් ලබාගත් හොදම සුපර්හීරො චිත්‍රපට 50 අතරේ 9’වැනි ස්ථානය ලබාගන්න හැකියාව ලැබිලා තියෙනවා. 7’වැනි ස්ථානය ලබාගෙන සිටින Captain America: Civil War (2016) මාවල් සිනමාපටය වගේම 8’වැනි ස්ථානය ලබාගෙන සිටින The Dark Knight Rises (2012) සිනමාපටයෙ වාර්තා පසු කරන්න බොහෝදුරට හැකියාව ලැබේවි.
  • ඇක්වාමෑන් සිනමාපටය බොක්ස් ඔෆිස් තුල හොද ආදායම් වාර්තාවක් ලබාගන්න උදව් කල චීනය තුල එදා මෙදා කාලය තුල ලොව පුරා ප්‍රදර්ශනයෙන් හොදම ආදායමක් ලැබූ චිත්‍රපට 50 අතරින් ඇක්වාමෑන් චිත්‍රපටය මේ වන විට 13 වැනි ස්ථානයෙ පසු වෙනවා.

චීනයේ බොක්ස් ඔෆිස් වාර්තාවක සටහනක්

මෙතෙක් බිහි වූ මුල්ම දිය යට අත්දැකීම දකින්න ලැබුණු සුපර්හීරො චිත්‍රපටය වන්නේද ඇක්වාමෑන් සිනමාපටය වීම ලොකු විශේෂත්වයක්. මොකද මෙතෙක් කාලයක් අභ්‍යවකාශයට ගියාම යානයක් ඇතුලේ පාවෙන හැටි, කතා කරන හැටි ඔය වගේ නොයෙක් ආකාරයේ දේවල් දැකලා තිබුනත්, මාවල් සිනමා විශ්වය ඇතුළු වෙනත් කිසිම සිනමාපට විශ්වයකින් මේ විදිහේ සුපිරි ගනයේ දිය යට අත්දැකීමක් ප්‍රේක්ෂකයන් හට රිදී තිරයට තවමත් ලගාකරලා දීලා නැහැ. ඒ අතින් ඇක්වාමෑන් චිත්‍රපටයෙ උත්සහය ඉතාමත් සාර්ථක බව සැකයක් නැතුව කියන්න පුලුවන්.

අනික් විශේෂ කාරණේ තමයි DCEU එකේ එදා මෙදා බිහි වුනු සුපිරි දුෂ්ටයින් අතරින් මුල්ම වතාවට තමයි කළු ජාතිකයෙක්ව හදුන්වා දීමක් කලේ ඇක්වාමෑන්ගේ හතුරෙක් විදිහට සැලකෙන බ්ලැක් මැන්ටා චරිතය සදහා Yahya Abdul-Mateen II නම් රංගධරයාව සම්බන්ධ කරගනිමින්.

හොරර් චිත්‍රපට නිෂ්පාදකවරයෙක් වශයෙන් කටයුතු කරන ජේම්ස් වෑන්ගෙ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වූ ඇක්වාමෑන් චිත්‍රපටය මේ වෙද්දී ප්‍රේක්ෂක මනාප 137,925 ලබා ගනිමින් IMDb දර්ශකයේ 7.5/10 ක අගයක්ද, රොටන් ටෝමෑටොස් දර්ශකයේ 62% ක අගයක්ද ලබාගෙන තියෙනවා. සුපුරුදු පරිදි සැක් ස්නයිඩර් වගේම ඔහුගේ බිරිද ඇක්වාමෑන් චිත්‍රපටයේ විධායක අධ්‍යක්ෂකවරුන් වශයෙන් කටයුතු කරනවා. ඇක්වාමෑන් සිනමාපටය වෙනුවෙන් අපූරු ගීත ඇල්බමයක්ද නිර්මාණය වෙලා තියෙනවා. ඒ අතරින් ස්කයිලර් ග්‍රේ ගායනා කරන “Everything I Need” නම් ගීතය ඉතාමත් ජනප්‍රිය වෙලා තියෙනවා. DCEU එකේ මෙතෙක් කාලයක් පුරාවටම වැඩිම ආදායමක් උපයාගත් සිනමා සිත්තම විදිහට ඉහලටම යද්දී ඇක්වාමෑන් චිත්‍රපටයේම දෙවැන්නක් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන බව මේ වෙද්දීත් ආරංචි ලැබිලා තියෙනවා. මොකද චිත්‍රපටය අවසන් වෙලා අවසානයේදී පෝස්ට් ක්‍රෙඩිට් කොටස් බැලුවට පස්සෙ තේරුම් යාවි ඒ කොටස් නිර්මාණය වෙලා තියෙන්නෙත් ඇක්වාමෑන් දෙවැන්න සදහාමයි කියලා. එහෙනම් තවත් මෙතන අල්ලාගෙන ඉන්න බලාපොරොත්තුවක් නැහැ. චිත්‍රපටය රසවිඳින්න ඉඩ දීල මම ගිහින් එන්නම්.

හැමෝටම ජයෙන් ජය!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ හසන්ත වික්‍රමරත්න සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Aquaman (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/aquaman-2018-sinhala-subtitles/feed/ 0